පොළී රහිත සහන කාලය
කිසියම් මුල්‍ය ප්‍රකාශනයක ඇතුළත් මුදල් හුවමාරු සඳහා එම මුදල් ප්‍රකාශනයේ කාල සීමාව තුළ පොළී අය නොකෙරේ. පොළී රහිත උපරිම ණය කාල සීමාව දින 51කි.
ගෙවිය යුතු අවම ගාස්තුව ගණනය කිරීම
ගෙවිය යුතු අවම මුදල ගණනය කෙරෙනුයේ මුළුමනින් ම රජයේ බදු/ගාස්තු සහ සියලු ම වෙනත් මුදල් හුවමාරු සහ ගාස්තුවලින් 4%කින් යුතුවය. බලපැවැත්වෙන අවම ගෙවිය යුතු මුදල රු. 500කි. ‘සමස්ත ගෙවිය යුතු මුදල’ මෙම බලපැවැත්වෙන අවම ගෙවිය් යුතු මුදලට වඩා අඩු නම් අවම මුදල ලෙස එම සමස්ත මුදල ගෙවිය යුතු වේ.
කාඩ්පත් හිමියාට පසුගිය හිඟ මුදල් ද ගෙවීමට ඇත්නම්, එම අගය වත්මන් ගෙවිය යුතු සමස්ත අවම අගයට එකතු කරනු ලැබේ.
ගෙවීම් සිදු කළ යුතු දිනයේදී ගෙවිය යුතු අවම මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් ඔබගේ ගිණුම මුදල් ගෙවීම් පැහැර හරින ලද ගිණුමක් ලෙස වර්ගීකරණය කෙරෙනු ඇත. මෙමගින් ඔබගේ ණය ඇගයුම කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇති අතර එමගින් ණය තොරතුරු කාර්යංශයට (CRIB) සෘණාත්මක තොරතුරු යොමු කෙරෙනු ඇත.
ප්‍රමාද ගාස්තු
ගෝල්ඩ්/ප්ලැටිනම් ක්‍රෙඩිට් කාඩ්පත් – රු. 750
සිග්නේචර් කාඩ්පත් – නොමිලේ (කරුණාකර ගාස්තු ලේඛනය බලන්න)
ප්‍රමාද ගාස්තු අය කෙරෙනුයේ ගෙවීම් සිදු කළ යුතු දිනයේදී හෝ ඊට පෙර ගෙවිය යුතු අවම මුදල ගෙවා නොමැතිනම්ය.
ප්‍රමාද ගාස්තු අය කෙරෙනුයේ පොළියට අමතරවවන අතර පහත දැක්වෙන අවස්ථාවලදී එය අය කෙරෙනු ලැබේ.
- මුල්‍ය ප්‍රකාශනය සකස් කෙරුණු දිනයත් ගෙවීම් සිදු කළ යුතු දිනයත් අතර ගෙවීම් නොලැබුණු විට
- සිදු කරන ලද ගෙවීම ගෙවිය යුතු අවම මුදලට වඩා අඩු නම් (සමස්ත ගෙවිය යුතු මුදලින් 5%ක්)
සීමාව ඉක්මවීමේ ගාස්තු
සියලු ම කාඩ්පත් සඳහා පොදුවේ රු. 750ක ස්ථාවර අගයක් අය කෙරේ (කරුණාකර ගාස්තු ලේඛනය බලන්න)
කාඩ්පත් හිමියා ඔහුට/ඇයට නියමිත ණය සීමාව ඉක්මවා යාමේදී සීමාව ඉක්මවීමේ ගාස්තු අය කෙරේ
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






