යුනියන් බැංකුවේ නවතම ‘ඩිජිටල් කලාප’ සමඟ ගනුදෙනුකරුවන්ට පහසු ඩිජිටල් බැංකුකරණ අත්දැකීමක්

යුනියන් බැංකුව, ඩිජිටල් බැංකුකරණ සේවා තවදුරටත් පුළුල් කරමින් ගනුදෙනුකරුවන්ට වඩාත් පහසු සහ අපූරු සේවා අත්දැකීම් ලබාගැනීමට අවකාශ සලසන නවතම කටයුත්තක් සඳහා මුලපිරීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව, කොළඹ 3 යුනියන් බැංකු ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රයේ අලුතෙන් පිහිටවූ යුනියන් බැංකුවේ ප‍්‍රථම ‘ඩිජිටල් බැංකුකරණ කලාපය’ මගින් සතියේ දින 7 දීම පැය 24 පුරා ‘ස්මාර්ට් බැංකුකරණ සේවා’ ලබාගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව උදාවී ඇත.

යුනියන් බැංකුව ඩිජිටල්කරණ කිරීමේ ව්‍යාපෘතියේ තවත් ඉදිරි පියවරක් වන මෙය – ගනුදෙනුකරුවන්ට ඉතා පහසු, අවහිරතා කිසිත් නැති සේවාවක් ලෙස තවදුරටත් ව්‍යාප්ත කරමින්, මෙම වසර තුළදී දිවයිනේ තවත් ප‍්‍රමුඛ ශාඛා කීපයක ‘ඩිජිටල් බැංකුකරණ කලාප’ පිහිටුවීමට බැංකුව දැනටමත් සැලසුම් කර ඇත.

මෙම ‘ඩිජිටල් බැංකුකරණ කලාප’, ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර (ATM), මුදල් ප‍්‍රතිචක‍්‍රීයකරණ යන්ත‍්‍ර (CRM), සහ චෙක්පත් තැන්පතු, උපයෝගිතා බිල්පත් ගෙවීම් හා තවත් සේවා සඳහා, අතිනවීන ස්වයංක‍්‍රීය පහසුකම්වලින් සමන්විත ය. මේවා මගින්, දවසේ පැය 24 පුරාම මුදල් තැන්පත් කිරීම, මුදල් ආපසු ගැනීම, කාඩ් රහිත තැන්පතු, යුනියන් බැංකු ගිණුම්වලට අරමුදල් මාරුකිරීම, යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඞ්පත් ගෙවීම් සහ ගිණුම් ශේෂ විස්තර ලබාගැනීම ආදී අත්‍යවශ්‍ය බැංකු සේවා රැසක් ලබාගැනීමට ගනුදෙනුකරුවන්ට හැකියාව උදාවේ. ‘ජීවිතයට නව්‍ය වෙනසක්’ යන යුනියන් බැංකු තේමා පාඨය තවතවත් තහවුරු කරමින්, මේ නවතම සේවා වැඩිදියුණු කිරීම් එක්කරමින් ගනුදෙනුකරුවන්ගේ ‘ඩිජිටල් පහසුව’ ඉහළ නංවීමට බැංකුව අඛණ්ඩව කටයුතු කරයි.

1990 දශකයේ, ශ‍්‍රී ලාංකීය බැංකුකරණ ක්ෂේත‍්‍රයට ‘අන්තර්ජාල බැංකුකරණය’ හඳුන්වාදුන් පූරෝගාමියා, යුනියන් බැංකුවයි. එදා මෙදාතුර, අතිනවීන ඩිජිටල් බැංකුකරණ සේවා නිමැවුම් ගණනාවක් සමග, යුනියන් බැංකුව සිය ඩිජිටල්කරණ ගමන්මග අඛණ්ඩව පුළුල්කර ගනිමින් සිටියි. ගනුදෙනුකරුවන්ගේ ඩිජිටල් බැංකුකරණ පහසුව ඉහළ නංවන – අපූරු සේවා පහසුකම්වලින් යුත් ‘UBgo ඩිජිටල් යෙදවුම’ මෙන්ම නවතම තාක්ෂණය, ඒකාබද්ධ කිරීම් සහ ඩිජිටල් හැකියාවන්ගෙන් සමන්විත – ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන් වෙනුවෙන් ඇති, ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම මුදල් කළමනාකරණ සේවා නිමැවුම ‘Union Bank – BizDirect’, ඒ අතරින් විශේෂයෙන් කැපීපෙනෙයි. අංගසම්පූර්ණ ඩිජිටල් නව්‍යකරණ පරිසරයක් නිර්මාණය කිරීමට උපකාර වන ‘පරිපූර්ණ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම්’ වැඩිදියුණු කරගැනීම සඳහා, යුනියන් බැංකුව අඛණ්ඩව වසරින් වසර ආයෝජනය කරයි.

ඡායාරූපය: යුනියන් බැංකු ප‍්‍රධාන කාර්යාලයේ ඩිජිටල් බැංකුකරණ කලාපය

Leave a comment

For security, use of Google's reCAPTCHA service is required which is subject to the Google Privacy Policy and Terms of Use.

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC