යුනියන් බැංකුවේ වීසා ඉන්ටර්නැෂනල් ෂොපිං ඩෙබිට් කාඩ්පතක් භාවිතා කරන ඔබට සෑම අතින්ම හොඳම මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගත හැකිය. වර්ෂය පුරාම එයින් ඔබට ආකර්ෂණීය වට්ටම් සහ ප්‍රතිලාභ හිමි වේ.
විශේෂාංග සහ ප්‍රතිලාභ
- අගය එකතු කළ ප්‍රතිලාභ සමග ආකර්ෂණීය දීමනා සහ වට්ටම්.
- දේශීයව සහ ජාත්‍යන්තරව මිලියනයකට වැඩි වීසා බලයලත් අලෙවි සැල් වෙතින් මිලදී ගැනීමේ හැකියාව.
- ලෝකය පුරා මිලියන 3.5 කට වැඩි ATM යන්ත්‍ර ප්‍රමාණයකට ප්‍රවේශ වීමේ හැකියාව.
- මුදල් ගෙනයනවාට වඩා සුරක්ෂිත වීම.
- අන්තර්ජාලයෙන් මිලදී ගැනීම් කිරීමේ හැකියාව.
- බිල්පත් ගෙවීම්, කාඩ් ගනුදෙනු සහ ශේෂය පරීක්ෂා කිරීමට හැකිවීම.
- ඩෙබිට් කාඩ් ගනුදෙනුවලදී එස්එම්එස් ඇලර්ට් (SMS Alert) නොමිලේ හිමිවීම.
- අමතර අයකිරීමක් නොමැතිව අගය එකතු කළ සේවා හිමිවීම; ගිණුම් ප්‍රකාශන පිටපත් නොමිලේ ලබා ගත හැකිවීම.
- ඔබේ යුනියන් බැංකු ජංගම සහ ඉතිරි කිරීමේ ගිණුම් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව.
ඔබේ ඩෙබිට් කාඩ්පතේ PIN අංකය සකස්කර ගැනීමට
- ඕනෑම යුනියන් බැංකු ATM යන්ත්‍රයක් වෙතට යන්න.
- ඔබේ කාඩ්පත ඇතුළත්කර ඔබ කැමති භාෂාව තෝරන්න.
- ‘හරිත PIN ඉල්ලීම’ යන විකල්පය තෝරන්න.
- ඔබේ ලියාපදිංචි ජංගම දුරකථන අංකයට හෝ ඉ-මේල් ලිපිනයට OTP අංකය ලබා ගන්න. නැතිනම් 0117 818181 වන අපගේ පාරිභෝගික සේවා දුරකථන අංකය අමතා එය ලබා ගන්න.
- ATM යන්ත්‍රයෙන් ඔබේ නව PIN අංකය ලබා ගැනීම සඳහා එම OTP අංකය භාවිත කරන්න.
ඔබේ PIN අංකය සාර්ථකව සකස් වූ පසුව, ඔබේ ඩෙබිට් කාඩ්පත භාවිත කළ හැකිය.
සුදුසුකම්
- වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකිකයෙකු වීම
- යුනියන් බැංකුවේ ජංගම හෝ ඉතිරිකිරීමේ ගිණුමක් පවත්වාගෙන යාම
අයදුම් කරන ආකාරය
- දිවයින පුරා පිහිටි ඕනෑම යුනියන් බැංකු ශාඛාවකින්
- අපගේ පාරිභෝගික සේවා දුරකථන අංකය වන 0117 818181 අමතන්න
- unionb.com වෙබ් අඩවියට ඇතුළුවී Download Application ක්ලික් කරන්න
නියමයන් සහ කොන්දේසි සඳහා මෙහි ක්ලික් කරන්න
කොන්දේසි අදාළ වේ.
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






