යූනියන් බැංකුවේ දේපළ මත ණය පහසුකම් සමගින් ඔබට විකල්ප ණය විසදුම් සෙවීමට අවශ්‍ය වන්නේ නැත. ඔබේ වාණිජමය හෝ නේවාසික ස්ථාවර දේපළ සඳහා පහසු, නම්‍යශීලි නැවත ගෙවීමේ ක්‍රම යටතේ ණය පහසුකම් ලබාගැනීමේ හැකියාව දැන් ඔබ සතුයි.
විශේෂාංග හා ප්‍රතිලාභ
- ලබාගත හැකි ණය වටිනාකම අවම රු. 500,000 සිට උපරිමය රු. මිලියන 25 දක්වා
- උපරිම අවුරුදු 25ක් දක්වා වූ නැවත ගෙවීම් කාලයක් හිමිවේ
- සහකාරිය හෝ සහකරු සමග හවුලේ අයදුම් කිරීමේ හැකියාව
- වේගවත්, කාර්යක්ෂම සේවාවක්
- ණය ආරකෂණ ආවරණයන් සඳහා තරඟකාරී වාරික
සපුරාලිය යුතු සුදුසුකම්
- වයස අවුරුදු 18 – 55 අතර ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතුය.
- අවම වශයෙන් මාස 12ක සේවා කාලයක් සපුරා ඇති ස්ථිර වෘත්තිකයෙකු විය යුතුය.
- වැටුප් ලබන පුද්ගලයින් – මසකට රුපියල් 100,000.00 සිට 150,000.00 දක්වා ශුද්ධ ආදායම.
- ස්වයං රැකියා වෘත්තිකයන්/තනි හිමිකරුවන් හෝ හවුල්කරුවන් – මසකට රුපියල් 200,000.00 ලාභයේ/ආදායමෙහි ශුද්ධ කොටස සහිත.
අවශ්‍ය ලියකියවිලි
- සම්පුර්ණ කරන ලද ස්ථාවර දේපළ ඇපකාර ණය අයදුම්පත
- ජාතික හැදුනුම්පතේ පිටපතක්
- මෑතකදී ලබාගත් මාසික වැටුප් වාර්තා පිටපත්
- සේවා නියුක්තිය හා ආදායම තහවුරු කරමින් සේව්‍යයා විසින් ලබාදෙන ලිපියක්
- වැටුප් නොලබන ස්වාධීන වෘත්තිකයන්ගේ නැවත ගෙවීම තහවුරු කරන ආදායම් මාර්ග සහතික කරන ලියවිල්ලක්
- ස්ථාවර නියෝග/වැටුප් වාර්තාව සහතික කළ ලිපියක්
- උකස් කිරීමට නියමිත දේපළ හිමිකම් ඔප්පු පත
- දේපළ සඳහා අදාල පිඹුරුපත් වල පිටපත්
- ගොඩනැගිලි සඳහා අනුකූලතා සහතිකයක් ඉදිරිපත් කළ යුතුය
- කොන්දේසි සහිතයි.
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






