යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් ශේෂය හුමාරු කිරීමේ සැලසුම සමගින් උපරිම මුල්‍ය නිදහස අත්විඳින්න. වෙනත් බැංකුවක ක්‍රෙඩිට් කාඩ්පතේ ගෙවීමට ඇති ශේෂය ආකර්ෂණීය ප්රතිලාභ රැසක් සමගින් යුනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පතකට යොමු කරගන්න.
- මාස 36ක් දක්වා පොළී රහිතව ගෙවන්න
- ස්ථාවර මෙහෙයුම් ගාස්තුවක් සමගින් මාස 3, මාස 6, මාස 12, මාස 24 සහ මාස 36ක නම්‍යශීලි මාසික වාරික ගෙවීමේ ක්‍රමයට ගෙවන්න
රු. 100,000ක් සඳහා ශේෂය හුවමාරු කිරීමේ වැඩසටහන
| කාලය | තෝරාගත් කාල සීමාව සඳහා වෙනත් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් වාර්ෂික පොළිය 36% | යුනියන් බැංකුවේ මෙහෙයුම් ගාස්තුව | යුනියන් බැංකුව විසින් අය කරනු ලබන ස්ථාවර මෙහෙයුම් ගාස්තුව | යුනියන් බැංකු ශේෂය හුවමාරු කිරීමේ සැලසුම අනුව ඉතිරිවන මුදල |
| මාස 3 | Rs. 9,000/- | 6% | Rs. 6,000/- | Rs. 3,000/- |
| මාස 6 | Rs.18,000/- | 8.5% | Rs. 8,500/- | Rs. 9,500/- |
| මාස 12 | Rs.36,000/- | 14.5% | Rs. 14,500/- | Rs. 21,500/- |
| මාස 24 | Rs.72,000/- | 27% | Rs. 27,000/- | Rs. 45,000/- |
| මාස 36 | Rs.108,000/- | 39% | Rs. 39,000/- | Rs. 69,000/- |
අවශ්‍යතා
- යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් හිමියෙකු විය යුතුය.
- ශේෂය හුවමාරු කිරීම සඳහා සුදුසුකම් ලබන අවම ශේෂය රු. 10,000කි.
- උපරිම අගය ක්‍රෙඩිට් කාඩ්පත් හිමියාගේ ණය සීමාව සහ බැංකුවේ අභිමතය මත තීරණය වේ.
- සම්පූර්ණ කරන ලද ශේෂය හුවමාරු කිරීමේ අයදුම් පත්‍රය
- ගෙවිය යුතු මුදල ගෙවන මෙන් ඉල්ලා අනෙක් බැංකුවට යොමු කරන ලද ලිපිය
- අනෙක් බැංකු ක්‍රෙඩිට් කාඩ්පතේ අවසන් ගනුදෙනු ප්රකාශනය
යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් ශේෂය හුවමාරු කිරීමේ අයදුම් පත්‍රය බාගත කරන්න
යුනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් ශේෂය හුවමාරු කිරීමේ ඉල්ලීම් ලිපිය බාගත කරන්න
නියමයන් සහ කොන්දේසි
- ඕනෑම මොහොතක ඕනෑම ශේෂය හුවමාරු කිරීමේ අයදුම් පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමේ පූර්ණ බලය යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ සතුය.
- ශේෂය හුවමාරු කිරීමේ වැඩසටහන යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ විසින් එහි ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් හට පිරිනමනු ලබන සේවාවක්වන අතර බැංකුවේ පූර්ණ අභිමතය පරිදි එය ඕනෑම මොහොතක අත්හිටුවීමට හෝ සංශෝධනයට ලක්විය හැකිය.
- අනෙක් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පතේ ගෙවීමට ඇති මුදල ගෙවන ලෙස යුනියන් බැංකුව අනෙක් බැංකුවෙන් ඉල්ලා සිටීම සඳහා යොමු කළ යුතු ලිපිය යුනියන් බැංකුවට ලබාදීමට පාරිභෝගිකයා එකඟ වෙයි.
- කාඩ්පත් හිමියාගේ ශේෂය හුවමාරු කිරීමේ අයදුම් පත්‍රය අනුමත වූ විටෙක, කාඩ්පත් හිමියා විසින් ලිඛිතව දැනුම් දීමක් සිදු කර නොමැති නම්, කාඩ්පත් හිමියා ශේෂය හුවමාරු කිරීම සඳහා යුනියන් බැංකුවට ලබාදෙන අවසරය ලෙස කාඩ්පත් හිමියාගේ අත්සන සහිත අයදුම් පත්‍රය සැලකේ.
- අයදුම් කරන ලද ශේෂය හුවමාරු අගය ආවරණය කිරීම සඳහා කාඩ්පත් හිමියාගේ ණය සීමාව ප්‍රමාණවත් නොවන විටෙක, එම ශේෂයෙන් සුදුසු යයි හැඟෙන කොටසක් පමණක් අනුමත කිරීමේ බලය යුනියන් බැංකුව සතුය.
- ශේෂය හුවමාරු කිරීමේ අයදුම් පත්‍රය අනුමත වීමෙන් අනතුරුව, අනුමත කෙරුණු ශේෂය හුවමාරු කිරීමේ අගය කාඩ්පත් හිමියාගේ යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පතට මාසික වාරික ගෙවීමේ පදනම මත හර කෙරෙනු ලැබේ. අනුමත කෙරුණු සමස්ත ශේෂය හුවමාරු කිරීමේ අගය සඳහා ගෙවීම් නියෝගයක් නිකුත් කෙරෙන අතර කාඩ්පත් හිමියාගේ ලිපිනයට එය යොමු කෙරෙනු ඇත.
- එම ගෙවීම් ශේෂය හුවමාරු කෙරුණු අනෙක් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පතට ප්‍රේෂණය කර එම කාඩ්පතේ ගෙවීමට ඇති මුදල ගෙවීම සඳහා කාඩ්පත් හිමියා එකඟ වී වගකීමට එකඟ වේ.
- ශේෂය හුවමාරු කිරීමේ අගය සඳහා අදාළවන පොළී අනුපාත යුනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පතට අදාළ එන්කුත් ගෙවීමට ඇති ශේෂයන්/ගනුදෙනු සඳහා අදාළ නොවේ.
- ශේෂය හුවමාරු කිරීමේ අගය සහ පොළිය අනුව කාඩ්පතේ ණය සීමාව අඩු කිරීමට/අවහිර කිරීමට කටයුතු කෙරෙන අතර පසුව යෙදෙන මාසවල මාසික ගෙවීමේ වාරික බිල්පත් කිරීම සහ ගෙවීම අනුව එම ණය සීමාව ඉහිල් කෙරේ.
- පෙර ගෙවීම් හෝ පෙර නිම කිරීම් මගින් කාඩ්පත් හිමියා බැංකු ගාස්තු ප්‍රතිපූරණය කිරීමට සුදුකම් නොලබයි.
- කිසියම් මාසකය යුනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පතේ ගෙවීමට ඇති දිනයේදී හෝ ඊට පෙර ශේෂය හුවමාරුවේ මාසික වාරිකය ඇතුළු සමස්ත ගෙවීමට ඇති මුදල ගෙවීමට අපොහොසත් වුවහොත්, යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පතට අදාළ පවත්නා පොළී අනුපාත යටතේ ගෙවීමට අපොහොසත් වූ වාරිකය හෝ එම කොටස අයකර ගැනීමට කටයුතු කෙරේ.
- කාඩ්පත් හිමියා විසින් ඔහුගේ/ඇයගේ ක්‍රෙඩිට් කාඩ්පතට සිදු කරනු ලබන ගෙවීම්, යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් අවසර ධූරාවලියට අනුකූලව සිදු කෙරෙන බව කාඩ්පත් හිමියා පිළිගනී.
- යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පතේ ගෙවීමට ඇති මුදලට වැඩි මුදලක් ගෙවීම මගින් බිල්පත් නොකරන ලද වාරික පියවීමට ලක් නොවන බැවින් එය ශේෂය හුවමාරු කිරීමේ අගය සඳහා පෙර ගෙවීමක් ලෙස නොසැලකේ.
- කාඩ්පත් හිමියා කිසියම් වාරික ගෙවීමක් පැහැර හැර ඇති විටෙක, ගෙවීමට ඇති ශේෂය හුවමාරු කිරීමේ අගය කලින් අවසන් කර සමස්ත ගෙවීමට ඇති මුදල එක් ඒකාබද්ධ අගයක් සේ හර කිරීමේ බලය යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ සතුය.
- ශේෂය හුවමාරු කිරීමේ ගනුදෙනු හෝ එහි මාසික වාරික සඳහා කාඩ්පත් හිමියාට රිවොර්ඩ්ස් ලකුණු හිමි නොවේ.
- කාඩ්පතට අදාළ සියලු මාසික වාරික ගෙවීමට පෙර කාඩ්පත් හිමියා තම කාඩ්පත අවලංගු කිරීමට හෝ ශේෂය හුවමාරු කිරීමේ වැඩසටහන අවලංගු කිරීමට හෝ කටයුතු කරන්නේ නම්, ගෙවීමට ඇති ශේෂය හුවමාරු කිරීමේ අගය සහ පොළිය/ගාස්තු ද වහාම කාඩ්පත් ගිණුමට හර කෙරෙනු ලැබේ.
- පොළිය සම්බන්ධව ඇතිවන සියලු හෝ ඕනෑම අලාභයක් සම්බන්ධව හෝ අනෙක් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පතේ ඕනෑම වැඩිපුර ගෙවීමක්, ඕනෑම කල්පිරීමේ ගාස්තුවක්, ප්‍රමාද ගාස්තු, මුල්‍ය ගාස්තු හෝ ඉහත සඳහන් කරන ලද අනෙක් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පතට අදාළ ඕනෑම වෙනත් ගාස්තු/වගවීම්, කාඩ්පත් හිමියාගේ අනෙක් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පතේ ගෙවීම් සිදු කළ යුතු දින යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ හට එම ගෙවීම් සිදු කිරීමට ප්‍රමාද වීම හෝ අපොහොසත් වීම නිසා කාඩ්පත් හිමියාට අත්විඳීමට සිදුවන ඕනෑම ප්‍රමාද දෝෂයක් සම්බන්ධව යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ වගවීමට හෝ වන්දි පූරණය කිරීමට බැඳී නොමැත.
- බැංකුව විසින් ශේෂය හුවමාරු කිරීමේ ඉල්ලීම අනුමත කිරීමෙන් අනතුරුව යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ විසින් සඳහන් කරනු ලබන අදාළ සැකසුම් ගාස්තු ගෙවීමට කාඩ්පත් හිමියා බැඳී සිටී.
- මෙම වැඩසටහනට අදාළ නියමයන් යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත්වලට අදාළ සාමාන්‍ය නියමයන් සහ කොන්දේසිවලට අමතරව නියම කෙරෙන අතර එමගින් එහි සාමාන්‍ය නියමයන් සහ කොන්දේසිවලට බාධාවක් නොවේ. මෙම වැඩසටහන තෝරාගත් කාඩ්පත් හිමියන් සඳහා පිරිනමනු ලබන විශේෂිත පහසුකමක්වන අතර මෙහි දැක්වෙන කිසිඳු කරුණකින් යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත්වලට අදාළ සාමාන්‍ය නියමයන් සහ කොන්දේසිවලට බාධාවක් හෝ බලපෑමක් ඇති නොවේ.
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






