0117 818181

තවත් ව්‍යවසායකයින් කණ්ඩායමක් යුනියන් බැංකුව සමග ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන පාඨමාලාව සම්පූර්ණ කරයි

තවත් ව්‍යවසායකයින් කණ්ඩායමක් යුනියන් බැංකුව සමග ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන පාඨමාලාව සම්පූර්ණ කරයි

යුනියන් බැංකුවේ UBSSE (Union Bank School of Social Entrepreneurship) යටතේ, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ කුසලතා නැංවීම සහ ඔවුන් සවිබල ගැන්වීම සඳහා යුනියන් බැංකුව, මොරටුව විශ්වවිද්‍යාලය සහ ජාතික නවෝත්පාදන නියෝජිතායතනය (NIA) සමග අත්වැල් බැඳ ගනිමින් දියත් කරන ලද ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන පාඨමාලාව (NEDP) සාර්ථකව අවසන් කළ නව්‍ය ව්‍යවසායකයින් කණ්ඩායමකට පසුගියදා සහතිකපත්‍ර ප්‍රදානය කෙරිණි.

සේයා රූ සටහන:
යුනියන් බැංකුවේ ව්‍යාපාර අංශ ප්‍රධානී අසංක රන්හොට්ටි, එම බැංකුවේ අලෙවිකරණ උප සභාපතිනී තිෂානි දිසානායක, මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පීඨයේ පීඨාධිපති මහාචාර්ය දිනේෂ් සමරසිංහ සහ එම පීඨ ප්‍රධානී ආචාර්ය ගයත්‍රී කුපුප්පු යන මහත්ම-මහත්මීන් NEDP සහතිකපත්‍ර ප්‍රදානය කරන ලදී.

යුනියන් බැංකුව, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන පාඨමාලාවේ දෙවැනි අදියර දියත් කරයි

යුනියන් බැංකුව, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන පාඨමාලාවේ දෙවැනි අදියර දියත් කරයි

යුනියන් බැංකුවේ UBSSE (Union Bank School of Social Entrepreneurship) සුවිශේෂී පාඨමාලාවක් වන, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන පාඨමාලාවේ (NEDP) දෙවැනි අදියර පසුගියදා මොරටුව විශ්වවිද්‍යාලයේදී දියත් කෙරිණි. රාජ්‍ය සහ පුද්ගලික හවුල්කාරිත්වයක් ලෙස, යුනියන් බැංකුවත්, මොරටුව විශ්වවිද්‍යාලයත්, ජාතික නවෝත්පාදන නියෝජිතායතනයත් (NIA) එක්ව දියත්කරන NEDP පාඨමාලාව, ශ්‍රී ලාංකේය ව්‍යවසායකත්ව ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ශාස්ත්‍රීය විශිෂ්ටත්වය, මුල්‍ය සවිබලගැන්වීම සහ නවෝත්පාදන නායකත්වය පිරිනැමීමට කටයුතු කරයි. ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන පාඨමාලාවේ දෙවැනි අදියර සඳහා, ස්ථාවර ව්‍යාපාර හිමිකරුවන් මෙන්ම ප්‍රායෝගික ව්‍යාපාරික අදහස් සහිත අනාගත ව්‍යවසායකයින් ද නියෝජනය කරමින් 100 දෙනෙකුට අධික පිරිසක් මෙවර ලියාපදිංචි වී ඇත.

යුනියන් බැංකුව ශ්‍රී ලංකාවේ වටිනාම වෙළඳ නාම 100 අතරට ඇතුළත් වෙයි

යුනියන් බැංකුව ශ්‍රී ලංකාවේ වටිනාම වෙළඳ නාම 100 අතරට ඇතුළත් වෙයි

Brand Finance විසින් Echelon Magazine හරහා නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව, යුනියන් බැංකුව නැවතත් ශ්‍රී ලංකාවේ වටිනාම වෙළඳ නාම 100 අතරට ඇතුළත් වී ඇත.මෙම පිළිගැනීම, තරඟකාරී සහ සක්‍රීය මූල්‍ය සේවා ක්ෂේත්‍රයක යුනියන් බැංකුවේ ස්ථාවර ප්‍රගතිය සහ වර්ධනය වන වෙළඳ නාම වටිනාකම අවධාරණය කරයි.මෙම ශ්‍රේණිගත කිරීම්, බැංකුවේ මූල්‍ය කාර්ය සාධනය, වෙළඳ නාමය පිළිබඳව ජනතාවගේ විශ්වාසය සහ ගනුදෙනුකරුවන් සමඟ ඇති ශක්තිමත් සබඳතා මත පදනම්ව සිදු කර ඇත.මේ පිළිබඳව අදහස් දැක්වූ, යුනියන් බැංකුවේ අලෙවිකරණ උප සභාපති තිෂානි දිසානායක මහත්මිය සඳහන් කළේ “CG Corp Global සමාගම යුනියන් බැංකුවේ ප්‍රධාන කොටස් අත්පත් කර ගැනීමත් සමඟ, යුනියන් බැංකුව පාරිභෝගික, නවෝත්පාදනය සහ ඩිජිටල්කරණය මත පදනම්ව “Transforming Lives “ (ජීවිතයට නව්‍ය වෙනසක්) යන පදනම යටතේ සන්නාම පරිවර්තනයක් ආරම්භ කළේය. මෙම පිළිගැනීම ශක්තිමත් සන්නාමයක් ගොඩනැගීම සඳහා අපගේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරයි. අප කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳව අපගේ පාරිභෝගිකයින්ට අපි අවංකවම ස්තූතිවන්ත වෙමු.” යනුවෙනි.

යුනියන් බැංකුවේ නව ප්‍රධාන මුල්‍ය නිලධාරී ලෙස ශානක අබේවර්ධන මහතා පත් කෙරේ

යුනියන් බැංකුවේ නව ප්‍රධාන මුල්‍ය නිලධාරී ලෙස ශානක අබේවර්ධන මහතා පත් කෙරේ

යුනියන් බැංකුව සිය නව ප්‍රධාන මුල්‍ය නිලධාරී ලෙස ශානක අබේවර්ධන මහතා පත්කළ බව දන්වා සිටී.

ප්‍රතිඵල ප්‍රමුඛකොට ගත්, පරිවර්තනීය මුල්‍ය වෘත්තිකයෙකුවන අබේවර්ධන මහතා, මුල්‍ය ක්‍රමෝපාය, වාර්තාකරණය සහ ව්‍යාපාරික කාර්යසාධන උපරිමකරණය පිළිබඳ වසර 30 කට අධික දෙස්-විදෙස් අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියයි. වෙනස්වන බැංකුකරණ පරිසර තුළ මුල්‍ය කාර්යධානය පුළුල් කිරීම, ආයතනික වෙනස්කම් ඇති කිරීම සහ තිරසර අගය එකතුකිරීම පිළිබඳ ඔහු කීර්තිමත් නාමයකට හිමිකම් කියයි.

මෑතකදී සණස සංවර්ධන බැංකුවේ ප්‍රධාන මුල්‍ය නිලධාරී සහ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස එහි තීරණාත්මක මුල්‍ය ප්‍රතිව්‍යූහගතකරණය, ව්‍යාපාරික වර්ධනය සහ ක්‍රමෝපායික පරිවර්තනීය ක්‍රියාමාර්ග සඳහා මූලිකත්වය ලබා දුන්නේය. තවද ඔහු ජාතික සංවර්ධන බැංකුවේත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෂ්රෙක් බැංකුවේ සහ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ ද ප්‍රධාන තනතුරු හෙබවූ වෘත්තිකයෙකි.

එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ සාමාජිකයෙකුවන ඔහු, ප්‍රංශයේ SKEMA ව්‍යාපාරික පාසලෙන් MSc උපාධියත්, එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ විධායක ඩිප්ලෝමාවත් හිමිකරගෙන තිබේ.

“යුනියන් බැංකුව ක්‍රමෝපායික වර්ධනයක් අත්කර ගනිමින් සිටින මොහොතක ශානක අප සමග සම්බන්ධකර ගැනීමට හැකි වීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. තියුණු මුල්‍ය දැක්ම සහ නායකත්වයේ හැකියාව සමග බද්ධ වුණු ඔහුගේ දෙස්-විදෙස් අත්දැකීම්, අපගේ දීර්ඝ-කාලීන දැක්ම කරා යන ගමනේදී මනා පිටිවහලක් වනු ඇතැයි මා විශ්වාස කරනවා,” යනුවෙන් යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ශාන් රුද්‍රිගු මහතා සඳහන් කළේය.

ඩිජිටල්කරණයේ නවෝත්පාදන, පාරිභෝගික-කේන්ද්‍රීය බැංකුකරණ සහකරුවෙකු බවට පත්වීම දක්වා යන ගමනේදී යුනියන් බැංකුව සිය නායකත්ව කණ්ඩායම ශක්තිමත් කිරීම සඳහා කැපවී සිටී.

බැංකුකරණය පහසු කරවන සියලු පහසුකම් එකම තැනකින් ලබා දෙන යුනියන් බැංකුවේ UBGO ඩිජිටල් බැංකුකරණ සේවාව

බැංකුකරණය පහසු කරවන සියලු පහසුකම් එකම තැනකින් ලබා දෙන යුනියන් බැංකුවේ UBGO  ඩිජිටල් බැංකුකරණ සේවාව

යුනියන් බැංකුව සිය පරිවර්තනීය ගමන්මගේ එක් පියවරක් ලෙස, පාරිභෝගිකයාට වඩාත් පුළුල් අත්දැකීමක් හිමිකර දීම සඳහා ඩිජිටල්කරණය ප්‍රමුඛ කර ගනිමින් ඉදිරියට ගමන් කරමින් සිටී.ඒ අනුව යුනියන් බැංකුව සිය UBgo ඩිජිටල් බැංකුකරණ ජංගම දුරකථන යෙදවුමට තවත් පහසුකම් රැසක් එක් කිරීමට මෑතකදී කටයුතු කළේය.

UBgo යනු, මුදල් යොමු කිරීම්, ක්ෂණිකව ඉතිරිකිරීමේ ගිණුම් සහ ස්ථාවර තැන්පතු ආරම්භ කිරීම්, කඩිනමින් QR ගෙවීම් සිදු කිරීම, ගෙවුම් දායක කළමනාකරණය සහ බිල්පත් ගෙවීම්, කාඩ්පත් ගෙවීම් ඇතුළු පහසුවෙන් බැංකු කටයුතු සිදු කළ හැකි පහසුකම් රැසක් හරහා පාරිභෝගිකයින් හට වඩාත් පුළුල් සහ පහසු බැංකුකරණ අත්දැකීමක් ලබා දීමට නිර්මාණයකර ඇති ජංගම දුරකථන යෙදවුමකි. බැංකු ශාඛාවකට පිවිසීමෙන් තොරව පහසුවෙන් ගිණුමක් විවෘත කිරීමේ හැකියාව ලබා දෙන වීඩියෝ KYC පහසුකම, එම යෙදවුමට එක් වූ නවතම විශේෂාංග අතර කැපී පෙනෙයි. බැංකුව සමග ගනුදෙනු කිරීම තවදුරටත් පහසු කරමින් මෙම යෙදවුම තුළ Call-Back සේවාව ද සක්‍රීයකර තිබීම විශේෂත්වයකි.

“ඩිජිටල් නවෝත්පාදනය සහ සේවා විශිෂ්ටත්වය මෙන්ම විශිෂ්ට ඩිජිටල් බැංකුකරණ අත්දැකීමක් ලබා දීම හරහා පාරිභෝගිකයින්ගේ ජීවිත පරිවර්තනීය වෙනසකට ලක් කිරීම අප බැංකුවේ ප්‍රමුඛතාවක් වන අතර මෑතකදීනව විශේෂාංග එක්කළ UBgo ඩිජිටල් බැංකුකරණ යෙදවුම මගින්, විශේෂයෙන් නව පරපුර ඇතුළු ඩිජිටල් තාක්ෂණය භාවිතකරන පාරිභෝගික අංශවලට අගයක් එකතු කිරීමටත්, අප සමග දැනට ගනුදෙනු කරන පාරිභෝගිකයින්ගේ ඩිජිටල් බැංකුකරණ අත්දැකීම පුළුල් කිරීමටත් අපට හැකි වනවා . ISO 27001:2022 තත්ත්ව සහතිකය මෙන්ම, දත්ත ආරක්ෂණය උපරිම මට්ටමින් පවත්වා ගැනීම වෙනුවෙන් ගෙවුම් කාඩ්පත් ක්ෂේත්‍රයේ දත්ත ආරක්ෂණය පිළිබඳ ප්‍රමිති සහතිකයවන PCI DSS v4.0 සහතිකය ද හිමිකර ගත් මෙරට ප්‍රථම බැංකුව වන්නේ යුනියන් බැංකුවයි. ආරක්‍ෂිත බැංකුකරණ අත්දැකීමක් පාරිභෝගිකයාට හිමිකර දීම සඳහා මෙම යෙදවුම තුළ ආරක්‍ෂිත ජෛවමිතික සහ පාලක ක්‍රමවේද ද ඇතුළත්කර තිබෙනවා. දිනෙන්-දින වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා සහ වෙළෙඳපොළ දිශානතිවලට අනුකූලවන ලෙස මෙම යෙදවුම ඉදිරියේදී තවදුරටත් වැඩිදියුණු කිරීමට අප බලාපොරොත්තුවනවා,” යනුවෙන් යුනියන් බැංකුවේ ඩිජිටල් බැංකුකරණ අංශයේ උප සභාපති මනීෂ ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

යුනියන් බැංකුවේ Product Power Forum 2025 ඇරඹේ

යුනියන් බැංකුවේ Product Power Forum 2025 ඇරඹේ

සිය කාර්යමණ්ඩලයේ කුසලතා සහ දැනුම පුළුල් කිරීම සඳහාවන ක්‍රමෝපායික දැක්මට අනුව, යුනියන් බැංකුව Product Power 2025 තේමාව යටතේ සිය ශාඛා ජාලයේ ඉදිරිපෙළ කාර්යමණ්ඩලයට අවශ්‍ය සේවා දැනුම වර්ධනය කරමින් පසුගියදා සාර්ථකව වැඩමුළුවක් දියත් කළේය. ඉතුරුම් සහ ආයෝජන, ණය, ක්‍රෙඩිට් කාඩ්පත්, උකස්, ලිසිං, ඩිජිටල් බැංකුකරණය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සේවා ආදී ක්ෂේත්‍රවල පුළුල් දැනුමක් සහිත බැංකුවේ සේවා ප්‍රධානීන් මෙහිදී පරිපුර්ණ දැනුම බෙදාහදා ගැනීමට එක් විය. පළමු අදියර සඳහා ශාඛා කාර්යමණ්ඩල සාමාජිකයින් 200කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, මාර්ගගත ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ඇතුළු අන්තර්- ක්‍රියාකාරී ක්‍රියාකාරකම් රැසක් සඳහා එක් වීමට ද ඔවුන්ට හැකි විය. මෙහිදී අදහස් දැක්වූ යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරි ඩිල්ෂාන් රුද්‍රිගු මහතා, 2025 වසරේදී බැංකුවේ ක්‍රමෝපායික දැක්ම පිළිබඳවත් අඛණ්ඩ පරිවර්තණීය වෙනස වෙනුවෙන් බැංකුව දක්වන කැපවීම සහ වර්ධනය හා සංවර්ධනය සඳහා දියත් කෙරෙන වැඩසටහන් පිළිබඳවත් කාර්යමණ්ඩල සාමාජිකයින් දැනුවත් කළේය.

යුනියන් බැංකුව, මොරටුව විශ්වවිද්‍යාලය සහ ජාතික නවෝත්පාදන නියෝජිතායතනය සමග ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන පාඨමාලාව අරඹයි

යුනියන් බැංකුව, මොරටුව විශ්වවිද්‍යාලය සහ ජාතික නවෝත්පාදන නියෝජිතායතනය සමග ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන පාඨමාලාව අරඹයි

යුනියන් බැංකුව සිය ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන පාඨමාලාව (NEDP) දියත් කරමින් සමාජ ව්‍යවසාය පාඨශාලාව තවත් සාඩම්බර ඉදිරි පියවරක් තබා ඇත.

2025 වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කරමින් යුනියන් බැංකුව, මොරටුව විශ්වවිද්‍යාලය සහ ජාතික නවෝත්පාදන නියෝජිතායතනය (NIA) සමග අත්වැල් බැඳගනිමින් මෙම සුවිශේෂී පාඨමාලාවේ පෙරමුණ ගෙන සිටී.

2024 දෙසැම්බර් මසදී මේ සඳහා අයදුම්පත් බාර ගැනිණි. ඒ අතරින් සිසුන්, ව්‍යාපාරිකයින් සහ නවෝත්පාදන ව්‍යාපාරික අදහස් සහිත නැගී එන ව්‍යවසායකයින් 200 දෙනෙකු මේ සඳහා තෝරාගත් අතර ඔවුහු මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

මාර්ගගත දේශන සහ වැඩමුළුවල මිශ්‍රණයකින් සැදුම්ලත් මෙම පාඨමාලාව, ව්‍යාපාර ගොඩනැගීම සඳහා අවශ්‍ය පූර්ණ පාඨමාලා පෙළකින් සමන්විතය. මෙම සුවිශේෂී අවස්ථාව, මෙරට ව්‍යාපාරිකයින් සහ නැගී එන ව්‍යවසායකයින්ගේ කුසලතා ඔප් නැංවීම සඳහාවන පරිවර්තනීය ගමන්මගේ ආරම්භය සනිටුහන් කරයි. යුනියන් බැංකුවේ පාරිභෝගිකයින් ද තම ව්‍යවසායකත්ව ගමන්මග පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ. සියලු පාර්ශ්ව සමග එක්ව යුනියන් බැංකුව මෙරට ව්‍යවසායකත්වය, නවෝත්පාදනය සහ සුබවාදී අනාගතය ගොඩනැංවීම සඳහා කැපවී සිටී.

සේයා රූ සටහන: තෝරාගත් අයදුම්කරුවන්, යුනියන් බැංකුව, මොරටුව විශ්වවිද්‍යාලය සහ ජාතික නවෝත්පාදන නියෝජිතායතනය නියෝජනය කරන නියෝජිතයින් සමග ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන පාඨමාලාවේ සමාරම්භක උළෙලේදී

යුනියන් බැංකුව නිර්වාණ චෞද්‍රි උප සභාපති ලෙස පත් කරයි

යුනියන් බැංකුව නිර්වාණ චෞද්‍රි උප සභාපති ලෙස පත් කරයි

යුනියන් බැංකුව, නිර්වාණ චෞද්‍රි මහතා නව උප සභාපති ලෙස පත් කළ බව සතුටින් දැනුම්දී සිටී. මෙම පත්වීම සිදු කෙරුණේ, මින් පෙර එම තනතුර දැරූ ට්‍රවින් ප්‍රනාන්දුපුල්ලේ මහතා විශ්‍රාම යාමෙන් අනතුරුවය. 2023 වසරේ පටන් යුනියන් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයේ ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන චෞද්‍රි මහතා, විවිධ අංශ තුළ ප්‍රමුඛ සමාගම් කිහිපයකින් සැදුම්ලත් බහුජාතික සමාගම් සමූහයක් වන CG Corp Global සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ද වේ. CG Corp Global සමූහයට අනුබද්ධිත CG Capital Partners යනු යුනියන් බැංකුවේ ප්‍රධානත ම කොටස්හිමියා ද වන අතර එමගින් ආයතන දෙක අතර පවතින ක්‍රමෝපායික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කෙරේ. මුල්‍ය ක්ෂේත්‍රය තුළ අඛණ්ඩව වර්ධනය වන යුනියන් බැංකුවේ ගමන්මගට, ගෝලීය ව්‍යාපාරික ක්‍රමෝපාය, නායකත්වය සහ ආයතනික පාලනය පිළිබඳ චෞද්‍රි මහතා සතු පුළුල් අත්දැකීම් සම්භාරය මනා පිටිවහලක්වනු ඇත.

සේයාරුව: නිර්වාණ චෞද්‍රි, යුනියන් බැංකුවේ උප සභාපති

යුනියන් බැංකුව ව්‍යවසායකයින් සඳහා ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන නිවේදනය කරයි

යුනියන් බැංකුව ව්‍යවසායකයින් සඳහා ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන නිවේදනය කරයි

යුනියන් බැංකුවේ සමාජ ව්‍යවසායකත්ව පාසල (UBSSE), මොරටුව විශ්වවිද්‍යාලය සහ ජාතික නවෝත්පාදන නියෝජිතායතනය සමග අත්වැල් බැඳගනිමින් සිය ප්‍රථම ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන දියත්කරන බව පසුගියදා නිවේදනය කළේය. දිවයින පුරා විසිරී සිටින, නැගීඑන ව්‍යවසායකයින් සහ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හොඳ අදහස් ඇති පිරිස්වලට අවශ්‍ය කුසලතා සහ දැනුම ලබා දෙමින් ඔවුන් සවිබලගැන්වීම අරමුණුකර ගනිමින් මෙම වැඩසටහන සැලසුම්කර ඇත.

“නේපාලයේ CG Corp Global සමූහයට අයත් නබිල් බැංකුව විසින් සාර්ථකව දියත් කරනු ලබන NabilSSE වැඩසටහන ආදර්ශයට ගනිමින්, මෙරට ව්‍යවසායකයින් සවිබලගන්වමින් ව්‍යවසායකත්ව පරිසරයක් ස්ථාපනය කිරීමේ දැක්මෙන් යුතු CG Corp Global සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ යුනියන් බැංකුවේ උප සභාපති නිර්වාණ චෞද්‍රි මහතාගේ මගපෙන්වීම යටතේ යුනියන් බැංකුවේ සමාජ ව්‍යවසායකත්ව පාසල ආරම්භ කෙරුණා. මෙය, අපගේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායක පාරිභෝගිකයින් හට තමන්ගේ ව්‍යාපාර මීළඟ අදියර දක්වා දියුණුකර ගැනීමේ අවස්ථාව හිමිකර දෙමින් අප පිරිනමන අමතර ප්‍රතිලාභයකි. තවද, දිවයින පුරා විසිරී සිටින ව්‍යවසායකයින් හට මෙම අගනා අවස්ථාවෙන් ඵල නෙළා ගැනීමේ මග විවරකර දෙමින් යුනියන් බැංකුවේ පාරිභෝගිකයින්ට පමණක් නොව, සමස්ත රටට ම මෙය විවෘතකර ඇති බව ද සතුටින් සඳහන් කිරීමට කැමතියි,”‍ යනුවෙන් යුනියන් බැංකුවේ අලෙවිකරණ අංශයේ උප සභාපති තිෂානි දිසානායක මහත්මිය සඳහන් කළාය.

ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන (NEDP) යනු, සම්ප්‍රදායික මාර්ගගත වැඩමුළුවලින් ඔබ්බට යමින්, ක්‍රමෝපායික සංවර්ධනය, අලෙවිකරණය සහ සන්නාමකරණය, කම්කරු නීතිය, ව්‍යාපාරික සැලසුම්කරණය, ගිනුම්කරණය සහ මුල්‍යයනය, අනුකුලතා, බුද්ධිමය දේපොළ සහ නායකත්වය ආදී වැදගත් ව්‍යාපාරික අංශ පිළිබඳ පරිපූර්ණ දැනුමක් ලබාදෙන වැඩසටහනකි. මේ සඳහා සහභාගීවන පිරිසට විශේෂඥ මගපෙන්වීම, ක්‍රියාකාරී වැඩමුළු සහ සැබෑ පුහුණුව හරහා තම ව්‍යවසායකත්ව කුසලතා වැඩිදියුණුකර ගැනීමේ අනගි අවස්ථාවක් උදා වේ. වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකේය පුරවැසියන් හට විවෘතවන මෙම වැඩසටහන සඳහා තෝරාගත් පිරිස් 200 කට ගාස්තු රහිතව සහභාගී විය හැකිය.

වැඩසටහන සඳහා අයදුම්පත් දැන් බාර ගැනෙන අතර, ඉඩකඩ සීමිත බැවින් නොපමාව අයදුම්කරන ලෙස යුනියන් බැංකුව දැනුම් දී සිටී. www.unionb.com වෙත පිවිසීමෙන් හෝ 0117818181 අංකය ඇමතීමෙන් හෝ ළඟ ම පිහිටි යුනියන් බැංකු ශාඛාවට පිවිසීමෙන් වැඩිදුර විස්තර ලබා ගැනීමටත්, අයදුම් කිරීමටත් හැකිය.

John Keells Properties සමාගම සහ Union බැංකුව එක්ව ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.

John Keells Properties සමාගම සහ Union බැංකුව එක්ව ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.

John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව ජා-ඇළ පිහිටි VIMAN නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ නිවාස සඳහා එහි ගැනුම්කරුවන් වෙත අසමසම වූ ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම පිරිනැමීමට සාඩම්බරව ඉදිරිපත් වී ඇත. මෙම අද්විතීය මූල්‍ය විසඳුම දෙපාර්ශවයේ ප්‍රධානීන් විසින් පළමු වරට ආරම්භ කරනු ලැබූවේ ශ්‍රී ලංකාවේ නිවාස හිමිකාරීත්වය සාර්ථක වියයුතු බවට දක්වන දැක්මක් මත පදනම්ව, ගැනුම්කරුවන්ට ජා-ඇළ VIMAN හි තම නිවහන පෙර ගෙවීමකින් තොරව මිලදී ගැනීමට ඉඩ සලසන සුවිශේෂී මූල්‍ය විසඳුම් මාලාවක් ලෙසය. Union බැංකුව, Zero Down මූල්‍ය විසඳුම හරහා ගනුදෙනුකරුවන් වෙත ව්‍යාපෘති මුදලෙන් 75%ක් මූලිකව ලබා දෙන අතර, මූල්‍ය සැලසුමකට අනුව අදියර වශයෙන් එම මුදල් ලබා දීම සිදු කරයි. ඒ අනුව ව්‍යාපෘතියේ කාලසීමාව තුළ ගනුදෙනුකරුවන් විසින් සමාන මාසික වාරික ගෙවීම් සිදුකළ යුතු අතර, ආසන්න වශයෙන් වසර දෙකකින් ගනුදෙනුකරුවන්ගේ අවසාන ගෙවීම ලෙස 25%ක් ව්‍යාපෘතිය අවසානයේදී John Keells Properties සමාගම වෙත සෘජුවම දායකවනු ඇත.

John Keells Properties සමාගම සහ Union බැංකුව විසින් හඳුන්වාදෙනු ලබන ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හුදෙක් මූල්‍ය ප්‍රථිලාභයක් පමණක් නොව, එය අවස්ථා සහ ආරක්ෂාව පිළිබඳව සහතික කරන, ජා-ඇළ VIMAN හි නිවාස වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි, පෙර අත් නොවිඳි අත්දැකීමක් සහිතව දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය පරිවර්තනීය වෙනසකට ලක් කිරීමට අරමුණු කරයි. තරුණ වෘත්තිකයන් සහ පවුල් අතර නම්‍යශීලී හා සාධාරණ මූල්‍ය විසඳුම් සඳහා පවතින ඉල්ලුම ඉහළ යමින් පැවතීම හේතුවෙන් මෙම අද්විතීය වූ මූල්‍ය විසඳුම් සහිත නිවාස හිමිකම් අවස්ථාව තීරණාත්මක අවධියකට පැමිණ තිබේ. ZERO-DOWN මූල්‍ය සැලසුම හරහා ජා-ඇළ VIMAN හි නිවාස අපේක්ෂාවන් සඳහා කිසිදු ආකාරයේ පෙර මුදල් ගෙවීමකින් තොරව තම නිවහන සුරක්ෂිතව වෙන් කර ගැනීමට හැකි වේ. එමෙන්ම සාම්ප්‍රදායිකව ගැනුම්කරුවන් අධෛර්යට පත් කරනු ලබන මූලික ගෙවීමේ මූල්‍ය බාධාවන් ඉවත් කරමින්, ගැනුම්කරුවන්ට ඔවුන්ගේ මූල්‍ය සැලසුම්කරණ කටයුතු සඳහා පැහැදිලි බවක් සහ විශ්වසනීයත්වයක් ගොඩනගමින් ඒ සඳහා ප්‍රවේශ වීමට සහය ලබා දේ.

John Keells Properties සමාගමේ විකුණුම් හා අලෙවි ප්‍රධානී සහ John Keells Group හි උප සභාපති නදීම් ශම්ස් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “ZERO-DOWN මූල්‍ය සැලසුම හරහා ශ්‍රී ලංකාවේ නිවාස හිමිකාරීත්වය පිළිබඳව දිගු දැක්මක් සහිත ප්‍රවේශයක් සනිටුහන් කරයි. පෙර මුදල් ගෙවීම් හරහා අරමුණක් සහිත ගැනුම්කරුවන් පවා අධෛර්යමත් වන අයුරු අපි අත්දැක තිබේ. ZERO-DOWN මූල්‍ය විසඳුම සමගින් අපි ශ්‍රී ලාංකිකයින්ට ජා-ඇළ VIMAN හි නිවසක් කඩිනමින් සහ වැඩි මූල්‍ය සහනයක් හරහා ලබා ගැනීමට අවස්ථාව සලසා දෙනවා. මෙම නව ආරම්භය සමඟින්, නව ලොවක් නිර්මාණය කිරීමේ දැක්ම මත පදනම්ව අපගේ වර්ධනයන් පමණක් නොව, මිනිසුන්ට ඔවුන්ගේ ම නිවාසයක හිමිකම අත්පත් කර දීම දක්වා John Keells Properties සමාගම විසින් සිදු කරනු ලබන කැපවීම මනාව පිළිබිඹු වේ.”

Union බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති / පාරිභෝගික බැංකු සේවා, චායා ජයවර්ධන මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය. “සැබෑ පරිවර්තනීය වෙනසක් සහිත මූල්‍ය විසඳුමක් වන ZERO-DOWN හඳුන්වා දීම සඳහා John Keells Properties සමාගම සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට හැකි වීම පිළිබඳව Union බැංකුව සතුටු වෙනවා. මෙම ආරම්භය තුළින්, මූලිකව මුදල් ගෙවීමේ අපහසුතාවයක් නොමැතිව ජා-ඇළ VIMAN හි තමන්ගේ නිවස සුරක්ෂිතව වෙන් කර ගැනීමට අවශ්‍ය නම්‍යශීලීභාවය සහ විශ්වාසය ගැනුම්කරුවන්ව බලගන්වනු ලබනවා. එය වෙනස් වන මූල්‍ය දර්ශනයන්ට සහ අපගේ ගනුදෙනුකරුවන්ගේ වෙනස්වන අවශ්‍යතාවයන්ට සෘජු ප්‍රතිචාරයකි.”

ජා-ඇළ VIMAN නිවාස ව්‍යාපෘතිය පිළිබඳව

අක්කර 6ක් පුරා විහිදී පවතින භූමියෙන් 65%ක් විවෘත අවකාශයන් සහ පහසුකම් වෙනුවෙන් වෙන් කර ඇති ජා-ඇළ VIMAN නිවාස ව්‍යාපෘතිය 2023 වසරේ සැප්තැම්බර් මාසයේ දී ආරම්භයේ සිට බුද්ධිමත් නිවාස ගැනුම්කරුවන්ගේ සහ ආයෝජකයින්ගේ අවධානය ඉක්මනින්ම දිනා ගැනීමට සමත්වුණි. නිවාස ව්‍යාපෘතියේ පළමු සහ දෙවන අදියරවල මහල් නිවාසවලින් 80% කටත් වැඩි නිවාස ප්‍රමාණයක් මේවන විටත් විකුණා අවසන්ව ඇති අතර, එය ප්‍රජාවට නැරඹීමට සුදුසුම කාලය මෙය වේ. ජා-ඇළ නගර මධ්‍යයේ පිහිටා ඇති VIMAN නිවාස ව්‍යාපෘතිය ජා-ඇළ, කොළඹ හා කටුනායක අධිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 10ක පමණ දුරින්, ඉතා සමීප ප්‍රවේශයක් ලබා දෙන අතර ජා-ඇළ සහ කොළඹ අතර මිනිත්තු 30ක පමණ වූ ඉතා පහසු කෙටි ගමන් කාලයක් සහතික කරයි. සශ්‍රීක වූ හරිත උයනක් කේන්ද්‍ර කර ගනිමින් පිහිටි VIMAN හි භාවනා මධ්‍යස්ථාන, ළමා ක්‍රීඩා පිටි, එළිමහන් ක්‍රීඩාංගණ සහ බයිසිකල් පැදීම හා ඇවිදීම සඳහා වූ මංතීරු ඇතුළුව මනාව සැලසුම් කර ඇති පහසුකම් 15කට අධික ප්‍රමාණයක් සමගින්, පදිංචිකරුවන්ට ජීවත්වීමට සුදුසු පරිසර හිතකාමී වටපිටාවක් සහ පවුල් සඳහා සමෘද්ධිමත් පරිසරයක් නිර්මාණය කර දීමට සමත්ව ඇත.

John Keells Properties සමාගම පිළිබඳව

John Keells Properties සමාගම යනු ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් සංවර්ධන ක්ෂේත්‍රයේ පුරෝගාමිකයෙකු වන අතර ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ තිරසාරවත්වය වෙනුවෙන් එම ක්ෂේත්‍රයේ ඔවුන් කරනු ලබන කැපවීම වෙනුවෙන් විශාල ප්‍රසිද්ධියක් උසුලනු ලබයි. ‘නව ලෝකයක් නිර්මාණය කිරීමේ’ දැක්ම මත පදනම් වෙමින් John Keells Properties සමාගම ශ්‍රී ලංකාවේ නවීන ජීවන රටාව නැවත අරුත් ගන්වමින් සාර්ථක ව්‍යාපෘති සමඟ නවීන ජීවන සීමාවන් වර්ධනය කරයි.

Union බැංකුව පිළිබඳව

Union බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික වාණිජ බැංකුවක් වන අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ආයතන සඳහා පුළුල් පරාසයක විහිදී යමින් මූල්‍ය විසඳුම් පිරිනමනු ලබයි. ශක්තිමත් ප්‍රාග්ධන පදනමක් සහ මූල්‍ය ස්ථාවරත්වයක් සමඟින් පවතින Union බැංකුව, ප්‍රමුඛ පෙළේ බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන CG Corp Global හි අනුබද්ධ සමාගමක් වන අතර එය නේපාලයේ Nabil බැංකුවේ විශාලතම කොටස් හිමියා වේ. Union බැංකුව ශ්‍රී ලංකාව පුරා දීපව්‍යාප්ත ශාඛා 61ක් ක්‍රියාත්මක කරමින් ඩිජිටල් බැංකුකරණය පැය 24 පුරා ක්‍රියාත්මක වන ඇමතුම් මධ්‍යස්ථානයක් සහ දීප ව්‍යාප්ත ATM ජාලයක් සමඟින් මූල්‍ය සේවා සඳහා පහසු ප්‍රවේශයක් සහතික කර දේ. Union බැංකුව හා අනුබද්ධිත සමාගම්වලට සීමාසහිත National Asset Management Limited සහ UB Finance Company Limited යන සමාගම් ඇතුළත් වේ.

ජා-ඇළ VIMAN නිවාස සඳහා ලබා දෙන ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම පිළිබඳව වැඩි විස්තර www.viman.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් හෝ +94 706 062 062 දුරකථන මාර්ගය ඔස්සේ John Keells Properties සමාගම ඇමතීමෙන් ලබා ගත හැකිය.

යුනියන් බැංකුව ප්‍රයිම් ගෲප් සමූහය සමඟ අත්වැල් බැඳ ගනී.

යුනියන් බැංකුව ප්‍රයිම් ගෲප් සමූහය සමඟ අත්වැල් බැඳ ගනී.

යුනියන් බැංකුව පාරිභෝගිකයින්ට නම්‍යශීලී නිවාස ණය විසඳුම් ලබා දීම සඳහා ඉහළම දේපළ වෙළඳාම් සමාගමක් වන ප්‍රයිම් ගෲප් සමූහය (Prime Group) සමඟ හවුල් විය. ආයතන දෙක අතර අවබෝධතා ගිවිසුමක් (MOU) පසුගියදා අත්සන් කරන ලදී.

පින්තූරයේ:
චායා ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ උප සභාපතිනි – පාරිභෝගික බැංකු සේවා (යුනියන් බැංකුව) සහ නලින්ද හීනටිගල, විධායක අධ්‍යක්ෂ / අධ්‍යක්ෂ ආයතනික කටයුතු (ප්‍රයිම් ගෲප්) සහ යුනියන් බැංකුවේ සහ ප්‍රයිම් ගෲප් සමූහයේ නියෝජිතයන්.

යුනියන් බැංකුව ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනට හවුල් වීමට මොරටුව විශ්වවිද්‍යාලය සමඟ අත්වැල් බැඳ ගනී

යුනියන් බැංකුව ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනට හවුල් වීමට මොරටුව විශ්වවිද්‍යාලය සමඟ අත්වැල් බැඳ ගනී

යුනියන් බැංකුව (UB) කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ අරමුණින් ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනට (NEDP) සහය දැක්වීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලය (UoM) සහ ජාතික නවෝත්පාදන නියෝජිතායතනය සමඟ නව අවබෝධතා ගිවිසුමක් (MOU) ආඩම්බරයෙන් නිවේදනය කළේය.

යුනියන් බැංකුවේ සභාපති නිර්වානා චෞද්‍රි, යුනියන් බැංකුවේ අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් රුද්‍රිගෝ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එන් ඩී ගුණවර්ධන යන මහත්වරුන් ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි.

මෙම මුලපිරීම යුනියන් බැංකුවේ School of Social Entrepreneurship (UBSSE) දැක්ම යටතේ ව්යවසායකයින් සඳහා මූල්‍ය සඳහා අත්‍යවශ්‍ය ප්‍රවේශයක් ලබා දෙන අතරම සමාජ ව්‍යවසායකයින් සංවර්ධනය කිරීම, සහය දීම සහ ප්‍රවර්ධනය කිරීමට මුලපුරයි. යූනියන් බැංකුවේ ප්‍රධාන කොටස් හිමියා වන CG Corp Global Group හි නේපාලයේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන Nabil බැංකුව විසින් මෙහෙයවනු ලබන සුප්‍රසිද්ධ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක් වන NabilSSE මුලපිරීමේ ආභාෂය ලබා ගනී.

NEDP සහතික පත්‍ර පාඨමාලාව, සහභාගිවන්නන් ඔවුන්ගේ සමාජ ව්‍යවසාය දියත් කිරීමට සහ වර්ධනය කිරීමට අවශ්‍ය කුසලතා සහ දැනුමෙන් සන්නද්ධ කිරීම අරමුණු කරයි. මෙම වැඩසටහන වයස අවුරුදු 18 සහ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා විවෘත වනු ඇත,

මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනයන් පෝෂණය කිරීම සඳහා යුනියන් බැංකුවේ කැපවීම අවධාරණය කරයි.

යුනියන් බැංකුවේ අලෙවිකරණ උප සභාපති තිෂානි දිසානායක මහත්මිය ප්‍රකාශ කළේ, “ව්‍යවසායකත්වය පෝෂණය කිරීම සඳහා අපගේ කැපවීම පිළිබිඹු කරන මෙම වැඩසටහන ආරම්භ කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. යුනියන් බැංකුවේ සහයෝගය මෙහෙයුම් වියදම්, විශේෂඥ ගාස්තු සහ පහසුකම් වැඩි දියුණු කිරීම ඇතුළුව වැඩසටහනේ විවිධ අංශ ඇතුළත් වේ. මීට අමතරව, අපගේ දීප ව්‍යාප්ත ශාඛා ජාලය දිවයින පුරා සිටින අයදුම්කරුවන් වෙත ළඟා වීමට පහසුකම් සපයන අතර, වැඩසටහනට පුළුල් ප්‍රවේශයක් සහතික කරයි. උපායමාර්ගික හවුල්කාරිත්වයන් සහ පුළුල් සහයෝගය තුළින් අනාගත ව්‍යවසායකයින්ගේ සංවර්ධනයට දායක වීමට අපි කැපවී සිටිමු.

ඡායාරූපය
යුනියන් බැංකුවේ සභාපති නිර්වාණ චෞද්‍රි, ඩිල්ෂාන් රොද්‍රිගෝ අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී, තිෂානි දිසානායක අලෙවිකරණ උප සභාපතිනි සහ ආයතනික සහ ඩිජිටල් සන්නිවේදන කළමනාකාරිනි නිලූෂා වනසිංහ

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය N D ගුණවර්ධන, උපකුලපති, මහාචාර්ය D G සමරසිංහ, ව්‍යාපාර පීඨයේ පීඨාධිපති, ආචාර්ය ගයිත්‍රි කුරුප්පු, කාර්මික කළමනාකරණ දෙපාර්තමේන්තු ප්‍රධානී, මහාචාර්ය රොහාන් මුණසිංහ, මොරටුව විශ්වවිද්‍යාලයේ වැඩසටහන් සම්බන්ධීකාරක, ආචාර්ය අජිත් ද අල්විස්, ප්‍රධාන ඉනොවේෂන් නිලධාරී. ජාතික නවෝත්පාදන ඒජන්සිය.

යුනියන් බැංකුවේ ඩිජිටල් කලාපය, දැන් පිටකොටුවේත්

යුනියන් බැංකුවේ ඩිජිටල් කලාපය, දැන් පිටකොටුවේත්

යුනියන් බැංකුවේ නවතම ඩිජිටල් කලාපය, පසුගියදා පිටකොටුවේ දී උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. මෙමගින්, සතියේ දින හතේදීම – පැය 24 පුරා ස්මාර්ට් (Smart) බැංකු සේවා රැසක් ලබාගත හැකි අතර, බැංකුවේ අඛණ්ඩව වැඩිදියුණු වෙන ඩිජිටල්කරණ වැඩසටහන්වල කොටසක් වශයෙන් අතිනවීන සේවා අත්දැකීමක් ද ගනුදෙනුකරුවන්ට ලබාදෙයි. යුනියන් බැංකුවේ පිටකොටුව ඩිජිටල් කලාපය විවෘත කිරීමේ අවස්ථාවට, 1A කලාපයේ ප්‍රධානී කසුන් ද සිල්වා සහ සමූහ ප්‍රධානී – වෙළෙඳ මධ්‍යස්ථාන ෆ්‍රෑන්ක් නේසරාජා සමඟ, පිටකොටුව ශාඛාවේ ගනුදෙනුකරුවන් ද එක් විය.

2023 යුනියන් ඇෂුවරන්ස් ඩයමන්ඩ් සම්මාන උළෙලේ දී යුනියන් බැංකුවේ, ‘බැංකු රක්ෂණ කණ්ඩායම්’ විශිෂ්ට සම්භාවනාවට ලක්වේ !

2023 යුනියන් ඇෂුවරන්ස් ඩයමන්ඩ් සම්මාන උළෙලේ දී  යුනියන් බැංකුවේ, ‘බැංකු රක්ෂණ කණ්ඩායම්’ විශිෂ්ට සම්භාවනාවට ලක්වේ !

ශ්‍රී ලංකාවේ ‘බැංකු රක්ෂණ’ (Bancassurance) ක්ෂේත්‍රයේ අග්‍රගණ්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ලෙස ගෞරවාදරයට පාත්‍ර වූ යුනියන් ඇෂුවරන්ස් – ‘ඩයමන්ඩ් සම්මාන උළෙල’, මෙවරත් ඉමහත් උත්සවශ්‍රීයෙන් පවත්වන ලදී. ‘නොබිඳෙන දීප්තිය’ (Unbreakable Brilliance) යන තේමාව යටතේ මෙවර සම්මාන උළෙල සංවිධානය කර තිබූ අතර, සේවා ප්‍රතිඵල වෙනුවෙන් ඉහළම ඇගයීම් සාක්ෂාත් කරගෙන තිබූ යුනියන් බැංකුවේ ‘බැංකු රක්ෂණ කණ්ඩායම්’ එම උත්සවයේ දී ඔවුන්ගේ විශිෂ්ට ජයග්‍රහණ සඳහා සම්භාවනාවට ලක් විය. මෙහිදී ජයග්‍රාහකයින් 85කට අධික සංඛ්‍යාවකට, ඔවුන්ගේ විශිෂ්ට කුසලතා වෙනුවෙන් ගෞරවාභිමානයට ලක්කර ත්‍යාග ප්‍රදානය කරන ලදී. ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාගවල සිට විදේශ සංචාර දක්වා ඉතා ආකර්ෂණීය ත්‍යාග රැසක් හිමිවිය.

වැඩිම යොමුකිරීම් (referrals) ආදායම් උපයන්නන් සඳහා, ඩයමන්ඩ් සම්මාන (තනි පුද්ගල) ජයග්‍රහණ හිමිකරගත්තේ, පිළිවෙළින් ලක්ෂිකා හැඩිගල්ල (බොරැල්ල), සුමිත් මාන්නපෙරුම (කුලියාපිටිය) සහ රාජන් ෂන්මුගේස්වරන් (කොටහේන) ය. CEO’s Lounge සම්මාන (තනි පුද්ගල) ජයග්‍රහණය කළේ, පිළිවෙලින් ලක්ෂිකා හැඩිගල්ල (බොරැල්ල), සුමිත් මාන්නපෙරුම (කුලියාපිටිය) සහ ඩෙවෝන් ජෝශප් රෙබර්ට් (කොල්ලුපිටිය – එලීට් කවය) ය.

හොඳම කලාප කළමනාකරු ලෙස කලාප 1B හි චමින්ද ප්‍රනාන්දුත්, කලාප කළමනාකාර කාණ්ඩය යටතේ ඉහළම ගාස්තු ආදායම් උත්පාදනය වෙනුවෙන් කලාප 1A හි කසුන් ද සිල්වාත්, එහිදී සම්මාන දිනාගන්නා ලදී. වාර්ෂික ශූරතා පළිහ දිනාගන්නා ලද්දේ, පිටකොටුව ශාඛාව යි. මෙවර ඩයමන්ඩ් ක්ලබ් සම්මාන ප්‍රදානෝත්සවයේ ඉහළම ත්‍යාග, වරකාපොල, කුලියාපිටිය, කොටහේන, මොරටුව, නාවල සහ බොරැල්ල ශාඛා විසින් හිමිකරගනු ලැබුවේ, වාරික අඛණ්ඩතාව සහ රක්ෂණ ඔප්පු සංඛ්‍යාව පවත්වා ගනිමින් – පවරන ලද ANBP ඉලක්කය 150%ට වඩා ඉක්මවා සාක්ෂාත් කරගැනීමට දැක්වූ විශිෂ්ට සමත්කම වෙනුවෙනි.

යුනියන් බැංකුවේ නවතම ‘ඩිජිටල් කලාප’ සමඟ ගනුදෙනුකරුවන්ට පහසු ඩිජිටල් බැංකුකරණ අත්දැකීමක්

යුනියන් බැංකුවේ නවතම ‘ඩිජිටල් කලාප’ සමඟ ගනුදෙනුකරුවන්ට පහසු ඩිජිටල් බැංකුකරණ අත්දැකීමක්

යුනියන් බැංකුව, ඩිජිටල් බැංකුකරණ සේවා තවදුරටත් පුළුල් කරමින් ගනුදෙනුකරුවන්ට වඩාත් පහසු සහ අපූරු සේවා අත්දැකීම් ලබාගැනීමට අවකාශ සලසන නවතම කටයුත්තක් සඳහා මුලපිරීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව, කොළඹ 3 යුනියන් බැංකු ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රයේ අලුතෙන් පිහිටවූ යුනියන් බැංකුවේ ප‍්‍රථම ‘ඩිජිටල් බැංකුකරණ කලාපය’ මගින් සතියේ දින 7 දීම පැය 24 පුරා ‘ස්මාර්ට් බැංකුකරණ සේවා’ ලබාගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව උදාවී ඇත.

යුනියන් බැංකුව ඩිජිටල්කරණ කිරීමේ ව්‍යාපෘතියේ තවත් ඉදිරි පියවරක් වන මෙය – ගනුදෙනුකරුවන්ට ඉතා පහසු, අවහිරතා කිසිත් නැති සේවාවක් ලෙස තවදුරටත් ව්‍යාප්ත කරමින්, මෙම වසර තුළදී දිවයිනේ තවත් ප‍්‍රමුඛ ශාඛා කීපයක ‘ඩිජිටල් බැංකුකරණ කලාප’ පිහිටුවීමට බැංකුව දැනටමත් සැලසුම් කර ඇත.

මෙම ‘ඩිජිටල් බැංකුකරණ කලාප’, ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර (ATM), මුදල් ප‍්‍රතිචක‍්‍රීයකරණ යන්ත‍්‍ර (CRM), සහ චෙක්පත් තැන්පතු, උපයෝගිතා බිල්පත් ගෙවීම් හා තවත් සේවා සඳහා, අතිනවීන ස්වයංක‍්‍රීය පහසුකම්වලින් සමන්විත ය. මේවා මගින්, දවසේ පැය 24 පුරාම මුදල් තැන්පත් කිරීම, මුදල් ආපසු ගැනීම, කාඩ් රහිත තැන්පතු, යුනියන් බැංකු ගිණුම්වලට අරමුදල් මාරුකිරීම, යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඞ්පත් ගෙවීම් සහ ගිණුම් ශේෂ විස්තර ලබාගැනීම ආදී අත්‍යවශ්‍ය බැංකු සේවා රැසක් ලබාගැනීමට ගනුදෙනුකරුවන්ට හැකියාව උදාවේ. ‘ජීවිතයට නව්‍ය වෙනසක්’ යන යුනියන් බැංකු තේමා පාඨය තවතවත් තහවුරු කරමින්, මේ නවතම සේවා වැඩිදියුණු කිරීම් එක්කරමින් ගනුදෙනුකරුවන්ගේ ‘ඩිජිටල් පහසුව’ ඉහළ නංවීමට බැංකුව අඛණ්ඩව කටයුතු කරයි.

1990 දශකයේ, ශ‍්‍රී ලාංකීය බැංකුකරණ ක්ෂේත‍්‍රයට ‘අන්තර්ජාල බැංකුකරණය’ හඳුන්වාදුන් පූරෝගාමියා, යුනියන් බැංකුවයි. එදා මෙදාතුර, අතිනවීන ඩිජිටල් බැංකුකරණ සේවා නිමැවුම් ගණනාවක් සමග, යුනියන් බැංකුව සිය ඩිජිටල්කරණ ගමන්මග අඛණ්ඩව පුළුල්කර ගනිමින් සිටියි. ගනුදෙනුකරුවන්ගේ ඩිජිටල් බැංකුකරණ පහසුව ඉහළ නංවන – අපූරු සේවා පහසුකම්වලින් යුත් ‘UBgo ඩිජිටල් යෙදවුම’ මෙන්ම නවතම තාක්ෂණය, ඒකාබද්ධ කිරීම් සහ ඩිජිටල් හැකියාවන්ගෙන් සමන්විත – ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන් වෙනුවෙන් ඇති, ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම මුදල් කළමනාකරණ සේවා නිමැවුම ‘Union Bank – BizDirect’, ඒ අතරින් විශේෂයෙන් කැපීපෙනෙයි. අංගසම්පූර්ණ ඩිජිටල් නව්‍යකරණ පරිසරයක් නිර්මාණය කිරීමට උපකාර වන ‘පරිපූර්ණ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම්’ වැඩිදියුණු කරගැනීම සඳහා, යුනියන් බැංකුව අඛණ්ඩව වසරින් වසර ආයෝජනය කරයි.

ඡායාරූපය: යුනියන් බැංකු ප‍්‍රධාන කාර්යාලයේ ඩිජිටල් බැංකුකරණ කලාපය

යුනියන් බැංකුව නව ලාංඡනය එළිදක්වයි

යුනියන් බැංකුව නව ලාංඡනය එළිදක්වයි

යුනියන් බැංකුව සිය පරිවර්තනීය සන්නාම ගමනේ කොටසක් ලෙස මෑතකදී පැවති උත්සවයකදී නව ලාංඡනයක් එළිදක්වන ලදී.CG Corp Global සමුහයේ සභාපති ආචාර්ය බිනෝද් චෞද්රි මහතා විසින් නව ලාංඡනය එළිදැක්වු අතර, මෙම වැදගත් අවස්ථාවට යුනියන් බැංකුවේ සභාපති නිර්වාණ චෞද්රි,යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් රොද්‍රිගො යන මහත්වරුන් ද එක් විය.නව ලාංඡනය මගින් යුනියන් බැංකුව CG Corp Global සමුහය සමඟ ඇති ශක්තිමත් හවුල්කාරිත්වය සහ ප්‍රගතිශීලී මූල්‍ය සේවා හවුල්කරුවෙකු ලෙස, එහි පාරිභෝගික සබඳතා සහ ඩිජිටල් පරිවර්තනය ප්‍රතිරාවය කරයි. නව ලාංඡනය සමග “ජිවිතයට නව්‍ය වෙනසක්” යන සන්නාම තේමාව ද ගනුදෙනුකරුවන්ට එළිදක්වන ලදී.

ඡායාරූපය:

යුනියන් බැංකුවේ නව ලාංඡනය එළිදැක්වීමේ අවස්ථාවටCG Corp Global හි සභාපති ආචාර්ය බිනෝද් චෞද්රි, යුනියන් බැංකුවේ සභාපති නිර්වාන චෞද්රි සහ යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ.

යුනියන් බැංකුවේ එලයිට් සර්කල් ප්‍රමුඛතා බැංකු සේවාව වෙතින් තවත් වරප්‍රසාද

යුනියන් බැංකුවේ  එලයිට් සර්කල් ප්‍රමුඛතා බැංකු සේවාව වෙතින් තවත් වරප්‍රසාද

යුනියන් බැංකුව සිය ගනුදෙනුකරුවන්ගේ විශේෂිත අවශ්‍යතාවලට ගැලපෙන නව විශේෂාංග කිහිපයක් සමඟින් යුනියන් බැංකුවේ ‘එලයිට් සර්කල් ( Union Bank Elite Circle) ප්‍රමුඛතා බැංකු සේවාව පසුගියදා යළි දියත් කළේය. පාරිභෝගිකයින්ට සුවිශේෂී බැංකු අත්දැකීමක් සඳහා වරප්‍රසාද ලබා දෙමින් අලුතින් වැඩි දියුණු කරන ලද නිෂ්පාදනය පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් බැංකුව මෑතකදී ‘’ජීවිතයේ හොඳම දේ බැංකුකරණයටත් ‘’ යන තේමාව යටතේ ප්‍රචාරණ වැඩ සටහනක් දියත් කරන ලදී.

මෙම සේවාව හරහා පාරිභෝගිකයින්ට, කැපවූ සම්බන්ධතා කළමනාකරුවන්ගේ කණ්ඩායමක් සමග පුද්ගලීකරණය කළ බැංකු සේවා සහ ධනය කළමනාකරණයේ සිට මුල්‍ය විශේෂඥ උපදේශන සේවා දක්වා පුළුල් පරාසයක මූල්‍ය විසඳුම් සහ සේවාවන් සමඟ කාර්යක්ෂම බැංකු අත්දැකීම් ලබා ගත හැක. කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති සුවිශේෂී යුනියන් බැංකුවේ එලයිට් සර්කල් මධ්‍යස්ථානය සහ ශාඛා ජාලය පුරා වෙන් වූ සුවිශේෂී අවකාශයන් එහි සාමාජිකයින්ට උපරිම පහසුව සලසා දෙයි.

යුනියන් බැංකුවේ එලයිට් සර්කල් සාමාජිකයෙකු වීම මඟින්, ආයෝජන සහ ණය සඳහා මනාප පොලී අනුපාත, වරණීය ගාස්තු, ආරක්‍ෂිත තැන්පතු ලොකර් සඳහා විශේෂ ගාස්තු, රක්ෂණ විසඳුම් මෙන්ම ආයෝජන මත හදිසි ණය ඇතුළුව අගය එකතු කළ සේවාවන් වෙත ප්‍රවේශය ලබා දේ. යුනියන් බැංකුවේ එලයිට් සර්කල් සාමාජිකයින්ට ආයෝජන සහ උපදේශන සඳහා පුළුල් විකල්ප ලබා දීම කෙරෙහි අවධානය යොමු කරමින්, යුනියන් බැංකු එහි අනුබද්ධිත සමාගම වන National Asset Management Ltd හරහා අරමුදල් කළමනාකරණය පිළිබඳ විශේෂඥ උපදේශන සේවා මෙන්ම බදු සහ නීතිමය උපදේශන සේවා ද ලබා ගත හැක

යුනියන් බැංකුවේ ජාත්‍යන්තර වීසා ඩෙබිට් කාඩ්පතක් සහ යුනියන් බැංකු සිග්නේචර් ක්‍රෙඩිට් කාඩ්පතක් සමඟ ගෝලීය ප්‍රවේශ පහසුව සමඟ බැංකුවේ ඩිජිටල් බැංකු සේවා කිහිපයක් සමඟ සම්බන්ධ වීමෙ පහසුව ලබා ගත හැක.

වරප්‍රසාදවල කොටසක් ලෙස යුනියන් බැංකුවේ එලයිට් සර්කල් සාමාජිකයින්ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ විවේකාගාරයේ වරප්‍රසාද නොමිලේ භුක්ති විඳිය හැකිය. යුනියන් බැංකුවේ Elite Circle සාමාජිකයින්ට ගෝලීය සෞඛ්‍ය ආවරණ සහ සංචාර සඳහා විශේෂ වාරික යටතේ Allianz සහ Fairfirst වෙතින් රක්ෂණ ආවරණ හරහා සෞඛ්‍ය සහ සුවතා ප්‍රතිලාභ ඇතුළු වට්ටම් පිරිනමනු ලැබේ. ඊට අමතරව සාමාජිකයින්ට ක්‍රෙඩිට් කාඩ්පත් මත 0% වාරික සැලසුම් සහ වසර පුරා දීමනා සමඟ දීර්ඝ ගෙවීම් සැලසුම් සුවිශේෂී වෙළඳුන් පරාසයකින් ද ලබා ගත හැක

සිල්ලර බැංකුකරණයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති චායා ජයවර්ධන මහත්මිය පැවසුවේ, “යුනියන් බැංකුවේ Elite Circle යනු සුවිශේෂී ගනුදෙනුකරුවන්ගේ සුවිශේෂී අවශ්‍යතා අවබෝධ කර ගැනීම සඳහා නිර්මාණය කර ඇති බැංකු යෝජනාවකි. සේවා මට්ටම් තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහි බැංකුවේ අවධානය යොමු කරන අතරම, අභිරුචිකරණය කළ මූල්‍ය විසඳුම් සමඟින් පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය කෙරෙහි වඩාත් වැඩි අවධානයක් යොමු කරමින් අභිනවයෙන් වැඩිදියුණු කරන ලද යුනියන් බැංකුවේ Elite Circle පුද්ගලීකරණය කළ බැංකු අත්දැකීම යළි නිර්වචනය කරයි.

යුනියන් බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ඩිල්ෂාන් රුද්‍රිගු මහතා පත් කෙරෙයි

යුනියන් බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ඩිල්ෂාන් රුද්‍රිගු මහතා පත් කෙරෙයි

2024 ජනවාරි 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සිය නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ඩිල්ෂාන් රුද්‍රිගු මහතා පත් වන බව යුනියන් බැංකුව නිවේදනය කරයි.

ඩිල්ෂාන් රුද්‍රිගු මහතා බැංකු ක්ෂේත්‍රයේ දශක දෙකකට අධික අත්දැකීම් සහ පළපුරුද්දක් සහිත ප්‍රමුඛ පෙළේ විධායක නිලධාරියෙකි. මෙම පත් වීමට පෙර හැටන් නැෂනල් බැංකුවේ (HNB) විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා ලෙස සේවය කළ රුද්‍රිගු මහතා, එහි දී මධ්‍යගතකරණය, ස්වයංක්‍රීයකරණය, සේවාවන් බාහිරින් ලබා ගැනීම ආදී ක්ෂේත්‍ර තුළ ගාමක බලවේගය බවට පත් වෙමින් හැටන් නැෂනල් බැංකුවේ ආයතනික සංස්කෘතිය තුළ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත. එමෙන් ම ඒ මහතා පුහුණුව, කුසලතා සංවර්ධනය සහ පිරිවැය ප්‍රශස්තකරණය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් හඳුන්වා දීම හරහා හැටන් නැෂනල් බැංකුවේ වර්ධනයට දායක වීම තුළින් වඩාත් පිළිගැනීමට ලක් වී ඇති වෘත්තිකයෙකි.

බැංකු, රක්‍ෂණ, ආයෝජන බැංකුකරණ සහ ඇඟලුම් ආදී විවිධ වෘත්තීය ක්ෂේත්‍රවල ජ්‍යේෂ්ඨ තනතුරු රැසක් හොබවා ඇති රුද්‍රිගු මහතා, වර්තමානය වන විට ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන අතර, HNB ෆිනෑන්ස් සමාගමේ සහ ලංකා මුල්‍ය සේවා කාර්යාංශයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත. එමෙන් ම HNB ඇෂුවරන්ස් PLC සහ Guardian Acuity Management Ltd ඇතුළු පිළිගත් ආයතන රැසක අධ්‍යක්ෂ තනතුරු දරා ඇති ඒ මහතා ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ කවුන්සිලයේ (SLID) සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි. 2011/12 සහ 2019/20 යන වසරවල ආසියානු බැංකු කරුවන්ගේ සංගමයේ (තායිවානය) ප්‍රතිපත්ති උපදේශක කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇති රුද්‍රිගු මහතා, CIMA, ACCA සහ Risk Professional Forum හි වාර දෙකක දී සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත. රුද්‍රිගු මහතා UK Cranfield University, FCMA UK සහ FCCA UK යන විශ්වවිද්‍යාලවලින් පශ්චාත් උපාධි ලබා ඇති අතර, ඔහු දශකයකට වැඩි කාලයක් විවිධ උපාධි හා පශ්චාත් උපාධි වැඩසටහන් (CIMA, ACCA, PIM MBA) සඳහා දේශකවරයෙකු ලෙස සිය දායකත්වය ලබා දෙයි.

මෙම නව පත්වීම පිළිබඳ අදහස් දක්වමින් යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ “යුනියන් බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ඩිල්ෂාන් රුද්‍රිගු මහතා පත් කිරීමට ලැබීම ගැන මම ඉතා සතුටට පත් වෙනවා. ඒ වගේ ම යුනියන් බැංකුවේ ඉදිරි වර්ධනය වෙනුවෙන් රුද්‍රිගු මහතා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි මම විශ්වාස කරනවා. මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ ඔහු සතු නායකත්ව අත්දැකීම් සම්භාරය අපගේ කණ්ඩායම සාර්ථකව මෙහෙයවීම සඳහා ඉතා ශක්තියක් වනු ඇත.”

ප්‍රබල CG Corp Global සමූහයේ ශක්තිය සමඟ ක්‍රියාත්මක වන යුනියන් බැංකුව, මූල්‍ය විසඳුම් සැපයීම හරහා ගනුදෙනුකරුවන් වෙත විශ්වසනීය බැංකුවක් ලෙස සිය ස්ථාවරත්වය පවත්වාගෙන යාමට කැප වී සිටී.

ඡායාරූපය : යුනියන් බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් රුද්‍රිගු මහතා.

නිර්වාන චෞද්‍රි යුනියන් බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත් වෙයි

නිර්වාන චෞද්‍රි යුනියන් බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත් වෙයි

2023 දෙසැම්බර් 21 දින සිට යුනියන් බැංකුවේ නව සභාපතිවරයා ලෙස නිර්වාන චෞද්‍රි මහතා පත් කර ඇත. චෞද්‍රි මහතා 2023 ඔක්තෝම්බර් මාසයේ දී යුනියන් බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කෙරිණි. මනා පළපුරුද්දක් ඇති දක්ෂ ව්‍යාපාරිකයෙකු වන ඒ මහතා CG Capital Partners Global Pte Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ සහ නේපාලයේ CG Corp ගෝලීය සමූහයේ, සමාගම් කිහිපයක සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි. නේපාලයේ කත්මන්ඩු විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියක් සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් (MBA) ලබා ඇති චෞද්‍රි මහතා, එක්සත් රාජධානියේ ලන්ඩන් ව්‍යාපාරික පාසලේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ Entrepreneurial Masters පාඨමාලාව සාර්ථක ව අවසන් කර ඇත.

මෙම පත් වීමට සමගාමී ව යුනියන් බැංකුවේ නව අධ්‍යක්ෂවරුන් ලෙස මෙලේ මුකර්ජි සහ සංජේ පොක්‍රෙල් මහත්වරු පත් කර ඇත.

2023 ඔක්තෝම්බර් මාසයේ දී යුනියන් බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කෙරුණු මෙලේ මුකර්ජි මහතා, විගණනය, අවදානම් කළමනකරණය සහ තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍ර පිළිබඳ වසර හතලිස් දෙක කට (42) වැඩි පළපුරුද්දක් සහිත පළපුරුදු බැංකු කරුවෙකු වන අතර ඉන්දියාවේ බැංකු ක්ෂේත්‍රයේ ප්‍රධාන තනතුරු රැසක් දරා ඇත. ඒ මහතා CG Corp Global සමාගම ප්‍රධාන කොටස් හිමියා වන නේපාලයේ නබිල් බැංකුවේ (Nabil Bank) හි අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරයි. මුකර්ජි මහතා ඉන්දියාවේ බනාරස් හින්දු විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් (MSc) ලබා ඇති අතර, ඔහු ඉන්දියාවේ බැංකු හා මූල්‍ය ආයතනයෙන් බැංකු හා මූල්‍ය පිළිබඳ ගෞරවනීය ශිෂ්‍යත්වයක් ලබා ඇත.

සංජේ පොක්‍රෙල් මහතා 2023 නොවැම්බර් මාසයේ දී යුනියන් බැංකුවේ විධායක නොවන, ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කෙරුණු අතර, ඒ මහතා ඩුබායි හි CG Corp Global සමාගමේ ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කර ගැනීම් ප්‍රධානියා ලෙස කටයුතු කරයි. පොක්‍රෙල් මහතා ඉතා පළපුරුදු මූල්‍ය විශේෂඥයෙක් සහ ආයෝජන කළමනාකරණය, ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කර ගැනීම් සහ වත්කම් කළමනාකරණය පිළිබඳ පුළුල් පළපුරුද්දක් ඇති වරලත් ගණකාධිකාරීවරයෙකි.

මෙම පත්වීම්, යුනියන් බැංකුවට වඩා වැඩි අත්දැකීම් සහ විශේෂඥ දැනුමක් ලබා දෙමින් එහි උපායමාර්ගික හැකියාවන් සහ නායකත්වය විවිධාංගීකරණය සහ ශක්තිමත් කිරීමට උපායමාර්ගික පියවරක් සනිටුහන් කරන අතර බැංකු සේවාවල වර්ධනය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය වැඩිදියුණු කිරීමට බැංකුවේ කැපවීම පිළිබිඹු කරයි.

ඡායාරූප : යුනියන් බැංකුවේ නව සභාපති නිර්වාන චෞද්‍රි මහතා සහ යුනියන් බැංකුවේ නව අධ්‍යක්ෂවරුන් වන මෙලේ මුකර්ජි සහ සංජේ පොක්‍රෙල් යන මහත්වරු.

CG Capital Partners Global Pte. යුනියන් බැංකුවේ බහුතර කොටස් හිමිකර ගනී

CG Capital Partners Global Pte. යුනියන් බැංකුවේ බහුතර කොටස් හිමිකර ගනී

2022 දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කර ආකාරයට CG Capital Partners Global Pte Ltd විසින් Culture Financial Holdings Ltd. (යුනියන් බැංකුවේ කොටස්වල සැලකිය යුතු කොටස් හිමියෙකු) යෝජිත අත්පත් කර කරගැනීමේ ගනුදෙනුව අවසන් වූ බවට යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට විධිමත් දැනුම්දීමක් ලැබුණු අතර ඒ පිළිබඳව කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) වෙත දැනුම් දී ඇත.

Culture Financial Holdings හි හිමිකාරිත්වය හරහා CG Capital Partners දැන් යුනියන් බැංකුවේ ප්‍රධාන කොටස්කරුවා වේ.

CG Corp Global සමාගම් 160කට අධික සංඛ්‍යාවක් සහ 15,000කට අධික සේවක සංඛ්‍යාවකින් යුත් ගෝලීය වෙළඳපොලේ සන්නාම 123ක් සමඟින් ආසියාවේ ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් ලෙස අභිමානයට පත් වේ. එය බැංකු සහ මූල්‍ය, සත්කාරක, සිමෙන්ති, ජල විදුලිය, විදුලි සංදේශ සහ අධ්‍යාපනය වැනි බොහෝ කර්මාන්තවල ප්‍රධාන තරඟකරුවකි. සමාගම නේපාලයේ මූල්‍ය සේවා අංශයේ ප්‍රධාන තරඟකරුවකු වන අතර නබිල් බැංකුවෙ විශාලතම කොටස් හිමියා වන අතර එය නේපාල කොටස් වෙළඳපොලේ විශාලතම පෞද්ගලික බැංකුව ලෙස ලැයිස්තුගත කර ඇත.

CG Capital ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කළ පළමු අවස්ථාව මෙය නොවේ. එය රට පුරා ඉහළ මට්ටමේ සුඛෝපභෝගී හෝටල් සහ නිවාඩු නිකේතන කිහිපයක ප්‍රධාන කොටස් හිමිකරගෙන සිටින අතර මූල්‍ය සේවා අංශයට ද සිය ආයෝජන තවදුරටත් පුළුල් කරයි. මෙම අභියෝගාත්මක සහ සංක්‍රාන්ති කාලයකදී ශ්‍රී ලංකාව කෙරෙහි විදේශ ආයෝජකයින්ගේ විශ්වාසය නැවත අවධාරණය කරමින්, සහයෝගය සහ ශක්තියේ මූලාශ්‍රයක් වීම මගින් ශ්‍රී ලංකාව කෙරෙහි ඇති කැපවීම යළි තහවුරු කිරීමක් ලෙස මෙම ආයෝජන පැමිණේ.යුනියන් බැංකුවට එවැනි ගෝලීය ආයතනයක් ප්‍රධාන කොටස් හිමියා ලෙස හවුල් වීම විශේෂ සන්ධිස්ථානයකි.

CG Corp Global හි සභාපති ආචාර්ය බිනෝද් .K.චෞද්රි (Binod K. Choudhary) මහතා පැවසුවේ,”මෙය ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා අංශයට සහ යුනියන් බැංකුවට කෙරෙන වැදගත් ආයෝජනයකි. බැංකුවට ඉතා ශක්තිමත් වාර්තාවක් ඇති අතර තවදුරටත් වර්ධනය වීමට හැකියාව ඇත. යුනියන් බැංකුව ශ්‍රී ලංකාවේ ඉහළම පෞද්ගලික වාණිජ බැංකු අතරට පත් කිරීමට අපි උපාය මාර්ගික වර්ධන ප්‍රවේශයක් ගනිමින් සිටිමු.මෙම වර්ධන ව්‍යාප්තිය අතරට ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කර ගැනීම් ද දැකිය හැකිය.නබිල් බැංකුව අත්පත් කර ගැනීම, එහි සංවර්ධනය හා වර්ධනය සහ එය නේපාලයේ විශාලතම බැංකුව බවට පත්වීම කදිම නිදසුනකි.CG හි මූලික නිපුණතා සහ ප්‍රවීණත්වය මත පදනම්ව, අපි යුනියන් බැංකුව අප්‍රිකාව, නේපාලය සහ භූතානය වැනි නැගී එන වෙලඳපොලවල් වෙත ව්‍යාප්ත කිරීමේ හැකියාව පිළිබඳව ද සලකා බලනු ඇත යුනියන් බැංකුව ශ්‍රී ලංකාවේ කීර්තිමත් සහ හොඳින් ප්‍රාග්ධනීකරණය වූ බැංකුවකි, එබැවින් බැංකුව තවදුරටත් වර්ධනය කිරීමට සහ සංවර්ධනය කිරීමට අනාගතයේදී බොහෝ දේ කළ හැකි යැයි මම විශ්වාස කරමි.

යුනියන් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ (lndrajit Wickramasinghe) මහතා,පැවසුවේ “යුනියන් බැංකුව රටේ ප්‍රමුඛතම සහ විශ්වාසනීය බැංකුවක් ලෙස ස්ථාපිත වී ඇත. CG Capital Partners සමඟ ඇති හවුල්කාරිත්වය බැංකුවේ වර්ධනයේ මීළඟ අදියරට විශාල රුකුලක් වනු ඇත. ශ්‍රී ලංකාවේ ඉහළම ප්‍රාග්ධනීකරණය සහිත බැංකුවක් ලෙස,මෙම හවුල්කාරිත්වය බැංකුවේ අනාගත උපායමාර්ගික ව්‍යාප්තියට තවදුරටත් සහය වන අතර, ගනුදෙනුකරුවන්ට නව අවස්ථා අත්පත් කර දෙමින්, මූල්‍ය සේවා අංශයේ වඩාත් ශක්තිමත් ස්ථාවරයක් ලබා දෙනු ඇත.

යුනියන් බැංකුව පිළිබදව

යුනියන් බැංකුව ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා අංශයේ වසර 25කට වැඩි පළපුරුද්දක් ඇති අතර පුද්ගලික, ආයතනික සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශ වල ගනුදෙනුකරුවන් සඳහා දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් තුලින් නිෂ්පාදන සහ සේවා රැසක් පිරිනමයි. 2011 වසරේ සිට කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති යුනියන් බැංකුවට‍ නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළ ශක්තිමත් ප්‍රාග්ධන තත්ත්වයකින් පවතී. බැංකුවේ උපාය මාර්ගික විවිධාංගීකරණයන් අතරට National Asset Management Ltd (NAMAL), ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වත්කම් කළමනාකරණ සමාගම සහ UB Finance සමාගම්ද ඇතුළත් වේ. Brand Finance විසින් 2012 වසරේ සිට යුනියන් බැංකුව ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතරට ශ්‍රේණිගත කර ඇත. වැඩි විස්තර සඳහා www.unionb.com වෙත පිවිසෙන්න.

CG Capital Partners පිළිබදව

CG Capital Partners Global Pte Ltd යනු CG Corp Global හි අනුබද්ධ සමාගමකි. 1935 දී පිහිටුවන ලද CG Corp Global යනු ආසියාවේ Global Growth Company ලෙස හඳුන්වන බහු ව්‍යාපාර සමූහ ව්‍යාපාරයකි. රටවල් 35 ක ශක්තිමත් පැවැත්මක් සහිත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි මූලස්ථානය පවත්වාගෙන යනු ලබයි. එහි මූලික නිපුණතා අතර ආහාර පාන, මූල්‍ය සේවා, යටිතල පහසුකම්, දේපළ වෙළඳාම් සහ ආගන්තුක සත්කාරය ඇතුළත් වේ. වැඩි විස්තර සඳහා පිවිසෙන්න: www.cgcorpglobal.com

මාධ්‍ය සම්බන්ධතා;

යුනියන් බැංකුව: තිෂානි දිසානායක, උප සභාපති, අලෙවිකරණය
CG Corp: අජානි විජේසිරිවර්ධන, මෙහෙයුම් ප්‍රධානී – ශ්‍රී ලංකාව +94777370227

යුනියන් බැංකුව “කප්රුක අයෝජන” ණය යෝජනා ක්‍රමය හරහා පොල් වගාව නඟාසිටුවීමට සහය දෙයි

යුනියන් බැංකුව “කප්රුක අයෝජන” ණය යෝජනා ක්‍රමය හරහා පොල් වගාව නඟාසිටුවීමට සහය දෙයි

ලොව සිව්වන විශාලතම පොල් නිෂ්පාදනය කරන රට ලෙස ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය ප්‍රචලිත අතර එය රටේ ආර්ථිකයේ ප්‍රධාන දායකයෙකි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සංවර්ධනය කිරීමට සහ තිරසාර ව්‍යාපාර ගොඩනැගීමට දරන උත්සාහයේ කොටසක් ලෙස යුනියන් බැංකුව “කප්රුක අයෝජන” ණය මාර්ගය හරහා පොල් වගාකරුවන් නඟාසිටුවීමට අඛණ්ඩව අරමුදල් සහ උපදේශන සේවා සපයයි.

යුනියන් බැංකුවේ සංවර්ධන මූල්‍යකරණ සහ ව්‍යාපාර පුනර්ජීවන/පුනරුත්ථාපන පිළිබඳ ප්‍රධාන කළමනාකරු ජානක එදිරිසිංහ මහතා පැවසුවේ, “පොල් බහුකාර්ය බහු වාර්ෂික බෝගයක් වන නිසා එහි නිසි අස්වැන්නක් ලබා ගැනීමට අවම වශයෙන් අවුරුදු පහක් හෝ හතක් ගොවීන්ට බලා සිටීමට සිදුවන බැවින් ඔවුන් වගා කටයුතු සඳහා ණය ගැනීමට වැඩි උනන්දුවක් නොපෙන්වයි. එබැවින් “කප්රුක අයෝජන” ණය යෝජනා ක්‍රමය මඟින් ගොවීන්ට 8% ක (වාර්ෂික) ඉතා ආකර්ශනීය ස්ථාවර පොලී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 3.0 දක්වා ණය ලබා දීමට යුනියන් බැංකුව සහය වේ.

“කප්රුක” ණය යෝජනා ක්‍රමය මගින් විද්‍යාත්මකව සකස් කරන ලද විශේෂ ගොවිතැන් සැලසුම් හරහා ඉඩමේ පවතින සම්පත් ප්‍රශස්ත ලෙස භාවිත කිරීම සහතික කිරීම තුළින් ඉහළ ඵලදායිතාවක් සහ ස්ථාවර ආදායමක් සාක්ෂාත් කර ගැනීම සඳහා මුල්‍ය මග පෙන්වීම සපයයි.

පොල් වතු අලුතින් වගා කිරීම, නැවත වගා කිරීම සහ පුනරුත්ථාපනය කිරීම, අන්තර් භෝග වගාව, සත්ව පාලන ව්‍යාපෘති සහ යන්ත්‍රෝපකරණ/උපකරණ මිලදී ගැනීම ඇතුළු බොහෝ සංවර්ධන කටයුතු සඳහා යුනියන් බැංකුව ඉහත ණය යෝජනා ක්‍රමය හරහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙයි. මාස 12ක සහන කාලයක් ඇතුළුව ණය ආපසු ගෙවීම සඳහා වගාකරුවන්ට වසර පහක් දක්වා කාලයක් මේ යටතේ ලබා දෙයි. තවද, පොල් වගාකරුවන්ට පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් අර්ධ පොලී ප්‍රතිපූරණයක් හිමි වන අතර එමඟින් ඔවුන්ගේ මූල්‍ය පිරිවැය තවදුරටත් අඩු කරගත හැක.

යුනියන් බැංකුව වසර 25ක් පුරා අඛණ්ඩව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වර්ධනයට සහාය දෙන අතර, කුඩා තේ වතු හිමියන්ගේ ණය යෝජනා ක්‍රමය (TSHCL), කුඩා හා මධ්‍ය පරිමාණ ණය යෝජනා ක්‍රමය (SMELoC) සහ කාන්තා ව්‍යවසායකයින් දිරි ගැන්වීම සඳහාද සහනදායී පොලී අනුපාත යටතේ අරමුදල් සහ ප්‍රවේශය ලබා දෙයි.

යුනියන් බැංකුව කාන්තා ව්‍යවසායකයින් සඳහා සහය පුළුල් කරයි.

යුනියන් බැංකුව කාන්තා ව්‍යවසායකයින් සඳහා සහය පුළුල් කරයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) රටේ ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස සලකනු ලබන අතර එය ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික සංවර්ධනයට දැවැන්ත ලෙස සහය වන අංශයකි. මෙම අංශය රටේ දළ දේශීය නිෂ්පාදිතයට විශාල වශයෙන් දායක වන අතර ප්‍රධාන රැකියා සැපයුම්කරු ලෙස ක්‍රියා කරයි.

වසර 25ක් පුරා, යුනියන් බැංකුව ශ්‍රී ලංකාව පුරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහය දැක්වීමට සහ සංවර්ධනය කිරීමට විශාල සේවාවක් සපයා ඇත.

විවිධ කර්මාන්තවල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනයට සහ වර්ධනයට සහය වීමට අමතරව කාන්තා ව්‍යවසායකත්වයට සහය දැක්වීම සම්බන්ධයෙන් බැංකුව ආඩම්බර වන අතර කාන්තාවන් විසින් මෙහෙයවන ව්‍යාපාර සහ කාන්තා ව්‍යවසායකයින් ගොඩනැගීම සඳහා අඛණ්ඩව සිය සේවාවන් සැපයීමට බැංකුව කැපවී සිටී.

මූල්‍ය විසඳුම් වලට අමතරව බැංකුව සිය සංවර්ධන ණය යෝජනා ක්‍රමය යටතේ කාන්තා ව්‍යවසායකයින් සඳහා ප්‍රදාන ලබා දෙයි. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ කාන්තා ව්‍යවසායකයින්ට 10% ක ප්‍රදානයක් සහතික කර ඇති අතර තෝරාගත් අංශ සඳහා ණය වටිනාකමින් 25% දක්වා ලැබේ.

යුනියන් බැංකුවේ ප්‍රධාන කළමනාකරු, සංවර්ධන මුල්‍යකරණය සහ ව්‍යාපාර පුනර්ජීවනය/පුනරුත්ථාපනය, ජනක එදිරිසිංහ මහතා පැවසුවේ, යුනියන් බැංකුව කාන්තා ව්‍යවසායකත්වයට සහය දැක්වීමට සහ සවිබල ගැන්වීමට ලැබීම ගැන ආඩම්බර වෙනවා. ඒ අනුව බැංකුව අරමුදල්, උපදේශන සේවා සහ නිපුණතා සංවර්ධනය ඇතුළු ආධාරක කිහිපයක් සපයා ඇත. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා පවත්වනු ලබන වැඩමුළු සඳහා කාන්තා ව්‍යවසායකයින්ගෙන් 60% කට වැඩි සහභාගීත්වයක් සහ බැංකුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ණය රේඛාව කෙරෙහි ඔවුන් දක්වන උනන්දුව පිළිබඳව අපි සතුටු වෙමු. ප්‍රදානවලට අමතරව, බැංකුව විසින් කාන්තා ව්‍යවසායකයින්ට ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කිරීමට, කුසලතා වර්ධනය කිරීමට සහ ව්‍යාපාර තිරසාරභාවය පිළිබඳ දැනුම සඳහා ප්‍රවේශය ලබා දේ. අරමුදල් සඳහා ප්‍රවේශවීමේ අභියෝග හේතුවෙන් මෙම අංශය බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දෙයි.

එනිසා බැංකුව මෙම අංශයට අඛණ්ඩව අරමුදල් සපයන අතර පසුගිය වසර තුළ සැලකිය යුතු අරමුදල් ප්‍රමාණයක් බෙදා හැර ඇත. කාන්තා ව්‍යවසායකත්වය දිරිමත් කිරීම සඳහා තවත් ආධාර වැඩසටහන් කිහිපයක් දියත් කිරීමට බැංකුව සැලසුම් කර ඇත.

පින්තූරයේ ශීර්ෂය: යුනියන් බැංකුවේ සංවර්ධන මූල්ය සහ ව්යාපාර පුනර්ජීවනය/පුනරුත්ථාපන ප්රධාන කළමනාකරු ජානක එදිරිසිංහ

යුනියන් බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් දක්වන සහයෝගය තවදුරටත් පුළුල් කරයි

යුනියන් බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් දක්වන සහයෝගය තවදුරටත් පුළුල් කරයි

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය යනු, ආර්ථික වර්ධනය, ප්‍රාදේශීය සංවර්ධනය, රැකියා අවස්ථා උත්පාදනය සහ දුගීබව අවම කිරීම සඳහාවන ප්‍රමුඛත ම බලවේගයක්වන අතර, එය ශ්‍රී ලාංකේය ආර්ථිකයේ කොඳු නාරටිය ද වේ. වසර 25 කට අධික කාලයක් යුනියන් බැංකුව මෙම අංශය වෙනුවෙන් මෙම ජාතික න්‍යායපත්‍රයට සහයෝගය දක්වා ඇති අතර, නිෂ්පාදන, බලශක්ති, ප්‍රවාහන සහ වෘත්තීය සේවා ඇතුළු පුළුල් පරාසයක විහිදුනු ක්ෂේත්‍රවල ශීඝ්‍රයෙන් වර්ධනයවන අවශ්‍යතාවලට අනුකූල සහ නම්‍යශීලි මුල්‍ය විසඳුම් සහ උපදේශන සේවා හඳුන්වා දෙමින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය නගාසිටුවීමට කටයුතුකර ඇත. තවද, කෘෂිකර්මාන්තය, කෘෂි-ප්‍රතිසැකසුම්, නිෂ්පාදන, ධීවර, සංචාරක, සත්ත්ව පාලන සහ අපනයන යන ක්ෂේත්‍ර සඳහා ද යුනියන් බැංකුව සිය සුළු හා මධ්‍යම පරිමාණ ණය යෝජනා ක්‍රමය යටතේ දායකත්වය ලබා දීමට කැපවී සිටී.

යුනියන් බැංකුවේ සුළු හා මධ්‍යම පරිමාණ ණය ක්‍රමය යනු, ව්‍යාපාරවල දිගුකාලීන තිරසාරත්වය සඳහා සහයෝගය ලබාදෙන ණය යෝජනා ක්‍රමයකි. එමගින්, කාරක ප්‍රාග්ධනය සමගින් දිගුකාලීන ආයෝජන ණය සහ ඒකාබද්ධ ආයෝජන ණය ආදී අරමුදල් විකල්ප හඳුන්වා දී තිබේ. මෙමගින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායවල විවිධ ආයෝජන අවශ්‍යතා සපුරාලන අතර, නව යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම, ආම්පන්න ස්ථාපනය, ගෘහ භාණ්ඩ සහ මෙවලම් මිලදී ගැනීම, ගොඩනැගිලි පිළිසකර කිරීම් සහ කාරක ප්‍රාග්ධන මුල්‍යයන අවශ්‍යතා ආදී ප්‍රාග්ධන ආයෝජන සඳහා රු. මිලියන 50 ක් දක්වා ණය පහසුකම් සැලසේ. රු. මිලියන 750 ක වාර්ෂික පිරිවැටුමක් සහ 300 කට අඩු කාර්යමණ්ඩල සාමාජික පිරිසක් සේවයකරන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායවලට මෙම පහසුකම යටතේ අරමුදල් සම්පාදනයකර ගත හැකිය.

කාන්තා ව්‍යවසායිකාවන්ගේ වැදගත්කම මනාව අවබෝධකර ගනිමින්, යුනියන් බැංකුව මෙම ණය පහසුකම යටතේ කාන්තා ව්‍යවසාසියකාවන් නගාසිටුවීම සඳහා 10% ක ප්‍රදානයක් පිරිනමන අතර, මේ යටතේ ශීඝ්‍රයෙන් වර්ධනයවන මෙම අංශය තිරසර ව්‍යාපාර බවට වර්ධනය කිරීම අරමුණයි. යුනියන් බැංකුව මේවන විට ද, සහයෝගය අවශ්‍ය කාන්තා-මූලික සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සඳහා කැපීපෙනෙන අරමුදල් ප්‍රමාණයක් බෙදා දී තිබේ. එමෙන්ම, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ වෘත්තිකයින් සහ ඉහල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විවිධ උපදේශන වැඩසටහන් ද යුනියන් බැංකුව දියත් කරයි. අදාළ ක්ෂේත්‍රයේ පුහුණුව සම්පූර්ණ කළ ව්‍යවසායකයින් හට මූලික ණය මුදලින් 10% ක ප්‍රදානයක් ලබා ගැනීමේ අවස්ථාව ද උදා වේ. ඌව, සබරගමුව මෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල ව්‍යවසායිකාවන් හට මූලික ණය මුදලින් අමතර 5% ක ප්‍රමාණයක් හිමිකර ගත හැකි අතර, අදාළ ක්ෂේත්‍රයේ පුහුණුව සම්පූර්ණකර ඇත්නම්, ඔවුහු මූලික ණය මුදලින් 25% ක් දක්වා ප්‍රදානයක් ලෙස හිමිකර ගැනීමට සුදුසුකම් ලබති.

“යුනියන් බැංකුවේ ණය යෝජනා ක්‍රමය යටතේ, දිගුකාලීන ව්‍යවසායකයින් හට අඛණ්ඩව සහයෝගය ලබා දෙන අතර, ශ්‍රී ලංකාව පුරා තිරසර ව්‍යාපාර ගොඩනැගීම සඳහා එය කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකර තිබෙනවා. කාන්තා ව්‍යවසායිකාවන් හට සහයෝගය ලබා දීමට බැංකුව දක්වන කැපවීම හේතුවෙන්, ඔවුන්ට තමන්ගේ ව්‍යවසායික සිහින සැබෑකර ගැනීමටත්, ව්‍යාපාරික වර්ධනය සඳහා දැනුම සහ කුසලතා වැඩිදියුණුකර ගැනීමටත්, අමතර ප්‍රදාන සහ ප්‍රතිලාභ හිමිකර ගැනීමටත් අවස්ථාව උදා වනවා, ” යනුවෙන් යුනියන් බැංකුවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහ මුදල් හුවමාරු බැංකුකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අසංක රන්හොට්ටි මහතා සඳහන් කළේය.

සේයාරූ සටහන: සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහ මුදල් හුවමාරු බැංකුකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අසංක රන්හොට්ටි මහතා.

යුනියන් බැංකුවට නව නියෝජ්‍ය සභාපතිවරයෙක්. අධ්‍යක්ෂ මණ්ඩලයේත් වෙනසක්

යුනියන් බැංකුවට නව නියෝජ්‍ය සභාපතිවරයෙක්. අධ්‍යක්ෂ මණ්ඩලයේත් වෙනසක්

ට්‍රෙවින් ප්‍රනාන්දුපුල්ලේ – නියෝජ්‍ය සභාපති

ඒ.එස්. ඉබ්‍රාහිම් – ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ

 

යුනියන් බැංකුවේ නව නියෝජ්‍ය සභාපති ලෙස ට්‍රෙවින් ප්‍රනාන්දුපුල්ලේ මහතා අගෝස්තු මස 30 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇති බව එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනයකර සිටී. මින් පෙර නියෝජ්‍ය සභාපති ධුරය දැරූ සබ්‍රි ගවුස් මහතා වසර නවයක කාලයක සේවා කාලයකින් පසුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආයතනික පරිපාලන නිර්දේශ මත 2021 අගෝස්තු මස 29 වනදා සිට එම ධුරයෙන් විශ්‍රාම යාමත් සමග මෙම පත්වීම සිදු කළ බව ද යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනයකර සිටී.

තවද, 2021 අගෝස්තු මස 15 වනදා සිට බලපැවැත්වෙන පරිදි ඒ.එස්. ඉබ්‍රාහිම් මහතා ද එම බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර ඇත.

නව නියෝජ්‍ය සභාපති ධුරයට පත්වූ ට්‍රෙවින් ප්‍රනාන්දුපුල්ලේ මහතා 2017 වසරේ සිට යුනියන් බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතුකර ඇති අතර යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල කිහිපයක ම සාමාජිකත්වය දරමින් බැංකුවේ මෙහෙයුම් කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා කළමනාකාරිත්වයට අවශ්‍ය දූරදර්ශී උපදේශන සහ මගපෙන්වීම ලබා දීමට ද අකටයුතුකර ඇත. මුල්‍ය සේවා ක්ෂේත්‍රයේ වසර 40 කට අධික අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන ප්‍රවීණ බැංකුකරුවෙකුවන ඒ මහතා යුනියන් බැංකුව සමග සම්බන්ධ වීමට පෙර DFCC සමූහයේ ප්‍රධාන අවදානම් නිලධාරී/විධායක උප සභාපති ලෙස ද ලංකා බැංකුවේ ප්‍රධාන අවදානම් නිලධාරී ලෙස ද සේවයකර ඇත. HSBC මෙරට බැංකුවේ වසර 30 ක සේවා කාලයකට හිමිකම් කියන ඒ මහතා එම බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරමින් අවදානම් කළමනාකරණය, විදේශ විනිමය සහ භාණ්ඩාගාර, ජාත්‍යන්තර වෙළෙඳාම, ආයතනික බැංකුකරණය සහ පාරිභෝගික මෙහෙයුම් ආදී ක්ෂේත්‍ර රැසක් සඳහා සිය නායකත්වය ලබා දෙමින් ජාත්‍යන්තර බැංකුකරණය සහ අවදානම් කළමනාකරණය සම්බන්ධව හසළ දැනුමක් හිමිකර ගැනීමට සමත් වූයේය.

ප්‍රනාන්දුපුල්ලේ මහතා ඩුබායි රාජ්‍යයේ හිමිකාරිත්වය සහිත අල් ෆුටයිම් සමූහයේ AMW කැපිටල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ සභාපතිවරයා ලෙස මෙන්ම ෆ්‍රේසර් අනුස්මරණ රෝහලේ භාරකාර මණ්ඩල සාමාජිකයෙකු ද ද කටයුතු කරයි. තවද, ඒ මහතා කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස් ලංකා, එන්ටර්ප්‍රයිස් සිලෝන් කැපිටල් යන සමාගම්වල සහ ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ ද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වෙයි. වරලත් බැංකුකරුවන්ගේ ආයතනයේ මෙරට ශාඛාවේ හිටපු සභාපතිවරයෙකු ද වන ඒ මහතා, ශ්‍රී ලංකා බැංකු අවදානම් වෘත්තිකයන්ගේ සංගමයේ නිර්මාතෘ සාමාජික මෙන්ම හිටපු උප සභාපතිවරයෙකු ද වෙයි. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඉම්පීරියල් විද්‍යායතනයේ ගණිත අංශයේ ශාස්ත්‍රපති උපාධියකට හිමිකම් කියන ප්‍රනාන්දුපුල්ලේ මහතා, එම විශ්වවිද්‍යාලයේ ආර්ථිකවිද්‍යා ලන්ඩන් පාඨශාලාවේ සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියකට ද හිමිකම් කියන අතර ලන්ඩන් වරලත් බැංකුකරුවන්ගේ ආයතනයේ සහකාර/අධි ශිෂ්‍යත්ව ලාභියෙකු ද වෙයි.

අධ්‍යක්ෂ මණ්ඩලයට අලුතින් පත්කරන ලද ඒ.එස්. ඉබ්‍රාහිම් මහතා ප්‍රධාන වශයෙන් ආයතනික බැංකුකරණය, භාණ්ඩාගාර කළමනාකරණය සහ අවදානම් කළමනාකරණය යන ක්ෂේත්‍රවල වසර 37 කට අධික අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියයි. 2017 ජුලි මස සිට 2020 නොවැම්බර් මාසය දක්වා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස ඒ මහතා කටයුතුකර ඇත. මහජන බැංකුවේ තොග බැංකුකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ සාමන්‍යාධිකාරී සහ අවදානම් කළමනාකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමන්‍යාධිකාරී මෙන්ම හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමන්‍යාධිකාරී, භාණ්ඩාගාර ප්‍රධානී, ආයතනික බැංකුකරණ සහ පියවාගැනීම් ප්‍රධානී, ප්‍රධාන අවදානම් නිලධාරී සහ ප්‍රධාන ණය නිලධාරී සහ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ ණය සහ GSAM ප්‍රධානී ලෙස ද ඒ මහතා කටයුතුකර ඇත.

පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට්, පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස්, පීපල්ස් මයික්‍රෝ-කොමර්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් සහ බංග්ලාදේශයේ ලංකන් අලායන්ස් ෆිනෑන්ස් යන සමාගම්වල අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතුකර ඇති ඉබ්‍රාහිම් මහතා මේවන විට ෆින්ට්‍රෙක්ස් ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි. කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධියකට හිමිකම් කියන ඒ මහතා එක්සත් රාජධානියේ වරලත් බැංකුකරුවන්ගේ ආයතනයේ අධි ශිෂ්‍යත්ව ලාභියෙකි.

මෙම නව පත්කිරීම් හරහා යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ශක්තිමත් බව තවදුරටත් තහවුරුවන අතර එමගින් බැංකුවේ ඉදිරි ක්‍රමෝපායික සැලසුමට විශාල පිටුබලයක් හිමිවනු ඇත. එමෙන්ම, වසර ගණනක් පුරා යුනියන් බැංකුව වෙනුවෙන් අගනා මෙහෙයක් ඉටුකර නියෝජ්‍ය උප සභාපති ධුරයෙන් විශ්‍රාම යන සබ්‍රි ගවුස් මහතාට ද එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සිය නොමඳ ස්තූතිය පිරිනමයි.

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC