යුනියන් බැංකුව පසුගියදා පැවති 2023 SATYN CIMA කාන්තා හිතකාමී සේවා ස්ථාන සම්මාන උළෙලේදී කාන්තා කළමනාකරණ ජාලයක් ගොඩනැගීමේ අඛණ්ඩ උත්සාහයන් වෙනුවෙන් ඇගයීමට ලක් විය.
මෙම සම්මානය කාන්තාවන් සවිබල ගන්වන සමාන අවස්ථා ලබාදෙන සේවා යෝජකයෙකු ලෙස යුනියන් බැංකුව තව දුරටත් තහවරු කරලදී.
මානව සම්පත් උප සභාපතිනි ලිලන්ති දෙල්ගොඩ මහත්මිය පැවසුවේ,“අපි පුළුල් පරාසයක
ශ්‍රම බලකායක් ගැන විශ්වාස කරන අතර සමානාත්මතාවය ලබා දෙන කාන්තා හිතකාමී සේවා පරිසරයක් ගොඩනැගීම ගැන අපි ආඩම්බර වන අතර ආරක්ෂිත සේවා පරිසරයක් සපයන අතරම වර්ධනය සහ සාර්ථකත්වය සඳහා අවස්ථා සමගින් කාන්තාවන්ට සම්ප්‍රදායික රාමුව බිඳ දමා ඔවුන්ගේ වර්ධනයට අවස්ථාව සලසා දීමට අපි කැපවී සිටිමු. අපේ සේවා පරිසරය සැම කාන්තාවකගේ මතය අගය කරන,සේවා පරිසරයකි. අපගේ ශ්‍රම බලකාය තුළ 45%ක කාන්තා නියෝජනයක් ඇති අතර, ප්‍රධාන කළමනාකරණ තනතුරු කිහිපයක් නියෝජනය කරමින් සියලුම අංශ හරහා කාන්තාවන් මනා නියෝජනයක් දක්වන අතර, එමගින් ශ්‍රම බලකාය දිරිගැන්වීමට සහ මඟ පෙන්වීම සඳහා කාන්තා නායකත්වය අවස්ථාවන් සකසයි”.
පින්තුරය: මානව සම්පත් උප සභාපතිනි ලිලන්ති දෙල්ගොඩ,කුසලතා සංවර්ධන සහ සම්බන්ධීකරණය ප්‍රධාන කළමනාකරු විසල් රූපසිංහ,ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී බඳවා ගැනීම් සහ සම්පත් කළමනාකරණ දෙවනි කෝනාර, කළමණාකාරීනි මානව සේවා සැපයීම
නිසංසලා කළුපහන සහ සහකාර කළමනාකාරිනී කුසලතා සංවර්ධන සහ සම්බන්ධීකරණ දිනිති පෙරේරා


