0117 818181

UBGO වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. මේ ඔබේ ඒකාබද්ධ ඩිජිටල් බැංකුකරණ අත්දැකීමයි. ඕනෑම උපාංගයකින්, ඕනෑම තැනක සිට ආරක්ෂිතව, පහසුවෙන් සහ ස්මාර්ට් ලෙස ඔබේ බැංකු ගනුදෙනු සිදු කරන්න.

විශේෂාංගය විස්තරය
ලියාපදිංචි වීම ලොව ඕනෑම තැනක සිට කෙලින්ම UBGO යෙදවුම හරහා වීඩියෝ KYC (VKYC) පහසුකම මගින් නව ශ්‍රී ලංකා රුපියල් ගිණුමක් විවෘත කරන්න.
ගිණුමක් විවෘත කිරීම මිනිත්තු කිහිපයක් තුළ පහත ඕනෑම ගිණුමක් විවෘත කළ හැකිය:

  • ඉතිරිකිරීමේ ගිණුම
  • පොළී රහිත ගිණුම
  • මුදල් වෙළෙඳපොළ ගිණුම
  • ස්ථාවර තැන්පතු (UBgo හරහා විවෘත කිරීමෙන් අමතර පොළියක් හිමිකර ගන්න)
එම මොහොතේම මුදල් හුවමාරුව CEFTS හරහා යුනියන් බැංකුවේ සහ වෙනත් බැංකුවල ඕනෑම ගිණුමකට මුදල් හුවමාරු කරන්න.
Just Pay Top-Up (LankaPay සහයෝගයෙන්)
  • ක්ෂණිකව ඔබේ යුනියන් බැංකු ගිණුමට වෙනත් ඕනෑම බැංකු ගිණුමකින් මුදල් යොමුකර ගන්න.
  • ජංගම දුරකථන අංක තහවුරුව (MNV) හරහා, වෙනත් බැංකු ගිණුම්වලට අනවසර ඇතුළුවීම්වලින් පුළුල් ආරක්ෂාවක්.
එකම තැනකින් ගෙවීම් සිදු කිරීම
  • උපයෝගිතා බිල්පත් සහ රක්ෂණ වාරික ගෙවන්න.
  • “GovPay” හරහා රජයේ ආයතන 1000 කට අධික ප්‍රමාණයකට රජයේ ගෙවීම් (බදු, දඩ, බලපත්‍ර ගාස්තු ආදී.) සිදු කරන්න.
සෘජු (P2P) ගෙවීම් සහ සමාජ බිල්පත්කරණය
  • සෘජු ගෙවීම් සඳහා ඔබේම QR කේතයක් නිර්මාණය කරන්න.
  • ජංගම දුරකථන අංකයට ගෙවීම් කරන්න (යුනියන් බැංකු ගිණුම් සඳහා පමණි).
  • බිල්පත් කොටස් ලෙස බෙදා, යුනියන් බැංකු ගිණුමක් සහිත, ඔබේ ජංගම දුරකථනයේ ඇති ඕනෑම දුරකථන අංකයකින් මුදල් ඉල්ලා සිටින්න.
LankaQR ගෙවීම් (ජංගම දුරකථන යෙදවුමට විශේෂයි) මුදල් රැගෙන යාමේ කරදරයෙන් මිදෙන්න. දිවයින පුරා පිහිටි LankaQR අලෙවි පරිශ්‍රවලදී ස්කෑන්කර ක්ෂණිකව ගෙවීම් සිදු කරන්න.
පූර්ණ පාලනය ඔබේ ක්‍රෙඩිට් කාඩ්පත කළමනාකරණයකර, යුනියන් බැංකුවේ හෝ වෙනත් බැංකුවල ඕනෑම ගෙවීමක් කලින් සැලසුම් කරන්න.
විමසීම් ගිණුම් ශේෂය, මුදල් හුවමාරු වාර්තාව, ණය විමසීම්, ඉ-ගිණුම් ප්‍රකාශය, චෙක්පත් තත්ත්වය, උච්ඡාවචන විමසීම්.
ස්මාර්ට් ඉල්ලීම් චෙක් පොත් ඇනවුම් කිරීම, ගිණුම් ප්‍රකාශ ඉල්ලා සිටීම, ණය නැවත අලුත් කිරීම, නව ණය සහ කල්බදු.
ආරක්ෂාව සහ විශ්වාසය
  • ජීවමිතික ආරක්ෂාව: යෙදවුමට ඇතුළු වීමට Face ID සහ ඇඟිලි සලකුණ.
  • ද්විත්ව තහවුරුව: සියලු ගනුදෙනු සඳහා OTP/ඉ-මේල් තහවුරුව ලබා ගන්න. ඔබට ඔබේම සීමා ඇතුළත් කිරීමට ද පුළුවන්.
  • එම මොහොතේම දැනුම්දීම: හුවමාරුවන සෑම සතයක් සඳහාම ක්ෂණිකව push පණිවිඩ/කෙටි පණිවිඩ/ඉ-මේල් පණිවිඩ.
පොදු සේවා
  • ශාඛාව / CDM / ATM සිතියම
  • පොළී අනුපාත / විනිමය අනුපාත
  • ප්‍රවර්ධන සහ දීමනා
  • ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හරහා දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීම
  • ස්ථානය මත කාලගුණ තත්ත්වය සහ පුවත් දැනුම්දීම

ලියාපදිංචිවන ආකාරය

  • ලියාපදිංචිය නොමිලේ.
  • ඔබට සක්‍රීය යුනියන් බැංකු පුද්ගලික ඉතිරිකිරීමේ ගිණුමක් හෝ ජංගම ගිණුමක් තිබිය යුතුය.
  • දැනට සිටින යුනියන් බැංකු පාරිභෝගිකයින් හට

    https://www.ubdirect.com/

    වෙත පිවිස පහත පියවර අනුගමනය කිරීමෙන් ලියාපදිංචි විය හැකිය:

    • Online Banking Personal “Login” > Signup >
      Registration Method – “Union Bank Customer” තෝරන්න
  • යුනියන් බැංකු නොවන පාරිභෝගිකයින් හට

    • https://www.ubdirect.com/

      වෙත පිවිස පහත පියවර අනුගමනය කිරීමෙන් ඕනෑම තැනක සිට නව ඉතිරිකිරීමේ ගිණුමක් (LKR) විවෘත කිරීමට සහ ජංගම සහ අන්තර්ජාල බැංකුකරණ පහසුකමට ලියාපදිංචි වීමට හැකිය:
    • Online Banking Personal “Login” > Signup >
      Registration Method – “New User” තෝරන්න

බාගත කර ගන්න

Download on the App StoreAndroid App on Google Play

 

 

තවත් බලා ඉන්නේ මොකටද? අදම ඩිජිටල් ලෝකයට පිවිසෙන්න!

0117 818181 අමතන්න

නියමයන් සහ කොන්දේසි අදාළ වේ

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC