0117 818181

ණය තොරතුරු කාර්යාංශය (CRIB) යනු කුමක්ද?

ණය තොරතුරු කාර්යාංශය යනු (CRIB) යනු ණය ලබාගන්නා අයගේ ණය තොරතුරු සහ ඔවුන්ගේ ණය ලබාගැනීමේ ඉතිහාසය පිළිබඳ තොරතුරු ගබඩාකර තබා ගන්නා ආයතනයයි. සියලු ම බලයලත් මුල්‍ය ආයතන පාරිභෝගිකයන් හට ලබාදෙන ණය සහ ඔවුන් එම ණය ගෙවන ආකාරය පිළිබඳ නිරවද්‍ය තොරතුරු එම කාර්යංශයට ලබාදීමට බැඳී සිටී. සියලු බලයලත් මුල්‍ය ආයතන ලබාදෙන තොරතුරු ණය තොරතුරු කාර්යාංශයේ එක්රැස් කෙරේ.

යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ ආයතනය ද ණය තොරතුරු කාර්යංශයට ණය ලබාගන්නා අයගේ ණය තොරතුරු සහ ණය ලබාගැනීමේ ඉතිහාසය ලබාදීමට බැඳී සිටී. ණය තොරතුරු කාර්යංශයට ණය තොරතුරු වාර්තා කිරීමේ ක්‍රියාවලිය පහත පරිදි වේ,

  • ප්‍රථම වරට කාඩ්පතක් නිකුත් කරනු ලබන ඕනෑම අවස්ථාවක ණය සීමාව, ලබාදී ඇති සුරැකුම් සහ පරිපූරක කාඩ්පත් හිමියාගේ තොරතුරු කාඩ්පත් හිමියාගේ ජාතික හැඳුනුම්පත් අංකය/විදේශ ගමන් බලපත් අංකය යටතේ මාසය අවසානයේදී ණය තොරතුරු කාර්යාංශයට වාර්තා කෙරේ.
  • ක්‍රෙඩිට් කාඩ්පතේ ශේෂය, ක්‍රෙඩිට් කාඩ්පතේ කල් ඉක්මවූ දින ගණන කාඩ්පත් හිමියා බැංකුව සමග ක්‍රෙඩිට් කාඩ්පත් පහසුකම ලබාගන්නා කාල සීමාව තුළ සෑම මාසයක් අවසානයේදී ම ණය තොරතුරු කාර්යංශයට වාර්තා කෙරේ.

ණය තොරතුරු වාර්තා කිරීම නිසා ණය ලබාගන්නා පිරිසට ඇති වාසි

  • ණය ලබාගන්නා තමන් ලබාගත් ණය/ක්‍රෙඩිට් කාඩ්පත් මුදල් කලට වෙලාවට යළි ගෙවාදමන විට සහ යහපත් ලෙස ණය ගෙවීමේ වාර්තාවක් පවත්වාගෙන යන්නේ නම් අනාගතයේදී බැංකු/මුල්‍ය ආයතන මගින් ණය පහසුකම් ලබාගැනීමට පහසු වේ.
  • ඔහුට හෝ ඇයට විශිෂ්ට ණය ඉතිහාසයක් පවතින්නේ නම් බැංකු හෝ මුල්‍ය ආයතන සමග සාකච්ඡා කර වඩාත් ඉහිල් නියමයන් සහ කොන්දේසි ලබාගත හැකිය.

ණය ගෙවීම් පැහැර හැර ඇති විට එම තොරතුරු ණය තොරතුරු කාර්යංශයට වාර්තා වීම නිසා ඇතිවිය හැකි අවාසි

  • ණය පහසුකම් ලබාදීමේදී ණය තොරතුරු කාර්යාංශයෙන් අනුමැතිය ලබාගැනීම අනිවාර්ය කර ඇති බැවින් කඩිනමින් ණය ලබාගැනීමට නොහැකි වනු ඇත.
  • මුල්‍ය ආයතනවල අමතර නියමයන් සහ කොන්දේසි වලට එකඟවීමට සිදුවනු ඇත.

ණය තොරතුරු කාර්යාංශයේ යහපත් ණය ඉතිහාසයක් පවත්වා ගැනීමට කළ යුත්තේ

  • ණය පහසුකමක් ලබාගැනීමට පෙර සැමවිට ම ඔබගේ ආදායම විශ්ලේෂණය කර ණය පියවීමේ හැකියාව පිළිබඳ අවබෝධයක් ලබාගන්න.
  • මුල්‍ය ආයතනයේ නියමිත දින හෝ ඊට පෙර ගෙවිය යුතු ණය මුදල් ගෙවා දමන්න. (ක්‍රෙඩිට් කාඩ්පතක නම්, ගෙවීම් සිදු කළ යුතු දින හෝ ඊට පෙර ගෙවිය යුතු යයි ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රකාශනයේ දක්වා ඇති අවම මුදල හෝ සමස්ත ගෙවිය යුතු මුදල හෝ ගෙවාදමන්න)
  • ඔබගේ ණය ගෙවීමේ හැකියාවට බලපෑමක් ඇතිවන අනපේක්ෂිත තත්ත්වයකට මුහුණදීමට සිදුවුවහොත් සැමවිට ම ඒ පිළිබඳ බැංකුව/මුල්‍ය ආයතනය දැනුවත් කර නියමයන් සහ කොන්දේසි වෙනස් කර ගැනීමට කටයුතු කරන්න.
  • කලින් කලට ඔබගේ ණය ඉතිහාසය පරික්ෂා කරන්න.
  • ණය වාර්තාවේ කිසියම් වරදක් ඇත්නම් ඒ පිළිබඳ වහාම බැංකුව/මුල්‍ය ආයතනය හෝ ණය තොරතුරු කාර්යාංශය දැනුවත් කර එය නිවැරදි කර ගන්න.

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC