යුනියන් බැංකුව කාන්තා ව්‍යවසායකයින් සඳහා සහය පුළුල් කරයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) රටේ ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස සලකනු ලබන අතර එය ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික සංවර්ධනයට දැවැන්ත ලෙස සහය වන අංශයකි. මෙම අංශය රටේ දළ දේශීය නිෂ්පාදිතයට විශාල වශයෙන් දායක වන අතර ප්‍රධාන රැකියා සැපයුම්කරු ලෙස ක්‍රියා කරයි.

වසර 25ක් පුරා, යුනියන් බැංකුව ශ්‍රී ලංකාව පුරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහය දැක්වීමට සහ සංවර්ධනය කිරීමට විශාල සේවාවක් සපයා ඇත.

විවිධ කර්මාන්තවල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනයට සහ වර්ධනයට සහය වීමට අමතරව කාන්තා ව්‍යවසායකත්වයට සහය දැක්වීම සම්බන්ධයෙන් බැංකුව ආඩම්බර වන අතර කාන්තාවන් විසින් මෙහෙයවන ව්‍යාපාර සහ කාන්තා ව්‍යවසායකයින් ගොඩනැගීම සඳහා අඛණ්ඩව සිය සේවාවන් සැපයීමට බැංකුව කැපවී සිටී.

මූල්‍ය විසඳුම් වලට අමතරව බැංකුව සිය සංවර්ධන ණය යෝජනා ක්‍රමය යටතේ කාන්තා ව්‍යවසායකයින් සඳහා ප්‍රදාන ලබා දෙයි. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ කාන්තා ව්‍යවසායකයින්ට 10% ක ප්‍රදානයක් සහතික කර ඇති අතර තෝරාගත් අංශ සඳහා ණය වටිනාකමින් 25% දක්වා ලැබේ.

යුනියන් බැංකුවේ ප්‍රධාන කළමනාකරු, සංවර්ධන මුල්‍යකරණය සහ ව්‍යාපාර පුනර්ජීවනය/පුනරුත්ථාපනය, ජනක එදිරිසිංහ මහතා පැවසුවේ, යුනියන් බැංකුව කාන්තා ව්‍යවසායකත්වයට සහය දැක්වීමට සහ සවිබල ගැන්වීමට ලැබීම ගැන ආඩම්බර වෙනවා. ඒ අනුව බැංකුව අරමුදල්, උපදේශන සේවා සහ නිපුණතා සංවර්ධනය ඇතුළු ආධාරක කිහිපයක් සපයා ඇත. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා පවත්වනු ලබන වැඩමුළු සඳහා කාන්තා ව්‍යවසායකයින්ගෙන් 60% කට වැඩි සහභාගීත්වයක් සහ බැංකුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ණය රේඛාව කෙරෙහි ඔවුන් දක්වන උනන්දුව පිළිබඳව අපි සතුටු වෙමු. ප්‍රදානවලට අමතරව, බැංකුව විසින් කාන්තා ව්‍යවසායකයින්ට ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කිරීමට, කුසලතා වර්ධනය කිරීමට සහ ව්‍යාපාර තිරසාරභාවය පිළිබඳ දැනුම සඳහා ප්‍රවේශය ලබා දේ. අරමුදල් සඳහා ප්‍රවේශවීමේ අභියෝග හේතුවෙන් මෙම අංශය බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දෙයි.

එනිසා බැංකුව මෙම අංශයට අඛණ්ඩව අරමුදල් සපයන අතර පසුගිය වසර තුළ සැලකිය යුතු අරමුදල් ප්‍රමාණයක් බෙදා හැර ඇත. කාන්තා ව්‍යවසායකත්වය දිරිමත් කිරීම සඳහා තවත් ආධාර වැඩසටහන් කිහිපයක් දියත් කිරීමට බැංකුව සැලසුම් කර ඇත.

පින්තූරයේ ශීර්ෂය: යුනියන් බැංකුවේ සංවර්ධන මූල්ය සහ ව්යාපාර පුනර්ජීවනය/පුනරුත්ථාපන ප්රධාන කළමනාකරු ජානක එදිරිසිංහ

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC