ආරක්ෂක දැනුවත් කිරීම
අන්තර්ජාල වංචා යනු මොනවාද?
කිසිවෙකු විසින් නෛතික අවසර සහිත සමාගමක් ලෙස හුවාදක්වමින් පුද්ගලික දත්ත ලබා ගැනීමට උත්සාහ කරයි නම් සහ ඔබගේ ගිණුම් මගින් අයථා ලෙස ගනුදෙනු සිදු කරයිනම් එය අන්තර්ජාල වංචාවන්ට අයත් වේ. මෙවැනි වංචාවන් ‘phishing’ හෝ ‘pharming’ යනුවෙන් පොදුවේ හඳුන්වන අතර අයථා ඊමේල්, වෙබ් අඩවි, පොප් අප් වින්ඩෝස් හෝ වෙනත් මෙවැනි ආකාරයේ ඕනෑම අන්තර්ජාල අවභාවිතාවක් ඊට අයත් වේ.
යහපත් ව්‍යාපාර භාවිතාවක නියැලී සිටින කිසිදු සමාගමක් විසින් ඔබේ ගිණුම් සහ ක්‍රෙඩිට් කාඩ් අංක, මුර පද හෝ පාරිභෝගික හඳුනාගැනීමේ අංක යාවත්කාලීන කිරීමට යැයි ඉල්ලීම් කරමින් ඔවුන්ගේ වෙබ් අඩවියට සම්බන්ධිතව ලින්ක් (link) එවීමක් සිදු නොකරයි.
Phishing යනු කුමක්ද?
Phishing යනු අන්තර්ජාල වංචාකරුවන් විසින් රහසිගත තොරතුරු අයථා ලෙස ලබා ගැනීම සඳහා භාවිතා කරන කූටෝපක්‍රමයකි. මෙවැනි ඉල්ලීම් බොහෝ විට ලැබෙනුයේ ඔබ සම්බන්ධතාවයක් ඇති හෝ නොමැති ආයතනයකින් ලැබෙන ඊමේල් පණිවිඩ ආකාරයෙනි. මෙවැනි බොහෝ සිදුවීම්වලදී ලැබෙන ඊමේල් පණිවුඩ කීර්තිනාමයක් සහිත සමාගම්වල නිල ඊමේල් ලිපිනයන් සේ පෙන්නුම් කෙරෙන අතර සමාගම් ලාංඡන මෙන්ම එය සත්‍යයක් බව ඔප්පු කිරීම සඳහා තවත් ව්‍යාජ උත්සාහයන් රාශියක් එහි අන්තර්ගත කර ඇත. ඔබේ පෞද්ගලික තොරතුරු යාවත්කාලීන කිරීමට සමාගමට අවශ්‍ය බව හෝ ඔබේ ගිණුම අක්‍රිය වීමට ආසන්න බව සඳහන් කරමින් පැමිණෙන ඊමේල් පණිවිඩයන්හි අන්තර්ගත කර තිබෙන ලින්ක් එකක් ක්ලික් කිරීමට යැයි ඔබට පවසා එමගින් ඔබේ රහසිගත තොරතුරු වෙත ප්‍රවේශ වීම මෙහිදී සාමාන්‍යයෙන් සිදුවේ. ඔබ එම සබැඳිය (link) ක්ලික් කරමින් එම වෙබ් අඩවියට යොමුවෙමින් ඔබේ තොරතුරු ලබා දුන් විට ඔබ Phishing ප්‍රහාරයක ගොදුරක් වීමේ අඩිතාලම ඔබ විසින්ම දමාගනු ලබයි. එහිදී අන්තර්ජාල වංචාකරුවන් විසින් ක්ෂණිකවම ඔබේ ගිණුම් තොරතුරු ලබා ගැනීම සිදුකරයි.
Pharming යනු කුමක්ද?
නීත්‍යානුකූල වෙබ් අඩවි වෙතින් භාවිතා කරන්නන් හරවා යැවීම සඳහා අන්තර්ජාල වංචාකරුවන් විසින් භාවිතා කරන ක්‍රමයක් ලෙස Pharming හැඳින්විය හැකි අතර එහිදී ක්‍රෙඩිට් කාඩ් සහ බැංකු ගිණුම් තොරතුරු ඉල්ලා සිටීම සිදුවේ.
ව්‍යාජයන් (Pretexting) යනු කුමක්ද?
මෙහිදී ඔබට කිසිවෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබෙන අතර ඔබේ මුල්‍ය ගනුදෙනු සිදුකරන සමාගමේ නියෝජිතයෙකු බව ඇඟවීමට උත්සාහ ගනී. ඔබේ ගිණුම් සඳහා අදාළ තොරතුරු ගෙන හැර දක්වමින් ඔවුන් නීත්‍යානුකූලව කටයුතු කරන්නන් බව පෙන්වීමට උත්සාහ ගනිති. කෙසේ වෙත් මෙවැනි තැනැත්තන් අනන්‍ය වංචාකාරීන් වන අතර ඇතැම් තොරතුරු අනාවරණය කරමින් තවත් බොහෝ තොරතුරු ඔබෙන් ලබා ගැනීමට උත්සාහ කරයි.
බ්‍රව්සරයෙහි ආරක්ෂාව (Browser Security)
ටර්න් ඕෆ් ස්වයංක්‍රීය – සම්පූර්ණකිරීම (Turn Off Auto-Complete)
ඔබේ බ්‍රව්සරය මගින් ඔබේ මුර පද මතකය ගබඩා කර නොගන්නා ආකාරයට සකස් කරගන්න. මෙනුවෙහි ඇති සකස් කිරීම් (settings) භාවිතයෙන් එය සිදු කරගත හැක. එකිනෙක බ්‍රව්සරයන්හි එම විසඳුම පිහිටි ස්ථානයන් වෙනස් වේ.
ඔබේ බැංකු වෙබ් අඩවියෙහි අන්තර්ජාල ලිපිනය සෘජුවම සඳහන් කරන්න
ඔබේ බැංකුවේ වෙබ් අඩවියට කිසි විටෙකත් සබැඳි (links) හරහා සම්බන්ධ වීමෙන් වළකින්න. බව්සරයෙහි ඇඩ්‍රස් බාර් හි ඔබට අවශ්‍ය වෙබ් ලිපිනය සඳහන් කරන්න. එමගින් සැබැවින්ම අදාළ බැංකුවේ නිල වෙබ් අඩවිය වශයෙන් පෙන්වන ව්‍යාජ වෙබ් අඩවි වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව වැළකෙන අතර අන්තර්ජාල කූටෝපක්‍රමයන්ගෙන් ගැලවීමටද හැකියාව ලැබේ. ඔබේ බැංකුවේ නිල වෙබ් අඩවි ලිපිනය බුක් මාර්ක් කරමින් ඒ හරහා වෙබ් අඩවියට ප්‍රවේශ වන්න.
ඔබේ අන්තර්ජාල බැංකුකරණ භාවිතාව අවසන්වීමෙන් පසු නිසි පරිදි වෙබ් අඩවියෙන් ඉවත්වන්න
ඔබේ කටයුතු නිම වීමෙන් පසු වෙබ් අඩවියෙන් ලොග් අවුට් වන්න. බ්‍රව්සරයෙහි අන්තර්ගත විය හැකි අමතර තොරතුරු ඉවත් කිරීම සඳහා බ්‍රව්සරයද ක්ලෝස් (close) කිරීමට කටයුතු කරන්න.
ආරක්ෂිත සලකුණු (symbols) පරීක්ෂා කරන්න
වෙබ් අඩවිය වෙත පෞද්ගලික තොරතුරු ලබා දීමේදී බ්‍රව්සරයෙහි ස්ටේටස් බාර් එකෙහි ඇති padlock සලකුණ පිළිබඳ සැලකිලිමත් වෙන්න. එය සම්ප්‍රේෂණයෙහි නොපෙන්වයි නම් එය අනාරක්ෂිත සබඳතාවයක් වීමේ අවස්ථාව වැඩිය.
වෙබ් අඩවියෙහි URL පරීක්ෂා කරන්න
සාමාන්‍යයෙන් URL ඇරඹෙනුයේ “http” වශයෙනි. කෙසේ වෙතත් අරක්ෂිත සබඳතාවක් මත එම ලිපිනය “https” යනුවෙන් ඇරඹිය යුතුවේ.
ඊමේල් සුරක්ෂිතතාව
ඔබේ ගිණුම් තොරතුරු/ මුර පද ඉල්ලා සිටින කිසියම් හෝ සැකසහිත බවක් ඇති ඊමේල් පණිවිඩ හෝ නාඳුනන තැනැත්තන්ගෙන් ලැබෙන ඊමේල් පණිවිඩ සඳහා ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්න. ඔබ අතින් එවැනි ඊමේල් පණිවිඩයක් විවෘත වුව හොත් එහි ඇති අන්තර්ගතයන් හෝ සබැඳියන් විවෘත කිරීමෙන් වළකින්න. එවැනි ඊමේල් පණිවිඩ මකා දමන්න.
සාමාන්‍ය
ඔන්ලයින් බැංකුකරණ සේවාව වෙත සාර්ථකව ප්‍රවේශවීමෙන් පසු පසුගිය සම්බන්ධවීමේ තොරතුරු සහ අවසන් යොමු දිනය දැනගැනීම සඳහා timestamp පරීක්ෂා කරන්න. Firewall මගින් ඔබේ පද්ධතිය ආරක්ෂා කරගන්න. බලහත්කාරී ප්‍රවේශයන්ගෙන් ඔබේ පරිගණකය ආරක්ෂා කරන එය ස්වයංක්‍රීය යාවත්කාලීන පහසුකම සහිත වෛරස් ග්‍රහණය කරගන්නා Adware/Spyware මෘදුකාංගයකි.
ආරක්ෂිත උපදෙස්
ඔබේ ක්‍රෙඩිට්/ ඩෙබිට් කාඩ් ආරක්ෂාව සඳහා
- කිසිවිටෙකත් වෙනත් අයෙකුට ඔබේ ක්‍රෙඩිට්/ ඩෙබිට් කාඩ් භාවිතා කිරීමට ඉඩ නොදෙන්න
- නව කාඩ්පතක් ලබා ගත් විගසම එහි පසු පස නියමිත කොටසෙහි අත්සන් කරන්න
- ඔබේ කාඩ්පත කල් ඉකුත්වීමෙන් පසු එය කපා දමමින් විනාශ කරන්න
- ඔබේ කාඩ් පත සුරක්ෂිත තැනක තබන්න. ඔබ මුදල් හෝ වෙනත් මුල්‍ය වටිනාකමක් සහිත දෙයක් ප්‍රවේශම් සහගතව භාවිතා කරන්නේ කෙසේද එවැනිම අවධානයක් ඊටද ලබා දෙන්න
- කාඩ් ගනුදෙනු සහ ATM යන්ත්‍ර වලින් ලැබෙන රිසිට් පත් පරීක්ෂාවෙන් පසු ප්‍රවේශමෙන් බැහැර කරන්න. එමගින් අනෙක් පිරිස් වෙත ඔබේ ගිණුම් සහ කාඩ් තොරතුරු ලැබීම වළකිනු ඇත.
- කාඩ් පත භාවිතයෙන් පසු සෑම අවස්ථාවකම එය නැවත ඔබ අතට ගෙන තිබේදැයි විමසිලිමත් වන්න
- කිසි විටකත් ක්‍රෙඩිට් කාඩ් අංකය ඊමේල් මගින් යැවීමෙන් වළකින්න
- ඔබේ ජංගම දුරකථන අංකය ඇතුළු පුද්ගලික තොරතුරු සුරැකිව තබාගන්න. එවිට කිසියම් අයථා ගනුදෙනුවක් සිදුවී ඇතැයි සැක සිතෙන ඕනෑම අවස්ථාවක අපට ඔබ සම්බන්ධ කරගැනීමට පහසුය
- එස්එම්එස් ඇලර්ට් පහසුකම ලබා ගන්න. එවිට ඔබේ මෙන්ම ඔබගේ add-on කාඩ් හිමියාගේ ගනුදෙනු පිළිබඳව වාර්තා තබා ගත හැකියි
- ඔබේ ප්‍රකාශන ක්‍රමානුකූලව පරීක්ෂා කරන්න, එය අන්තර්ජාල සේවාවන් සඳහා විශාල පහසුවක් වනු ඇත
- ඔබේ කාඩ්පත සොරකම් කිරීමක් හෝ අස්ථානගත වීමකදී කරුණාකර හැකි ඉක්මනින් +94 11 5 800 800 යන දුරකථන අංකය අමතා අප වෙත දැනුම් දෙන්න. එවිට එම කාඩ් පත අවලංගු කරමින් වංචාකාරී ගනුදෙනුවලින් ඔබ ආරක්ෂා කිරීමට අපට හැකියාව ලැබෙනු ඇත.
ඔබේ කාඩ් පත් PIN අංක/ රහස් පද ආරක්ෂා කරගන්න
- කිසිවිටෙකත් PIN අංක ඔබේ පසුම්බියෙහි. දිනපොතෙහි හෝ වෙනත් කිසිවෙකුටත් හඳුනාගත හැකි පරිදි තබා නොගන්න
- කිසිවිටෙකත් PIN අංකය, මුරපදය හෝ ආරක්ෂිත තොරතුරු කිසිවෙකුටත් නොපවසන්න
- ඔබ ATM යන්ත්‍රයකින් ගනුදෙනු කිරීමේදී PIN අංකය කිසිවෙකුටත් දැක ගත නොහැකි වන අකාරයට සෑම විටම කටයුතු කරන්න
- කෙනෙකුට ලෙහෙසියෙන් සොයා ගත හැකි PIN අංකය තෝරා ගැනීමෙන් වළකින්න. උදා – ඔබේ උපන් දිනය, දුරකථන අංකය හෝ ඔබේ කාඩ් අංකයෙහි කොටස්
- ඔබේ කාඩ්පත හෝ PIN අංකය අස්ථාන ගත වීමක්, සොරකම් කිරීමක් පිළිබඳව ඔබ දැනගත් වහාම +94 11 5 800 800 යන දුරකථන අංකයෙන් අප වෙත දැනුම් දෙන්න
මුර පද ආරක්ෂාව සඳහා උපදෙස්
- කිසිවෙකුටත් පහසුවෙන් උපකල්පනය කළ නොහැකි මුර පද භාවිතා කරන්න
- ඩික්ෂනරියෙන් සොයා ගත හැකි වචන භාවිත කිරීමෙන් වළකින්න
- සෑම වෙබ් අඩවියකටම එකම මුර පදය භාවිතා කිරීමෙන් වළකින්න
- සිම්පල් සහ කැපිටල් අකුරු, ඉලක්කම් සහ සංකේත භාවිතා කරන්න
- වෙනස් මුර පද භාවිතා කරන්න
- මුර පද ලියා තබා ගැනීමෙන් වළකින්න
- දත්ත ගබඩා කිරීමේ උපාංගයන්හි මුර පද වාර්තා තබා ගැනීමෙන් වළකින්න
- ඊමේල් හරහා මුර පද යැවීමෙන් වළකින්න
අන්තර්ජාලය දැනුවත්භාවයකින් යුක්තව භාවිතා කිරීම
ඔබේ කාඩ්පත් අන්තර්ජාල භාවිතාවේදී වැඩි පහසුවක් සහ ආරක්ෂාවක් ගෙන දෙයි. අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබේ කාඩ් තොරතුරු ආරක්ෂිත වෙබ් අඩවි වෙත පමණක් ලබා දිය යුතුය. ඔබේ බ්‍රව්සරයෙහි පහළ දකුණු කෙළවරෙහි locked padlock සලකුණක් තිබේ නම් හෝ ඔබ ඇතුලත් වන වෙබ් අඩවියෙහි ලිපිනය ‘https’ ලෙස ආරම්භ වන්නේ නම් ඔබ ඇතුලත් වන වෙබ් අඩවිය ආරක්ෂිත වෙබ් අඩවියකි. ‘s’ අකුර මගින් පෙන්නුම් කෙරෙන්නේ ආරක්ෂිත බවයි. එසේම පරිගණකභාවිතය සුරක්ෂිතව සිදුකිරීම ඔබේද වගකීමකි. උදා: දත්ත පරිවර්ථනය (encryption), වෛරස් හසුකර ගන්නා මෘදුකාංග, firewall, anti-spyware මෘදුකාංග සහ වෙනත් ඒ හා සමාන ආරක්ෂිත ක්‍රමෝපායන්.
- අන්තර්ජාලයෙන් කාඩ් පත භාවිතයෙන් මිලදී ගැනීම් කිරීමේදී විශ්වාසවන්ත අන්තර්ජාල ව්‍යාපාරයන් තෝරා ගන්න
- එම අන්තර්ජාල ව්‍යාපාරය විසින් මිලදී ගත් භාණ්ඩ නැවත භාර ගැනීම සහ මුදල් නැවත දීම සිදුකරන්නේ දැයි පරීක්ෂා කරන්න
- සේවාව ලබා ගැනීම සඳහා මුර පදයක් අවශ්‍ය වන්නේ නම් පහසුවෙන් හඳුනාගත නොහැකි එකක් භාවිතා කරන්න. එය කිසිවෙකුටවත් දැන ගැනීමට ඉඩ නොතබන්න
- ඔබ අන්තර්ජාලය හරහා මිලදී ගැනීමක් කරයිනම් ගනුදෙනුවෙහි පිටපතක් මුද්‍රණය කරගන්න (print out). ඔබේ ක්‍රෙඩිට් කාඩ් ප්‍රකාශන පරීක්ෂාව සඳහා එය විශාල පහසුවක් වේ
- හඳුනා නොගත් ගාස්තුවක් හෝ ඔබගේ ප්‍රකාශනයන්හි පෙන්නුම් කෙරෙන ගාස්තු පිළිබඳව දැනගැනීමට යුනියන් බැංකුවේ පාරිභෝගික ඇමතුම් මධ්‍යස්ථානය වන +94 11 5 800 800 අමතන්න
අන්තර්ජාල බැංකුකරණය සඳහා උපදෙස්
- යුනියන් බැංකුව කිසි විටෙකත් කාඩ් හිමියන්ගෙන් පුද්ගලික තොරතුරු හෝ කාඩ් ගිණුම් තොරතුරු ඊමේල් හෝ දුරකථන ඇමතුම් මාර්ගයෙන් ඉල්ලා සිටීමක් සිදු නොකරයි
- මුදල් එවන්නා හෝ ලබන්නා ඔබ නාඳුනන්නේ නම් කිසි විටකත් මුදල් භාර ගැනීම/ සම්ප්‍රේෂණය කිරීම සිදු නොකරන්න
- කිසියම් අයෙකු/ ආයතනයක් විසින් ඔවුන් සතු මුදලක් ඔවුන් වෙනුවෙන් ඔබට භාරගන්නා ලෙස පවසමින් භාරගැනීමෙන් පසු ඔවුන් විසින් ලබා දෙන ගිණුමකට මුදල් බැර කරන ලෙස ඉල්ලා සිටී නම් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න
- ඔබේ දුරකථනයෙන් පෞද්ගලික තොරතුරු සොරාගත හැකි ජංගම දුරකථන මෘදුකාංග සහ කෙටි පණිවිඩ ගැටළු ඇතිකිරීම් පිළිබඳව සැලකිලිමත් වන්න
- අනවසර වෙබ් අඩවි වෙතින් ඔබේ ජංගම දුරකථනයට මෘදුකාංග අන්තර්ගත කිරීම හෝ ඩවුන්ලෝඩ් කිරීමෙන් වළකින්න. සෑම විටම නීත්‍යානුකූල වෙබ් අඩවි වෙතින් එම ඩවුන්ලෝඩ් කිරීම සිදුකිරීමට සහ ප්‍රකාශකගේ නම පිළිබඳව සැලකිලිමත් වන්න
- ඔබේ ජංගම දුරකථනයෙහි සහ පරිගණකයෙහි නිරන්තර යාවත්කාලීන වෛරස් ආරක්ෂක මෘදුකාංගයක් තබාගන්න
ATM භාවිතය සඳහා උපදෙස්
- ATM යන්ත්‍ර භාවිතයට පෙර ඒ අවට පිළිබඳව විමසිලිමත් වෙන්න
- විශේෂයෙන්ම රාත්‍රියේදී ATM යන්ත්‍ර භාවිතයේදී හිතවතෙකු සමග යන්න
- ATM යන්ත්‍ර භාවිතයේදී ඔබේ සහයෝගයට ආධුනිකයෙකු සම්බන්ධ කර නොගන්න
- ඔබේ කාඩ් පත භාහිර භාවිතයට සූදානම්ව සිටින්න
- කිසිවෙකු ඔබට පසුපසින් සිටගෙන සිටින අවස්ථාවක ඒ තැනැත්තාට/ තැනැත්තියට ඔබේ PIN අංක හෝ ලබා ගන්නා මුදල් ප්‍රමාණ නොපෙනෙන සේ තිරය ආවරණය කර ගන්න
- ඔබේ මුදල්, කාඩ්පත සහ රසිට්පත ඉක්මනින් ඉවත් කරගන්න. ඔබේ මුදල් පසුව ගණන් කරන්න. රිසිට් පත ඔබ ළඟ තබාගන්න
- සැකසහිත කිසිවෙකු හෝ කිසිවක් දුටුවහොත් වහාම ඔබේ ගනුදෙනුව අවලංගු කර ඉක්මනින් පිටවෙන්න
- ගනුදෙනුව නිම කිරීමෙන් පසු කිසිවෙකු ඔබ පසු පස හඹා එන බව දැනේ නම් ජනයා ගැවසෙන ස්ථානයකට ගොස් පොලීසිය අමතන්න
- drive-up ATM යන්ත්‍ර භාවිතයේදී වාහනයේ සිටින මගීන්ගේ දොරටු අගුළු දමා තබන්න. එම දොර වීදුරු ඔසවා තබන්න
- ATM යන්ත්‍රයක් භාවිතයට වාහනයෙන් පිටවීමට පෙර එන්ජිම අක්‍රිය කර වාහනයේ දොරවල් අගුළු දැමීමට අමතක නොකරන්න
- බොහෝ ATM යන්ත්‍ර පැය 24 පුරා විවෘතව පවතින අතර ඇතැම් යන්ත්‍ර සාමාන්‍ය රාජකාරී වේලාව තුළ පමණක් ක්‍රියාත්මක වේ. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් මුදල් ආපසු ගන්නා කාලය සැලසුම් කරගන්න
- ATM යන්ත්‍රයන්හි කිසියම් දැනුම් දීමක් අලවා තිබේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. එය සාමාන්‍ය ATM යන්ත්‍රයක සිදුවිය නොහැක්කක් වන අතර ඔබේ කාඩ්පත ඇතුල් කරන ස්ථානයෙහි එය අලවා තිබිය හැක. සැකසහිත දෙයක් දුටුව හොත් වහාම එම යන්ත්‍රය භාවිතයෙන් ඉවත් වී බැංකුවට දැනුම් දෙන්න
විදේශ රටවලදී කාඩ් පත් භාවිතා කිරීම සඳහා උපදෙස්
- ඔබ විදෙස් සංචාරයක් සැලසුම් කිරීමේදී යාවත් කාලීන සබඳතා තොරතුරු සමග ඔබේ සංචාර සැලසුම පිළිබඳව බැංකුව දැනුවත් කරන්න.
- ඔබේ කාඩ්පතින් සිදුකරන සෑම ගනුදෙනුවකම තොරතුරු ලබා දෙන එස්එම්එස් ඇලර්ට් පහසුකම ලබා ගන්න.
- ඔබේ සංචාරය අතර තුර සිදුකරන සෑම ගනුදෙනුවකම රිසිට් පත් ළඟ තබා ගන්න. ගනුදෙනු ප්‍රකාශනය ලැබීමත් සමග සිදු කළ ගනුදෙනු සහතික කරගැනීමට එයින් හැකියාව ලැබේ.
- කාඩ් පත සහ PIN අංකය එකට තබා ගැනීමෙන් වළකින්න.
- සෑම විටම අමතර මුදලක් ඔබ අතේ තබා ගැනීම හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනවත් වනු ඇත.
- ඔබේ කාඩ්පත් පිළිබඳ ඕනෑම විමසීමක් සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන සේවාවක් පවතී. එම නිසා කාඩ් පත අස්ථානගත වීමක් හෝ සොරකම් කිරීමක් පිළිබඳව ඔබට ක්ෂණික දැනුම් දීමක් සිදු කළ හැක.
ඔබේ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් පතෙහි ගනුදෙනුවක් අහෝසි කරන්නේ කෙසේද
- ඔබේ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් පතෙහි කිසියම් අනවසර භාවිතාවක් පිළිබඳව ඔබට හැඟීයන අවස්ථාවක බැංකුවේ පාරිභෝගික ඇමතුම් මධ්‍යස්ථානය අමතා වැඩි විස්තර දැනගන්න. එයින් අනතුරුව ඔබට තවදුරටත් සැක සහිත බවක් පවතී නම් එම මුදල් ගනුදෙනුව අවලංගු කිරීම සඳහා ඉල්ලා සිටිය හැක.
- ඔබ එකඟ නොවන ඕනෑම ගනුදෙනුවක් පිළිබඳව ගනුදෙනු ප්‍රකාශනය නිකුත් කළ දින සිට දින 20ක් ඇතුලත බැංකුවට දැනුම් දිය යුතුය. ගනුදෙනුවක් පිළිබඳව බැංකුවෙන් ඔබට ලැබෙන ඕනෑම එස්එම්එස් පණිවිඩයක් ඔබව දැනුවත් කිරීමක් ලෙස සැලකේ.
- ඔබේ ගැටළුව විසඳීමේදී අදාළ වෙළෙඳ ආයතනය සහ අත්කරගන්නා ආයතනය සමග නැවත අයකිරීමක් සිදුවිය හැක. එවැනි නැවත අයකිරීමක් VISA ජාලයෙහි නීති රීතීන්ට අනුකූලව සිදුවනු ඇත.
- ඔබ ගනුදෙනුව සිදුකිරීමට එකඟව ඇතිනම්, නමුත් ඔබට එම ගනුදෙනුව අවලංගු කිරීමට අවශ්‍යනම්, ඒ සඳහා අවශ්‍ය සියලු ලේඛන ඉදිරිපත් කරන්න. බැංකුව වෙත අදාළ පැමිණිල්ල කිරීමට පෙර ඔබ ගනුදෙනුව සිදු කළ ව්‍යාපාරික ආයතනය සමග එම ගනුදෙනුව අවලංගු කිරීම සඳහා උත්සාහ ගන්න.
ශ්‍රි ලංකා මහ බැංකුව විසින් කෙරෙන විෂේශ නිවේදනය
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






