නිර්වාන චෞද්‍රි යුනියන් බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත් වෙයි

2023 දෙසැම්බර් 21 දින සිට යුනියන් බැංකුවේ නව සභාපතිවරයා ලෙස නිර්වාන චෞද්‍රි මහතා පත් කර ඇත. චෞද්‍රි මහතා 2023 ඔක්තෝම්බර් මාසයේ දී යුනියන් බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කෙරිණි. මනා පළපුරුද්දක් ඇති දක්ෂ ව්‍යාපාරිකයෙකු වන ඒ මහතා CG Capital Partners Global Pte Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ සහ නේපාලයේ CG Corp ගෝලීය සමූහයේ, සමාගම් කිහිපයක සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි. නේපාලයේ කත්මන්ඩු විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියක් සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් (MBA) ලබා ඇති චෞද්‍රි මහතා, එක්සත් රාජධානියේ ලන්ඩන් ව්‍යාපාරික පාසලේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ Entrepreneurial Masters පාඨමාලාව සාර්ථක ව අවසන් කර ඇත.

මෙම පත් වීමට සමගාමී ව යුනියන් බැංකුවේ නව අධ්‍යක්ෂවරුන් ලෙස මෙලේ මුකර්ජි සහ සංජේ පොක්‍රෙල් මහත්වරු පත් කර ඇත.

2023 ඔක්තෝම්බර් මාසයේ දී යුනියන් බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කෙරුණු මෙලේ මුකර්ජි මහතා, විගණනය, අවදානම් කළමනකරණය සහ තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍ර පිළිබඳ වසර හතලිස් දෙක කට (42) වැඩි පළපුරුද්දක් සහිත පළපුරුදු බැංකු කරුවෙකු වන අතර ඉන්දියාවේ බැංකු ක්ෂේත්‍රයේ ප්‍රධාන තනතුරු රැසක් දරා ඇත. ඒ මහතා CG Corp Global සමාගම ප්‍රධාන කොටස් හිමියා වන නේපාලයේ නබිල් බැංකුවේ (Nabil Bank) හි අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරයි. මුකර්ජි මහතා ඉන්දියාවේ බනාරස් හින්දු විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් (MSc) ලබා ඇති අතර, ඔහු ඉන්දියාවේ බැංකු හා මූල්‍ය ආයතනයෙන් බැංකු හා මූල්‍ය පිළිබඳ ගෞරවනීය ශිෂ්‍යත්වයක් ලබා ඇත.

සංජේ පොක්‍රෙල් මහතා 2023 නොවැම්බර් මාසයේ දී යුනියන් බැංකුවේ විධායක නොවන, ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කෙරුණු අතර, ඒ මහතා ඩුබායි හි CG Corp Global සමාගමේ ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කර ගැනීම් ප්‍රධානියා ලෙස කටයුතු කරයි. පොක්‍රෙල් මහතා ඉතා පළපුරුදු මූල්‍ය විශේෂඥයෙක් සහ ආයෝජන කළමනාකරණය, ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කර ගැනීම් සහ වත්කම් කළමනාකරණය පිළිබඳ පුළුල් පළපුරුද්දක් ඇති වරලත් ගණකාධිකාරීවරයෙකි.

මෙම පත්වීම්, යුනියන් බැංකුවට වඩා වැඩි අත්දැකීම් සහ විශේෂඥ දැනුමක් ලබා දෙමින් එහි උපායමාර්ගික හැකියාවන් සහ නායකත්වය විවිධාංගීකරණය සහ ශක්තිමත් කිරීමට උපායමාර්ගික පියවරක් සනිටුහන් කරන අතර බැංකු සේවාවල වර්ධනය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය වැඩිදියුණු කිරීමට බැංකුවේ කැපවීම පිළිබිඹු කරයි.

ඡායාරූප : යුනියන් බැංකුවේ නව සභාපති නිර්වාන චෞද්‍රි මහතා සහ යුනියන් බැංකුවේ නව අධ්‍යක්ෂවරුන් වන මෙලේ මුකර්ජි සහ සංජේ පොක්‍රෙල් යන මහත්වරු.

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC