යුනියන් බැංකුවේ ‘UB GO’ ජංගම දුරකථන යෙදවුම ඩිජිටල් ගෙවීම් සඳහා Lanka QR ප්‍රමිතියෙන් සවිබල ගැන්වෙයි

යුනියන් බැංකුව සිය පාරිභෝගිකයන් හට බාධාවකින් තොර ගෙවීම් අත්දැකීමක් හිමිකර දීම සඳහා සිය ජංගම දුරකථන බැංකුකරණ යෙදවුමට LankaClear පහසුකම හිමිවී ඇති බව පසුගියදා නිවේදනය කළේය.

Lanka Quick Response (QR) ගෙවීම් යනු LankaClear ආයතනය විසින් නිර්මාණය කරන ලද මුදල් රහිත ගෙවීම් ක්‍රමයක්වන අතර ශ්‍රී ලංකාව තුළ QR ගෙවීම් හඳුන්වා දෙමින් ගෙවීම් කටයුතු ප්‍රමිතිකරණය කිරීම එහි අරමුණයි.

LankaQR පහසුකමින් යුතු යුනියන් බැංකු ජංගම දුරකථන යෙදවුම හරහා පාරිභෝගිකයන් හට යුනියන් බැංකු ඉතිරිකිරීමේ හෝ ජංගම ගිණුමක් හරහා ඕනෑම අනුමත අලෙවි නියෝජිතයෙකු වෙත කඩිනමින් සහ ආරක්ෂිතව ගෙවීම් සිදු කිරීමේ අවස්ථාව උදා වේ. එය කිසිඳු අවදානමකින් තොරව ක්ෂණිකව බිල්පත් පියවිය හැකි පහසු ක්‍රමවේදයක්වන අතර විශේෂයෙන් වත්මන් වසංගත කාලය තුළ මුදල් අතේ ගෙන යාමේ සහ අනවශ්‍ය ලෙස මුදල් කවුන්ටරවල රැඳී සිටීමේ අභියෝගය ජය ගැනීම සඳහා මැනවින් උපකාරී වේ.

“LankaQR පහසුකමින් සවිබල ගැන්වුණු යුනියන් බැංකු ජංගම දුරකථන යෙදවුම හරහා පාරිභෝගිකයන් හට සිය ජංගම දුරකථනය භාවිත කරමින් ඕනෑම හවුල්කාර අලෙවි නියෝජිත ආයතනයකදී කඩිනමින් බිල්පත් පියවීමේ හැකියාව හිමි වනවා. මෙමගින් අපගේ පාරිභෝගිකයන් හට දිගු පෝලිම්වල රැඳී සිටීමට ගතවන කාලය කැපීපෙනෙන මට්ටමකින් අවමකර ගත හැකි අතර සුපිරි වෙළෙඳසැල්, පාරිභෝගික භාණ්ඩ අලෙවිසැල්, ප්‍රවාහන සේවා ආදී පුළුල් පරාසයක විහිදුනු නිෂ්පාදන සහ සේවා මිලදී ගැනීම සඳහා මෙම සේවාව නොමිලේ ම භාවිත කළ හැකියි. මෙය අපගේ පාරිභෝගිකයන්ගේ ඩිජිටල් බැංකුකරණ අත්දැකීම පරිවර්තනීය වෙනසකට ලක් කිරීම සඳහා අප දක්වන කැපවීමේ තවත් ඉදිරි පියවරක්වන අතර ඉදිරියේදී තවදුරටත් පාරිභෝගිකයන් හට විශිෂ්ට බැංකුකරණ පහසුවක් හිමිකර දීම සඳහා ජංගම බැංකුකරණ යෙදවුම තවත් වැඩිදියුණු කිරීමට ආයෝජන සිදු කිරීමට ද අප බලාපොරොත්තු වනවා,” යනුවෙන් යුනියන් බැංකුවේ පාරිභෝගික බැංකුකරණ අංශයේ උප සභාපතිනී චායා ජයවර්ධන මහත්මිය සඳහන් කළාය.

LankaQR පහසුකම හරහා ගෙවීම් සිදු කිරීමට යුනියන් බැංකු පාරිභෝගිකයන් කළ යුත්තේ ‘UB Go’ ජංගම බැංකුකරණ යෙදවුම ඩවුන්ලෝඩ් කර, තම ගිණුමට ඇතුළත් වී ගෙවීම් සඳහා නිවැරදි සැකසුම් සකස් කිරීම පමණි. ගෙවීම් සිදු කිරීමේදී, අලෙවි නියෝජිත ස්ථානයේ Lanka QR සලකුණ වෙත ගොස් එහි ඇති QR කේතය ස්කෑන් කර ගෙවීම සිදු කළ හැකිය.එලෙස සිදුකරන ගෙවීම ක්ෂණිකව අලෙවි නියෝජිතයාට යොමුවන අතර ගෙවීම යොමු වූ වහාම ඒ බව තහවුරු කරමින් පාරිභෝගිකයා හට කෙටි පණිවිඩයක් යොමු කෙරේ.

මෙම පහසුකම පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට හෝ UB GO යුනියන් බැංකු ජංගම දුරකථන යෙදවුමට ලියාපදිංචි වීම සඳහා යුනියන් බැංකු පාරිභෝගිකයන් හට පැය 24 පුරා ක්‍රියාත්මක 0115 800 800 පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකය ඇමතිය හැකිය. නැතිනම් www.unionb.com යුනියන් බැංකු වෙබ් අඩවියට පිවිසිය හැකිය.

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC