0117 818181

ආයතනික බැංකුකරණ සේවා

දශක දෙකකට අධික කාලයක් තිස්සේ ව්‍යාපාර වලට සවිමත් අත්වැලක් වෙමින්, ඔවුන්ට දියුණුව කරා මගපෙන්වීමට අපි කටයුතු කර ඇත්තෙමු. ඔබත් අපගේ අත්වැල සමගින් දීප්තිමත් හෙට දිනයක් වෙත පියනැගීමට කැමති නම්, අදම අප අමතන්න.

ඔබ ආනයනකරුවෙකු වුවත් අපනයනකරුවෙකු වුවත්, ඔබගේ ව්‍යාපාර ගනුදෙනු කාර්යක්ෂම ලෙස කළමනාකරණය කරගැනීම සඳහා උපකාරී වන සේවාවන් රැසක් අප හඳුන්වා දී ඇත.

ඉතාමත් හොඳින් පුහුණුව ලැබූ, අත්දැකීම් බහුල කාර්ය මණ්ඩලයක් අප සතු වේ. එම නිසා විදේශ වෙළඳපොළ සමග කරන ගනුදෙනු වලදී මතුවන අවිනිශ්චිතතාවන් අවම කරගැනීම සඳහා ඔබට උපකාරී වීමට අපට හැකියාව ඇත.

ඔබට අවශ්‍ය ආනයන, අපනයන, බැඳුම්කර සහ අනෙකුත් සේවාවන් වලදී විධිමත් ලෙස මගපෙන්වමින්, හොඳම විසඳුම් තෝරාගැනීම සඳහා ඔබට අත්වැලක් වීමට අපගේ කාර්ය මණ්ඩලය සූදානමින් සිටී.

ආනයන සේවා

  • ආනයන ලිපි
  • නැව්භාණ්ඩ ඇප
  • ආනයන බිල් එකතු කිරීම
  • ආනයන ණය
  • පොරොන්දු ණය

බැඳුම්කර සහ ඇප

  • ලංසු හෝ ටෙන්ඩර් බැඳුම්කර
  • අත්තිකාරම් ගෙවීම් සහතික
  • කාර්යසාධන බැඳුම්කර
  • ගෙවීම් සහතික

අපනයන සේවා

  • ණයවර ලිපි උපදෙස්
  • ඇසුරුම් ණය සේවා
  • ලිපිලේඛන එකතුකිරීමs
  • අපනයන බිල්පත් මිලදීගැනීම

අපගේ ගනුදෙනුකරුවන්ට හොඳම ප්‍රතිලාභ අත්කර දීම සඳහා ශ්‍රී ලංකා රුපියල් වලින් හෝ වෙනත් ප්‍රධාන විදේශ විනිමය වර්ග වලින් කෙටිකාලීන කාරක ප්‍රාග්ධන විසඳුම් ලබාදීමට අප පියවර ගෙන ඇත. පහත සඳහන් විසඳුම් ඊට ඇතුළත් වේ.

  • බැංකු අයිරා
  • කෙටිකාලීන ණය
  • ව්‍යාපාරික ණය පත්‍රිකා
  • ෆැක්ටරින් සේවා

ව්‍යාපාර කටයුතු වලදී ඔබට එකිනෙකට වෙනස් මූල්‍ය සේවාවන් අවශ්‍ය කරන බව හොඳින් දන්නා යුනියන් බැංකුව, එම අවශ්‍යතාවන් වලට මැනැවින් ගැළපෙන ලෙස තම සේවාවන් සැලසුම් කර ඇත. ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය දේපළ, රථවාහන, යන්ත්‍රෝපකරණ ආදිය මිලදීගැනීම් සඳහා, තරගකාරී අනුපාත යටතේ මූල්‍ය විසඳුම් ලබාදීමට අපි සූදානමින් සිටින්නෙමු.

අපගේ ගනුදෙනුකරුවන්ට සිය ආයෝජන පුළුල් කිරීම, ආරම්භක මට්ටමේ ව්‍යාපෘති, ව්‍යාපාරය නව ස්ථානයකට රැගෙන යාම වැනි අවශ්‍යතා වලදී දීර්ඝකාලීන මූල්‍ය සුරක්ෂිතතාව තහවුරු කරගැනීම සඳහා, අදාළ ගනුදෙනුකරුගේ මූල්‍ය ගලනය සැලකිල්ලට ගනිමින්, නම්‍යශීලී ආපසු ගෙවීම් ක්‍රම සමගින් දීර්ඝකාලීන ණය සහ ඓහීකරණය (secularization) වැනි විසඳුම් හඳුන්වා දීමටද අප පියවර ගෙන ඇත.

එමෙන්ම යුනියන් බැංකුව, නම් කළ විදේශ මුදල් වර්ග ගනුදෙනු කිරීම, මිලදීගැනීම සහ විකිණීම ඇතුළුව විදේශ මුදල් භාවිතයෙන් ව්‍යාපාරික කටයුතු සිදුකිරීමේදී ආකර්ෂණීය අනුපාත ලබා දේ.

තවද ආනයනකරුවන් හා අපනයනකරුවන් විදේශ මුදල් සම්බන්ධයෙන් මුහුණදෙන අවදානම් අවම කිරීම සඳහා ඉදිරි විනිමය ගිවිසුම් වෙන්කරවා ගැනීම සඳහාද අපි සහය ලබාදෙන්නෙමු.

ඔබේ ව්‍යාපාරය
ඊළඟ මට්ටමට
රැගෙන යන්න

ආයතනික / සුළු හා මධ්‍ය පරිමාණ විසඳුම්

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC