0117 818181

යුනියන් බැංකුව 2025 මුල්‍ය වර්ෂය සඳහා රු. බිලියන 2.2 ක බදු පෙර ලාභයක් සමගින් ශුද්ධ ලාභය දෙගුණයකින් වර්ධනයකර ගනී

යුනියන් බැංකුව 2025 මුල්‍ය වර්ෂය සඳහා රු. බිලියන 2.2 ක බදු පෙර ලාභයක් සමගින් ශුද්ධ ලාභය දෙගුණයකින් වර්ධනයකර ගනී

යුනියන් බැංකුව 2025 මුල්‍ය වර්ෂය සඳහා විශිෂ්ට මුල්‍ය කාර්යසාධනයක් වාර්තාකර ඇත. ගතවූ මුල්‍ය වර්ෂය තුළ රු. බිලියන 2.2 ක බදු පෙර ලාභයක් වාර්තාකර ඇති අතර, එහි බදු පසු ලාභය රු. මිලියන 660 ක් ලෙස දෙගුණකර ගැනීමට සමත්වී තිබේ.

විවිධාංගීකරණය වූ සහ ශාක්තිමත් ආදායම් පදනම පිළිබිඹු කරමින්, රු. මිලියන 5,638 ක ශුද්ධ පොළී ආදායමක් සහ රු. මිලියන 1,545 ක ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායමක් සමගින් යුනියන් බැංකුවේ දළ ආදායම රු. බිලියන 18.2 ක් දක්වා ඉහළ ගියේය. එමෙන්ම, පසුගිය වසරේදී යුනියන් බැංකුව ක්ෂේත්‍රයේ සාමාන්‍ය මට්ටම අභිබවා යමින් කැපීපෙනෙන වර්ධනයක් අත්කර ගත් ශුද්ධ ණය පදනම මත මෙම වසරේදී ද රු. බිලියන 110.8 ක් ලෙස වාර්තා කිරීමට සමත් වූ අතර එය පසුගිය වසර සමග සැසඳීමේදී 36% ක වර්ධනයකි. රු. බිලියන 118.8 ක් ලෙස 15% කින් වර්ධනය වූ තැන්පතු පදනම එම වර්ධනයට බලපෑ එක් සාධකයක්වන අතර, එමගින් බැංකුව කෙරෙහි පාරිභෝගිකයින් තබා ඇති නොසැලෙන විශ්වාසය මෙන්ම බැංකුවේ ශක්තිමත් සහ විකුණුම්-කේන්ද්‍රීය සංස්කෘතියේ සාර්ථකත්වය මනාව පිළිබිඹු කෙරේ. බැංකුවේ සමස්ත ප්‍රාග්ධන අනුපාතිකය 13.2% ක් ලෙස වාර්තා විය. එය, නියාමන අවශ්‍යතාවලට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක්වන අතර, එමගින් අනාගත ණය ලබාදීම් සඳහා ස්ථාවර පදනමක් තහවුරු කරයි. සමූහයේ සමස්ත වත්කම් පදනම රු. බිලියන 155.6 සිට රු. බිලියන 184.8 ක් දක්වා 19% කින් වර්ධනය විය. යුනියන් බැංකු සමූහය UB ෆිනෑන්ස් සහ National Asset Management Limited යන සමාගම්වලින් සමන්විත වේ.

ඡායාරූප:
යුනියන් බැංකුවේ සභාපති දිනේෂ් වීරක්කොඩි
යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් රොද්‍රිගෝ

යුනියන් බැංකුව 2025 පළමු අර්ධ වාර්ෂිකය සඳහා රු. මිලියන 834 ක බදු පෙර ලාභයක් වාර්තා කරයි

යුනියන් බැංකුව 2025 පළමු අර්ධ වාර්ෂිකය සඳහා රු. මිලියන 834 ක බදු පෙර ලාභයක් වාර්තා කරයි

යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ පීඑල්සී, ජුනි මස 30 වනදායින් අවසන් වූ 2025 පළමු අර්ධය සඳහා රු. මිලියන 251 ක බදු පසු ලාභයක් වාර්තාකර ඇත. එය, 2024 පළමු අර්ධය සමග සැසඳීමේදී 247% ක වර්ධනයක් වීම විශේෂත්වයකි. අඛණ්ඩව බැංකුවේ ශේෂ පත්‍රය වර්ධනය වීම සහ ක්‍රමෝපායික මෙහෙයුම් වැඩිදියුණු කිරීම් එම ශක්තිමත් වර්ධනයට හේතුවයි.

යුනියන් බැංකුවේ බදු පෙර ලාභය ද රු. මිලියන 834 ක් දක්වා වර්ධනය වී ඇති අතර එය 58% ක වර්ධනයකි. ප්‍රධාන බැංකු මෙහෙයුම් කටයුතුවල සිදු වූ පුළුල් කාර්යසාධනය සහ අනු සමාගම්වල දායකත්වයේ සිදු වූ වැඩි වීම එම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු විය.

කල්බදු සහ උකස් අංශවල ඉලක්කගත වර්ධන ක්‍රමෝපාය හේතුවෙන් 2025 පළමු අර්ධය තුළ බැංකුවේ ශුද්ධ ණය සහ අත්තිකාරම් රු. බිලියන 100 ඉක්මවූ අතර, එය වසර ආරම්භයේ සිට මේ දක්වා 24% ක වර්ධනයකි. එය, බැංකුවේ ආදායම් වර්ධනයට සෘජුවම බලපෑ අතර, ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායමේ 25% ක වර්ධනය සඳහා දායක වූ ඉහළ ණය ධාරිතාව සහ වෙළෙඳ කටයුතු ද ඊට බලපෑ අනෙකුත් සාධක වේ.

තවද, ඉහළ ණය ප්‍රමිතිය සහ ආපසු අයකර ගැනීමේ ක්‍රියාමාර්ග හේතුවෙන්, යුනියන් බැංකුව රු. මිලියන 23 ක ශුද්ධ ණය හානිකරණ ප්‍රත්‍යාවර්තනයක් ද වාර්තා කළේය. ව්‍යාපාරික වර්ධනය සහ ක්‍රමෝපායික වැඩසටහන් සඳහා අඛණ්ඩව සිදු කෙරුණු ආයෝජන හේතුවෙන් මෙහෙයුම් වියදම් ඉහළ ගිය නමුත්, ඉහළ පොළී නොවන ආදායම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව මත මෙහෙයුම් ආදායමේ 8% ක වර්ධනයක් වාර්තා වී තිබේ. වැඩිදියුණු වූ තැන්පතු මිශ්‍රිතය පෙන්නුම් කරමින්, 28.3% ක ඉහළ CASA අනුපාතය හේතුවෙන් රු. බිලියන 108 ක පාරිභෝගික තැන්පතු ප්‍රමාණයක් අදාළ කාලය තුළ වාර්තා විය. බැංකුව ශක්තිමත් ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා මට්ටම් ද පවත්වා ගැනීමට සමත් වූ අතර, සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතිකය (CAR) 13.65% ක් ද, පළමු මට්ටමේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතිකය 12.64% ක් ද ලෙස නියාමන අවශ්‍යතාවලට වඩා කැපීපෙනෙන ලෙස ඉහළ මට්ටමක පැවතීම විශේෂත්වයකි.

යුනියන් බැංකුවේ ශක්තිමත් මුල්‍ය පදනම සහ වර්ධන සැලසුමට අනුව, සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. බිලියන 171 ක් දක්වා වර්ධනය විය.

ලීසිං සේවාව අවශ්‍ය වන පාරිභෝගිකයන්ට වේගවත් සහ පහසු කාරක ප්‍රාග්ධන විසඳුමක් පිරිනමන Turbo Draft පහසුකම හඳුන්වා දීම සහ කල්බදු පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා අනුව සැකසූ මුල්‍ය විසඳුම් සඳහා ප්‍රවේශය තවදුරටත් පුළුල් කරමින් කොහුවල ප්‍රදේශයේ නව කල්බදු මධ්‍යස්ථානයක් විවෘත කිරීම මෙම කාලය තුළ මෙහෙයුම් කටයුතු තුළ සිදු වූ සුවිශේෂී සිදුවීම් අතර වේ. තවද, යුනියන් බැංකුව අන්තර්ජාතික වෙළෙඳ සේවා සඳහා ම වෙන් වූ පරිපූර්ණ මධ්‍යස්ථානයක් ලෙස “Trade Connect” මධ්‍යස්ථානය ද සිය ප්‍රධාන කාර්යාලයේදී ආරම්භ කළේය. මෙම ක්‍රියාමාර්ග මගින්, පාරිභෝගික සහ ව්‍යාපාරික යන අංශ දෙක තුළ යුනියන් බැංකුව හිමිකර ගෙන සිටින විශ්වාසය තවදුරටත් ශක්තිමත් විය.

යුනියන් බැංකුවේ නොසැලෙන ගුණය සහ මෑතකදී දියත් කළ පරිවර්තනීය වැඩසටහන්වල ඵලදායී බව මෙම ශක්තිමත් මුල්‍ය කාර්යසාධනයට හේතු වූ බව එම බැංකුවේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා සඳහන් කළේය. තිරසර වර්ධනයක් අත්කර ගැනීම සඳහා පාරිභෝගික පදනම ශක්තිමත් කිරීමටත්, පුළුල් කිරීමටත් යුනියන් බැංකුව ඉදිරියටත් කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“අඛණ්ඩ ශේෂ පත්‍ර වර්ධනය මෙන්ම වත්කම් හා වගකීම් කළමනාකරණය සඳහා ගත් විනයානුකුල ප්‍රවේශය මත ගොඩනගා ගත් ධනාත්මක ව්‍යාපාරික ගමන, 2025 පළමු කාර්තුවේ මුල්‍ය ප්‍රතිඵල මගින් නිරූපණය වනවා. ඩිජිටල් බැංකුකරණය හරහා පාරිභෝගිකයාට අගය එකතු කිරීම සඳහාත්, පාරිභෝගික-කේන්ද්‍රීය විසඳුම්වලට සහයවන ව්‍යාපාරික ක්‍රමවේද යළි සකස් කිරීම සඳහාත් ප්‍රාග්ධන තාක්ෂණික වර්ධනය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා,” යනුවෙන් යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් රුද්‍රිගු මහතා සිය අදහස් පළ කළේය.

යුනියන් බැංකුව 2023 වසර සඳහා ස්ථාවර කාර්යසාධනයක් වාර්තා කරයි.

යුනියන් බැංකුව 2023 වසර සඳහා ස්ථාවර කාර්යසාධනයක් වාර්තා කරයි.

ශක්තිමත් ජාත්‍යන්තර සමුහයක් වන CG Corp Global (CG) හි අනුබද්ධ සමාගමක් වූ CG Capital Partners Pte, සමාගම Culture Financial Holdings Ltd හි හිමිකාරිත්වය හරහා යුනියන් බැංකුවේ බහුතර කොටස් වක්‍රව අත්පත් කර ගැනීම සමඟ යුනියන් බැංකුව 2023 ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.

2023 දී ප්‍රගතිශීලී සර්ව ආර්ථික දැක්ම සමඟ මූල්‍ය ක්ෂේත්‍රය වඩා හොඳින් සැරිසැරීමට යුනියන් බැංකුව ස්ථානගත විය. 2023 මූල්‍ය වර්ෂය තුළ බැංකුව ස්ථාවර කාර්යසාධනයක් වාර්තා කළ අතර, සමස්ත ආදායම 18% කින් රුපියල් මිලියන 22,410 ක් දක්වා වැඩි විය.

ශුද්ධ පොලී ආදායම (NII) බැංකුවේ ආදායම වැඩිවීම සඳහා ප්‍රධාන සාධකයක් වූ අතර, එය ණය කළඹ සහ භාණ්ඩාගාර වත්කම්වල වැඩි ප්රතිලාභ හේතුවෙන් රුපියල් මිලියන 6,290 දක්වා 8% කින් වැඩි විය. පොලී වියදම් දූරදර්ශීව කළමනාකරණය කිරීමත් සමඟ වත්කම් පොත කාලෝචිත ලෙස ප්‍රතිනිර්මාණය කිරීම හේතුවෙන් බැංකුවේ ශුද්ධ පොලී ආන්තිකය (NIM) 4.7% විය. ක්‍රෙඩිට් කාඩ්පත්, බැංකු රක්ෂණය, සහ වෙළෙඳ සේවා ක්‍රියාකාරකම් වැඩි වීම මගින් ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම 5% කින් රුපියල් මිලියන 1,200 දක්වා වැඩි විය.

අපහයනට පෙර බැංකුවේ මුළු මෙහෙයුම් ආදායම රුපියල් මිලියන 8,098 ක් වූ අතර එය 4% ක වැඩිවීමකි. සමාලෝචිත වර්ෂය සඳහා බැංකුවේ අපහයන ගාස්තුව රුපියල් මිලියන 1,643 ක් විය. උපයෝගිතා ගාස්තු සහ උද්ධමනයේ ප්රතිඵලයක් ලෙස සාමාන්‍ය වියදම්වල
සැලකිය යුතු වැඩිවීම හේතුවෙන්, කළමනාකරණ මුලපිරීම් තිබියදීත්, බැංකුවේ සමස්ත මෙහෙයුම් වියදම් රුපියල් මිලියන 5,120 දක්වා 20% කින් වැඩි විය.

බැංකුවේ බදුවලට පෙර ලාභය (PBT) 2023 දෙසැම්බර් 31 වන විට එහි අනුබද්ධ සමාගම් කොටස් ගිණුම් ඇතුළුව, රුපියල් මිලියන 780 දක්වා 119% කින් වැඩි විය. බැංකුවේ බදු ගෙවීමෙන් පසු ලාභය (PAT) ද රුපියල් මිලියන 379 දක්වා 21% කින් වැඩි විය. සමාජ ආරක්ෂණ බද්ද (SSCL), මූල්‍ය සේවා මත වැඩි කළ වැට් බද්ද සහ ආයතනික බදු අනුපාත වැඩිවීම හේතුවෙන් වසර තුළ බදු ගෙවීම් සැලකිය යුතු ලෙස වැඩි විය.

2023 දෙසැම්බර් 31 වන විට බැංකුවේ මුළු වත්කම් පෙර වසරට සාපේක්ෂව 7% කින් රුපියල් මිලියන 139,087ක් දක්වා වැඩි විය. සමාලෝචිත කාල සීමාව තුළ බැංකුව ශක්තිමත් ද්‍රවශීලතා තත්ත්වයක් පවත්වා ගෙන ගිය අතර ද්‍රව වත්කම් අනුපාතය 37.93% ක් සහ ද්‍රවශීලතා ආවරණ අනුපාතය 787.67%, ක් ලෙස නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළින් විය.

බැංකුවේ ණය සහ අත්තිකාරම් රුපියල් මිලියන 62,208 ක් වූ අතර පාරිභෝගික තැන්පතු රුපියල් මිලියන 87,985 ක් විය. ආර්ථික වර්ධනයන් සහ සියලුම ව්‍යාපාරික අංශ හරහා ශක්තිමත් ප්‍රචාරණ මුලපිරීම් හේතුවෙන් 2023 දෙසැම්බර් 31 වන විට, CASA කළඹ 8% කින් වැඩි වූ අතර CASA අනුපාතය 27% ක් විය.

බැංකුවේ 3 වන මට්ටමේ ණය අනුපාතය 12.5% ක් වූ අතර සමහර විශාල ඇපකර නිරාවරණ 3 වන අදියර වෙත මාරු විය. බැංකුව, නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළින් යුත් ප්‍රාග්ධන මට්ටමක් සිටි අතර 2023 දෙසැම්බර් 31 වන විට බැංකුවේ මුළු සමස්ත ප්‍රාග්ධන අනුපාතය 18.2% ක් විය.

2023 දෙසැම්බර් 31 දක්වා කාලය සඳහා සීමාසහිත UB ෆිනෑන්ස් සමාගම සහ නැෂනල් ඇසෙට් මැනේජ්මන්ට් ලිමිටඩ් සමාගම් වලින් සමන්විත යුනියන් බැංකු සමූහය 72% ක වර්ධනයක් සමග රුපියල් මිලියන 901 ක බදු ගෙවීමට පෙර ලාභයක් (PBT) වාර්තා කල අතර බදු ගෙවීමෙන් පසු ලාභයේ (PAT) 10% වර්ධනයක් සමග රුපියල් මිලියන 464 ක ලාභයක් වාර්තා කරන ලදී. සමූහයේ මුළු වත්කම් රුපියල් මිලියන 147,332 ක් වූ අතර බැංකුවේ කොටස 94% ඉක්මවයි.

යුනියන් බැංකුව 2023 මාස 9 තුළ ස්ථාවර කාර්යසාධනයක් වාර්තා කරයි

යුනියන් බැංකුව 2023 මාස 9 තුළ ස්ථාවර කාර්යසාධනයක් වාර්තා කරයි

2023 සැප්තැම්බර් 30 න් අවසන් වූ මාස 9 තුළ ස්ථාවර කාර්ය සාධනයක් පවත්වාගෙන යාමට යුනියන් බැංකුවට හැකි විය. බැංකුව සාපේක්ෂ කාලපරිච්ඡේදයට වඩා 36% ක වර්ධනයක් වන LKR මිලියන 17,314 ක සමස්ත ආදායමක් සමඟ මූලික බැංකු ක්‍රියාකාරිත්වයේ කැපී පෙනෙන දියුණුවක් වාර්තා කරන ලදි.

ශුද්ධ පොලී ආදායම (NII) බැංකුවේ ආදායම වැඩිවීම සඳහා ප්‍රධාන සාධකයක් වූ අතර, එය ණය කළඹ සහ භාණ්ඩාගාර වත්කම්වල වැඩි ප්රතිලාභ හේතුවෙන් රුපියල් මිලියන 4,822 දක්වා 19% කින් වැඩි විය. බැංකුව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) තබා නොගත් අතර, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (SLDB’s) දේශීය ණය ප්‍රශස්තකරණ (DDO) හි කොටසක් ලෙස රුපියල් (LKR)භාණ්ඩාගාර බැඳුම්කර සඳහා හුවමාරු කරන ලදී.

පොලී වියදම් දූරදර්ශීව කළමනාකරණය කිරීමත් සමඟ වත්කම් පොත කාලෝචිත ලෙස ප්‍රතිනිර්මාණය කිරීම හේතුවෙන් බැංකුවේ ශුද්ධ පොලී ආන්තිකය (NIM) bps 72 කින් වැඩි විය.ක්‍රෙඩිට් කාඩ්පත්, ප්‍රේෂණ සහ වෙළෙඳ සේවා ක්‍රියාකාරකම් වැඩි වීම මගින් ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම 9% කින් වැඩි විය.

අපහයනට පෙර බැංකුවේ මුළු මෙහෙයුම් ආදායම රුපියල් මිලියන 6,185 ක් වූ අතර එය 11% ක වැඩිවීමකි. මෙම කාලසීමාව සඳහා බැංකුවේ අපහයන ගාස්තුව රුපියල් මිලියන 1,200 ක් විය. උපයෝගිතා ගාස්තු, වැටුප් හා විනිමය බලපෑ සාමාන්‍ය වියදම්වල සැලකිය යුතු වැඩිවීම හේතුවෙන්, කළමනාකරණ මුලපිරීම් තිබියදීත්, බැංකුවේ සමස්ත මෙහෙයුම් වියදම් රුපියල් මිලියන 3,838 දක්වා 22% කින් වැඩි විය.

බැංකුවේ බදුවලට පෙර ලාභය (PBT) 2023 සැප්තැම්බර් 30 වන විට එහි අනුබද්ධ සමාගම් කොටස් ගිණුම් ඇතුළුව, රුපියල් මිලියන 717 දක්වා 81% කින් වැඩි විය. බැංකුවේ බදු ගෙවීමෙන් පසු ලාභය (PAT) ද රුපියල් මිලියන 375 දක්වා 65% කින් වැඩි විය. සමාජ ආරක්ෂණ දායක බද්ද (SSCL) සහ ආයතනික බදු අනුපාතිකයේ වැඩිවීම හේතුවෙන් මාස 9 තුළ බදු ගෙවීම් සැලකිය යුතු ලෙස වැඩි විය.

2023 සැප්තැම්බර් 30 වන විට බැංකුවේ මුළු වත්කම් රුපියල් මිලියන 130,319 ක් විය.
සමාලෝචිත කාල සීමාව තුළ බැංකුව ශක්තිමත් ද්‍රවශීලතා තත්ත්වයක් පවත්වා ගෙන ගිය අතර ද්‍රව වත්කම් අනුපාතය 39.16% ක් සහ ද්‍රවශීලතා ආවරණ අනුපාතය 878% ක් ලෙස නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළින් විය. තවද, බැංකුවේ ණය සහ අත්තිකාරම් රු. මිලියන 63,204 ක් ලෙස සටහන් වූ අතර, පාරිභෝගික තැන්පතු රු. මිලියන 85,798 ක් ලෙස සටහන් විය.ආර්ථික වර්ධනයන් සහ සියලුම ව්‍යාපාරික අංශ හරහා ශක්තිමත් ප්‍රචාරණ මුලපිරීම් හේතුවෙන් 2023 සැප්තැම්බර් 30 වන විට, CASA අනුපාතය 24.33% ලෙස වාර්තා විය. බැංකුවේ 3 වන මට්ටමේ ණය අනුපාතය 10.52% දක්වා වැඩිදියුණු විය.

බැංකුව, නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළින් යුත් ප්‍රාග්ධන මට්ටමක් සිටි අතර 2023 සැප්තැම්බර් 30 වන විට බැංකුවේ මුළු සමස්ත ප්‍රාග්ධන අනුපාතය 18.54% ක් විය.

2023 සැප්තැම්බර් 30 දක්වා කාලය සඳහා සීමාසහිත UB ෆිනෑන්ස් සමාගම සහ නැෂනල් ඇසෙට් මැනේජ්මන්ට් ලිමිටඩ් සමාගම් වලින් සමන්විත යුනියන් බැංකු සමූහය 57% ක වර්ධනයක් සමග රුපියල් මිලියන 825 ක බදු ගෙවීමට පෙර ලාභයක් (PBT) වාර්තා කල අතර බදු ගෙවීමෙන් පසු ලාභයේ (PAT) 52% වර්ධනයක් සමග රුපියල් මිලියන 459 ක ලාභයක් වාර්තා කරන ලදී.

සමාලෝචිත කාලසීමාව තුළ බැංකුව නව ව්‍යාපාරික අපේක්ෂාවන් කෙරෙහි අවධානය යොමු කළ අතර සියලුම ව්‍යාපාරික අංශ හරහා පාරිභෝගික අත්පත් කර ගැනීමේ වැඩසටහන් කිහිපයක් ආරම්භ කළේය. බැංකුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා SME ණය යෝජනා ක්‍රමය (SMELoc) හරහා අඛණ්ඩව අරමුදල් සපයන අතර කුඩා තේ වතු හිමියන්, පොල් වගා කරන්නන් සහ කාන්තා ව්‍යවසායකයින් කෙරෙහි අවධානය යොමු කරමින් සිය සහයෝගය සහ උපදේශනය වැඩි දියුණු කළේය. යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් මගින් කාඞ්පත් හිමියන්ට වඩා හොඳ මූල්‍ය සැලසුම්කරණයක් ලබා දීම සඳහා ආකර්ශනීය ඉතුරුම් සහ 0% ගෙවීමේ සැලසුම් අඛණ්ඩව ලබා දුන්නේය. 2023 දී ද බැංකුව LMD හි වඩාත්ම ගෞරවනීය ආයතන අතරට ශ්‍රේණිගත විය. ෆිච් ශ්‍රී ලංකා (Fitch) යුනියන් බැංකුවේ BBB-(lka) ශ්‍රේණිගත කිරීම ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව යලිත් තහවුරු කළ අතර Rating Watch Negative ද ඉවත් කරන ලදී.

2023 ඔක්තෝම්බර් 24 වැනි දින, යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට TPG සහ CG Capital Partners Global Pte Ltd අතර ගනුදෙනුව අවසන් වූ බවට විධිමත් දැනුම්දීමක් ලැබුණු අතර Culture Financial Holdings හි හිමිකාරිත්වය හරහා CG Capital Partners දැන් යුනියන් බැංකුවේ ප්‍රධාන කොටස් හිමියා විය. CG සමූහය සමඟ ඇති නව හවුල්කාරිත්වය බැංකුවේ මූල්‍ය ස්ථාවරත්වය යළි තහවුරු කරන අතර සංවර්ධනය සහ ප්‍රගතිය සඳහා අත්වැලක් සපයයි.

සේයා රූ සටහන:
ට්රෙවින් ප්‍රනාන්දුපුල්ලේ, වැඩ බලන සභාපති, යුනියන් බැංකුව
ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ, විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී,යුනියන් බැංකුව

යුනියන් බැංකුව 2023 පළමු අර්ධය තුළ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි

යුනියන් බැංකුව 2023 පළමු අර්ධය තුළ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි

අඛණ්ඩව උද්ධමනය පහළ යාම සහ දේශීය ණය ප්‍රශස්තකරණ (DDO) නිවේදනයෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) සහතිකය හේතුවෙන් මේ වසරේ පළමු මාසය හයක කාලය තුළ ශ්‍රී ලාංකේය සාර්ව-ආර්ථික පසුබිමෙහි වර්ධනයක් ඇති විය.

2023 පළමු අර්ධය තුළ, ප්‍රධාන බැංකුකරණ කාර්යසාධනයේ වර්ධනයක් අත්කර ගනිමින්, රු.මිලියන 11,729 ක සමස්ත ආදායමක් අත්කර ගැනීමට යුනියන් බැංකුව සමත් විය. එය, පසුගිය වසරේ පළමු අර්ධය සමග සැසඳීමේදී 58% ක වර්ධනයකි.

රු. මිලියන 3,118 ක් දක්වා 24% කින් වර්ධනය වූ ශුද්ධ පොළී ආදායම (NII) බැංකුවේ සමස්ත ආදායමට ප්‍රධාන වශයෙන් හේතු විය. ණය සේවා සහ භාණ්ඩාගාර වත්කම්වලින් හිමි වූ වර්ධිත ආදායම එම පොළී ආදායමට පදනම විය. GSEC ප්‍රාග්ධන හිමිවීම් සහ FX ලාභය යන ක්ෂේත්‍ර සඳහා භාණ්ඩාගාරය කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන්නේය. බැංකුව සතුව කිසිඳු ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයක් (ISBs) නොමැති අතර, බැංකුව සතුව පැවති ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ද (SLDBs) කල්පිරී ඇති බැවින් ඒවා පියවීමට නියමිතය. වත්කම් පොත කාලෝචිතව ප්‍රතිමිලකරණය කිරීම සහ පොළී වියදම් දූරදර්ශී ලෙස කළමනාකරණය කිරීම හේතුවෙන් 82 bps කින් ශුද්ධ පොළී ආන්තිකය (NIM) වර්ධනය විය.

යුනියන් බැංකුවේ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම ද 18% කින් වර්ධනය වූ අතර, ක්‍රෙඩිට් කාඩ්පත්, ප්‍රේෂණ සහ වෙළෙඳ සේවා තුළ ක්‍රියාකාරකම් වර්ධනය වීම එම වර්ධනයට හේතු විය. අපහායනයට පෙර බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම රු. මිලියන 4,029 ක් ලෙස වාර්තා වූ අතර, එය 13% ක වර්ධනයකි. දැඩි ප්‍රතිසාධන ක්‍රියාමාර්ග හේතුවෙන්, පසුගිය වසරේ පළමු අර්ධයට සාපේක්ෂව බැංකුවේ අපහායන ගාස්තුවල පහල බැසීමක් පෙන්නුම් කළ අතර එය රු. මිලියන 726 ක් විය. දූරදර්ශී පිරිවැය කළමනාකරණ ක්‍රියාමාර්ග අනුගමනය කළ ද, බැංකුවේ සමස්ත මෙහෙයුම් පිරිවැය රු. මිලියන 2,496 ක් දක්වා 21% කින් ඉහළ ගියේය. වැටුප් වර්ධක, උපයෝගිතා බදු සහ විදේශ විනිමය උච්ඡාවචනය ඊට ප්‍රධාන වශයෙන් බලපෑවේය.

තවද, 2023 ජුනි මස 30 වනදාවන විට සමූහයේ අනුබද්ධිත සමාගම්වල කොටස් මිල ද ඇතුළුව බැංකුවේ බදු පෙර ලාභය (PBT) රු. මිලියන 533 ක් දක්වා 76% කින් වර්ධනය වූ අතර, බැංකුවේ බදු පසු ලාභය (PAT) ද රු. මිලියන 295 ක් දක්වා 94% ක කැපීපෙනෙන ලෙස වර්ධනය විය.

2023 ජුනි මස 30 වනදාවන විට බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. මිලියන 128,904 ක් ලෙස සටහන් විය. සමාලෝචන කාලය තුළ ශක්තිමත් ද්‍රවශීලතා මට්ටමක් පවත්වා ගැනීමට බැංකුව සමත් විය. තවද, බැංකුවේ ණය සහ අත්තිකාරම් රු. මිලියන 62,446 ක් ලෙස සටහන් වූ අතර, පාරිභෝගික තැන්පතු රු. මිලියන 88,907 ක් ලෙස සටහන් විය. 2023 ජුනි මස 30 වනදාවන විට CASA අනුපාතය 25.19% ක් ලෙස වර්ධනයක් පෙන්නුම් කළේය. සියලු ව්‍යාපාරික අංශවල ක්‍රියාත්මක කෙරුණු ශක්තිමත් ක්‍රියාමාර්ග සහ සාර්ව-ආර්ථික බලවේග එම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු විය. බැංකුවේ 3 වන මට්ටමේ ණය අනුපාතය 10.5% ක් ලෙස වාර්තා විය.

2023 පළමු අර්ධය තුළ ද, නියාමන අවශ්‍යතාවලට ඉතා ඉහළ, ශක්තිමත් ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා මට්ටමක් පවත්වා ගැනීමට බැංකුව සමත් විය. ඒ අනුව, බැංකුවේ සමස්ත ප්‍රාග්ධන අනුපාතය 2023 ජුනි මස 30 වනදාවන විට 19.01% ක් ලෙස වාර්තා විය.

UB Finance සහ National Asset Management Ltd. සමාගම්වලින් සමන්විත යුනියන් බැංකු සමූහය, සමස්තයක් ලෙස වර්ධිත කාර්යසාධනයක් වාර්තා කළේය. 2023 ජුනි මස 30 වනදාවන විට, සමූහයේ බදු පෙර ලාභය රු. මිලියන 618 ක් දක්වා 56% ක වර්ධනයක් පෙන්නුම් කළ අතර, බදු පසු ලාභය රු. මිලියන 364 ක් දක්වා 77% ක වර්ධනයක් පෙන්නුම් කළේය. සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. මිලියන 136,991 ක් ලෙස වාර්තා වූ අතර ඉන් 94% ක් සඳහා බැංකුව දායක විය.

සමාලෝචන කාලය තුළ බැංකුව, ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමේ අරමුණින් යුතුව පාරිභෝගිකයින් ඇතුළත්කර ගැනීමේ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කළේය. බැංකුවේ ප්‍රතිමුල්‍යයයන වැඩසටහන් මගින්, කාන්තා ව්‍යවසායිකාවන් ඇතුළු පුළුල් පරාසයක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා අරමුදල් සම්පාදනය කිරීමට බැංකුවට හැකි විය. යුනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් අංශය ද, සුපිරි වෙළෙඳසැල්, ආහාර-පාන සහ සාප්පු සංකීර්ණ ඇතුළු විවිධ අලෙවිකරුවන් සමග අත්වැල් බැඳ ගනිමින් ඉතුරුම් සහ මුදල් ආපසු ලබා දීමේ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කළ අතර, සෞඛ්‍යය, අධ්‍යාපනය, මෝටර්රථ සේවා, විවේකාස්වාද සහ සංචාර ආදී ක්ෂේත්‍රවල මිලදී ගැනීම් සඳහා පොළී රහිත පහසු ගෙවීමේ පහසුකම ද ලබා දීමට කටයුතු කළේය. Brand Finance ආයතනය විසින් නිකුත් කරන ලද නවත ම ශ්‍රේණිගතකිරීමට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම සන්නාම 100 අතර අඛණ්ඩව රැඳී සිටීමට ද යුනියන් බැංකුව සමත් විය. තවද, කාන්තා කළමනාකරිනියන්ගේ ජාලයක් ස්ථාපනය කිරීම වෙනුවෙන් යුනියන් බැංකුව 2023 Satyn CIMA Women Friendly Workplace සම්මාන උළෙලේදී ඇගයුමට ද පාත්‍ර විය.

සේයා රූ සටහන:
අතුල් මලික්, සභාපති, යුනියන් බැංකුව
ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ, අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, යුනියන් බැංකුව

යුනියන් බැංකුව 2023 පළමු කාර්තුව සඳහා ශක්තිමත් ආදායම් වර්ධනයක් අත්කර ගනී

යුනියන් බැංකුව 2023 පළමු කාර්තුව සඳහා ශක්තිමත් ආදායම් වර්ධනයක් අත්කර ගනී

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) විසින් අනුමත කරන ලද විස්තීරණ අරමුදල් පහසුකම (EFF) හේතුවෙන් 2023 පළමු කාර්තුව තුළ ශ්‍රී ලාංකේය ආර්ථිකය තුළ අඛණ්ඩ වර්ධන තත්ත්වයක් දැකගත හැකි විය. කැපීපෙනෙන ලෙස විදේශ විනිමය අනුපාත අගය වැඩි වීම, උද්ධමනය පාලනය වීම, භාණ්ඩාගාර බිල්පත් අගය සැලකිය යුතු මට්ටමින් පහත වැටීම සහ තෝරාගත් භාණ්ඩ සඳහා පනවන ලද ආනයන සීමා හේතුවෙන් බැංකු ක්ෂේත්‍රයට සිය ව්‍යාපාරික අවධානය ප්‍රතිගැලපුම්කරණයට ලක් කිරීමට සිදු විය. ශක්තිමත් ප්‍රාග්ධනකරණය හරහා බැංකුකරණ පද්ධතිය ස්ථාවරව පවත්වා ගැනීමේ වැදගත්කම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යළිත් අවධාරණය කරමින් සිටින මොහොතක, යුනියන් බැංකුව නියාමන අවශ්‍යතාවලට ඉහළ මට්ටමකින් සිය ප්‍රාග්ධන මට්ටම පවත්වා ගනිමින් නොසැලී සිටී.

2023 පළමු කාර්තුව තුළ යුනියන් බැංකුවේ සමස්ත ආදායම රු. මිලියන 2,064 ක් දක්වා වර්ධනය වූ අතර, එය පසුගිය වසරේ පළමු කාර්තුව සමග සැසඳීමේදී 25% ක වර්ධනයකි. සැලකිලිමත් ලෙස නව ව්‍යාපාරික අවස්ථා හිමිකර ගන්නා අතර ව්‍යාපාරික කටයුතු ඉතා ප්‍රවේසමින් කළමනාකරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බැංකුවේ මූලික බැංකුකරණ කාර්යසාධනය වර්ධනය වීම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපෑවේය.

බැංකුවේ ශුද්ධ පොළී ආදායමේ (NII) සිදු වූ වර්ධනය මෙම ආදායම් වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක විය. එය, රු. මිලියන 1,622 ක් දක්වා 49% ක වර්ධනයක් වූ අතර, ණය සේවාවල සහ භාණ්ඩාගාර වත්කම්වල ප්‍රතිමිලකරණය හේතුවෙන් හිමි වූ ආදායම මත පදනම් විය. අන්තර්-බැංකු වෙළෙඳපොළ අවස්ථාවලින් ඵල නෙලා ගන්නා අතරම බැංකුවේ භාණ්ඩාගාරය රජයේ සුරැකුම්පත් දූරදර්ශී ලෙස කළමනාකරණය කළේය. වත්කම් පොත නියමිත කාලයට ප්‍රතිමිලකරණය කිරීම සහ පොළී වියදම් දූරදර්ශී ලෙස කළමනාකරණය කිරීම හේතුවෙන් බැංකුවේ ශුද්ධ පොළී ආන්තිකය (NIM) 172bps අගයකින් ඉහළ ගියේය. වෙළෙඳ ව්‍යාපාර අංශයේ සිදු වූ කැපීපෙනෙන වර්ධනය සහ තැන්පතුවලට අදාළ ගාස්තු සහ ක්‍රෙඩිට් කාඩ්පත් ගාස්තු හේතුවෙන් බැංකුවේ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම ද 26% කින් රු. මිලියන 321 ක් දක්වා වර්ධනය විය.

පසුගිය වසරේ පළමු කාර්තුව තුළ රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් බැංකුවට සැලකියයුතු මට්ටමේ විදේශ විනිමය ආදායමක් හිමිකර ගැනීමට හැකි වූ අතර, මෙම වසරේ පළමු කාර්තුව තුළ රුපියල අධිප්‍රමාණය වීම බැංකුවේ වෙනත් මෙහෙයුම් ආදායමට අහිතකර ලෙස බලපෑවේය. ඒ අනුව බැංකුවේ වෙනත් මෙහෙයුම් ආදායම රු. මිලියන 9.2 ක් දක්වා 97% කින් පහත වැටුණු අතර එය බැංකුවේ ලාභ මට්ටමට අහිතකර ලෙස බලපෑවේය.

අයකර ගැනීමේ සහ එකතුකර ගැනීමේ ක්‍රියාකාරකම් වෙතට එල්ල වූ අඛණ්ඩ අභියෝග හමුවේ බැංකුවට දූරදර්ශී ලෙස අපහායන වියදම් කළමනාකරණයකර ගැනීමට සිදු වූ අතර එය බැංකුවේ ලාභ මට්ටමට අහිතකර ලෙස බලපෑවේය. එහි ප්‍රතිඵලයක් ලෙස පළමු කාර්තුව තුළ බැංකුවේ අපහායන ගාස්තු රු. මිලියන 450 ක් ලෙස වාර්තා වූ අතර, එය පසුගිය වසරේ පළමු කාර්තුව සමග සැසඳීමේදී 56% ක වර්ධනයකි.

දැඩි පිරිවැය කළමනාකරණ ක්‍රියාමාර්ග මධ්‍යයේ වුවද, උද්ධමනය හේතුවෙන් පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුව තුළ බැංකුවේ සමස්ත මෙහෙයුම් වියදම් රු. මිලියන 1,213 ක් දක්වා 23% කින් වර්ධනය විය. එහි ප්‍රතිඵලයක් ලෙස බැංකුවේ මෙහෙයුම් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල රු. මිලියන 401 ක් ලෙස වාර්තා විය.

අනු සමාගම්වල ගිණුම්ගත කොටස් ද ඇතුළුව බැංකුවේ සියලු බදු පෙර ලාභය රු. මිලියන 422 ක් ලෙස ද බදු පසු ලාභය (PAT) රු. මිලියන 145 ක් ලෙස ද වාර්තා විය. පසුගිය වසරේ පළමු කාර්තුව සමග සැසඳීමේදී, ආයතනික බදු, වැට් බදු සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදුවල සිදු වූ කැපීපෙනෙන වැඩිවීම බැංකුවේ වත්මන් ශුද්ධ ලාභයට අහිතකර ලෙස බලපෑවේය.

2023 මාර්තු 31 වනදා වන විට බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. මිලියන 118,800 ක් ලෙස වාර්තා විය. වෙළෙඳපොළේ සීමිත අවස්ථා සහ, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අධිප්‍රමාණය වීමේ ප්‍රතිඵලයක් ලෙස විදේශ විනිමය ණය ප්‍රතිප්‍රමාණය කිරීම හේතුවෙන් බැංකුවේ ණය සහ අත්තිකාරම් රු. මිලියන 62,978 ක් දක්වා යම් අඩුවක් පෙන්නුම් කළේය. එමෙන්ම, විදේශ විනිමය තැන්පතුවල සිදු කෙරුණු අවරෝහණ ප්‍රතිප්‍රමාණය කිරීම හේතුවෙන් බැංකුවේ වගකීම් පොතෙහි පහල යාමක් පෙන්නුම් කළේය. පළමු කාර්තුව තුළ බැංකුව ශ්‍රී ලංකා රුපියල් මෙන්ම විදේශ මුදල් ඒකක මත ද ශක්තිමත් ද්‍රවශීලතා මට්ටමක් පවත්වා ගැනීමට සමත් වූ අතර, පළමු කාර්තුව අවසානවන විට බැංකුවේ තැන්පතු ප්‍රමාණය රු. මිලියන 90,250 ක් ලෙස වාර්තා විය. දූරදර්ශී ලෙස තැන්පතු ක්‍රියාවේ යෙදවීම සහ ක්‍රමෝපායික වශයෙන් ආන්තික කළමනාකරණය කිරීම එම ප්‍රතිඵලවලට පදනම් විය. CASA ( ජංගම සහ ඉතුරුම් ගිණුම් ) අනුපාතිකය ද 25.5% කින් වර්ධනය විය. බැංකුවේ සමස්ත ප්‍රාග්ධන අනුපාතිකය 18.55% ක් ලෙස, නියාමන සීමාවලට වඩා ඉහළ මට්ටමක සටහන් විය.

යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ පීඑල්සී (Union Bank of Colombo PLC), UB Finance Company Ltd සහ National Asset Management Ltd යන සමාගම්වලින් සැදුම්ලත් යුනියන් බැංකු සමූහය, 2023 පළමු කාර්තුව සඳහා රු. මිලියන 496 ක සියලු බදු පෙර ලාභයක් සහ රු. මිලියන 174 ක බදු පසු ලාභයක් වාර්තා කළේය. සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. මිලියන 125,803 ක් ලෙස වාර්තා වූ අතර ඉන් 94% ක ප්‍රමාණයක් සඳහා දායක වූයේ බැංකුවයි.

සමාලෝචන කාලය තුළ, Transparency International ශ්‍රී Lanka (TISL) ආයතනය විනිවිදභාවය වෙනුවෙන් මෙරට පොදු සීමිත වගකීම් සමාගම් 100 අතරට යුනියන් බැංකුව ශ්‍රේණිගත කළේය. 2022 වසර සඳහා බැංකුව එම සමාගම් 100 අතරින් 14 වන ස්ථානයේ ශ්‍රේණිගත කෙරුණු අතර, ආයතනික විනිවිදභාවය යන කාණ්ඩය යටතේ ‘මුළුමනින්ම විනිදභාවයෙන් යුතු’ ලෙස ද, දූෂණ විරෝධී සහ දේශීය මුල්‍යයන වාර්තාකරණය යන කාණ්ඩය යටතේ ‘කැපීපෙනෙන ලෙස විනිවිදභාවයෙන් යුතු’ ලෙස ශ්‍රේණිගත විය.

යූනියන් බැංකුව අභියෝග අතර 2022 මූල්‍ය වර්ෂය තුළ ශක්තිමත් ආදායම් වර්ධනයක් වාර්තා කරගනී

යූනියන් බැංකුව අභියෝග අතර 2022 මූල්‍ය වර්ෂය තුළ ශක්තිමත් ආදායම් වර්ධනයක් වාර්තා කරගනී

බැංකුව:

  • දළ ආදායම රු. මිලියන 18,966 දක්වා 73% කින් ඉහළට
  • ශුද්ධ පොලී ආදායම රු. මිලියන 5,814 දක්වා 36.6% කින් ඉහළට
  • ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රු. මිලියන 1,143 දක්වා 32.8% කින් ඉහළට
  • ශුද්ධ පොලී ආන්තිකය 116bps මට්ටමකින් ඉහළට
  • සියලු බදුවලට පෙර සමස්ත මෙහෙයුම් ලාභය රු. මිලියන 925 ක්
  • බදු-පසු ලාභය රු. මිලියන 314 ක්
  • වත්කම්වල මුළු වටිනාකම රු. මිලියන 129,483 ක්
  • සමස්ත ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතය 18.26% ක්

සමූහය

  • සියලු බදුවලට පෙර සමස්ත මෙහෙයුම් ලාභය රු. මිලියන 991 ක්

යූනියන් බැංකුව 2022 මූල්‍ය වර්ෂයේ අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින්, නැවතත් ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කිරීමට සමත් වී ඇත. තම ශක්තිමත් ප්‍රාග්ධන පදනමින් පන්නරය ලබමින්, වෙනස් වන තත්ත්වයන්ට නොපමාව අනුගත වෙමින්, සමස්ත ආදායමේ වර්ධනයක් වාර්තා කරගැනීමටත්, ඒ ඔස්සේ වර්ෂයේ ප්‍රධාන බැංකුකරණ කාර්යසාධන අගයන්හි පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කිරීමටත් බැංකුව සමත් වී ඇත. නව ව්‍යාපාරික අවස්ථා සුපරීක්ෂාකාරී ලෙස තෝරාගනිමින්, දැඩි අවදානම් සහ ප්‍රතිසාධන රාමුවක් තුළ තම ව්‍යාපාර කටයුතු කළමනාකරණය කිරීම නිසා, මෙම විශ්ලේෂණයට අදාළ වර්ෂය සඳහා බැංකුවේ දළ ආදායම 73% ක් වැනි සැලකිය යුතු මට්ටමකින්, එනම් රුපියල් මිලියන 18,966 දක්වා වර්ධනය විය.

ණය සේවාවන් එකතුව සහ භාණ්ඩාගාර වත්කම් නැවත මිලකිරීම නිසා ශුද්ධ පොලී ආදායම රු. මිලියන 5,814 දක්වා 36.6% කින් වර්ධනය වී තිබේ. පොලී වියදම් සුපරීක්ෂාකාරී ලෙස කළමනාකරණය කිරීම නිසා, ශුද්ධ පොලී ආන්තිකය 116bps මට්ටමකින් ඉහළ ගොස් ඇත. ජාත්‍යන්තර වෙළඳාම්, ප්‍රේෂණ, සහ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් සම්බන්ධ ක්‍රියාකාරකම් වර්ධනය වීම නිසා, ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම 32.8% කින් වර්ධනය වී රු. මිලියන 1,143 ක් ලෙස වාර්තා වී තිබේ. විදේශ විනිමය හුවමාරු ආදායම සහ ඉපැයුම් නිසා වෙනත් මෙහෙයුම් ආදායමද 121% කින් ඉහළ ගොස් ඇත.

සාර්ව ආර්ථික තත්ත්වයන් නිසා ඇති වූ දුෂ්කරතා මෙන්ම ණය ලබාගත් පුද්ගලයන් මුහුණ දෙන පීඩනයන් හේතුවෙන්, ණය පැහැර හැරීම් සම්බන්ධ ප්‍රතිපාදන වැඩිකිරීමට බැංකුවට සිදු වූ අතර, එය බැංකුවේ ලාභාදායීත්වයට අහිතකර ලෙස බලපා තිබේ. මෙම විශ්ලේෂණයට අදාළ වර්ෂයේ අක්‍රීය ණය ගාස්තුව රු. මිලියන 2,556 ක් වූ අතර, මෙය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 174% ක වැඩිවීමකි.

වියදම් කළමනාකරණය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගනු ලැබුවද, බැංකුවේ සමස්ත මෙහෙයුම් වියදම් රු. මිලියන 588 දක්වා වර්ධනය වී තිබේ. මෙය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 16% ක වර්ධනයකි. රුපියලේ අගය අවප්‍රමාණය වීම සහ උපයෝගීතා සේවා ගාස්තු ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

මෙහෙයුම් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලය රු. මිලියන 925 ක් වූ අතර, 2022 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ වර්ෂය සඳහා බැංකුවේ අනුබද්ධ සමාගම්වල කොටස් හිමිකාරීත්වයද ඇතුළුව සියලුම බදුවලට පෙර බැංකුවේ ලාභය රු. මිලියන 788 ක් විය. බැංකුවේ බදු-පසු ලාභය වාර්තා වන්නේ රු. මිලියන 314 ක් වශයෙනි.

2022 දෙසැම්බර් 31 දින වනවිට, බැංකුවේ සමස්ත වත්කම් වටිනාකම රු. මිලියන 129,483 දක්වා 9.4% කින් වර්ධනය විය. පෞද්ගලික අංශයේ ණය සහ ණය දීමේ හැකියාවන් සංකෝචනය වීමත් සමග, වසර අවසානය වන විට බැංකුවේ ණය සහ අත්තිකාරම් ප්‍රමාණය රු. මිලියන 67,727 ක් විය. වර්ෂය තුළදී, තම වත්මන් ගනුදෙනුකරුවන්ට ණය දීම පුළුල් කරමින්, ණය සේවාවන්හි ගුණාත්මකභාවය පවත්වා ගන්නා අතරම, තෝරාගත් ණය දීමේ අවස්ථා පමණක් භාවිතා කිරීම කෙරෙහි සියලුම ව්‍යාපාර කාණ්ඩවල මූලික අවධානය යොමු වී තිබිණි. ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් යෝජනා ක්‍රමයක් හරහා, මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල පැවැත්ම හා පුනර්ජීවනය වෙනුවෙන් අරමුදල් සැපයීමට බැංකුවට හැකියාව ලැබිණි. අවශ්‍යතාව පරිදි සැලසුම් කරගත හැකි ආපසු ගෙවීම් ක්‍රම හඳුන්වා දෙමින්, බලපෑමට ලක්වූ ගනුදෙනුකරුවන්ට අත්වැලක් වීමට බැංකුව දිගින් දිගටම කටයුතු කළ අතර, ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දුන් සහන විධිවිධානද ක්‍රියාවට නංවන ලදි.

වසර පුරාම ශ්‍රී ලංකා රුපියල් මෙන්ම විදේශ මුදල්වලින් ශක්තිමත් ද්‍රවශීලතා මට්ටමක් පවත්වා ගැනීමට බැංකුවට හැකි විය. පාරිභෝගික තැන්පතු ස්ථාවර ලෙස පැවති අතර, අනුපාතයන් වෙනස් වීමට සමගාමීව තැන්පතු අතිශය විධිමත් ලෙස කළමනාකරණය කිරීම නිසා තැන්පතු ප්‍රමාණය රු. මිලියන 92,592 දක්වා 11% කින් ඉහළ ගොස් තිබේ. 2022 දෙසැම්බර් 31 දින වනවිට බැංකුවේ ජංගම සහ ඉතුරුම් ගිණුම් (CASA) අනුපාතය 23% ක් වැනි යහපත් මට්ටමක පැවතිණි. බැංකුවේ 3 වන පෙළ ණය අනුපාතය 19% ක් විය.

බැංකුවේ ප්‍රාග්ධන සප්‍රමාණතා මට්ටම, නියාමන අවශ්‍යතාවන්ට වඩා පැහැදිලි ලෙසම ඉහළ මට්ටමක පවතී. 2022 දෙසැම්බර් 31 දින වනවිට බැංකුවේ සමස්ත ප්‍රාග්ධන අනුපාතය 18.26% ක් විය. ආර්ථික පරිසරයේ පවතින දුෂ්කරතා හේතුවෙන් Fitch මගින් බැංකුවේ ණය ශ්‍රේණිගත කිරීම ‘BBB-(lka) with a Negative Rating Watch’ ලෙස නැවත තහවුරු කරන ලදි.

Union Bank of Colombo PLC, UB Finance Company Ltd., සහ National Asset Management Ltd. යන සමාගම් වලින් සමන්විත යූනියන් බෑන්ක් සමූහ ව්‍යාපාරය, 2022 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ වර්ෂය තුළ, රු. මිලියන 991 ක බදු-පෙර ලාභයක් සහ රු. මිලියන 423 ක බදු-පසු ලාභයක් වාර්තා කර ඇත. සමූහයේ වත්කම් වල සමස්ත වටිනාකම රු. මිලියන 136,679 ක් වූ අතර, එය 10% ක වර්ධනයකි. මේ සඳහා බැංකුවේ දායකත්වය 95% ක මට්ටමක පැවතීම, සමූහයේ ක්‍රියාකාරීත්වයේ වර්ධනයට බැංකුව මගින් ලැබී ඇති සුවිශාල දායකත්වයට සාක්ෂි දරයි.

අභියෝගකාරී වර්ෂයක් තුළ ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන අවශ්‍යතා දයාන්විත ලෙස වටහා ගනිමින්, ඩිජිටල් සේවාවන් පිළිබඳව විශේෂ අවධානයකින් යුතුව අඛණ්ඩව සේවාවන් සැපයීමට බැංකුව කටයුතු කළේ ය. තොරතුරු තාක්ෂණ පද්ධතිවල ආරක්ෂාව සහ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීම සඳහා බැංකුව අදාළ වර්ෂය තුළ ඩිජිටල් පරිවර්තන සහ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ව්‍යාපෘති කිහිපයක් වෙනුවෙන් ආයෝජනයන් සිදුකළ අතර, දත්ත මධ්‍යස්ථානය සහ ATM Switch වැඩිදියුණු කිරීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව සහ වරාය අධිකාරිය වෙත ගෙවීම් කිරීමේ පහසුකම සලසා දීම සඳහා LankaPay මාර්ගගත ගෙවීම් ජාලයට සම්බන්ධ වීමට බැංකුව පියවර ගත් අතර, ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සැලසීමේ අරමුණින් තම නියෝජිත බැංකුකරණ සේවාව හරහා, කාගිල්ස් ෆුඩ්සිටි (Cargills FoodCity) ජාලය භාවිතා කරමින් මුදල් තැන්පත් කිරීමේ සහ ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ගෙවීම් කිරීමේ පහසුකම ලබාදීමට බැංකුව කටයුතු කළේ ය. තවද, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහ අනෙකුත් ආයතනික පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන්, තම මුදල් කළමනාකාර විසඳුම වන Union Bank BizDirect සේවාව හරහා අදාළ ස්ථානයේදීම චෙක්පත් මුද්‍රණය කිරීමේ පහසුකම ඇතුළු තවත් පහසුකම් රාශියක් හඳුන්වා දෙන ලදි. එපමණක් නොව, වර්ෂය තුළ LMD මගින් ප්‍රකාශයට පත්කරනු ලබන ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමයන් ලැයිස්තුවේ ඇතුලත් වීමත් සමග, මෙරට වඩාත්ම ගෞරවය දිනූ සමාගම් හා ආයතන ඇතුළත් LMD ලැයිස්තුවට ඇතුළත් වීමටද යූනියන් බැංකුව සමත් විය.

ඡායාරූප:
අතුල් මලික්, සභාපති, යූනියන් බැංකුව
ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ, අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, යූනියන් බැංකුව

යූනියන් බැංකුව අභියෝග හමුවේ 2022 තුන්වන කාර්තුවේදී මූලික බැංකුකරණ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරගනී

යූනියන් බැංකුව අභියෝග හමුවේ 2022 තුන්වන කාර්තුවේදී මූලික බැංකුකරණ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරගනී

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇතිකරගැනීමෙන් පසුව පවා ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයට 2022 වසරේ තුන්වැනි කාර්තුවේදීද දිගින් දිගටම අභියෝග වලට මුහුණ දීමට සිදු විය. ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට ඉක්මන් සහනයක් ලබා ගැනීම සඳහා ආර්ථිකය තවදුරටත් බැංකු ක්ෂේත්‍රයේ සහය බලාපොරොත්තු විය. රුපියල අවප්‍රමාණය වීම, විදේශ විනිමය හිඟය, පොලී අනුපාත වැඩිවීම සහ ආනයන තාවකාලික තහනම් කිරීම හේතුවෙන් ආනයනය අඩු වීම ආදිය නිසා බැංකුවල ප්‍රගතිය සහ ණය වර්ධනයට දිගින් දිගටම බලපෑම් එල්ල විය.

මෙම පසුබිම තුළ යූනියන් බැංකුව ස්ථාවර මූලික බැංකුකරණ ක්‍රියාකාරීත්වයක් වාර්තා කරගත් අතර, විචක්ෂණ අවදානම් ප්‍රවේශයක් තුළින් ණය අය කරගැනීම් කළමනාකරණය සහ තෝරාගත් ව්‍යාපාරික අවස්ථා හඹා යාමත් සමඟ, ගනුදෙනුකරුවන්ට සහ ව්‍යාපාර සඳහා අභියෝග හමුවේ ශක්තිමත්ව ඉදිරියට යාමට අත්වැලක් විය.

මූලික බැංකුකරණ ක්‍රියාකාරීත්වය සහ ලාභදායීත්වය

අභියෝග හා දුෂ්කරතා පිරුණු මෙහෙයුම් වාතාවරණයට ශක්තිමත් ලෙස මුහුණ දෙමින්, යූනියන් බැංකුව තම මූලික බැංකුකරණ ක්‍රියාකාරීත්වය මෙම කර්තුවේද ඉහළ නංවා ගැනීමට සමත් වී තිබේ. තුන්වැනි කාර්තුවේ සමස්ත ආදායම රු. මිලියන 5,343 ක් වූ අතර, එය පසුගිය වර්ෂයේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 109% ක වර්ධනයකි. 2022 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ මාස 9 ක කාලය තුළ බැංකුවේ සමස්ත ආදායම 55% කින් වර්ධනය වී, රු. මිලියන 12,769 ක් ලෙස වාර්තා වී තිබේ.

ණය එකතුව සහ භාණ්ඩාගාර වත්කම් ප්‍රතිමිල කිරීම හේතුවෙන් ශුද්ධ පොලී ආදායම 58% කින් වර්ධනය වී ඇත. පොලී වියදම් විචක්ෂණශීලී ලෙස කළමනාකරණය කිරීම නිසා ශුද්ධ පොලී ආන්තිකය 83 bps ප්‍රමාණයකින් වැඩි විය.

දේශීය හා ජාත්‍යන්තර මුදල් හුවමාරු කිරීම්, ATM ගනුදෙනු, ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත්, ප්‍රේෂණ, සහ ආනයන අපනයන කටයුතු ආදිය වැඩි වීම හේතුවෙන් ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම 53% කින් වර්ධනය වී ඇත. විදේශ විනිමය හුවමාරු අදායම් සහ ඉපැයුම් හේතුවෙන් වෙනත් මෙහෙයුම් අදායම 23% කින් වර්ධනය වී තිබේ.

අපහායන ගාස්තු සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට පෙර 3 වන කාර්තුවේ මෙහෙයුම් ආදායම රු. මිලියන 1,977 ක් වූ අතර, එය 45% ක වර්ධනයකි.

ණය ලබාගත් පාර්ශව වලට දිගින් දිගටම මුහුණ දීමට සිදු වූ පීඩනයන් නිසා ණය මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් අඛණ්ඩව අභියෝග මතු වූ හෙයින් බැංකුව දිගින් දිගටම අපහායන සහ කළමනාකරණ ආවරණ කිරීම් සඳහා ප්‍රතිපාදන වෙන්කිරීමට කටයුතු කළේ ය. 3 වන කාර්තුව තුළ බැංකුවේ අපහායන ගාස්තු රු. මිලියන 591 ක් වූ අතර එය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 324% ක ඉහළ යාමකි.

වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් විචක්ෂණශීලී පියවර ගනු ලැබූවද, අදාළ කාලසීමාව තුළ බැංකුවේ මෙහෙයුම් වියදම්, පෙර වසරට සාපේක්ෂව 18% කින් වැඩි වී, රු. මිලියන 1,088 ක් ලෙස වාර්තා වී ඇත. රුපියලේ අගය අවප්‍රමාණය වීම සහ උපයෝගීතා සේවා ගාස්තු ඉහළ යාම ආදිය මීට මූලික වශයෙන් බලපා තිබේ.

කාර්තුව සඳහා බැංකුවේ මෙහෙයුම් ක්‍රියාකාරකම්වල ආදායම රුපියල් මිලියන 298 ක් වූ අතර, අනුබද්ධ සමාගම් වල හිමිකාරීත්ව කොටස් ද ඇතුළත්ව, බැංකුවේ තුන්වන කාර්තුවේ බදු පෙර ලාභය රු. මිලියන 93 ක් සහ බදු පසු ලාභය රු. මිලියන 74 ක් ලෙස වාර්තා වී ඇත. 2022 සැප්තැම්බර් 30 න් අවසන් වූ මාස 9 සඳහා බැංකුවේ මෙහෙයුම් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලය රු. මිලියන 852 ක් වූ අතර බදු පෙර ලාභය රු. මිලියන 397 ක් සහ බදු පසු ලාභය රු. මිලියන 227 ක් විය.

2022 සැප්තැම්බර් 30 දින වනවිට, බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. මිලියන 136,715 දක්වා, 15% කින් වර්ධනය වී ඇත. ණය සහ අත්තිකාරම් රු. මිලියන 75,148 දක්වා 11% කින් වර්ධනය වූ අතර, සියලු පාරිභෝගික කාණ්ඩ වල ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් විවෘත කිරීම දිරිගැන්වීමට පියවර ගැනීම නිසා පාරිභෝගික තැන්පතු රු. මිලියන 93,876 දක්වා, එනම් 13% කින් වර්ධනය වී තිබේ. 2022 සැප්තැම්බර් 30 වන විට ජංගම ගිණුම් සහ ඉතුරුම් ගිණුම් අනුපාතය 23.7% ක් වූ අතර, බැංකුවේ තුන්වන මට්ටමේ ණය අනුපාතය 7.29% ක් ලෙස පැවතිණි.

මෙම කර්තුවේද බැංකුව, නියාමන අවශ්‍යතා වලට වඩා පැහැදිලිවම ඉහළින් පවතින යහපත් ප්‍රාග්ධන ප්‍රමාණතා මට්ටමක් පවත්වා ගත්තෙමු. 2022 සැප්තැම්බර් 30 වනවිට බැංකුවේ සමස්ත ප්‍රාග්ධන අනුපාතය 17.02% ක් විය. මෙහෙයුම් වාතාවරණයේ පවතින ආතතීන් නිසා, 2022 සැප්තැම්බර් මාසයේදී Fitch විසින් බැංකුවේ ණය ශ්‍රේණිය BBB-(lka) with a Negative Rating Watch ලෙස නැවත තහවුරු කරන ලදි.

මෙම විශ්ලේෂණයට අදාළ කාර්තුව සඳහා, UB Finance Company Ltd. සහ National Asset Management Ltd. යන සමාගම් වලින් සමන්විත යූනියන් බෑන්ක් සමූහයේ බදු- පෙර ලාභය රු. මිලියන 130 ක් වූ අතර, 2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස 9 සඳහා බදු පෙර ලාභය රු. මිලියන 525 ක් විය. සමූහය තුළ බැංකුවේ හිමිකාරීත්ව ප්‍රතිශතය 95% ක් වන අතර, සමූහයේ සමස්ත වත්කම් වටිනාකම 16% කින් වර්ධනය වී, රු. මිලියන 143,910 ක් ලෙස වාර්තා වී තිබේ.

මෙහෙයුම් ක්‍රියාකාරීත්වය

පවත්නා ආර්ථික පසුබිම හමුවේ වුවද, තෝරාගත් අංශවල නව ව්‍යාපාරික අවස්ථා ප්‍රයෝජනයට ගැනීම සඳහා විශේෂයෙන් සකස් කළ මුල්‍ය විසඳුම් ලබාදීම කෙරෙහි ආයතනික බැංකු අංශය අවධානය යොමු කළේ ය. එමෙන්ම ණය කළඹ සහ ණය ගුණාත්මකභාවය විචක්ෂණශීලීව කළමනාකරණය කරන අතරම පවතින පාරිභෝගික සම්බන්ධතා ශක්තිමත් කරගැනීමට පියවර ගන්නා ලදි. වසරේ මේ දක්වා ආයතනික බැංකු ණය 32% කින්ද, තැන්පතු 29% කින්ද වර්ධනය වී තිබේ.

වෙළඳපොළවල් ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කිරීමත් සමග, ශ්‍රී ලංකා රුපියල් සහ විදේශ විනිමය/ඇමරිකානු ඩොලර් යන දෙ-අංශයෙන්ම බැංකුවේ ප්‍රධාන ද්‍රවශීලතා අවශ්‍යතා විචක්ෂණශීලීව කළමනාකරණය කිරීමට භාණ්ඩාගාරය කටයුතු කළ අතර, සමස්ත බැංකු මෙහෙයුම් වල ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට සහාය වීම සමඟ රජයේ ණය සුරැකුම්පත් එකතුවද කළමණාකරණය කරන ලදී. සැප්තැම්බර් මාසයේ වාර්තාගත නැව්ගත කිරීම් ප්‍රමාණයක් සමගින් බැංකුවේ බැංකු නෝට්ටු මෙහෙයුම් කටයුතු, මෙතෙක් වාර්තා වූ ඉහළම මුදල් නැවත මාරු කිරීම් මට්ටම මෙම කාර්තුව තුළ වාර්තා කළේය. කාලෝචිත ලෙස රජයේ ණය සුරැකුම්පත් ප්‍රතිමිල කිරීම, බැංකුවට එහි ශුද්ධ පොලී ආදායම් තත්ත්වය ශක්තිමත් කිරීමට උපකාරී විය. දේශීය බැංකු මුහුණ දෙන ඇමරිකානු ඩොලර් සම්බන්ධ ද්‍රවශීලතා ගැටලු සුළු වශයෙන් ලිහිල් වීමත් සමග බැංකුව සිය විදේශ මුදල් ප්‍රවාහයන් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට කටයුතු කළේ ය. පවතින ආර්ථික පසුබිම තුළ බැංකුවේ අවදානම් අභිරුචිය අනුව, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර කිසිවක් බැංකුව සතුව නොමැති අතර, බැංකුව සතු ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරද ද්‍රවශීලතාවය සඳහා ශ්‍රී ලංකා රුපියල් නම්‍යශීලීභාවයක් සහිත කෙටි කාලීන කල්පිරීමක් සහිත බැඳුම්කර වේ.

පොලී අනුපාත සංශෝධනයන්ට සමගාමීව නව පාරිභෝගික සම්බන්ධතා නිර්මාණය කරගනිමින්, කාලීන තැන්පතු හරහා තම තැන්පතු පදනම පුළුල් කරගැනීමට පාරිභෝගික බැංකුකරණ අංශය කටයුතු කළ අතර, ඒ ඔස්සේ තැන්පතු වල 8% ක වර්ධනයක් සමග 26% ක ජංගම ගිණුම් සහ ඉතුරුම් ගිණුම් අනුපාතයක් වාර්තා කරගැනීමට එම අංශය සමත් විය. යූනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් ඔස්සේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් ශේෂය මාරු කිරීමේ පහසුකම්, පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම, කාඩ්පත් සැලසුම් මත ණය පහසුකම් සහ විද්‍යුත් වාණිජ සේවා වෙබ් අඩවි වලදී කාඩ්පත් හිමියන්ට විශේෂ දීමනා ලබා දීම ආදිය කෙරෙහි අවධානය යොමු විය. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ උපයෝගිතා සේවා බිල්පත් ගෙවීම් සඳහා වට්ටම් සහ දීමනා පිරිනමන ලද අතර, දූරදර්ශී ලෙස ගෙවීම් සහ එකතු කිරීම් කළමනාකරණය කරන ලදී. බැංකුවේ ඩිජිටල් සේවාවන්, ගනුදෙනුකරුවන්ට අඛණ්ඩව බැංකු සේවාවන් ලබාගැනීමේ පහසුව සැලසුම් කරන ලදි.

පෞද්ගලික අංශයේ ණය වර්ධනය සහ ණය ලබාදීමේ අවස්ථාවන් සීමා වීම නිසා, මෙම කාර්තුව තුළ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර අංශයේ අවධානය ප්‍රධාන වශයෙන්, ණය සේවා එකතුව සහ ණය නැවත අයකර ගැනීම් ප්‍රවේශම්සහගත ලෙස කළමනාකරණය කිරීම මෙන්ම, දැනටමත් බැංකුවේ ගනුදෙනුකරුවන් හට ලබාදී ඇති ණය පහසුකම් පුළුල් කිරීම සහ ඔවුන්ට තම ව්‍යාපාර අඛණ්ඩව පවත්වාගෙන යාම/ පුනර්ජීවනය සඳහා අත්වැලක් වීම කෙරෙහි යොමු විය. බැංකුවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර තැන්පතු 10% කින් වර්ධනය වී තිබේ. 2022 වර්ෂයේද ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමග එක්වී විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාවට නැංවීමට හැකිවීම බැංකුවේ ණය දීමේ වැඩසටහන් වලට විශාල පිටිවහලක් විය. යූනියන් බැංකුවේ සම්මාන දිනූ මුදල් කළමනාකරණ විසඳුම වන BizDirect, තවදුරටත් ජංගම හා ඉතුරුම් ගිණුම් විවෘත කිරීම සහ නව ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීමට පිටිවහලක් විය.

LMD සඟරාවේ සංකල්පයක් අනුව Nielsen IQ මගින් පවත්වනු ලබන සමීක්ෂණයක ප්‍රතිඵල පදනම් කරගෙන සිදුකරන ලද ශ්‍රේණිගත කිරීමකදී යූනියන් බැංකුව 2022 වසරේ මෙරට වඩාත්ම ගෞරවය දිනූ සමාගම් හා ආයතන අතරට නම්කෙරිණි. අඛණ්ඩව තම කාර්ය මණ්ඩලයේ යහපත වෙනුවෙන් බැංකුව මෙම වසරේද වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා ඇත. මේ අතරින් මෑතකදී පැවැත්වූ ඩිජිටල් තාක්ෂණය මූලික කරගත් ‘Walk & Win’ ශරීර සුවතා අභියෝගතා වැඩසටහනටද බැංකුවේ කාර්ය මණ්ඩලය ඉමහත් උනන්දුවකින් යුතුව සහභාගී වූහ.

යූනියන් බැංකුව අභියෝග හමුවේ 2022 පළමු අර්ධයේදී සතුටුදායක මූලික බැංකුකරණ ප්‍රතිඵල වාර්තා කරයි

යූනියන් බැංකුව අභියෝග හමුවේ 2022 පළමු අර්ධයේදී සතුටුදායක මූලික බැංකුකරණ ප්‍රතිඵල වාර්තා කරයි

2022 දෙවැනි කාර්තුවේදී මෙරට බැංකු ක්ෂේත්‍රයට දැවැන්ත අභියෝග රාශියකට මුහුණ දීමට සිදු විය. රුපියලේ අගය දැඩි ලෙස අවප්‍රමාණය වීම, පොලී අනුපාත ඉහළ යාම, බදු ඉහළ යාම, අපහායන ගාස්තු වැඩි වීම, සැපයුම් සීමා වීම සහ ආනයන අධෛර්යමත් කිරීම සඳහා ගන්නා ලද පියවර ආදිය හේතුවෙන් ණය වර්ධනය පහළ යාම ආදිය මීට ප්‍රධාන වශයෙන් හේතු විය.

මෙම අභියෝග හමුවේ පවා තම සේවාවන් එකතුව සහ පාරිභෝගික පදනම මැනැවින් කළමනාකරණය කරගනිමින්, ණය නැවත අයකර ගැනීම සඳහා කාර්යක්ෂම ලෙස පියවර ගන්නා ලද අතරම, තම ගනුදෙනුකරුවන්ට අඛණ්ඩ සේවාවක් සැපයීමට යූනියන් බැංකුවට හැකියාව ලැබිණි.

මූලික බැංකුකරණ ක්‍රියාකාරීත්වය සහ ලාභදායීත්වය

දුෂ්කර මෙහෙයුම් වාතාවරණයක් තුළ කටයුතු කිරීමට සිදු වුවද යූනියන් බැංකුවේ මූලික බැංකුකරණ ක්‍රියාකාරීත්වයේ වර්ධනයක් වාර්තා වී තිබේ. වසරේ මුල් මාස 6 ක කාලය තුළ බැංකුව රු. මිලියන 7,426 ක සමස්ත ආදායමක් වාර්තා කළ අතර, එය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 31% ක වර්ධනයකි.

වත්කම් එකතුව ප්‍රති-මිලකරණය මගින් ලැබුණු ප්‍රතිඵල සහ, පොලී වියදම් දූරදර්ශීව කළමනාකරණය කිරීම හේතුවෙන් ශුද්ධ පොලී ආදායම 19% කින් වර්ධනය විය. මේ නිසා ශුද්ධ පොලී ආන්තිකය 57bps කින් ඉහළ ගොස් තිබේ.

දේශීය හා ජාත්‍යන්තර මුදල් යැවීම්, ATM ගනුදෙනු, ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත්, ප්‍රේෂණ සහ වෙළඳ ක්‍රියාකාරකම් වල වර්ධනය හේතුවෙන් ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම 24% කින් වර්ධනය විය. විදේශ විනිමය ආදායම සහ ලාභය හේතුවෙන් අනෙකුත් මෙහෙයුම් ආදායම්ද 141% කින් වර්ධනය වී තිබේ.

2022 ජූනි මස 30 දින වනවිට, අපහායන ගාස්තු සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට පෙර මෙහෙයුම් ආදායම රු. මිලියන 3,575 ක් වූ අතර, එය 18% ක වර්ධනයකි. දුෂ්කර සාර්ව ආර්ථික තත්ත්වයන් හේතුවෙන් ණය ගෙවීම් ප්‍රමාද වීම නිසා, දූරදර්ශී පියවරක් වශයෙන්, ණය හානි සහ කළමනාකරණ ඒකාබද්ධ කිරීම් සඳහා වැඩි ඉඩක් වෙන්කිරීමට බැංකුව කටයුතු කළේ ය. මෙම කාලසීමාව තුළ බැංකුවේ අපහායන ගාස්තු රු. මිලියන 961 ක් වූ අතර එය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 120% ක ඉහළ යාමකි.

වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් දැඩි පියවර ගනු ලැබූවද, අදාළ කාලසීමාව තුළ බැංකුවේ මෙහෙයුම් වියදම්, පෙර වසරට සාපේක්ෂව 14% කින් වර්ධනය වී, රු. මිලියන 2,059 ක් ලෙස වාර්තා වී ඇත. රුපියලේ අගය අවප්‍රමාණය වීම සහ, ඊට සමගාමීව සිදු වූ ඉන්ධන වියදම් ඉහළ යාම ආදිය මීට මූලික වශයෙන් බලපා තිබේ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස, බැංකුවේ අනුබද්ධ සමාගම් වල හිමිකාරීත්ව කොටස් ද ඇතුළත්ව, බැංකුවේ බදු පෙර ලාභය 2022 ජූනි 30 දින වනවිට රු. මිලියන 304 ක් වූ අතර, බදු පසු ලාභය රු. මිලියන 152 ක් විය.

2022 ජූනි 30 දින වනවිට, බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. මිලියන 131,744 දක්වා, එනම් 11% කින් වර්ධනය විය. ණය සහ අත්තිකාරම් රු. මිලියන 74,796 දක්වා 10% කින් වර්ධනය වූ අතර, සියලු කාණ්ඩ වල ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් විවෘත කිරීම දිරිගැන්වීමට පියවර ගැනීම නිසා පාරිභෝගික තැන්පතු රු. මිලියන 96,779 දක්වා, එනම් 16% කින් වර්ධනය වී ඇත. 2022 ජූනි 30 වන විට ජංගම ගිණුම් සහ ඉතුරුම් ගිණුම් අනුපාතයද 27.5% ක් වූ අතර, බැංකුවේ තුන්වන මට්ටමේ ණය අනුපාතය 6.89% ක් ලෙස පැවතිණි.

නියාමන අවශ්‍යතා වලට වඩා පැහැදිලිවම ඉහළින් පවතින යහපත් ප්‍රාග්ධන ප්‍රමාණතා මට්ටමක් පවත්වා ගැනීමට බැංකුවට හැකියාව ලැබී තිබේ. 2022 ජූනි 30 වනවිට බැංකුවේ සමස්ත ප්‍රාග්ධන අනුපාතය 16.34% ක් විය.

2022 ජූනි මස 30 දිනෙන් අවසන් වූ කාලසීමාව සඳහා, UB Finance Company Ltd. සහ National Asset Management Ltd. යන සමාගම් වලින් සමන්විත යූනියන් බෑන්ක් සමූහයේ බදු-පසු ලාභය රු. මිලියන 395 ක් විය. සමූහය තුළ බැංකුවේ හිමිකාරීත්ව ප්‍රතිශතය 94% ක් වන අතර, සමූහයේ සමස්ත වත්කම් වටිනාකම 12% කින් වර්ධනය වී, රු. මිලියන 139,428 ක් ලෙස වාර්තා වී තිබේ.

මෙහෙයුම් ක්‍රියාකාරීත්වය

අභියෝග මධ්‍යයේ වුවද සිය ණය කළඹ දූරදර්ශීව කළමනාකරණය කරගනිමින්, ණය ගුණාත්මකභාවය පවත්වා ගනිමින්, ණය සහ අත්තිකාරම්වල 29% ක වර්ධනයක් සහ තැන්පතුවල 39% ක වර්ධනයක් වාර්තා කරගැනීමට ආයතනික බැංකුකරණ අංශය සමත් විය.

නිසි ආයෝජන ක්‍රමෝපායන් සහ කෙටිකාලීන භාණ්ඩාගාර බිල්පත් මත වෙන්දේසි මිලකරණය නියමිත වේලාවට ක්‍රියාත්මක කිරීම තුළින්, බලපෑමට ලක් වූ රාජ්‍ය සුරැකුම්පත් කළඹ වඩාත් ඉක්මනින් යථා තත්ත්වයකට පත්කර ගැනීමට බැංකුවේ භාණ්ඩාගාරයට හැකි විය. ඇමරිකානු ඩොලර් පිළිබඳව විශේෂ අවධානයක් යොමුකිරීම සහ ආහාර, ඖෂධ, පොහොර, ඉන්ධන සහ ශිෂ්‍ය ගෙවීම් ආදිය සඳහා ප්‍රමුඛත්වය ලබාදීම වැනි පියවර ඔස්සේ, අත්‍යවශ්‍යව පැවති අපනයන සඳහා අත්වැලක් වීමටද එමගින් හැකියාව ලැබිණි.

පොලී අනුපාත සංශෝධනයන්ට සමගාමීව නව පාරිභෝගික සම්බන්ධතා නිර්මාණය කරගනිමින්, කාලීන තැන්පතු හරහා තම තැන්පතු පදනම පුළුල් කරගැනීමට පාරිභෝගික බැංකුකරණ අංශය කටයුතු කළ අතර, ඒ ඔස්සේ තැන්පතු වල 14% ක වර්ධනයක් සමග 27.5% ජංගම ගිණුම් සහ ඉතුරුම් ගිණුම් අනුපාතයක් වාර්තා කරගැනීමට දෙවැනි කාර්තුව තුලදී එම අංශය සමත් විය. එමෙන්ම ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන්, UBGO ජංගම දුරකථන යෙදවුම සහ, Agent Banking පදනම හරහා තෝරාගත් SLT-Mobitel සහ කාගිල්ස් ෆුඩ් සිටි අලෙවිසැල් වලදී මුදල් බැර කිරීම, ණය වාරික ගෙවීම සහ ක්‍රෙඩිට් කාඩ් බිල්පත් ගෙවීම් සිදුකිරීම ආදිය සඳහා අවස්ථාව සලසා දෙන ලදි.

2022 පළමු කාර්තුව තුළදී, ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් සමගින් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර අංශයට හැකියාව ලැබිණි. ව්‍යවසායිකාවන්ට සහ සුළු පරිමාණ තේ ව්‍යාපාර වලට අත්වැලක් වීම මෙම වැඩසටහනනේ මූලික අරමුණ විය. මීට අමතරව ණය ගෙවීම සඳහා වැඩි කාලයක් ලබාදීම සහ විශේෂ ගෙවීම් ක්‍රම හඳුන්වා දීම වැනි පියවර සමගින්, පවතින තත්ත්වයන් නිසා දැඩි බලපෑමකට ලක්වූ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට සහාය වීම සඳහා ක්‍රමානුකූල සැලැස්මක් ක්‍රියාත්මක කරන ලදී. මීට අමතරව බැංකුව විසින් හඳුන්වා දෙන ලද මුදල් කළමනාකරණ විසඳුමක් වන Union Bank Biz-Direct සේවාව ඔස්සේ ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් විවෘත කිරීමට සුළු හා මධ්‍යම පරිමාණ අංශය ඇතුළුව ව්‍යාපාර ක්ෂේත්‍රයන්ගේ නව ගනුදෙනුකරුවන් යොමු කරවීමට බැංකුව කටයුතු කළේ ය.

යූනියන් බැංකුව සාර්ථක ලෙස සාර්ව ආර්ථික අභියෝග වලට මුහුණ දෙමින් 2022 පළමු කාර්තුවේදී යහපත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

යූනියන් බැංකුව සාර්ථක ලෙස සාර්ව ආර්ථික අභියෝග වලට මුහුණ දෙමින් 2022 පළමු කාර්තුවේදී යහපත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

තුන් වන COVID-19 රැල්ල හේතුවෙන් ඇති වූ බාධාවන් ක්‍රමානුකූලව පහව යාමක් 2022 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළදී දක්නට ලැබිණි. එහෙත් මෙම කාලසීමාවේදී දිගින් දිගටම පැවති දේශපාලනික හා සමාජයීය අවිනිශ්චිතතාවන් මෙන්ම ඉන්ධන හා ගෑස් හිඟය, උද්ධමනය, විදේශ මුදල් සංචිත පහළ යාම, රුපියල අවප්‍රමාණය වීම සහ ආනයන සීමාවන් ආදිය නිසා, ජනතාවටත් ව්‍යාපාර වලටත් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු විය. COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් ජනතාවට සහන සැලසීම සඳහා හඳුන්වා දී තිබූ විධිවිධාන බොහොමයක් 2021 දෙසැම්බර් මාසයෙන් අවසන් වූ අතර, බැංකු ක්ෂේත්‍රයට දිගින් දිගටම තම වත්කම් වල තත්ත්වය සම්බන්ධ පීඩනයන්ට මුහුණ දීමට සිදු වී තිබේ. මෙම තත්ත්වය හමුවේ, මේ වනවිට අත්‍යවශ්‍ය කරුණක් වී තිබෙන ආර්ථික ස්ථාවරත්වය හා පුනර්ජීවනය ඇතිකිරීම සඳහා මූල්‍යමය සහ වෙනත් ප්‍රතිපත්තිමය විසඳුම් කිහිපයක් ක්‍රියාවට නංවන ලදි.

මෙම පසුබිම තුළ තම ශක්තිමත් ප්‍රාග්ධන පදනම තුළින් පන්නරය ලබමින්, කාර්යක්ෂම අවදානම් කළමනාකරණය ප්‍රව්ශයක් ඔස්සේ, ඵලදායී පිරිවැය කළමනාකරණ ක්‍රමවේදයන් ක්‍රියාවට නංවමින්, බාහිර බලපෑම් තුළින් තම මෙහෙයුම් කටයුතු වලටත් ගනුදෙනුකරුවන්ටත් සිදුවන බලපෑම අවම කිරීමට පියවර ගැනීම කෙරෙහි යූනියන් බැංකුවේ මූලික අවධානය යොමු විය.

මූලික බැංකුකරණ ක්‍රියාකාරීත්වය හා ලාභදායීත්වය

මෙහෙයුම් වාතාවරණයේ පැවති දුෂ්කරතා හමුවේ පවා තම ප්‍රධාන බැංකුකරණ ක්‍රියාකාරීත්වයේ වර්ධනයක් පෙන්නුම් කරමින්, කාර්තුව තුළ රු. මිලියන 3,148 ක සමස්ත ආදායමක් වාර්තා කිරීමට යූනියන් බැංකුව සමත් විය. මෙය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 10% ක වර්ධනයකි. වත්කම් කළඹ ප්‍රතිමිල කිරීම සහ පොලී ආදායම දැඩි ලෙස කළමනාකරණය කිරීම හේතුවෙන් ශුද්ධ පොලී ආදායම 11% කින් වර්ධනය වී ඇති අතර, ඒ නිසා ශුද්ධ පොලී ආන්තිකය 33bps කින් ඉහළ ගොස් තිබේ. ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් මගින් ලැබෙන දායකත්වය ඉහළ යාම සහ වෙළඳ කටයුතු වර්ධනය වීම හේතුවෙන් ගාස්තු සහ කොමිස් මුදල් ආදායමද 17% කින් වර්ධනය වී ඇත. රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළේ ද්‍රවශීලතාව නොමැති වීම සහ අස්ථාවරත්වය හේතුවෙන් වෙනත් මෙහෙයුම් ආදායම 4% කින් පහළ ගොස් තිබේ.

බැංකුවේ මෙහෙයුම් වියදම් රු. මිලියන 983 දක්වා 8% කින් ඉහළ ගොස් ඇති අතර, රුපියලේ අගය අවප්‍රමාණය වීම සහ වෙනත් වියදම් ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

සාර්ව-ආර්ථික පරිසරයෙන් පැනනගින ආතතීන් සැලකිල්ලට ගනිමින්, බැංකුව කළමනාකරණ උපරිපතනය ඇතුළු අපහායන ගාස්තු සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට  කටයුතු කළේ ය. මෙම කාර්තුව සඳහා බැංකුවේ අපහායන ගාස්තු රු. මිලියන 288 ක් වූ අතර, එය 2021 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව 47% ක ඉහළ යාමකි.

පිරිහුණු මෙහෙයුම් පරිසරය සහ මූල්‍ය සේවා මත වැට් බද්ද 15% සිට 18% දක්වා වැඩි වීම හේතුවෙන් සමාලෝචිත කාලසීමාව සඳහා බැංකුවේ බදු-පෙර ලාභය, අනුබද්ධිත සමාගම් වල හිමිකාරීත්ව කොටස්ද ඇතුළත්ව, පසුගිය වසරේ අදාළ කාලසීමාවේදී මෙන්ම, රු. මිලියන 316 මට්ටමේ පවතී. පෙර වසරේ සිදුකරන ලද, එක්වරක් පමණක් අදාළ වූ අධි-ප්‍රතිපාදන ආපසු හැරවීමෙන් පසුව ගණනය කරන ලද නිසා, 2021 වසරේ පළමු කාර්තුවේ බදු-පසු ලාභයට සාපේක්ෂව, මෙම කාර්තුවේ බදු-පසු ලාභයට විශාල බලපෑමක් එල්ල වී ඇත.

2022 මාර්තු 31 දින වනවිට, බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. මිලියන 129,878 දක්වා, එනම් 10% කින් වර්ධනය විය. ණය සහ අත්තිකාරම් රු. මිලියන 75,479 දක්වා 11% කින් වර්ධනය වූ අතර, සියලු කාණ්ඩ වල ජංගම ගිණුම් – ඉතුරුම් ගිණුම් ශේෂයන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවීම නිසා පාරිභෝගික තැන්පතු රු. මිලියන 91,226 දක්වා, එනම් 9% කින් වර්ධනය වී ඇත. 2022 මාර්තු 31 වන විට ජංගම ගිණුම් ඉතුරුම් ගිණුම් අනුපාතයද 30.4% වැනි යහපත් මට්ටමක පැවතිණි. ශක්තිමත් ණය නැවත අයකර ගැනීමේ හැකියාවන් සහ විශේෂයෙන් සකස් කළ ආපසු ගෙවීම් සැලසුම් නිසා, බැංකුවේ තුන්වන මට්ටමේ ණය අනුපාතය 4.8% ක පාලිත අගයක පවත්වා ගැනීමට හැකි වී ඇත.

නියාමන අවශ්‍යතා වලට වඩා පැහැදිලිවම ඉහළින් පවතින යහපත් ප්‍රාග්ධන සප්‍රමාණතා මට්ටමක් පවත්වා ගැනීමට බැංකුවට හැකියාව ලැබී තිබේ. 2022 මාර්තු 31 වනවිට බැංකුවේ සමස්ත ප්‍රාග්ධන අනුපාතය 14.45% ක් විය.

මෙම සමාලෝචනයට අදාළ කාර්තුව සඳහා, UB Finance Company Ltd. සහ National Asset Management Ltd. යන සමාගම් වලින් සමන්විත යූනියන් බෑන්ක් සමූහයේ බදු-පසු ලාභය රු. මිලියන 398 ක් වන අතර, එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 5% ක පහළ යාමකි. සමූහය තුළ බැංකුවේ හිමිකාරීත්ව ප්‍රතිශතය 95% ක් වන අතර, සමූහයේ සමස්ත වත්කම් වටිනාකම 10% කින් වර්ධනය වී, රු. මිලියන 136,132 ක් ලෙස වාර්තා වී තිබේ.

මෙහෙයුම් ක්‍රියාකාරීත්වය

පෞද්ගලික අංශයේ සිදු වූ ණය වර්ධනය සහ, ක්ෂේත්‍රය තුළ සම්බන්ධතා ගොඩනංවා ගැනීමේ හැකියාවන් තුළින් කාලීන අවස්ථා ග්‍රහණය කරගනිමින්, මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව තුළ සැලකිය යුතු මට්ටමේ දියුණුවක් අත්පත් කරගැනීමට ආයතනික බැංකුකරණ අංශය සමත් විය. ඒ අනුව ණය සහ අත්තිකාරම් ප්‍රමාණය 27% කින් වර්ධනය වී ඇති අතර, තැන්පතු වල 29% ක වර්ධනයක්ද, කොමිස් සහ ගාස්තු ආදායමේ 13% ක වර්ධනයක්ද වාර්තා වී තිබේ. මුදලේ අගය අවප්‍රමාණය වීම සමග විදේශ මුදල් නැවත ගණනය කිරීම තුළින් ණය සහ තැන්පතු පදනම් ඉහළ ගොස් ඇත.

විදේශ මුදල් තැන්පතු වර්ධනය කරගැනීමට ගන්නා ලද උත්සාහය සහ ක්‍රමෝපායිකව කළමනාකරණය කරන ලද ආන්තිකයන් හේතුවෙන්, පාරිභෝගික බැංකුකරණය අංශයේ තැන්පතු වල 6% ක වර්ධනයක්ද, ජංගම ගිණුම් ඉතුරුම් ගිණුම් අනුපාතයේ 28% ක වර්ධනයක්ද වාර්තා වී තිබේ. සමාලෝචනයට අදාළ කාලසීමාව තුළ ක්‍රෙඩිට් කාඩ් සේවාවන්ද පැහැදිලි වර්ධනයක් අත්පත් කරගෙන ඇත.

ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් සමගින් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීම සඳහා අවස්ථාව ලබාගැනීමට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර අංශය සමත් විය. මෙම වැඩසටහනනේ මූලික අරමුණ ව්‍යවසායිකාවන්ට සහ සුළු පරිමාණ තේ ව්‍යාපාර වලට අත්වැලක් වීම වන අතර, මේ ඔස්සේ වඩාත් ශක්තිමත් ලෙස ව්‍යවසායකයන් අතරට තම සේවාවන් රැගෙන යාමට බැංකුවට අවස්ථාව ලැබෙනු ඇත. මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව තුළ සුළු හා මධ්‍යම පරිමාණ බැංකුකරණ අංශයෙන් ලැබුණු තැන්පතු, ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් ප්‍රමාණයන් ඉහළ ගියේ ය. මෙම වර්ධනයට එක් ප්‍රධාන හේතුවක් වූයේ, බැංකුව විසින් හඳුන්වා දෙන ලද, සම්මානයෙන්ද පිදුම් ලැබූ මුදල් කළමනාකරණ විසඳුමක් වන Union Bank Biz-Direct සේවාවයි. මේ ඔස්සේ සුළු හා මධ්‍යම පරිමාණ අංශය ඇතුළුව ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් නව ගනුදෙනුකරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට බැංකුවට හැකියාව ලැබිණි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාම 100 අතරට යළිත් වරක් එක්වෙමින්, 2022 Brand Finance විශිෂ්ටතම සන්නාම ලැයිස්තුවට ඇතුළත් වීමටද යූනියන් බැංකුව සමත් විය. 2021 වසර සඳහා වූ බැංකුවේ වාර්ෂික මහා සභා රැස්වීම 2021 මාර්තු 31 දින පැවැත්වුණු අතර, බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව “Persist, Persevere” යන තේමාව යටතේ ප්‍රකාශයට පත්කරන ලදි.

අභියෝග හමුවේ වුව ද යුනියන් බැංකුව 2021 තුන්වන කාර්තුව තුළ ස්ථාවර කාර්යසාධනයක් වාර්තා කරයි

අභියෝග හමුවේ වුව ද යුනියන් බැංකුව 2021 තුන්වන කාර්තුව තුළ ස්ථාවර කාර්යසාධනයක් වාර්තා කරයි

බ ැංකුව

සියලු බදු පෙර ලාභය රු. මිලියන 1,348 ක් 

බදු ෙසු ලාභය 33% ක වර්ධනයක් 

ශුද්ධ පොළී ආදායම 10% ක වර්ධනයක් 

ශුද්ධ ගාස්තු සහ පකාමිස්ත ආදායම 22% ක වර්ධනයක් 

ශුද්ධ පොළී ආන්තිකය bps 37 කින්ත ඉහළට 

අක්‍රිය ණය අනුොිකය 6.05% සිට 5.65% දක්වා ෙහලට 16.47% ක ශක්ිමත් සමස්තත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුොිකයක් 

සමූහ  

සියලු බදු පෙර ලාභය රු. මිලියන 1,669 ක් 

බදු ෙසු ලාභපේ 37% ක වර්ධනයක් 

තම වයාොරික ක්‍රපමෝොය සාර්ථකකර ගැනීම සඳහා සිදුකළ දිරිමත් කැෙවීම මනාව පිළිබිඹු කරමින්ත යුනියන්ත බැැංකුව 2021 ෙළමු මාස හය ුළ හර බැැංකුකරණ කාර්යසාධනය පෙරටුපකාට ගනිමින්ත ස්තථාවර වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව ිපේ. වයාොරික පමපහයුම් ුළ අවදානම් ඉතා සුෙරික්ෂාකාරී පලස කළමනාකරණය කරන අතරම යුනියන්ත බැැංකුව ශ්‍රී ලැංකා මහ බැැංකුපේ නිර්පද්ශ මත ණය සහන දීර්ඝ කිරීම මගින්ත, වසැංගත තත්ත්වපේ බලෙෑමට ලක් වූ ොරිපභෝගිකයින්ත හට අඛණ්ඩව සහපයෝගය ලබා දීමට ක්‍රියා කපේය. ගත වූ මුලය වර්ෂය ුළ ශක්ිමත් ද්‍රවශීලතා සහ ප්‍රාග්ධන තත්ත්වයක් ෙවත්වා ගැනීමට ද යුනියන්ත බැැංකුව සමත් වූ අතර, 2021 වසපර්දී ෆිච් පේණිගත කිරීම්ි BBB(-) ස්තථාවර පේණිගත කිරීම යළිත් තහවුරු පකරිණි. ඉහළ ද්‍රවශීලතා මට්ටම, කැපීපෙපනන පලස ඉහළ ප්‍රාග්ධනය සහ වැඩිදියුණුකරන ලද

පමපහයුම් තත්ත්ව හමුපේ වර්ධනය වීමට ඇි හැකියාව ආදී ප්‍රධාන කරුණු මුල්කර ගනිමින්ත යුනියන්ත බැැංකුවට එම පේණිගත කිරීම ිමි විය. 

ගත වූ මුලය වර්ෂය ුළ බැැංකුපේ ශුද්ධ පොළී ආදායම රු. මිලියන 387  කින්ත රු. මිලියන 4,257 ක් දක්වා වර්ධනය වූ අතර එය ප්‍රිශතයක් පලස 10% ක වසරින්ත වසර වර්ධනයකි. වසර ුළ බලෙැවැත්වුණු ෙහල AWPLR  අගය සහ ශ්‍රී ලැංකා මහ බැැංකුව වසැංගත තත්ත්වපේ බලෙෑමට ලක් වූ ොරිපභෝගිකයින්ත පවනුපවන්ත නිර්පද්ශ කළ ණය සහන දීර්ඝ කිරීම බැැංකුපේ පොළී ආදායමට බලෙෑපේය. පකපස්තපවතත්, ෙසුගිය වසරට සාපේක්ෂව වගකීම් පොළී වියදම්වල සිදු වූ ශීඝ්‍ර 33.1% ක අඩු වීම ගත වූ මුලය වර්ෂපේ ශුද්ධ පොළී ආදායමට ධනාත්මකව බලෙෑපේය. 2020  වසපර්දී 3.2% ක් වූ ශුද්ධ පොළී ආන්තිකය 2021 වසපර්දී 3.5% ක් දක්වා වර්ධනය විය. පකාටස්ත ආපයෝජන ආදායම් ද පොළී ආදායපම් පකාටසක් පලස ගණනය කපේ නම්, වර්තමාන කාලය සඳහා ශුද්ධ පොළී ආන්තිකය 3.7% ක් පලස වාර්තාවනු ඇත. පකාටස්ත ආපයෝජන ආදායම රු. මිලියන 261 ක් වූ අතර එම අගය ලාභ/අලාභ හරහා සාධාරණ අගය යටපත් ශුද්ධ සාධාරණ ලැබීම්/අිමිවීම් යටපත් සටහන්තකර ඇත. 

වසර අවසානවන විට බැැංකුපේ ණය සහ අත්ිකාරම් රු. මිලියන 67,835  ක් පලස වාර්තා වූ අතර එය ෙසුගිය වසර සාපේක්ෂව යම් වර්ධනයකි.  බැැංකුපේ ොරිපභෝගික, සුළු හා මධය ෙරිමාණ වයවසාය සහ ආයතනික බැැංකුකරණ අැංශ ුළ දූරදර්ශී ණය වර්ධනය සහ පස්තවා පෙළ ඒකාබද්ධ කිරීම සඳහා ඉලක්කගත පියවර ගන්තනා අතර බැැංකුපේ පස්තවා පෙපළි වර්ධනය සඳහා ප්‍රධාන වශපයන්ත ආයතනික, සුළු හා මධය ෙරිමාණ වයවසාය සහ පක්‍රඩිට් කාඩ්ෙත් යන අැංශවල වර්ධනය බලෙෑපේය.  

බැැංකුව විසින්ත සිදුකරන ලද විවිධ අත්කර ගැනීම් සහ හඳුන්තවා පදන ලද ආකර්ෂණීය දීමනා මත බැැංකුපේ පක්‍රඩිට් කාඩ්ෙත් වයාොරපේ වර්ධනයක් අත්කර ගැනීමට හැකි විය. පොළී රිත වාරික පගවීපම් ෙහසුකම්, පේෂය හුවමාරු කිරීපම් ෙහසුකම් සහ අපලවි මධයස්තථානය 100 කට අධික ප්‍රමාණයකදී විපේෂිත උත්සව වට්ටම් ආදී ප්‍රවර්ධන සහ

දීමනා රැසක් බැැංකුව විසින්ත හඳුන්තවා පදනු ලැබ ඇත. නව ොරිපභෝගිකයින්ත දිනා ගැනීම සහ දැනට ගනුපදනු කරන ොරිපභෝගිකයින්තපග් මිලදී ගැනීපම් හැකියාව පබදාහදා ගැනීම එම ප්‍රවර්ධන සහ දීමනාවල අරමුණ විය. පගවුණු වසර ුළ සුළු හා මධය ෙරිමාණ වයවසාය ණය අැංශපේ ද වර්ධනයක් පෙන්තනුම් කළ අතර, එම අැංශය යළි පුබුදුවාලීම සඳහා වන ජාික නයායෙත්‍රයට අනුව පතෝරාගත් ක්පේත්‍ර සහ වයාොර බලගැන්තවීම එම වර්ධනයට පේු විය. 

වසර අවසානපේදී යුනියන්ත බැැංකුපේ තැන්තෙු ෙදනම රු. මිලියන 83,416  ක් පලස වාර්තා විය. අඩු-පොළී වාතාවරණය හමුපේ වුව ද යුනියන්ත බැැංකුව 30% ක ජැංගම සහ ඉිරි කිරීපම් ගිණුම් (CASA) මිශ්‍රිතයක් ෙවත්වා ගැනීමට සමත් වූපේය. මන්තදගාමී ණය වර්ධනය මගින්ත පිළිබිඹු පකපරන, බැැංකුව විසින්ත අනුගමනය කරන ලද දුරදර්ශී තැන්තෙු පයදවීපම් ක්‍රපමෝොය අතරුර බැැංකුව වසර පුරාම සිය ශක්ිමත් ද්‍රවශීලතා මට්ටම ෙවත්වා ගැනීමට ද කටයුු කපේය. 

ශ්‍රී ලැංකා මහ බැැංකුපේ මාර්පගෝෙපද්ශවලට අනුව ගාස්තු ඉවත් කිරීම් දීර්ඝ කිරීම් හමුපේ වුව ද, 2021 වසර සඳහා බැැංකුපේ ගාස්තු සහ පකාමිස්ත ආදායම රු. මිලියන 1,054 ක් දක්වා 21% ක වසරින්ත වසර වර්ධනයක් අත් කරපගන ඇත. පක්‍රඩිට් සහ පඩබිට් කාඩ්ෙත්, පවපළඳ සහ පේෂණ මගින්ත ිමි වූ ගාස්තු ආදායම එම වර්ධනයට ප්‍රධාන වශපයන්ත පේු විය. 

2020 වසපර් භාණ්ඩාගාරපේ විශිේට කාර්යසාධනය පේුපවන්ත 2021  වසපර්දී ශුද්ධ පවපළඳ සහ පවනත් ආදායම් රු. මිලියන 778 ක් දක්වා 41%  කින්ත අඩු වී ඇත. පවපළඳ අවස්තථා අඩු වීම, විපද්ශ විනිමය ිඟය සහ වසර පුරාම ෙැවි විපද්ශ විනිමය අර්බුදය 2021 වසපර්දී භාණ්ඩාගාරපේ කාර්යසාධනයට බලෙෑපේය. 2021 මුලය වර්ෂය ුළ ඒකක භාර ආපයෝජන ආදායම ද රු. මිලියන 261 ක් දක්වා අඩු වූපේය. 2020 වසපර්දී එම අගය සටහන්ත වූපේ රු. මිලියන 421 ක් පලසය. 

එපමන්තම, ඒකක භාර ආදායම ඇුළුව සමස්තත ප්‍රාග්ධන ඉෙැයීම් 2021  වසපර්දී රු. මිලියන 421 ක් දක්වා අඩු වූ අතර 2020 වසපර්දී එම අගය සටහන්ත වූපේ රු. මිලියන 1,153 ක් පලසය. පකපස්තපවතත්, බැැංකුපේ පවනත් පමපහයුම් ආදායම රු. මිලියන 339 ක් දක්වා වර්ධනය වූ අතර එය 94.7% ක වසරින්ත වසර වර්ධනයකි. විපද්ශ විනිමය ඉෙැයීම් එම වර්ධනයට ප්‍රධාන වශපයන්ත බලෙෑපේය. 

2021 වසපර්දී බැැංකුපේ සමස්තත පමපහයුම් ආදායම රු. මිලියන 5,895 ක් පලස වාර්තා විය. ෙසුගිය වසර පුරාම දියත් කළ පිරිවැය කළමනාකරණ ක්‍රියාමාර්ගවල ප්‍රිඵලයක් පලස බැැංකුපේ සමස්තත පමපහයුම් වියදම් රු.  මිලියන 3,680 ක් දක්වා 2.4% ක වසරින්ත වසර අඩුවීමක් ළඟා කරපගන ඇත. 

යුනියන්ත බැැංකුපේ දළ අක්‍රිය ණය අනුොිකය 2021 පදසැම්බර් මසදී 5.6%  ක ප්‍රගියක් පෙන්තනුම් කළ අතර, 2020 පදසැම්බර් මසදී එම අගය සටහන්ත වූපේ 6.05% ක් පලසිනි. අභිපයෝගාත්මක සාර්ව-ආර්ික තත්ත්ව හමුපේ පස්තවාවල ප්‍රමිිය කළමනාකරණය කිරීම සඳහා යුනියන්ත බැැංකුව අඛණ්ඩව අවධානය පයාමු කිරීම එම ප්‍රගියට මූලික වශපයන්ත බලෙෑපේය. 

සමාපලෝචන කාලය ුළ අෙහායන ගාස්තු රු. මිලියන 933 ක් පලස වාර්තා වූ අතර එය 26.8% ක වසරින්ත වසර වර්ධනයකි. ෙවත්නා සාර්ව ආර්ික තත්ත්වය පේුපවන්ත ණය ප්‍රමිි කළමනාකරණයට අමතර අභිපයෝගයක් එල්ල වූ බැවින්ත අනාගත අභිපයෝග කළමනාකරණය කර ගැනීම සඳහා බැැංකුව අවදානම් ක්පේත්‍ර, අඛණ්ඩ ණය සහන ප්‍රිවයූහගත පස්තවා සඳහා අමතර අෙහායන පවන්ත කිරීමක් සිදු කළ යුු බවට හඳුනා ගත්පත්ය. ශ්‍රී ලැංකා සැංවර්ධන බැඳුම්කර මත ද අෙහායන ගාස්තු හඳුනා ගැනුණු අතර, පේණිගත කිරීම් සිදු කරන ආයතන විසින්ත ස්තවවරිත්ව බැඳුම්කරවල පේණිගත කිරීම් ෙහත පහළීම ඊට පේු විය. 

2021 වසර සඳහා යුනියන්ත බැැංකුපේ බදු ෙසු ලාභය රු. මිලියන 765 ක්

පලස වාර්තා වූ අතර එය 32.7% ක වසරින්ත වසර වර්ධනයකි. ආයතනික ආදායම් බදු අනුොතය 4% කින්ත ෙහත පහළීම වසපර් බදු ගාස්තු ආදායමටට ධනාත්මක පලස බලෙෑපේය. පකාටස්ත ගිණුම් සිත ආපයෝජකයින්තපග් පකාටස්ත ලාභය රු. මිලියන 66 ක් පලස වාර්තා විය.  

යුනියන්ත බැැංකුවට අනුබද්ධිත UB ෆිනෑන්තස්ත සමාගම මීට ප්‍රධාන දායකත්වය ලබා දුන්තපන්තය. යුනියන්ත බැැංකුව අවම නියාමන අවශයතාවලට වඩා පබපහවින්ත ඉහළ ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුොික ෙවත්වා ගැනීමට සමත් වූ අතර වාර්තාකරණ දිනයවන විට සමස්තත ප්‍රාග්ධන අනුොිකය 16.47% ක් පලස සඳහන්ත විය. ෙළමු පෙළ ප්‍රාග්ධන අනුොිකය වසර අවසානවන විට 15.51% ක් පලස අවම අවශයතාවට වඩා පබපහවින්ත ඉහළ මට්ටමක ෙැවිණි. 

බැැංකුව සහ UB Finance Company Limited හා National Asset Management  Limited යන සමාගම්වලින්ත සමන්තවිත සමූහපේ බදු ෙසු ලාභය රු. මිලියන 850 ක් පලස වාර්තා වූ අතර එය ෙසුගිය වසර සමග සැසඳීපම්දී 37% ක වර්ධනයකි. ගත වූ මුලය වර්ෂය ුළ සමූහපේ සමස්තත වත්කම් ප්‍රමාණය රු. මිලියන 124 කි. සමූහපේ පේෂ ෙත්‍රපයන්ත 95% ක ප්‍රමාණයක් බැැංකුව නිපයෝජනය කරන බැවින්ත සමූහපේ සමස්තත කාර්යසාධනය බැැංකුපේ කාර්යසාධනය මත රඳා ෙැවිපේය. 

අභිපයෝග හමුපේ වුව ද ශක්ිමත් ද්‍රවශීලතා මට්ටම් සහ බාධාවකින්ත පතාර පමපහයුම් ක්‍රියාවලි ෙවත්වා ගන්තනා අතරම 2021 වසර වැනි ඉතා අවදානම් තත්ත්වයක් ෙැවි වර්ෂයක ෙවා කාර්යමණ්ඩලපේ සහ ොරිපභෝගිකයින්තපග් ආරක්ෂාව තහවුරු කිරීම යුනියන්ත බැැංකුපේ කළමනාකාරිත්වපේ ප්‍රමුඛතා අතර ප්‍රධාන තැනක් ගත්පත්ය. ෙැවි සීමා මධයපේ වුව ද යුනියන්ත බැැංකුව ොරිපභෝගික, සුළු හා මධය ෙරිමාණ වයවසාය සහ ආයතනික ොරිපභෝගික යන අැංශ සමග සමීෙව කටයුු කරමින්ත, එම අැංශවල සුවිපේෂී අභිපයෝග හඳුනා ගැනීමටත්, ශ්‍රී ලැංකා මහ බැැංකුපේ සහන පයෝජනා ක්‍රම කාර්යක්ෂම පලස ක්‍රියාත්මක කිරීම ඇුළුව ඔවුන්තට අවශය බැැංකුකරණ සහපයෝගය ලබා දීමටත් කටයුු කපේය. 

ගත වූ වසර ුළ ඩිජිටල් බැැංකුකරණ හැකියා තවදුරටත් පුළුල් කිරීම සඳහා බැැංකුව අනුගමනය කළ ක්‍රපමෝොයික සැලසුපම් එක් පියවරක්

පලස යුනියන්ත බැැංකුව ‘UBgo’ සන්තනාමය යටපත් වැඩිදියුණු කළ ජැංගම දුරකථන පයදවුමක් හඳුන්තවා දුන්තපන්තය. QR පගවීම්, JustPay  තාක්ෂණපයන්ත සවිබල ගැන්තවුණු පවනත් බැැංකු මගින්ත ක්ෂණික පටාේ-අේ කිරීපම් ෙහසුකම ඇුළු ෙහසුකම් රැසකින්ත සමන්තවිත එම ජැංගම දුරකථන පයදවුම ොරිපභෝගිකයින්ත හට වඩාත් ෙහසුපවන්ත සිය බැැංකුකරණ කටයුු සිදුකර ගැනීම සඳහා මනා පේදිකාවක් බවට ෙත්ව ිපේ. ඩිජිටල් බැැංකුකරණ ක්‍රමපේද පුළුල් කිරීම සඳහා ආපයෝජන සිදු කිරීමට යුනියන්ත බැැංකුව දියත් කරන ක්‍රපමෝොයික සැලසුම යටපත් ඩිජිටල් බැැංකුකරණ අත්දැකීම ෙරිවර්තනීය පවනසක් ඇි කිරීපම් තවත් එක් ඉදිරි පියවරකි. තවද, යුනියන්ත බැැංකුපේ සම්මානිත මුදල් කළමනාකරණ විසඳුමවන BizDirect ෙහසුකම ද, පමවැනි අභිපයෝගාත්මක කාලයක ආයතනික සහ සුළු හා මධය ෙරිමාණ වයවසායකයින්තපග් ද්‍රවශීලතා කළමනාකරණය සඳහා පයාදාගත හැකි වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී ම විකල්ෙයක් පලස වඩාත් ප්‍රසාදයට ලක් විය. 2022 සහ ඉන්ත ඔේබට ඩිජිටල් ෙරිවර්තනයක් සිදු කිරීපම් පියවරක් පලස 2021 වසපර්දී යුනියන්ත බැැංකුව සිය දත්ත මධයස්තථානපේ දැවැන්තත යාවත්කාලීන කිරීමක් සිදු කිරීම සඳහා ආපයෝජනයක් සිදු කපේය. උසස්ත ආරක්ෂාව, විේවසනීයත්වය සහ වඩාත් කඩිනම් අවදානම් ප්‍රිසාධන හැකියාව පමන්තම වැඩිදියුණු කරන ලද නමයශීලිත්වයකින්ත සහ නපවෝත්ොදන හැකියාවකින්ත ද යුු දත්ත මධයස්තථානයක් පගාඩනැගීම එම ආපයෝජනපේ අරමුණ විය. 

“අභිපයෝගාත්මක සාර්ව- ආර්ික තත්ත්වය හමුපේ යුනියන්ත බැැංකුපේ ප්‍රමුඛතාව ිමි වූපේ ොරිපභෝගිකයින්ත සඳහා බාධාවකින්ත පතාර පස්තවාවක් ලබා දීම සහ දූරදර්ශී වයාොරික වර්ධනය පකපරිය.  ශක්ිමත් වයාොරික අඛණ්ඩතා සැලසුමක් සහ අවදානම් කළමනාකරණ ක්‍රපමෝොය සමගින්ත යුනියන්ත බැැංකුව 2021 වසපර් වසැංගත තත්ත්වය ුළ ොරිපභෝගික ජනතාවටත්, කාර්යමණ්ඩලයටත්,  අපනකුත් ොර්ේවකරුවන්තටත් සහපයෝගය ලබා දීම පවනුපවන්ත අඛණ්ඩව කැෙ වුණා. සැලසුම්සහගත පලස ක්‍රපමෝොය දියත් කරමින්ත අෙට ශක්ිමත් ද්‍රවශීලතා මට්ටමක්, ප්‍රාග්ධනයක් සහ කාර්යසාධනයක් සමගින්ත අභිපයෝගාත්මක වසරට සාර්ථකව මුහුණ දීමට හැකි වුණා.  සාර්ථක එන්තනත්කරණ ක්‍රියාවලියකින්ත අනුරුව යළි නැගී සිටින පලෝකය ුළ අවස්තථා රැසකට පදාරටු විවෘත වනු ඇි බව අෙපග් විේවාසයයි. ඒ

අනුව එම නැගී එන අවස්තථාවලින්ත උෙරිම ඵල පනළා ගැනීම සඳහා බැැංකුවක් පලස අෙ මනා සූදානමකින්ත ෙසුවන අතර, ොරිපභෝගිකයින්තපග් සහ කාර්යමණ්ඩලපේ ආරක්ෂාව සහ සුබසිද්ධිය තහවුරු කරන අතරම අෙපග් පාර්ශවකරුවන් සඳහා අගය නිර්මාණය කිරීපම් සහ රැක ගැනීපම් ක්‍රපමෝොය තවදුරටත් ඉදිරියට පගන යාමට 2022 වසර ුළ අෙ කටයුු කරනවා,” යනුපවන්ත යුනියන්ත බැැංකුපේ අධයක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී ඉන්තද්‍රජිත් වික්‍රමසිැංහ මහතා සඳහන්ත කපේය.

අභියෝග හමුවේ වුව ද යුනියන් බැංකුව 2021 තුන්වන කාර්තුව තුළ ස්ථාවර කාර්යසාධනයක් වාර්තා කරයි

අභියෝග හමුවේ වුව ද යුනියන් බැංකුව 2021 තුන්වන කාර්තුව තුළ ස්ථාවර කාර්යසාධනයක් වාර්තා කරයි

වසංගත තත්ත්වයේ තුන්වන අදියරේ බලපෑම හේතුවෙන් අගෝස්තු සහ සැප්තැම්බර් මාස තුළ පනවන ලද සංචරණ සීමා හේතුවෙන් සමස්ත බැංකුකරණ ක්‍රියාකාරකම් සීමිත විය. වසංගත තත්ත්වය හේතුවෙන් වෙළෙඳ සහ විදේශ සංචිත සීමා මත ඇති වූ ආර්ථික අභියෝග බැංකුවේ සමස්ත ව්‍යාපාරික ක්‍රියාවලියට අභියෝගයක් විය. Covid-19 වසංගත තත්ත්වයේ බලපෑමට ලක් වූ පාරිභෝගිකයින් හට සහයෝගය ලබා දීම සඳහා 2021 සැප්තැම්බර් මසදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ණය සහන වැඩසටහන තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු කරන ලදි. 

ඉහත බාහිර අභියෝග හමුවේ වුව ද යුනියන් බැංකුව සිය ශක්තිමත් ද්‍රවශීලතා තත්ත්වය පවත්වා ගැනීමට සමත් විය. සමාලෝචන කාලය තුළ සාමාන්‍ය ස්ථාවර තැන්පතු ස්ථාවර මට්ටමක පැවතුනු අතර සාමාන්‍ය CASA අගය 9% ක වසරින් වසර වර්ධනයක් පෙන්නුම් කළේය. එම අගය රු. මිලියන 23,854 කි. 

2021 සැප්තැම්බර් මසදී සිදු කෙරුණු ෆිච් සමාලෝචනයේදී, ස්ථාවර දර්ශනයක් සමගින් බැංකුවට BBB(-) ක ශ්‍රේණිගත කිරීමක් හිමි විය. ඉහල ද්‍රවශීලතාව, කැපී පෙනෙන ප්‍රාග්ධනනය සහ උසස් මෙහෙයුම් තත්ත්ව යටතේ ඉදිරි වර්ධන හැකියාව ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් එම ශ්‍රේණිගත කිරීමට හේතු පාදක විය. 

අහිතකර සාර්ව ආර්ථික වාතාවරණය සහ මෙම දුෂ්කර කාලය තුළ පාරිභෝගිකයින් හට සහයෝගය ලබා දීම සඳහා බැංකුව විසින් ණය සහන දීර්ඝ කරනු ලැබීම හේතුවෙන් තුන්වන කාර්තුව තුළ බැංකුවේ දළ පොළී ආදායමට බලපෑමක් එල්ල විය. තවද, 2020 වසරට සාපේක්ෂව මූලික ලකුණු 280 කින් AWPLR අගය අඩු වීම ද ඊට ප්‍රධාන වශයෙන් බලපෑවේය. එහි ප්‍රතිඵලයක් ලෙස, වසරේ පළමු මාස නවයක කාලය තුළ බැංකුවේ දළ පොළී ආදායම රු. මිලියන 3,078 ක් ලෙස වාර්තා වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව සුළු වර්ධනයකි. 

කාලෝචිත ක්‍රියාමාර්ගවලට අනුව ගාස්තු ආදායම මනා ලෙස කළමනාකරණයකර ගැනීමට බැංකුවට හැකි වූ අතර, සමාලෝචන කාලය තුළ වාර්තා වූ රු. මිලියන 612 ක එම ආදායම 31% ක වසරින් වසර වර්ධනයකි. 

අභියෝගාත්මක ආර්ථික වාතාවරණය හමුවේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඛණ්ඩව පහත වැටුණු බැවින් එය වෙළෙඳ ආදායමට සහ සැපයුම්/ඉල්ලුම් චලනයට බලපෑමක් එල්ල කළේය. මෙම විනිමය හුවමාරු අනුපාත වෙනස්වීම් සහ සීමිත වෙළෙඳ අවස්ථා විසින් බැංකුවේ භාණ්ඩාගාරයට සහ වෙළෙඳපොළ ආදායමට පීඩනයක් එල්ල වූ අතර ඒ හේතුවෙන් බැංකුවේ භාණ්ඩාගාරයේ කාර්යසාධනයට දැඩි බලපෑමක් එල්ල විය. විශේෂයෙන් පසුගිය වසරේ දෙවන සහ තුන්වන කාර්තුවල වෙළෙඳපොළ ආදායම සාපේක්ෂව ඉතා ඉහල අගයක් ගත්ත ද, මෙම විමර්ශන කාලය තුළ බැංකුවේ වෙළෙඳ සහ වෙනත් ආදායම් 37% ක වසරින් වසර අඩුවීමක් පෙන්නුම් කළේය. 

සැප්තැම්බර් මාසයේ අවසානයවන විට බැංකුවේ වසරේ සිට මේ දක්වා මෙහෙයුම් ආදායම රු. මිලියන 4,397 ක් ලෙස වාර්තා විය. බැංකුවේ සියලු මෙහෙයුම් අංශ තුළ ක්‍රියාත්මක කරන ලද පිරිවැය කළමනාකරණ ක්‍රියාකාරකම් හරහා සමස්ත මෙහෙයුම් වියදම් මනාව කළමනාකරණයකර ගැනීමට හැකි වූ අතර එම වියදම් රු. මිලියන 2,730 කින්, එනම් වසරින් වසර 4% කින් අඩුකර ගැනීමට බැංකුවට හැකි වී ඇත. පූර්ව අපහායන ලාභය ද රු. මිලියන 1,667 ක් ලෙස වාර්තා විය. 

අභියෝගාත්මක ආර්ථික වාතාවරණය හේතුවෙන් බැංකුව 2020 වසරේ දෙසැම්බර් මාසයේදී අනුගමනය කළ උපකල්පන මත ම පිහිටා අඛණ්ඩව අපහායන ආකෘති අනුගමනය කිරීමට ක්‍රියා කළ අතර, අපහායන ගණනය කිරීම්වලදී අවදානම් කර්මාන්තවල නියැලී සිටින පාරිභෝගිකයින් ඒ සඳහා සලකා බැලීමට බැංකුව තවදුරටත් ක්‍රියා කළේය. එබැවින්, බැංකුවේ සැබෑ ණය අහිමිවීම් අඩු මට්ටමක පැවතිය ද, අහිතකර ආර්ථික තත්ත්වයට ඔබින ලෙස කළමනාකරණ උපරිපතනය හරහා කැපීපෙනෙන මට්ටමින් ප්‍රතිපාදන වෙන් කිරීමට බැංකුව කටයුතු කළේය. 

දිගින්-දිගට ම පැවති අභියෝගාත්මක සාර්ථ ආර්ථික වාතාවරණයට මුහුණ දෙමින් බැංකුව සහ එහි අනු සමාගම් විමර්ශන කාලය තුළ රු. මිලියන 1,102 ක සියලු බදු පෙර ලාභයක් අත්කර ගැනීමට සමත් විය. 

එම කාලය සඳහා බදු පසු ලාභය රු. මිලියන 614 ක් වූ අතර එය 12% ක වසරින් වසර වර්ධනයකි. 

වාර්තාකරණ කාලය අවසානයවන විට බැංකුවේ අක්‍රීය ණය අනුපාතය 5.79% කින් යහපත් වූ අතර එය 2020 දෙසැම්බර් මාසයේ සිට 6.05% ක වර්ධනයකි. දුර්වල ආර්ථික තත්ත්වය හමුවේ බැංකුව අක්‍රීය ණය පාලනයකර ගනිමින් සිය සේවා පෙළ ප්‍රමිතිය වෙනුවෙන් අඛණ්ඩව ඉලක්කගත ක්‍රියාමාර්ග අනුගමනය කළේය. 

සැප්තැම්බර් මස 30 වනදා වන විට බැංකුවේ සමස්ත වත්කම් රු. මිලියන 118,682 ක් ලෙස වාර්තා විය. ණය සහ හිමිවීම් වසරේ සිට මේ දක්වා රු. මිලියන 69,708 ක් වූ අතර එය 3% ක වසරින් වසර වර්ධනයකි. තැන්පතු පදනම රු. මිලියන 85,259 ක් වූ අතර එය සමාලෝචන කාලය තුළ 3% ක වර්ධනයකි. 

බැංකුව තම ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාත නියාමන අවශ්‍යතාවලට වඩා ඉතා ඉහල මට්ටමකින් තවදුරටත් පවත්වාගෙන යාමට සමත් වූ අතර වාර්තාකරණ දිනයවන විට 15.20% ක ශක්තිමත් සමස්ත ප්‍රාග්ධන අනුපාතයක් වාර්තා කළේය. 

යුනියන් බැංකුව සහ එහි අනුබද්ධිත සමාගම්වන UB Finance Company සහ National Asset Management යන සමාගම්වලින් සමන්විත සමූහයේ සියලු බදු පෙර ලාභය රු. මිලියන 1,325 ක් ලෙස වාර්තා විය. සමූහයේ බදු පසු ලාභය 17% ක වසරින් වසර වර්ධනයක් පෙන්නුම් කළේය. රු. මිලියන 125,163 ක් ලෙස වාර්තා වූ සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණයෙන් 95% ක ප්‍රතිශතයක් බැංකුව නියෝජනය කරයි. වාර්තාකරණ දිනයවන විට සමූහය 15.67% ක ශක්තිමත් හර ප්‍රාග්ධන අනුපාතයක් පවත්වාගෙන යාමට සමත්ව තිබිණ. 

පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවලට ඔබින මුල්‍ය විසඳුම් ලබාදෙන අතර ම බැංකුවේ ආයතනික, සුළු හා මධ්‍ය පරිමාණ සහ පාරිභෝගික බැංකුකරණ අංශ අඛණ්ඩව ඉලක්කගත වර්ධනයක් අත්කර ගැනීමට සමත් විය. සමාලෝචන කාලය තුළ ඩිජිටල් ක්‍රියාකාරකම් කෙරෙහි බැංකුව දැක්වූ අවධානය තවදුරටත් ඉහල නැංවීමට කටයුතු කෙරුණු අතර එහි එක් පියවරක් ලෙස ‘UBgo’ සන්නාමය යටතේ වැඩිදියුණු කරන ලද ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දීමට ද බැංකුව කටයුතු කළේය. QR ගෙවීම් සහ JustPay තාක්ෂණයෙන් සවිබල ගැන්වුණු ක්ෂණික ගෙවීම් පහසුකමින් යුතු එම ජංගම දුරකථන යෙදවුම මගින් පාරිභෝගිකයින්ගේ බැංකුකරණ කටයුතු වඩාත් පහසු සහ සරළ කිරීමට බැංකුවට හැකි විය. 

වත්මන් අභියෝග හමුවේ දූරදර්ශී ක්‍රියාමාර්ග රැසක් සමගින් ඉදිරියට ගමන්කරන අප, ක්‍රමානුකුලව රට විවෘත කිරීමත් සමග පවතින අවස්ථාවලින් උපරිම ඵල නෙළා ගනිමින් බැංකුව ප්‍රතිසකස්කරණය කළ ක්‍රමෝපායික අරමුණු සාක්ෂාත්කර ගැනීමට බලාපොරොත්තු වනවා. පාරිභෝගික අවශ්‍යතාවලට අනුකූලව සකස්කරන ලද මුල්‍ය විසඳුම් ලබා දීම සඳහා ඔවුන් සමග සමීපව කටයුතුකරන අතර ම, පවතින තත්ත්වය හමුවේ අපගේ කාර්යමණ්ඩල සාමාජිකයින්ගේත්, පාරිභෝගිකයින්ගේත් යහ පැවැත්ම තහවුරු කිරීම අපගේ ප්‍රමුඛතා ලෙස තවදුරටත් පවතිනු ඇත. ලාභය සහ දූරදර්ශී සේවා වර්ධනය අත්කර ගන්නා අතර ම ශක්තිමත් ද්‍රවශීලතා මට්ටමක් පවත්වාගෙන යාම වසරේ අවසාන කාර්තුවේදී බැංකුවේ ප්‍රධාන ඉලක්කයවනු ඇති.” යනුවෙන් යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

යුනියන් බැංකුව ස්ථාවර කාර්යසාධනයක් සමගින් 2021 පළමු අර්ධය නිමා කරයි

යුනියන් බැංකුව ස්ථාවර කාර්යසාධනයක් සමගින් 2021 පළමු අර්ධය නිමා කරයි

යුනියන් බැංකුව 2020 වසරේදී ඇති වූ ආර්ථික අභියෝග හමුවේ වුව ද සිය වර්ධනය සඳහා ක්‍රමෝපායික සැලසුම් ප්‍රතිසැකසුම්කර කැපී පෙනෙන ආදායම් වර්ධනයක් සමගින් 2021 වසරේ පළමු කාර්තුව තුළ ශක්තිමත් කාර්යසාධනයක් අත්කර ගැනීමට සමත් විය. කෙසේවෙතත්, 2021 වසරේ අප්‍රේල් මසදී කොරෝනා වෛරසයේ තුන්වන රැල්ලේ බලපෑම හේතුවෙන් එහි ව්‍යාපාරික වර්ධන ගමන සීමා විය. එම අභියෝග මධ්‍යයේ වුව ද යුනියන් බැංකුව 2021 දෙවන කාර්තුව තුළදී ද ස්ථාවර කාර්යසාධනයක් අත්කර ගනිමින් පළමු අර්ධය ශක්තිමත් බැංකුකරණ කාර්යසාධනයක් සමගින් අවසන් කළේය.

වසංගත තත්ත්වය හේතුවෙන් පනවන ලද සංචරණ සීමා ආදී ක්‍රියාමාර්ග මත බැංකුකරණ අංශයේ ක්‍රියාකාරකම් දෙවන කාර්තුව තුළ අභියෝගයට ලක්වූ අතර යුනියන් බැංකුව සිය සේවා සීමා කිරීමෙන් තොරව පවත්වාගෙන යාම සහ ඉලක්කගත පියවර හේතුවෙන් දෙවන කාර්තුව තුළ මෙම ස්ථාවර කාර්යසාධනය අත්කර ගැනීමට සමත් විය. වසංගතයේ තුන්වන රැල්ලේ බලපෑමට ලක්වූ පාරිභෝගික ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දෙන ලද නව ණය සහන යෝජනා ක්‍රමය හේතුවෙන් යුනියන් බැංකුවේ AWPLR අගය පහත වැටිණ. 2021 මැයි මසදී නිර්දේශ කෙරුණු එම ණය සහන යෝජනා ක්‍රමය යුනියන් බැංකුව විසින් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලද අතර වසංගතයේ බලපෑමට ලක්වූ පාරිභෝගිකයින් හට 2021 අගෝස්තු මස 31 වනදා දක්වා මූලික මුදල සහ/හෝ පොළී ගෙවීම් සඳහා කාලය දීර්ඝ කිරීමට කටයුතු කෙරිණි. තුන්වන රැල්ලේ බලපෑමට ලක්වූ පාරිභෝගික, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ ආයතනික අංශ සඳහා ද සහන පිරිනැමුණු අතර ප්‍රමාද ගාස්තු ඉවත් කිරීම, මුදල් ගෙවීම් කළ යුතු දින දීර්ඝ කිරීම සහ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සඳහා නම්‍යශීලි ගෙවීම් ක්‍රම හඳුන්වා දීම ද එම සහන අතර වෙයි.

ඉහත අභියෝග හමුවේ වුව ද 2021 පළමු අර්ධය සඳහා යුනියන් බැංකුවේ දළ පොළී අනුපාතය රු. මිලියන 2,103 ක් ලෙස වාර්තා වූ අතර එය 4% ක වසරින් වසර වර්ධනයකි. 2021 ජුනි මස 30 වනදායින් අවසන් වූ පළමු අර්ධය තුළ බැංකුවේ දළ පොළී ආන්තිකය 3.44% ක් වූ අතර එය පසුගිය වසරේ පළමු අර්ධයේදී 3.23% ක් ලෙස වාර්තා විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශ මත වසංගතයේ බලපෑමට ලක්වූ පාරිභෝගිකයින් වෙනුවෙන් 2021 අගෝස්තු මාසය දක්වා ප්‍රමාද ගාස්තු සහ වෙනත් ගාස්තු ඉවත් කිරීමට කටයුතු කෙරිණි. ආර්ථික සහ ආනයන කටයුතුවල සිදු වූ පසුබෑම ද බැංකුවේ ගාස්තු ආදායමට බලපෑවේය. කෙසේවෙතත්, දළ ගාස්තු සහ කොමිස් ආදායම 42% ක වසරින් වසර වර්ධනයක් අත්කර ගැනීමට සමත් විය. 2020 වසරේදී පිරිනැමූ Covid-19 සහන යෝජනා ක්‍රමයේ බලපෑම ද මෙම ගාස්තු ආදායමේ කැපීපෙනෙන වර්ධනය මගින් නිරූපණයවන අතර එමගින් පසුගිය වසරේ අදාළ කාල පරිච්ඡේදය තුළ බැංකුවේ ආදායමට බලපෑමක් ඇති විය.

2021 පළමු අර්ධය තුළ බැංකුවේ සමස්ත වෙනත් ආදායම රු. මිලියන 527 ක් වූ අතර එය 18% ක වසරින් වසර අඩු වීමකි. බැංකුවේ කොටස් ආදායම ඇතුළු ආයෝජන රු. මිලියන 310 ක් දක්වා 43% කින් අඩු වීම ඊට ප්‍රධානත ම හේතුවයි. කෙසේවෙතත්, විදේශ විනිමය ආදායම 117% ක වසරින් වසර වර්ධනයක් අත්කර ගත්තේය. 8% කින් විදේශ විනිමය අනුපාතය අවධමනය වීම සහ අදාළ කාලය තුළ විදේශ විනිමය අනුපාතයේ උච්ඡාවචන ඊට ප්‍රධාන වශයෙන් බලපෑවේය.
බාහිර අභියෝග මධ්‍යයේ වුව ද 2021 ජුනි මස 30 වනදායින් අවසන් වූ පළමු අර්ධය තුළ යුනියන් බැංකුවේ මෙහෙයුම් ආදායම රු. මිලියන 3,036 ක් ලෙස වාර්තා වූ අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 3% ක වර්ධනයකි. බැංකුවේ සමස්ථ මෙහෙයුම් අංශ තුළ දූරදර්ශී ලෙස පිරිවැය කළමනාකරණය කිරීම සඳහා අඛණ්ඩව පියවර ගැනීම හේතුවෙන් මෙහෙයුම් වියදම්වල 6% ක වසරින් වසර අඩුවීමක් අත්කර ගැනීමට හැකි වූ අතර එම අගය රු. මිලියන 1,809 කි. බැංකුවේ පූර්ව අපහායන ලාභය පළමු අර්ධයේදී රු. මිලියන 1,227 ක් වූ අතර එය 18% ක වසරින් වසර වර්ධනයකි.

අභියෝගාත්මක ආර්ථික වාතාවරණය හේතුවෙන් යුනියන් බැංකුව 2020 දෙසැම්බර් මසදී ක්‍රියාත්මක කළ උපකල්පන මත පදනම්ව අපහායන ආකෘති අඛණ්ඩව අනුගමනය කිරීමට කටයුතු කළේය. ඒ අනුව, කැපී පෙනෙන ණය අවදානමක් සහිත කර්මාන්තවලට සම්බන්ධ පාරිභෝගිකයින් ද බැංකුව අඛණ්ඩව අපහායන ගණනය කිරීම් සඳහා ඇතුළත්කර ගන්නා ලදි. තවද, දරුණුත ම සාර්ව ආර්ථික තත්ත්වය සඳහා යොමුකරන ලද ඉහළ අවධානය අඛණ්ඩව අපේක්ෂිත ණය අහිමිවීම් ගණනය සඳහා ද යොමු කෙරිණි. එබැවින්, බැංකුවේ සැබෑ ණය අහිමිවීම් ප්‍රමාණය අඩු මට්ටමක පැවතිය ද, දුර්වල ආර්ථික වාතාවරණය සඳහා අදාළ කාලය තුළ කැපීපෙනෙන ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමට කටයුතු කෙරුණු අතර ඒ හේතුවෙන් පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව අපහායන ගාස්තුවල 55% ක වර්ධනයක් පෙන්නුම්කර ඇත.

බාහිර අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් යුනියන් බැංකුව සියලු බදුවලට පෙර මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ශක්තිමත් ප්‍රතිඵල අත්කර ගැනීමට සමත් වූ අතර රු. මිලියන 791 ක අතුරු ලාභයක් එමගින් හිමිකර ගැනීමට සමත් විය. එම අගය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 5% ක වර්ධනයකි. 2021 පළමු අර්ධය තුළ යුනියන් බැංකුවේ බදු පසු ලාභය 44% කින් වර්ධනය වූ අතර එම අගය රු. මිලියන 455 කි.

පළමු අර්ධය තුළ බැංකුවේ සමස්ත අක්‍රිය ණය අනුපාතය 5.83% ක් දක්වා අඩු වූ අතර 2020 දෙසැම්බර් මාසයේදී එය 6.05% ක් ලෙස වාර්තා විය.

ජුනි මස 30 වනදා වන විට බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. මිලියන 121,244 ක් ලෙස වාර්තා විය. බැංකුවේ ණය සහ ලැබීම් රු. මිලියන 70,656 ක් ලෙස වාර්තා වූ අතර එය වසරේ සිට අද දක්වා 5% ක වර්ධනයකි. තවද, රු.මිලියන 85,132 ක් වූ තැන්පතු පදනම වසරේ සිට මේ දක්වා 3% ක වර්ධනයකි. 2021 ජනවාරි සිට ජුනි දක්වා CASA සාමාන්‍යය පසුගිය වසරේ පළමු අර්ධයට සාපේක්ෂව 11% කින් වර්ධනය විය. පැවති සංචරණ සීමා සහ බාධක හමුවේ වුව ද බැංකුව පාරිභෝගික, ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශ හරහා සිදු කළ ඉලක්කගත අත්කර ගැනීමේ ක්‍රමෝපාය හේතුවෙන් සවිමත් CASA අගයක් හිමිකර ගැනීමට හැකි විය. වාර්තාකරණ කාලය අවසානවන විට බැංකුවේ CASA අනුපාතය 28.5% කි.

අඛණ්ඩව ශක්තිමත් ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතයක් පවත්වා ගැනීමට සමත් වූ යුනියන් බැංකුව වාර්තාකරණ දිනයවන විට 15.88% ක ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතයකට හිමිකම් කීවේය.

බැංකුවේ අනු සමාගම්වන UB Finance සහ NAMAL යන සමාගම් ද බාහිර ආර්ථික වාතාවරණයේ බලපෑමට ලක් වූ අතර බැංකුවත් එම සමාගම් ද්විත්වයෙනුත් සමන්විත සමූහයේ සියලු බදු පෙර ලාභය 2021 පළමු අර්ධයේදී රු. මිලියන 938 ක් ලෙස වාර්තා විය. සමූහයේ බදු පසු ලාභය පසුගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී 43% ක වර්ධනයක් අත්කර ගත්තේය. රු. මිලියන 127,361 ක් වන සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණයෙන් 95% ක් බැංකුවේ වත්කම් නියෝජනය කරයි. වාර්තාකරණ දිනයවන විට සමූහය 16.49% ක ශක්තිමත් සමස්ත ප්‍රාග්ධන අනුපාතයක් පවත්වාගැනීමට සමත්ව සිටියේය.

ශක්තිමත් ද්‍රවශීලතාවක් සහ අඛණ්ඩව මෙහෙයුම් පවත්වා ගන්නා අතරම කාර්යමණ්ඩල සාමාජිකයන්ගේත්, පාරිභෝගිකයින්ගේත් සුරක්ෂිතතාව තහවුරු කිරීම වසරේ දෙවන කාර්තුවේදී ද කළමනාකාරිත්වයේ ප්‍රමුඛතාව විය. පාරිභෝගික, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ ආයතනික පාරිභෝගිකයින්ට විශේෂිත අභියෝග හඳුනා ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහන යෝජනා ක්‍රමය කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම ඇතුළු අවශ්‍ය බැංකුකරණ සහයෝගය ලබාදීම සඳහා බැංකුව සිය ශාඛා සහ සබඳතා කළමනාකරුවන් හරහා එම පාරිභෝගික කාණ්ඩ සමග අඛණ්ඩව සමීපව කටයුතු කළේය.

ඩිජිටල් බැංකුකරණය සහ සිය ඩිජිටල් සේවාවල ශක්තිය පුළුල් කරමින් අදාළ කාලය තුළ යුනියන් බැංකුව ජංගම බැංකුකරණ යෙදවුම තවදුරටත් වැඩිදියුණු කරමින් ‘UBgo” ලෙස යළි ජනගත කිරීමට කටයුතු කළ අතර සිය පාරිභෝගිකයින් සඳහා බාධාවකින් තොර ගෙවීම් අත්දැකීමක් හිමිකර දීම සඳහා Lanka QR සමග සම්බන්ධ වීමට කටයුතු කළේය. යුනියන් බැංකුවේ ජංගම යෙදවුම Lanka QR සේවාව සමග සම්බන්ධ කිරීම මගින් පාරිභෝගිකයින් හට යුනියන් බැංකු ගිණුම් හරහා සෘජුව කඩිනමින් සහ ආරක්ෂිතව මුදල් රහිත ගනුදෙනු සිදු කිරීමේ අවස්ථාව උදා විය. එය, අනාගතයේදී එම යෙදවුම ප්‍රධානත ම බැංකුකරණ පදනමක් බවට පත් කිරීම සඳහා බැංකුව සිදුකරන ආයෝජනවල තවත් එක් පියවරකි. තාක්ෂණයෙන් සන්නද්ධ බැංකුකරණ පහසුව පුළුල් කිරීම සඳහා අඛණ්ඩව කැපවන යුනියන් බැංකුව ඕනෑම ආකාරයේ ජංගම දුරකථනයකින් පුළුල් බැංකුකරණ පහසුකමක් ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින් හට උදා කරමින් ජුනි මසදී Missed Call බැංකුකරණ සේවාව හඳුන්වා දීමට ද කටයුතු කළේය. කෙටි පණිවිඩ සේවාවක්වන එය, ජංගම දුරකථනය හරහා පාරිභෝගිකයින් හට වඩාත් කඩිනමින් සහ ආරක්ෂිතව සිය ගිණුම් ශේෂ ලබා ගැනීමේ හැකියාව හිමිකර දෙන පහසු සේවාවකි.

තුන්වන රැල්ල ඇති වූ අවස්ථාවේ දී අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ක්‍රියාත්මකවන අතර ම පාරිභෝගිකයින්ගේත්, කාර්යමණ්ඩල සාමාජිකයින්ගේත් ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ පරිපූර්ණ සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙල අඛණ්ඩව පවත්වා ගැනීමට බැංකුව කටයුතු කළේය. ශාඛා ජාලය සහ ප්‍රධාන ශාඛාව පුරාම දැඩි සනීපාරක්ෂක සහ ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කෙරුණු අතර කාර්යමණ්ඩල සාමාජිකයන් සමාජය සමග ගැටීම අවම කිරීම සඳහා හඳුනාගත් පිරිස්වලට නිවසේ සිට රාජකාරි කටයුතු කිරීමට ද අවසර ලබා දුනි. සංචරණ සීමා මධ්‍යයේ වුව ද අත්‍යවශ්‍ය සේවා සඳහා ක්‍රමෝපායිකව හඳුනා ගත් ශාඛා කිහිපයක් විවෘත තැබුණු අතර පාරිභෝගිකයින් හට ආරක්ෂිතව බැංකු කටයුතු ඉටුකර දීම සඳහා යුනියන් බැංකුවේ ATM ජාලයත්, අන්තර්ජාල/ජංගම බැංකුකරණ සේවාත්, පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානයත් අඛණ්ඩව ක්‍රියාත්මක විය.

යුනියන් බැංකුවේ 2021 පළමු අර්ධයේ කාර්යසාධනය පිළිබඳ අදහස් දක්වමින් එම බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, “එක්වරම රට තුළ පැන නැගුනු තුන්වන රැල්ල 2021 දෙවන කාර්තුවේ වර්ධන ගමනට බලපෑමක් වුණා. තුන්වන රැල්ල ඇති වීමත් සමග, පාරිභෝගිකයින් හට දිගින්-දිගටම අත්විඳීමට සිදු වූ මුල්‍ය පීඩනයෙන් මිදීමට ඔවුන්ට සහයෝගය ලබා දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශිත ණය සහන ක්‍රියාත්මක කිරීමට යළිත් අපගේ ප්‍රමුඛතා සකස්කර ගැනීමට අපට සිදු වුනා. මෙම අභියෝගාත්මක කාලය තුළ බැංකුවේ පහළ අන්තය කළමනාකරණය කරන අතරම තම ද්‍රවශීලතා මට්ටමත්, ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අගයත් ශක්තිමත්ව පවත්වා ගනිමින් අපගේ තිරසර ව්‍යාපාරික ක්‍රමෝපායේ අංගයක් ලෙස පාරිභෝගිකයින්ගේ සහ කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමටත් බැංකුව සැලකිලිමත් වුණා. වසරේ ඉදිරි කාලය තුළ ද අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේත්, පාරිභෝගිකයින්ගේත් සෞඛ්‍ය ආරක්ෂාව උපරිම අයුරින් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් පාරිභෝගික, ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශ සඳහා අත්‍යවශ්‍ය මුල්‍ය සහයෝගය අඛණ්ඩව පිරිනැමීමට අප කටයුතු කරනවා,” යනුවෙනි.

පළමු කාර්තුවේ සාර්ථකත්වය සමගින් යුනියන් බැංකුව ස්ථාවර වර්ධනයක

පළමු කාර්තුවේ සාර්ථකත්වය සමගින් යුනියන් බැංකුව ස්ථාවර වර්ධනයක

හර බැංකුකරණ වර්ධනය සහ ලාභය

යුනියන් බැංකුව ස්ථාවර වර්ධනයක් සහ සුබවාදී අපේක්ෂා පිළිබිඹු කරමින් 2021 වසරේ පළමු මාස තුන සාර්ථකව අවසන් කර ඇත.

ක්‍රමෝපායික වශයෙන් වැදගත් බැංකුකරණ සේවා ඉලක්කකර ගනිමින් දියත් කරන ලද ක්‍රමෝපායික සැලසුම් යුනියන් බැංකුවේ හර බැංකුකරණ කාර්යසාධනයට ප්‍රධාන වශයෙන් බලපා ඇත. විමර්ශන කාලය තුළ මුහුණ දීමට සිදු වූ අභියෝග මධ්‍යයේ වුව ද එම බැංකුව සිය සේවා ප්‍රති ක්‍රමෝපායකරණය සහ එන්නත් වැඩසටහන දියත් කිරීමත් සමග ඇති වූ ධනාත්මක සාර්ව ආර්ථික තත්ත්වයෙන් උපරිම ඵල නෙලා ගැනීමට කඩිනමින් පියවර ගැනීම හේතුවෙන් 2021 පළමු කාර්තුව තුළ කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට සමත් විය.

ගත වූ කාර්තුව තුළ යුනියන් බැංකුවේ සමස්ත ආදායම රු. මිලියන 1,521 ක් වූ අතර අභියෝගාත්මක වාතාවරණය හමුවේ වුව ද එම අගය පසුගිය වසරේ එම කාර්තුවට සාපේක්ෂව 1% ක වර්ධනයකි.

ගත වූ කාර්තුවේ යුනියන් බැංකුවේ දළ පොළී ආදායම (NII) රු. මිලියන 985 ක් ලෙස වාර්තා වූ අතර එය 2020 මාර්තු මස 31 වනදායින් අවසන් වූ පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 4% ක අඩු වීමකි. පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව මෙම කාර්තුව තුළ සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතය (AWPLR) අඩු වීම එයට හේතුවයි. Covid-19 වසංගත තත්ත්වයේ බලපෑමට ලක් වූ පාරිභෝගිකයන් සඳහා සහන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශය මත යම් සේවා සඳහා පොළී අඩු කිරීම සහ පොළී ඉවත් කිරීම ද මෙම අඩු වීමට හේතු විය. සහනදායී වෙළෙඳපොළ පොළී අනුපාත සහ අනෙකුත් සහන ලබා දුන්න ද අපේක්ෂා කළ මට්ටමින් ණය සඳහා ඇති ඉල්ලුම වර්ධනය නොවූ නමුත්, ආර්ථික ක්‍රියාකාරකම්වල සිදු වූ සුළු නැග්ම හේතුවෙන් බැංකුවේ සමස්ත ණය ප්‍රමාණය වර්ධනය විය. ඵලදායී ලෙස ණය සේවා කළමනාකරණය කිරීම හරහා බැංකුවට දළ පොළී ආදායම මෙලෙස කළමනාකරණය කර ගත හැකි විය.

දළ ගාස්තු සහ කොමිස් ආදායමේ වර්ධනය මෙන්ම වෙනත් මෙහෙයුම් ආදායම ද යුනියන් බැංකුවේ ලාභය ශක්තිමත් කිරීමට දායක විය. 2021 පළමු කාර්තුව අවසානයේදී බැංකුවේ දළ ගාස්තු සහ කොමිස් ආදායම රු. මිලියන 216 ක් ලෙස වාර්තා වූ අතර එය පසුගිය වසරේ පළමු කාර්තුව සමග සැසඳීමේදී 7% ක වර්ධනයකි. ව්‍යාපාරික ණය, ක්‍රෙඩිට් කාඩ්පත් සහ වෙළෙඳ හුවමාරු බැංකුවේ ගාස්තු ආදායමට ප්‍රධාන වශයෙන් දායක විය.

අන්තර්-බැංකු, ස්ථිර ආදායම් සහ ආයතනික විකුණුම්වලින් සමන්විත යුනියන් බැංකුවේ භාණ්ඩාගාරය පළමු කාර්තුව තුළ කැපී පෙනෙන කාර්යසාධනයක් පෙන්නුම් කළ අතර විශේෂයෙන් බැංකුවේ ප්‍රාග්ධන සහ විනිමය ආදායම් සඳහා එය සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය. බැංකුවේ වෙනත් මෙහෙයුම් ආදායම 73% ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ අතර විනිමය අනුපාතවල සිදු වූ වෙනස්වීම් ඊට ප්‍රධාන වශයෙන් බලපෑවේය.

පුළුල් මෙහෙයුම් කාර්යහ්ස්මතාවක් සහ පිරිවැය කළමනාකරණය සඳහා ගත් පියවරවල ප්‍රතිඵලයක් වශයෙන් බැංකුවේ මෙහෙයුම් වියදම විමර්ශන කාලය තුළ රු. මිලියන 907 ක් ලෙස සඳහන් වූ අතර එය 9% ක වසරින් වසර අඩු වීමකි.

විමර්ශන කාලය තුළ බැංකුවේ පූර්ව අපහායන ලාභය 23% ක කැපී පෙනෙන වසරින් වසර වර්ධනයක් පෙන්නුම් කළේය.

පවත්නා සාර්ව ආර්ථික පීඩනය සහ රට වසා දැමීමේ තත්ත්වවලට අනුකූලව යුනියන් බැංකුව මධ්‍යස්ථ ලෙස අපහායන ගාස්තු පිරිනැමීමට කටයුතු කළ අතර ඒ හේතුවෙන් ගත වූ කාර්තුව තුළ බැංකුවේ අපහායන ගාස්තු රු. මිලියන 196 ක් දක්වා 111% ක වර්ධනයක් වාර්තා කළේය. සමස්ත යළි පියවීම් සහ ණය වර්ධනය සමගින් ඉලක්කගත අයකර ගැනීමේ ක්‍රියාමාර්ග හේතුවෙන්, 2020 දෙසැම්බර් මසදී 6.05% ක් ලෙස සඳහන් වූ බැංකුවේ සමස්ත අක්‍රිය ණය අනුපාතය (NPL) විමර්ශන කාර්තුව තුළ 5.85% ක් ලෙස ප්‍රගතියක් අත්කර ගැනීමට බැංකුව සමත් විය.

මෙහෙයුම් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල රු. මිලියන 418 ක් ලෙස වාර්තා වූ අතර එය 3% ක වසරින් වසර වර්ධනයකි.

යුනියන් බැංකුවේ බදු පසු ලාභය එහි අනු සමාගම්වල කොටස් හිමිකාරිත්වය ද ඇතුළුව රු. මිලියන 282 ක් ලෙස වාර්තා වූ අතර එය 57% ක වසරින් වසර වර්ධනයකි. බැංකුවේ ධනාත්මක බලපෑමත්, ආයතනික බදු අනුපාතවල සිදු වෙනස්වීම හේතුවෙන් UB Finance ආයතනයේ බදු වත්කම් ප්‍රමාණයේ අඩුව ද මෙමගින් නිරූපණය වෙයි.

බැංකුවේ පරිපූර්ණ ආදායම රු. මිලියන 137 කි.

යුනියන් බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය 2021 මාර්තු මස 31 වනදා වන විට රු. මිලියන 124,796 ක් දක්වා වර්ධනය විය. ණය සහ අත්තිකාරම් රු. මිලියන 71,609 ක් දක්වා 6% ක වර්ධනයක් අත්කර ගත් අතර විමර්ශන කකාලය තුළ පාරිභෝගික තැන්පතු රු. මිලියන 83,829 ක් දක්වා 2% ක වර්ධනයක් අත්පත් කර ගත්තේය. පාරිභෝගික, ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශ කේන්ද්‍ර කර ගනිමින් දියත් කෙරුණු ක්‍රමෝපායික අත්කර ගැනීම් හරහා යුනියන් බැංකුවේ CASA අගය තවදුරටත් ශක්තිමත් මට්ටමක පවත්වා ගැනීමට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස විමර්ශන කාලය තුළ සමස්ත CASA ශේෂය 4.2% කින් වර්ධනය වූ අතර CASA අනුපාතය 30.5% ක් ලෙස වාර්තා විය.

ශක්තිමත් ප්‍රාග්ධන අනුපාත පවත්වා ගැනීම තවදුරටත් යුනියන් බැංකුවේ කළමනාකාරිත්වයේ ප්‍රමුඛතාවක් විය. ඒ අනුව, එම බැංකුවේ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතය 2021 මාර්තු මස 31 වනදා වන විට 15.88% ක් ලෙස වාර්තා වූ අතර එය නියාමන අවශ්‍යතාවට වඩා බෙහෙවින් ඉහළ අගයකි.

යුනියන් බැංකුව, National Asset Management Limited සහ UB Finance යන ආයතනවලින් සමන්විත සමූහයේ බදු පසු ලාභය රු. මිලියන 301 ක් ලෙස වාර්තා වූ අතර එය 54% ක වසරින් වසර වර්ධනයකි.

සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. මිලියන 131,305 ක් වූ අතර ඉන් 95% ක් බැංකුව නියෝජනය කරයි. කාර්තුව අවසානවන විට සමූහය 15.97% ක ශක්තිමත් සමස්ත ප්‍රාග්ධන අනුපාතයක් පවත්වා ගැනීමට සමත් විය.

මෙහෙයුම් කාර්යසාධනය

මුල්‍ය වර්ෂය සඳහා සුබවාදී ආරම්භයක් ලබාදෙමින් යුනියන් බැංකුවේ මුදල් කළමනාකරණ විසඳුමවන BizDirect සේවාව වෙනුවෙන් යුනියන් බැංකුව Asian Banker Transaction Finance Awards 2020 සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටත ම මුදල් කළමනාකරණ බැංකුව’ ලෙස සම්මානයට පාත්‍ර විය. ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශවල ඩිජිටල් මුදල් කළමනාකරණ සේවා ලබා ගැනීමේ ප්‍රවණතාව වර්ධනය වීමත් සමග BizDirect සේවාව යුනියන් බැංකුවේ CASA සහ ගාස්තු ආදායමට විශාල දායකත්වයක් ලබා දුන්නේය.

බැංකුවේ ආයතනික බැංකුකරණ අංශය විමර්ශන කාර්තුව තුළ ප්‍රගතියක් අත්කර ගැනීමට සමත් විය. ආයතනික ණය ප්‍රමාණය වසරේ සිට අද දක්වා (YTD) 13% ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර ආයතනික බැංකුකරණ අංශයේ තැන්පතු පදනම ද වසරේ සිට අද දක්වා 6% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුකරණ අංශය 3% ක ණය වර්ධනයක් වාර්තා කරමින් 2021 පළමු කාර්තුව තුළ යුනියන් බැංකුවේ ධනාත්මක වර්ධනයට දායකත්වය ලබා දී ඇත. බැංකුවේ වත්කම් වර්ධනයට ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය ශක්තිමත් දායකත්වයක් ලබා දී ඇති අතර එම අංශයේ CASA පදනම වර්ධනය කර ගැනීම සඳහා භූගෝලීය වශයෙන් ශාඛා මට්ටමින් ක්‍රමෝපායික වර්ධනයක් සිදු කිරීමට බැංකුව කටයුතු කළේය.

අභියෝගාත්මක වාතාවරණය හමුවේ වුව ද යුනියන් බැංකුවේ පාරිභෝගික බැංකුකරණ අංශය ද 10% ක වසරේ සිට අද දක්වා 10% ක ශක්තිමත් වර්ධනයක් සමගින් ශක්තිමත් තැන්පතු වර්ධනයක් අත්කර ගැනීමට සමත් විය. අඩු පොළී අනුපාත ලබා දීමේ තත්ත්වය හමුවේ වුව ද යුනියන් බැංකුව නව අත්කර ගැනීම් සඳහා අවධානය යොමු කළ බැවින් මෙම වර්ධනය අත්කර ගැනීමට හැකි විය. ක්‍රෙඩිට් කාඩ්පත් අංශය වර්ධනය කිරීම සඳහා බැංකුව දැක්වූ ප්‍රයත්නයට අනුව පාරිභෝගික වත්කම් අංශය ද අඛණ්ඩ වර්ධනයකට හිමිකම් කීවේය. පවත්නා පාරිභෝගික පදනමේ දායකත්වය ලබා ගන්නා අතර ම පොළී රහිත පහසු ගෙවීමේ සැලසුම්, ශේෂය මාරු කිරීමේ විකල්ප සහ දිවයින පුරා අලෙවි නියෝජිතයන් 100 කට අධික ප්‍රමාණයක් සමගින් විශේෂිත අවුරුදු වට්ටම් ඇතුළු පහසුකම් රැසක් පිරිනමකින් බැංකුව නව පාරිභෝගිකයන් අත්කර ගැනීම සඳහා ද කටයුතු කළේය. විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ආකර්ෂණය කර ගැනීමේ ජාතික ප්‍රයත්නයට දායකත්වය ලබා දෙමින් බැංකුව වෙස්ටර්න් යුනියන් මුදල් හුවමාරු සඳහා විශේෂිත ප්‍රවර්ධන ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක් ද විමර්ශන කාලය තුළ දියත් කළේය.

වෙළෙඳපොළ ප්‍රවණතාවලට අනුකූලවන අතරම උපරිම පිරිවැය කළමනාකරණයක් හරහා උපරිම කාර්යසාධනයක් තහවුරු කිරීමට සිය සම්පත් සහ ක්‍රියාවලි ප්‍රතිසංවිධාන කරමින් යුනියන් බැංකුවේ මානව සම්පත් සහ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව බැංකුවේ ව්‍යාපාරික වර්ධනයට දායකත්වය ලබා දුන්නේය. කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ දිවයිනේ කුමන ස්ථානයක රැඳී සිටිය ද, සමාජ දුරස්ථභාවය සම්බන්ධ සීමා පැවතිය ද ඔවුන් සමග අඛණ්ඩව සබඳතා පවත්වා ගැනීම සඳහා යුනියන් බැංකුව නවීන ඩිජිටල් සබඳතා සහ සහයෝගී වේදිකාවක් සිය කාර්යමණ්ඩල සාමාජිකයන් වෙනුවෙන් හඳුන්වා දුන්නේය. 2020 වසරේදී සිය 25 වන වියට පා තැබූ යුනියන් බැංකුව වසර ගණනක පටන් බැංකුවේ වර්ධනයට දායකත්වය ලබා දෙමින් දීර්ඝ කාලයක් එහි සේවයෙහි නිරත වූ කාර්යමණ්ඩල සාමාජිකයන් ඇගයුමට ලක් කිරීම සඳහා විශේෂ උළෙලක් 2021 පළමු කාර්තුව තුළ සංවිධාන කළේය.

යුනියන් බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව ‘Refocus, Readjust, Reinforce’ යන තේමාවෙන් 2021 පෙබරවාරි මසදී ප්‍රකාශයට පත්කෙරිණි. පාර්ශ්වකරුවන් සමග ඇති සබඳතාව ප්‍රශස්ත මට්ටමක පවත්වා ගනිමින් සිය අසමසම ශක්තීන්වලින් උපරිම ඵල නෙළා ගන්නා අතරම නැවුම් ජවයකින් යුතුව අභියෝග හමුවේ පෙරට ගමන් කිරීම සඳහා බැංකුව දක්වන කැපවීම එමගින් නිරූපණය විය. බැංකුවේ මහා සභා රැස්වීම ද විමර්ශන කාලය තුළ සාර්ථකව පැවැත්වුණු අතර සෞඛ්‍ය බලධාරීන් විසින් නිවේදනය කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව එම මහා සභා රැස්වීම අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණ.

“අප 2021 වසර සඳහා සුබවාදී ආරම්භයක් ගෙන තිබෙනවා. පළමු කාර්තුවේ කාර්යසාධනය, වසර සඳහා අපට ඇති වර්ධන ඉලක්ක වෙත ළඟා වීමට අපට ඇති හැකියාව මනාව පෙන්නුම් කරනවා. COVID-19 වසංගත තත්ත්වයේ බලපෑමට ලක් වූ අපගේ පාරිභෝගිකයන් හට ඉදිරියටත් සහයෝගය ලබා දෙන අතර පාරිභෝගික, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ ආයතනික බැංකුකරණ අංශ තුළ අප අපේක්ෂා කරන වර්ධනය අත්කර ගැනීම සඳහා අවධානය යොමු කරනවා. ශක්තිමත් ප්‍රාග්ධන පදනම සහ ඉලක්කගත ක්‍රමෝපායික ව්‍යාපාර සැලසුම සමගින් යුනියන් බැංකුව වෙළෙඳපොළේ අභියෝග සහ අවස්ථා මතුකර ගැනීම සඳහා මනා සූදානමකින් සිටිනවා,” යනුවෙන් යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අභියෝගාත්මක වාතාවරණය හමුවේ යුනියන් බැංකුව නොසැලී ඉදිරියට

අභියෝගාත්මක වාතාවරණය හමුවේ යුනියන් බැංකුව නොසැලී ඉදිරියට

මුල්‍ය කාර්යසාධන සමාලෝචනය

2020 වසරේදී යුනියන් බැංකුව මෙරට බැංකුකරණ ක්ෂේත්‍රයේ 25 වන සංවත්සරය සමරමින් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළේය. එම වසර බැංකුවේ ශක්තිය සහ පදනම විවිධ අයුරින් පරික්ෂාවට ලක් කළ වසරක් වූ අතර එම අභියෝග මධ්‍යයේ වුව ද යුනියන් බැංකුව ශක්තිමත් ලෙස නැගී සිටීමට සමත් විය. ආර්ථික ක්‍රියාකාරකම්හි පසුබෑම හේතුවෙන් බැංකුවේ මෙහෙයුම් කාර්යසාධනයට බලපෑමක් ඇති වුව ද, පිරිවැය මගින් උපරිම ප්‍රතිඵල අත්කර ගැනීම, ඵලදායී සම්පත් සහ ඵලදායිතා කළමනාකරණය මෙන්ම දූරදර්ශී සේවා පෙළ කළමනාකරණය හරහාඑම දුෂ්කර තත්ත්වවලින් නැගී සිටීමේ හැකියාව බැංකුවට උදා විය.

අභියෝගාත්මක ආර්ථික පසුබිම මධ්‍යයේ වුව ද, යුනියන් බැංකුව දූරදර්ශී ලෙස සිය ද්‍රවශීලතා පරතරය වර්ධනය කරමින් ශක්තිමත් අමතර ද්‍රවශීලතා මට්ටමක් පවත්වා ගැනීමට කටයුතු කළේය. ෆිච් ආයතනය 2020 වසරේදී නිකුත් කරන ලද ශ්‍රේණිගත කිරීම් හරහා බැංකුවේ වත්මන් ශ්‍රේණිගත කිරීම යළි තහවුරු වූ අතර ශක්තිමත් ද්‍රවශීලතාව සහ ප්‍රාග්ධනය ඊට හේතු විය.  බැංකු ක්ෂේත්‍රයේ ශක්තිමත් ම ප්‍රාග්ධන තත්ත්වයකට මෙන්ම කැපීපෙනෙන මුල්‍ය නම්‍යශීලිතාව හේතුවෙන්, වසංගත තත්ත්වයෙන් ඇති වූ අහිතකර ආර්ථික බලපෑම මැඩපවත්වා ගැනීමට යුනියන් බැංකුවට හැකි වී ඇත. මුල්‍ය වර්ෂය අවසානයේදී යුනියන් බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතය 16.95% ක් ලෙස වාර්තා වූ අතර එය නියාමන අවශ්‍යතාවට වඩා බෙහෙවින් ඉහළ අගයකි.

නව වෙළෙඳපොළ ප්‍රවණතා සහ පාරිභෝගික නැමියාවන් සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් යුනියන් බැංකුව සිය මෙහෙයුම් කටයුතු ප්‍රතිසැකසුම්කරණය කිරීමට කටයුතු කළේය. සිය පාරිභෝගික ජනතාවගේත්, කාර්යමණ්ඩල සාමාජිකයන්ගේත් සෞඛ්‍යය සහ සුබසිද්ධිය තහවුරු කරන අතරම සියලු පාර්ශව ඇතුළත් ව්‍යාපාරික ක්‍රමෝපායක් දියත් කරමින් බැංකු සේවා බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාමට එම බැංකුව කටයුතු කළේය. විකල්ප රාජකාරි විසඳුම්, නිවසේ සිට රැකියාවේ නිරත වීමේ පහසුකම් මෙන්ම රට වසා දැමූ තත්ත්වයකදී වුව ද අත්‍යවශ්‍ය සේවා සඳහා වාර්තා කළ කාර්යමණ්ඩල සාමාජිකයන් හට බාධාවකින් තොරව සිය කටයුතු ඉටුකර ගත හැකි අමතර යටිතල පහසුකම් ස්ථාපනය කිරීම සඳහා ද කැපීපෙනෙන ආයෝජන සිදු කෙරිණි.

COVID-19 වසංගතයේ බලපෑමට ලක්වූ පාරිභෝගිකයන් හට සිය ව්‍යාපාර සහ ජීවන ශෛලිය යළි ගොඩනගා ගැනීමට සවියක් වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්දේශ කරන ලද සහන සියලු පාරිභෝගික අංශ නියෝජනයවන පරිදි පිරිනැමීමට ද කටයුතු කෙරිණි. තවද, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශ සහ ආර්ථික වර්ධනය පිණිස ක්‍රියාත්මක කරන ලද ණය පොළී අනුපාත කපා හැරීම් අනුව යමින් යුනියන් බැංකුව සිය ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු ණය සේවා සඳහා පහළට ගමන් කරන පොළී අනුපාත සංශෝධනයක් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය සහන පැකේජයට අනුව වසංගත තත්ත්වයෙන් පීඩාවට පත් ණය ගැනුම්කරුවන් හට ප්‍රාග්ධන සහ පොළී සහන ලබා දෙන අතරම බැංකුවේ අභ්‍යන්තර ණය ප්‍රතිපත්ති මාර්ගෝපදේශවලට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශවලින් ඔබ්බට යමින් පීඩාවට පත් පාරිභෝගිකයන් සැලකිය යුතු ප්‍රමාණයකට ණය සහන ලබා දීමට ද කටයුතු කෙරිණි. ණය, කල්බදු, බැංකු අයිරා, උකස් සහ වෙළෙඳ මුල්‍ය පහසුකම් එම සහන සඳහා සලකා බැලිනි. අක්‍රිය ණය ගැනුම්කරුවන් සඳහා ද ඔවුන්ගේ මුල්‍ය ශක්තිය අනුව ණය යළි පියවීම සඳහා අලුතින් සැලසුම් ලබා දීමට කටයුතු කෙරුණු අතර ණය පියවා ගැනීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග අත්හිටුවමින් උපචිත පොළිය ඉවත් කිරීම ද එම සහන අතර කැපී පෙනෙයි.

 

යුනියන් බැංකුවේ ණය සහ අත්තිකාරම් රු. මිලියන 67,518 ක් ලෙස වාර්තා විය. මුල්‍ය වර්ෂය අවසානයවන විට බැංකුවේ තැන්පතු පදනම රු. 82,384 ක් ලෙස වාර්තා වූ අතර අඩු පොළී වාතාවරණය හමුවේ වුව ද එය 7.6% ක වර්ධනයකි. බැංකුව අඩු පිරිවැය තැන්පතු සඳහා ක්‍රමෝපායිකව දැක්වූ අවධානය හේතුවෙන් එමගින් අඛණ්ඩව යහපත් ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වූ අතර, ව්‍යාපාරික ඒකක තුළ CASA වර්ධනය සඳහා දියත් කෙරුණු ඉලක්කගත ක්‍රියාමාර්ග ද ඊට මනා සහයෝගයක් ලබා දුන්නේය. බැංකුවේ CASA පෙළ 2020 දෙසැම්බර් මාසයවන විට 26.8% ක විශිෂ්ට වර්ධනයක් පෙන්නුම් කළ අතර 2019 වසරේදී 25% ක් ලෙස වාර්තා වූ එම වර්ධනය 2020 වසරේදී 30% ක වර්ධනයක් අත්කර ගැනීමට සමත් විය.

වසංගත තත්ත්වයේ බලපෑමට ලක්වූ පාරිභෝගිකයන් හට ලබා දුන් විවිධ සහන මෙන්ම අඩු පොළී වාතාවරණය හේතුවෙන් යුනියන් බැංකුවේ දළ පොළී ආන්තිකය (NIM) 3.2% ක් ලෙස සටහන් වූ අතර 2019 වසරේදී එම අගය 3.6% ක් ලෙස වාර්තා විය. ශ්‍රී ලංකා මහ බැංකුව 2020 නොවැම්බර් මස නිකුත් කරන ලද නිර්දේශ හේතුවෙන් යුනියන් බැංකුවේ දළ පොළී ආදායමට (NII) තවදුරටත් බලපෑවේය. 2020 මාර්තු මසදී දින 60 ක ණය දිගුවක් 7% ක උපරිමයකට යටත්ව සහනදායී පොළියකට ලබා දීමට එමගින් නිර්දේශ කෙරුණු බැවින් සම මාසික වාරික (EMI) වශයෙන් යළි පියවන ලද සියලු ණය පහසුකම්වලින් හිමි වූ පොළී ආදායමේ අඩුවක් පෙන්නුම් කළේය.

අභියෝගාත්මක වාතාවරණය හේතුවෙන් බැංකුවේ ගාස්තු ආදායමට ද බලපෑමක් ඇති වූ අතර පසුගිය වසර සමග සැසඳීමේදී එය 18.4% ක අඩු වීමකි. COVID-19 සහනවල එක් පියවරක් ලෙස ගාස්තු ඉවත් කිරීමත්, ආනයන සීමා හේතුවෙන් වෙළෙඳ ආදායම මන්දගාමී වීමත්, වසර පුරා ණය වර්ධනය මන්දගාමී වීම හේතුවෙන් ණය සම්බන්ධ ගාස්තු අඩු වීමත් එම පසුබෑමට හේතු විය.

යුනියන් බැංකුවේ භාණ්ඩාගාරය විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කරමින් 84.2% ක වසරින්-වසර ප්‍රාග්ධන ලැබීම් වර්ධනයක් පෙන්නුම් කළේය. බැංකුවේ අනෙකුත් මෙහෙයුම් ආදායම ද රු. මිලියන 162 ක කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ අතර විදේශ විනිමය ආදායම සහ පාරිභෝගික ගනුදෙනුවල වර්ධනය, රුපියලේ අගය අඩු වීම සහ හුවමාරු අඩු වීම එම වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපෑවේය.

වාර්තාකරණ දිනයවන විට බැංකුව සතුව කිසිඳු තැරැව්කාර කොටසක් නොතිබූ අතර කිසිඳු කොටස් අරමුදලක ආයෝජනය කිරීමට ද කටයුතු කර නැත.

ගත වූ මුල්‍ය වර්ෂය සඳහා සමස්ත මෙහෙයුම් ආදායම රු. මිලියන 5,890 ක් වූ අතර අභියෝගාත්මක වෙළෙඳපොළ තත්ත්වය හමුවේ වුව ද ඉතාම සුළු අඩුවීමක් පෙන්නුම් කළේය.

සමස්ත අක්‍රීය ණය අනුපාතය මුල්‍ය වර්ෂය අවසානවන විට 6.05% ක් ලෙස වාර්තා විය. කෙසේවෙතත්, උපරිම අක්‍රීය ණය ප්‍රමාණය රු. මිලියන 230 ක් පමණක් වූ අතර ණය සේවාවල සිදු කෙරුණු සමස්ත කප්පාදුව අක්‍රීය ණයවල වර්ධනයක් පෙන්නුම් කිරීමට හේතු විය. සිය සේවාවල ප්‍රමිතිය කළමනාකරණය කිරීම සඳහා යුනියන් බැංකුව ගත් දූරදර්ශී ක්‍රියාමාර්ග හේතුවෙන් අභියෝගාත්මක වෙළෙඳපොළ වාතාවරණය මධ්‍යයේ වුව ද අක්‍රීය ණය ප්‍රමාණය පාලනය කර ගැනීමට හැකි විය.

යුනියන් බැංකුවේ අපහායන ගාස්තු 88.5% ක වසරින්-වසර වර්ධනයක් වාර්තා කළේය. බැංකුවේ සැබෑ ණය අලාභය අඩු වුව ද අභියෝගාත්මක වාතාවරණයට සරිලන පරිදි කළමනාකරණ උපරිපතනය (Management Overlays) හරහා කැපීපෙනෙන ප්‍රතිපාදන වාර්තා කිරීමට ද බැංකුව සමත් විය. අවදානම් මට්ටමේ පවතින කර්මාන්ත තුනක් හඳුනා ගැනුණු අතර එම කර්මාන්ත සඳහා අමතර ප්‍රතිපාදන වෙන් කෙරිණි.  ආර්ථික සාධක ගැලපුම් (EFA) පිළිබඳ සැලකීමේදී, අභියෝගාත්මක වාතාවරණයට මුහුණ දීම සඳහා 2020 දෙසැම්බර් මස 31 වනදා හිතකර ම තත්ත්වයේ සිට අහිතකර ම තත්ත්වයට ප්‍රමුඛතා යොමු කිරීම හරහා අහිතකර ම තත්ත්වය සඳහා වෙන්කර තිබූ ප්‍රමුඛතා වර්ධනය කෙරිණි. අපහායන සඳහා මෙමගින් කැපීපෙනෙන බලපෑමක් සිදු වූ අතර, මෙරට අවදානම් ශ්‍රේණිගත කිරිම්හි පහළ යාම මත විදේශ විනිමය මත සිදු කෙරුණු ආයෝජන හේතුවෙන් භාණ්ඩාගාරයේ සංඛ්‍යා දත්ත ද ඉහළ ගියේය. COVID-19 සහන යෝජනා ක්‍රමය යටතේ සිදු කෙරුණු සමස්ත සංශෝධනය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත – 9 (SLFRS 9) වලට අනුව අපහායන ගාස්තු යටතේ වාර්තා කර ඇත.

බැංකුවේ සියලු අංශ පුරා දූරදර්ශී ලෙස පිරිවැය කළමනාකරණය කිරීම හරහා සමස්ත මෙහෙයුම් වියදම් කළමනාකරණය කර ගැනීමට බැංකුව සමත් වූ අතර, එම අගය රු. මිලියන 3,772 ක් හෙවත් 1.5% ක වසරින්-වසර වර්ධනයකි.

බැංකුවේ මෙහෙයුම් ආන්තිකය රු. මිලියන 2,118 ක් වූ අතර එය 3.3% ක වසරින්-වසර අඩු වීමකි. පිරිවැය 1.5% ක පහළ යාම සමග ආදායම 2.2% කින් අඩු වීම එම පහළ යාමට පදනම විය. පොළී ආදායම 7% ක් දක්වා අඩු කිරීම නිසා දින 60 ක සහන කාලය තුළ සිදු වූ බලපෑම නොසලකා හැරිය හොත් බැංකුවේ මෙහෙයුම් ආන්තිකය 3.4% කින් වර්ධනය වීමට ඉඩ තිබිණ.

2020 දෙසැම්බර් මස 31 වනදායින් අවසන් වූ මුල්‍ය වර්ෂය සඳහා ආයෝජිත කොටස් අලාභය රු. මිලියන 29 ක් විය. ඊට පෙර වසරේදී, බදු සංශෝධනය හේතුවෙන් UB Finance ආයතනයේ වරක ලැබීම් රු. මිලියන 127 ක් ලෙස සටහන් විය. විශ්ලේෂණ වසර තුළ පැවති සාර්ව ආර්ථික අභියෝග යුනියන් බැංකුවේ අනු සමාගම්වල ලාභ සඳහා ද බලපෑවේය. ගත වූ වසර සඳහා සමස්ත බදු රු. මිලියන 777 ක් වූ අතර එය ඉන් පෙර වසර සමග සැසඳීමේදී රු. මිලියන 417 ක අඩු වීමකි.

2020 වසර සඳහා යුනියන් බැංකුවේ පමණක් ලාභය රු. මිලියන 605 ක් වූ අතර එය ඉන් පෙර වසරේ ලාභයට වඩා ඉතා ඉහළ අගයකි. බැංකුවේ අනු සමාගම්වල හිමිකාරිත්වය ද ඇතුළුව බැංකුවේ ලාභය රු. මිලියන 577 ක් ලෙස වාර්තා වූ අතර එය ප්‍රධාන වශයෙන් 2019 වසරේ UB Finance ආයතනයෙන් වරකදී හිමි වූ ආදායම හේතුවෙන් එම වසර සමග සැසඳීමේදී 18.8% ක අඩු වීමකි. වෙනත් පරිපූර්ණ ආදායම රු. මිලියන 183 ක් ලෙස වාර්තා වූ අතර බැංකුවේ සමස්ත පරිපූර්ණ ආදායම රු. මිලියන 759 කි.

යුනියන් බැංකුව සහ එහි අනු සමාගම්වන UB Finance සහ National Asset Management Limited යන ආයතනවලින් සමන්විත සමූහයේ බදු පසු ලාභය රු. මිලියන 623 ක් ලෙස වාර්තා විය. එය ඉන් පෙර වසර සමග සැසඳීමේදී 22.6% ක අඩු වීමකි. සමූහයේ සමස්ත වත්කම් රු. මිලියන 129.6 ක් ලෙස වාර්තා විය. සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණයෙන් 95% ක ප්‍රමාණයක් බැංකුව සතුවන බැවින් සමූහයේ කාර්යසාධනය ප්‍රධාන වශයෙන් බැංකුවේ කාර්යසාධනය මගින් නිරූපණය වේ.

අභියෝග හමුවේ මෙහෙයුම් සහ ව්‍යාපාර අඛණ්ඩතාව

වසංගත තත්ත්වය හේතුවෙන් සිය පාරිභෝගික පදනමට ඇති වී ඇති බලපෑම පිළිබඳ අවධානය යොමු කරමින් යුනියන් බැංකුව COVID-19 ට අදාළ මුල්‍ය සහන දීර්ඝ කිරීමේ සිට 2020 මාර්තු මාසයේ සිට ආයතනික, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සහ පාරිභෝගික බැංකුකරණ අංශවල පාරිභෝගිකයින් සඳහා විශිෂ්ට මුල්‍ය සේවා සහ මෙවලම් පිරිනැමීම දක්වා සිය ඉලක්කය වෙනස්කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශ අනුව, හඳුනාගත් අංශවල ස්වයං රැකියාවල නිරතවන්නන්, විදේශ විනිමය උපයන්නන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ආයතනවලට යුනියන් බැංකුවෙන් ණය ආපසු ගෙවීම සඳහා සහන ලබා ගැනීමේ හැකියාව හිමි විය. අගරු චෙක්පත් සහ ගෙවීම් අත්හිටුවීම්වලට අදාළ ගාස්තු ඉවත් කිරීම ඇතුළු සහන රැසක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට පිරිනැමිණි. මෙම සහන යෝජනා ක්‍රමයට සමගාමීව වසර අවසානවන විට බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක පාරිභෝගිකයින්ගෙන් 58% ක ප්‍රමාණයක් සහන යෝජනා ක්‍රමයට අනුබද්ධ වී තිබිණ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් යළි නගාසිටුවීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කරන ලද ‘සෞභාග්‍යා’ ණය යෝජනා ක්‍රමය යටතේ යුනියන් බැංකුව රු. බිලියන 1.3 ක කාරක ප්‍රාග්ධන ණය ලබා දී ඇත. වසංගත තත්ත්වයේ බලපෑමට ලක්ව සිටි පාරිභෝගික ණය ගැනුම්කරුවන් හට වහාම ක්‍රියාත්මකවන පරිදි ක්‍රෙඩිට් කාඩ්පත් පියවීම් කාලය දීර්ඝ කිරීම සහ ණය සහ ලීසිං ඇතුළු සියලු ම පුද්ගලික ණය සඳහා මාස දෙකක දිගුවක් ලබා දීම බැංකුව ක්‍රියාත්මක කළ සහන අතර කැපී පෙනෙයි. සුදුසුකම් මත සියලු ම ණය සඳහා ණය සහන ලබාදීම පාරිභෝගික බැංකුකරණ සහන අතර කැපී පෙනෙන අතර, ගෙවිය යුතු අවම මුදලට සහන ලබා දීම සහ ගාස්තු ඉවත් කිරීම ක්‍රෙඩිට් කාඩ්පත් සහන අතර කැපී පෙනෙයි. 2020 ඔක්තෝබර් මසදී වසංගත තත්ත්වය යළි හිස එසවීමත් සමග එහි බලපෑමට ලක් වූ සියලු පාරිභෝගිකයන්ගේ සහන කාලය තවදුරටත් දීර්ඝ කිරීමට යුනියන් බැංකුව කටයුතු කළේය.

යුනියන් බැංකුවේ ඩිජිටල් මුදල් කළමනාකරණ විසඳුමවන BizDirect සේවාව ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක පාරිභෝගිකයින් හට අත්‍යවශ්‍ය ද්‍රවශීලතා කළමනාකරණ කාර්යක්ෂමතාව පිරිනමමින් බැංකුවට අවශ්‍ය CASA සහ ගාස්තු මත පදනම් වූ ආදායම හිමිකර දීමට කටයුතු කළේය. ඩිජිටල් විසඳුම් සඳහා ඇති නැඹුරුව වර්ධනය වීමත් සමග ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බොහෝ දෙනෙක් 2020 වසරේදී අලුතින් එම සේවාව සමග සම්බන්ධ විය. මුදල් ගනුදෙනු බැංකුකරණ විශිෂ්ටත්වය වෙනුවෙන් යුනියන් බැංකුවේ BizDirect සේවාව Asian Banker Transaction Finance Awards 2020 සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටත ම මුදල් කළමනාකරණ බැංකුව’ ලෙස සම්මානයට පාත්‍ර විය. යුනියන් බැංකුවේ පාරිභෝගික බැංකුකරණ අංශය ප්‍රධාන වශයෙන් CASA අත්කර ගැනීම, තැන්පතු යෙදවීම සහ ක්‍රෙඩිට් කාඩ්පත් සේවා වර්ධනය මත පදනම් විය. සාප්පු සවාරි, ආහාර-පාන සහ ඉ-වාණිජ ඇතුළු සේවා සඳහා වට්ටම් ද පොළී රහිත වාරික ගෙවීමේ සැලසුම් ද සමගින් යුනියන් බැංකුව සිය කාඩ්පත් හිමියන් හට ඉලක්කගත ජීවන ශෛලීය ඉතුරුම් පිරිනැමීමට අඛණ්ඩව කටයුතු කළේය.

වෛරසය පාලනය කිරීම සඳහා වරින්-වර නිවේදනය කෙරුණු රට වසා දැමීම්, ඇඳිරි නීති තත්ත්ව සහ ප්‍රදේශ හුදෙකලා කිරීම් මධ්‍යයේ වුව ද යුනියන් බැංකුව සිය ශාඛා, ATM ජාලය සහ වෙනත් සේවා ස්ථාන හරහා පාරිභෝගිකයින් හට අඛණ්ඩ බැංකුකරණ සේවාවක් පිරිනැමීමට කටයුතු කළේය. 2020 වසරේදී වඩාත් පුළුල් පරාසයක විහිදුනු පාරිභෝගික පිරිසකට ආරක්ෂිතව සිය නිවසේ සිට ම බැංකුකරණ සේවා ලබා ගැනීමේ පහසුව සලසමින් යුනියන් බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ පෝටලය සහ ජංගම බැංකුකරණ යෙදවුම තවදුරටත් පුළුල් කෙරිණි.

“අපගේ නොසැලෙන අධිෂ්ඨානය සහ කාලෝචිත ව්‍යාපාර ක්‍රමෝපාය හේතුවෙන් දැවැන්ත සාර්ව ආර්ථික අභියෝග හමුවේ වුව ද නොසැලී ඉදිරියට ගමන් කිරීමට අපට හැකි වී තිබෙනවා. එම අභියෝග හමුවේ සිය පාර්ශ්වකරුවන්ගේ අභිලාශ සුරක්ෂිත කරමින් ශක්තිමත් ද්‍රවශීලතා මට්ටම් පවත්වා ගැනීම හරහා ඉදිරි අභියෝග ජය ගැනීම සඳහා මනා සූදානමකින් අප පසුවනවා. පිරිවැය මගින් උපරිම ප්‍රතිඵල අත්කර ගැනීම සහ පුළුල් මෙහෙයුම් කාර්යක්ෂමතාවක් සමගින් 2021 වසරේදී වඩාත් ශක්තිමත් වර්ධනයක් අත්කර ගැනීම අපගේ අරමුණ වී තිබෙනවා. අපගේ පාරිභෝගිකයන්ගේත්, කාර්යමණ්ඩල සාමාජිකයන්ගේත් ආරක්ෂාවට ප්‍රමුඛතාව ලබා දෙමින් අපගේ ප්‍රධානත ම ශක්තීන් මත පිහිටා එම වර්ධනය අත්කර ගැනීමට අප සැලසුම් සකස් කර තිබෙනවා,” යනුවෙන් යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අභියෝගාත්මක වාතාවරණය හමුවේ වුව ද යුනියන් බැංකුව තුන්වන කාර්තුව තුළ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි

අභියෝගාත්මක වාතාවරණය හමුවේ වුව ද යුනියන් බැංකුව තුන්වන කාර්තුව තුළ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි

මුල්‍ය වර්ෂයේ තුන්වන කාර්තුව පුරාම පැවති අවිනිශ්චිත සාර්ව ආර්ථික වාතාවරණය මධ්‍යයේ වුව ද සිය දූරදර්ශී පිරිවැය සහ සේවා පෙළ කළමනාකරණය හරහා අඛණ්ඩව නොසැලී සිටීමට යුනියන් බැංකුව සමත්ව සිටී.

පවතින Covid-19 වසංගත තත්ත්වය හමුවේ මෙරට ආර්ථිකයේ තිරසාරත්වය දුර්වල වූ අතර එමගින් සමස්තයක් ලෙස රටේ ව්‍යාපාරික පසුබිමට ද දැවැන්ත බලපෑමක් ඇති විය. අභියෝගාත්මක ආර්ථික පසුබිම හමුවේ, යුනියන් බැංකුවේ සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතය (AWPLAR) ආසන්න වශයෙන් 400bps ක වසරින් වසර අඩුවීමක් පෙන්නුම් කළ අතර, භාණ්ඩාගාර බිල්පත් අනුපාත ද තවදුරටත් පහල බැසීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළේය. ගත වූ කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශ මත යුනියන් බැංකුව සිය ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු ණය සේවාවල පොළී අනුපාත පහත හෙළීමට කටයුතු කළේය. තවද, ‘සෞභාග්‍යා‘-Covid-19 පුනරුද සහන වැඩපිළිවෙල ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය යෝජනා ක්‍රමවලට සහභාගී වෙමින් යුනියන් බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ අපනයනකරුවන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා සහනදායී පොළී අනුපාත යටතේ ණය ලබා දීමට ද පියවර ගත්තේය.

Covid-19 වසංගත තත්ත්වය හමුවේ ඇති වූ අහිතකර ආර්ථික බලපෑම හේතුවෙන්, ව්‍යාපාර සහ පාරිභෝගිකයන් වඩාත් බැංකු ක්ෂේත්‍රය වෙතට නැඹුරු වූ බැවින්, බැංකුවේ කාර්යමණ්ඩලයේත්, පාරිභෝගිකයන්ගේත්, වෙනත් පාර්ශ්වකරුවන්ගේත් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් නිකුත් කරන ලද ආරක්ෂණ මාර්ගෝපදේශවලට අනුකූලව සිය මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යන අතර පාරිභෝගිකයන් හට මුල්‍යමය වශයෙන් සහයෝගය ලබා දීම ඉලක්ක කර ගනිමින් එම බැංකුව අඛණ්ඩව Covid-19 වසංගතයට අදාළ ප්‍රතිලාභී ණය පහසුකම් පිරිනැමීමට ද කටයුතු කළේය.

ශීඝ්‍රයෙන් පැන නැගුනු අභියෝග රැසක් මධ්‍යයේ යුනියන් බැංකුව දූරදර්ශී ලෙස සිය අමතර ද්‍රවශීලතා මට්ටම පවත්වා ගැනීමට සමත් විය. විමර්ශන කාලය තුළ, යුනියන් බැංකුවේ සාමාන්‍ය ස්ථාවර තැන්පතු ස්ථාවර මට්ටමක පැවතුනු අතර, සාමාන්‍ය CASA අගය රු. මිලියන 23,805 ක් ලෙස වාර්තා විය. එය පසුගිය වසරේ මෙම කාල පරිඡේදය සමග සැසඳීමේදී 18% ක වර්ධනයකි.

මෙම අසීරු කාල පරිච්ඡේදයේදී සිය පාරිභෝගික ජනතාවට සහයෝගය ලබාදීමට සහ පොළී අනුපාත අඩු කිරීමට කටයුතු කිරීම හේතුවෙන් බැංකුවේ ශුද්ධ පොළී ආන්තිකය (NIM) පසුගිය වසරේ මෙම කාලය සමග සැසඳීමේදී 3.8% සිට 3.3% දක්වා අඩු වීමක් පෙන්නුම් කළේය.

වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පාරිභෝගිකයන් හට සහන ලබාදීම ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශවලට අනුව, ප්‍රමාද ගාස්තු සහ වෙනත් ගාස්තු ඉවත් කිරීමට කටයුතු කිරීම සහ සමස්තයක් ලෙස රටේ ආර්ථික තත්ත්වය හේතුවෙන් පසුගිය මුල්‍ය වර්ෂයේ මෙම කාලය සමග සැසඳීමේදී සමස්ත ගාස්තු ආදායම 25% කින් අඩු වී ඇත.

විමර්ශන කාලය තුළ ඉතා කැපී පෙනෙන කාර්යසාධනයක් පෙන්නුම් කළ යුනියන් බැංකුවේ භාණ්ඩාගාරය, විශිෂ්ට වෙළෙඳ ලාභ/ප්‍රාග්ධන ලාභ සමගින් 108% ක වසරින් වසර වර්ධනයක් පෙන්නුම් කළේය. ගතවූ කාලය තුළ විනිමය අනුපාතවල පහත වැටීම හේතුවෙන් වෙනත් මෙහෙයුම් පිරිවැයවල වර්ධනයක් පෙන්නුම් කළේය.

මෙම අභියෝගාත්මක වාතාවරණය හමුවේ, යුනියන් බැංකුවේ මෙහෙයුම් ආදායම රු. මිලියන 1,692 ක් වූ අතර, පසුගිය වසරේ මෙම කාර්තුව සමග සැසඳීමේදී එය 3% ක අඩුවීමකි. යුනියන් බැංකුවේ දූරදර්ශී පිරිවැය කළමනාකරණ ක්‍රමෝපාය හරහා සමස්ත මෙහෙයුම් වියදම් කළමනාකරණය කර ගැනීමට බැංකුව සමත් විය. ඒ අනුව, බැංකුවේ සමස්ත මෙහෙයුම් වියදම් දෙවන කාර්තුවට වඩා රු. මිලියන 941 කින් අඩු කර ගැනීමට බැංකුව සමත් වූ අතර එය දෙවන කාර්තුවට වඩා 5% ක අඩුවීමකි. තවද, බැංකුවේ පූර්ව අපහායන ලාභය මෙම කාර්තුවේදී රු. මිලියන 751 ක් ලෙස වාර්තා වූ අතර එය පසුගිය වසරේ තුන්වන කාර්තුවේ පූර්ව අපහායන ලාභයට සමානය. බැංකුවේ නියම ණය අලාභය පහල මට්ටමක පැවති අතර, ක්‍රමයෙන් පහල වැටෙමින් පවතින වාතාවරණයට මුහුණ දීම සඳහා ආයෝජකයින්ගේ වෙන්-වෙන් ගිණුම් ගිණුම් එක්කිරීමට කටයුතු කෙරුණි. එහි ප්‍රතිඵලයක් ලෙස දෙවන කාර්තුවට සාපේක්ෂව අපහායන ගාස්තුවල 31% ක වර්ධනයක් පෙන්නුම් කළේය. Covid-19 සහන කාල ලබාදීම හරහා පළමු දිනයේදී ඇති වූ සමස්ත අලාභය, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති -9 (SLFRS 9) ට අනුකූලව ප්‍රමාණාත්මතා නොවන සංශෝධන ක්‍රමයට අනුව අපහායන ගාස්තු යටතේ දක්වා ඇත.

අභියෝගාත්මක සාර්ව ආර්ථික වාතාවරණය හමුවේ මෙහෙයුම් ක්‍රියාකාරකම් හරහා පාලිත ප්‍රතිඵල අත්කර ගැනීමට සමත් වූ යුනියන් බැංකුව මෙහෙයුම් ක්‍රියාකාරකම් හරහා රු. මිලියන 470 ක් හිමිකර ගැනීමට සමත් වූ අතර එය පසුගිය වසරේ තුන්වන කාර්තුව සමග සැසඳීමේදී 12% ක අඩු වීමකි. බැංකුවේ අනු සමාගම්වන UB ෆිනෑන්ස් සහ NAMAL සමාගම්වල මෙහෙයුම් වාතාවරණය ද අතිශය අභියෝගාත්මක විය. බදු අනුපාත අඩු කිරීම සහ දූරදර්ශී ලෙස සංචිත කළමනාකරණය කිරීම හේතුවෙන්, බැංකුවේ අනු සමාගම්වල හිමිකාරිත්වය ඇතුළුව බැංකුව පසුගිය වසරේ තුන්වන කාර්තුවේ මට්ටම්වල ම බදු පසු ලාභය පවත්වා ගැනීමට සමත් විය.

මුල්‍ය වර්ෂයේ මේ දක්වා මෙහෙයුම් ආදායම රු. මිලියන 4,643 ක් වන අතර එම අගය පසුගිය වසරේ මෙම කාලයේදී වාර්තා වූ අගයට සමානය. බැංකුවේ පිරිවැය කළමනාකරණ ක්‍රියාමාර්ග හරහා සමස්ත මෙහෙයුම් පිරිවැය දූරදර්ශී ලෙස කළමනාකරණය කර ගැනීමට බැංකුව සමත් වූ අතර එම අගය රු. මිලියන 2,855 ක් දක්වා, 4% ක වසරින් වසර අඩු වීමකි. තවද, රු. මිලියන 1,787 ක් ලෙස සටහන් වූ බැංකුවේ පූර්ව අපහායන ලාභ, පසුගිය වසරේ මෙම කාලය සමග සැසඳීමේදී 7% ක වර්ධනයකි. බැංකුවේ සැබෑ ණය අලාභ අඩු මට්ටමක පැවතුනු අතර, වෙන්-වෙන් ගිණුම් එක්කිරීමට කටයුතු කෙරුණි. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව අපහායන ගාස්තුවල 59% ක වර්ධනයක් පෙන්නුම් කළේය. Covid-19 සහන කාල ලබාදීම හරහා පළමු දිනයේදී ඇති වූ සමස්ත අලාභය, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති -9 (SLFRS 9) ට අනුකූලව ප්‍රමාණාත්මතා නොවන සංශෝධන ක්‍රමයට අනුව අපහායන ගාස්තු යටතේ දක්වා ඇත.

අභියෝගාත්මක සාර්ව ආර්ථික වාතාවරණය හමුවේ මෙහෙයුම් ක්‍රියාකාරකම් හරහා පාලිත ප්‍රතිඵල අත්කර ගැනීමට සමත් වූ යුනියන් බැංකුව මෙහෙයුම් ක්‍රියාකාරකම් හරහා මේ වසරේ මේ දක්වා රු. මිලියන 1,226 ක් හිමිකර ගැනීමට සමත් වූ අතර එය පසුගිය වසරේ මෙම කාලය සමග සැසඳීමේදී 7% ක අඩු වීමකි. බැංකුවේ අනු සමාගම්වන UB ෆිනෑන්ස් සහ NAMAL සමාගම්වල මෙහෙයුම් වාතාවරණය ද අතිශය අභියෝගාත්මක විය. බදු අනුපාත අඩු කිරීම සහ දූරදර්ශී ලෙස සංචිත කළමනාකරණය කිරීම හේතුවෙන්, බැංකුවේ අනු සමාගම්වල හිමිකාරිත්වය ඇතුළුව බැංකුව 3% ක බදු පසු වසරින් වසර ලාභයක් අත්කර ගැනීමට සමත් විය. බැංකුවේ සමස්ත පරිපූර්ණ ආදායම මේ වසරේ මේ දක්වා රු. මිලියන 812 කි.

බාහිර පීඩනය සහ මේ වසරේ මාර්තු මස සිට අඛණ්ඩව බිඳ වැටුණු සාර්ව ආර්ථික තත්ත්ව හමුවේ බැංකුවේ අක්‍රිය ණය ප්‍රතිශතය වාර්තාකරණ කාලය අවසානයේදී 5.48% ක් ලෙස වාර්තා වූ අතර පසුගිය වසරේදී එම ප්‍රතිශතය 5.03% ක් ලෙස වාර්තා විය. සිය සේවා පෙළෙහි ප්‍රමිතිය කළමනාකරණය කිරීම සඳහා බැංකුව අනුගමනය කළ දූරදර්ශී ක්‍රමෝපාය හේතුවෙන් දුර්වල ආර්ථික වාතාවරණය හමුවේ වුව ද අක්‍රිය ණය ප්‍රතිශතය පාලනය කිරීමට බැංකුවට හැකි විය.

සැප්තැම්බර් මස 30 වනදා වන විට බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. මිලියන 122,291 ක් ලෙස වාර්තා විය. බැංකුවේ ණය සහ අයවීම් මේ වසරේ මේ දක්වා රු. මිලියන 71,333 ක් ලෙස වාර්තා වූ අතර රු. මිලියන 81,958 ක් ලෙස වාර්තා වූ තැන්පතු පදනම 7% කින් වර්ධනය විය.

සිය ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාත නියාමන අවශ්‍යතාවලට ඉහළින් පවත්වා ගැනීමට අඛණ්ඩව කටයුතු කළ යුනියන් බැංකුව, වාර්තාකරණ දිනයවන විට 16.26% ක සමස්ත ප්‍රාග්ධන අනුපාතයක් සමගින් ශක්තිමත් ප්‍රාග්ධන ප්‍රමාණාත්මතාවකට හිමිකම් කිවේය.

යුනියන් බැංකුවේ ශක්තිමත් ද්‍රවශීලතා තත්ත්වය සහ ස්ථාවරත්වය 2020 වසරේදී නිකුත් කළ නවත ම ෆිච් ශ්‍රේණිගත කිරීම් මගින් තවදුරටත් තහවුරු කෙරිණි.

යුනියන් බැංකුව සහ එහි අනු සමාගම්වන UB ෆිනෑන්ස් සහ National Asset Management Limited යන සමාගම්වලින් සමන්විත සමාගම් සමූහයේ බදු පෙර ලාභය රු. මිලියන 1,306 ක් ලෙස වාර්තා විය.

පසුගිය වසරේ මෙම කාලය සමග සැසඳීමේදී සමූහයේ බදු පසු ලාභය 5% කින් අඩු වී ඇත. සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. මිලියන 129,008 ක් වූ අතර ඉන් 95% ක් බැංකුවේ වත්කම් වේ. වාර්තාකරණ දිනයවන විට සමූහය 16.41% ක ශක්තිමත් හර ප්‍රාග්ධන අනුපාතයක් පවත්වාගෙන යාමට සමත් විය.

2020 අප්‍රේල් මස සිට 2020 සැප්තැම්බර් මස 30 වනදා දක්වා කාලය තුළ යුනියන් බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශ අනුව පාරිභෝගිකයන්ගේ ණයවලට අදාළ මූලික මුදල සහ පොළිය යළි පියවීම සඳහා කාලය දීර්ඝ කරමින් ණය සහන ලබා දීමට කටයුතු කර තිබිණි. මෙම අභියෝගාත්මක කාලය තුළ නොසැලී ඉදිරියට ගමන් කිරීම සඳහා සිය පාරිභෝගිකයන් හට සහන ලබා දෙමින් යුනියන් බැංකුව යළි පියවීම් සඳහා සහන කාල සමගින් ණය පහසුකම් පිරිනැමීමට කටයුතු කළේය. ණය සහ කල්බදු, බැංකු අයිරා, උකස් සහ වෙළඳ මුල්‍ය පහසුකම් එම සහන වැඩපිළිවෙලට අයත් සේවා අතර විය.

රට යළි විවෘත කළ පසු සිය ආයතනික පාරිභෝගිකයන් යළි ස්ථාවර ලෙස ක්‍රමෝපායිකව නිසි දිශානතියට යොමු කිරීම සඳහා යුනියන් බැංකුව එම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට අනුව සැකසූ මුල්‍ය විසඳුම් සමගින් කඩිනමින් ඔවුන් වෙතට ළඟා වීමට කටයුතු කළේය. යුනියන් බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය, වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව සිටින ව්‍යවසායකයන් හට සිය ව්‍යාපාර සහ ජීවනෝපාය යළි නගාසිටුවීමට අවශ්‍ය සහයෝගය ලබා දීම අරමුණු කර ගනිමින් කටයුතු කළේය. මෙහිදී, ආර්ථික පුනරුදය සඳහා දියත් කෙරුණු ජාතික දැක්මට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය යෝජනා ක්‍රම වෙත යොමු කිරීම ද යුනියන් බැංකුව ගත් කැපීපෙනෙන පියවරකි. එලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කළ ‘සෞභාග්‍යා’ සහන ණය යෝජනා ක්‍රමයට සම්බන්ධ වෙමින් යුනියන් බැංකුව මේවන විට රු. බිලියන 1.3 ක කාරක ප්‍රාග්ධන ණය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට ලබා දී ඇත. වසංගත තත්ත්වයෙන් පීඩාවට පත් පාරිභෝගිකයන් හට සහන ලබාදීමේ එක් පියවරක් ලෙස විවිධ සහන වැඩසටහන් යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය අතරින් 58% කට සහන ලබා දීමට යුනියන් බැංකුව කටයුතු කළේය. මෙම සහන, අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හමුවේ සිය ව්‍යාපාර යළි ක්‍රමෝපායිකව ආරම්භ කිරීමට එම ව්‍යවසායකයන් හට මහඟු අත්වැලක් විය.

යුනියන් බැංකුවේ BizDirect සේවාව ද අඛණ්ඩව සිය ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය පාරිභෝගිකයන් හට අත්‍යවශ්‍ය ද්‍රවශීලතා කළමනාකරණ කාර්යක්ෂමතාව හිමිකර දෙමින්, මෙම අභියෝගාත්මක කාලය තුළ සිය සමාගම්වල ද්‍රවශීලතා මට්ටම් උපරිම මට්ටමට ගෙන ඒම සඳහා දූරදර්ශී සහ පහසු මුදල් කළමනාකරණ විශේෂඥ සේවාවක් පිරිනැමීමට කටයුතු කළේය. සම්ප්‍රදායික බැංකුකරණ ක්‍රමවලින් ඔබ්බට යමින් ඩිජිටල් විසඳුම් සඳහා ඇති ඉල්ලුම හේතුවෙන් මෙම විමර්ශන කාලය තුළ BizDirect සේවාවේ ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය පාරිභෝගික පදනම ද වර්ධනය විය.

යුනියන් බැංකුවේ පාරිභෝගික බැංකුකරණ අංශයේ වර්ධනය CASA අත්කර ගැනුම්, තැන්පතු එක්රැස් කිරීම් සහ ක්‍රෙඩිට් කාඩ්පත් අංශයේ වර්ධනය මත මූලික වශයෙන් පදනම් විය. තවද යුනියන් බැංකු කාඩ්පත් හරහා හෝටල්, ආහාර-පාන සහ සාප්පු සවාරි ඇතුළු ජීවන ශෛලීය දීමනා රැසක් පිරිනැමීමටත්, පොළී රහිත පහසු ගෙවීමේ ක්‍රම ලබා දීමටත් අඛණ්ඩව කටයුතු කෙරිණි. යුනියන් බැංකුවේ ඩිජිටල් බැංකුකරණ සේවා හරහා පාරිභෝගිකයන් හට ස්පර්ශයෙන් තොර සහ ආරක්‍ෂිත බැංකුකරණ අත්දැකීමක් හිමිකර ගැනීමට ද හැකි විය.

සෞඛ්‍ය බලධාරීන්ගේ මාර්ගෝපදේශවලට අනුව යුනියන් බැංකුව දැඩි සනීපාරක්ෂක සහ ආරක්ෂණ ක්‍රමවේද සිය ප්‍රධාන කාර්යාලය ඇතුළු ශාඛා ජාලය පුරාම ක්‍රියාත්මක කරමින් පාරිභෝගිකයන්ගේත්, කාර්යමණ්ඩල සාමාජිකයන්ගේත් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිය ප්‍රමුඛතාව ලබා දුන්නේය. සුරක්ෂිත බැංකුකරණ අත්දැකීමක් තහවුරු කරමින් ATM ජාලය, අන්තර්ජාල/ජංගම බැංකුකරණ සේවා සහ පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානය වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ අවස්ථාව ද යුනියන් බැංකුව පාරිභෝගිකයන්ට හිමිකර දුන්නේය.

යුනියන් බැංකුවේ කාර්යසාධනය පිළිබඳ අදහස් පළ කරමින් එම බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, මෙම අසීරු කාලය තුළ නොසැලී ඉදිරියට ගමන් කිරීම සඳහා සිය පාරිභෝගිකයන් හට සහයෝගය ලබා දෙන අතරම ශක්තිමත් ද්‍රවශීලතා තත්ත්වයක් පවත්වා ගැනීම කෙරෙහි සිය බැංකුව අවධානය යොමු කර ඇති බවය. “අභියෝගාත්මක වාතාවරණයක් හමුවේ යුනියන් බැංකුවේ නොසැලෙනසුළු බව තුන්වන කාර්තුවේ මුල්‍ය ප්‍රතිඵල මගින් පෙන්නුම් කරනවා. වර්තමානයේ මතුවී ඇති නව අභියෝග හමුවේ සැමවිටම අපගේ පාරිභෝගිකයන්ගේ සහ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ සුබසිද්ධිය තහවුරු කරන අතර අඛණ්ඩව පාරිභෝගික ජනතාව සමග සම්බන්ධ වෙමින් ඔවුන්ගේ අවශ්‍යතාවලට අනුව සකස් කරන ලද මුල්‍ය සේවා පිරිනැමීමට අප බලාපොරොත්තු වනවා. ශක්තිමත් ද්‍රවශීලතා මට්ටමක් පවත්වා ගැනීම, ලාභය ඉදිරියට ගෙන යාම සහ දූරදර්ශී ලෙස සේවා පෙළ වර්ධනය කිරීම මුල්‍ය වර්ෂයේ අවසාන කාර්තුවේ අපගේ ප්‍රධාන ඉලක්ක වනවා.”

අභියෝග හමුවේ යුනියන් බැංකුව ශක්තිමත්ව ඉදිරියට

අභියෝග හමුවේ යුනියන් බැංකුව ශක්තිමත්ව ඉදිරියට

මේ වසරේ මාර්තු මස සිට Covid-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ අභියෝග රැසක් මධ්‍යයේ වුව ද වසරේ පළමු මාස හය තුළ ශක්තිමත් කාර්යසාධනයක් පෙන්නුම් කිරීමට යුනියන් බැංකුව සමත් විය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිර්දේශවල අනුකූලව වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූ ආයතනික, සුළු හා මධ්‍ය පරිමාණ සහ පාරිභෝගික බැංකුකරණ පාරිභෝගික කාණ්ඩ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් 2020 අප්‍රේල් මස සිට පාරිභෝගික මුල්‍ය සහන වැඩසටහන් දියත් කිරීමට යුනියන් බැංකුව කඩිනමින් පියවර ගත්තේය.
සමාලෝචන කාලය තුළ, ප්‍රාග්ධන යළි පියවීම් සහ නිකුත් කරන ලද ණය සඳහාවන පොළී ගෙවීම් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්දේශ කරන ලද ණය සහන වැඩසටහන යටතේ යුනියන් බැංකුව රු. බිලියන 22.2 ක වටිනාකමින් යුතු ණය සහනයක් අනුමත කළේය. මාස දෙකක යළි පියවීමේ සහන කාලයක් සමඟින් එම බැංකුව ආසන්න වශයෙන් රු. බිලියන 40 ක මුදලක් ණය වශයෙන් පිරිනැමීමට කටයුතු කළේය. තවද, යුනියන් බැංකුවේ අභ්‍යන්තර ණය ප්‍රතිපත්ති මාර්ගෝපදේශවලට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්දේශ කරන ලද කාණ්ඩවලට අමතර කාණ්ඩ සඳහා ද කැපීපෙනෙන ණය සහන ලබා දීමට කටයුතු කෙරිණි. ණය සහ ලීසිං, අයිරා, උකස් සහ වෙළෙඳ මුල්‍යයන පහසුකම් ආදිය සඳහා එම සහන පිරිනැමිණි. ඊට අමතරව, යළි පියවීමේ කාලය දීර්ඝ කිරීමට ඉල්ලුම් කළ අක්‍රීය ණය හිමිකරුවන් හට උපචිත පොළිය ඉවත් කිරීම සහ වැඩිදුර යළි අයකර ගැනීම් අත්හිටුවීම ඇතුළු ඔවුන්ගේ අවශ්‍යතාව අනුව සකස් කරන ලද සහන රැසක් ද පිරිනැමිණි.
අප්‍රේල් සිට මැයි කාල වකවානුව තුළ රට වසා දැමීම හේතුවෙන් දෙවන කාර්තුවේදී යුනියන් බැංකුවේ බැංකුකරණ කටයුතු ද සීමා විය.

අභියෝගාත්මක ආර්ථික වටපිටාව හේතුවෙන් බැංකුවේ සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතය (AWPLR) ආසන්න වශයෙන් 250bps දක්වා පහත වැටුණු අතර භාණ්ඩාගාර බිල්පත්වල ද පසුබෑමේ ප්‍රවණතාවක් දැකගත හැකි විය. මහ බැංකුවේ නිර්දේශවලට අනුව ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු ණය සේවා රැසක පොළී අනුපාත අඩු කිරීමට ද යුනියන් බැංකුව කටයුතු කළේය. සෞභාග්‍යා COVID-19 පුනරුද වැඩසටහන ඇතුළු ශ්‍රී ලංකා මහබැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද ණය යෝජනාක්‍රම සඳහා සහභාගී වෙමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ අපනයනකරුවන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා සහන පොළී අනුපාත යටතේ ණය පිරිනැමීමට ද එම බැංකුව කටයුතු කළේය.

COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් බැංකුවේ විවිධ පාරිභෝගික කාණ්ඩවලට සිදු වූ බලපෑම පාලනය කිරීමට කටයුතු කරන අතරම බැංකුවේ ද්‍රවශීලතා මට්ටම ශක්තිමත්ව පවත්වා ගැනීමත්, කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ සහ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමත් කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු විය. 2020 ජනවාරි සිට ජුනි මාසය දක්වා සමාලෝචන කාල පරිඡේදය තුළ සාමාන්‍ය ස්ථාවර තැන්පතු ස්ථාවර මට්ටමක පැවතුනු අතර, සමස්ත සාමාන්‍ය CASA අගය රු. මිලියන 21,444 ක් ලෙස සඳහන් විය. එය 13% ක වසරින් වසර වර්ධනයකි. පාරිභෝගික, ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුකරණ අංශ ඉලක්කකර ගනිමින් ක්‍රියාත්මක කෙරුණු හිමිකර ගැනීමේ ක්‍රමෝපාය හරහා ශක්තිමත් CASA අගයක් පවත්වා ගැනීමට බැංකුව හැකි විය. වාර්තාකරණ කාල සීමාව තුළ යුනියන් බැංකුවේ CASA අනුපාතය 25.8% ක් විය.

සමාලෝචන කාලය තුළ යුනියන් බැංකුවේ දළ පොළී ආන්තිකය 3.4% සිට 3.2% දක්වා පහත බැසීමක් පෙන්නුම් කළේය. මහබැංකුව විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශවලට අනුව වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පාරිභෝගිකයන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාද ගාස්තු සහ වෙනත් ගාස්තු 2020 සැප්තැම්බර් මාසය දක්වා ඉවත් කිරීමට කටයුතු කෙරුණු අතර, රටේ පැවති සමස්ත ආර්ථික තත්ත්වය හේතුවෙන් එම කාලය තුළ සමස්ත ගාස්තු ආදායම 26% කින් පමණ අඩු වීමක් පෙන්නුම් කළේය.
කැපීපෙනෙන කාර්යසාධනයක් පෙන්නුම් කළ යුනියන් බැංකුවේ භාණ්ඩාගාරය ප්‍රාග්ධන ප්‍රතිලාභවල 68% ක වසරින් වසර වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය. බැංකුවේ වෙනත් මෙහෙයුම් ආදායම විනිමය අනුපාත අවපාතය මධ්‍යයේ වුව ද 6% ක වර්ධනයක් වාර්තා කළේය.

අභියෝගාත්මක ආර්ථික පසුබිම මධ්‍යයේ වුව ද යුනියන් බැංකුව රු. මිලියන 2,951 ක මෙහෙයුම් ආදායමක් වාර්තා කළේ පසුගිය වසරට වඩා 2% ක වර්ධනයක් පෙන්නුම් කරමිනි. බැංකුවේ සියලු මෙහෙයුම් අංශ තුළ පුළුල් පිරිවැය කළමනාකරණ ක්‍රමෝපායක් ක්‍රියාත්මක කරමින් සමස්ත මෙහෙයුම් වියදම ගත වූ කාලය සඳහා රු. මිලියන 1,914 කින් අඩු කර ගැනීමට බැංකුව සමත් වූ අතර එය 3% ක වසරින් වසර අඩු වීමකි. ගත වූ කාලය සඳහා බැංකුවේ පූර්ව අපහායන ලාභය රු. මිලියන 1,036 ක් ලෙස වාර්තා වූ අතර එය පසුගිය වසරේ එම කාලය සමඟ සැසඳීමේදී 12% ක වර්ධනයකි. බැංකුවේ සැබෑ ණය අහිමිවීම් අඩු මට්ටමක පැවති අතර ආර්ථික අවපාත තත්ත්වයට මුහුණ දීම සඳහා කැපීපෙනෙන ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන්කර ගැනීමට යුනියන් බැංකුව කටයුතු කළ අතර, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 102% ක වර්ධනයකි.

ගෙවුණු මාස හයක කාලය පුරා පැවති අභියෝගාත්මක සාර්ව ආර්ථික වාතාවරණය හමුවේ ද යුනියන් බැංකුව මෙහෙයුම් ක්‍රියාකාරකම් මඟින් රු. මිලියන 755.2 ක් වාර්තා කිරීමට සමත් වූ අතර එය පසුගිය වසරේ එම කාලය සමඟ සැසඳීමේදී 4% ක සුළු අඩු වීමකි. යුනියන් බැංකුවට අනුබද්ධිත UB Finance සහ NAMAL යන ආයතනවලට ද ගත වූ කාලය අතිශය අභියෝගාත්මක කාලයක් විය. බදු අනුපාතවල අඩු වීම සහ දූරදර්ශී ලෙස සංචිත කළමනාකරණය හේතුවෙන් යුනියන් බැංකුව සිය අනුබද්ධිත ආයතනවල හිමිකාරිත්වය ද ඇතුළුව 6% කින් බදු පසු ලාභයක් වාර්තා කළේය.
බාහිර පීඩනය සහ අඛණ්ඩව අවපාතයට ලක් වූ සාර්ව ආර්ථික තත්ත්ව හමුවේ මේ වසරේ මාර්තු මාසයේ සිට යුනියන් බැංකුවේ අක්‍රීය ණය අනුපාතය වාර්තාකරණ කාලයවන විට 5.3% ක් ලෙස සඳහන් වූ අතර පසුගිය වසරේ එම අගය 5.03% ක් ලෙස වාර්තා විය.
ජුනි මස 30 වනදා වන විට බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. මිලියන 128,643 ක් ලෙස වාර්තා විය. බැංකුවේ ණය අයවීම් මේවන විට රු. මිලියන 75,997 ක් වන අතර තැන්පතු පදනම රු. මිලියන 79,779 ක්වන අතර එය 4% ක වර්ධනයකි.

ශක්තිමත් ප්‍රමාණාත්මතා අනුපාතයක් අඛණ්ඩව පවත්වා ගැනීමට සමත් වූ යුනියන් බැංකුව වාර්තාකරණ දිනයවන විට සමස්ත ප්‍රාග්ධන අනුපාතය 16.06% ක් ලෙස පවත්වා ගෙන ඇත.
යුනියන් බැංකුව, UB Finance Company Limited සහ National Asset Management Limited යන ආයතනවලින් ද සමන්විත සමූහයේ බදු පෙර ලාභය ගත වූ කාලය සඳහා රු. මිලියන 796 ක් ලෙස සටහන් විය. ඒ අනුව පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සමූහයේ බදු පෙර ලාභය 3% ක අඩුවක් පෙන්නුම් කරයි. සමූහයේ සමස්ත වත්කම් රු. මිලියන 135,724 ක් වන අතර ඉන් 95% ක ප්‍රතිශතයක් යුනියන් බැංකුව නියෝජනය කරයි. වාර්තාකරණ දිනයවන විට සමූහය හර ප්‍රාග්ධන අනුපාතය 16.30% ක් වැනි ශක්තිමත් අනුපාතයක් පවත්වා ගැනීමට සමත්ව සිටී.
යුනියන් බැංකුව මෙම අවිනිශ්චිත කාල වකවානුව තුළ පාරිභෝගිකයන්ට සුවිශේෂී වූ බැංකුකරණ අවශ්‍යතා සහ විසඳුම් හඳුනා ගැනීම සංදහෞඅ පාරිභෝගික, සුළු හා මධ්‍ය පරිමාණ සහ ආයතනික පාරිභෝගිකයන් සමඟ අඛණ්ඩව සම්බන්ධ විය. වසංගත තත්ත්වය හමුවේ දුරස්ථ ලෙස සිය ව්‍යාපාරික මුදල් හුවමාරු පහසුවෙන් ඉටුකර ගැනීම සඳහා ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය පාරිභෝගිකයන් හට යුනියන් බැංකුවේ BizDirect බැංකුකරණ විසඳුම මනා පිටිවහලක් විය. එමෙන්ම පාරිභෝගික බැංකුකරණ පාරිභෝගිකයන් හට දුරස්ථව සිය ගිණුම් සහ ක්‍රෙඩිට් කාඩ්පත් වෙත ප්‍රවේශවීමේ අවස්ථාව අන්තර්ජාතික බැංකුකරණ සහ ජංගම බැංකුකරණ සේවා මඟින් හිමි විය. අනවශ්‍ය ලෙස බාහිර පරිසරයට නිරාවරණය වීමෙන් වැලකී සිටීම සඳහා පාරිභෝගිකයන් වඩාත් ආරක්‍ෂිත බැංකුකරණ විකල්ප වෙත නැඹුරු වීමේ ප්‍රවණතාව හඳුනා ගනිමින් යුනියන් බැංකුව සිය අන්තර්ජාල බැංකුකරණ සේවාවේ ලියාපදිංචි වීමේ ක්‍රමවේදය තවදුරටත් සරල කළේය.
ගත වූ අසීරු කාල පරාසය තුළ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් හට අගයක් එක් කිරීම සඳහා එම බැංකුව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම් සහ අන්තර්ජාල ගැනුම් සඳහා අඛණ්ඩව ඉතුරුම් පිරිනැමීමට කටයුතු කළේය.
සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූල වෙමින් යුනියන් බැංකුව සිය ප්‍රධාන කාර්යාලය මෙන්ම ශාඛා ජාලය පුරා සිය කාර්යමණ්ඩල සාමාජිකයන්ගේත්, පාරිභෝගිකයන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් දැඩි සනීපාරක්ෂක සහ ආරක්‍ෂිත පිළිවෙත් දියත් කළේය. ආරක්‍ෂිත බැංකුකරණ අත්දැකීමක් හිමිකර දෙමින් පාරිභෝගිකයන් හට අඛණ්ඩව බැංකුවේ ATM ජාලය, අන්තර්ජාල/ජංගම බැංකුකරණ සේවා සහ පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානයට ද ප්‍රවේශ වීමේ අවස්ථාව උදාකර තිබිණ.

පළමු අර්ධ වාර්ෂිකයේ කාර්යසාධනය පිළිබඳ අදහස් පළ කරමින් යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, ශාඛා/ප්‍රාදේශීය මට්ටමින් පාරිභෝගිකයන්ගේ සුවිශේෂී අවශ්‍යතා හඳුනා ගනිමින් වසංගත තත්ත්වයෙන් පීඩාවට පත් ඔවුන් වෙනුවෙන් කාර්යක්ෂම ලෙස සහන දියත් කිරීම කෙරෙහි දෙවන අර්ධයේදී අවධානය යොමු කළ බවය. “පළමු අර්ධ වාර්ෂිකයේ ප්‍රතිඵල මඟින් අප කටයුතු කළ අභියෝගාත්මක වාතාවරණය මනාව පිළිබිඹු වනවා. බාහිර පීඩනය මධ්‍යයේ වුව ද යුනියන් බැංකුව ශක්තිමත් ද්‍රවශීලතාවක් සහ ප්‍රාග්ධන මට්ටමක් අත්පත් කරගෙන තිබෙන බව සතුටින් දැනුම් දීමට කැමතියි. අපගේ පාරිභෝගිකයන්ගේත්, කාර්යමණ්ඩල සාමාජිකයන්ගේත් යහපැවැත්ම තහවුරු කරන අතරම පාරිභෝගික, ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශවලට අතවශ්‍ය විසඳුම් ලබා දීමට අප ඉදිරියේදීත් කැපවනවා,” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

යුනියන් බැංකුව 2019 මුල්‍ය වර්ෂය තුළ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි

යුනියන් බැංකුව 2019 මුල්‍ය වර්ෂය තුළ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි

බැංකුවේ 

  • සියලු බදු පසු ලාභය රු. මිලියන 710 ක් දක්වා 3% ක වසරින් වසර වර්ධනයක්
  • ශුද්ධ පොළී ආදායම රු. මිලියන 4,479 ක් දක්වා 6% ක වසරින් වසර වර්ධනයක්
  • සමස්ත මෙහෙයුම් ආදායම රු. මිලියන 6,021 ක් දක්වා 9% ක වසරින් වසර වර්ධනයක්
  • 16.75% ක සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතය සමගින් ශක්තිමත් ශේෂ පත්‍රයක්

සමූහයේ 

  • සියලු බදු පසු ලාභය රු. මිලියන 804 ක් දක්වා 4% ක වසරින් වසර වර්ධනයක්
  • ශුද්ධ පොළී ආදායම රු. මිලියන 5,234 ක් දක්වා 2% ක වසරින් වසර වර්ධනයක්
  • සමස්ත මෙහෙයුම් ආදායම රු. මිලියන 6,916 ක් දක්වා 5% ක වසරින් වසර වර්ධනයක්
  • සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතය 36%

යුනියන් බැංකුව අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්ත්වයක් හමුවේ වුව ද 50% ක සියලු බදු පසු ලාභයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් 2019 මුල්‍ය වර්ෂය තුළ දැවැන්ත කාර්යසාධනයක් වාර්තා කිරීමට සමත් විය. එම වර්ෂය පුරාම මුල්‍ය ක්ෂේත්‍රයට බලපෑ අනපේක්ෂිත බලපෑම් රැසක් මධ්‍යයේ, යුනියන් බැංකුව සිය සේවා පෙළ ප්‍රති සැකසුම් කිරීම සහ දූරදර්ශී පිරිවැය කළමනාකරණය හරහා ආදායම් උපරිමකරණය සඳහා අඛණ්ඩව කටයුතු කළේය. එම වසර තුළ බැංකුව සිය ලාභයෙන් 66% ක් බදු ලෙස ගෙවා දැමූ අතර එය මුදලින් රු. බිලියනය ඉක්මවයි.

හර බැංකුකරණ වර්ධනය සහ ලාභය

වෙළඳපොළ අභියෝග හමුවේ වුව ද, යුනියන් බැංකුව ආයතනික, සුළු හා මධ්‍ය පරිමාණ සහ පාරිභෝගික බැංකුකරණ අංශ ඉලක්ක කර ගනිමින් දියත් කරන ලද ක්‍රමෝපායික ක්‍රියාමාර්ග සහ කැපීපෙනෙන භාණ්ඩාගාර කාර්යසාධනයේ සහයෝගය සමගින් සිය සමස්ත කාර්යසාධනය නියත තත්ත්වයක පවත්වා ගැනීමට සමත් විය. හර බැංකුකරණ කටයුතු මනා කළමනාකාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස, බැංකුවේ ශුද්ධ පොළී ආදායම (NII) රු. මිලියන 4,479 ක් ලෙස 22.6 % ක වසරින් වසර වර්ධනය විය.

ගෙවී ගිය වසර සඳහා ශුද්ධ පොළී ආන්තිකය (NIM) 3.6% කි. ඒකකවල ආයෝජන ප්‍රතිලාභ පිළිබඳ සැලකීමේදී වත්මන් කාල පරිච්ඡේදය සඳහා ශුද්ධ පොළී ආන්තිකය 3.8% ක් ලෙස වාර්තා වනු ඇත. ඒකකවල ආයෝජන ප්‍රතිලාභ රු. මිලියන 227 ක් ලෙස වාර්තා වූ අතර එම අගය “ලාභය හෝ අලාභය හරහා සාධාරණ අගය මත මුල්‍ය මෙවලම් මගින් ශුද්ධ සාධාරණ අගය මත ලාභ/(අලාභ)” යටතේ ප්‍රාග්ධන ලාභය ලෙස වාර්තා කර ඇත.

ඔප්පු ගාස්තු සංශෝධන සිදු කෙරුණ ද, පුද්ගලික අංශයේ ණය ඉල්ලුම නොවෙනස්ව පැවතුණු බැවින් එය ශේෂ පත්‍රයේ වර්ධනයට බලපෑවේය. බැංකුවේ ණය සහ අත්තිකාරම් රු. මිලියන 77,358 ක් ලෙස සඳහන් විය. එය රු. මිලියන 3,609 ක, එනම් 4.9% ක වසරින් වසර වර්ධනයකි. පාරිභෝගික බැංකුකරණ අංශයේ ණය ලබා දීම එම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් බලපෑවේය. ක්‍රෙඩිට් කාඩ්පත් සහ ආයතනික ණය සේවා තුළ සිදු වූ කැපීපෙනෙන වර්ධනය ද ඒ සඳහා දායක විය.

වසර අවසානයේ බැංකුවේ තැන්පතු පදනම රු. මිලියන 76,532 ක් ලෙස වාර්තා විය. අඩු-පිරිවැය තැන්පතු ලබා ගැනීම කෙරෙහි බැංකුවේ ක්‍රමෝපායික ඉලක්කය යොමු වූ බැවින් ඒ සඳහා තැන්පතු පදනම ක්‍රමෝපායිකව ප්‍රතිසැකසුම් කිරීම අත්‍යවශ්‍ය විය. CASA (ජංගම සහ ඉතිරිකිරීමේ ගිණුම්) වල වර්ධන වේගය වසර පුරාම අඛණ්ඩව පැවති අතර ප්‍රධාන සේවා ඉලක්කගත ලෙස පුළුල් කිරීම ද ඊට බලපෑවේය. එහි ප්‍රතිඵලයක් ලෙස CASA පදනම රු. මිලියන 19,332 ක් ලෙස වසරින් වසර වර්ධනයක් පෙන්නුම් කළේය. බැංකුවේ සාමාන්‍ය CASA වර්ධනය 16 % ක වසරින් වසර වර්ධනයක් පෙන්නුම් කළ අතර CASA මිශ්‍රිතය 25% ක වර්ධනයක් පෙන්නුම් කළේය.

ගාස්තු ආදායම් සඳහා බැංකුව අඛණ්ඩව සිය ක්‍රමෝපායික ක්‍රියාමාර්ග සාර්ථකව දියත් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගාස්තු සහ කොමිස් මුදල් ආදායම රු. මිලියන 101 කින් වර්ධනය කර ගැනීමට බැංකුව සමත් විය. එය 10.5% ක වසරින් වසර වර්ධනයකි. බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් ගාස්තුවල සිදු වූ කැපීපෙනෙන වර්ධනය මෙන්ම බැංකු රක්ෂණ ගාස්තු සහ ඇපකරු ආදායම්වල ගලා ඒම ද මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් දායක විය. 2019 වසර තුළ ආනයන සහ අපනයන ක්ෂේත්‍ර තුළ සිදු වූ දැවැන්ත පසුබෑම හේතුවෙන් වෙළඳ ආදායමේ සිදු වූ පසුබෑම ගාස්තු ආදායමට අහිතකර ලෙස බලපෑවේය.

ශුද්ධ වෙළඳ සහ වෙනත් ආදායම් රු. මිලියන 686 ක් ලෙස වාර්තා වූ අතර එය පසුගිය වසර සමග සැසඳීමේදී 14.2% ක අඩු වීමකි. විනිමය ආදායම්වල ඇති වූ පසුබෑම ඊට මූලික හේතුවයි. බැංකුවේ භාණ්ඩාගාරය ප්‍රාග්ධන ආදායම්වල 89.4% ක වර්ධනයක් අත්කර ගනිමින් සැලකිය යුතු කාර්යසාධනයක් පෙන්නුම් කළේය. එම වර්ධනය මුදලින් රු. 446 කි. ඒකකවල ආයෝජන ආදායම රු. මිලියන 227 ක් ලෙස ස්ථිර මට්ටමක පැවතියේය. රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් වෙනත් මෙහෙයුම් ආදායම් 96.2% කින් අඩු විය. ගත වූ වසර තුළ සිදු වූ අරමුදල් හුවමාරු ප්‍රමාණය ද එම අඩු වීමට බලපෑවේය. අහිතකර සාර්ව ආර්ථික තත්ත්ව වෙළඳ ධාරිතාවල අඩු වීමට ප්‍රධාන වශයෙන් බලපෑ අතර එය සමස්ත වෙළඳ ආදායමේ අඩු වීමට ද හේතු විය. බැංකුව සතුව වෙළඳ කොටස් නොමැති අතර ශේෂ පත්‍ර  දිනය වන විට කිසිඳු කොටස් අරමුදලක ආයෝජනය කර නොමැත. ප්‍රධාන වශයෙන් ශුද්ධ පොළී ආදායම හේතුවෙන් හර බැංකුකරණ ක්‍රියාකාරකම්වල සිදු වූ වර්ධනය සහ අඛණ්ඩ මුල්‍ය කාර්යසාධනය බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම 13.9% කින් වර්ධනය කිරීමට දායක විය. එම අගය රු. මිලියන 6,021 කි. 2019 වර්ෂය තුළ සමස්ත මෙහෙයුම් ආදායම සඳහා පාරිභෝගික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශ දැක්වූ දායකත්වය 51% ක් දක්වා වර්ධනය විය.

යුනියන් බැංකුවේ අක්‍රිය ණය අනුපාතිකය (NPL) 2019 වර්ෂය තුළ 5.03% කින් වර්ධනය වූයේ එම වර්ෂය තුළ පැවති සාර්ව ආර්ථික අභියෝග මැනවින් පිළිබිඹු කරමිනි.  වර්ෂය තුළ වැඩිම අක්‍රිය ණය ප්‍රමාණයක් වාර්තා වූයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයෙනි. ගත වූ වසරේ අපහායන ගාස්තුව රු. මිලියන 390 ක් ලෙස වාර්තා වූ අතර එය 14.0% ක වසරින් වසර වර්ධනයකි.

බැංකුවේ මෙහෙයුම් වියදම් රු. මිලියන 3,830 ක් ලෙස වාර්තා වූ අතර එය 2.7% ක වසරින් වසර වර්ධනයකි. ක්ෂය වීම්, කාලික ණය නිදහස් කිරීම් සහ පරිහරණ වත්කම් ඇතුළු වෙනත් පිරිවැය 2% ක වර්ධනයක්, එනම් රු. මිලියන 1,947 ක වර්ධනයක් පෙන්නුම් කළේය. 2019 ජනවාරි මස 1 වනදා සිට බැංකුව SLFRS 16 “කල්බදු” සංකල්පය සිය මෙහෙයුම් කටයුතු සඳහා යොදා ගත්තේය. සංසන්දය කෙරෙන අගයන් පසුගිය වසරේ LKAS 17 විගණන ප්‍රමිතියට අනුව ගණනය කෙරිණි. ඒ අනුව, පරිහරණ වත්කම් ශේෂ පත්‍රයේ සඳහන් කර ඇති අතර 2018 වසරේ වෙනත් පිරිවැය යටතේ කුලී පිරිවැය යටතේ සඳහන් කරනවා වෙනුවට කාලික ණය නිදහස් කිරීම් ක්ෂය වීම් සහ කාලික ණය නිදහස් කිරීම් යටතේ දක්වා ඇත. තවද, ඉන් කොටසක් කල්බදු වගකීම් මුල්‍ය පිරිවැයක් ලෙස පොළී පිරිවැය යටතේ වාර්තා කර ඇත.

බැංකුවේ පිරිවැය සහ ආදායම අතර අනුපාතය 71% සිට 64% දක්වා වර්ධනය වූ අතර එය 2019 වසරේදී බැංකුව අත්කර ගත් සුවිශේෂී ජයග්‍රහණයකි. මෙහෙයුම් ආන්තිකය රු. මිලියන 2,191 කින් වර්ධනය වූ අතර එඋඅ ප්‍රතිශතයක් ලෙස 41% ක වසරින් වසර වර්ධනයකි. 2.7% ක් ලෙස වාර්තා වූ පිරිවැය වර්ධනය සමග 13.9% ක ශීඝ්‍ර ආදායම් වර්ධනයකට හිමිකම් කීමට යුනියන් බැංකුව සමත් වීම ඊට ප්‍රධාන වශයෙන් හේතු විය. ඵලදායී ආදායම් සහ පිරිවැය කළමනාකරණය හේතුවෙන් බැංකුවට අත්කර ගත හැකි වූ කැපීපෙනෙන ඵල්දායිතාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව එමගින් මනාව පිළිබිඹු විය.

ආයෝජකයන් අතර බෙදා දෙන ලද කොටස් ලාභය රු. මිලියන 104 ක් වූ අතර එය රු. මිලියන 69.2 ක වසරින් වසර වර්ධනයකි. බැංකුවේ අනු සමාගමක්වන යූබී ෆිනෑන්ස් සමාගම මෙම වර්ධනයේ ප්‍රධානත ම හවුල්කරුවාය.

ගත වූ වසර තුළ යුනියන් බැංකුව වාර්තා කළ ලාභය රු. මිලියන 710 කි. එය 2018 වසරේ ලාභය වූ රු. මිලියන 473 සමග සැසඳීමේදී 50.3% ක දැවැන්ත වර්ධනයකි. රාජ්‍ය සුරැකුම්පත් තුළ ආයෝජන තක්සේරු කිරීම්වල බලපෑම මත වෙනත් පරිපූර්ණ ආදායම්වල අගය රු. මිලියන 346 ක් ලෙස වාර්තා විය. වසර පුරා පැවති වාසිසහගත වෙළඳපොළ අනුපාතික විචලන ඒ සඳහා මූලිකව බලපෑවේය.

ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතිකය වසර පුරාම ශක්තිමත්ව පවත්වා ගැනීමට බැංකුව සමත් වූ අතර වසර අවසාන වන විට 16.75% ක ශක්තිමත් හර ප්‍රාග්ධන අනුපාතිකයක් වාර්තා විය.

යුනියන් බැංකුවත් එහි අනු සමාගම්වන යූබී ෆිනෑන්ස් සහ නැෂනල් ඇසට් මැනේජ්මන්ට් ලිමිටඩ් සමාගමත් ඇතුළත් සමූහයේ සියලු බදු පසු ලාභය රු. මිලියන 804 ක් ලෙස වාර්තා වූ අතර එය 50.4% ක වසරින් වසර වර්ධනයකි. සමූහයේ සමස්ත වත්කම් රු. මිලියන 129,840 ක් ලෙස සඳහන් විය. සමූහයේ ශේෂ පත්‍රයෙන් 93.8% කට යුනියන් බැංකුව හිමිකම් කියන බැවින් සමූහයේ කාර්යසාධනය සඳහා ප්‍රධානත ම දායකත්වය හිමි වූයේ යුනියන් බැංකුවෙනි.

අහියෝග හමුවේ තිරසර ව්‍යාපාරික වර්ධනයක්

2019 වසර තුළ පැවති සාර්ව ආර්ථික අභියෝග හේතුවෙන් සමස්තයක් ලෙස බැංකුකරණ ක්ෂේත්‍රය අභියෝගයට ලක් වුව ද සිය ප්‍රධානත ම ව්‍යාපාරික අංශ අඛණ්ඩව වර්ධනය කර ගැනීමට බැංකුව සමත් විය.

ආයතනික, සුළු හා මධ්‍ය පරිමාණ සහ පාරිභෝගික බැංකුකරණ අංශ යුනියන් බැංකුවේ සේවා පෙළ වර්ධනය සඳහා තවදුරටත් දායකත්වය ලබා දුන්නේය. ක්‍රමෝපායිකව වැදගත් යයි හඳුනා ගත් පාරිභෝගික අංශ ඉලක්ක කර ගනිමින් සිදු කරන ලද තෝරා ගත් අත්කර ගැනීම් ඒ සඳහා මනා සහයෝගයක් ලබා දුන්නේය. අභියෝගාත්මක සාර්ව ආර්ථික පරිසරය තුළ පවා යුනියන් බැංකුවේ භාණ්ඩාගාරය 2019 වසර තුළ ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කරමින් කැපීපෙනෙන ප්‍රාග්ධන ලාභ සහ ගාස්තු හා කොමිස් මුදල් ආදායම් සමගින් බැංකුවේ ආදායමට සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය. අහිතකර වෙළඳපොළ තත්ත්වය සුළු හා මධ්‍ය පරිමාණ අංශයට විශාලත ම බලපෑම ඇති කළේය. සිය දිගුකාලීන අරමුදල් අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කරමින් යුනියන් බැංකුව එම අසීරු කාල පරිච්ඡේදය තුළ ද එම අංශයට අඛණ්ඩව සහයෝගය ලබා දුන්නේය. සූක්ෂ්ම අවදානම් කළමනාකරණ වැඩසටහන් හරහා සේවා පෙළෙහි ප්‍රමිතිය පවත්වා ගැනීමට බැංකුව මේ අතර කටයුතු කළේය. විශේෂයෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ආයතන සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවලට ඇති වූ දැඩි බලපෑම හේතුවෙන් ඔවුන් වෙනුවෙන් සහන වැඩසටහන් සහ සහන කාල ලබා දෙමින් අසීරු කාලයේදී ඔවුන්ගේ ව්‍යාපාර නොනැසී පවත්වාගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබා දීමට යුනියන් බැංකුව ඉදිරිපත් විය. දූරදර්ශී සේවා ලාභ කළමනාකරණය සහ නව අත්කර ගැනීම් සහ හඳුනාගත් අංශවල හිමිවීම්වල වර්ධනය හරහා බැංකුවේ ආයතනික බැංකුකරණ අංශය ඉතා යහපත් කාර්යසාධනයක් වාර්තා කළේය. යුනියන් බැංකුවේ BizDirect සේවාව අඛණ්ඩව බැංකුවේ ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ සේවාලාභීන් හට ව්‍යාප්ත කිරීමට බැංකුව කටයුතු කළේය. එම සේවාවේ මුල්‍ය කළමනාකරණ විශිෂ්ටත්වය වෙනුවෙන් 2019 ගෝලීය ව්‍යාපාර දර්ශන සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටත ම මුදල් කළමනාකරණ බැංකුව ලෙස යුනියන් බැංකුව සම්මානයට පාත්‍ර විය.

උකස් ණය ඉලක්කකර ගනිමින් දියත් කරන ලද ක්‍රමෝපාය සහ ක්‍රෙඩිට් කාඩ්පත් අත්කර ගැනුම් සඳහා දියත් කරන ලද වේගවත් සැලසුම් හේතුවෙන් බැංකුවේ ණය අත්කර ගැනුම්වල වර්ධනය සඳහා පාරිභෝගික බැංකුකරණ අංශය තවදුරටත් ප්‍රමුඛ දායකත්වයක් ලබා දුන්නේය. බැංකු ශාඛා සහ තෝරාගත් පාරිභෝගික අංශ තුළ දියත් කරන ලද ඉලක්කගත වැඩසටහන් බැංකුවේ CASA සහ තැන්පතු වර්ධන ඉලක්ක සපුරා ගැනීමට දායක විය. තාක්ෂණික වැඩිදියුණු කිරීම් හරහා පාරිභෝගික පහසුව වැඩිදියුණු කිරීම සඳහාවන බැංකුවේ ඉලක්කය, ATM ජාලය සහ ඩිජිටල් බැංකුකරණ පහසුකම් ඇතුළු විකල්ප මාධ්‍ය හරහා 2019 වසර තුළ තවදුරටත් පුළුල් කෙරිණ. යුනියන් බැංකුවේ ජංගම දුරකථන බැංකුකරණ යෙදවුම තවත් විශේෂාංග සහ ක්‍රෙඩිට් කාඩ්පත් ස්වයං සේවා පහසුකම ද සමගින් තවදුරටත් වැඩිදියුණු කෙරිණි. 2019 වසරේදී යුනියන් බැංකුවේ නවත ම ආයතනික වෙබ් අඩවිය හඳුන්වා දෙන ලද අතර එම බැංකුවේ ඩිජිටල් දර්ශනය එමගින් මනාව පිළිබිඹු කෙරේ. එම නවත ම සහ වැඩිදියුණු කරන ලද වෙබ්අඩවිය එක්සත් ජනපදයේ dotCoMM සම්මාන උළෙලේ මුල්‍ය කාණ්ඩය යටතේ රන් සම්මානයෙන් ද පිදුම් ලැබීය.

ප්‍රධාන පාරිභෝගික සබඳතා ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා වසර තුළ පාරිභෝගික වැඩසටහන් රැසක් දියත් කෙරිණි. පාරිභෝගික, සුළු හා මධ්‍ය පරිමාණ සහ ආයතනික පාරිභෝගික අංශ නියෝජනය කරන ප්‍රධාන පෙළේ පාරිභෝගිකයන් හට ආර්ථික තත්ත්වය පිළිබඳ දැනුම ලබා ගැනීමටත්, සිය සබඳතා ජාලය පුළුල් කර ගැනීමටත් අවස්ථාව හිමිකර දෙමින් සංවිධාන කෙරුණු ‘CEO Breakfast Forum’ එම වැඩසටහන් අතර කැපී පෙනෙයි. එම වසර තුළදී පාරිභෝගික සහ ආයෝජන ප්‍රජාව සඳහා වෙනත් වැඩසටහන් රැසක් ද බැංකුව සංවිධාන කළේය.

දරුවන් සහ අධ්‍යාපනය ඉලක්කකර ගනිමින් යුනියන් බැංකුව සමාජයේ යහ පැවැත්ම සඳහා දක්වන කැපවීම යළිත් තහවුරු කරමින් තෝරාගත් ශාඛා කේන්ද්‍ර කර ගනිමින් ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක් ද දියත් කළේය. අඩු වරප්‍රසාදලාභී පාසල්වල තත්ත්වය වැඩිදියුණු කිරීම සහ එම පාසල්වල දරුවන්ගේ ඉගෙනුම් පරිසරය නගාසිටුවීම එම ව්‍යාපෘතිවල ප්‍රධානත ම අරමුණු වේ.

“අභියෝගාත්මක වසරක මෙතරම් ශක්තිමත් කාර්යසාධනයක් ළඟා කර ගැනීමට හැකි වීම පිළිබඳ මා බෙහෙවින් සතුටු වනවා. සාර්ව ආර්ථික අභියෝග හමුවේ වුව ද යුනියන් බැංකුව පොළී ආදායම, සේවා පෙළ ප්‍රතිසැකසුම සහ දූරදර්ශී පිරිවැය කළමනාකරණය මත මූලික බැංකුකරණ වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව සිටිනවා. යුනියන් බැංකුව 2020 වසරේදී සිය 25 වන වියට පා තබන අතර එය අප වසරින් වසර අත්කර ගත් සාර්ථකත්වය කියාපාන සංධිස්ථානයක් වනු ඇති. බැංකුව සේවා සපයන ඉලක්කගත පාරිභෝගික අංශවල ප්‍රමුඛත ම බැංකුකරණ සහකරු බවට පත් වීම 2020 වසරේ මැදිකාලීන ක්‍රමෝපායික සැලසුමයි. 2020 වසරේදී බැංකුවේ ව්‍යාපාරික පරිසරය තවදුරටත් වැඩිදියුණු වනු ඇති බවත්, පාරිභෝගික, ආයතනික, සුළු හා මධ්‍ය පරිමාණ සහ භාණ්ඩාගාරික අංශ අඛණ්ඩව වර්ධනය වනු ඇති බවත් අපගේ විශ්වාසයයි. ක්‍රමෝපායික වර්ධන අංශ, දූරදර්ශී සේවා පෙළ පුළුල් කිරීම සහ සැම ඇතුළත් බැංකුකරණ එළඹුම සමගින් 2020 වසරේදී යුනියන් බැංකුවේ වර්ධනය සඳහා මාවත විවර වනු ඇත,” යනුවෙන් යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

තිරසර වර්ධනයක් සඳහා පිරිවැය උපරිමකරණය කිරීමට යුනියන් බැංකුවේ අවධානය

තිරසර වර්ධනයක් සඳහා පිරිවැය උපරිමකරණය කිරීමට යුනියන් බැංකුවේ අවධානය

බැංකුව

  • සියලු බදු පෙර ලාභය රු. මිලියන 1,422 ක් දක්වා 54% ක වසරින් වසර වර්ධනයක්
  • දළ පොළී ආදායම රු. මිලියන 3,466 ක් දක්වා වර්ධනයක්
  • ගාස්තු සහ කොමිස් මුදල් ආදායම රු. මිලියන 784 ක් දක්වා 12% ක වසරින් වසර වර්ධනයක්
  • සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතය 5% ක්

සමූහය

  • බදු පසු ලාභය රු. මිලියන 606 ක් දක්වා 36% ක වසරින් වසර වර්ධනයක්
  • දළ පොළී ආදායම රු. මිලියන 4,033 ක් දක්වා 21% ක වසරින් වසර වර්ධනයක්
  • සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතය 3% ක්

යුනියන් බැංකුව 2019 වසරේ තුන්වන කාර්තුවේ බැංකුකරණ අංශයට අඛණ්ඩව බලපෑමක් ඇති කළ අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්ත්වයට සාර්ථකව මුහුණ දීම සඳහා සිය සේවා පෙළ ගැස්වීම සහ දූරදර්ශී පිරිවැය කළමනාකරණය කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කළේය.

මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා ඉලක්කගත ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස, සමාලෝචන කාලය තුළ යුනියන් බැංකුවේ මෙහෙයුම් වියදම්වල සිදු වූයේ රු. මිලියන 2,960 ක් දක්වා 5% ක වසරින් වසර වැඩි වීමක් පමණි.

2019 වසරේ තුන්වන කාර්තුව පුරා වරින්-වර සාර්ව ආර්ථික පසුබිම තුළ ඇති වූ අනපේක්ෂිත තත්ත්වයන් හමුවේ සමස්තයක් ලෙස බැංකුකරණ ක්ෂේත්‍රය අභියෝගයට ලක් විය. ප්‍රතිපත්ති අනුපාත සංශෝධන සිදු වුව ද පුද්ගලික ණය සඳහා ඇති ඉල්ලුම ස්ථායි මට්ටමක පැවතීම නිසා වසරේ තුන්වන කාර්තුව තුළ ශේෂ පත්‍රයට එමගින් බලපෑමක් ඇති විය. එවැනි අභියෝගාත්මක ව්‍යාපාරික පසුබිමක් මධ්‍යයේ වුව ද යුනියන් බැංකුව සේවා පෙළ යළි පෙළගැස්වීම සහ ගාස්තු සහ කොමිස් මුදල් ආදායම් උත්පාදනය පුළුල් කිරීම හරහා ආදායම් උපරිමකරණය කර ගැනීමට සමත් විය.

යුනියන් බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම රු. මිලියන 4,637 ක් දක්වා 19% ක අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කළේය.

සැප්තැම්බර් මස 30 වනදායින් අවසන් වූ සමාලෝචන කාලය තුළ දළ පොළී ආදායම (NII) රු. මිලියන 3,466 ක් ලෙස වාර්තා විය. බැංකුව ගාස්තු ආදායම වර්ධනය සඳහා මනා ලෙස අඛණ්ඩව දියත් කරන ලද ක්‍රමෝපායික ක්‍රියාමාර්ග හේතුවෙන් එම කාලය තුළ එහි ගාස්තු සහ කොමිස් මුදල් ආදායම රු. මිලියන 784 ක් දක්වා 12% ක වසරින් වසර වර්ධනයක් අත්කර ගැනීමට සමත් විය. ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ බැංකුකරණ සේවාලාභීන් වෙනුවෙන් පිරිනමන ලද මුදල් හුවමාරු බැංකුකරණ සේවා හරහා ලබාගත් ගාස්තු ආදායම මෙන්ම ඉලක්කගත ප්‍රතිග්‍රහණ ක්‍රියාමාර්ග හේතුවෙන් බැංකුවට හිමි වූ ක්‍රෙඩිට් කාඩ්පත් සැකසුම් ගාස්තු ද එම ආදායම් වර්ධනය සඳහා මූලික වශයෙන් දායක විය.

යුනියන් බැංකුවේ භාණ්ඩාගාර කාර්යසාධනය ද සැලකිය යුතු මට්ටමක පැවති අතර ප්‍රාග්ධන ප්‍රතිලාභ රු. මිලියන 380 ක් ලෙස වාර්තා විය. එය 83% ක කැපී පෙනෙන වසරින් වසර වර්ධනයකි. සමාලෝචන කාල සීමාව තුළ සිදු වූ විනිමය අනුපාත පහත වැටීම සහ කැපී පෙනෙන අන්දමින් සිදු වූ අරමුදල් හුවමාරුව හේතුවෙන් බැංකුවේ වෙනත් මෙහෙයුම් ආදායමේ අඩු වීමක් පෙන්නුම් කළේය. අහිතකර සාර්ව ආර්ථික තත්ත්වය හමුවේ වෙළඳ ගනුදෙනුවන සිදු වූ පහත වැටීම ද ඉහත තත්ත්වයට බලපෑ තවත් සාධකයකි.

සමාලෝචන කාල සීමාව තුළ යුනියන් බැංකුවේ පූර්ව අපහායන ලාභය රු. මිලියන 1,677 ක් වූ අතර එය 54% ක වසරින් වසර වර්ධනයකි. සමාලෝචන කාල සීමාව තුළ බැංකුවේ අපහායන ගාස්තුව රු. මිලියන 354 ක් විය. 2019 සැප්තැම්බර් මස 30 වනදායින් අවසන් වූ කාල සීමාව තුළ ඒකාබද්ධ අපහායන ගාස්තුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන් – SLFRS 9 ( මුල්‍ය මෙවලම්) වලට අනුකූලව ගණනය කෙරුණු අතර ඉන් පෙර කාල සීමාව තුළ එම ගාස්තු LKAS 39 (මුල්‍ය මෙවලම්) වලට අනුකූලව ගණනය කෙරිණි. සාර්ව ආර්ථික අභියෝග මැනවින් පිළිබිඹු කරමින් යුනියන් බැංකුවේ සමස්ත අක්‍රිය ණය ප්‍රතිශතය 5.2% ක් ද දළ අක්‍රිය ණය ප්‍රතිශතය 3.2% ක් ද ලෙස පෙන්නුම් කළේය.

දැවැන්ත අභියෝග රැසක් හමුවේ වුව ද යුනියන් බැංකුව ඉදිරි වසර සඳහාවන සිය ක්‍රමෝපායික වර්ධනය ළඟා කර ගැනීම සඳහා අඛණ්ඩව ඉදිරියට ගමන් කරන බැව් පිළිබිඹු කරමින් සැප්තැම්බර් මස 30 වනදායින් අවසන් වූ කාල සීමාව සඳහා රු. මිලියන 1,422 ක සියලු බදු පෙර ලාභයක් වාර්තා කිරීමට සමත් වූ අතර එය 54% ක වසරින් වසර වර්ධනයකි.

බැංකුවේ අනු සමාගම්වල ලාභ දායකත්වය රු. මිලියන 98 ක් ලෙස වාර්තා වූ අතර එය රු. මිලියන 51 ක වසරින් වසර වර්ධනයකි. ඒ සඳහා වැඩිම දායකත්වයක් ලබා දුන්නේ යූබී ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමයි.

මුල්‍ය සේවා මත පැනවූ ආදායම්, VAT, NBT සහ DRL බදු රු. මිලියන 889 ක් වූ අතර එය 67% ක වසරින් වසර වර්ධනයකි. බැංකුවේ බදු පසු ලාභය (PAT) රු. මිලියන 533 ක් ලෙස සටහන් වූ අතර එය 37% ක වසරින් වසර වර්ධනයකි.

බැංකුවේ සමස්ත පරිපූර්ණ ආදායම රු. මිලියන 867 ක් විය. වෙනත් පරිපූර්ණ ආදායම් හරහා ණය මෙවලම් සාධාරණ අගයක් යටතේ තක්සේරු කිරීමෙන් ඇති වූ ධනාත්මක බලපෑම හේතුවෙන් එම ආදායම 469% ක වසරින් වසර වර්ධනයක් පෙන්නුම් කළේය.

සැප්තැම්බර් මස 30 වනදා වන විට බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. මිලියන 115,574 ක් ලෙස සටහන් විය. 2019 තුන්වන කාර්තුව අවසන්වන විට බැංකුවේ ණය සහ අයකර ගැනීම් රු. මිලියන 74,998 ක් ලෙස ද, තැන්පතු පදනම රු. මිලියන 74,707 ක් ලෙස ද වාර්තා විය. සමස්ත සාමාන්‍ය CASA අගය රු. මිලියන 18,923 ක් දක්වා 22% ක වසරින් වසර වර්ධනයක් අත්කර ගත්තේය. පාරිභෝගික, ආයතනික සහ සුළු හා මධ්‍යම පරිමාණ අංශ මූලික කර ගනිමින් සිදු කෙරුණු ඉලක්කගත අත්කර ගැනීමේ ක්‍රමෝපාය හේතුවෙන් ශක්තිමත් CASA ආදායමක් හිමිකර ගැනීමට බැංකුවට හැකි විය.

ශක්තිමත් ප්‍රාග්ධන අනුපාතික පවත්වා ගැනීම කළමනාකරණයේ ප්‍රමුඛතාවක් ලෙස තවදුරටත් පැවතිණි. යුනියන් බැංකුවේ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතිකය 2019 සැප්තැම්බර් මස 30 වනදා වන සිට 16.5% ක් වූ අතර එම අගය නියාමන අවශ්‍යතාවලට වඩා බෙහෙවින් ඉහළ අගයක් විය.

යුනියන් බැංකුව සහ නැෂනල් ඇසට් මැනේජ්මන්ට් ලිමිටඩ් සහ යූබී ෆිනෑන්ස් කම්පනි ලිමිටඩ් යන බැංකුවට අනුබද්ධිත සමාගම් දෙක ද ඇතුළත් සමූහයේ සමාලෝචන කාලය තුළ බදු පසු ලාභය රු. මිලියන 606 ක් වූ අතර එය 36% ක වසරින් වසර වර්ධනයකි. සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. මිලියන 124,061 ක් ලෙස වාර්තා වූ අතර ඉන් 93% ක් සඳහා දායකත්වය ලබා දී ඇත්තේ යුනියන් බැංකුවයි. ශේෂ පත්‍ර දිනයවන විට සමූහය 16.3% ක ශක්තිමත් හර ප්‍රාග්ධන අනුපාතිකයක් පවත්වා ගැනීමට සමත්ව සිටියේය.

 

මෙහෙයුම් කාර්යසාධනය

යුනියන් බැංකුව තුන්වන කාර්තුව තුළ අභියෝගාත්මක වෙළඳපොළ තත්ත්වයන් හමුවේ සාමාන්‍ය ව්‍යාපාරික වර්ධනයක් අත්කර ගත්තේය.

තරගකාරී වෙළඳපොළ වටපිටාව තුළ බැංකුවේ ආයතනික බැංකුකරණ ව්‍යාපාරික කටයුතු අඛණ්ඩව ප්‍රගතියක් අත්කර ගත් අතර සමාලෝචන කාලය තුළ ආදායම් සහ වත්කම් වර්ධනය සම්බන්ධ මූලික ඉලක්ක සපුරා ගැනීමට බැංකුව සමත් විය.

වෙහෙසකර ආර්ථික පසුබිම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) කෙරෙහි වැඩි බලපෑමක් ඇති වූ අතර වෙළඳපොළේ කුඩා පරිමාණ ව්‍යවසායකයන්ගේ අනුගත වීමේ හැකියාව එමගින් අඛණ්ඩව පරික්ෂාවට ලක් කෙරිණි. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් මුහුණදෙන අභියෝග අභිබවමින් යුනියන් බැංකුව අඛණ්ඩව ක්‍රමෝපායිකව වැදගත්වන අංශ හඳුනා ගනිමින් එම ව්‍යවසායවලට ම විශේෂිත වූ විසඳුම් සහ උපදේශන සේවා ලබාදීම හරහා ඔවුන්ගේ වර්ධනය සහ දරාගැනීමේ හැකියාව තහවුරු කිරීමට කටයුතු කළේය.

යුනියන් බැංකුවේ ප්‍රමුඛත ම මුදල් හුවමාරු බැංකුකරණ විසඳුමවන Union Bank Biz Direct පහසුකම සුළු හා මධ්‍යම පරිමාණ සේවාලාභීන් හට පිරිවැය කාර්යක්ෂම මුදල් කළමනාකරණ ස්වයංක්‍රිය මෙවලමක් ලෙස අඛණ්ඩව ප්‍රසාදය හිමිකර ගැනීමට සමත් විය. සිය පාරිභෝගිකයන් හට තවත් පහසු සේවාවක් ලබාදීම සඳහා තත්කාලීන ව්‍යාපාරික විසඳුමක් ලෙස එය වැඩිදියුණු කිරීමට ද බැංකුව මේවන විට කටයුතු කරමින් සිටී.

පාරිභෝගික සේවාලාභීන්ගේ නිවාස මූලධන අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂ අවධානයක් යොමු කිරීම හේතුවෙන් සමාලෝචන කාල සීමාව තුළ පාරිභෝගික ණය සහ අත්තිකාරම්වල කැපී පෙනෙන වර්ධනයක් දැකගත හැකි විය. විනෝද, ආහාර-පාන, සාප්පු සවාරි ආදී විවිධ අංශ රැසක ආකර්ෂණීය ජීවන ශෛලීය දීමනා රැසක් පිරිනමමින් දියත් කෙරුණු ඉලක්කගත විකුණුම් සහ අත්කර ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහන් හරහා බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් සේවා පෙළ තවදුරටත් පුළුල් කර ගැනීමට හැකි විය.

ජංගම සහ ඉතිරිකිරීමේ (CASA) ශේෂ වැඩිදියුණු කර ගැනීම ඉලක්කකර ගනිමින් යුනියන් බැංකුව ළමා ඉතිරිකිරීමේ ගිණුම්, ආයෝජන සැලසුම් සහ ආයතනික ජංගම හා ඉතිරිකිරීමේ ශේෂ ආදී සේවා රැසක් අඛණ්ඩව පුළුල් කිරීමට කටයුතු කළේය. ශාඛා, සබඳතා කළමනාකාරවරුන් සහ නව අත්කර ගැනීම් සඳහා කැපවූ කණ්ඩායම් හරහා එම ඉලක්කය සපුරා ගැනීමට යුනියන් බැංකුවට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස බැංකුවේ CASA පදනම 2019 සැප්තැම්බර් මාසය අවසානවන විට 26.4% ක වර්ධනයක් අත්කර ගෙන තිබිණ.

ක්‍රියාවලි සැකසීම හරහා මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ පුළුල් ඵලදායිතාවක් අත්කර ගැනීම සඳහා බැංකුව දැක්වූ අඛණ්ඩ කැපවීම හේතුවෙන් සමාලෝචන කාලය තුළ පිරිවැය කළමනාකරණය වැඩිදියුණු කර ගැනීමට බැංකුව සමත් විය.

අන්තර්ජාල සහ ජංගම බැංකුකරණ පහසුකම් හරහා සිය සේවාලාභීන් හට පුළුල් බැංකුකරණ පහසුකමක් පිරිනැමීමට යුනියන් බැංකුව තවදුරටත් කටයුතු කළේය. ක්‍රෙඩිට් කාඩ්පත් ස්වයං සේවා පහසුකම හඳුන්වා දීමට අවශ්‍ය කටයුතු මෙම කාලය තුළ සිදු කෙරුණු අතර ඉහත සඳහන් මුදල් හුවමාරු පහසුකම් හරහා මුදල් ගනුදෙනු සඳහා පුළුල් සුරක්ෂිත බවක් තහවුරු කිරීමට කටයුතු කෙරිණි.

2019 අගෝස්තු මසදී යුනියන් බැංකුවේ www.unionb.com වෙබ් අඩවිය ඇමරිකා එක්සත් ජනපදයේ dotCoMM සම්මාන උළෙලේදී මුල්‍ය කාණ්ඩය යටතේ රන් සම්මානයෙන් පිදුම් ලැබුවේය. සිය පාරිභෝගිකයන් හට උපරිම පහසුව සලසා දෙන අතරතුර ඔවුන්ගේ මුදල් ගනුදෙනුවන සුරක්ෂිත බව තහවුරු කිරීම සඳහා නවීනත ම තාක්ෂණික ක්‍රමවේද යොදා ගැනීමට යුනියන් බැංකුව දක්වන කැපවීම මෙම සම්මාන මගින් මැනවින් පිළිබිඹු විය.

“අභියෝගාත්මක ආර්ථික පසුබිම සහ ඉහළ බදු අයකිරීම් හමුවේ වුව ද අප ගත වූ මාස 9 ක කාලය පුරා ශක්තිමත් කාර්යසාධනයක් අත්කර ගැනීමට සමත්ව සිටිනවා. මෙය, අසීරු තත්ත්ව හමුවේ නොසැලී ඉදිරියට ගමන් කිරීම සඳහා බැංකුව අනුගමනය කරන ක්‍රමෝපායික දිශානතියේ සාර්ථකත්වයට මනාව සාක්ෂ්‍ය දරනවා. මෙහෙයුම් කාර්යක්ෂමතාව, ඩිජිටල් බැංකුකරණය සහ සේවා පෙළ පුළුල් කිරීම කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කරමින් වසරේ අවසාන කාර්තුවේදී තවත් විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කිරීමට හැකිවනු ඇති බව මාගේ විශ්වාසයයි. මෙම සාර්ථකත්වය මත පදනම්ව 2019 වසර සඳහා අප ඇතිකරගෙන තිබෙන ක්‍රමෝපායික ඉලක්ක සාක්ෂාත් කර ගනිමින් අඛණ්ඩව වර්ධනයක් අත්පත් කර ගැනීමට අප බලාපරොත්තු වනවා.” යනුවෙන් යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

යුනියන් බැංකුව 2019 පළමු අර්ධය තුළ 52% ක ශක්තිමත් සියලු බදු පෙර ලාභයක් වාර්තා කරයි

යුනියන් බැංකුව 2019 පළමු අර්ධය තුළ 52% ක ශක්තිමත් සියලු බදු පෙර ලාභයක් වාර්තා කරයි

බැංකුවේ කාර්යසාධනය

  • සියලු බදු පෙර ලාභයේ රු. මිලියන 849 ක් දක්වා 52% ක වසරින් වසර වර්ධනයක්
  • දළ පොළී ආදායමේ රු. මිලියන 2, 131 ක් දක්වා 19% ක වසරින් වසර වර්ධනයක්
  • ගාස්තු සහ කොමිස් මුදල් ආදායමේ රු. මිලියන 542 ක් දක්වා 17% ක වසරින් වසර වර්ධනයක්
  • සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතය 23% කි

සමූහයේ කාර්යසාධනය

  • සියලු බදු පෙර ලාභයේ රු. මිලියන 799 දක්වා 19% ක වසරින් වසර වර්ධනයක්
  • දළ පොළී ආදායමේ රු. මිලියන 2,516 ක් දක්වා 15% ක වසරින් වසර වර්ධනයක්
  • ගාස්තු සහ කොමිස් මුදල් ආදායමේ රු. මිලියන 579 ක් දක්වා 9% ක වසරින් වසර වර්ධනයක්

යුනියන් බැංකුව සිය හර බැංකුකරණ ආදායමේ කැපී පෙනෙන වර්ධනයක් සමගින් 2019 පළමු කාර්තුව තුළ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කිරීමට සමත් විය. සියලු ම ආකාරයේ ව්‍යාපාර දැඩි ලෙස අභියෝගයට ලක් කෙරුණු වෙළඳපොළ තත්ත්වය හමුවේ වුව ද යුනියන් බැංකුව වාර්තා කළ රු. මිලියන 849 ක සියලු බදු පෙර ලාභය එම විශිෂ්ට කාර්යසාධනයට බෙහෙවින් බලපෑවේය.

හර බැංකුකරණ වර්ධනය සහ ලාභය

2019 අප්‍රේල් මසදී සිදු වූ ඛේදනීය සිදුවීම් හේතුවෙන් මෙරට ආර්ථිකය තුළ ගොඩ නැගුනු අභියෝගාත්මක වාතාවරණය මත 2019 දෙවන කාර්තුව බැංකුකරණ අංශයට අනපේක්ෂිත අභියෝගයක් විය.

එවැනි අතිශය අභියෝගාත්මක සාර්ව ආර්ථික පසුබිමක වුව ද යුනියන් බැංකුව සිය දළ පොළී ආදායමේ (NII) රු. මිලියන 2,131 ක් දක්වා 19% ක වසරින් වසර වර්ධනයක් අත්කර ගැනීමට සමත් විය. පසුගිය වසරේ අදාළ කාර්තුව තුළ 3.1% ක් වූ බැංකුවේ දළ පොළී ආන්තිකය (NIM) මෙම කාර්තුවේ 3.4% ක් ලෙස වර්ධනය විය. වාර්තාකරණ කාලය තුළ සාමාන්‍ය CASA ශේෂයේ ඇති වූ වර්ධනය ඊට ප්‍රධාන වශයෙන් බලපෑවේය. පසුගිය කාලය පුරා සිය සේවා කළඹ යළි පෙළගැසීම සඳහා බැංකුව ගත් ඉලක්කගත උත්සාහය ද මෙම දළ පොළී ආන්තිකයට පදනම් විය.

බැංකුවේ ගාස්තු සහ කොමිස් මුදල් ආදායම ද අඛණ්ඩව වර්ධනය වූ අතර එය සමාලෝචන කාලය තුළ රු. 524 ක් දක්වා 17% ක වසරින් වසර වර්ධනයකි. පුළුල්වන ණය පොත, නව ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කිරීම, ඇපකර මත අය කෙරෙන කොමිස් මුදල් සහ ජංගම සහ ඉතිරි කිරීමේ ගිණුම් (CASA) වලට අදාළ ගාස්තු හරහා හිමි වූ සැකසුම් ගාස්තු මෙම වර්ධනයට ප්‍රධාන දායකත්වයක් ලබා දුන්නේය.

අදාළ කාලය සඳහා ප්‍රාග්ධන ලාභය රු. මිලියන 253 ක් වූ අතර එය සැලකිය යුතු තරම් වසරින් වසර වර්ධනයකි. අදාළ කාලය සඳහා ආයෝජන ඒකක ආදායම රු. මිලියන 123 ක් වූ අතර එය 20% ක වසරින් වසර අඩු වීමකි. එම කාලය තුළ ඒකක භාර ආයෝජනවල සිදු වූ අඩුවීම ඊට හේතුවයි.

විදේශ විනිමය ව්‍යාපාර ආදායමේ සිදු වූ අඩු වීම, වෙනත් මෙහෙයුම් ආදායමේ අඩු වීමට ප්‍රධාන වශයෙන් බලපෑවේය. එය පසුගිය වසරේ එම කාලය සමග සැසඳීමේදී 50% ක අඩුවකි. එම කාර්තුවේ ඇති වූ සාර්ව ආර්ථික අභියෝග හමුවේ වෙළඳ ව්‍යාපාර අංශ වල සිදු වූ කැපී පෙනෙන අඩු වීම මේ සඳහා මූලිකව බලපෑවේය.

සමාලෝචන කාර්තුවේදී බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම රු. මිලියන 2,899 ක් දක්වා වර්ධනය වූ අතර එය 13% ක වසරින් වසර වර්ධනයකි. සමස්ත මෙහෙයුම් වියදම් දූරදර්ශී ලෙස කළමනාකරණය කෙරුණු බැවින් එම කාලය තුළ එය වර්ධනය වූයේ රු. මිලියන 1,973 කින් පමණි. එය 4% ක වසරින් වසර වර්ධනයකි. එහි ප්‍රතිඵලයක් ලෙස, බැංකුවේ පූර්ව-අපහායන ලාභය රු. මිලියන 926 ක් ලෙස වාර්තා වූ අතර එය 37% ක වසරින් වසර වර්ධනයකි.

බැංකුවේ අපහානය ගාස්තුව රු. මිලියන 139 කි. 2019 ජුනි මස 30 වනදායින් අවසන් වූ කාලය සඳහා මුළු අපහායන ගාස්තුව SLFRS 9 (මුල්‍ය සේවා) – ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියට අනුව සකස් කර ඇති අතර ඉන් පෙර කාලය සඳහා ගාස්තු LKAS 39 (මුල්‍ය සේවා) ප්‍රමිතියට අනුව සකස් කෙරිණි.

අනු සමාගම් වලින් හිමි වූ ලාභ කොටස රු. මිලියන 62ක් වූ අතර එය රු. මිලියන 22 ක වසරින් වසර වැඩි වීමකි.

අදාළ කාලය සඳහා බදු පසු ලාභය (PAT) රු. මිලියන 297 ක් වූ අතර එය 18% ක වසරින් වසර වර්ධනයකි. බදු අනුපාත වල සිදු වූ වැඩි වීම බැංකුවේ බදු පසු ලාභයට කැපී පෙනෙන බලපෑමක් ඇති කළේය. අදාළ කාලය සඳහා ඵලදායී බදු අනුපාතය (සියලු බදු) 70% ක් දක්වා වර්ධනය වූ අතර පසුගිය වසරේ එම කාලය තුළ එය 59% ක් ලෙස වාර්තා විය.

බැංකුවේ සමස්ත පරිපූර්ණ ආදායම රු. මිලියන 685ක් වූ අතර එය 490% ක වසරින් වසර වර්ධනයකි. වෙනත් පරිපූර්ණ ආදායම හරහා සාධාරණ අගයෙන් ණය සේවා තක්සේරු කිරීම මගින් ඇති වූ ධනාත්මක බලපෑම ඊට ප්‍රධාන වශයෙන් බලපෑවේය.

ජුනි මස 30 වනදා වන විට බැංකුවේ සමස්ත වත්කම් රු. මිලියන 121,747 ක් විය. යුනියන් බැංකුවේ ණය සහ ලැබීම් වසරේ සිට අද දක්වා රු. මිලියන 74,222 ක් ලෙස සටහන් විය. ශේෂ පත්‍ර දිනය වන විට තැන්පතු පදනම රු. මිලියන 74,609 ක් විය. දූරදර්ශී අවදානම් කළමනාකරණ ක්‍රමවේද සමගින් වත්කම් ප්‍රමිතිය කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කළ බැංකුව වාර්තාකරණ කාලය අවසන් වන විට සිය අක්‍රිය ණය අනුපාතිය 3.9% ක මට්ටමේ පවත්වා ගැනීමට සමත් විය.

සමාලෝචන කාලය තුළ, සමස්ත CASA අගය රු. මිලියන 3,545 ක් වූ අතර එය 23% ක වසරින් වසර වර්ධනයකි. පාරිභෝගික, ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ බැංකුකරණ අංශ මුල් කර ගත් ඉලක්කගත ප්‍රතිග්‍රහණ ක්‍රමෝපාය හරහා ශක්තිමත් CASA ගලනයක් පවත්වා ගැනීමට බැංකුවට හැකි විය.

අඛණ්ඩව සිය ශක්තිමත් ප්‍රාග්ධන ප්‍රමාණාත්මතාව පවත්වා ගත් බැංකුවේ සමස්ත ප්‍රාග්ධන අනුපාතිය ශේෂ පත්‍ර දිනය වන විට 17.23% ක් ලෙස වාර්තා විය.

යුනියන් බැංකුව සහ UB Finance Company Limited සහ National Asset Management Limited යන අනු සමාගම් වලින් සමන්විත සමාගම් සමූහයේ සියලු බදු පෙර ලාභය අදාළ කාලය සඳහා රු. මිලියන 799 ක් ලෙස සටහන් වූ අතර එය 19% ක වසරින් වසර වර්ධනයකි. සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණය වූ රු. මිලියන 130,369 අතරින් 93.4% ක ප්‍රමාණයක් බැංකුවේ වත්කම් නියෝජනය කරයි. ශේෂ පත්‍ර දිනය වන විට සමූහය 15.48% ක ශක්තිමත් හර ප්‍රාග්ධන අනුපාතිකයක් පවත්වා ගැනීමට සමත්ව සිටී.

 

ව්‍යාපාර කාර්යසාධනය සහ ක්‍රමෝපායික සචලකාරක

ප්‍රතිලාභ සහ අක්‍රිය ණය (NPL) කළමනාකරණය කරන අතරම සිය සේවා කළඹ වඩාත් ශක්තිමත් කිරීම කෙරෙහි බැංකුවේ ආයතනික බැංකුකරණ ව්‍යාපාර අංශය අඛණ්ඩව සිය අවධානය යොමු කළේය. අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හමුවේ, ආයතනික බැංකුකරණ අංශය සිය ඉලක්ක යළි සකස් කරමින් සේවා කළඹ වර්ධනය කිරීම සඳහා වෙළඳපොළ සංවර්ධන ක්‍රියාකාරකම් ආරම්භ කළේය. යුනියන් බැංකුවේ නවීනත ම මුදල් හුවමාරු බැංකුකරණ විසඳුම වන Union Bank Biz Direct විසඳුම ද ආයතනික මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ බැංකුකරණ අංශ සඳහා අගය එකතු කරන ලද සහායක විසඳුමක් ලෙස හඳුන්වා දෙන ලද අතර එය බැංකුවේ ජංගම සහ ඉතිරිකිරීමේ ගිණුම් (CASA) වර්ධනයට මනා දායකත්වයක් ලබා දුන්නේය.

යුනියන් බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණ බැංකුකරණ ව්‍යාපාර අංශය තෝරා ගත් ක්‍රමෝපාය කර්මාන්ත කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙරට නැගී එන ව්‍යවසාය සඳහා අඛණ්ඩව සිය සහයෝගය ලබා දුන්නේය. අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හමුවේ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වලට දැඩි බලපෑමක් එල්ල වුව ද බැංකුවේ දූරදර්ශී අවදානම් කළමනාකරණය සහ දැඩි ණය ප්‍රතිපත්ති හේතුවෙන් අක්‍රිය ණය අනුපාතිකය කළමනාකරණය කර ගත හැකි මට්ටමේ පවත්වා ගැනීමට බැංකුවට හැකි විය. එම කාලය තුළ දස වසරක (BML) ණය සේවාවක් (BML) එම අංශය වෙනුවෙන් හඳුන්වා දීමට බැංකුව කටයුතු කළේය. CASA අංශය ශක්තිමත් කිරීම සඳහා බැංකුවේ ප්‍රධාන කලාප තුනක් තුළ ක්‍රමෝපායික කාර්යමණ්ඩල තරග සංවිධාන කෙරිණි. ඒ අතර, CASA වර්ධනයට සහයෝගය ලබා දීම සඳහා මුදල් කළමනාකරණ සේවා වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ සේවාලාභීන් ඇතුළත් කර ගැනීමට ද යුනියන් බැංකුව කටයුතු කළේය.

පාරිභෝගික බැංකුකරණ ව්‍යාපාරය ක්‍රෙඩිට් කාඩ්පත්, උකස් ණය මෙන්ම ඉතිරිකිරීම් සහ ආයෝජන විසඳුම් හරහා අඛණ්ඩව වර්ධනය විය. සමාලෝචන කාලය තුළ නව පාරිභෝගික බැංකුකරණ අංග සහ අගය එකතු කිරීම් රැසක් හඳුන්වා දෙන ලදි. උකස් ණය වට්ටම් සහ කාඩ්පත් ණය මෙලෙස හඳුන්වා දෙන ලද නව පහසුකම් අතර සුවිශේෂී වෙයි. සමාලෝචන කාලය තුළ ශාඛා සහ විකුණුම් කණ්ඩායම් අංශ ලෙස ලාභදායී ප්‍රතිග්‍රහණ සිදු කිරීමට කටයුතු කළේය.

භාණ්ඩාගාරය ද ශක්තිමත් ආදායම් දායකත්වයක් සමගින් දෙවන කාර්තුව තුළදී ද අඛණ්ඩව විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළේය. වෙළඳ මුල්‍යයන ව්‍යාපාර අංශයේ අඩු වීම සහ අවාසිදායක ආර්ථික තත්ත්ව හමුවේ විදේශ විනිමය ආදායම අඛණ්ඩව අභියෝගයට ලක් විය.

2019 මැයි මසදී, යුනියන් බැංකුවේ Union Bank Biz Direct නවීනත ම මුදල් කළමනාකරණ විසඳුම වෙනුවෙන් Global Business Outlook සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටත ම මුදල් කළමනාකරණ බැංකුව’ ලෙස එම බැංකුව සම්මානයට පාත්‍ර විය. ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ සේවාලාභීන් හට මුදල් හුවමාරු බැංකුකරණ විශිෂ්ටත්වය පිරිනැමීම සඳහා මනා දායකත්වයක් ලබා දුන Union Bank Biz Direct විසඳුම හිමිකර ගත් අඛණ්ඩ සාර්ථකත්වය මෙම සම්මානය හරහා යළි තහවුරු විය.

2019 මැයි මසදී, Fitch Sri Lanka ආයතනය යුනියන් බැංකුවේ ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ‘BB+(lka)’ මට්ටමේ සිට ‘BBB-(lka)’ මට්ටම දක්වා ඉහල දැමීමට කටයුතු කළේය. වඩාත් විවිධාංගිකරණය වූ ණය පොත, වර්ධිත ලාභ තත්ත්වය සහ අනෙකුත් ශ්‍රේණිගත කිරීම් නිර්ණායක අතර සාමාන්‍ය මට්ටම ඉක්මවූ ප්‍රාග්ධනායනය හරහා යුනියන් බැංකුව පවත්වා ගත් යහපත් අවදානම් තත්ත්වය මෙමගින් පිළිබිඹු විය.

2019 ජුනි මසදී, යුනියන් බැංකුව කොටස් ප්‍රති මිලදී ගැනීම ප්‍රකාශයට පත් කළේය. එහිදී ඉදිරි වසර කිහිපය තුළදී ද යුනියන් බැංකුවට සිය දිගුකාලීන සහයෝගය ලබාදීම තහවුරු කරමින් එම බැංකුවේ ප්‍රධානත ම කොටස්හිමිකරුවෙකු වන TPG ආයතනය එම ප්‍රති මිලදී ගැනීම පිළි නොගන්නා බවට ප්‍රතිචාර දැක්වීය. තමන් සතු සෑම කොටස් 139 කට ම එක් කොටස බැගින් හිමිවන පරිදි කොටසක් රු. 15 බැගින් සාමාන්‍ය කොටස් 7,851,844 ක උපරිමයකට යටත්ව ප්‍රති මිලදී ගැනීමේ අවස්ථාව කොටස්හිමියන්ට හිමි විය. ප්‍රති මිලදී ගැනීම සහ රු. 117,777,660 ක කොටස් බෙදාහැරීම සඳහා වන අනුමැතිය 2019 ජුනි මස 11 වනදා පැවති අති විශේෂ මහ සභා රැස්වීමේදී හිමි විය. කොටස් නිකුතුව 2019 ජුනි මස 27 වනදා ආරම්භ වී 2019 ජුලි 11 වනදා අවසන් විය. ප්‍රති මිලදී ගැනීම සඳහා ඇතුළත් වීමේ අරමුණින් යුතුව කොටස්හිමියන් සමස්තයක් ලෙස කොටස් 585,485 ක් (නිකුතුවෙන් 7.46%ක්) සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ අතර අමතර කොටස් ලෙස කොටස් 48,004,755 ක් ප්‍රති මිලදී ගැනීම සඳහා අයදුම් කෙරිණි.

2019 වසරේ පළමු අර්ධයේ විශිෂ්ට කාර්යසාධනය පිළිබඳ අදහස් දක්වමින් යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, සාර්ව ආර්ථික අභියෝග රැසක් මධ්‍යයේ වුව ද මෙතෙක් 2019 වසර ධනාත්මකව පවත්වා ගැනීමට හැකි වී ඇති බවය. “අපගේ අභියෝග හමුවේ නොසැලෙන ස්වභාවය මෙන්ම අපගේ ව්‍යාපාර ක්‍රමෝපායික සැලසුමේ සාර්ථකත්වය ද මෙමගින් මනාව පැහැදිලි වනවා. අඛණ්ඩව මෙම වර්ධන වේගය පවත්වා ගනිමින් 2019 වසරේ මීළඟ අර්ධය තුළ තවත් විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කිරීම අපගේ අරමුණයි”

-අවසන්-

යුනියන් බැංකුව 2019 පළමු කාර්තුව තුළ සියලු බදු පෙර ලාභයේ 49%ක දැවැන්ත වර්ධනයක් අත්කර ගනී

යුනියන් බැංකුව 2019 පළමු කාර්තුව තුළ සියලු බදු පෙර ලාභයේ 49%ක දැවැන්ත වර්ධනයක් අත්කර ගනී

බැංකුවේ කාර්යසාධනය

  • මෙහෙයුම් කටයුතුවල රු. මිලියන 362ක් දක්වා 62%ක වසරින් වසර වර්ධනයක්
  • සියලු බදු පෙර ලාභයේ රු. මිලියන 366ක් දක්වා 49%ක වසරින් වසර වර්ධනයක්
  • දළ පොළී ආදායමේ රු. මිලියන 266ක් දක්වා 19%ක වසරින් වසර වර්ධනයක්
  • ගාස්තු සහ කොමිස් මුදල් ආදායමේ රු. මිලියන 266ක් දක්වා 19%ක වර්ධනයක්
  • සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාවයේ අනුපාතය 16.9% කි

සමූහයේ කාර්යසාධනය

  • සියලු බදු පෙර ලාභයේ රු. මිලියන 401ක් දක්වා 31%ක වසරින් වසර වර්ධනයක්
  • දළ පොළී ආදායමේ රු. මිලියන 1,219ක් දක්වා 17%ක වසරින් වසර වර්ධනයක්
  • ගාස්තු සහ කොමිස් ආදායමේ රු. මිලියන 296ක් දක්වා 8%ක වර්ධනයක්

 

හර බැංකුකරණ වර්ධනය සහ ලාභය

පසුගිය වසරේ ජනවාරි මාසයේ පටන් ක්‍රියාත්මක කෙරුණු තුන් අවුරුදු වර්ධන ක්‍රමෝපායික සැලසුමට අනුව හිමිකර ගත් වර්ධනය තවදුරටත් පිළිබිඹු කරමින් යුනියන් බැංකුව 2019 පළමු කාර්තුව තුළ සිය හර බැංකුකරණ මෙහෙයුම් කටයුතුවල කැපීපෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට සමත්විය. ඒ අනුව එම කාලය තුළ මෙහෙයුම් ක්‍රියාකාරකම් මගින් රු. මිලියන 362 ක ලාභයක් උපයා ගැනීමට එම බැංකුව සමත් වූ අතර එය 62%ක වසරින් වසර වර්ධනයකි. පසුගිය කාර්තුව තුළ මෙරට පැවති අභියෝගාත්මක සාර්ව ආර්ථික පසුබිම තුළ මෙම වර්ධනය අත්කර ගැනීමට බැංකුව සමත් වීම ද විශේෂත්වයකි.

වසරේ ක්‍රමෝපායික වර්ධන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා යුනියන් බැංකුව දැක්වූ විශිෂ්ට කාර්යසාධනය පිළිබිඹු කරමින් 2019 මාර්තු මාසයෙන් අවසන් වූ කාර්තුව තුළ යුනියන් බැංකුව රු. මිලියන 366ක දැවැන්ත සියලු බදු පෙර ලාභයක් අත්කර ගැනීමට සමත්වූ අතර එය 49%ක වසරින් වසර වර්ධනයකි.

ව්‍යාපාරික ඒකක තුළ සහ ඒ අතර සේවා පෙළ යළි පෙළගැස්වීම හරහා ආදායම් උපරිම තලයකට ගෙන ඒම සඳහා වූ යුනියන් බැංකුවේ අඛණ්ඩ ඉලක්කය නිසාම එම බැංකුවේ දළ පොළී ආදායම (NII) 19%ක වසරින් වසර වර්ධනයක් හිමිකර ගත්තේය. මාර්තු මස 31 වනදා දක්වා කාල පරාසය තුළ තැන්පතු පිරිවැය ඉහල ගිය ද දළ පොළී ආදායම රු. මිලියන 1,013ක් ලෙස වාර්තා විය.

සමාලෝචන කාල පරාසය තුළ යුනියන් බැංකුවේ ගාස්තු සහ කොමිස් මුදල් ආදායම රු. මිලියන 266ක් ලෙස වාර්තා වූ අතර එය 19%ක වසරින් වසර වර්ධනයකි. 2018 වසරේ දී මුල්වරට හඳුන්වා දෙන ලද යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු විවිධ සේවා ගාස්තු ආදායමට දායකත්වය ලබාදී ඇත. නොවැළැක්විය හැකි වෙළඳපල තත්ත්ව හමුවේ වෙළඳ සහ ප්‍රේෂණ කටයුතුවලට අදාළ ගාස්තු සුළු වසරින් වසර අඩුවක් පෙන්නුම් කළේය.

රාජ්‍ය සුරැකුම්පත්වලින් එම කාලය තුළ හිමිවූ ප්‍රාග්ධන ප්‍රතිලාභවල 23%ක වසරින් වසර වර්ධනයක් පෙන්නුම් කළ අතර එම අගය රු. මිලියන 71කි. එම කාලය තුළ ආයෝජන ඒකක ආදායම රු. මිලියන 70ක් වූ අතර එය 33%ක වසරින් වසර අඩුවීමකි. පසුගිය වසරේ මැද භාගයේදී බදු රෙගුලාසිවල සිදුවූ වෙනස්වීම් හේතුවෙන් ඒකක මත සිදු කෙරුණු ආයෝජන අවමවීම එම සෘණාත්මක වර්ධනයට බලපෑවේය. එමෙන්ම ශ්‍රී ලංකා රුපියල ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වීම නිසා 2019 පළමු කාර්තුව තුළ විදේශ විනිමය ආදායම 71% ක වසරින් වසර අඩුවීමක් පෙන්නුම් කළේය.

සමාලෝචන කාලය තුළ යුනියන් බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම රු. මිලියන 1,368ක් ලෙස වාර්තා වූ අතර එය 8%ක වසරින් වසර වර්ධනයකි. සමස්ත මෙහෙයුම් වියදම් දූරදර්ශී ලෙස කළමනාකරණය කෙරුණු අතර එම කාලය තුළ එහි සිදුවූයේ 2%ක වසරින් වසර වර්ධනයක් පමණි. එම අගය රු. මිලියන 955ක් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙහෙයුම් අන්තය රු. මිලියන 413ක් දක්වා 24%ක වසරින් වසර වර්ධනයක් අත්කර දුන්නේය.

පුද්ගල අපහායනයේ අඩුවීම පිළිබිඹු කරමින් 2019 පළමු කාර්තුව තුළ අපහායන ගාස්තු රු. මිලියන 51ක් ලෙස වාර්තා වූ අතර එය 53%ක වසරින් වසර අඩුවීමකි.

අනු සමාගම්වල ලාභ බෙදාහැරීම රු. මිලියන 4ක් ලෙස වාර්තා වූ අතර පසුගිය වසර සමග සැසඳීමේදී එය රු. මිලියන 19ක වසරින් වසර අඩුවීමකි. එම කාලය තුළ පැවති අහිතකර වෙළඳපල තත්ත්වය බැංකුවේ අනු සමාගම් දෙකට ම බලපෑම ඊට හේතුවයි.

ඵලදායී පොළී අනුපාතවල සිදුවුණු කැපීපෙනෙන වර්ධනය එම කාලය තුළ බදු පසු ලාභය (PAT) සඳහා බලපෑවේය. පසුගිය වසරේ එම කාලය තුළ 52%ක් ලෙස පැවති ඵලදායී බදු අනුපාතය මේ වසරේ එම කාලය තුළ 72%ක් බවට පත්විය. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, ඒකක, ණයකර තුළ සිදු කෙරුණු ආයෝජන මත හිමිවූ ලාභ සඳහා බදු නිදහස් කිරීම් මෙන්ම හඳුන්වා දෙන ලද ණය ආපසු ගෙවීමේ ගාස්තුව (DRL) ද එම ඵලදායී බදු අනුපාතය වැඩිවීමට බලපෑවේය. තවද, ජාතික බදු ණය ඉවත් කිරීම ද ඵලදායී බදු අනුපාතය සඳහා තවදුරටත් බලපෑවේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම කාලය තුළ බදු පසු ලාභය රු. මිලියන 105ක් ලෙස වාර්තා වූ අතර 19%ක වසරින් වසර අඩුවීමක් පෙන්නුම් කරයි.

බැංකුවේ සමස්ත පරිපූර්ණ ආදායම රු. මිලියන 295ක් වූ අතර එය රු. මිලියන 246ක වසරින් වසර වර්ධනයකි. වෙනත් පරිපූර්ණ ආදායම් හරහා සාධාරණ අගයක් යටතේ ණය මෙවලම් තක්සේරු කිරීම එම ධනාත්මක තත්ත්වයට පදනම විය.

මාර්තු මස 31 වනදා වන විට බැංකුවේ සමස්ත වත්කම් රු. මිලියන 124,624ක් ලෙස වාර්තා විය. බැංකුවේ ණය සහ ලැබීම් රු. මිලියන 76,279 ක් වූ අතර එය 3%ක වසරින් දින දක්වා 3%ක වර්ධනයකි. ශේෂ පත්‍ර දිනයවන විට තැන්පතු පදනම රු. මිලියන 77,897ක් ලෙස දැක්විණි. ණය තැන්පතු අනුපාතිකය 99%ක් ලෙස වාර්තා වූ එය පසුගිය වසරේ එම කාලයේදී වාර්තා වූයේ 105%ක් ලෙසය. දූරදර්ශී ආපදා කළමනාකරණ ක්‍රමවේද සමගින් බැංකුව අඛණ්ඩව සිය වත්කම් ප්‍රමිතිය කෙරෙහි අවධානය යොමු කළ අතර වාර්තා කාලය අවසානයේදී බැංකුවේ අක්‍රිය ණය අනුපාතය (NPL) 3.1%ක් ලෙස සටහන් විය.

එමෙන්ම සමාලෝචන කාලය තුළ සමස්ත CASA අගය රු. මිලියන 20,077 ක් දක්වා වර්ධනය වූ අතර එය 22%ක වසරින් වසර වර්ධනයකි. පාරිභෝගික, ආයතනික සහ සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකුකරණ අංශ මගින් සිදු කෙරුණු ඉලක්කගත ප්‍රතිග්‍රහණ ක්‍රමෝපාය හරහා බැංකුව ශක්තිමත් CASA අභ්‍යන්තර ගලනයක් පවත්වා ගැනීමට සමත් විය.

බැංකුව සිය ශක්තිමත් ප්‍රාග්ධන ප්‍රමාණනය ඉදිරියටත් පවත්වා ගැනීමට සමත්වූ අතර ශේෂ පත්‍ර දිනයවන විට සමස්ත ප්‍රාග්ධන අනුපාතිකය 16.9%ක් ලෙස සටහන් විය.

යුනියන් බැංකුව සහ UB Finance Company Limited සහ National Asset Management Limited යන එහි අනු සමාගම් දෙකෙන් සමන්විත සමූහය 2019 පළමු කාර්තුව සඳහා රු. මිලියන 401 ක සියලු බදු පෙර ලාභයක් වාර්තා කළ අතර එය 31%ක වසරින් වසර වර්ධනයකි. රු. මිලියන 134,065ක් ලෙස සටහන් වූ සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණයෙන් 93%ක ප්‍රතිශතයක් බැංකුවේ වත්කම් වේ. ශේෂ පත්‍ර දිනය වන විට සමූහය 16%ක ශක්තිමත් හර ප්‍රාග්ධන අනුපාතයක් පවත්වා ගැනීමට සමත් විය.

 

ව්‍යාපාර කාර්යසාධනය සහ ක්‍රමෝපායික සචලකාරක

සිය තුන් අවුරුදු වර්ධන ක්‍රමෝපායික සැලසුමේ දෙවන වසරේදී ම වර්ධනීය තත්ත්වයක් අත්පත් කර ගනිමින් යුනියන් බැංකුවේ ආයතනික බැංකුකරණ සේවා පෙළ, පළමු කාර්තුව තුළ සැලකිය යුතු මට්ටමේ කාර්යසාධනයක් පෙන්නුම් කළේය. වත්කම් සහ වගකීම්හි සුවිශේෂී වර්ධනය සමගින් ආයතනික ණය 18%කින් ද, ආයතනික බැංකුකරණ අංශයේ තැන්පතු පදනම 45%කින් වසරින් වසර වර්ධනයක් හිමිකර ගැනීමට සමත්විය. ඒ අතර, යුනියන් බැංකුවේ මුදල් කළමනාකරණ යෝජනාවවන Union Bank Biz Direct ද බැංකුවේ සමස්ත CASA වර්ධනයට කැපීපෙනෙන දායකත්වයක් ලබා දුන්නේය.

තෝරාගත් කර්මාන්ත සඳහා මහා පරිමාණ වශයෙන් ණය මුදා හැරීම ඉලක්කර ගනිමින් ක්‍රමෝපායික ණය ලබාදීමේ ප්‍රවේශයක් අනුගමනය කළ යුනියන් බැංකුව 2019 පළමු කාර්තුව තුළදී ද සිය සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකුකරණ සේවා තුළ අඛණ්ඩ වර්ධනයක් අත්කර ගැනීමට සමත්විය. බැංකුවේ වත්කම් වර්ධනය සඳහා මග විවර කරමින් ධනාත්මක ආරම්භයක් ලබාගත් එම අංශය, සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ CASA පදනම ඇතුළුව ශාඛා මට්ටමින් භූගෝලීය වශයෙන් තවත් පුළුල් කිරීම කෙරෙහි බැංකුවේ අවධානය යොමුවී ඇත.

බැංකුවේ පාරිභෝගික බැංකුකරණ අංශය ද තවදුරටත් කැපීපෙනෙන ලෙස ඉහලට ගමන් කළ අතර එම අංශයේ තැන්පතු 4%ක වසරින් වසර වර්ධනයක් ද, CASA පදනම 16%ක වසරින් වසර වර්ධනයක් ද හිමිකර ගත්තේය. යුනියන් බැංකුවේ ගෝල්ඩ් සර්කල් සේවාව හඳුන්වා දීම පළමු කාර්තුව සිදුවූ වැදගත් සිදුවීමකි. ඉදිරිගාමී සහ උත්සාහවන්ත පුරවැසියන්ගේ සිහින බලගැන්වීමේ අරමුණින් යුතුව හඳුන්වා දෙන ලද යුනියන් බැංකු ගෝල්ඩ් සර්කල් වැඩසටහන තරුණ වෘත්තිකයන්ගේ සහ ව්‍යාපාර හිමිකරුවන්ගේ වෙනස්වන අවශ්‍යතාවලට සරිලන පරිදි වඩාත් නම්‍යශීලි සහ පහසු ඉතිරිකිරීමේ සහ ණය ලබාගැනීමේ විකල්ප රැසකින් සමන්විත වේ. එම වැඩසටහන සඳහා ම වෙන්වූ සබඳතා කළමනාකරුවන්ගේ පුද්ගලික සේවය සලසමින් යුනියන් බැංකුවේ ගෝල්ඩ් සර්කල් සේවාව ශීඝ්‍රයෙන් වෙනස්වන වෙළඳපල බැංකුකරණ අවශ්‍යතාවලට ඔබින සේවා පිරිනැමීම සඳහා බැංකුව දක්වන අඛණ්ඩ කැපවීම මැනවින් පිළිබිඹු කරයි.

සමාලෝචන කාලය තුළ බැංකුවේ ඉලක්කගත ක්‍රියාමාර්ග හේතුවෙන් පාරිභෝගික වත්කම් අංශය ද සුවිශේෂී වර්ධනයක් අත්පත් කර ගත්තේය. බැංකුවේ උකස් ණය ප්‍රමාණයේ 196%ක වසරින් වසර වර්ධනය ඊට සාක්ෂ්‍ය සපයයි. 2018 වසරේ ඔක්තෝබර් මාසයේදී ක්‍රෙඩිට් කාඩ්පත් හඳුන්වා දීමෙන් පසුව බැංකුවේ පාරිභෝගික බැංකුකරණ මෙහෙයුම් කටයුතු ක්‍රෙඩිට් කාඩ්පත් පදනම තවත් ශක්තිමත් කිරීමේ විශේෂ අවධානයකින් යොමු කෙරිණි. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉන්ධන සහ සුපිරි වෙළඳසැල් මිලදී ගැනීම් සඳහා මුදල් ආපසු ලබාදීමේ සේවාව, විශේෂ අවුරුදු වට්ටම් සහ දීමනා, පොළී රහිත වාරික ගෙවීමේ ක්‍රමවේද, කාඩ්පත් ණය පහසුකම ඇතුළු අසමසම සේවා සහ සහ දීමනා රැසක් ද, නව පාරිභෝගිකයන් බඳවා ගැනීමටත් දැනට සම්බන්ධ වී සිටින පාරිභෝගිකයන්ගේ වියදම් යහපත් මට්ටමකට ගෙන ඒමටත් නවත ම වැඩසටහන් රැසක් ද හඳුන්වා දීමට යුනියන් බැංකුව කටයුතු කළේය.

අන්තර් බැංකු, ස්ථාවර ආදායම් සහ ආයතනික විකුණුම් යන අංශ විශේෂයෙන් ප්‍රාග්ධන සහ විනිමය ප්‍රතිලාභ සඳහා 2019 පළමු කාර්තුව තුළ අපේක්ෂිත මට්ටම ද ඉක්මවා කැපීපෙනෙන දායකත්වයක් ලබා දුන්නේය.

උපරිම ලෙස පිරිවැය කළමනාකරණය කරන අතරම වෙළඳපල ප්‍රවණතා සඳහා සේවා ගැලපීමට සම්පත් සහ ක්‍රියාවලි ප්‍රතිසංවිධාන කිරීමට බැංකුවේ මානව සම්පත් සහ මෙහෙයුම් ක්‍රියාවලි අඛණ්ඩව දායකත්වය ලබා දුන් අතර ඒ නිසාම පිරිවැයට ආදායම අනුපාතිකය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට ද බැංකුවට හැකිවිය.

පාරිභෝගික සහ සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ අංශවල විශිෂ්ට හැකියා පෑ කාර්යමණ්ඩල සාමාජිකයන් ඇගයුමට ලක් කිරීම සඳහා යුනියන් බැංකුව මාර්තු මස 30 වනදා මරීනෝ බීච් හෝටලයේ දී ‘Race to Win’ තේමාව යටතේ සම්මාන උළෙලක් සංවිධානය කළේය. 2018 වසරේ දී බැංකුවේ හර බැංකුකරණ වර්ධනය සඳහා දැක්වූ කැපීපෙනෙන දායකත්වය සහ කැපවීම වෙනුවෙන් විශිෂ්ටත ම ශාඛාවට සහ කාර්යමණ්ඩල සාමාජිකයන්ට මෙහිදී සම්මාන පිරිනැමිණි.

යුනියන් බැංකුවේ 2018 වාර්ෂික වාර්තාව 2019 පෙබරවාරි මසදී ‘Building Strong Bonds’ තේමාව යටතේ ප්‍රකාශයට පත් කෙරිණි. වසර ගණනක පටන් පාර්ශ්වකරුවන් සමග ඇතිකර ගත් සවිමත් සබඳතා තවදුරටත් ශක්තිමත් කරන අතර ම, නොසැලෙන ප්‍රාග්ධන පදනම, පරිපූර්ණ නිෂ්පාදන පෙළ, බලගැන්වුණු කණ්ඩායම, තාක්ෂණික උපාය සහ සියලු පාර්ශ්වකරුවන් සඳහා තිරසාර වර්ධන අවස්ථා උදාකිරීමට අවශ්‍ය මෙහෙයුම් කාර්යක්ෂමතාව සමගින් ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ම ව්‍යාප්තවන වාණිජ බැංකුව බවට පත්වීම සඳහා බැංකුව දරන කැපවීම එම තේමාව මගින් මනාව පිළිබිඹු විය.

තවද, කොටස්කරුවන්ගේ අනුමැතිය ඇතුළුව අදාළ සියලු නෛතික අනුමැතීන් සහ එකඟතා අනුව කොටසක් රු. 15 බැගින් සාමාන්‍ය කොටස් 7,875,798 ක උපරිමයකට යටත්ව කොටස්කරුවන්ගේ ප්‍රතිමිලදී ගැනීම සඳහා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති බව බැංකුව 2019 මාර්තු මස 27 වන දින නිවේදනය කළේය.

බැංකුවේ පළමු කාර්තුවේ කාර්යසාධනය පිළිබඳ අදහස් පළ කරමින් එම බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, හර බැංකුකරණ මෙහෙයුම් කටයුතුවල කැපීපෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට 2019 පළමු කාර්තුව තුළ යුනියන් බැංකුව සමත්වූ බවය. කෙසේවෙතත් අභියෝගාත්මක සාර්ව ආර්ථික පාරිසරික තත්ත්වය බැංකුවේ ඉදිරි ගමන සඳහා බලපෑමක් ඇති කරනු ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. “හඳුනාගත් ප්‍රධාන ක්‍රමෝපායික ව්‍යාපාර අංශ තුළ ව්‍යාපාරික වර්ධනය සඳහා අප ඉලක්කගත ප්‍රවේශයකින් යුතුව කටයුතු කරනවා. ප්‍රාග්ධන උපයෝජනය උපරිම මට්ටමින් පවත්වා ගනිමින් කොටස්කරුවන්ගේ ප්‍රතිලාභ පුළුල් කිරීම සඳහා ප්‍රතිග්‍රහණය ඇතුළු වර්ධනීය ක්‍රමෝපායික සැලසුම් දියත් කිරීමට ද අප සැලසුම් කර තිබෙනවා”

-අවසන්-

යුනියන් බැංකුව 2018 මුල්‍ය වර්ෂය තුළ 49%ක දැවැන්ත බදු පෙර ලාභයක් හිමිකර ගනී

යුනියන් බැංකුව 2018 මුල්‍ය වර්ෂය තුළ 49%ක දැවැන්ත බදු පෙර ලාභයක් හිමිකර ගනී

බැංකුව

  • දළ පොළී ආදායම රු. මිලියන 3,652ක, 19.9%ක වසරින් වසර වර්ධනයක්
  • දළ ගාස්තු සහ කොමිස් මුදල් ආදායම රු. මිලියන 833ක, 23.7%ක වසරින් වසර වර්ධනයක්
  • සමස්ත මෙහෙයුම් ආදායම රු. මිලියන 5,285ක, 20.8%ක වසරින් වසර වර්ධනයක්
  • සියලු බදු පෙර ලාභය රු. මිලියන 1,248ක, 49.0%ක වසරින් වසර වර්ධනයක්
  • සමස්ත වත්කම් රු. මිලියන 125,920ක, 5.8%ක වර්ධනයක්
  • 4%ක සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතයක් සමගින් ශක්තිමත් ශේෂපත්‍රයක්

සමූහය

  • දළ පොළී ආදායම රු. මිලියන 4,466ක, 20.6%ක වසරින් වසර වර්ධනයක්
  • දළ ගාස්තු සහ කොමිස් මුදල් ආදායම රු. මිලියන 958ක, 15.8%ක වර්ධනයක්
  • සමස්ත මෙහෙයුම් ආදායම රු. මිලියන 6,258ක, 18.9%ක වර්ධනයක්
  • සියලු බදු පෙර ලාභය රු. මිලියන 1,415ක, 38.0%ක වර්ධනයක්
  • සමස්ත වත්කම් රු. මිලියන 135,032ක, 5.8%ක වර්ධනයක්

2018 වසර තුළ යුනියන් බැංකුව ශක්තිමත් ක්‍රමෝපාය සැලසුමට අනුව විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කිරීමට සමත් විය. අභියෝගාත්මක සාර්ව ආර්ථික පරිසරය යටතේ සිය හර බැංකුකරණ මෙහෙයුම් කටයුතුවල මෙම වර්ධනය අත්කර ගැනීමට හැකිවීම විශේෂත්වයකි.

2018 වර්ෂය අවසන්වන විට රු. මිලියන 1,248ක විශිෂ්ට බදු පෙර ලාභයක් අත්කර ගැනීමට යුනියන් බැංකුව සමත් විය. ප්‍රාග්ධන ආදායම් සහ අලුතින් හඳුන්වා දෙන ලද ක්‍රෙඩිට් කාඩ්පත සඳහා සිදු කරන ලද ආයෝජන හේතුවෙන් ඇතිවූ සෘණාත්මක බලපෑම ද අතරතුර බැංකුවේ හර ආදායම් 124%ක වසරින් වසර (YoY) වර්ධනයක් හිමිකර ගැනීමට සමත්වීම ද විශේෂත්වයකි. මෙම ජයග්‍රහණය යුනියන් බැංකුව අත්පත් කර ගත්තේ රජයේ සුරැකුම්පත් මත පනවන ලද කාල්පනික බදු ණය පොළිය ආපසු ලබාගැනීමෙන් ද අනතුරුවය.

කෙසේවෙතත්, නව දේශීය ආදායම් පනතට සමගාමීව බදු රෙගුලාසිවල සිදුවූ කැපීපෙනෙන වෙනස්කම් බදු පසු ලාභයට (PAT) බලපෑවේය. බැංකුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, ණයකර සහ ඒකකභාර තුළ කැපීපෙනෙන ප්‍රමාණයක් රඳවාගෙන සිටි බැවින් මෙම ආයෝජන මෙවලම්වල ලාභය මත පැනවූ බදු ඉවත්කිරීම ඵලදායී බදු අනුපාතිකයට කැපීපෙනෙන ලෙස බලපෑවේය.

තවද පසුගිය වසරේ අවසන් කාර්තුව තුළ හඳුන්වා දෙන ලද ණය ආපසු ගෙවීමේ ගාස්තුව (DRL) ද ඵලදායී බදු අනුපාතිකය මත පැනවී තිබූ සෘණාත්මක බලපෑම තවත් වර්ධනය කළේය.

යුනියන් බැංකුවේ බදු පසු ලාභය රු. මිලියන 473ක් වූ අතර එය 2.6% ක වසරින් වසර වර්ධනයකි. බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. මිලියන 125,920ක් වූ අතර එය 5.8%ක වසරින් වසර වර්ධනයකි.

කෙසේවෙතත් SLFRS 9 මුල්‍ය විගණන ප්‍රමිතිය භාවිත කිරීම ආරම්භ කිරීමෙන් පසුව ද සවිමත් ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතයක් පවත්වාගැනීමට යුනියන් බැංකුව සමත්විය.

මුල්‍ය කාර්යසාධන විශ්ලේෂණය

2018 වසරේදී බැංකුව රු. මිලියන 3,652ක දළ පොළී ආදායමක් හිමිකර ගැනීමට සමත්විය. මෙය රු. මිලියන 606ක, එනම් 19.9%ක කැපීපෙනෙන වර්ධනයකි. 2017 වසරේදී 2.9%ක් වූ දළ පොළී ආන්තික (NIM) පසුගිය වසරේදී 3.0%ක් ලෙස වර්ධනයක් පෙන්නුම් කළේය. ඒකක මත ආයෝජන ප්‍රතිලාභ ද සැලකුවහොත් වත්මන් කාල පරාසයේ දළ පොළී ආන්තික 3.2%ක් වේ. ඒකක තුළ ආයෝජන අරමුදල් පිරිවැය බැංකුවේ පොළී වියදම් යටතේ ගණනය කර ඇත. ඒකක අනුව ආයෝජන ප්‍රතිලාභය රු. මිලියන 246කි. එම අගය ගණනය කෙරුණේ ලාභය හෝ අලාභය හරහා සාධාරණ අගය යටතේ මුල්‍ය මෙවලම් හරහා දළ සාධාරණ අගය/(අලාභ) යටතේ ප්‍රාග්ධන ආදායම් යටතේය. රාජ්‍ය සුරැකුම්පත් මත කාල්පනික බදු ණය ආපසු ගැනීම වත්මන් වසරේ දළ පොළී ආදායම මත කැපීපෙනෙන ලෙස සෘණාත්මක බලපෑවේය.

සිය මෙහෙයුම් ක්‍රමෝපාය සැලසුමට අනුව ප්‍රධාන අංශ භාවිත කරමින් ඒවායේ ගාස්තු සහ කොමිස් මුදල් වැඩිදියුණු කිරීම සඳහා බැංකුව අඛණ්ඩව කටයුතු කළේය. ප්‍රධාන වශයෙන් තැන්පතුවලට අදාළ ගාස්තු, වෙළඳ සහ ප්‍රේෂණ, ණය, කාඩ්පත් සහ වෙනත් ගාස්තුවලින් සමන්විත ගාස්තු සහ කොමිස් මුදල් අංශයේ ආදායම රු. මිලියන 968ක් විය. එය පසුගිය වසරේදී රු. මිලියන 185ක් වූ අතර එම වසර සමග සැසඳීමේදී මෙවර වර්ධනය 23.6%කි.

යුනියන් බැංකුව දළ වෙළඳ සහ වෙනත් ආදායම් ලෙස රු. මිලියන 800ක් හිමිකර ගැනීමට සමත්වී ඇති අතර එය පසුගිය වසර සමග සැසඳීමේදී 21.9% ක වර්ධනයකි. රාජ්‍ය සුරැකුම්පත්, ඒකක ආයෝජන මෙන්ම හුවමාරු ආදායම් ද ඊට අයත් වේ.

වසරේ අග භාගයේදී මෙරට රුපියලේ අගය දුර්වල වුවත්, යුනියන් බැංකුව 73.6%ක කැපීපෙනෙන වසරින් වසර විනිමය හුවමාරු ආදායමක් හිමිකර ගැනීමට සමත් විය. පසුගිය වසර තුළ ආයෝජන අඩු මට්ටමකින් පැවතීම නිසා ඒකක තුළ ආයෝජන ආදායම 23.5%ක වසරින් වසර අඩුවක් පෙන්නුම් කළේය.

බැංකුවේ හර බැංකුකරණ මෙහෙයුම් කටයුතුවල සමස්ත වර්ධනය පිළිබිඹු කරමින්, සියලු බදු පෙර ලාභය මත රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාග්ධන ආදායම ප්‍රතිශතයක් ලෙස 18.9%ක් ලෙස පහත බැසීමක් පෙන්නුම් කළේය. පසුගිය වසරේ එම ප්‍රතිශතය 29.6%ක් විය. එක්වරක් පමණක් හිමිවන ලාභයේ ආදායම මත යැපීමේ කැපීපෙනෙන අඩුවක් එමගින් පෙන්නුම් කෙරේ. රු. මිලියන 236ක් ලෙස වාර්තා වූ සමස්ත ප්‍රාග්ධන ආදායම 4.9%ක සුළු පහත වැටීමක් පෙන්නුම් කළේය.

බැංකුව සතුව සාමාන්‍ය වෙළඳ කොටස් නොතිබූ අතර ශේෂ පත්‍ර දිනයවන විට බැංකුව කිසිඳු කොටස් අරමුදලක ආයෝජන සිදුකර තිබුණේ නැත. සියලු ක්ෂේත්‍රවල හර බැංකුකරණ ක්‍රියාකාරකම් සහ අඛණ්ඩ කාර්යසාධනය තුළ හිමිකර ගත් සමස්ත වර්ධනය නිසා බැංකුවට 20.8% ක වසරින් වසර මෙහෙයුම් ආදායම් වර්ධනයක් හිමිකර ගැනීමට හැකිවූ අතර එය රු. මිලියන 5,285ක් ලෙස වාර්තා විය.

2018 ජනවාරි මස 1 වනදා සිට බැංකුව SLFRS 9 මුල්‍ය විගණන ප්‍රමිතිය භාවිත කළ අතර සාපේක්ෂ අපහායන ගණන් ගණනය කෙරුණේ පසුගිය වසරේදී භාවිත කෙරුණු LKAS 39 ප්‍රමිතිය අනුවය. ගෙවුණු වසරේ අපහායන ගාස්තුව රු. මිලියන 342ක් වූ අතර එය 37.5%ක වර්ධනයකි. ණය සහ අයවීම් සඳහා අපහායනයට අමතරව, විමර්ශනය කෙරෙන වසර තුළ සමස්ත අපහායනයට භාණ්ඩාගාර මුල්‍ය මෙවලම් අපහායනය ද ඇතුළත් වේ.

බැංකුවේ මෙහෙයුම් වියදම් දූරදර්ශී ලෙස කළමනාකරණය කෙරුණු බැවින් එය පෙන්නුම් කළේ රු. මිලියන 3,729ක, එනම් 11.5%ක වැඩිවීමක් පමණි. බැංකුවේ වර්ධනයවන ව්‍යාපාරික අවශ්‍යතාවලට සහයෝගය ලබාදීම වෙනුවෙන් සිදුකෙරුණු ආයෝජන සහ 2018 වසරේ දෙවන කාර්තුවේදී ක්‍රියාත්මක කෙරුණු ක්‍රෙඩිට් කාඩ්පත් හඳුන්වා දීම සඳහා සිදු කෙරුණු ආයෝජන එම කාලය තුළ මෙහෙයුම් පිරිවැය සඳහා ප්‍රධාන වශයෙන් බලපෑවේය. විශිෂ්ට පිරිවැය කළමනාකරණය හේතුවෙන් වසර පුරාම පිරිවැයට ආදායම් අනුපාතය 76% සිට 71%ක් දක්වා යහපත් අතට පත්කර ගත හැකි විය.

මුල්‍ය සේවා සඳහා VAT, NBT, DRL සහ ආයතනික බදු සඳහා බැංකුව රු. මිලියන 776ක් ගෙවා ඇත. මෙය, 105.7%ක දැවැන්ත වසරින් වසර වර්ධනයකි. 2018 වසරේදී ඵලදායී බදු අනුපාතය (සියලු බදු සහ DRL මෙහෙයුම් ආදායමේ ප්‍රතිශතයක් ලෙස) 2017 වසරේදී 45%ක් ලෙස වාර්තා වූ අතර 2018 වසරේදී එය 62%ක් ලෙස වාර්තා විය. පසුගිය වසර පුරාම බදු පිළිබඳ වෙනස්කම් රැසක් සිදුවූ බැවින් එම සම්පූර්ණ වසරේ බදුවල සිදුවූ වෙනස්කම්වල බලපෑම තවමත් ලාභ සහ අලාභ තුළ දක්වා නොමැත. ඒකක, SLDB සහ ආයතනික ණය මෙවලම් සහ අලුතින් හඳුන්වා දෙන ලද ණය ආපසු ගෙවීමේ ගාස්තුව මත ලබාගත් ආයෝජන ප්‍රතිලාභ මත බදු නිදහස් කිරීම් නැවත ලබාගැනීම ඵලදායී බදු අනුපාතයේ වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපෑවේය.

2018 වසරේ බදු පසු ලාභය රු. මිලියන 473ක් වූ අතර 2017 වසරේදී බදු පසු ලාභය රු. මිලියන 461ක් විය.

යුනියන් බැංකුව සහ ඊට අනුබද්ධිත UB Finance Company Limited හා National Asset Management Limited ආයතන දෙකෙන් සමන්විත සමූහය 2018 වසරේදී රු. මිලියන 535ක බදු පසු ලාභයක් අත්කර ගැනීමට සමත් විය. මෙහෙයුම් ක්‍රියාකාරකම්වල 38.0%ක වර්ධනය ද ඊට දායකත්වය ලබාදුන්නේය. සමූහයේ සමස්ත වත්කම් රු. මිලියන 135,032 ලෙස වාර්තා විය.

බැංකුවේ ණය සහ අයවීම් රු. මිලියන 73,749 ක් ලෙස වාර්තා විය. පසුගිය වසර සමග සැසඳීමේදී වැඩිවූ රු. මිලියන 3,171 ක අගය 4.5%ක වර්ධනයකි. පසුගිය වසර පුරා බැංකුවේ ප්‍රධාන ඉලක්කය වූයේ ලාභයට වඩා සේවා පෙළ යළිස්ථානගත කිරීමය. තෝරාගත් අංශවලින් ඉවත්වීම සඳහා දූරදර්ශී ලෙස ගත් තීරණ හේතුවෙන් බැංකුවේ සේවා පෙළෙහි නැවුම් වර්ධනයක් අත්කර ගැනීමට හැකිවිය. බැංකුවේ සමස්ත සේවා පෙළෙහි ප්‍රමිතිය  සඳහා කළමනාකාරිත්වය විසින් විවිධ දූරදර්ශී පියවර රැසක් අනුගමනය කරන ලදි. 2017 වසරේදී 100%ක් ලෙස වාර්තා වූ ණයවලට තැන්පතු අනුපාතය 2018 වසරේදී 93%ක ප්‍රගතියක් පෙන්නුම් කළේය.

වසර අවසානවන විට තැන්පතු පදනම රු. මිලියන 79,251 ක් ලෙස වාර්තා විය. 2017 වසර සාපේක්ෂව වැඩිවූ රු. මිලියන 8,925 ක අගය එම වසරට සාපේක්ෂව 12.7%ක වර්ධනයකි. එම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් දායකත්වය ලබාදුන්නේ පාරිභෝගික බැංකුකරණ අංශයයි. එම වසර තුළ හඳුනා ගත් ප්‍රධාන අංශය යටතේ ක්‍රියාත්මක කෙරුණු ක්‍රමෝපායික සබඳතා කළමනාකරණය වැඩිදියුණු කිරීම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපෑවේය. 2018 වසරේදී රු. මිලියන 2,410ක CASA වර්ධනයක් හිමිකර ගැනීමට බැංකුව සමත්වූ අතර එය 2017 වසර සමග සැසඳීමේදී 14.8%ක වර්ධනයකි.

බැංකුවේ අක්‍රීය ණය අනුපාතිකය 3.7%ක් වූ අතර දළ අක්‍රීය ණය අනුපාතිකය 2.5%ක් විය. තුලනාත්මක කාලය තුළ මුළු සහ දළ අක්‍රීය අනුපාතික පිළිවෙලින් 2.7% සහ 1.8% ක් විය. ණය ඇගයුම, පෙර සූදානම සහ ඉලක්කගත අධීක්ෂණය තුළ බැංකුවේ දූරදර්ශී ආපදා කළමනාකරණය සහ ප්‍රාදේශීයව ක්‍රියාත්මක කෙරෙන ක්‍රමෝපාය වත්කම් ප්‍රමිතිය සහ ඉදිරියේදී ඇතිවිය හැකි ණය අහිමිවීම් ආදිය වළක්වා ගැනීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.

නොසැලී සිටීමේ සහ වර්ධනයේ වසරක්

2018 වසරේ අත්විඳීමට සිදුවූ සාර්ව ආර්ථික සෘණාත්මක බලපෑම් මධ්‍යයේ වුව ද යුනියන් බැංකුව සිය ව්‍යාපාරයේ සියලු අංශ ඔස්සේ සුවිශේෂී වර්ධනයක් අත්කර ගැනීමට සමත්විය. ආයතනික සබඳතා වැඩිදියුණු කිරීම සහ බැංකුව විසින් ආයතන සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා හඳුන්වා දෙන ලද Biz Direct නවීන මුදල් හුවමාරු බැංකුකරණ තාක්ෂණය කෙරෙහි දක්වන ලද පුළුල් අවධානය හේතුවෙන් යුනියන් බැංකුවේ ආයතනික බැංකුකරණ ව්‍යාපාරය ශීඝ්‍ර වර්ධනයකට හිමිකම් කීවේය. ජාතික වශයෙන් වැදගත්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය ඉලක්කකර ගනිමින් ප්‍රාදේශීය වශයෙන් යුනියන් බැංකුව සිය බැංකුකරණ පහසුකම් සහ උපදේශන සේවා ලබාදීමට අඛණ්ඩව කටයුතු කළේය.

බැංකුවේ භාණ්ඩාගාරය ද 2018 වසර තුළ උපරිම මට්ටමින් බැංකුවේ වර්ධනයට දායකත්වය ලබාදුන්නේය.

බැංකුව පාරිභෝගික තැන්පතු සහ CASA ආදායම් පුළුල් කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් බැංකුවේ පාරිභෝගික බැංකුකරණ අංශය තුළ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේය. ගෙවුණු වසරේදී නිවාස කොටස් වෙළඳපල කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුනියන් බැංකුව නිවාස ණය සහ දේපළ ණය තුළ පුළුල් වර්ධනයක් අත්පත් කර ගත්තේය. ක්‍රෙඩිට් කාඩ්පත හඳුන්වා දීම ගතවූ වසරේ සිදුවූ සුවිශේෂී ම පියවර වන අතර ඒ හරහා බැංකුවට නව ආදායම් මාර්ගයක් මෙන්ම පාරිභෝගිකයන්ට පුළුල් සේවා පෙළක් හිමිකර දීමට හැකිවිය.

පාරිභෝගික ජනතාව වෙනුවෙන් හඳුන්වා දෙන ලද ඩිජිටල් බැංකුකරණ ඇතුළු විවිධ සේවා ක්‍රමවේද නිසා පාරිභෝගිකයන්ගේ මුල්‍ය සේවා භාවිතයේ කැපීපෙනෙන වර්ධනයක් දැකගත හැකි විය. 2018 Lanka Pay Technovation සම්මාන උළෙලේදී යුනියන් බැංකුව සිය විශිෂ්ට සේවාව වෙනුවෙන් ‘විශිෂ්ටත ම බාධාවකින් තොර පසුපෙළ මෙහෙයුම්’ සඳහාවන සම්මානයට ද පාත්‍ර විය.

යුනියන් බැංකුවේ විශිෂ්ට කාර්යසාධනය පිළිබඳ අදහස් පළ කරමින් එම බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, 2018 වසරේදී බැංකුකරණ ක්ෂේත්‍රය ආර්ථික සහ දේශපාලනික වශයෙන් අභියෝග රැසකට මුහුණදුන් බවය. “පරිපූර්ණ ක්‍රමෝපායික යළි ස්ථානගත කිරීම හරහා යුනියන් බැංකුව එම අභියෝගවලට නොසැලී මුහුණදුන් අතර හර බැංකුකරණ මෙහෙයුම් කටයුතුවල විශිෂ්ට මුල්‍ය කාර්යසාධනයක් සහ වර්ධනයක් අත්කර ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ම වර්ධනයවන බැංකුවක් ලෙස අපගේ ස්ථානය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් 2021 වසර වන විට මෙරට ජනතාවගේ සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ප්‍රමුඛ තේරීම බවට පත්වීම අපගේ අරමුණයි. අප අත්කර ගත් මෙම ප්‍රවේශය 2019 වසර තුළ ද ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට අප කටයුතු කරන අතර, එහිදී අපගේ තුන් අවුරුදු ක්‍රමෝපායික වර්ධන සැලසුමේ දෙවන වසරේ ක්‍රමෝපාය වර්ධන ඉලක්ක ජයගැනීම සඳහා අප කැපවනවා” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

යුනියන් බැංකුවේ බදු පෙර ලාභය රු. බිලියනය ඉක්මවයි

යුනියන් බැංකුවේ බදු පෙර ලාභය රු. බිලියනය ඉක්මවයි

බාගත කරන්න

2018 වසර සඳහා යුනියන් බැංකුව ආයෝජක සංසදය සත්කාරකත්වය දරයි

2018 වසර සඳහා යුනියන් බැංකුව ආයෝජක සංසදය සත්කාරකත්වය දරයි
  • Director/ CEO of Union Bank Indrajit Wickramasinghe addressing the audience
  • The members at the head table (from L-R) : Mr. Atul Malik – Chairman of Union Bank, Mr. Indrajit Wickramasinghe – Director/CEO and Mr. Malinda Samaratunga – CFO of Union Bank
  • Union Bank conducted an Investor Forum on the Bank’s transformational journey and financial performance for the first half of 2018 at the Hilton Colombo recently with the participation and representation of the investment community of Sri Lanka. Leading stockbrokers, financial analysts, venture capitalists and investment advisors were among the distinguished addressees at the well-attended event.

    The event was preceded by Union Bank Chairman Atul Malik, Union Bank Director Trehan Gaurav, Union Bank Director/Chief Executive Officer, Indrajit Wickramasinghe, Union Bank Chief Financial Officer Malinda Samaratunga and members of the Bank’s leadership team.

    CEO Mr. Indrajit Wickramasinghe sharing his views on the performance of the Bank mentioned that the Bank has embarked on a transformational journey since the landmark investment by TPG Capital in 2014. Mr. Wickramasinghe presented the Bank’s successful journey of growth during the past four years, drawing attention to the post-acquisition achievements that include successful transformation to a fully-fledged commercial bank, sound growth from a well-diversified core banking base, technological value additions, centralised and streamlined operations as well as a honed human capital base.

    Addressing the forum, he cited that strong capitalisation, robust risk management, superior asset quality, and sound corporate governance as the key strengths of the Bank. Mr. Wickramasinghe went on to elaborate on the future growth strategy of the Bank, affirming its commitment to continue along the sustainable growth mode that the Bank has now entered into, with a new three year strategic plan set in motion at the beginning of 2018. He mentioned that focus on consumer and SME banking, profitable growth, channel optimisation, economies of scale, portfolio acquisition and the growth of ROE and ROA will be the key pillars of focus of the Bank’s strategy for the next three years.

    Presenting the financial results of the Bank for the first half of 2018, Mr. Wickramasinghe expressed confidence in the Bank being driven towards enhanced performance during the year 2018, reaching key milestones in business volumes and enhancing returns.

    About Union Bank

    With a solid foundation etched with financial stability and international know-how, Union Bank is amongst the highest capitalised private commercial banks in Sri Lanka, offering a full range of products and services to personal and commercial financial sectors.

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC