COVID-19 වසංගත තත්ත්වයේ බලපෑමට ලක්ව සිටින පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා සහන 2021 මැයි 25 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත්කරන ලද 2021 අං: 05 දරන චක්‍රලේඛය
Covid-19 වසංගතයෙන් පීඩාවට පත් පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව 2021 මැයි මස 25 වනදා නිකුත් කරන ලද 2021 අං: 05 දරන චක්‍රලේඛය යටතේ, ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන Covid-19 තුන්වන රැල්ල හේතුවෙන් එහි බලපෑමට ලක්ව සිටින පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා සහන ලබා දීමටට ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කර ඇති උපදෙස් ප්‍රකාරව, සහන සඳහා අයදුම් කිරීමට අපේක්ෂාකරන සුදුසුකම්ලත් පාරිභෝගිකයන් හට තම තත්ත්වය පිළිබඳ තොරතුරු සහ නිශ්චිත ඉල්ලීම ලිඛිතව 21.06.2021 දින හෝ ඊට පෙර අදාළ යුනියන් බැංකු ශාඛාවට/සබඳතා කළමනාකරුට යොමුකරන මෙන් යුනියන් බැංකුව ඉල්ලා සිටී.
සහන වැඩසටහන යටතේ පිරිනැමෙන සහන පිළිබඳ සාරාංශයක් පහත දැක්වේ:
- සුදුසුකම්: 2021 මැයි 15 වනදා වන විට ගනුදෙනුකරන සියලු පාරිභෝගිකයින්
- සහන කාලය: 2021 මැයි මස 15 සිට අගෝස්තු මස 31 දක්වා (ශ්‍රී ලංකා මහ බැංකු චක්‍රලේඛය අනුව ඉහත සඳහන් කාලය තුළ ගෙවීමට නියමිත වාරික/යළි පියවීම් කල් යා හැකිය)
- කොන්දේසි: යළි පියවීමේ ආදායමට සිදු වී ඇති බලපෑම තහවුරුකර ගැනීමෙන් අනතුරුව එක් ඉල්ලීමෙන්-ඉල්ලීමට අනුව සහන පිරිනැමේ
- සහන වර්ගය: වෙනස්විය හැකිය. පාරිභෝගිකයාගේ ඉල්ලීම මත මූලික අගය සහ පොළිය සමාන වාරික ලෙස ගෙවීමට හෝ මූලික අගය සමාන වාරික ලෙස ගෙවීමට තෝරාගත හැකිය
- සහන සඳහා පොළිය: කල් දැමූ පියවීමේ පොළිය 365 නො ඉක්මවිය යුතුය. සමස්ත ශේෂයෙන් 1% ක පොළියක්
- ප්‍රතිව්‍යූහගත කිරීම: විකල්පයක් ලෙස. ණය ලබාගන්නාගේ යළි පියවීමේ හැකියාව මත බැංකුවලට දීර්ඝ කාලයකට ප්‍රතිව්‍යූහගත කළ හැකිය
- දඩ පොළී: සහන කාලය තුළ අය නොකෙරේ
- ප්‍රමාද ගෙවීම්: සංචරණ සීමා හේතුවෙන් උපරිම දින 10 කට යටත්ව යළි පියවීම් ප්‍රමාදවීම් සම්බන්ධව පාරිභෝගිකයන්ගේ ඉල්ලීම් භාරගනු ලැබේ
- ලීසිං සහන අදාළ නොවේ: 2021 මාර්තු මස 13 දින නිකුත්කරන ලද 2021 අං: 03 දරන චක්‍රලේඛය හෝ 2021 මාර්තු මස 19 වන දින නිකුත්කරන ලද 2021 අං: 04 දරන චක්‍රලේඛය යටතේ මේවන විට ද ලීසිං වාරික පියවීම් කල්දමා ඇති පාරිභෝගිකයන් ඉහත සඳහන් සහන සඳහා සුදුසුකම් ලබන්නේ නැත
ක්‍රෙඩිට් කාඩ්පත්වලට අදාළ සහන
- ගෙවීම් සිදු කළ යුතු දිනය දීර්ඝ කිරීම: COVID-19 මගින් ඇතිවූ බලපෑම් හේතුවෙන් නියමිත දිනට ගෙවීම් නොකිරීමට, සාධාරණ හේතු නිරූපණය කළ හැකි කාඩ්පත් හිමියන් සඳහා පමණක් ක්‍රෙඩිට් කාඩ් ගෙවීමේ තත්ත්වය ඉහත චක්‍රලේඛය නිකුත් කිරීමට පෙර පැවති ආකාරයටම පවත්වාගෙන යාමට බැංකුව විසින් අවශ්‍ය පියවර ගනු ලැබේ. 2021 අගෝස්තු 31 දක්වා බැංකුව විසින් මෙසේ පියවර ගනු ලැබේ.
- ගෙවීම්: කාඩ්පත් ගිණුමට අදාළව ගෙවිය යුතු පොළිය ආපසු හැරවීම සඳහා සුදුසුකම් ලැබීමට, ගෙවීමට ඇති සම්පූර්ණ මුදල ගෙවීම සඳහා කාඩ්පත් හිමියන් හට වැඩකරන දින10 ක උපරිමයකට යටත්ව අමතර කාලයක් ලබා දීමට බැංකුව කටයුතු කරයි. 2021 ජූනි 30 දක්වා බැංකුව විසින් මෙසේ පියවර ගනු ලැබේ.
- ප්‍රමාද ගාස්තු: ගෙවීම් සිදු කළ යුතු දින හෝ 2021 ජුනි මස ගිණුම් ප්‍රකාශය ලැබී දින 10 ක සහන කාලය තුළ හෝ ගෙවීම් සිදු කිරීමය අපොහොසත් වීම සම්බන්ධව කාඩ්පත් හිමියාට සාධාරණ හේතුවක් ඉදිරිපත් කළ හැකි නම් ප්‍රමාද ගාස්තු අවලංගු කෙරේ. (2021 මැයි 22 සිට 2021 ජුනි 21 දක්වා සහ 2021 ජුනි 5 සිට 2021 ජුලි 4 දක්වා)
ඉල්ලීම් යොමු කිරීම
අනිවාර්ය තොරතුරු සහ සම්බන්ධ කරගත හැකි විස්තර සමගින් ඉල්ලීම් පාරිභෝගිකයාගේ කාණ්ඩයට අනුව පහත දක්වා ඇති ඉ-මේල් ලිපිනයට යොමු කළ හැකිය.
පුද්ගලික බැංකුකරණ පාරිභෝගිකයින්
ඉ-මේල්: C19support-retail@unionb.com
දුරකථන: කරුණාකර ඔබගේ යුනියන් බැංකු ශාඛාව අමතන්න
ශාඛා නිවේශකය: https://www.unionb.com/atm-branch-locator/
ඉල්ලීම සමග පහත අනිවාර්ය තොරතුරු ද ඇතුළත් විය යුතුය:
-
- සම්පූර්ණ නම
- පදිංචි ලිපිනය
- ජා.හැ.අං/ගුවන් ගමන් බලපත් අං:
- දැනට පවත්නා සේවාව පිළිබඳ තොරතුරු (නිවාස/පුද්ගලික/දේපොළ ණය/ලීසිං/ක්‍රෙඩිට් කාඩ්පත්/උකස් සහ වෙනත්)
- සාක්ෂ්‍ය ලියකියවිලි සමගින් ඉල්ලීම ඉදිරිපත් කිරීමට හේතු
- ඉල්ලා සිටීම සහන කාලය
- සම්බන්ධ කරගත හැකි දුරකථන අංක: ස්ථාවර/ජංගම
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුකරණ පාරිභෝගිකයින්
ඉ-මේල්: C19support-sme@unionb.com
සම්බන්ධ කරගත හැකි දුරකථන අංක: පහත දක්වා ඇති යොමුවට පිවිස ඩවුන්ලෝඩ් කරගත් පෝරමය සම්පූර්ණකර සම්බන්ධ කරගත හැකි දුරකථන අංක සමගින් ඉහත ඉ-මේල් ලිපිනයට එය යොමු කරන්න. නැතිනම් ඔබට අදාළ යුනියන් බැංකු ශාඛාව අමතන්න.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහන අයදුම්පත්‍රය (Link)
ශාඛා නිවේශකය: https://www.unionb.com/atm-branch-locator/
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






