කාර්මික, කෘෂිකාර්මික හා වාණිජ ව්‍යාපාර ස්ථාපිත කිරීම, පුළුල් කිරීම හා නවීකරණය කිරීම ආදී කටයුතු සඳහා සහයෝගය දෙමින් දේශීය හා ජාත්‍යන්තර තලවලදී එම ව්‍යාපාර සම්බන්ධ පෞද්ගලික ප්‍රාග්ධන සහභාගීත්වය දිරිමත් කිරීම හා ප්‍රවර්ධනය කිරීම යුනියන් බැංකුවේ අරමුණ වේ.
අපගේ ප්‍රවීණත්වය
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා අප දශක දෙකකට අධික කාලයක් තිස්සේ දායකත්වය ලබා දී ඇති නිසා එම ක්ෂේත්‍රය පිළිබඳව පුළුල් දැනුමක් හා අත්දැකීම් සම්භාරයක් අප සතු ය. මෙරට ව්‍යාපාර බොහොමයක වර්ධනය සඳහා විවිධ අවස්ථාවලදී උපකාරී වීමට අප කටයුතු කර තිබේ.
- කෘෂිකර්මය.
- ඇඟලුම්.
- ආහාරපාන.
- හෝටල් හා සංචාරක ව්‍යාපාර.
- යටිතල පහසුකම්.
- නිෂ්පාදන.
- දේපළ සංවර්ධන.
- ආදී ක්ෂේත්‍ර රාශියක ප්‍රධාන පෙළේ ව්‍යාපෘති සඳහා මෙසේ අපගේ දායකත්වය හිමිවී ඇත.
ව්‍යාපෘති මූල්‍යකරණය යනු සුවිශේෂී කුසලතාවකි. ව්‍යාපාර සඳහා හොඳම මූල්‍ය සැපයුම් ක්‍රම භාරගැනීම සහ ව්‍යුහගත කිරීම සඳහා ක්ෂේත්‍රය පිළිබඳව හොඳ දැනුමක් සහ මූල්‍ය ප්‍රවීණත්වයක් අවශ්‍ය වේ.
ව්‍යාපෘතියක මුදල් ගලනය පිළිබඳව මූලික වශයෙන් අවධානය යොමුකළ යුතු නිසා ව්‍යාපෘතිය වාණිජ මට්ටමින් පවත්වාගෙන යාමේ හැකියාව ඇගයීමේදී එම ක්‍රියාවලියට අනුග්‍රාහකයාගේ අතීත තොරතුරු, වෙළඳපොළ, තාක්ෂණය හා නිෂ්පාදනය, කළමනාකරණය හා මානව සම්පත්, පරිසරය, රෙගුලාසි සහ ව්‍යවස්ථාපිත අනුමැතිය ආදිය ඇතුළත් වනු ඇත.
ඉන් අනතුරුව කොටස් දායකත්වය සහ තෝලන මට්ටම (Gearing level), ණය කාලය සහ ආපසු ගෙවීමේ සැලැස්ම, සහ අවශ්‍ය වීමට ඉඩ ඇති ණය වර්ධනයන් ආදිය සමගින් මූල්‍ය සම්පාදනය සඳහා ඇති හොඳම ක්‍රම තීරණය කෙරේ.
නව ව්‍යාපාර හා දැනට ආරම්භ වී ඇති ව්‍යාපාර සඳහා මෙන්ම ව්‍යාපාර පුළුල් කිරීම සහ විවිධාංගීකරණය කිරීම වැනි කටයුතු සඳහා මූල්‍ය සම්පාදනය සේවා ලබාදීමට යුනියන් බැංකුව කටයුතු කරයි.
ඔබේ ව්‍යාපාරයටත් මෙවැනි මූල්‍ය සේවාවක් අවශ්‍ය නම් කරුණාකර 0115 800 800 අංකයෙන් අපගේ සුළු හා මධ්‍යම ව්‍යාපාර මධ්‍යස්ථානය අමතන්න.
ඔබේ ව්‍යාපාරය
ඊළඟ මට්ටමට
රැගෙන යන්න
ආයතනික / සුළු හා මධ්‍ය පරිමාණ විසඳුම්
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






