ඔබේ සිහින නිවස සැබෑවක් බවට පත්කරගැනීම සඳහා යුනියන් බැංකුවෙන් ආකර්ෂණීය පොලී අනුපාත යටතේ නිවාස ණය පහසුකම්.
විශේෂාංග හා ප්රතිලාභ
- ඔබගේ ආපසු ගෙවීමේ හැකියාව අනුව උපරිම ණය ප්‍රමාණය තීරණය වේ.
- ආපසු ගෙවීමේ කාලය අවුරුදු 25ක් දක්වා
- කලත්‍රයා සමග හවුලේ ණය අයදුම් කිරීමේ හැකියාව
- ඉක්මනින් හා පහසුවෙන් ණය පහසුකම් අනුමත කෙරේ.
- තරගකාරී වාරික යටතේ ණය ආරක්ෂණ ආවරණයක් සහ ගිනි රක්ෂණයක්
සුදුසුකම්
- වයස අවුරුදු 18 ත් 55 ත් අතර විය යුතු ය.
- බැංකුව පිළිගන්නා සමාගම් හෝ ආයතනවල රැකියාවේ නියුතු, වැටුප් ලබන පුද්ගලයන් විය යුතු ය.
- වැටුප් ලබන පුද්ගලයින් – මසකට රුපියල් 100,000.00 සිට 150,000.00 දක්වා ශුද්ධ ආදායම.
- ස්වයං රැකියා වෘත්තිකයන්/තනි හිමිකරුවන් හෝ හවුල්කරුවන් – මසකට රුපියල් 200,000.00 ලාභයේ/ආදායමෙහි ශුද්ධ කොටස සහිත.
පහත දේවල් සඳහා යුනියන් බැංකුවේ නිවාස ණය ලබාගත හැක.
- නිවසක් හෝ ඉඩමක් මිලදීගැනීම
- නිවසක් ඉදිකිරීම
- නිවසක කටයුතු සම්පූර්ණ කිරීම
- නිවසක් අලුත්වැඩියා කිරීම හෝ නිවසට අලුතින් කොටසක් එක්කිරීම
- නිවස සම්බන්ධයෙන් දැනට ඇති ණය මුදලක් පියවීම
අවශ්‍ය ලිපිලේඛන
- නිසි ලෙස සම්පූර්ණ කරන ලද ණය අයදුම්පත්‍රය
- ජාතික හැඳුනුම්පතේ පිටපතක්
- මෑතකදී ලැබුණු වැටුප් වාර්තාවේ පිටපත්
- රැකියාව සහ වැටුප තහවුරු කරමින් සේවා ස්ථානය මගින් නිකුත් කරන ලද ලිපියක්
- කොන්දේසි සහිතයි.
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






