0117 818181

යුනියන් බැංකුවේ Back To School ව්‍යාපෘතිය

 

2017 මැයි මාසයේදී අයහපත් කාලගුණ තත්ත්වයෙහි ප්‍රතිඵලයක් නිසා ඇතිවූ විනාශකාරී ගංවතුර උවදුරට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදු විය. වර්ෂ 14කට පසුව ඇතිවූ විශාලතම ගංවතුර තත්ත්වය මෙය වූ අතර 200කට අධික ජීවිත සංඛ්‍යාවක් රටට අහිමි විය. නිරිත දිග මෝසම නිසා ඇතිවූ කාලගුණික වෙනස් වීම් හේතුවෙන් ගංවතුර පමණක් නොව නාය යාම්ද සිදුවූ අතර ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි ආසන්න වශයෙන් 717,622 ජනතාවක් එහි බලපෑමට ගොදුරුවී අසරණ වූහ.

 

මෙම විපතේදී රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පෙරට පැමිණෙමින් අසරණ ජනයාට පිහිට වූ අතර අසරණ ජනයාගේ ජීවනෝපායන් ඉදිරියට කරගෙන යාම සඳහා මෙන්ම අහිමි වූ නිවාස නැවත ඉදිකරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලදී. ඒ හරහා එ ජනතාවට නැවත නැගී සිටීමේ ශක්තිය ලබා දීමට එම ආයතන විසින් සුවිසල් කාර්යභාරයක් ඉටුකරන ලදී.

 

අසරණ ජනයාට උදව් උපකාර අවශ්‍යම කරන මෙම අවස්ථාවේදී යුනියන් බැංකුව ‘Back to School’ ව්‍යාපෘතිය දියත් කරමින් සිය ආයතනික සමාජීය වගකීම්සහගත භාවය පෙන්වා සිටි අතර, ගංවතුර නිසා ආපදාවන්ට මුහුණ දුන් සිසු දරු දැරියන්ගේ අධ්‍යාපනය නැවත ඉක්මනින් යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම එම ව්‍යාපෘතියෙහි අරමුණ විය.

ළමා පරපුර කෙරෙහි ඉතා ඉහළ අවධානයක් යොමුකරනු ලබන බැංකුවේ ආයතනික සමාජීය සත්කාර ප්‍රතිපත්තිය අනුව ව්‍යාපෘතිය දියත් කරන ලද අතර යුනියන් බැංකුවේ ආයතනික සමාජීය සත්කාර කමිටුව විසින් ඊට අවශ්‍ය නායකත්වය ලබා දෙන ලදී. එමෙන්ම යුනියන් බැංකුවේ ක්‍රීඩා සමාජයේ නොමඳ සහයෝගයද ඊට ලැබිණි.

 

අකුරැස්ස සහ රත්නපුර ප්‍රදේශයන්හි පාසල් දෙකක් මේ සඳහා තෝරා ගත් අතර එම ප්‍රදේශයන්හි යුනියන් බැංකුවේ කලාප/ ශාඛාවන්හි නියෝජිතයින් මගින් සිදුකරන ලද නිර්දේශයන් අනුව එම පාසල් දෙක තෝරා ගැනීම සිදුවිය.

 

පාසල් පොත් සහ අවශ්‍ය වෙනත් ද්‍රව්‍ය සහිත කට්ටලයන් සමග සපත්තු වවුචර් පත් සිසු සිසුවියන් 715 දෙනෙකු අතර බෙදා දීමට මෙම ව්‍යාපෘතිය මගින් කටයුතු කරන ලදී.

ව්‍යාපෘති අංක 01 – අතුරලිය මධ්‍ය මහා විද්‍යාලය, අකුරැස්ස

ව්‍යාපෘති අංක 02 – ර/ හල්දොල ප්‍රාථමික විද්‍යාලය, රත්නපුර

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC