0117 818181

credit-cards-installment-plans

යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් ඔබගේ ගනුදෙනු පොළී රහිතව සමාන මාසික වාරික මගින් යළි පියවීමේ අවස්ථාව ඔබට හිමිකර දෙයි.

එකවරක් පමණක් අයකරණ සැකසුම් ගාස්තුවක් සමඟ 0% වාරික සැලසුම්

මෙම දීමනාව අදාළ වන්නේ අඛණ්ඩ ප්‍රවර්ධනයක් පවතින විට පමණි. (විශේෂ කරමාන්ත සදහා)

  1. රු.50,000 ඉක්මවූ ගනුදෙනු සඳහා සියලු කාඩ් වර්ග සඳහා මාස 12 දක්වා 0% වාරික සැලසුම්.
  2. රු.100,000 ඉක්මවූ ගනුදෙනු සඳහා ප්ලැටිනම සහ සිග්නේචර් කාඩ් සඳහා මාස 24 දක්වා 0% වාරික සැලසුම්.

කාලසීමාව සඳහා එක්වරක් පමණක් ගෙවිය යුතු සැකසුම් ගාස්තු පහත ආකාරය වේ.

කාලසීමාව (මාස) ගාස්තු (LKR)
3
6 990.00
12 (රුපියල් 100,000ට වඩා අඩු) 1,900.00
12 (රුපියල් 100,000ට
වඩා වැඩි)
2,400.00
18 2,900.00
24 (රුපියල් 250,000ට වඩා අඩු) 3,900.00
24 (රුපියල් 250,000ට
වඩා වැඩි)
5,400.00
29 5,400.00
36 9,900.00

වාරික සැලසුම් සමඟ සැකසුම් ගාස්තු

  • ඔබගේ ක්‍රඩිට් කාඩ් පතින් කරන රු. 20,000ට වැඩි ඕනෑම මිලදී ගැනීමක් පොලි රහිත වාරික ගෙවීම් සැලසුමකට පරිවර්තනය කිරිමේ හැකියාව
  • වඩාත් හොඳින් මුල්‍ය කළමනාකරණය සිදු කිරීම සඳහා මාස 3, මාස 6, මාස 12, මාස 18, මාස 24 සහ මාස 36 ලෙස වාරික සැලසුම් තෝරා ගන්න
  • පහසු ගෙවීම් ක්‍රමයට හැරවිය හැකි ගනුදෙනු අගයන් පහත දැක්වෙන ඔබගේ කාඩ්පත් වර්ගය අනුව සීමා වේ.
ගෝල්ඩ් ප්ලැටිනම් සිග්නේචර්
පහසු ගෙවීම් ක්‍රමයට හැරවිය හැකි අවම අගය 20,000 20,000 20,000
පහසු ගෙවීම් ක්‍රමයට හැරවිය හැකි උපරිම අගය 250,000 500,000 750,000
  • ඔබ ලෝකයේ ඕනෑම තැනකින් සිදු කරන ගනුදෙනුවක් පහසුවෙන්ම පොළී රහිත වාරික සැලසුමකට පරිවර්තනය කල හැක
  • එසේ පරිවර්තනය කිරීමේදී මතු සදහන් අමතර ගාස්තු(මෙහෙයුම් ගාස්තු) අදාල වේ.අමතර ගාස්තුව (මෙහෙයුම් ගාස්තු) ඔබට මාසික වාරිකයට එකතු කර ගෙවීමේ ක්‍රමයටද ගෙවිය හැක.
කාල සීමාව (මාස) මෙහෙයුම් / අමතර ගාස්තු ( ගනුදෙනු අගයේ % ලෙස) කාල සීමාව (මාස) මෙහෙයුම් / අමතර ගාස්තු ( ගනුදෙනු අගයේ % ලෙස)
3 5% 18 20%
6 8% 24 26%
12 14% 36 38%
  • බැංකුව විසින් විවධ වේලාවන්හිදී නිවේදනය කරන ප්‍රවර්ධන දීමනා සඳහා පොලි රහිත වාරික සැලසුම්, අමතර/මෙහෙයුම් ගාස්තුවක් රහිතවපරිවර්තනය කිරීමේ හැකියාව ඇත මේ සඳහා https://www.unionb.com/0-installment-plans/ පිවිසීමෙන් වැඩි දුර තොරතුරු ලබා ගත හැක.
  • පොලි රහිත වාරික සැලසුමකට හැරවීම සඳහා ඔබ කලයුත්තේ ගනුදෙනුව කල දිනයේ සිට දින 14ක් ඇතුලත 0117 818181 හරහා අපගේ 24 පැය පුරා ක්‍රියාත්මක පාරිභෝගික සේවාව ඇමතීම පමණයි.

නියමයන් හා රෙගුලාසි

  • කිසියම් ගනුදෙනුවක් පොළී රහිත මාසික ගෙවීමේ ක්‍රමයට හැරවිය හැක්කේ එම ගනුදෙනුව සිදුකර මාස 3ක කාලයක් තුළ පමණි.
  • එලෙස කිරීම සඳහා ඉල්ලීමක් යොමුවන තුරු සහ බැංකුව විසින් එම ගනුදෙනුව පොළී රහිත මාසික ගෙවීමේ ක්‍රමයට හරවන තුරු එතෙක් එම ගනුදෙනුව සඳහා අය කෙරුණු පොළිය යළි ලබාදෙනු නොලැබේ.
  • පොළී රහිත මාසික ගෙවීමේ ක්‍රමය සඳහා සුදුසුකම් ලැබීමට පාරිභෝගිකයා විසින් යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත/[කාඩ්පත් හරහා සම්පූර්ණ බිල්පත් අගය ගෙවිය යුතුය.
  • පොළී රහිත මාසික ගෙවීමේ ක්‍රමය මුදල්වලට හුවමාරු කිරීමට සහ/හෝ වෙළඳ ආයතනයේ වෙනත් ඕනෑම ප්‍රවර්ධන වැඩසටහන් හෝ දීමනා සමග භාවිත කළ නොහැක.
  • පොළී රහිත මාසික මාසික වාරික ගෙවීමේ ක්‍රමය යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ විසින් එහි ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් වෙත පිරිනමනු ලබන සේවාවක්වන අතර මේ සම්බන්ධ ඕනෑම නියමයක්, කොන්දේසියක් හෝ රෙගුලාසියක් පූර්ව දැනුම්දීමකින් තොරව බැංකුවේ පූර්ණ අභිමතය පරිදි ඕනෑම මොහොතක අවලංගු කිරීමට හෝ සංශෝධනය කිරීමට හෝ වෙනස් කිරීමට බැංකුවට හැකිය.
  • ගනුදෙනු එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එක්ව හෝ පවත්නා ගෙවිය යුතු ශේෂය මෙම පහසුකම යටතේ මාසික ගෙවීමේ ක්‍රමයට හැරවිය නොහැකිය.
  • මෙම පහසුකම යටතේ පිරිනමනු ලබන භාණ්ඩ සහ/හෝ සේවාවල සැපයුම්කරු බැංකුව නොවන බැවින් වෙළඳ ආයතන මගින් පිරිනමනු ලබන භාණ්ඩ සහ සේවාවලට අදාළව සිදු කෙරෙන මුදල් හුවමාරු සම්බන්ධව යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ කිසිඳු වගකීමක් නොදරයි.
  • කාඩ්පත් හිමියාගේ ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුමේ පවත්නා ශේෂය මත එම කාඩ්පත් හිමියාට පොළී රහිත මාසික වාරික ගෙවීමේ පහසුකම ලබාගත හැකිද යන්න තීරණය වේ.
  • සෑම මාසික වාරිකයක ම අගය කාඩ්පත් හිමියාගේ ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුමට මාසික පදනම මත හර කෙරෙන අතර එය ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුමේ සිදු කෙරුණු මුදල් ගනුදෙනුවක් ලෙස ඇතුළත් කෙරේ. එබැවින්, සෑම මාසික වාරිකයක් ම ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුමේ සිදු කෙරුණු මුදල් ගනුදෙනුවක් ලෙස ම සැලකිය හැකි අතර එලෙසම කාඩ්පත් හිමියාට ගෙවීම් සිදු කළ හැකිය.
  • ගනුදෙනුවේ සමස්ත අගය අනුව කාඩ්පතේ ණය සීමාව අඩු කිරීමට හෝ අවහිර කිරීමට කටයුතු කෙරේ. ඉන් පසු මාසවලදී මාසික වාරික බිල්පත් කරන සහ වාරික ගෙවන ආකාරයට එම ණය සීමාව ඉහිල් කෙරේ.
  • වාරික අගය ද ඇතුළුව ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රකාශනයේ දැක්වෙන සමස්ත ගෙවිය යුතු මුදල ම ගෙවිය යුතු දිනයේ හෝ ඊට පෙර ගෙවීමෙන් වාරිකය/වාරික සඳහා පොළී අය වීමෙන් වළක්වා ගත හැකිය.
  • කාඩ්පත් හිමියා විසින් ඔහුගේ/ඇයගේ ක්‍රෙඩිට් කාඩ්පතට සිදු කරනු ලබන ගෙවීම් යුනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත්වල ගෙවීම් වෙන්කිරීමේ ධූරාවලියට අනුකූලව ඇතුළත් කෙරෙන බව කාඩ්පත් හිමියා පිළිගනී.
  • මාසික වාරික ගාස්තු සඳහා කාඩ්පත් හිමියාට රිවොර්ඩ්ස් ලකුණු හිමි නොවේ.
  • ප්‍රවර්ධන වැඩසටහන් අනුව මෙහි දැක්වෙන නියමයන් සහ කොන්දේසි වෙනස්විය හැකිය.
  • යුනියන් බැංකුවේ සාමාන්‍ය නියමයන් සහ කොන්දේසි අදාළවනු ඇත.
  • මෙහි දැක්වෙන කිසියම් නියමයක් හෝ කොන්දේසියක් සම්බන්ධව කිසියම් ගැටළුවක් ඇතිවුවහොත් යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝහි තීරණය අවසාන තීරණය වේ.

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC