යුනියන් බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ඩිල්ෂාන් රුද්‍රිගු මහතා පත් කෙරෙයි

2024 ජනවාරි 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සිය නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ඩිල්ෂාන් රුද්‍රිගු මහතා පත් වන බව යුනියන් බැංකුව නිවේදනය කරයි.

ඩිල්ෂාන් රුද්‍රිගු මහතා බැංකු ක්ෂේත්‍රයේ දශක දෙකකට අධික අත්දැකීම් සහ පළපුරුද්දක් සහිත ප්‍රමුඛ පෙළේ විධායක නිලධාරියෙකි. මෙම පත් වීමට පෙර හැටන් නැෂනල් බැංකුවේ (HNB) විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා ලෙස සේවය කළ රුද්‍රිගු මහතා, එහි දී මධ්‍යගතකරණය, ස්වයංක්‍රීයකරණය, සේවාවන් බාහිරින් ලබා ගැනීම ආදී ක්ෂේත්‍ර තුළ ගාමක බලවේගය බවට පත් වෙමින් හැටන් නැෂනල් බැංකුවේ ආයතනික සංස්කෘතිය තුළ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත. එමෙන් ම ඒ මහතා පුහුණුව, කුසලතා සංවර්ධනය සහ පිරිවැය ප්‍රශස්තකරණය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් හඳුන්වා දීම හරහා හැටන් නැෂනල් බැංකුවේ වර්ධනයට දායක වීම තුළින් වඩාත් පිළිගැනීමට ලක් වී ඇති වෘත්තිකයෙකි.

බැංකු, රක්‍ෂණ, ආයෝජන බැංකුකරණ සහ ඇඟලුම් ආදී විවිධ වෘත්තීය ක්ෂේත්‍රවල ජ්‍යේෂ්ඨ තනතුරු රැසක් හොබවා ඇති රුද්‍රිගු මහතා, වර්තමානය වන විට ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන අතර, HNB ෆිනෑන්ස් සමාගමේ සහ ලංකා මුල්‍ය සේවා කාර්යාංශයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත. එමෙන් ම HNB ඇෂුවරන්ස් PLC සහ Guardian Acuity Management Ltd ඇතුළු පිළිගත් ආයතන රැසක අධ්‍යක්ෂ තනතුරු දරා ඇති ඒ මහතා ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ කවුන්සිලයේ (SLID) සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි. 2011/12 සහ 2019/20 යන වසරවල ආසියානු බැංකු කරුවන්ගේ සංගමයේ (තායිවානය) ප්‍රතිපත්ති උපදේශක කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇති රුද්‍රිගු මහතා, CIMA, ACCA සහ Risk Professional Forum හි වාර දෙකක දී සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත. රුද්‍රිගු මහතා UK Cranfield University, FCMA UK සහ FCCA UK යන විශ්වවිද්‍යාලවලින් පශ්චාත් උපාධි ලබා ඇති අතර, ඔහු දශකයකට වැඩි කාලයක් විවිධ උපාධි හා පශ්චාත් උපාධි වැඩසටහන් (CIMA, ACCA, PIM MBA) සඳහා දේශකවරයෙකු ලෙස සිය දායකත්වය ලබා දෙයි.

මෙම නව පත්වීම පිළිබඳ අදහස් දක්වමින් යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ “යුනියන් බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ඩිල්ෂාන් රුද්‍රිගු මහතා පත් කිරීමට ලැබීම ගැන මම ඉතා සතුටට පත් වෙනවා. ඒ වගේ ම යුනියන් බැංකුවේ ඉදිරි වර්ධනය වෙනුවෙන් රුද්‍රිගු මහතා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි මම විශ්වාස කරනවා. මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ ඔහු සතු නායකත්ව අත්දැකීම් සම්භාරය අපගේ කණ්ඩායම සාර්ථකව මෙහෙයවීම සඳහා ඉතා ශක්තියක් වනු ඇත.”

ප්‍රබල CG Corp Global සමූහයේ ශක්තිය සමඟ ක්‍රියාත්මක වන යුනියන් බැංකුව, මූල්‍ය විසඳුම් සැපයීම හරහා ගනුදෙනුකරුවන් වෙත විශ්වසනීය බැංකුවක් ලෙස සිය ස්ථාවරත්වය පවත්වාගෙන යාමට කැප වී සිටී.

ඡායාරූපය : යුනියන් බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් රුද්‍රිගු මහතා.

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC