0117 818181

පැමිණිලි විමර්ශන ක්‍රියාවලිය

ඔබේ අදහස් අප වෙත දැනුම් දෙන්න.

අපගේ සේවාවන් ඔබ තෘප්තියට පත් කිරීමට හැකි අයුරින් පවත්වාගැනීමට අපි සෑමවිටම කැපවී සිටින්නෙමු.

ඔබගේ අදහස්, අප ඔබගේ අපේක්ෂාවන් කෙතරම් හොඳින් ඉටුකරන්නේද යන්නත්, අවශ්‍ය තැන්වලදී අපගේ සේවාවන් වැඩිදියුණු කරගැනීමටත් උපකාරී වනු ඇත.

 

ඔබේ අදහස්, යෝජනා සහ පැමිණිලි අප වෙත දැනුම් දිය හැකි ආකාර:

 

  • ඔබට ඔබේ ශාඛා කළමනාකරු හෝ සම්බන්ධතා කළමනාකරුව ඔවුන්ගේ නිල දුරකථන හෝ ජංගම දුරකථන අංක හරහා සම්බන්ධ කර ගත හැක.
  • බැංකු ශාඛාවල ඇති යෝජනා සහ පැමිණිලි පෝරමය පිරවීම.
  • අපගේ පැය 24 සම්බන්ධතා මධ්‍යස්ථානය +94 (0) 11 7818181 ඇමතීම.
  • විද්‍යුත් තැපැල මගින්: servicequality@unionb.com
  • තැපැල මගින්: යුනියන් බැංකුව, ජ්‍යෙෂ්ඨ කළමනාකරු පාරිභෝගික අත්දැකීම්, අංක 64 ගාලු පාර, කොළඹ 3.
  • UBgo ජංගම යෙදුමේ “බැංකුව වෙත දැනුම්දීම” හරහා “පාරිභෝගික අත්දැකීම් කළමනාකරු” වෙත ඔබේ අදහස් යොමු කළ හැක.
  • ඔබේ අදහස් හෝ පැමිණිලි භාරදීමට කරුණාකර මෙතන ක්ලික් කරන්න.
  • QR කේතය ස්කෑන් කර ඔබගේ ප්‍රතිචාර ලබා දෙන්න.

 

අපි ඔබේ පැමිණිලි නිරාකරණය කරන ආකාරය:

 

ඔබගේ පැමිණිල්ල ලැබීමෙන් පසු, අපි එය බැංකුවේ පැමිණිලි වාර්තාගත කරන පද්ධතිය තුළ සටහන් කර අදාල පැමිණිල්ල වහාම විසඳීමට උත්සාහ කරන්නෙමු. අපට එසේ කළ නොහැකි නම්, ඔබගේ පැමිණිල්ල ලැබී දින 5-7ක් ඇතුළත අපි ඔබට විසඳුමක් ලබා දෙන්නෙමු. කෙසේ වෙතත්, සමහර ගැටළු වඩාත් සංකීර්ණ විය හැකි අතර ඒවා විසඳීමට වැඩි කාලයක් ගතවනු ඇත. මෙම අවස්ථාවේදී, අපි ඇස්තමේන්තුගත ප්‍රතිචාර කාලය සමඟ ඔබව දැනුවත් කරන්නෙමු.

කෙසේ වෙතත්, ඔබගේ පැමිණිල්ලට අදාලව අපගේ ප්‍රතිචාරය පිළිබඳව ඔබ සම්පුර්ණයෙන්ම සෑහීමකට පත් නොවන්නේ නම්, පහත නියාමන අධිකාරීන් විසින් නියම කර ඇති ආකාරයට හසුරුවන විකල්ප ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයන් සමඟ ඔබට සම්බන්ධ විය හැක.

 

මූල්‍ඔම්බුඩ්ස්මන් සම්බන්ධ කරගන්නා ආකාරය :

 

මූල්‍ය ඔම්බුඩ්ස්මන්
143A, වජිර පාර
කොළඹ 05
දුරකථනය: +94 11 259 5624
ටෙලි/ෆැක්ස්: +94 11 2595625
විද්‍යුත් තැපෑල: fosril@sltnet.lk
වෙබ් අඩවිය: www.financialombudsman.lk

 

මූල්‍පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගන්නා ආකාරය :

 

මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව,
අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01.
විමසීම් සඳහා ක්ෂණික ඇමතුම් අංකය: 1935
දුරකථනය : +94 112477966
ෆැක්ස් : +94 112477444
විද්‍යුත් තැපෑල: fcrd@cbsl.lk

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC