0117 818181

යුනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් මත ණය සේවාව හරහා දැන් වඩාත් පහසුවෙන් මුදල් අවශ්‍යතා ඉටුකර ගන්න. වාරික වශයෙන් ගෙවීමේ පහසුව සමගින් උපරිම නම්‍යශීලි බවක් අත්විඳින්න. කාඩ්පතේ ණය සීමාවෙන් 75% ක උපරිමයක් දක්වා ණය ලබා ගත හැකිය.

මෙහෙයුම් ගාස්තු කලින් ගෙවීමට හෝ මාසික වාරික ලෙස ගෙවීමට හෝ හැකිය.

ගෝල්ඩ්, ප්ලැටිනම් සහ සිග්නේචර් කාඩ්පත්:

කාල සීමාව මෙහෙයුම් ගාස්තු (01/10/2022 දින සිට)
මාස  3 5%
මාස  6 8%
මාස  12 14%
මාස  24 26%
මාස  36 38%

අවම ණය මුදල – රු. 25,000

උපරිම ණය මුදල – කාඩ්පතේ ණය සීමාවෙන් 75% ක් හෝ රු. 500,000 යන විකල්ප දෙකින් අඩු විකල්පය. මෙහෙයුම් ගාස්තුව ඇතුළු සම්පූර්ණ ණය මුදල කාඩ්පතේ  තිබේද යන්න මත මෙය තීරණය වේ.

නිදර්ශනය:

ප්ලැටිනම් කාඩ්පතේ රු. 100,000 ක කාඩ්පත් ණය පහසුකම සඳහා

කාල සීමාව කාඩ්පත් ණය පහසුකම සඳහා ගාස්තු (01/10/2022 දින සිට) ගාස්තු අගය (කලින් හෝ මාසික වාරික ලෙස හෝ ගෙවිය හැකිය) ගාස්තුව ඇතුළත්ව මාසික වාරිකය ගාස්තුව කලින් ගෙවන්නේ නම් මාසික වාරිකය
මාස 3 5% රු.5,000 රු.35,000.34 රු.33,333.33
මාස 6 8% රු.8,000 රු.18,000.33 රු.16,666.67
මාස 12 14% රු.14,000 රු.9,500 රු.8,333.33
මාස 24 26% රු.26,000 රු.5,250 රු.4,166.66
මාස 36 38% රු.38,000 රු.3,833.33 රු.2,777.78

අවශ්‍ය ලියකියවිලි:

සම්පූර්ණ කරන ලද කාඩ්පත් ණය අයදුම්පත්‍රය (යොමුව)

නියමයන් සහ කොන්දේසි

යුනියන් බැංකුව – ක්‍රෙඩිට් කාඩ්පත් ණය පහසුකම

  1. කාඩ්පත් ණය පහසුකම හරහා ලබා ගත හැකි අවම ණය මුදල රු. 25,000 කි. කාඩ්පත් ණය පහසුකම හරහා ලබාගත හැකි උපරිම ණය මුදල කාඩ්පතේ ණය සීමාවෙන් 75% ක් වන අතර එය කාඩ්පතේ වත්මන් ණය සීමාව මත තීරණය වේ. කාඩ්පත් ණය පහසුකම සඳහා අයදුම් කරන පාරිභෝගිකයා කාඩ්පත් ණය අයදුම්පත්‍රය සම්පූර්ණ කර බැංකුවට ලබා දිය යුතුය.
  2. ණය මුදල පියවා ගැනීම සඳහා කාඩ්පත් හිමියා විසින් තමන්ගේ නමට ඇති යුනියන් බැංකු ජංගම හෝ ඉතිරිකිරීමේ ගිණුම් අංකයක් ලබා දිය යුතුය.
  3. කාඩ්පත්හිමියාගේ ඉල්ලීම/අයදුම්පත්‍රය පිළිබඳ තීරණය කෙරෙනුයේ ඒවන විට කාඩ්පතේ ගනුදෙනු යහපත් අයුරින් සිදුවී ඇත්ද යන්න සහ යුනියන් බැංකුවේ අනුමැතිය අනුවය. කිසිඳු හේතුවක් නොදක්වා ඕනෑම අයදුම්පත්‍රයක්/ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමේ බලය බැංකුව සතුය.
  4. කාඩ්පත් ණය මුදල් සඳහා රිවොර්ඩ්ස් ලකුණු හිමි වන්නේ නැත.
  5. කාඩ්පත් ණය පහසුකම සඳහා, යුනියන් බැංකුව විසින් කලින්-කලට තීරණය කරනු ලබන මෙහෙයුම් ගාස්තුවක් ද අදාළ වේ.
  6. කාඩ්පත් ණය කලින් පියවීම හෝ කලින් අවසන් කිරීම බැංකු ගාස්තුවලින් නිදහස් වීමට සුදුසුකමක් නොවේ.
  7. කාඩ්පත භාවිත කර ඇති මාස ගණන සහ එහි පැවැත්ම මත කාඩ්පත්හිමියා මෙම සේවාවට සුදුසුකම් ලබන්නේ ද, නැතිද යන්න තීරණය කිරීමේ පූර්ණ බලය බැංකුව සතුය.
  8. මාස 12 ක කාලයක් තුළ එක් වරකට වඩා වැඩි වාර ගණනක් මෙම පහසුකම ලබා ගත නොහැකිය.
  9. කාඩ්පත් ණය පහසුකම මුළුමනින් ම කාඩ්පත්හිමියාගේ ක්‍රෙඩිට් කාඩ්පත සඳහා පිරිනැමෙන පහසුකමක් පමණක් බව කාඩ්පත්හිමියා මුළුමනින් ම එකඟ වී පිළිගනී. මෙම පහසුකම මගින් ලබා ගන්නා මුදල් හරහා කාඩ්පත්හිමියා විසින් මිලදී ගනු ලබන කිසිඳු භාණ්ඩයක් හෝ සේවාවක් සම්බන්ධව යුනියන් බැංකුව කිසිඳු වගකීමකට බැඳී නොමැති අතර, එය කාඩ්පත්හිමියාගේ පූර්ණ අවදානම සහ වගකීම වේ. මෙම පහසුකම මගින් ලබා ගන්නා ලද මුදල් භාවිත කරමින් සිදු කරන ඕනෑම මිලදී ගැනීමක් සම්බන්ධව ඇතිවන ඕනෑම ගැටළුවක් අදාළ සැපයුම්කරු/අලෙවිකරු/තුන්වන පාර්ශ්වය සහ කාඩ්පත්හිමියා අතර විසඳා ගත යුතු අතර එය කාඩ්පත් ණය පහසුකම යටතේ කාඩ්පත්හිමියා විසින් යුනියන් බැංකුවට යළි පියවීමට ඇති බැඳීමට හෝ අදාළ ගාස්තු ගෙවීමට ඇති බැඳීමට කිසිඳු ආකාරයකින් බලපෑමක් ඇති නොකළ යුතුය.
  10. කාඩ්පත් ණය පහසුකමට අදාළ විශේෂාංග සහ සේවා තීරණය කිරීමේ බලය යුනියන් බැංකුව සතුවන අතර එම ඕනෑම විශේෂාංගයක්, සේවාවක් හෝ කොන්දේසියක් බැංකුවට යෝග්‍ය යයි හැඟෙන පරිදි වෙනස් කිරීමේ, නතර කිරීමේ හෝ සංශෝධනය කිරීමේ පූර්ණ බලය යුනියන් බැංකුව සතු වේ.
  11. මෙහි විශේෂයෙන් දක්වා ඇත්නම් හැර යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා බලපාන සාමාන්‍ය නියමයන් සහ කොන්දේසි කාඩ්පත් ණය පහසුකමට ද අදාළ වන අතර කාඩ්පත් ණය වාරික ක්‍රෙඩිට් කාඩ්පත මගින් සිදු කරන ලද සාමාන්‍ය ගනුදෙනුවක් සේ සැලකේ.
  12. කාඩ්පත් ණය මුදල මෙහෙයුම් ගාස්තු සමගින් සමාන මාසික වාරික ලෙස පියවිය හැකිය. කාඩ්පත් ණය මුදල සහ මෙහෙයුම් ගාස්තුවේ එකතුව කාඩ්පත් හිමියාවිසින් තීරණය කරන ලද කාල සීමාවෙන් බෙදීමෙන් කාඩ්පත් ණය වාරිකය ලැබේ.
  13. සමස්ත කාඩ්පත් ණය මුදල සහ එහි මෙහෙයුම් ගාස්තුව, පවත්නා ණය සීමාව තුළ අවහිර කෙරෙන අතර මාසික වාරික කාඩ්පත්හිමියාගේ ගිණුම් ප්‍රකාශනයට මාසිකව බිල් කෙරේ. එක් එක් වාරිකය යළි පියවන විට ක්‍රමිකව අවහිරය ඉහිල් කෙරේ.
  14. කාඩ්පත්හිමියා විසින් සිදු කරනු ලබන ගෙවීම් සිදු කෙරෙන්නේ යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් වෙන්කිරීමේ ධූරාවලියට අනුකූලව බව කාඩ්පත්හිමියා පිළිගනී.
  15. කිසියම් මාසයකදී කාඩ්පත් ණය වාරිකය ඇතුළු සමස්ත ගෙවීමට ඇති මුදල නියමිත දින හෝ ඊට පෙර ගෙවීමට අපොහොසත් වුවහොත්, එලෙස පියවා නොමැති වාරිකයේ කොටසට පවත්නා යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් පොළී අනුපාත බලපායි.
  16. ඕනෑම හේතුවක් මත පාරිභෝගිකයාගේ ක්‍රෙඩිට් කාඩ්පත අවසන් වූ විට, අවලංගු වූ විට, යළි අලුත් නොකළ විට හෝ අත්හිටවූ විට හෝ කාඩ්පත් ණය පහසුකම යටතේ ගෙවීමට ඇති මුදල් නොගෙවීම ඇතුළු ඕනෑම නියමයක් හෝ කොන්දේසියක් කඩ කිරීමක් හෝ යුනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත්වලට අදාළ සාමාන්‍ය නියමයක් හෝ කොන්දේසියක් කඩ වී ඇති විට ගෙවීමට ඇති කාඩ්පත් ණය වාරික සහ මෙහෙයුම් ගාස්තුව කඩිනමින් පියවිය යුතු අතර එය එකවර බැංකුවට ගෙවිය යුතුය.
  17. කාඩ්පත්හිමියා කිසියම් වාරිකයක් ගෙවීමට අපොහොසත් වුවහොත්, කාඩ්පත් ණය පහසුකම යටතේ ගෙවීමට ඇති මුදල කලින් අවසන් කර සමස්ත ගෙවීමට ඇති මුදල එක් ඒකාබද්ධ මුදලක් ලෙස හර කිරීමේ බලය යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ පීඑල්සී සතුය.

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC