යුනියන් බැංකුව 25 වන සංවත්සරය වෙනුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ සීනුව නාද කරයි

සේයා රූ සටහන: 

වමේ සිට දකුණට: කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක, යුනියන් බැංකුවේ අධ්‍යක්ෂිකා දිල්ශානි විජයවර්ධන, යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ සරත් වික්‍රමනායක, යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ, යුනියන් බැංකුවේ උප සභාපතිනී-නීති අංශයේ ප්‍රධානී/සමාගමේ ලේඛකාධිකාරි ඉනෝකා ජයවර්ධන, යුනියන් බැංකුවේ තොග බැංකුකරණ අංශයේ උප සභාපතිනී හිරන්ති ද සිල්වා සහ කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ අධ්‍යක්ෂ දිල්ශාන් වීරසේකර

යුනියන් බැංකුව සිය 25 වන සංවත්සරය නිමිත්තෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ (CSE) සමාරම්භක සීනුව නාද කළේය. එය, මෙම සුවිශේෂී සංධිස්ථානය සනිටුහන් කරමින් යුනියන් බැංකුව සංවිධාන කර ඇති වැඩසටහන් පෙළෙහි එක් අදියරකි.

කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ සමාරම්භක අවස්ථා, එහි ලැයිස්තුගත සමාගම්වල සුවිශේෂී සංධිස්ථාන සැමරීමටත්, ව්‍යාපාරික ප්‍රජාව, ආර්ථිකය සහ සමස්ත සමාජයට කැපීපෙනෙන දායකත්වයක් ලබා දෙන වැඩසටහන් දියත් කිරීමට එම සමාගම් සම්බන්ධ කර ගැනීමත් වෙනුවෙන් සංවිධාන කෙරේ.

කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ යුනියන් බැංකුව ලැයිස්තුගත වීමේ වැදගත්කම අවධාරණය කරමින් එම බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, යුනියන් බැංකුව 2011 වසරේදී ලැයිස්තුගත සමාගමක් බවට පත්වීමත් විවිධාකාරයෙන් එය ප්‍රතිඵලදායි වූ බවය.

යුනියන් බැංකුව 2011 වසරේදී සිදු කළ මූලික මහජන නිකුතුව (IPO) සඳහා වාර්තාගත ප්‍රතිචාරයක් හිමි වූ අතර, එය බැංකුවේ 25 වසරක ඉතිහාසයේ සුවිශේෂී ම හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් වුණා. කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක් ලෙස අපගේ සන්නාමයට පුළුල් ප්‍රචාරණයක් ලබා ගැනීමටත්, සන්නාම ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමටත් හැකි වූ අතර ඒ හරහා සේවාලාභීන්ගේ පදනම පුළුල් කර ගනිමින් ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු වර්ධනය කර ගැනීමට හැකි වුණා. විශේෂයෙන් අපගේ කොටස්හිමියන් ඇතුළු පාර්ශ්වකරුවන් අප කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් ඔවුන්ට අපගේ කෘතවේදිත්වය හිමි විය යුතුයි. අප වසර ගණනක් පුරා මෙම වර්ධනය අත්කර ගත්තේ ඔවුන් අප කෙරෙහි තැබූ එම විශ්වාසය මතයි. වසර ගණනක පටන් යුනියන් බැංකුව කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව සමග ඇති සබඳතාව ඉදිරියට ගෙන යාමට සමත්ව සිටිනවා. රටට දිගුකාලීන දේශීය සහ විදේශීය ප්‍රාග්ධනය ලබා ගැනීම ඇතුළුව යුනියන් බැංකුව ප්‍රාග්ධන වෙළඳපොළ සඳහා දක්වා ඇති දායකත්වය පිළිබඳ අප සතුටු වනවා. TPG සමාගම සිදු කළ සුවිශේෂී ආයෝජනය එම දායකත්වයන් අතර කැපී පෙනෙනවා. යුනියන් බැංකුව 2018 S&P SL 20 ලැයිස්තුවේ ලැයිස්තුගත වීමත් සමග එහි ප්‍රමුඛස්ථානය තවත් තහවුරු වුණා.”

යුනියන් බැංකු සමූහයවන නැෂනල් ඇසට් මැනේජ්මන්ට් ලිමිටඩ් (NAMAL) මෙරට කොටස් වෙළඳපොළේ වර්ධනය සඳහා සුවිශේෂී දායකත්වයක් දැක්වූ බවත්, මෙරට ප්‍රථම ලැයිස්තුගත ඒකක භාරය දියත් කිරීම සඳහා පුරෝගාමී වීම සහ කොටස් සහ ස්ථාවර ආදායම් වෙළඳපොළ ආයෝජන පිළිබඳ සාර්ථක ඉතිහාසයකට හිමිකම් කීමත් එම දායකත්වය මැනවින් පිළිබිඹු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දශක දෙකහමාරක අත්දැකීම් සම්භාරය සමගින් යුනියන් බැංකුව 2020 වසරේදී පුළුල් සේවාවක් හරහා මෙරට ආයතන, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මෙන්ම පුරවැසියන් ද මුල්‍යමය වශයෙන් සවිබල ගැන්වීමට මනා මුල්‍යමය ශක්තියකින් සහ ස්ථාවරත්වයකින් පසුවන බව ද යුනියන් බැංකු ප්‍රධානී සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා, 1995 වසරේ පටන් යුනියන් බැංකුව අත්කර ගත් ප්‍රගතිය පැසසුමට ලක් කළ අතර මෙම සුවිශේෂී සංධිස්ථානය සනිටුහන් කිරීම සඳහා කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ සීනුව නාද කිරීමේ වේදිකාව තෝරා ගැනීම පිළිබඳ බැංකුවේ නායකත්ව කණ්ඩායමට සිය ප්‍රසාදය පළ කළේය. යුනියන් බැංකුව බැංකුකරණ ක්ෂේත්‍රය තුළ සිදු කර ඇති මෙහෙවර හේතුවෙන් වසර ගණනක පටන් ආයෝජකයන් හට අගය ලබා දීමට හැකි වී ඇති බවත් එමගින් බැංකුවේ වර්ධනයට අවස්ථා රැසක් උදා වී ඇති බවත් ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

25 වසරක ගමන්මග තුළ යුනියන් බැංකුව අභියෝග, අවස්ථා මෙන්ම වර්ධනීය වශයෙන් පරිණාමීය අදියර රැසක් පසුකර ඇත.

