0117 818181

යුනියන් බැංකුවේ නියෝජිත බැංකුකරණ සේවාව සරල, පහසු සහ නම්‍යශීලි සේවාවක්වන අතර තෝරාගත් බැංකුකරණ සේවා සපයන දිවයින පුරා විහිදුනු කීර්තිමත් බලයලත් අලෙවිකරුවන්ගේ පුළුල් ජාලයකින් එය සමන්විතය. මෙම සේවාව නොමිලේ පිරිනැමෙන සේවාවක්වන අතර කලින් ලියාපදිංචි වීම අවශ්‍ය නොවේ. තත්කාලීන ලෙස මුදල් හුවමාරු සිදුකිරීම සඳහා එය ඔබගේ නිවසට වඩාත් සමීප සුරක්ෂිත ක්‍රමවේදයකි.

යුනියන් බැංකුව විසින් පත්කරන ලද නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ශාඛා ජාලය හරහා පාරිභෝගිකයන් හට මුදල් හුවමාරු සිදු කළ හැකිය.

  බලයලත් නියෝජිත අලෙවිකරු  
මොබිටෙල් (පුද්.) සමාගම මොබිටෙල් ශාඛා ලැයිස්තුවට සබැඳිය
SLT ශාඛා ලැයිස්තුවට සබැඳිය
කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී කාගිල්ස් ෆුඩ්සිටි අලෙවිසැල් (ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් පමණි) ලැයිස්තුවට සබැඳිය
  තවත් නියෝජිතයන් නුදුරේදීම එක්කෙරේ    

නියෝජිතයන් විසින් පිරිනමනු ලබන සේවා

  • ඕනෑම යුනියන් බැංකු ඉතිරිකිරීමේ ගිණුමක් වෙත මුදල් තැන්පත් කරයි (දිනකට රු. 50,000 දක්වා)
  • යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් සිදුකරයි (දිනකට රු. 100,000 දක්වා)
  • යුනියන් බැංකු ණය ආපසු ගෙවීම් සිදුකරයි (දිනකට රු. 100,000 දක්වා)

ඔබ මෙම සේවාව ලබාගත යුත්තේ ඇයි?

  • මෙම සේවාව සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය නොවන අතර නොමිලේ ලබාගත හැකිය
  • එය පහසු, සුරක්ෂිත සහ ඔබගේ නිවසට වඩාත් සමීප සේවාවකි
  • සාමාන්‍ය බැංකුකරණ පැයවලින් ඔබ්බට සේවා ලබාගත හැකිය

තැන්පතුවක් සිදුකරන්නේ කෙසේද?

  • ළඟම පිහිටි යුනියන් බැංකු බලයලත් අලෙවි මධ්‍යස්ථානයට යන්න.
  • ඔබට යුනියන් බැංකුවට තැන්පතුවක් සිදුකිරීමට අවශ්‍ය බව අලෙවිකරුට දන්වා පහත පියවර අනුගමනය කරන්න:

පියවර 1: පහත තොරතුරු නියෝජිතයාට ලබාදෙන්න: ඉතිරිකිරීමේ ගිණුම් අංකය, තැන්පතු මුදල, තැන්පත් කරන්නාගේ දුරකථන අංකය, ජා.හැ.අං.

පියවර 2: මුදල් නියෝජිතයාට ලබා දෙන්න (චෙක්පත් ලබා නොදෙන්න)

පියවර 3: කෙටි පණිවිඩ තහවුරුව ලැබෙන තුරු රැඳී සිටින්න

ක්‍රෙඩිට් කාඩ්පත් හෝ ණය ආපසු ගෙවීමක් සිදුකරන්නේ කෙසේද?

පියවර 1: යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීමක් සිදුකිරීම සඳහා ක්‍රෙඩිට් කාඩ්පත් පියවීමේ ගිණුම් අංකය ලබාදෙන්න (ක්‍රෙඩිට් කාඩ්පත් අංකය නොවේ)

ණය ආපසු ගෙවීම සඳහා, ණය පියවීමේ ගිණුම් අංකය ලබාදෙන්න. ගෙවන මුදල, දුරකථන අංකය (තැන්පත්කරුගේ දුරකථන අංකය) සහ ජා.හැ.අං.

පියවර 2: මුදල් බාරදෙන්න

පියවර 3: තෝරාගත් නියෝජිතයා මුදල් හුවමාරුව සිදුකිරීම සඳහා යුනියන් බැංකුව සමග සම්බන්ධවන අතර ඉන් අනතුරුව යුනියන් බැංකුව තොරතුරු වලංගු භාවය තහවුරුකර ගැනීමෙන් අනතුරුව තත්කාලීන ලෙස මුදල් හුවමාරුව සම්පූර්ණකර තැන්පතුව හිමිවූ බවට තහවුරැ කරමින් පාරිභෝගිකයාගේ ලියාපදිංචි දුරකථන අංකයට කෙටි පණිවිඩයක් යොමුකරයි.

මුදල් හුවමාරුව සම්පූර්ණ වීමෙන් අනතුරුව නියෝජිතයා පාරිභෝගිකයාට කෙටි පණිවිඩයක් හෝ කුවිතාන්සියක් ද නිකුත්කරනු ඇත.

නියෝජිතයන් පහත සේවා සපයන්නේ නැත

  • බැංකු ගිණුම් ආරම්භ කිරීම
  • බැංකු කාඩ්පත් සහ චෙක්පත් නිකුත් කිරීම
  • ණය සහ/හෝ මුල්‍ය තක්සේරු සම්බන්ධව කටයුතු කිරීම
  • චෙක්පත් මුදල් බවට පත්කිරීම
  • විදේශ මුදල් සම්බන්ධව කටයුතු

වැඩිදුර විස්තර සඳහා 011 5800800 අමතන්න

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC