0117 818181

යූනියන් බැංකුව, 2025 Satyn කාන්තා හිතකාමී සේවා ස්ථාන සම්මාන උළෙලේදී විශේෂ සම්මානයක් !

යූනියන් බැංකුව, 2025 Satyn කාන්තා හිතකාමී සේවා ස්ථාන සම්මාන උළෙලේදී විශේෂ සම්මානයක් !

ඡායාරූපයේ(වම සිට දකුණට): යූනියන් බැංකුවේ අලෙවිකරණ උප සභාපතිනී තිෂානි දිසානායක, සැටින් හි නිර්මාතෘ සහ කළමනාකාර කර්තෘ නයෝමිනි වීරසූරිය, මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, යූනියන් බැංකුවේ මානව සම්පත් ප්‍රධාන කළමනාකාරිනී දේවනි කෝනාර, යූනියන් බැංකුවේ අලෙවිකරණ කළමනාකාරිනී නිලූෂා වනසිංහ.

යුනියන් බැංකුව දිගුකාලීන සේවා සපුරණ සාමාජිකයන්ට සම්මාන ප්‍රදානය කරයි

යුනියන් බැංකුව දිගුකාලීන සේවා සපුරණ සාමාජිකයන්ට  සම්මාන ප්‍රදානය  කරයි

යුනියන් බැංකුවේ වසර 25 සහ 20ක දිගුකාලීන සේවයේ නියුතු සාමාජිකයින්ට අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් රුද්‍රිගෝ සහ ආයතනික කළමනාකාරීත්වය විසින් උපහාර සම්මාන ප්‍රදානය කරන ලදී.

ශිරාන් පුංචිහේවා, ඉන්දික ඉගලවිතාන, සහ ජනිති පෙරේරා කරුණාසිරි වසර 25ක් ද, ජයනාත් කාරියකරවන, ජානක ඉරෝෂන්, කාර්තිගා ශ්‍රීධරා, නිරෝෂා සෝමරත්න සහ ප්‍රියදර්ශනී කොරයා යන සාමාජිකයින්ට වසර 20ක ආදර්ශවත් සේවයක් සඳහා සම්මාන ප්‍රදානය කරන ලදී.

යුනියන් බැංකුව මෙම සාමාජිකයින්ගේ නොසැලෙන කැපවීම සහ ආයතනයේ වර්ධනයට සහ සාර්ථකත්වයට දක්වන අමිල දායකත්වය අගය කළේය.

ඡායාරූපය: 25 සහ 20 අවුරුදු සම්මානලාභීන් ඩිල්ෂාන් රුද්‍රිගෝ, අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සහ යුනියන් බැංකුවේ ආයතනික කළමනාකාරීත්වය සමඟ.

යුනියන් බැංකුව දිගු කාලීන සේවයේ යෙදී සිටින සේවකයින් අගය කරයි

යුනියන් බැංකුව දිගු කාලීන සේවයේ යෙදී සිටින සේවකයින් අගය කරයි

යුනියන් බැංකුව, මෑතකදී පවත්වන ලද උත්සවයකදී, බැංකුව සහ එහි ප්‍රගතිය සඳහා වසර ගණනාවක් පුරා කැපවූ දිගුකාලීන සේවකයින් පැසසුමට ලක් කළහ. විසි සහ විසිපස් වසරක සේවා කාලය නිමා කිරීම වෙනුවෙන් සේවකයින් දස දෙනෙකුට යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා විසින් තිළිණ ප්‍රදානය කරන ලදී.

මෙම වාර්ෂික උත්සවය පිළිබඳව අදහස් දක්වමින් මානව සම්පත් උප සභාපති ලිලන්ති දෙල්ගොඩ මහත්මිය පැවසුවේ, මෙම සේවකයින් බැංකුවේ වර්ධනය වෙනුවෙන් වසර ගණනාවක් වෙහෙස මහන්සි වී කැපවීමෙන් කටයුතු කර ඇති අතර බැංකුවේ ප්‍රගතියට විශාල රුකුලක් වී ඇත. UB කණ්ඩායමට එක්වන සියලුම නව සාමාජිකයින්ට ආදර්ශයක් ඔවුන් සපයයි. අපගේ දිගුකාලීන සේවා සම්මානලාභීන්ට මගේ අවංක සුබ පැතුම්.

25 වසරක සේවා සම්මාන ප්‍රදානය කරන ලද්දේ මහනුවර ශාඛාවේ සහකාර කළමනාකරු ඉන්දික ගලහිටියා, චන්දිත ලියනගේ – කළමනාකරු අඟුණුකොලපැලැස්ස ශාඛාව,හිරාන් ද සිල්වා කළමනාකරු ප්‍රතිසාධන,සයිලජා නඩරාජා – ජ්‍යෙෂ්ඨ කළමනාකරු භාණ්ඩාගාරය, ක්‍රිස්ටෙලා සිවප්‍රගාසම් Elite මධ්‍යස්ථානයේ ප්‍රධානී,හිරාන් විතානච්චි නිෂ්කාශන මෙහෙයුම් නිලධාරී සහ කාංචනා ද සිල්වා, ජ්‍යෙෂ්ඨ කළමනාකරු වෙළඳ මෙහෙයුම් වෙතය.

20 වසරක සේවා සම්මාන ප්‍රදානය කරන ලද්දේ රංගික ඒකනායක- කළමනාකරු නුගේගොඩ ශාඛාව, සර්මා ශක්තිතරන්- පද්ධති සහ ජාල පරිපාලන ජ්‍යෙෂ්ඨ කළමනාකරු සහ රංගි මධුශංකා ජයතිලක ජ්‍යෙෂ්ඨ තත්ත්ව සහතික ඉංජිනේරු වෙතය.

යුනියන් බැංකුව කාන්තා හිතකාමී සේවා ස්ථානයක් ලෙස ඇගයුම් ලබයි.

යුනියන් බැංකුව කාන්තා හිතකාමී සේවා ස්ථානයක් ලෙස ඇගයුම් ලබයි.

යුනියන් බැංකුව පසුගියදා පැවති 2023 SATYN CIMA කාන්තා හිතකාමී සේවා ස්ථාන සම්මාන උළෙලේදී කාන්තා කළමනාකරණ ජාලයක් ගොඩනැගීමේ අඛණ්ඩ උත්සාහයන් වෙනුවෙන් ඇගයීමට ලක් විය.

මෙම සම්මානය කාන්තාවන් සවිබල ගන්වන සමාන අවස්ථා ලබාදෙන සේවා යෝජකයෙකු ලෙස යුනියන් බැංකුව තව දුරටත් තහවරු කරලදී.

මානව සම්පත් උප සභාපතිනි ලිලන්ති දෙල්ගොඩ මහත්මිය පැවසුවේ,“අපි පුළුල් පරාසයක
ශ්‍රම බලකායක් ගැන විශ්වාස කරන අතර සමානාත්මතාවය ලබා දෙන කාන්තා හිතකාමී සේවා පරිසරයක් ගොඩනැගීම ගැන අපි ආඩම්බර වන අතර ආරක්ෂිත සේවා පරිසරයක් සපයන අතරම වර්ධනය සහ සාර්ථකත්වය සඳහා අවස්ථා සමගින් කාන්තාවන්ට සම්ප්‍රදායික රාමුව බිඳ දමා ඔවුන්ගේ වර්ධනයට අවස්ථාව සලසා දීමට අපි කැපවී සිටිමු. අපේ සේවා පරිසරය සැම කාන්තාවකගේ මතය අගය කරන,සේවා පරිසරයකි. අපගේ ශ්‍රම බලකාය තුළ 45%ක කාන්තා නියෝජනයක් ඇති අතර, ප්‍රධාන කළමනාකරණ තනතුරු කිහිපයක් නියෝජනය කරමින් සියලුම අංශ හරහා කාන්තාවන් මනා නියෝජනයක් දක්වන අතර, එමගින් ශ්‍රම බලකාය දිරිගැන්වීමට සහ මඟ පෙන්වීම සඳහා කාන්තා නායකත්වය අවස්ථාවන් සකසයි”.

පින්තුරය: මානව සම්පත් උප සභාපතිනි ලිලන්ති දෙල්ගොඩ,කුසලතා සංවර්ධන සහ සම්බන්ධීකරණය ප්‍රධාන කළමනාකරු විසල් රූපසිංහ,ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී බඳවා ගැනීම් සහ සම්පත් කළමනාකරණ දෙවනි කෝනාර, කළමණාකාරීනි මානව සේවා සැපයීම
නිසංසලා කළුපහන සහ සහකාර කළමනාකාරිනී කුසලතා සංවර්ධන සහ සම්බන්ධීකරණ දිනිති පෙරේරා

යුනියන් බැංකුවේ සාමාජිකයන් යුනියන් ඇෂුවරන්ස් බැංකු රක්ෂණ සම්මාන උළෙලේදී විශිෂ්ට දස්කම් දක්වයි.

යුනියන් බැංකුවේ සාමාජිකයන් යුනියන් ඇෂුවරන්ස් බැංකු රක්ෂණ සම්මාන උළෙලේදී විශිෂ්ට දස්කම් දක්වයි.

යුනියන් බැංකුවේ සාමාජිකයන් පසුගියදා පැවති යුනියන් ඇෂුවරන්ස් ඩයමොන්ඩ් සම්මාන 2022 ( Diamond Awards ) හිදී ඔවුන්ගේ විශිෂ්ට දස්කම් සඳහා ඇගයීමට ලක් විය. මෙම සම්මාන උත්සවය බැංකු රක්ෂණ (Bancassurance) ක්ෂේත්‍රයේ ගෞරවනීයම සම්මාන උළෙල වන අතර ඉහළම ක්‍රියාකාරීන්ට සම්මාන පිරිනමයි. යුනියන් බැංකු කණ්ඩායමට 2022 වර්ෂයෙද ඒක පුද්ගල සහ කණ්ඩායම් දස්කම් සඳහා ඉහළම සම්මාන කිහිපයක් හිමි විය.

වාර්ෂික නව ව්‍යාපාර වාරික (ANBP) සඳහා වූ ඉහළම ඒක පුද්ගල ජයග්‍රහණය සඳහා වන ප්‍රධාන විධායක නිලධාරී විවේකාගාර සම්මානය (CEO’s Lounge Award) බොරැල්ල ශාඛාවේ ලක්ෂිකා හැඩිගල්ල වෙත පිරිනමන ලද අතර ශාඛා කාර්ය සාධන සම්මාන බොරැල්ල, පිටකොටුව, කුරුණෑගල, ගම්පහ, පිළියන්දල, නාවල, මහරගම සහ අනුරාධපුරය ශාඛාවලට හිමි විය. කලාප අංශයේ ඩයමොන්ඩ් සම්මානය කලාප 1B කලාප ප්‍රධානී චමින්ද ප්‍රනාන්දු විසින් දිනා ගන්නා ලද අතර කලාප 1A, 1B සහ 2 වාර්ෂික නව ව්‍යාපාර වාරික (ANBP) සඳහා ඉහළම දායකයින් තිදෙනා ලෙස පිළිගැනිණි. 2022 වසරේ වාර්ෂික චැම්පියන් සම්මානය (Champion Shield )බොරැල්ල ශාඛාව වෙත පිරිනැමුණේ ඔවුන්ගේ විශිෂ්ට දස්කම් වෙනුවෙන් ය. වාර්ෂික ඉලක්‌ක ඉක්‌මවා ජයග්‍රහණය කළ ශාඛාවන් සහ කාර්යමණ්‌ඩල සාමාජිකයන් රැසක්‌ ද මෙම අවස්‌ථාවේදී ඇගයීමට ලක්‌ විය.

ඡායාරූපය:
යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා සහ යුනියන් බැංකුවේ සම්මානලාභීන් සමඟ යුනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝමස් මහතා.

යුනියන් බැංකුව හොඳම පොදු ATM ජාලය පවත්වාගෙන යන බැංකුවක් ලෙස පැසසුමට ලක් වේ.

යුනියන් බැංකුව හොඳම පොදු ATM ජාලය පවත්වාගෙන යන බැංකුවක් ලෙස පැසසුමට ලක් වේ.

යුනියන් බැංකුව පාරිභෝගික පහසුව ඉහළ නැංවීමේ අඛණ්ඩ උත්සාහයන් වෙනුවෙන් නැවත වරක් ඇගයීමට ලක් වූ අතර, ශ්‍රී ලංකාවේ ගෙවීම් තාක්‍ෂණ නවෝත්පාදනයන් සඳහා ප්‍රමුඛයන් ඇගයීමට ලක් කරන උත්සවයක් වන, පසුගියදා පැවති LankaPay Technnovation සම්මාන උළෙලේදී, 2022 වසර සඳහා හොඳම පොදු ATM ජාලය පවත්වාගෙන යන බැංකුවක් ලෙස කුසලතා සම්මානයක් හිමිකර ගත්තේය. ගනදෙනුකරුවන්ට ATM වෙත පහසු ප්‍රවේශය සලසා දෙමින් යුනියන් බැංකුව දැනට දිවයින පුරා ATM යන්ත්‍ර 108ක් පවත්වාගෙන යයි.

පින්තූරය – වමේ සිට දකුණට, යුනියන් බැංකුවේ සිල්ලර බැංකුකරණය අංශයේ යොහාන් අලහකෝන් සහ මනීෂ ප්‍රනාන්දු, ශ්‍රී ලංකා මුදල් මණ්ඩලයේ ආචාර්ය රනී ජයමහ, යුනියන් බැංකුවේ තොරතුරු තාක්ෂණ අංශයේ ඉන්ද්‍රජිත් හපුආරච්චි සහ LankaPay (පුද්ගලික) සමාගමේ චන්න ද සිල්වා යන නිලධාරි.

යූනියන් බැංකුව ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය වෙනුවෙන් ඇගයීමට ලක්වෙයි

යූනියන් බැංකුව ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය වෙනුවෙන් ඇගයීමට ලක්වෙයි

ඡායාරූපය: යූනියන් බැංකුවේ සහකාර උප සභාපතිනි (නීති අංශය) සඳමාලි මුණසිංහ මහත්මිය, Transparency International Sri Lanka ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා නදීශානි පෙරේරා මහත්මිය වෙතින් අදාළ ඇගයුම් සහතිකය ලබාගත් අවස්ථාව

Transparency International Sri Lanka (TISL) විසින් 2022 වසර සඳහා සිදුකරන ලද ‘Transparency in Corporate Reporting Assessment 2022’ ආයතනික වාර්තාකරණ සමීක්ෂණයට අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගම් 100 අතර විනිවිදභාවය ඉහළ මට්ටමකින් පවත්වාගන්නා සමාගමක් ලෙස ඇගයීමට ලක්වීමට යූනියන් බැංකුව පසුගියදා සමත් විය. මෙහිදී අදාළ නිර්ණායක තුළ ලකුණු 10 න් 8.39 ක් ලබාගනිමින්, සමාගම් හා ආයතන 100 ලයිස්තුවේ 14 වන ස්ථානය හිමිකර ගැනීමට යූනියන් බැංකුවට හැකියාව ලැබිණි. ආයතනික විනිවිදභාවය සම්බන්ධයෙන් පූර්ණ විනිවිදභාවය පවත්වාගන්නා සමාගමක් ලෙස සහ, දූෂණ විරෝධී බව හා දේශීය මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් ඉතා හොඳ මට්ටමකින් විනිවිදභාවය පවත්වාගන්නා සමාගමක් ලෙස යූනියන් බැංකුව මෙහිදී ශ්‍රේණිගත වී තිබේ.

දූෂණ විරෝධී වැඩසටහන්, ආයතනික විනිවිදභාවය, දේශීය මූල්‍ය වාර්තාකරණය, රටවල් අතර වාර්තාකරණය, ස්ත්‍රී පුරුෂ භාවය හා පුද්ගල කාණ්ඩ අනුව වෙනස්කම් කිරීමෙන් වැළකීම සම්බන්ධ ප්‍රතිපත්ති සහ රජයේ කොන්ත්‍රාත්/ටෙන්ඩර් වලට අදාළ ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ වාර්තා කිරීම යනාදිය සම්බන්ධ TISL මාර්ගෝපදේශයන් අනුව, ආයතනික වාර්තාකරණ ක්‍රියාවලියේ සිදුකරන ලද වැඩිදියුණු කිරීම් සැලකිල්ලට ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම් සිදුකර ඇත.

Transparency in Corporate Reporting Assessment 2022 යනු ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම අතර ප්‍රමුඛතම සමාගම් 100 විසින් අනුගමනය කරනු ලබන ආයතනික වාර්තාකරණ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් Transparency International Sri Lanka (TISL) විසින් සිදුකරන ලද ස්වාධීන තක්සේරුවකි. Transparency International ආයතනය භාවිතා කරන, TRAC නම් සම්මත විධික්‍රමය භාවිතා කරමින් මෙම තක්සේරුවට අදාළ පර්යේෂණය සිදුකර තිබේ.

යූනියන් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවය දිනූ සමාගම් අතරට එක්වෙයි

යූනියන් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවය දිනූ සමාගම් අතරට එක්වෙයි

යූනියන් බැංකුව 2022 වසරේ මෙරට වඩාත්ම ගෞරවය දිනූ සමාගම් හා ආයතන අතරට එක් වී සිටී. LMD සඟරාව විසින් ප්‍රකාශයට පත්කරන ලද, ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවය දිනූ සමාගම් හා ආයතන ලැයිස්තුවට (‘Most Respected Entities in Sri Lanka’) අනුව යූනියන් බැංකුව වෙත මෙම ගෞරවය හිමි වී තිබේ. LMD සඟරාවේ සංකල්පයක් අනුව Nielsen IQ මගින් පවත්වනු ලබන සමීක්ෂණයක ප්‍රතිඵල පදනම් කරගෙන මෙම ශ්‍රේණිගත කිරීම් වාර්ෂිකව ප්‍රකාශයට පත්කෙරේ. මෙවර සමීක්ෂණයට 800 කට අධික පිරිසක් දායක වූ අතර, සමාගමක/ආයතනයක මූල්‍ය ක්‍රියාකාරීත්වය, ප්‍රමිතිය, කළමනාකරණය, අවංකභාවය, නවෝත්පාදනය, විවිධත්වය, ආයතනික සංකෘතිය, ප්‍රජා සත්කාර, දැක්ම සහ රටේ යහපත පිළිබඳව දක්වන උනන්දුව යනාදී සාධක අනුව අවසන් ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත්කරන ලදි.

“යූනියන් බැංකුව 2022 වසරේ මෙරට වඩාත්ම ගෞරවය දිනූ සමාගම් හා ආයතන අතරට එක්වීම මට මහත් සතුටක් හා ගෞරවයක්. දුෂ්කර සාර්ව ආර්ථික තත්ත්වයන් හමුවේ පවා අපගේ ගනුදෙනුකරුවන් හා අනෙකුත් පාර්ශ්වකරුවන් වෙනුවෙන් උපරිම වටිනාකම් තිළිණ කිරීමට අප සමත් වී ඇති බව මෙමගින් මනාව පැහැදිලි වනවා. යූනියන් බැංකුව යනු ආයතනික සාරධර්ම හා වටිනාකම් වලට අනුකූලව වසර 25 කට අධික කාලයක් තිස්සේ රටට සේවය සැලසූ බැංකුවක්. මෙය අප මෙතෙක් ලැබූ ජයග්‍රහණ අතර තවත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකියි.” යූනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා පැවසී ය.

යූනියන් බැංකුව යනු ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම ප්‍රාග්ධනීකරණය වූ බැංකු අතරින් එකකි. වසර 25 කට වැඩි ඉතිහාසයක් සහිත එයට ගෝලීය ආයෝජන සමාගමක් වන TPG හි පිටුබලයද හිමි වී තිබේ. ශක්තිමත් පදනම, මූල්‍ය ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර තලයේ විශේෂඥ දැනුම සමගින් යූනියන් බැංකුව මෙරට සාමාන්‍ය ගනුදෙනුකරුවන්ට මෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළුව සමාගම් හා ආයතන වලටද බැංකු සේවාවන් පිරිනමයි. යූනියන් බැංකුව හා එහි සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු, පැය 24 පුරා ක්‍රියාත්මක 0115 800 800 ක්ෂණික ඇමතුම් අංකයෙන් සහ www.unionb.com වෙබ් අඩවියෙන් ලබාගත හැකි වේ.

යූනියන් බැංකුව 2022 යූනියන් ඇෂුවරන්ස් බැංකු රක්ෂණ සම්මාන උළෙලේදී ඇගයීම් රැසකින් පිදුම් ලබයි

යූනියන් බැංකුව 2022 යූනියන් ඇෂුවරන්ස් බැංකු රක්ෂණ සම්මාන උළෙලේදී  ඇගයීම් රැසකින් පිදුම් ලබයි

යූනියන් බැංකු කණ්ඩායම පසුගියදා පැවති යූනියන් ඇෂුවරන්ස් බැංකු රක්ෂණ සම්මාන උළෙලේදී (Union Assurance CEO’s Lounge Awards 2022) සම්මාන රැසකින් පිදුම් ලැබීමට සමත් විය. මෙරට බැංකු රක්ෂණ සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සම්මාන උළෙලක් වන මෙම වාර්ෂික සම්මාන උළෙලේදී ක්ෂේත්‍රයේ විශිෂ්ටතම දක්ෂතා ඇගයීමට ලක්වේ.

2021 වසරේදී තනි පුද්ගල සහ කණ්ඩායම් මට්ටමින් පෙන්නුම් කරන ලද විශිෂ්ටත්වයන් වෙනුවෙන් යූනියන් බැංකු කණ්ඩායමට මෙම සම්මාන හිමි විය. මේ අතරින් 6 වන කාණ්ඩය යටතේ ඉහළම සම්මානය දිනාගන්නේ ලද්දේ, ගම්පහ ශාඛාවේ දිලුක්ශාන් ලක්ෂිත ජයකොඩි විසිනි. 1B කලාපයේ චමින්ද ප්‍රනාන්දු කලාපීය ප්‍රධානී කාණ්ඩයේ ජයග්‍රාහකයා වූ අතර, 2021 වසර සඳහා සමස්ත බැංකු රක්ෂණ ශූරතා පළිහ ගම්පහ ශාඛාවට හිමි විය. තම වාර්ෂික ඉලක්ක අභිභවා යාමට සමත් වූ තවත් ශාඛා කිහිපයකට කුසලතා සහතික පිරිනැමිණි.

යූනියන් බැංකුව සහ යූනියන් ඇෂුවරන්ස් සමාගම අතර බැංකු රක්ෂණ සේවා හවුල්කාරීත්වය 2015 වසරේදී ආරම්භ වූ අතර, 2018 වසර දක්වා දෙපාර්ශ්වයේ එකම බැංකු රක්ෂණ හවුල්කාරීත්වය එය විය. මේ හරහා මෙරට ජනතාවට විශිෂ්ටතම මූල්‍ය විසඳුම් සමගින්, ඉහළම තලයේ රක්ෂණ විසඳුම් රැසක් පිරිනමන ලදි.

“යූනියන් බැංකුව වෙත මෙම ජයග්‍රහණයන් හිමි වීම මට මහත් සතුටක්. ඒ වෙනුවෙන් ජයග්‍රාහකයන් සියලුම දෙනාට සුභ ප්‍රර්ථනා කිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. මේ සියලුම දෙනාගේ කැපවීම නිසා මේ ආකාරයේ විශිෂ්ට ක්‍රියාකාරීත්වයක් වාර්තා කරගනිමින් ගනුදෙනුකරුවන්ට ඉහළම තලයේ සේවාවක් ලබාදීමට අපට හැකියාව ලැබුණා. ඉදිරියේදී අපගේ සේවාවන් තවදුරටත් පුළුල් කරමින්, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන සුව්ශේෂී විසඳුම් පෙළක් තිළිණ කිරීමට අප බලාපොරොත්තු වෙනවා.” යූනියන් බැංකුවේ උප සභාපති (පාරිභෝගික වගකීම් සහ විකල්ප නාලිකා) මනීෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවා ය.

යූනියන් බැංකුව යනු ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම ප්‍රාග්ධනීකරණය වූ බැංකු අතරින් එකකි. වසර 25 කට වැඩි ඉතිහාසයක් සහිත එයට ගෝලීය ආයෝජන සමාගමක් වන TPG හි පිටුබලයද හිමි වී තිබේ. ශක්තිමත් පදනම, මූල්‍ය ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර තලයේ විශේෂඥ දැනුම සමගින් යූනියන් බැංකුව මෙරට සාමාන්‍ය ගනුදෙනුකරුවන්ට මෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළුව සමාගම් හා ආයතන වලටද බැංකු සේවාවන් පිරිනමයි. යූනියන් බැංකුව හා එහි සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු, පැය 24 පුරා ක්‍රියාත්මක 0115 800 800 ක්ෂණික ඇමතුම් අංකයෙන් සහ www.unionb.com වෙබ් අඩවියෙන් ලබාගත හැකි වේ.

යූනියන් බැංකුවට Daraz වෙතින් ‘Most Campaign Partnerships’ සම්මානය

යූනියන් බැංකුවට Daraz වෙතින් ‘Most Campaign Partnerships’ සම්මානය

යූනියන් බැංකුව පසුගියදා පැවති ‘Daraz Payment Partner Performance’ සම්මාන උළෙලේදී ‘Most Campaign Partnerships’ සම්මානය හිමිකර ගැනීමට සමත් විය. පෙර වසරේදීද මෙම සම්මාන උළෙලේදී සම්මානයක් හිමිකර ගැනීමට යූනියන් බැංකුවට හැකියාව ලැබුණු අතර, මෙවර සම්මාන උළෙල 2022 ජූලි 28 දින කොළඹ Uga Residencies හෝටලයේදී පැවැත්විණි.

විද්‍යුත් වාණිජ සේවා වෙබ් අඩවි වලින් භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමේදී ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය දිරිගැන්වීම සහ, 2021-2022 කාලසීමාව තුළ Daraz තුළ වැඩිම ප්‍රවර්ධන වැඩසටහන් සංඛ්‍යාවක් දියත් කිරීම වෙනුවෙන් යූනියන් බැංකුවට මෙම සම්මානය හිමි විය. Daraz හි වර්ධනය වෙනුවෙන් එහි හවුල්කරුවන් දක්වන දායකත්වය ඇගයීම සඳහා මෙම සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කෙරේ.

Daraz සමග හවුල්කාරීත්වය ඇතිකරගත් අවස්ථාවේ පටන්ම යූනියන් බැංකුව අඛණ්ඩව නිර්මාණශීලී ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාවට නංවා තිබේ. මේ යටතේ සතිපතා වට්ටම්, උපයෝගීතා බිල්පත් සඳහා විශේෂ දීමනා සහ පහසු ගෙවීමේ ක්‍රම යනාදියට අමතරව 11.11, Black Friday, අවුරුදු සහ නත්තල් දීමනා වැනි වට්ටම් සහ දීමනා රාශියක් පිරිනැමීමට යූනියන් බැංකුව කටයුතු කළේ ය.

Daraz යනු ජාත්‍යන්තර Alibaba Group හි පිටුබලය සහිත, දකුණු ආසියාවේ ප්‍රමුඛතම විද්‍යුත්-වාණිජ වෙබ් අඩවියකි. මෙරට ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් දහස් ගණනක් එකිනෙකා සමග සම්බන්ධ කරන Daraz මේ වනවිට ශ්‍රී ලංකාවේ විශාලතම විද්‍යුත් වාණිජ සේවා වෙබ් අඩවිය බවට පත් වී සිටී.

Gold, Platinum සහ Signature වශයෙන් යුනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් ලබා ගත හැකි අතර, ඒවා අදාළ නිර්ණායක අනුව බැංකුවේ දීපව්‍යාප්ත ශාඛා ජාලය වෙතින් ලබාගත හැකි වේ. යූනියන් බැංකුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ හෝ 011 5800 5800 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ඉල්ලීමක් ඉදිරිපත් කිරීම මගින් කෙනෙකුට යූනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පතක් සඳහා අයදුම් කළ හැකි අතර, බැංකුවේ නියෝජිතයෙකු ඒ සඳහා අදාළ ගනුදෙනුකරුට සහය වනු ඇත. යූනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු සියලුම සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු එහි නිල වෙබ් අඩවිය වන www.unionb.com හි දක්වා තිබේ.

විදෙස් මුදල් හුවමාරු සඳහා යුනියන් බැංකුවෙන් සහ වෙස්ටර්න් යුනියන් වෙතින් තෑගි

විදෙස් මුදල් හුවමාරු සඳහා යුනියන් බැංකුවෙන් සහ වෙස්ටර්න් යුනියන් වෙතින් තෑගි

යුනියන් බැංකු ශාඛාවලදී වෙස්ටර්න් යුනියන් මනී ට්‍රාන්ස්ෆර් සේවාවෙන් මුදල් ලබා ගන්නා පාරිභෝගිකයන් හට විශේෂිත ත්‍යාග හිමිකර ගැනීමේ අවස්ථාව උදා වී ඇත.

මෙම වැඩසටහන යටතේ 25,000 ක් හෝ ඊට වැඩි රුපියල් අගයකින් යුතු මුදල් හුවමාරුවක් සඳහා පෑනක් හිමිකර ගැනීමට පාරිභෝගිකයන්ට හැකිය. රු. 25,000 ක් හෝ ඊට වැඩි මුදල් හුවමාරු තුනක් සිදු කිරීමෙන් හුරුබුහුටි මග් එකක් ද, එවැනි මුදල් හුවමාරු පහක් සිදු කිරීමෙන් වටිනා ගමන් බෑගයක් ද හිමිකර ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට උදා වී ඇත. මෙම දීමනාව 2021 මාර්තු මස 15 වනදා සිට තොග අවසන්වන තුරු පිරිනැමේ.

හුවමාරු කරනා සෑම ඇමරිකානු ඩොලරයක් සඳහා ම රුපියල් දෙකක් අමතරව ලබා දීමේ විශේෂ ප්‍රේෂණ දීමනාවට අමතරව ඉහත ත්‍යාග පිරිනැමීම ද විශේෂත්වයකි.

පාරිභෝගිකයන් හට වඩාත් පහසු සේවාවක් පිරිනැමීම සඳහා වෙස්ටර්න් යුනියන් මනී ට්‍රාන්ස්ෆර් සේවාව දිවයින පුරා පිහිටි යුනියන් බැංකු ශාඛා 67 මගින් ලබා ගැනීමට පහසුකම් සලසා ඇත. ඒ අනුව 200 කට අධික රටවල් සහ ප්‍රාන්තවල ජීවත්වන සහ සේවය කරන සිය ආදරණීයයන් යොමු කරන මුදල් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පදිංචි ශ්‍රී ලාංකිකයන් හට කඩිනමින් සහ ආරක්ෂිතව ලබා ගත හැකිය.

“විදෙස් මුදල් ප්‍රේෂණ යනු දළ දේශීය නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලබා දෙන අංශයක්වන අතර මෙරට පවුල් රැසකගේ වැදගත් ආදායම් මාර්ගයක් ද වේ. වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට ගලා ආ ප්‍රේෂණවලට බලපෑමක් සිදු වූ අතර, වෙස්ටර්න් යුනියන් සමාගම සමග අත්වැල් බැඳ ගනිමින් මෙම ත්‍යාග පිරිනැමීමේ වැඩසටහන දියත් කරමින් අභියෝගාත්මක වාතාවරණය හමුවේ ආමුඛ ප්‍රේෂණ වර්ධනය කිරීම සඳහා ජාතික මට්ටමින් දරන ප්‍රයත්නයට දායකත්වය ලබා දීමට අප තීරණය කළා. තම ආදරණීයයන් දහසක් බාධක මධ්‍යයේ උපයා මෙරටට යොමු කරන මුදල් ආරක්ෂිතව සහ විශ්වාසයෙන් යුතුව ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන් හට උදා කරමින් වෙස්ටර්න් යුනියන් සමාගම සමග අත්වැල් බැඳ ගැනීමට හැකි වීම පිළිබඳ අප සතුටු වනවා,” යනුවෙන් යුනියන් බැංකුවේ බැංකු රක්ෂණ සහ ප්‍රේෂණ අංශයේ ප්‍රධාන කළමනාකාර ගිහාන් සමරසිංහ මහතා සඳහන් කළේය.

වෙස්ටර්න් යුනියන් පිළිබඳ

වෙස්ටර්න් යුනියන් (NYSE: WU) යනු විදේශ මුදල් හුවමාරු සහ ගෙවීම් ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛ සමාගමකි. ඩිජිටල් ලෝකයත්, භෞතික ලෝකයත් සම්බන්ධ කරමින් එම සමාගම කඩිනමින්, පහසුවෙන් සහ විශ්වාසයෙන් යුතුව මුදල් යොමු කිරීමේ සහ මුදල් ලබාගැනීමේ හැකියාව ගනුදෙනුකරුවන්ට සහ ව්‍යාපාරවලට හිමිකර දී ඇත. සිය ගෝලීය ව්‍යාප්තිය සමඟින් වෙස්ටර්න් යුනියන් සමාගම මුල්‍ය අන්තර්කරණය සහ ආර්ථික වර්ධනය සඳහා සහයෝගය ලබාදීම සඳහා පවුල්, හිතවතුන් සහ ව්‍යාපාර සම්බන්ධ කරමින් වඩාත් යහපත් මුදල් සංසරණයක් සිදු කරයි. වැඩිදුර විස්තර සඳහා westernunion.com වෙත පිවිසෙන්න.

යුනියන් බැංකුව පිළිබඳ

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ම වර්ධනයවන වාණිජ බැංකුවක් වන යුනියන් බැංකුව ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි ගෝලීය ආයෝජන ආයතනයක්වන TPG ආයතනයේ සවිබලයෙන් ද යුතු වෙයි. මුල්‍ය ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර සබඳතා මත ගොඩනැගුනු සවිමත් පදනමකින් යුතු යුනියන් බැංකුව පාරිභෝගික, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ ආයතනික යන පාරිභෝගික කාණ්ඩවලට පුළුල් පරාසයක විහිදුනු සේවා රැසක් පිරිනමමින් මෙරට ඉහළ ම ප්‍රාග්ධනයකින් යුතු පුද්ගලික වාණිජ බැංකුවක් බවට පත්ව තිබේ.

යුනියන් බැංකුව Asian Banker Transaction Finance සම්මාන උළෙලේදී මෙරට විශිෂ්ටතම මුදල් කළමනාකරණ බැංකුව ලෙස සම්මානයට පාත්‍ර වෙයි.

යුනියන් බැංකුව Asian Banker Transaction Finance සම්මාන උළෙලේදී මෙරට විශිෂ්ටතම මුදල් කළමනාකරණ බැංකුව ලෙස සම්මානයට පාත්‍ර වෙයි.

යුනියන් බැංකුව සිය නවීනත ම මුදල් කළමනාකරණ විසඳුමවන Biz Direct පහසුකමෙහි සාර්ථකත්වය යළිත් තහවුරු කරමින් Asian Banker Transaction Finance 2020 සම්මාන උළෙලේදී මෙරට විශිෂ්ටත ම මුදල් කළමනාකරණ බැංකුව ලෙස සම්මානයට පාත්‍ර විය.

Asian Banker Transaction Finance යනු ආසියා පැසිෆික්, මැදපෙරදිග සහ අප්‍රිකානු කලාපවල දේශීය සහ ජාත්‍යන්තර මුල්‍ය ආයතනවල මුදල් කළමනාකරණ, වෙළෙඳ මුල්‍යයන, සැපයුම් දාම මුල්‍යයන සහ ගෙවීම් ක්ෂේත්‍රවල ප්‍රමුඛයින් ඇගයුමට ලක් කරන වඩාත් දැඩි ක්‍රියාවලියකින් යුතු, කීර්තිමත් ම සහ විනිවිදභාවයෙන් යුතු වාර්ෂික සම්මාන වැඩසටහනයි.

මෙම සම්මානය හිමිවීම පිළිබඳ යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා සිය අදහස් පළ කළේය. “යුනියන් බැංකුව මෙරට මුදල් කළමනාකරණ සහ ගෙවීම් ක්ෂේත්‍රයේ අත්කරගෙන සිටින ශක්තිමත් ප්‍රගතිය මෙම සම්මානය මගින් යළිත් වරක් තහවුරු වනවා. 2016 වසරේදී හඳුන්වාදෙන ලද යුනියන් බැංකු Biz Direct පහසුකම, දේශීය වාණිජ බැංකුවක් විසින් හඳුන්වා දෙන ලද එවැනි වර්ගයේ ප්‍රථම මුදල් කළමනාකරණ පහසුකමයි. එතැන් සිට එම පහසුකම මහා පරිමාණ ආයතන සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවලට සිය ද්‍රවශීලතාව වඩාත් දූරදර්ශී ලෙස කළමනාකරණය කර ගැනීමේ පහසුව සලසා දෙන කාර්යක්ෂම, පහසු සහ ඵලදායී මුදල් කළමනාකරණ මෙවලමක් ලෙස සිය නාමය ස්ථාපිත කරගෙන තිබෙනවා. නව සාමාන්‍යය තුළ මෙම තාක්ෂණය වඩාත් ඵලදායීවනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුව අප මුදල් කළමනාකරණය ස්වයංක්‍රියකරණය කිරීම සඳහා අප යන ගමනේදී මෙම විසඳුම හිමිකර ගෙන සිටින සාර්ථකත්වය මත පදනම්ව අඛණ්ඩව නවෝත්පාදන සිදු කිරීමට අපේක්ෂා කරනවා.”

යුනියන් බැංකුවේ මුදල් හුවමාරු සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ උප සභාපති අසංක රන්හොට්ටි මහතා ද මෙම ජයග්‍රහණය පිළිබඳ සිය අදහස් පළ කළේය. “මෙම කීර්තිමත් සන්නාම උළෙල හරහා මෙරට විශිෂ්ටත ම මුදල් කළමනාකරණ බැංකුව ලෙස සම්මානයට පාත්‍ර වීමට හැකි වීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. Asian Banker විශිෂ්ටත ම මුදල් කළමනාකරණ සම්මානය මගින්, යුනියන් බැංකුවේ BizDirect පහසුකම සතු වෙළෙඳපොල හිමිකාරිත්වය, ආදායම මෙන්ම වෙළෙඳපොලේ අනෙකුත් තරගකාරී සේවා සමග සැසඳීමේදී එම පහසුකම සතු මෙහෙයුම් විශිෂ්ටත්වය ද ඇගයුමට ලක් කර තිබෙනවා. යුනියන් බැංකුවේ පරිවර්තනීය මුදල් කළමනාකරණ පද්ධතියවන BizDirect හරහා විශාල වශයෙන් මුදල් මත පදනම් වූ ගනුදෙනු කළමනාකරණ වටපිටාව වෙනස් කිරීම අපගේ අරමුණයි. ස්වයංක්‍රියකරණය සහ අවශ්‍යතාවයට සරිලන සේවාව ලබා දෙමින් මුදල් ගලනය මත පදනම්ව තම ව්‍යාපාරයේ ද්‍රවශීලතාවයේ පූර්ණ පාලනය හිමිකර දීමට අප කටයුතු කරනවා. ස්වයංක්‍රියකරණය සහ දුරස්ථ මුදල් කළමනාකරණ හැකියාව හරහා BizDirect පහසුකම, මාස ගණනක් පුරා රට වසා දමා තිබූ තත්ත්වය හමුවේ කලට-වෙලාවට මුදල් එකතු කිරීම් සහ ගෙවීම් විසඳුම් ලබා දෙමින් තම අගය විවිධ අයුරින් පෙන්නුම් කිරීමට සමත් වුනා. ශීඝ්‍රයෙන් වෙන්වන ව්‍යාපාරික අවශ්‍යතාවලට සරිලන පරිදි ආයතන සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවල ද්‍රවශීලතා කළමනාකරණ හැකියාව පරිණාමනය කිරීම සඳහා මෙම සේවාව තවදුරටත් පුළුල් කිරීමට අප බලාපොරොත්තු වනවා.”

ස්වයංක්‍රිය BizDirect මුදල් කළමනාකරණ පද්ධතිය, පරිපූර්ණ කාරක මුදල් එකතු කිරීමේ, ගෙවීමේ, ද්‍රවශීලතා කළමනාකරණයේ, වාර්තාකරණයේ සහ සංසන්දනය කිරීමේ චක්‍රය ආවරණය කරයි. සෑම පියවරකදී ම තත්කාලීන දත්ත ලබා ගැනීමේ හැකියාව පවතින බැවින් සිය අරමුදල් ශේෂය සඳහා ආයෝජන අවස්ථාවලින් උපරිම ඵල නෙලා ගැනීමටත්, මුදල් නිසි වේලාවට එකතු කර ගැනීමටත් පාරිභෝගිකයාට හැකි වේ. මෙම සේවාවේ ස්වයංක්‍රියකරණය, අන්තර්ජාල ලියකියවිලි සැකසීම සහ තත්කාලීන ලෙස දත්ත වාර්තාකරණය නිසා මුදල් වංචා අවම කර ගැනීමට ද හැකියාව ලැබේ. අමතර ආරක්ෂාවක් සඳහා බයෝමෙට්‍රික් අනන්‍යතා තහවුරුව ඇතුළු නවිතනත ම ආරක්ෂණ වැඩිදියුණු කිරීම්වලින් මෙම පද්ධතිය සමන්විත වේ.

වෙබ් අඩවි මත පදනම් වූ පද්ධතියක්වන මෙය host-to-host (H2H) පදනම මත දැනට පවත්නා ගිණුම්කරණ පදනම් ඒකාබද්ධ කරයි. මෙම පහසුකම ලබා ගැනීම සඳහා කිසිඳු දෘඩාංගයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවීම සහ පහසුකම ස්ථාපිත කිරීම සඳහා දීර්ඝ ක්‍රියාවලියක් අනුගමනය කිරීමට අවශ්‍ය නොවීම නිසාම එම පහසුකමට ඉතා පහසුවෙන් හුරු විය හැකිය. මෙම මුදල් කළමනාකරණ පද්ධතිය පිළිබඳ දැනුම බෙදාදීම සඳහා කැපවී සිටින යුනියන් බැංකු කණ්ඩායම මීට අදාළ පුහුණුව සහ සහයෝගය ලබා දීමට සූදානමින් සිටී. ජාත්‍යන්තර මට්ටමේ මුදල් කළමනාකරණ විසඳුම් සමග සැසඳීමේදී BizDirect යනු දැරිය හැකි මිලකට පුළුල් පරාසයක විහිදුනු ක්‍රියාවලියකින් යුතු පහසුකමකි.

සුළු හා මධ්‍ය පරිමාණ අංශයට මෙන්ම මහා පරිමාණ ආයතන සඳහා ද ලබාගත හැකි යුනියන් බැංකුවේ BizDirect පහසුකම, ඕනෑම ප්‍රමාණයක ව්‍යාපාරයකට වඩාත් කඩිනම් සහ නිරවද්‍ය තීරණ ගැනීම සඳහා උපකාරී වේ. වඩාත් පහසුවෙන් භාවිත කළ හැකි පරිදි ගොඩනගා ඇති එම පහසුකම, නිසි කලට මුදල් එකතු කර ගැනීමටත්, කාර්යක්ෂමව සහ නිසි වේලාවට ගෙවීම් සිදු කරමින් සැපයුම්කරුවන් සමග ඇති සබඳතාව වැඩිදියුණු කර ගන්නා අතරම උපරිම කාලයක් සිය ගිණුමේ මුදල් රඳවා තබා ගැනීමට ද ව්‍යාපාරවලට අවශ්‍ය පහසුව සලසා දෙයි. ව්‍යාපාරවල අවශ්‍යතා පරිදි සකස් කර ඇති එම ස්වයංක්‍රිය මුදල් කළමනාකරණ විසඳුම ව්‍යාපාරවල කාරක ප්‍රාග්ධන චක්‍රය කළමනාකරණය කිරීමේ හැකියාව තවදුරටත් වර්ධනය කරයි. ද්‍රවශීලතා කළමනාකරණය පිළිබඳ පැහැදිලි දත්ත පෙන්නුම් කරන බැවින් ව්‍යාපාරයේ මුල්‍ය තත්ත්වය පිළිබඳ පුළුල් දැක්මක් සමගින් ක්ෂණික ආයෝජන අවස්ථාවලින් උපරිම ඵල නෙලා ගැනීමට ද ව්‍යාපාරවලට හැකි වේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවලට BizDirect පහසුකම අනාගතයේදී මහා පරිමාණ සමාගම් බවට පත් වීමට අවශ්‍ය සහයෝගය ලබා දෙයි.

ජංගම දුරකථනයෙන් පවා අන්තර්ජාල අනුමැති ලබා දීමට මෙම පද්ධතිය ඉඩකඩ සලසා දී ඇති බැවින් අතින් චෙක්පත් අත්සන් කිරීමේ ක්‍රියාවලිය මෙමගින් මුළුමනින් ම ඉවත් කර ඇත. පුළුල් ස්වයංක්‍රිය පද්ධතිය හරහා ගනුදෙනු සිදු කිරීමට අවශ්‍ය ලියකියවිලි ක්ෂණිකව අන්තර්ජාලය ඔස්සේ ඇතුළත් කළ හැකිය. බැංකුවට චෙක්පත් ස්වයංක්‍රියව මුද්‍රණය කළ හැකි අතර BizDirect පරිශීලකයාට හෝ ඔහුගේ/ඇයගේ පාරිභෝගිකයන් වෙත යොමු කෙරේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය හිමි එකතුකිරීමේ සේවා සම්පාදකයන් හරහා ව්‍යාපාරයෙන් සෘජුවම මුදල් සහ චෙක්පත් එකතු කිරීමටත්, අවශ්‍යතාව පරිදි මුදල් ආපසු ව්‍යාපාරය වෙත ගෙන්වා ගැනීමටත් හැකිය. සංසන්දනය කිරීම ද ස්වයංක්‍රියකරණය කර ඇති බැවින් ඕනෑම මොහොතක සමාගමේ මුල්‍ය තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ද හැකිවේ.

ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය යුනියන් බැංකුවේ මෙහෙයුම් කටයුතුවලින් 50% ක් දක්වා ප්‍රමාණයක් නියෝජනය කරන අතර මෙම වැදගත් පාරිභෝගික කාණ්ඩයට අගය එකතු කරන ලද සේවා ලබා දීම සඳහා යුනියන් බැංකුව පුළුල් ලෙස ආයෝජන සිදු කරයි. BizDirect පද්ධතිය තවදුරටත් පුළුල් කිරීම සඳහා යුනියන් බැංකුව මෑතකදී සිදු කරන ලද ආයෝජනය, එම බැංකුව විශේෂයෙන් ජාතික වශයෙන් ඉතා වැදගත් අංශයක් ලෙස හඳුනා ගෙන ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවල ප්‍රගතිය වෙනුවෙන් තමන් දක්වන අඛණ්ඩ කැපවීම පිළිබඳ මනා පිළිබිඹුවකි. පාරිභෝගිකයාගේ අවශ්‍යතාව අනුව සකස් කරන ලද සේවා, පුළුල් ප්‍රවේශ ස්ථාන සහ තාක්ෂණයෙන් බලගන්වන ලද පහසුව පාරිභෝගිකයන් හට ධනාත්මක බැංකුකරණ අත්දැකීමක් පිරිනැමීම සඳහා මනා ලෙස ඒකාබද්ධ වී ඇත. තම විවිධ පාරිභෝගික කාණ්ඩ මුහුණදෙන ගැටළු පිළිබඳ මනා අවබෝධයකින් යුතුව යුනියන් බැංකුව, තම පාරිභෝගිකයන් හට වටිනාකමක් එක්කරන සහ බැංකුකරණ පහසුව පිරිනමන සේවා පුළුල් කිරීම සඳහා අඛණ්ඩව ආයෝජන සිදු කරයි.

කර්තෘතුමාට සටහන්: The Asian Banker (TAB) Transaction Finance සම්මාන පිළිබඳ

මින් පෙර The Transaction Banking සම්මාන ලෙස හැඳින්වූ The Transaction Finance සම්මාන හරහා මුල්‍ය ආයතනවල මුදල් කළමනාකරණය, ගෙවීම් සහ වෙළෙඳ මුල්‍යයන අංශවල ජයග්‍රහණ ඇගයුමට ලක් කෙරේ. ඇගයුම් ක්‍රියාවලිය සඳහා විගණනය මත පදනම් වූ ප්‍රවේශයක් භාවිත කෙරේ.

මේ වසරේ COVID-19 වසංගත තත්ත්වය හමුවේ වුව ද The Asian Banker සම්මාන උළෙල සඳහා ආසියා පැසිෆික් කලාපය තුළ වෙළෙඳපොළ 15 කට අධික ප්‍රමාණයක බැංකු සහ බැංකු නොවන මුල්‍ය ආයතන 50 කට අධික ප්‍රමාණයකින් සම්මාන 55 කට අධික ප්‍රමාණයක් සඳහා අයදුම්පත් 180 කට අධික ප්‍රමාණයක් හිමි වී තිබිණ. මෙවර එම සම්මාන උළෙල සඳහා සම්ප්‍රදායික බැංකු සමග මුල්‍ය තාක්ෂණ (fintech) ආයතනවලට ද ඇතුළත් වීමේ අවස්ථාව ලබා දී තිබිණ. අයදුම් කිරීමේදී පරිපූර්ණ දත්ත පත්‍රිකාවක් ඉදිරිපත් කළ යුතු අතර එම දත්ත පසුව එක්රැස් කර ක්ෂේත්‍රයේ අනෙකුත් ආයතන සමග සංසන්දනය කෙරේ. The Asian Banker පර්යේෂණ කාර්යමණ්ඩල සාමාජිකයන් විසින් සිදු කරනු ලබන සමීක්ෂණ, සම්මුඛ සාකච්ඡා සහ ක්ෂේත්‍ර පර්යේෂණවල එකමුතුවක් හරහා සම්මාන ලාභීන් තීරණය කෙරේ.

යුනියන් බැංකුවට SLIM NASCO සම්මාන දෙකක්

යුනියන් බැංකුවට SLIM NASCO සම්මාන දෙකක්
  • මොබිටෙල් සමාගමේ කර්මාන්ත ව්‍යාපාර මොඩල සාමාන්‍යාධිකාරී ප්‍රභාත් ගමගේ මහතා විසින් සුමේධා ප්‍රසාදිකාට හිමි සම්මානය පිරිනමන ලද මොහොත. SLIM NASCO 2019 ව්‍යාපෘති ප්‍රධානී සහ හේමාස් ෆාමසියුටිකල්ස් සමාගමේ විකුණුම් සාමාන්‍යාධිකාරී චින්තක පෙරේරා මහතා ද ඡායාරූපයේ වෙයි.

යුනියන් බැංකුවේ විකුණුම් කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙක් පසුගියදා පැවති SLIM NASCO සම්මාන උළෙලේදී මුල්‍ය සේවා සහ බැංකුකරණ කාණ්ඩය යටතේ සම්මාන දෙකෙකින් පිදුම් ලැබූහ.

 

යුනියන් බැංකුවේ චාමර රොසයිරෝ ‘විශිෂ්ටත ම ප්‍රාදේශීය කළමනාකාර’ වශයෙන් ද, සුමේධා ප්‍රසාදිකා ‘විශිෂ්ටත ම ඉදිරිපෙළ කාර්යමණ්ඩල සාමාජිකයා’ ලෙස ද මෙහිදී රන් සම්මාන හිමිකර ගැනීමට සමත් වූහ.

 

වෘත්තීය සහ පුද්ගලික සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය කුසලතා කාර්යමණ්ඩල සාමාජිකයන් හට ලබා දෙමින් තරුණ වෘත්තිකයන්ගේ අනාගත වෘත්තීය ගමන්මග ශක්තිමත් කිරීම සඳහා යුනියන් බැංකුව දක්වන කැපවීම මෙම සම්මාන මගින් මනාව පිළිබිඹු කෙරේ.

 

“විකුණුම් කාර්යසාධනය සහ විශිෂ්ටත්වය ඇගයුමට ලක් කිරීම සඳහා සංවිධාන කෙරෙන මෙවැනි ජාතික මට්ටමේ සම්මාන උළෙලකදී අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන් මෙලෙස රනින් පිදුම් ලැබීම අපට ඉමහත් ගෞරවයක් සහ ආඩම්බරයක් වනවා. පාරිභෝගිකයාට ලබා දෙන සේවාවේ ගුණාත්මක බව පවත්වා ගනිමින් බැංකුවේ ඉලක්ක වෙත සාර්ථකව ළඟා වීම සඳහා විකුණුම් කණ්ඩායම දැක්වූ කැපවීම සහ කණ්ඩායම් හැඟීම මෙමගින් මනාව පිළිබිඹු කෙරෙනවා. විශේෂයෙන් රන් සම්මානයෙන් පිදුම් ලැබූ අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන් දෙදෙනා සිය උනන්දුවත්, වෘත්තීයභාවයත් හේතුවෙන් මෙවැනි ජාතික මට්ටමේ ඇගයුමකට ලක්වූ බව සඳහන් කළ යුතුයි. චාමරටත්, සුමේධාටත් මාගේ උණුසුම් සුබපැතුම් පිරිනමන අතර ඔවුන්ගේ වෘත්තීය ගමන්මගේ විශිෂ්ටයන් බවට පත්වීමට ඔවුන්ට හැකි වේවා යයි ප්‍රාර්ථනා කරනවා.” යනුවෙන් යුනියන් බැංකුවේ පාරිභෝගික බැංකුකරණ අංශයේ උප සභාපතිනී ඡායා ජයවර්ධන මහත්මිය සම්මාන පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළාය.

 

යුනියන් බැංකුවේ මානව සම්පත් අංශයේ උප සභාපති රවී ජයසේකර මහතා සඳහන් කළේ, සිය කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ කාර්යසාධනය සහ දායකත්වය වෙනුවෙන් ඔවුන් මෙලෙස ජාතික මට්ටමින් ඇගයුමට ලක්වීම පිළිබඳ තමන් බෙහෙවින් සතුටුවන බවය. ජාතික මට්ටමේ සම්මානයක් හිමිකර ගැනීම යනු ඔවුන් ඔවුන්ගේ ක්ෂේත්‍ර තුළ ඉහල ම තලයට පැමිණ තිබීම බවත්, කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ කැපවීම හේතුවෙන් යුනියන් බැංකුව විශාල ප්‍රගතියක් අත්කර ගෙන තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන ජාතික විකුණුම් සම්ම්ලෙන සම්මාන උළෙල (NASCO) මෙරට විකුණුම් ක්ෂේත්‍රයේ වෘත්තිකයන් ඇගයුමට ලක් කිරීම සඳහා පැවැත්වෙන එකම විශ්වසනීය සහ ගෞරවයට පාත්‍ර වූ සම්මාන උළෙලයි. ‘Excel. Engage. Ensure – Beyond all Limits’ යන මෙවර සම්මාන උළෙලේ තේමාව මගින් තරගකාරී, අභියෝගාත්මක වෙළඳපොළ තුළ සිය සීමාවන් අභිබවා විස්මිත ඉලක්ක ජය ගැනීමට තමන් සූදානම් විය යුතුය යන පණිවිඩය විකුණුම් වෘත්තිකයන් හට ලබා දී තිබිණ. 2018 ජනවාරි 1/2018 අප්‍රේල් 1 සිට ආරම්භ වී 2018 දෙසැම්බර් 31/2019 මාර්තු 31 කින් අවසන් වූ මුල්‍ය වර්ෂය තුළ කාර්යසාධනය මත පදනම්ව මෙම සම්මාන විනිශ්චය කෙරිණි. ඉදිරිපෙළ, විකුණුම් අධීක්ෂක සහ ප්‍රාදේශීය කළමනාකාර යන කාණ්ඩ යටතේ අංශ 22කින් රන්, රිදී සහ ලෝකඩ සම්මාන පිරිනැමුණු අතර මෙරට කීර්තිමත් සහ ප්‍රවීණ ආයතනික නායකයන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් විසින් සම්මාන ඇගයුමට ලක් කෙරිණි. කොළඹ BMICH හිදී පැවති උත්කර්ෂවත් සම්මාන උළෙලේදී මෙම සම්මාන පිරිනැමිණි.

යුනියන් බැංකුවේ වෙබ් අඩවියට 2019 dotCOMM රන් සම්මානය

යුනියන් බැංකුවේ වෙබ් අඩවියට 2019 dotCOMM රන් සම්මානය

යුනියන් බැංකුවේ www.unionb.com වෙබ් අඩවිය ඇමරිකා එක්සත් ජනපදයේ 2019 dotCOMM සම්මාන උළෙලේදී මුල්‍ය කාණ්ඩය යටතේ රන් සම්මානයෙන් පිදුම් ලැබුවේය.

මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳ අදහස් පළ කරමින් යුනියන් බැංකුවේ අලෙවි අංශ ප්‍රධානී තිශානි දිසානායක මහත්මිය සඳහන් කළේ, “මෙම සම්මානය මගින් ඩිජිටල් පරිණාමනය සඳහා යුනියන් බැංකුව දක්වන කැපවීම තවදුරටත් පිළිබිඹු වනවා. නවීන තාක්ෂණයෙන් යුතුව ඩිජිටල්කරණය සහ පාරිභෝගික ආරක්ෂාව තහවුරු කරන අතර ම පාරිභෝගිකයන් හට උපරිම පහසුවක් අත්කර දීමේ අරමුණ පෙරදැරිව නව සහ වැඩිදියුණු කරන ලද වෙබ් අඩවිය 2019 ජනවාරි මාසයේදී ජනගත කිරීමට අප කටයුතු කළා. තවද, වැඩිදියුණු කරන ලද වෙබ් අඩවිය මගින් වෙනස්වන ඩිජිටල් ප්‍රවණතා තුළ ඉදිරියෙන් සිටීමට අපට අවස්ථාව උදා වනවා. විශිෂ්ටත ම වෙබ් අඩවියක් සම්පාදනය කිරීම වෙනුවෙන් අපගේ ඩිජිටල් සේවා සම්පාදකයාවන DigiBrush සමාගමට අපගේ ස්තූතිය පිරිනමනවා” යනුවෙනි.

සමීක්ෂණ මත පදනම් වූ, තොරතුරු ලබා ගැනීම සඳහා වඩාත් කෙටි ක්‍රමවේදයක්, Google Analytics මත පදනම් වෙමින් වැදගත් සබැඳි සඳහා පහසුවෙන් ප්‍රවේශ වීමේ අවස්ථාව, ජංගම දුරකථන සඳහා උපරිම ක්‍රියාවලියක්, සමාජ මාධ්‍ය ඒකාබද්ධකරණය, අධ්‍යාපන සහ රැකියා සුදුසුකම් විස්තරය ඇතුළත් කළ හැකි රැකියා අවස්ථා පිටුව, කොටස් වෙළඳපොළ මිල ගණන් කඩිනමින් සහ නිරවද්‍ය ලෙස ලබා ගත හැකි සජීවී සහ ස්වයංක්‍රිය කොටස් වෙළඳපොළ දර්ශකයක් සහ ෆිල්ටර් පහසුකම සහිත ATM/ශාඛා සෙවුම (Locator) හා Google Map දිශානති ද මෙම නව වැඩිදියුණු කිරීම් අතර ප්‍රමුඛස්ථානය ගනී. ඊට අමතරව, වෙබ් අඩවිය හරහා අන්තර්ජාල බැංකුකරණ කටයුතුවන නිරත වීමේදී පාරිභෝගිකයන් හට උපරිම ආරක්ෂාවක් සලසා දිය හැකි ලෙස වෙබ් අඩවිය සවිබල ගන්වා ඇත. වෙබ් අඩවිය නිර්මාණය, ඩිජිටල් මාධ්‍ය අලෙවිකරණය සහ සැලසුම්කරණ විසඳුම් යන ක්ෂේත්‍රවල විශේෂඥ දැනුමක් සහිත ශීඝ්‍රයෙන් ව්‍යාප්තවන ඩිජිටල් සේවා සම්පාදකයෙකුවන Digibrush සමාගම සමග එක්ව මෙම වෙබ් අඩවිය නිර්මාණය කෙරිණි.

dotCOMM යනු වෙබ් අඩවි නිර්මාණශීලිත්වය සහ ඩිජිටල් සන්නිවේදන විශිෂ්ටත්වය ඇගයුමට ලක් කිරීම සඳහා සංවිධාන කරනු ලබන ජාත්‍යන්තර සම්මාන උළෙලකි. අප නිෂ්පාදන සහ සේවා අලෙවිකරණය සහ සන්නිවේදනය කරන ආකාරය පරිණාමයකට ලක් කරන ඉදිරිගාමී වෙබ් අඩවි තුළ නිර්මාණශිලිත්වයේ කාර්යභාරය මෙමගින් ඉස්මතු කෙරෙන බැවින් මෙය සුවිශේෂී සම්මාන උළෙලක් ලෙස හැඳින්විය හැකිය. අලෙවිකරණ සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ ලොව විශාලත ම, පැරණිත ම සහ කීර්තිමත් ම නිර්මාණශීලිත්ව ඇගයුම්කරුවන්ගෙන් සමන්විත අලෙවිකරණ සන්නිවේදන වෘත්තිකයන්ගේ සංගමය (AMCP) විසින් dotCOMM සම්මාන විනිශ්චය කෙරේ. 1994 වසරේ පටන් එම සංගමය ලොව පුරා අයදුම්පත් 200,000 කට අධික ප්‍රමාණයක් විනිශ්චය කර ඇත. MarCom සහ Hermes Creative යන එම සංගමයේ තරගාවලි දෙක සඳහා පමණක් සෑම වසරක ම යොමුවන අයදුම්පත් සංඛ්‍යාව 6,000 ඉක්මවයි.

සේයාරුව: යුනියන් බැංකුවේ අලෙවි අංශ ප්‍රධානී තිශානි දිසානායක මහත්මිය

යුනියන් බැංකුව මෙරට විශිෂ්ටත ම මුදල් කළමනාකරණ බැංකුව ලෙස Global Business Outlook සම්මානයට පාත්‍ර වෙයි

යුනියන් බැංකුව මෙරට විශිෂ්ටත ම මුදල් කළමනාකරණ බැංකුව ලෙස Global Business Outlook සම්මානයට පාත්‍ර වෙයි

 

යුනියන් බැංකුව මෑතකදී පැවති Global Business Outlook සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටත ම මුදල් කළමනාකරණ බැංකුව ලෙස සම්මානයට පාත්‍ර වූයේය. එම බැංකුව හඳුන්වා දෙන ලද Union Bank Biz Direct නවීන මුදල් කළමනාකරණ විසඳුම වෙනුවෙන් එම බැංකුවට මෙම සම්මානය හිමි විය.

යුනියන් බැංකුවේ ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ සේවාලාභීන් වෙනුවෙන් මුදල් හුවමාරු බැංකුකරණ විශිෂ්ටත්වය පිරිනමමින් Union Bank Biz Direct මුදල් කළමනාකරණ විසඳුම අඛණ්ඩව හිමිකර ගත් සාර්ථකත්වය මෙහිදී තවදුරටත් තහවුරු විය.

පරිපූර්ණ විසඳුමක් ලෙස හඳුන්වා දෙන ලද මෙම නවත ම මුදල් හුවමාරු බැංකුකරණ සේවාව, ව්‍යාපාර සඳහා ගෝලීය ප්‍රවේශය මෙන්ම භාවිතාව පිරිනමමින් පහසුවෙන් දේශීය සහ අන්තර් දේශසීමා වෙළඳාම් කටයුතු සඳහා අවස්ථාව හිමිකර දෙයි. විශේෂිත ව්‍යාපාර බැංකුකරණ අවශ්‍යතා සපුරාලීම සහ එම ව්‍යාපාරවල ගෙවීම් කළමනාකරණය වඩාත් පහසුවෙන් පාලනය කිරීම සඳහා මෙම සේවාව භාවිතයට පහසු ලෙස ගොඩනගා ඇත.

“ශ්‍රී ලංකාවේ විශිෂ්ටත ම මුදල් කළමනාකරණ බැංකුව ලෙස මෙවැනි ජාත්‍යන්තර සම්මාන ප්‍රදාන කරන සංවිධානයකින් සම්මානයට පාත්‍ර වීමට හැකිවීම අප ගෞරවයක් ලෙස සලකනවා. 2016 වසරේදී හඳුන්වා දෙන ලද Biz Direct සේවාව ඉතා කෙටි කලක් තුළ හිමිකර ගෙන ඇති සාර්ථකත්වයට මෙය කදිම සාක්ෂ්‍ය සපයනවා. යුනියන් බැංකුවේ Biz Direct සේවාව අපගේ ව්‍යාපාරික අංශයේ සේවා ලාභීන්ට විශේෂ වූ ව්‍යාපාරික අවශ්‍යතා මැනවින් හඳුනා ගනිමින් ගොඩනගා තිබෙනවා. දේශීය බැංකු අතර මුදල් කළමනාකරණය වෙනුවෙන් සම්මානිත බැංකුවක් බවට පත්වීම සඳහා මෙම සේවාව මනා දායකත්වයක් ලබා දුන් බව මගේ හැඟීමයි. මෙම සාර්ථකත්වය තවදුරටත් ඉදිරියට පවත්වා ගනිමින් අපගේ සියලු පාරිභෝගිකයන් සඳහා තවත් පුළුල් මුදල් කළමනාකරණ අත්දැකීමක් ලබාදීමට අප බලාපොරොත්තු වනවා” යනුවෙන් යුනියන් බැංකුවේ පරිපූර්ණ බැංකුකරණ අංශයේ උප සභාපතිනී හිරන්ති ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.

මෙරට ආර්ථිකය තුළ ව්‍යාපාරික කටයුතු සිදුකරන ඕනෑම මට්ටමක ව්‍යාපාරිකයෙකු හට පහසුවෙන් සහ කාර්යක්ෂමව ස්වයංක්‍රියව මුදල් කළමනාකරණය කිරීමේ හැකියාව දැරිය හැකි මිලකට ලබාදීම සඳහා යුනියන් බැංකුව මෙම තාක්ෂණය හඳුන්වා දෙන ලදි. බැංකුකරණ ක්ෂේත්‍රයේ වැඩි පිරිසක් භාවිත කරන SSL ආරක්‍ෂිත ක්‍රමවේදය වෙනුවට යුනියන් බැංකුවේ Biz Direct සේවාව TLS (මුදල් හුවමාරු ස්ථර ආරක්ෂාව) නවීනත ම ආරක්‍ෂිත ක්‍රමවේදයෙන් සවිබල ගන්වා ඇත.

තවද, යුනියන් බැංකුවේ Biz Direct සේවාව හරහා මුදල් හුවමාරු තහවුරු කරන ස්වයංක්‍රිය දැනුම්දීම් සිදු කරන විශේෂිත ව්‍යාපාර ගෙවීම් ක්‍රියාවලි සකස් කර ගැනීමට හැකිවේ. විවිධ මූලාශ්‍ර හරහා පුළුල් දෛනික එකතුකිරීමේ ධාරිතාවක් සහිත ව්‍යාපාර සඳහා කැපීපෙනෙන අගයක් පිරිනමමින් එම සේවාව හරහා එකතු කිරීමේ සහ ලැබීම් සාම්‍යකරණ ඒකාබද්ධ විසඳුම් ද පිරිනැමේ. පරිපූර්ණ කළමනාකරණ තොරතුරු වාර්තා සහ සවිස්තරාත්මක ආයතනික මුල්‍ය හුවමාරු පිළිබඳ සටහනක් ද පිරිනමන යුනියන් බැංකුවේ Biz Direct සේවාව ක්‍රියාවලි කාර්යක්ෂමතාව වැඩිදියුණු කරන අතර ම කළමනාකරුවන්ගේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය ද වැඩිදියුණු කිරීම සඳහා උපකාරී වෙයි.

තනි මුදල් ඒකක, බහු මුදල් ඒකක සහ විදේශ විනිමය විසඳුම්වලින් සවිබල ගැන්වුණු දේශීය සහ අන්තර්-දේශසීමා ඇතුළු පහසු ව්‍යාපාරික මුදල් හුවමාරු ක්‍රමවේද මෙන්ම පරිපූර්ණ මුදල් ගලන කළමනාකරණය, Host2Host ගෙවීම් සහ තත්කාලීන වාර්තාකරණය හරහා මෙම පද්ධතිය ව්‍යාපාරවල කාර්යසාධනය වැඩිදියුණු කිරීමට උපකාරී වෙයි. දෘඩ/මෘදු ටෝකන් මෙන්ම කෙටි පණිවිඩ සහ ඉ-මේල් පහසුකම්වලින් සමන්විත නවීන තාක්ෂණයෙන් යුතු හඳුනා ගැනීමේ මොඩියුලයක් පිරිනමන මෙරට එකම බැංකුව බවට යුනියන් බැංකුව පත්කිරීමට Biz Direct සේවාවට හැකිවිය.

යුනියන් බැංකුවේ Biz Direct සේවාව ව්‍යාපාරවල ගෙවීම් ක්‍රියාවලිය ස්වයංක්‍රියකරණය කිරීම හරහා එහිදී පැන නගින පොදු අකාර්යක්ෂමතා සහ අවදානම් මගහරවා ගැනීමට ව්‍යාපාරවලට සහය වෙයි. මෙහි ඇති තනි සහතිකකරණ හැකියාව නිසා චෙක්පත් අත්සන් තැබීමේ ක්‍රියාවලිය වඩාත් පහසු කෙරේ. චෙක්පත්වලට අමතරව, ලාභාංශ, ණයකර සහ ගෙවීම් නියෝග ආදී වෙනත් මුද්‍රිත මෙවලම් ද මෙම පද්ධතිය හරහා ක්‍රියාත්මක කෙරෙන බැවින් කළමනාකරුවන් හට වැදගත් ක්‍රමෝපායික චින්තනය සහ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා ඔවුන්ට අවශ්‍ය කාලය ඉතිරිකර දෙයි. යුනියන් බැංකුවේ Biz Direct සේවාවේ මුදල් හුවමාරු විකල්ප භාවිත කරමින් ව්‍යාපාරවලට සිය ක්‍රියාවලි පිරිවැය අවම කර කාර්යගලන කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීමට ද හැකිවේ.

සියලු ම පාරිභෝගික අංශ සඳහා අසමසම බැංකුකරණ අත්දැකීමක් ලබාදීමට යුනියන් බැංකුව නිබඳ කැපවෙයි. පාරිභෝගික අවශ්‍යතා අනුව සකස් කරන ලද සේවා, පුළුල් ප්‍රවේශ ස්ථාන සහ තාක්ෂණයෙන් සවිබල ගැන්වුණු පහසුකම් ලබාදීම සඳහා යුනියන් බැංකුව දියත් කරන ක්‍රමෝපායික ප්‍රවේශය, සිය පාරිභෝගිකයන් සඳහා ධනාත්මක බැංකුකරණ අත්දැකීමක් පිරිනැමීම සඳහා මැනවින් යොමුකර ඇත.  විවිධ පාරිභෝගික අංශ මුහුණදෙන අපහසුතා හඳුනා ගනිමින් ඔවුන්ට පහසු බැංකුකරණ අත්දැකීමක් පිරිනැමීම සඳහා යුනියන් බැංකුව අඛණ්ඩව සේවා පුළුල් කිරීම් කටයුතු වෙනුවෙන් ආයෝජන සිදු කරයි. විශිෂ්ටත ම මුදල් කළමනාකරණ බැංකුව ලෙස Global Outlook සම්මානයෙන් පිදුම් ලැබීම, යුනියන් බැංකුව ශීඝ්‍රයෙන් වෙනස්වන බැංකුකරණ අවශ්‍යතා සපුරාලිය හැකි ඵලදායී බැංකුකරණ විසඳුම් ලබාදීම සඳහා දක්වාම අඛණ්ඩ කැපවීම යළි යළිත් තහවුරු වීමකි.

 

Global Business Outlook සම්මාන පිළිබඳ

Global Business Outlook සම්මාන හරහා ලොව පුරා රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේ ද ව්‍යාපාරවල සිට සමාගම් දක්වා ඒවායේ විශිෂ්ටත්වය ඇගයුමට ලක් කිරීමේ අරමුණින් යුතුව සංවිධාන කෙරේ. නවෝත්පාදනය, නිර්මාණශීලිත්වය සහ අගය නිර්මාණය කිරීම සඳහා පෙළඹවීම යන කරුණුවලට නිසි ඇගයීමක් හිමිකර දීම එම සම්මාන උළෙලේ ප්‍රධාන ඉලක්කයයි. එම සම්මාන උළෙල කාර්යක්ෂම, සාධාරණ සහ කඩිනම් විනිශ්චය ක්‍රියාවලියකින් සමන්විතවන අතර සියලු සම්මානලාභීන් හට මාස 12 ක කාලයක් පුරා එම ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට ද හැකිවේ. එක්සත් රාජධානියේ ප්‍රකාශනයක් ලෙස එම සම්මාන උළෙල, ව්‍යාපාර ලෝකය තුළ තීරණාත්මක අවස්ථා සහ වැඩිදියුණුවීම් සම්බන්ධ ප්‍රමුඛත ම තොරතුරු සම්පාදකයා බවට පත්වීමේ අරමුණ පෙරදැරිව වැදගත් කර්මාන්ත අංශ රැසක් ආවරණය කරයි.

යුනියන් බැංකුව ‘LankaPay Technnovation’ සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍රවෙයි

යුනියන් බැංකුව ‘LankaPay Technnovation’ සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍රවෙයි

සේයාරූ සටහන : වමේ සිට දකුණට : යුනියන් බැංකුවේ පාරිභෝගික වගවීම් සහ විකල්ප ධාරා අංශයේ සහකාර උප සභාපතිනී මනිෂා ප්‍රනාන්දු, එම බැංකුවේ විකල්ප ධාරා කළමනාකාර යොහාන් අලහකෝන්, සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලයේ සභාපති සහ විදුලි සංදේශන සහ ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍යංශයේ හිටපු ලේකම් වසන්ත දේශප්‍රිය, ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් අංශයේ අධ්‍යක්ෂ ධර්මසිරි කුමාරතුංග, LankaClear සභාපති අනිල් අමරසූරිය, LankaClear සාමන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා.

යුනියන් බැංකුව පසුගියදා පැවති LankaPay Technnovation’ සම්මාන උළෙලේදී එහි පහසු අවසන් ආන්තික මෙහෙයුම් (Back-end) සඳහා සම්මානයට පාත්‍ර වූයේය. සිය පාරිභෝගික ජනතාව සඳහා කඩිනම් සහ වේගවත් සේවාවක් ලබාදීම සඳහා තාක්ෂණික වැඩිදියුණු කිරීම් කෙරෙහි බැංකුව දක්වන කැපවීම මෙමගින් තවදුරටත් තහවුරු විය. නිෂ්පාදන පෙළට අදාළව කාලීන සේවාව, සබඳතා මෙහෙයුම් කාලය, ව්‍යාපාරික අරමුණ, ක්‍රියාවලි සහ යාන්ත්‍රණ වෙනුවෙන් යුනියන් බැංකුවට මෙම සම්මානය හිමිවිය.

“මෙම සම්මානය හිමිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. අපට මෙම සම්මානය හිමිවූයේ අපගේ අවසන් ආන්තික මෙහෙයුම් කටයුතු සිදුකරන සියලු කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ කැපවීම නිසයි. ඩිජිටල් බැංකුකරණය යනු ලිපිගොනුවලින් තොරවීමට එහා ගිය සංකල්පයක්. ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් වර්ධනයවන වාණිජ බැංකුවක් ලෙස අප නිබඳව වැඩිදියුණු කරන ලද පාරිභෝගික අත්දැකීමක් පිරිනැමීමට කටයුතු කරනවා” යනුවෙන් යුනියන් බැංකුවේ පාරිභෝගික බැංකුකරණ අංශයේ උප සභාපතිනී චායා ජයවර්ධන මහත්මිය සඳහන් කළාය.

දවසේ පැය 24 පුරා වසරේ සෑම දිනකම ස්වයං බැංකුකරණ සේවා සඳහා උපකාරීවන ATM ජාලය යුනියන් බැංකුවත් ඔවුන්ගේ පාරිභෝගිකයනුත් අතර වැදගත් සබඳතාවක් ගොඩනගා ඇත. සිය වර්ධන ක්‍රමෝපායේ එක් අංගයක් ලෙස යුනියන් බැංකුව පාරිභෝගිකයන්ගේ පහසුව සඳහා තාක්ෂණික වැඩිදියුණුකිරීම් වෙනුවෙන් සුවිශේෂී ආයෝජන රැසක් සිදුකර ඇත. LankaClear සවිබලයෙන් යුතු පොදු ATM ජාලය හරහා CEFTS සහ SLIPS වැනි ගෙවුම් කළමනාකරණ පහසුකම්වල කාර්යක්ෂමතාව වර්ධනයකිරීම, අනෙකුත් පළාත්වල ATM ජාලය තවත් පුළුල්කිරීම, පුළුල් ඩිජිටල් බැංකුකරණ පදනමක් සකස්කිරීම, කොළඹින් බැහැර ප්‍රජාව දැනුවත්කිරීම සහ පාරිභෝගික අවශ්‍යතා අනුව සකස් කරන ලද කළමනාකරණ පද්ධති ආදිය යුනියන් බැංකුව සියලු පාරිභෝගික අංශ හරහා සිය සේවා ලබාදීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමට ගෙන ඇති පියවර කිහිපයකි.

යුනියන් බැංකුව අඛණ්ඩව දෙවන වරටත් SLIM NASCO සම්මානයට පාත්‍ර වෙයි

යුනියන් බැංකුව අඛණ්ඩව දෙවන වරටත් SLIM NASCO සම්මානයට පාත්‍ර වෙයි

සේයා රූ සටහන : යුනියන් බැංකුවේ මානව සම්පත් අංශයේ උප සභාපති රවී ජයසේකර, එම බැකුවේ පාරිභෝගික බැංකුකරණ අංශයේ උප සභාපතිනී චායා ජයවර්ධන, චාමර රොසයිරෝ සහ එම්. ඒ. සුමේධා ප්‍රසාදිකා, එම බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ, එම බැංකුවේ පාරිභෝගික වත්කම් විකුණුම් අංශයේ ප්‍රධාන කළමනාකාර දමිත් සුමතිරත්න යන මහත්ම මහත්මීහු ඡායාරූපයේ වෙති

යුනියන් බැංකුව අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික විකුණුම් සම්මේලන සම්මාන උළෙලේදී ප්‍රමුඛත ම සම්මාන දෙකක් හිමිකර ගැනීමට සමත්විය. මෙරට විකුණුම් ක්ෂේත්‍රය වෙනුවෙන් ම පවත්වනු ලබන ප්‍රධානත ම උළෙල වන්නේ SLIM NASCO සම්මාන උළෙලයි. එමෙන්ම විවිධ ආයතන සහ සමාගම්වලට සම්බන්ධ මෙරට විකුණුම් බල ඇණිය ඇගයුමට ලක්කිරීම සඳහා සංවිධානය කෙරෙන එකම ජාතික මට්ටමේ උළෙල වන්නේ ද මෙයයි. කර්මාන්ත 22ක් සහ සමාගම් 116ක් නියෝජනය කරමින් ඉදිරි පෙළ, විධායක සහ ප්‍රාදේශීය කළමනාකාර යන අංශ යටතේ මෙවර අයදුම්පත් 750කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබූ අතර ඒ අතරින් 42ක් මේ සඳහා සහභාගී වූයේ පළමු වරටය. සම්මාන උළෙලේ තරගකාරිත්වය මෙමගින් මනාව පෙන්නුම් කෙරේ.

බැංකු අංශයේ නිර්දේශ 50කට අධික සංඛ්‍යාවක් අතරින් යුනියන් බැංකුවේ චාමර රොසයිරෝ විකුණුම් විධායක නිලධාරී ඛාණ්ඩයේ රිදී සම්මානයත්, එම්.ඒ. සුමේධා ප්‍රසාදිකා ඉදිරි පෙළ ඛාණ්ඩයේ ලෝකඩ සම්මානයත් හිමිකර ගත්හ.

“විකුණුම් වෘත්තිකයන් සඳහාවන මෙරට එකම ජාතික උළෙලේදී හිමිවූ සම්මාන මගින් අපගේ විකුණුම් බලඇණියේ විශිෂ්ට කාර්යසාධනය මැනවින් පිළිබිඹුවන අතර ඔවුන් හිමිකර ගත් මෙම ජයග්‍රහණය පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. සැබෑ කැපවීමක්, උනන්දුවක් සහ වෙහෙසක් නොමැතිව මෙවැනි ජයග්‍රහණය හිමිකර ගත නොහැකියි. ජාතික තලයේ විශිෂ්ටයන් බවට පත්වූ එවැනි විකුණුම් නිලධාරීන් අප සතුවීම පිළිබඳ අප ආඩම්බර වනවා” යනුවෙන් යුනියන් බැංකුවේ පාරිභෝගික බැංකු අංශයේ උප සභාපතිනී චායා ජයවර්ධන මහත්මිය සඳහන් කළාය.

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC