011 5 800 800

011 5 800 800

debit-cards-banner

යුනියන් බැංකුවේ වීසා ඉන්ටර්නැෂනල් ෂොපිං ඩෙබිට් කාඩ්පතක් භාවිතා කරන ඔබට සෑම අතින්ම හොඳම මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගත හැකිය. වර්ෂය පුරාම එයින් ඔබට ආකර්ෂණීය වට්ටම් සහ ප්‍රතිලාභ හිමි වේ.

විශේෂාංග සහ ප්‍රතිලාභ

  • අගය එකතු කළ ප්‍රතිලාභ සමග ආකර්ෂණීය දීමනා සහ වට්ටම්.
  • දේශීයව සහ ජාත්‍යන්තරව මිලියනයකට වැඩි වීසා බලයලත් අලෙවි සැල් වෙතින් මිලදී ගැනීමේ හැකියාව.
  • ලෝකය පුරා මිලියන 3.5 කට වැඩි ATM යන්ත්‍ර ප්‍රමාණයකට ප්‍රවේශ වීමේ හැකියාව.
  • මුදල් ගෙනයනවාට වඩා සුරක්ෂිත වීම.
  • අන්තර්ජාලයෙන් මිලදී ගැනීම් කිරීමේ හැකියාව.
  • බිල්පත් ගෙවීම්, කාඩ් ගනුදෙනු සහ ශේෂය පරීක්ෂා කිරීමට හැකිවීම.
  • ඩෙබිට් කාඩ් ගනුදෙනුවලදී එස්එම්එස් ඇලර්ට් (SMS Alert) නොමිලේ හිමිවීම.
  • අමතර අයකිරීමක් නොමැතිව අගය එකතු කළ සේවා හිමිවීම; ගිණුම් ප්‍රකාශන පිටපත් නොමිලේ ලබා ගත හැකිවීම.
  • ඔබේ යුනියන් බැංකු ජංගම සහ ඉතිරි කිරීමේ ගිණුම් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව.

සුදුසුකම්

  • වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකිකයෙකු වීම
  • යුනියන් බැංකුවේ ජංගම හෝ ඉතිරිකිරීමේ ගිණුමක් පවත්වාගෙන යාම

අයදුම් කරන ආකාරය

  • දිවයින පුරා පිහිටි ඕනෑම යුනියන් බැංකු ශාඛාවකින්
  • අපගේ පාරිභෝගික සේවා දුරකථන අංකය වන 0115 800 800 අමතන්න
  • unionb.com වෙබ් අඩවියට ඇතුළුවී Download Application ක්ලික් කරන්න

කොන්දේසි අදාළ වේ.

අප අමතන්න

අමතන්න

011 5 800 800

ඊමේල්

info@unionb.com

Quick Links
Contact Us
Branch / ATM Locator
Facebook