0117 818181

ඔබත් යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරන සෑම විටම අමතර ගාස්තුවකින් තොරවම යුනියන් බැංකු රිවොර්ඩ් ලකුණු හිමිකර ගන්න.

රිවොර්ඩ්ස් හිමිකර ගන්නේ කෙසේද

ගෝල්ඩ් ප්ලැටිනම් සිග්නේචර්
අදාළ නොවේ වැය කරන සෑම රු. 300කටම එක් ලකුණක් බැගින් වැය කරන සෑම රු. 200කටම ලකුණු එක් බැගින්

විකුණුම් ස්ථානයක (POS) සිදු කරන හෝ ඉ-වාණිජ ක්‍රමය හරහා සිදු කරන ගෙවීම් මෙම රිවොර්ඩ්ස් ලකුණු සඳහා අදාළ වේ.

*තෝරාගත් වෙළඳසැල් වල

යුනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් රිවොර්ඩ්ස් ලකුණු වැඩසටහන

ඔබත් යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරන සෑම විටම අමතර ගාස්තුවකින් තොරවම යුනියන් බැංකු රිවොර්ඩ් ලකුණු හිමිකර ගන්න.

Voucher worth Rs. 1,000 

Points Required : 5,000

Voucher worth Rs. 1,000 

Points Required : 5,000

Voucher worth Rs. 1,000 

Points Required : 5,000

Voucher worth Rs. 1,000 

Points Required : 5,000

Voucher worth Rs. 1,000 

Points Required : 5,000

රිවොර්ඩ්ස් නියමයන් සහ රෙගුලාසි

  • මුදල් හුවමාරු, ශේෂය හුවමාරු, වාරික හුවමාරු, ගාස්තු සහ පොළිය ඇතුළු බැංකුව විසින් තීරණය කරනු ලබන විශේෂිත මුදල් හුවමාරු වර්ග සඳහා මෙම ලකුණු එකතු නොවේ.
  • බැංකුව විසින් තීරණය කරනු ලබන ගණනය කිරීමේ ක්‍රමවේදයකට අනුව මෙම ලකුණු කාඩ්පතට එකතු කෙරේ.
  • භාණ්ඩ හෝ සේවා ආපසු ලැබීම හෝ බිල්පත් අක්‍රමිකතා හේතුවෙන් ණය හට ගැනීමකදී ලබාගත් ලකුණු සඳහා සංශෝධන සිදු විය හැකිය.
  • ඕනෑම හේතුවක් මත කිසියම් ගෙවීමක අක්‍රමිකතාවක් සිදුවුව හොත් හෝ යළි පියවාගැනීමකදී හෝ යළි හැරවීමකදී එම මුදල් හුවමාරුවට අදාළව හිමිවූ ලකුණු බැංකුව විසින් අවලංගු කරනු ලැබේ.
  • බැංකුව විසින් විශේෂ වැඩසටහනක් යටතේ අවසරය ලබා දෙන්නේ නම් හැර රිවොර්ඩ්ස් ලකුණු වැඩසටහන යටතේ හිමිවන ලකුණු කාඩ්පත් හිමියාගේ හෝ වෙනත් පුද්ගලයෙකුගේ දේපළක් නොවන අතර, නෛතිකව හෝ වෙනයම් ක්‍රමයකින් හෝ එම ලකුණු හුවමාරු කිරීමට නොහැකිය.
  • කාඩ්පතට අදාළ රිවොර්ඩ්ස් ලකුණු සම්බන්ධ ක්‍රියාකාරකම්වල සාරාංශයක් මුල්‍ය ප්‍රකාශන මගින් දැනුම්දෙනු ලැබේ. එවැනි ප්‍රකාශනවල කිසියම් දෝෂයක් පවතී නම් දින 20ක් ඇතුළත ඒ පිළිබඳ බැංකුවට දැනුවත් කළ යුතු අතර එසේ කිරීමට අපොහොසත් වුවහොත් එම ප්‍රකාශනයේ වරදක් නොමැති ලෙස සලකනු ලැබේ.
  • මෙම වැඩසටහන යටතේ හිමිවන ලකුණු සඳහා මුදල් හෝ මුල්‍යමය වටිනාකමක් නොමැත.
  • ගෙවීම් පැහැර හැරීමෙන් තොරව යහපත් තත්ත්වයෙන් පවත්වාගෙන යනු ලබන සහ ක්‍රියාකාරිව පවත්වාගෙන යනු ලබන කාඩ්පත් ගිණුම් පමණක් මෙම ලකුණු රෙඩීම් කිරීම සඳහා වලංගු වේ. දුරකථනය, අන්තර්ජාල බැංකුකරණය, ජංගම බැංකුකරණය හෝ බැංකුව විසින් යෝග්‍ය යයි තීරණය කරනු ලබන ඕනෑම ක්‍රමයකට රෙඩීම් කිරීම සඳහා සිදු කරන ඉල්ලීම බැංකුව විසින් බාරගනු ලැබේ.
  • රෙඩීම් කිරීමේ විකල්ප ලෙස ලැයිස්තුගත කර ඇති නිෂ්පාදන/සේවා හිමි වන්නේ එම මොහොතේ එම භාණ්ඩය/සේවාව ලබාගත හැකි මට්ටමේ පවතී නම් පමණි. ලැයිස්තුගත කර ඇති නිෂ්පාදන/සේවා ලබාගත නොහැකි තත්ත්වයක පවතී නම් බැංකුව ඊට වගකියනු නොලැබේ. එවැනි නිෂ්පාදන/සේවා භාවිතය සඳහා සීමිත වලංගු කාලයක් පැවතිය හැකිය.
  • රිවොර්ඩ්ස් වැඩසටහන යටතේ පිරිනමනු ලබන භාණ්ඩයක් හෝ සේවාවක් සම්බන්ධව ඇතිවන ඕනෑම ගැටළුවක්, එම අදාළ භාණ්ඩය හෝ සේවාව පිරිනමන සේවා සම්පාදකයා සහ පාරිභෝගිකයා අතර විසඳා ගත යුතුය. එවැනි ගැටළු විසඳීම සම්බන්ධව හෝ එවැනි ගැටළු සම්බන්ධව බැංකුව වගකියනු නොලැබේ.
  • රෝවොර්ඩ්ස් ලකුණු රෙඩීම් කළ හැක්කේ ප්‍රාථමික කාඩ්පත් හිමියාට පමණි.
  • රෙඩීම් කරන ලද ත්‍යාග වවුචරය තමන් කැමති ඕනෑම අයෙකුට යොමු කිරීමට පාරිභෝගිකයාට හැකිය. බැංකුව විසින් ත්‍යාග වවුචරය නිකුත් කළ පසුව සහ බැංකුවේ කවුන්ටරයෙන් පාරිභෝගිකයා හෝ පාරිභෝගිකයා විසින් නම් කරන ලද තැනැත්තෙකු ත්‍යාග වවුචරය ලබා ගත් පසුව හෝ එම ත්‍යාග වවුචරය තැපැල් කිරීමෙන් හෝ කුරියර් සේවාවට බාර දීමෙන් අනතුරුව බැංකුව එම ත්‍යාග වවුචරය සම්බන්ධව වගකියනු නොලැබේ. ත්‍යාග වවුචරය නැතිවීම හෝ සොරකම් කිරීම සම්බන්ධව ද බැංකුව වගකියනු නොලැබේ.
  • කුරියර් සේවාවක් මගින් ත්‍යාග වවුචර බාරදීම සම්බන්ධව බැංකුව වගකියනු නොලැබේ.
  • සීමිත වලංගු කාල සීමාවක් සහිත ත්‍යාග වවුචර පිරිනැමීමේ අයිතිය බැංකුව සතුය. ත්‍යාග වවුචරයේ සඳහන් වලංගු කාල සීමාව තුළ ත්‍යාග වවුචරය ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ විටෙක ඒ සම්බන්ධව බැංකුව කිසිඳු වගකීමක් නොදරන අතර එම ත්‍යාග වවුචරය වෙනුවට අලුත් වවුචරයක් ඉදිරිපත් නොකෙරේ.
  • රිවොර්ඩ්ස් ලකුණු සම්බන්ධ අමතර ආහාර, ගමනාගමන හෝ නවාතැන් පහසුකම්වල වගකීම මුළුමනින් ම පාරිභෝගිකයා දැරිය යුතුය.
  • කිසිඳු පෙර දැනුම්දීමකින් තොරව මෙහි සඳහන් ඕනෑම නිෂ්පාදනයක්/සේවාවක් එකතු කිරීමේ, ඉවත් කිරීමේ හෝ පවතින භාණ්ඩයක්/සේවාවක් වෙනුවට වෙනත් භාණ්ඩයක්/සේවාවක් ආදේශ කිරීමේ අයිතිය බැංකුව සතුය.
  • ලබා ගන්නා රිවොර්ඩ්ස් ලකුණු වලංගු වන්නේ මාස 24ක කාලයක් සඳහා පමණි.
  • රෙඩීම් කෙරෙන කිසිඳු නිෂ්පාදනයක හෝ සේවාවක සැපයුම්කරු බැංකුව නොවන බැවින් එම නිෂ්පාදනයේ/සේවාවේ ප්‍රමිතිය සම්බන්ධව කිසිඳු වගකීමක් බැංකුව දරනු නොලබයි.
  • පූර්ව දැනුම්දීමකින් තොරව රෙඩීම් කිරීම සඳහා අවශ්‍ය රිවොර්ඩ්ස් ලකුණු ප්‍රමාණය වෙනස්විය හැකිය.
  • රෙඩීම් කිරීම සඳහා කරන ලද ඉල්ලීමක් හෝ රෙඩීම් කිරීමක් වෙනස් කිරීමට නොහැකිය.
  • රිවොර්ඩ්ස් ලකුණු සම්බන්ධව ඇතිවන කිසිඳු ආකාරයේ අලාභයක් සම්බන්ධව බැංකුව කිසිඳු වගකීමක් දරනු නොලබයි.
  • වෙනත් ඕනෑම ලෝයල්ටි/රිවෝර්ඩ්/මයිලේජ් වැඩසටහනක් සමග සම්බන්ධ වීමේ පූර්ණ බලය බැංකුව සතුය. එවැනි වැඩසටහන්වලට මාරු කිරීමේ ගාස්තු බැංකුවේ පූර්ණ අභිමතය පරිදි නියම කෙරේ.
  • රිවොර්ඩ්ස් ලකුණු එක්රැස් කිරීම සම්බන්ධව සිදු කෙරෙන අක්‍රමිකතාවක් හෝ එවැනි අක්‍රමිකතාවකට උත්සාහ කිරීමකදී, සියලු රිවොර්ඩ්ස් ලකුණු පාරිභෝගිකයාට අහිමි කෙරෙන අතර කාඩ්පත ද අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට ලක්විය හැකිය.
  • සුදුසු යයි හැගෙන ඕනෑම මොහොතක රිවොර්ඩ්ස් ලකුණු වැඩසටහන නතර කිරීමට හෝ අත්හිටුවීමට බැංකුවට හැකිය. එවැනි අවස්ථාවකදී බැංකුව සියලු කාඩ්පත් හිමියන් හට පූර්ව දැනුම්දීමක් සිදු කරනු ඇත.
  • ඕනෑම මොහොතක රිවොර්ඩ්ස් ලකුණු වැඩසටහනේ නියමයන් සහ රෙගුලාසි වෙනස් කිරීමේ බලය බැංකුව සතුය.
  • කිසියම් පාරිභෝගිකයෙකු තම ක්‍රෙඩිට් කාඩ්පත අවලංගු කිරීමට කටයුතු කරන්නේ නම් ඔහු/ඇය එතෙක් ලබාගත් සියලු රිවොර්ඩ්ස් ලකුණු ඉවත් කෙරෙනු ඇත. ඉවත් කරන ලද හෝ කල් ඉකුත් වූ රිවොර්ඩ්ස් ලකුණු යළි ස්ථාපනය කළ නොහැකිය.
  • රිවොර්ඩ්ස් ලකුණු වැඩසටහන සම්බන්ධව ඇතිවන ඕනෑම ගැටළුවකදී බැංකුවේ තීරණය අවසාන තීරණය වේ.
  • කිසියම් නියමක් හෝ රෙගුලාසියක් පැනවීමට බැංකුව අපොහොසත් වීම මගින් එම නියමය හෝ රෙගුලාසිය නොසලකා හැරීමක් අදහස් නොකෙරේ.
  • මෙම නියමයන් සහ රෙගුලාසි ශ්‍රී ලංකා නීතියට යටත් වේ.

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC