මුල්‍ය ඔම්බුඩ්ස්මන්
ශ්‍රී ලංකා මහ බැංකුව සහ එහි අධීක්ෂණය යටතේ පවතින බැංකු, ලියාපදිංචි මූල්‍ය සේවා සමාගම්, ප්‍රාථමික අලෙවිකරුවන් සහ ලීසිං සමාගම් අතර ඇතිවූ එකඟත්වයක ප්‍රතිඵලයක් වශයෙන්, මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිසංස්කරණ වල කොටසක් ලෙස ‘මූල්‍ය ඔම්බුඩ්ස්මන්’ නම් ස්වේච්ඡා ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. ඉහත සඳහන් මූල්‍ය ආයතන මගින් පිහිටුවන ලද ‘සීමාසහිත ද ෆයිනෑන්ෂල් ඔම්බුඩ්ස්මන් ශ්‍රී ලංකා (ගැරන්ටී) සමාගම’ මගින් මෙම ක්‍රමවේදයේ සම්බන්ධීකරණ කටයුතු සිදුකෙරේ.
මූල්‍ය ඔම්බුඩ්ස්මන් ක්‍රමවේදයේ අරමුණ වන්නේ මින් ආවරණය වන බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන සම්බන්ධයෙන් පාරිභෝගිකයන් විසින් ඉදිරිපත් කරනු ලබන පැමිණිලි හා මතභේද සම්බන්ධයෙන් සතුටුදායක එකඟතාවකට පැමිණීම හෝ විසඳුම් යෝජනා කිරීම ය.
දැනට ආනන්ද කුමාරදාස මහතා මූල්‍ය ඔම්බුඩ්ස්මන්වරයා ලෙස කටයුතු කරයි.
මූල්‍ය ඔම්බුඩ්ස්මන් කාර්යාලය,
අංක 01, බෙතෙස්ඩා පෙදෙස
මිලාගිරිය
කොළඹ 05
සෘජු ඇමතුම්: (94-11) 2595625
පොදු දුරකථන අංකය: (94-11) 2595624
වෙබ් අඩවිය: www.financialombudsman.lk
ඊමේල්: fosril@sltnet.lk
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






