අවලංගු කිරීමේ ක්‍රියාවලිය
- තම ක්‍රෙඩිට් කාඩ්පත හෝ පරිපූරක ක්‍රෙඩිට් කාඩ්පත/කාඩ්පත් අවලංගු කිරීමට අවශ්‍ය නම් ප්‍රාථමික කාඩ්පත් හිමියා විසින් කොළඹ යුනියන් බැංකුවට ඒ සම්බන්ධව ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය.
- අවලංගු කරන ලද කාඩ්පත හෝ කාඩ්පත් කාන්දම් තීරුව/EMV චීපය කැඩී යන සේ කොටස් හතරකට කඩා යළි බාර දීම ද එම ඉල්ලීම සමග සිදු කළ යුතුය.එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වූ විට බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානය එම කාඩ්පත හෝ කාඩ්පත් අවහිර කර කාඩ්පත අවලංගු කිරීම සඳහා ඉල්ලීම ඉදිරිපත්වන මොහොතවන තෙක් සිදු නොවූ මුදල් හුවමාරු සිදු කිරීමේ අවස්ථාව සලසා දීම සඳහා දින 14ක කාලයක් පුරා එලෙස අවහිර කර තබයි.
- කාඩ්පත් හිමියා එම කාලසීමාව තුළ ගෙවීමට ඇති ගෙවීම් සිදු කර නොමැති නම් ප්‍රාථමික කාඩ්පත් හිමියා ගෙවීමට ඇති සියලු ම ගෙවීම් සිදු කළ යුතුය.
- ගෙවීමට ඇති සියලු ම ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව සහ ඉහත සඳහන් දින 14ක කාලයෙන් පසුව අදාළ ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුම ස්ථිර ලෙස වසා දැමෙන අතර, කොළඹ යුනියන් බැංකුවට කාඩ්පත් හිමියා සමග ඇති ගිවිසුම එතෙකින් අවසන් වේ.
- ක්රෙඩිට්කාඩ්පත අවසාන කිරීම පිළිබඳ බැංකුව විසින් කාඩ්පත් හිමියාට ලිඛිතව දැනුම්දෙනු ලැබේ.
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