ලොව විශාලත ම ආයෝජන සමාගමක්වන TPG සමාගම එහි අනුබද්ධිත සමාගමක්වන Culture Financial Holdings සමාගම හරහා 2014 වසරේදී යුනියන් බැංකුවේ කොටස් 70%ක් වෙනුවෙන් සිදු කළ ඇමරිකානු ඩොලර් මිලියන 117 ක ආයෝජනය යුනියන් බැංකුවේ තවත් සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළේය. එය මෙරට බැංකුකරණ ක්ෂේත්‍රය තුළ සිදු වූ විශාලත ම සෘජු විදේශ ආයෝජනයක් වේ. එම ආයෝජනය යුනියන් බැංකුවේ වේගවත් වර්ධනයේ නව යුගයක් සනිටුහන් කළේය. මුල්‍ය ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර අත්දැකීම් සමගින් වර්තමානයේ යුනියන් බැංකුව පුද්ගලයන්, ව්‍යවසායකයන් සහ ආයතන මුල්‍යමය වශයෙන් සවිබල ගැන්වීම සඳහා පරිපූර්ණ සේවා සපයන වාණිජ බැංකුවක් බවට පත්ව සිටී.

එම ප්‍රාග්ධන හිමිකමත් සමග යුනියන් බැංකුව සිය සේවා, මානව සම්පත්, තාක්ෂණික සහ බෙදාහැරීම් හරහා සිය සේවාලාභීන් හට වෙනස් වූ බැංකුකරණ අත්දැකීමක් පිරිනැමීමට සැලකිය යුතු ආයෝජන රැසක් සිදු කරමින් පරිවර්තනීය ගමන්මගට පිවිසියේය. දිවයින පුරා විහිදුනු ශාඛා 67 කින් සමන්විත ශාඛා ජාලය සහ පුළුල් ATM ජාලයත්, ඩිජිටල් බැංකුකරණ විසඳුම් ද සමගින් යුනියන් බැංකුව පාරිභෝගිකයාට වඩාත් පහසුවෙන් සිය සේවා හිමිකර ගැනීමේ අවස්ථාව උදාකර ඇත. ක්‍රමෝපායිකව සිය මෙහෙයුම් කටයුතු ප්‍රතිසැකසුම් කිරීම සහ මූලික බැංකුකරණ මෙහෙයුම් කටයුතු වර්ධනය කර ගැනීම සඳහා ඉලක්ක කර ගැනීම හරහා යුනියන් බැංකුව විශේෂයෙන් 2018 සිට 2019 මුල්‍ය වර්ෂය තුළ කැපීපෙනෙන වසරින් වසර ලාභ වර්ධනයක් අත්කර ගැනීමට සමත් විය. එය මෑතකදී බැංකුව විසින් නිකුත් කරන ලද මුල්‍ය ප්‍රතිඵල මගින් මනාව පෙන්නුම් කෙරේ.

සිය 25 වන වසර සමරන මේ මොහොතේත් ඉන් පසුව එළඹෙන කාල පරිච්ඡේදය තුළත් යුනියන් බැංකුව සිය පාරිභෝගික, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ භාණ්ඩාගාරික ව්‍යාපාර වඩාත් ශක්තිමත් කිරීමටත්, තිරසර වර්ධනයක් අත්කර ගැනීම සඳහා තමන් හට තරගකාරී වෙළඳපොළ තුළ ඇති පැහැදිලි වාසිසහගත තත්ත්වයෙන් උපරිම ඵල නෙළා ගැනීමටත් කටයුතු කිරීමට සැලසුම් කර ඇත. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ ආයතන වර්ධනය සඳහා ඉදිරියටත් කැපවීමට යුනියන් බැංකුව කටයුතු කරනු ඇත. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ශ්‍රී ලාංකේය ආර්ථිකයේ ද වර්ධනයේ ගාමක බලවේගය ලෙස හඳුනා ගෙන ඇති අතර ඉදිරි වසර ගණන පුරා එම අංශය යුනියන් බැංකුවේ වාණිජ බැංකුකරණය තුළ ප්‍රමුඛතාව හිමිකර ගනු ඇත. ශීඝ්‍රයෙන් වර්ධනය වන විට පාරිභෝගික පදනමට වඩාත් පහසු බැංකුකරණ අත්දැකීමක් ලබා දීම සඳහා යුනියන් බැංකුව ඉදිරියේදී ද ඩිජිටල් බැංකුකරණ විසඳුම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ඇත.

යුනියන් බැංකුවේ අනාගතය ඉතාම සුබදායීයි. එබැවින් බැංකුවේ බහුවිධ වර්ධනයේ ප්‍රතිලාභ අත්කර ගන්නා ලෙස අප සියලු පාර්ශ්වකරුවන්ට ආරාධනා කර සිටිනවා,” යනුවෙන් වික්‍රමසිංහ මහතා අවසාන වශයෙන් සඳහන් කළේය.

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC