යුනියන් බැංකුවේ එලයිට් සර්කල් ප්‍රමුඛතා බැංකු සේවාව වෙතින් තවත් වරප්‍රසාද

යුනියන් බැංකුව සිය ගනුදෙනුකරුවන්ගේ විශේෂිත අවශ්‍යතාවලට ගැලපෙන නව විශේෂාංග කිහිපයක් සමඟින් යුනියන් බැංකුවේ ‘එලයිට් සර්කල් ( Union Bank Elite Circle) ප්‍රමුඛතා බැංකු සේවාව පසුගියදා යළි දියත් කළේය. පාරිභෝගිකයින්ට සුවිශේෂී බැංකු අත්දැකීමක් සඳහා වරප්‍රසාද ලබා දෙමින් අලුතින් වැඩි දියුණු කරන ලද නිෂ්පාදනය පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් බැංකුව මෑතකදී ‘’ජීවිතයේ හොඳම දේ බැංකුකරණයටත් ‘’ යන තේමාව යටතේ ප්‍රචාරණ වැඩ සටහනක් දියත් කරන ලදී.

මෙම සේවාව හරහා පාරිභෝගිකයින්ට, කැපවූ සම්බන්ධතා කළමනාකරුවන්ගේ කණ්ඩායමක් සමග පුද්ගලීකරණය කළ බැංකු සේවා සහ ධනය කළමනාකරණයේ සිට මුල්‍ය විශේෂඥ උපදේශන සේවා දක්වා පුළුල් පරාසයක මූල්‍ය විසඳුම් සහ සේවාවන් සමඟ කාර්යක්ෂම බැංකු අත්දැකීම් ලබා ගත හැක. කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති සුවිශේෂී යුනියන් බැංකුවේ එලයිට් සර්කල් මධ්‍යස්ථානය සහ ශාඛා ජාලය පුරා වෙන් වූ සුවිශේෂී අවකාශයන් එහි සාමාජිකයින්ට උපරිම පහසුව සලසා දෙයි.

යුනියන් බැංකුවේ එලයිට් සර්කල් සාමාජිකයෙකු වීම මඟින්, ආයෝජන සහ ණය සඳහා මනාප පොලී අනුපාත, වරණීය ගාස්තු, ආරක්‍ෂිත තැන්පතු ලොකර් සඳහා විශේෂ ගාස්තු, රක්ෂණ විසඳුම් මෙන්ම ආයෝජන මත හදිසි ණය ඇතුළුව අගය එකතු කළ සේවාවන් වෙත ප්‍රවේශය ලබා දේ. යුනියන් බැංකුවේ එලයිට් සර්කල් සාමාජිකයින්ට ආයෝජන සහ උපදේශන සඳහා පුළුල් විකල්ප ලබා දීම කෙරෙහි අවධානය යොමු කරමින්, යුනියන් බැංකු එහි අනුබද්ධිත සමාගම වන National Asset Management Ltd හරහා අරමුදල් කළමනාකරණය පිළිබඳ විශේෂඥ උපදේශන සේවා මෙන්ම බදු සහ නීතිමය උපදේශන සේවා ද ලබා ගත හැක

යුනියන් බැංකුවේ ජාත්‍යන්තර වීසා ඩෙබිට් කාඩ්පතක් සහ යුනියන් බැංකු සිග්නේචර් ක්‍රෙඩිට් කාඩ්පතක් සමඟ ගෝලීය ප්‍රවේශ පහසුව සමඟ බැංකුවේ ඩිජිටල් බැංකු සේවා කිහිපයක් සමඟ සම්බන්ධ වීමෙ පහසුව ලබා ගත හැක.

වරප්‍රසාදවල කොටසක් ලෙස යුනියන් බැංකුවේ එලයිට් සර්කල් සාමාජිකයින්ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ විවේකාගාරයේ වරප්‍රසාද නොමිලේ භුක්ති විඳිය හැකිය. යුනියන් බැංකුවේ Elite Circle සාමාජිකයින්ට ගෝලීය සෞඛ්‍ය ආවරණ සහ සංචාර සඳහා විශේෂ වාරික යටතේ Allianz සහ Fairfirst වෙතින් රක්ෂණ ආවරණ හරහා සෞඛ්‍ය සහ සුවතා ප්‍රතිලාභ ඇතුළු වට්ටම් පිරිනමනු ලැබේ. ඊට අමතරව සාමාජිකයින්ට ක්‍රෙඩිට් කාඩ්පත් මත 0% වාරික සැලසුම් සහ වසර පුරා දීමනා සමඟ දීර්ඝ ගෙවීම් සැලසුම් සුවිශේෂී වෙළඳුන් පරාසයකින් ද ලබා ගත හැක

සිල්ලර බැංකුකරණයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති චායා ජයවර්ධන මහත්මිය පැවසුවේ, “යුනියන් බැංකුවේ Elite Circle යනු සුවිශේෂී ගනුදෙනුකරුවන්ගේ සුවිශේෂී අවශ්‍යතා අවබෝධ කර ගැනීම සඳහා නිර්මාණය කර ඇති බැංකු යෝජනාවකි. සේවා මට්ටම් තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහි බැංකුවේ අවධානය යොමු කරන අතරම, අභිරුචිකරණය කළ මූල්‍ය විසඳුම් සමඟින් පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය කෙරෙහි වඩාත් වැඩි අවධානයක් යොමු කරමින් අභිනවයෙන් වැඩිදියුණු කරන ලද යුනියන් බැංකුවේ Elite Circle පුද්ගලීකරණය කළ බැංකු අත්දැකීම යළි නිර්වචනය කරයි.

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC