ප්‍රධාන කාඩ්පත් හිමියන්ගේ සහ පරිපූරක කාඩ්පත් හිමියන්ගේ හිමිකම්, වගකීම් සහ බැඳීම්
- ප්‍රධාන කාඩ්පත් හිමියා විසින් නම්කරනු ලබන පුද්ගලයෙකුට පරිපූරක කාඩ්පතක් නිකුත් කිරීම යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ පීඑල්සී ආයතනයේ පූර්ණ අභිමතය පරිදි සිදු කෙරේ. පරිපූරක කාඩ්පත/කාඩ්පත් නිකුත්කිරීම බැංකුවට සුදුසු යයි හැඟෙන නියමයන් සහ කොන්දේසි වලට යටත්ව සිදු කෙරේ.
- ප්‍රධාන කාඩ්පත් හිමියා විසින් පරිපූරක කාඩ්පතක් නිකුත් කිරීමට අනුමැතිය ලබාදෙනු ලබන ඕනෑම පරිපූරක කාඩ්පතක්/කාඩ්පත් හිමියෙකු/හිමියන් කාඩ්පත/කාඩ්පත් භාවිතය සම්බන්ධ සියලු හුවමාරු සහ ගාස්තු සඳහා ඒකාබද්ධව සහ දැඩි ලෙස වගකීමට බැඳී සිටී.
- පරිපූරක කාඩ්පතේ වලංගු කාලය ප්‍රධාන කාඩ්පතේ වලංගු කාලය මත පදනම් වේ. පරිපූරක කාඩ්පත හෝ බැංකුව සමග පරිපූරක කාඩ්පත් හිමියාට ඇති ගිවිසුම අත්හිටුවීම හරහා ප්‍රධාන කාඩ්පත හෝ බැංකුව සමග ප්‍රධාන කාඩ්පත් හිමියාට ඇති ගිවිසුම අත්හිටුවීමට ලක් නොවේ.
- ප්‍රධාන කාඩ්පත් හිමියා පරිපූරක කාඩ්පත් හිමියා/හිමියන් සඳහා අඩු ණය සීමාවක් ලබාදෙන ලෙස බැංකුවට උපදෙස් ලබා දීමක් සිදු කර නැතිනම් ප්‍රධාන කාඩ්පත් හිමියාගේ ණය සීමාව ම පරිපූරක කාඩ්පත් හිමියාට/හිමියන්ට ද හිමිවේ.
- ලිඛිත දැනුම්දීමක් සහ පරිපූරක කාඩ්පත් කොටස් දෙකකට කඩා බැංකුවට ඉදිරිපත් කිරීමෙන් ප්‍රධාන කාඩ්පත් හිමියාට පරිපූරක කාඩ්පත් පහසුකම අවලංගු කළ හැකිය.
- ප්‍රධාන සහ පරිපූරක කාඩ්පත් හිමියන් අතර සිදුවන මතභේද ප්‍රධාන සහ පරිපූරක කාඩ්පත් හිමියන්ට යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ පීඑල්සී ආයතනයට ඇති එකඟතා, වගකීම් සහ බැඳීම් වලට බලපෑමක් ඇති නොකළ යුතුය.
- පරිපූරක කාඩ්පත් හිමියා විසින් සිදුකරනු ලබන සහ සියලු ගනුදෙනු සහ ඔහුට/ඇයට අදාළ ඕනෑම ගාස්තුවක් ප්‍රධාන කාඩ්පත් හිමියාට සම්බන්ධ ගනුදෙනුවක් හෝ ගාස්තුවක් ලෙස සැලකෙන අතර එය ප්‍රධාන කාඩ්පත් හිමියාහේ වගකීමක් වේ.
- ඕනෑම නෛතික නොහැකියාවක් හෝ ගෙවීමේ හැකියාවක් නොමැතිවීම හෝ පරිපූරක කාඩ්පත් හිමියා විසින් එවැනි ඕනෑම නියමයක් හෝ කොන්දේසියක් කඩකළ විටෙක බැංකුවට දැරීමට සිදුවන සියලු අලාභ, හානි, වගකීම්, වියදම් සහ පිරිවැය සඳහා ප්‍රධාන කාඩ්පත් හිමියා හානිපූරණය කළ යුතුය.
- පරිපූරක කාඩ්පත කල් ඉකුත්වන විට, කිසියම් අයුරකින් ගිවිසුම කඩකර නොමැති නම් බැංකුව විසින් ස්වයංක්‍රීයව කාඩ්පතේ වලංගු කාලය අලුත් කරනු ලැබේ.
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






