ලොව සිව්වන විශාලතම පොල් නිෂ්පාදනය කරන රට ලෙස ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය ප්‍රචලිත අතර එය රටේ ආර්ථිකයේ ප්‍රධාන දායකයෙකි.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සංවර්ධනය කිරීමට සහ තිරසාර ව්‍යාපාර ගොඩනැගීමට දරන උත්සාහයේ කොටසක් ලෙස යුනියන් බැංකුව “කප්රුක අයෝජන” ණය මාර්ගය හරහා පොල් වගාකරුවන් නඟාසිටුවීමට අඛණ්ඩව අරමුදල් සහ උපදේශන සේවා සපයයි.
යුනියන් බැංකුවේ සංවර්ධන මූල්‍යකරණ සහ ව්‍යාපාර පුනර්ජීවන/පුනරුත්ථාපන පිළිබඳ ප්‍රධාන කළමනාකරු ජානක එදිරිසිංහ මහතා පැවසුවේ, “පොල් බහුකාර්ය බහු වාර්ෂික බෝගයක් වන නිසා එහි නිසි අස්වැන්නක් ලබා ගැනීමට අවම වශයෙන් අවුරුදු පහක් හෝ හතක් ගොවීන්ට බලා සිටීමට සිදුවන බැවින් ඔවුන් වගා කටයුතු සඳහා ණය ගැනීමට වැඩි උනන්දුවක් නොපෙන්වයි. එබැවින් “කප්රුක අයෝජන” ණය යෝජනා ක්‍රමය මඟින් ගොවීන්ට 8% ක (වාර්ෂික) ඉතා ආකර්ශනීය ස්ථාවර පොලී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 3.0 දක්වා ණය ලබා දීමට යුනියන් බැංකුව සහය වේ.
“කප්රුක” ණය යෝජනා ක්‍රමය මගින් විද්‍යාත්මකව සකස් කරන ලද විශේෂ ගොවිතැන් සැලසුම් හරහා ඉඩමේ පවතින සම්පත් ප්රශස්ත ලෙස භාවිත කිරීම සහතික කිරීම තුළින් ඉහළ ඵලදායිතාවක් සහ ස්ථාවර ආදායමක් සාක්ෂාත් කර ගැනීම සඳහා මුල්‍ය මග පෙන්වීම සපයයි.
පොල් වතු අලුතින් වගා කිරීම, නැවත වගා කිරීම සහ පුනරුත්ථාපනය කිරීම, අන්තර් භෝග වගාව, සත්ව පාලන ව්‍යාපෘති සහ යන්ත්‍රෝපකරණ/උපකරණ මිලදී ගැනීම ඇතුළු බොහෝ සංවර්ධන කටයුතු සඳහා යුනියන් බැංකුව ඉහත ණය යෝජනා ක්‍රමය හරහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙයි. මාස 12ක සහන කාලයක් ඇතුළුව ණය ආපසු ගෙවීම සඳහා වගාකරුවන්ට වසර පහක් දක්වා කාලයක් මේ යටතේ ලබා දෙයි. තවද, පොල් වගාකරුවන්ට පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් අර්ධ පොලී ප්‍රතිපූරණයක් හිමි වන අතර එමඟින් ඔවුන්ගේ මූල්‍ය පිරිවැය තවදුරටත් අඩු කරගත හැක.
යුනියන් බැංකුව වසර 25ක් පුරා අඛණ්ඩව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වර්ධනයට සහාය දෙන අතර, කුඩා තේ වතු හිමියන්ගේ ණය යෝජනා ක්‍රමය (TSHCL), කුඩා හා මධ්‍ය පරිමාණ ණය යෝජනා ක්‍රමය (SMELoC) සහ කාන්තා ව්‍යවසායකයින් දිරි ගැන්වීම සඳහාද සහනදායී පොලී අනුපාත යටතේ අරමුදල් සහ ප්‍රවේශය ලබා දෙයි.


