යුනියන් බැංකුවේ Top Up & Go පහසුකම යනු, යුනියන් බැංකුවේ UBgo ජංගම දුරකථන යෙදවුම භාවිතකරමින් වෙනත් බැංකුවල ගිණුම් හරහා යුනියන් බැංකු ගිණුම Top-up කළ හැකි ස්මාර්ට්, සරළ සහ ආරක්‍ෂිත ක්‍රමවේදයකි. එය ක්ෂණිකව මුදල් හුවමාරු සිදු කිරීම සඳහා භාවිත කළ හැකි ක්‍රමයක්වන අතර මුදල් හුවමාරු කිරීමේදී, බිල්පත් පියවීමේදී හෝ යුනියන් බැංකුවේ ඉතිරි කිරීමේදී වෙනත් බැංකුවල පවතින ගිණුම් වෙත ප්‍රවේශ විය හැකි පහසු සහ කඩිනම් සේවාවකි. මෙම සේවාව සඳහා ශ්‍රී ලංකාවේ ගෙවීම් පද්ධතියවන JustPay පහසුකම් සපයයි.
යුනියන් බැංකුවේ Top-Up & Go සේවාව ස්ථාපිත කරගන්නා ආකාරය
- යුනියන් බැංකුවේ ජංගම දුරකථන යෙදවුම ඩවුන්ලෝඩ් කරගන්න.
- ඔබගේ ගිණුමට Sign-in වී මෙනුවේ ඇති “Add Account” විකල්පය තෝරන්න
- වෙනත් බැංකු තොරතුරු ඇතුළත් කරන්න (JustPay පද්ධතිය සක්‍රියකර ඇති බැංකු සඳහා පමණක් වලංගු වේ)
- වෙනත් බැංකුව මගින් යොමු කරන OTP මුර පදය ඇතුළත් කරන්න
- ඔබගේ ලියාපදිංචිය සම්පූර්ණයි!
යුනියන් බැංකුවේ Top-Up & Go සේවාව හරහා ගෙවීම් හෝ මුදල් හුවමාරු සිදුකළ හැකි ආකාරය
- ලියාපදිංචි වූ පසුව ඔබට Top-up විකල්පය හරහා යුනියන් බැංකු ගිණුම Top-up කළ හැකිය
- අවශ්‍ය ගෙවීම හෝ මුදල් හුවමාරුව සිදු කරන්න (Scan QR & Pay මගින් ගෙවන්න, උපයෝගිතා බිල්පත් ගෙවීම්, මුදල් හුවමාරු සහ තවත් ගනුදෙනු රැසක් සිදුකරන්න)
- SMS තහවුරුව ලැබෙන තුරු රැඳී සිටින්න
- සෑම මුදල් හුවමාරුවක් සඳහා ම සුළු ගාස්තුවක් අය කෙරේ.
සුදුසුකම්
- ඔබ යුනියන් බැංකු ගිණුම් හිමියෙකු විය යුතු අතර අන්තර්ජාල සහ ජංගම බැංකුකරණ සේවාව සඳහා ලියාපදිංචි වී සිටිය යුතුය
- මෙම සේවාව භාවිත කිරීම සඳහා ඔබගේ ජංගම දුරකථනයේ යුනියන් බැංකු ජංගම දුරකථන යෙදවුම ස්ථාපිත කර තිබිය යුතුය. එය ඩවුන්ලෝඩ් කිරීම සඳහා මෙතැනින් පිවිසෙන්න
- ඔබට මේ සඳහා එක් කළ හැක්කේ ඔබගේ නමට ඇති වෙනත් බැංකු ගිණුම් පමණි
ඔබ මෙම සේවාව භාවිත කළ යුත්තේ ඇයි
- එක් යෙදවුමක් තුළ ඔබගේ සියලු ගිණුම් ඇතුළත් කර ගැනීමේ පහසුව
- වෙනත් බැංකුවල පවත්වාගෙන යන ගිණුම්වලට ඕනෑම මොහොතක ප්‍රවේශ වීමේ හැකියාව
- ඔබගේ ජංගම දුරකථනයෙන් ක්ෂණිකව/ඒ මොහොතේ ම පහසුවෙන් ගෙවීම් සිදුකළ හැකි වීම
- මුදල් අතේ ගෙන යාමේ අවදානමෙන් සහ කරදරයෙන් අත්මිදීමේ හැකියාව
- කඩිනම්බව, පහසුව සහ ආරක්ෂාව
වැඩිදුර තොරතුරැ සඳහා 011 5800 800 අමතන්න
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






