යුනියන් බැංකුව 2023 මාස 9 තුළ ස්ථාවර කාර්යසාධනයක් වාර්තා කරයි

2023 සැප්තැම්බර් 30 න් අවසන් වූ මාස 9 තුළ ස්ථාවර කාර්ය සාධනයක් පවත්වාගෙන යාමට යුනියන් බැංකුවට හැකි විය. බැංකුව සාපේක්ෂ කාලපරිච්ඡේදයට වඩා 36% ක වර්ධනයක් වන LKR මිලියන 17,314 ක සමස්ත ආදායමක් සමඟ මූලික බැංකු ක්‍රියාකාරිත්වයේ කැපී පෙනෙන දියුණුවක් වාර්තා කරන ලදි.

ශුද්ධ පොලී ආදායම (NII) බැංකුවේ ආදායම වැඩිවීම සඳහා ප්‍රධාන සාධකයක් වූ අතර, එය ණය කළඹ සහ භාණ්ඩාගාර වත්කම්වල වැඩි ප්රතිලාභ හේතුවෙන් රුපියල් මිලියන 4,822 දක්වා 19% කින් වැඩි විය. බැංකුව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) තබා නොගත් අතර, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (SLDB’s) දේශීය ණය ප්‍රශස්තකරණ (DDO) හි කොටසක් ලෙස රුපියල් (LKR)භාණ්ඩාගාර බැඳුම්කර සඳහා හුවමාරු කරන ලදී.

පොලී වියදම් දූරදර්ශීව කළමනාකරණය කිරීමත් සමඟ වත්කම් පොත කාලෝචිත ලෙස ප්‍රතිනිර්මාණය කිරීම හේතුවෙන් බැංකුවේ ශුද්ධ පොලී ආන්තිකය (NIM) bps 72 කින් වැඩි විය.ක්‍රෙඩිට් කාඩ්පත්, ප්‍රේෂණ සහ වෙළෙඳ සේවා ක්‍රියාකාරකම් වැඩි වීම මගින් ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම 9% කින් වැඩි විය.

අපහයනට පෙර බැංකුවේ මුළු මෙහෙයුම් ආදායම රුපියල් මිලියන 6,185 ක් වූ අතර එය 11% ක වැඩිවීමකි. මෙම කාලසීමාව සඳහා බැංකුවේ අපහයන ගාස්තුව රුපියල් මිලියන 1,200 ක් විය. උපයෝගිතා ගාස්තු, වැටුප් හා විනිමය බලපෑ සාමාන්‍ය වියදම්වල සැලකිය යුතු වැඩිවීම හේතුවෙන්, කළමනාකරණ මුලපිරීම් තිබියදීත්, බැංකුවේ සමස්ත මෙහෙයුම් වියදම් රුපියල් මිලියන 3,838 දක්වා 22% කින් වැඩි විය.

බැංකුවේ බදුවලට පෙර ලාභය (PBT) 2023 සැප්තැම්බර් 30 වන විට එහි අනුබද්ධ සමාගම් කොටස් ගිණුම් ඇතුළුව, රුපියල් මිලියන 717 දක්වා 81% කින් වැඩි විය. බැංකුවේ බදු ගෙවීමෙන් පසු ලාභය (PAT) ද රුපියල් මිලියන 375 දක්වා 65% කින් වැඩි විය. සමාජ ආරක්ෂණ දායක බද්ද (SSCL) සහ ආයතනික බදු අනුපාතිකයේ වැඩිවීම හේතුවෙන් මාස 9 තුළ බදු ගෙවීම් සැලකිය යුතු ලෙස වැඩි විය.

2023 සැප්තැම්බර් 30 වන විට බැංකුවේ මුළු වත්කම් රුපියල් මිලියන 130,319 ක් විය.
සමාලෝචිත කාල සීමාව තුළ බැංකුව ශක්තිමත් ද්‍රවශීලතා තත්ත්වයක් පවත්වා ගෙන ගිය අතර ද්‍රව වත්කම් අනුපාතය 39.16% ක් සහ ද්‍රවශීලතා ආවරණ අනුපාතය 878% ක් ලෙස නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළින් විය. තවද, බැංකුවේ ණය සහ අත්තිකාරම් රු. මිලියන 63,204 ක් ලෙස සටහන් වූ අතර, පාරිභෝගික තැන්පතු රු. මිලියන 85,798 ක් ලෙස සටහන් විය.ආර්ථික වර්ධනයන් සහ සියලුම ව්‍යාපාරික අංශ හරහා ශක්තිමත් ප්‍රචාරණ මුලපිරීම් හේතුවෙන් 2023 සැප්තැම්බර් 30 වන විට, CASA අනුපාතය 24.33% ලෙස වාර්තා විය. බැංකුවේ 3 වන මට්ටමේ ණය අනුපාතය 10.52% දක්වා වැඩිදියුණු විය.

බැංකුව, නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළින් යුත් ප්‍රාග්ධන මට්ටමක් සිටි අතර 2023 සැප්තැම්බර් 30 වන විට බැංකුවේ මුළු සමස්ත ප්‍රාග්ධන අනුපාතය 18.54% ක් විය.

2023 සැප්තැම්බර් 30 දක්වා කාලය සඳහා සීමාසහිත UB ෆිනෑන්ස් සමාගම සහ නැෂනල් ඇසෙට් මැනේජ්මන්ට් ලිමිටඩ් සමාගම් වලින් සමන්විත යුනියන් බැංකු සමූහය 57% ක වර්ධනයක් සමග රුපියල් මිලියන 825 ක බදු ගෙවීමට පෙර ලාභයක් (PBT) වාර්තා කල අතර බදු ගෙවීමෙන් පසු ලාභයේ (PAT) 52% වර්ධනයක් සමග රුපියල් මිලියන 459 ක ලාභයක් වාර්තා කරන ලදී.

සමාලෝචිත කාලසීමාව තුළ බැංකුව නව ව්‍යාපාරික අපේක්ෂාවන් කෙරෙහි අවධානය යොමු කළ අතර සියලුම ව්‍යාපාරික අංශ හරහා පාරිභෝගික අත්පත් කර ගැනීමේ වැඩසටහන් කිහිපයක් ආරම්භ කළේය. බැංකුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා SME ණය යෝජනා ක්‍රමය (SMELoc) හරහා අඛණ්ඩව අරමුදල් සපයන අතර කුඩා තේ වතු හිමියන්, පොල් වගා කරන්නන් සහ කාන්තා ව්‍යවසායකයින් කෙරෙහි අවධානය යොමු කරමින් සිය සහයෝගය සහ උපදේශනය වැඩි දියුණු කළේය. යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් මගින් කාඞ්පත් හිමියන්ට වඩා හොඳ මූල්‍ය සැලසුම්කරණයක් ලබා දීම සඳහා ආකර්ශනීය ඉතුරුම් සහ 0% ගෙවීමේ සැලසුම් අඛණ්ඩව ලබා දුන්නේය. 2023 දී ද බැංකුව LMD හි වඩාත්ම ගෞරවනීය ආයතන අතරට ශ්‍රේණිගත විය. ෆිච් ශ්‍රී ලංකා (Fitch) යුනියන් බැංකුවේ BBB-(lka) ශ්‍රේණිගත කිරීම ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව යලිත් තහවුරු කළ අතර Rating Watch Negative ද ඉවත් කරන ලදී.

2023 ඔක්තෝම්බර් 24 වැනි දින, යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට TPG සහ CG Capital Partners Global Pte Ltd අතර ගනුදෙනුව අවසන් වූ බවට විධිමත් දැනුම්දීමක් ලැබුණු අතර Culture Financial Holdings හි හිමිකාරිත්වය හරහා CG Capital Partners දැන් යුනියන් බැංකුවේ ප්‍රධාන කොටස් හිමියා විය. CG සමූහය සමඟ ඇති නව හවුල්කාරිත්වය බැංකුවේ මූල්‍ය ස්ථාවරත්වය යළි තහවුරු කරන අතර සංවර්ධනය සහ ප්‍රගතිය සඳහා අත්වැලක් සපයයි.

සේයා රූ සටහන:
ට්රෙවින් ප්‍රනාන්දුපුල්ලේ, වැඩ බලන සභාපති, යුනියන් බැංකුව
ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ, විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී,යුනියන් බැංකුව

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC