2023 යුනියන් ඇෂුවරන්ස් ඩයමන්ඩ් සම්මාන උළෙලේ දී යුනියන් බැංකුවේ, ‘බැංකු රක්ෂණ කණ්ඩායම්’ විශිෂ්ට සම්භාවනාවට ලක්වේ !

ශ්‍රී ලංකාවේ ‘බැංකු රක්ෂණ’ (Bancassurance) ක්ෂේත්‍රයේ අග්‍රගණ්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ලෙස ගෞරවාදරයට පාත්‍ර වූ යුනියන් ඇෂුවරන්ස් – ‘ඩයමන්ඩ් සම්මාන උළෙල’, මෙවරත් ඉමහත් උත්සවශ්‍රීයෙන් පවත්වන ලදී. ‘නොබිඳෙන දීප්තිය’ (Unbreakable Brilliance) යන තේමාව යටතේ මෙවර සම්මාන උළෙල සංවිධානය කර තිබූ අතර, සේවා ප්‍රතිඵල වෙනුවෙන් ඉහළම ඇගයීම් සාක්ෂාත් කරගෙන තිබූ යුනියන් බැංකුවේ ‘බැංකු රක්ෂණ කණ්ඩායම්’ එම උත්සවයේ දී ඔවුන්ගේ විශිෂ්ට ජයග්‍රහණ සඳහා සම්භාවනාවට ලක් විය. මෙහිදී ජයග්‍රාහකයින් 85කට අධික සංඛ්‍යාවකට, ඔවුන්ගේ විශිෂ්ට කුසලතා වෙනුවෙන් ගෞරවාභිමානයට ලක්කර ත්‍යාග ප්‍රදානය කරන ලදී. ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාගවල සිට විදේශ සංචාර දක්වා ඉතා ආකර්ෂණීය ත්‍යාග රැසක් හිමිවිය.

වැඩිම යොමුකිරීම් (referrals) ආදායම් උපයන්නන් සඳහා, ඩයමන්ඩ් සම්මාන (තනි පුද්ගල) ජයග්‍රහණ හිමිකරගත්තේ, පිළිවෙළින් ලක්ෂිකා හැඩිගල්ල (බොරැල්ල), සුමිත් මාන්නපෙරුම (කුලියාපිටිය) සහ රාජන් ෂන්මුගේස්වරන් (කොටහේන) ය. CEO’s Lounge සම්මාන (තනි පුද්ගල) ජයග්‍රහණය කළේ, පිළිවෙලින් ලක්ෂිකා හැඩිගල්ල (බොරැල්ල), සුමිත් මාන්නපෙරුම (කුලියාපිටිය) සහ ඩෙවෝන් ජෝශප් රෙබර්ට් (කොල්ලුපිටිය – එලීට් කවය) ය.

හොඳම කලාප කළමනාකරු ලෙස කලාප 1B හි චමින්ද ප්‍රනාන්දුත්, කලාප කළමනාකාර කාණ්ඩය යටතේ ඉහළම ගාස්තු ආදායම් උත්පාදනය වෙනුවෙන් කලාප 1A හි කසුන් ද සිල්වාත්, එහිදී සම්මාන දිනාගන්නා ලදී. වාර්ෂික ශූරතා පළිහ දිනාගන්නා ලද්දේ, පිටකොටුව ශාඛාව යි. මෙවර ඩයමන්ඩ් ක්ලබ් සම්මාන ප්‍රදානෝත්සවයේ ඉහළම ත්‍යාග, වරකාපොල, කුලියාපිටිය, කොටහේන, මොරටුව, නාවල සහ බොරැල්ල ශාඛා විසින් හිමිකරගනු ලැබුවේ, වාරික අඛණ්ඩතාව සහ රක්ෂණ ඔප්පු සංඛ්‍යාව පවත්වා ගනිමින් – පවරන ලද ANBP ඉලක්කය 150%ට වඩා ඉක්මවා සාක්ෂාත් කරගැනීමට දැක්වූ විශිෂ්ට සමත්කම වෙනුවෙනි.

Leave a comment

For security, use of Google's reCAPTCHA service is required which is subject to the Google Privacy Policy and Terms of Use.

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC