ආරක්ෂිතව බැංකු කටයුතු සිදුකර ගැනීමට අනිවාර්යයෙන් පිළිපැදිය යුතු කරුණු
1. පැහැදිලි සහ නිරවද්‍ය උපදෙස් පිළිපදින්න
- සියලු බැංකුකරණ මුදල් හුවමාරු සහ සේවා ඉල්ලීම් සඳහා සැමවිටම පූර්ණ, පැහැදිලි සහ නිවැරදි උපදෙස් ලබා දෙන්න.
- අසම්පූර්ණ හෝ අපැහැදිලි උපදෙස් හේතුවෙන් ප්‍රමාද වීම් සිදුවිය හැකිය. නැතිනම්, ඔබේ ගිණුමේ ආරක්ෂාව වෙනුවෙන් අමතර තොරතුරු තහවුරුකර ගැනීමට සිදුවිය හැකිය.
ඔබේ උපදෙස් හොඳින් පරික්ෂාකර බැලීමෙන්, ඔබේ ගනුදෙනුවේ ආරක්ෂාව තහවුරු කරන අතරම ඔබට වඩාත් කඩිනම් සේවාවක් ලබා දීමට අපට හැකිවනු ඇත.
2. සුරක්ෂිත බැංකුකරණ ක්‍රම භාවිත කරන්න
- පහත සබැඳි හරහා පමණක් අන්තර්ජාල බැංකුකරණ සේවා වෙත පිවිසෙන්න.
මෙම ක්‍රමවේද, ඔබ කොතැනක සිටියත් ඔබේ තොරතුරු ආරක්ෂා කිරීමටත්, බාධාවකින් තොරව සේවා ලබා ගැනීමටත් හැකිවන ලෙස ඉහළ ආරක්ෂිත විශේෂාංග සහිතව නිර්මාණයකර ඇත.
ඔබේ පුද්ගලික සහ බැංකුකරණ දත්ත ආරක්ෂාකර ගන්න
- ඇමතුම්, ඉ-මේල්, කෙටි පණිවිඩ හෝ සමාජ මාධ්‍ය හරහා යුනියන් බැංකුව කිසිසේත් ඔබේ මුරපදය, PIN අංකය හෝ OTP අංකය කුමක්දැයි විමසන්නේ නැත.
- සාමූහිකව භාවිත කරන හෝ පොදු උපාංග තුළ ඔබේ පුද්ගලික තොරතුරු ඇතුළත් කිරීමෙන් වළකින්න.
- අවදානයෙන් සිටීමෙන්, අනවසර ඇතුළුවීම් සහ මුදල් අහිමිවීම්වලින් ආරක්ෂා විය හැකිය.
- විමසීම් හෝ සහයෝගය සඳහා සැමවිටම පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.
වංචා සහ රැවටීම් පිළිබඳ අවධානයෙන් සිටින්න
- අදහාගත නොහැකි ත්‍යාග හෝ වට්ටම් පිරිනමන සැකකටයුතු සබැඳි (links) පිළිබඳ අවධානයෙන් සිටින්න.
- බැංකු යෙදවුම් හෝ වෙනත් එවැනි ආකාරයේ යෙදවුම් (apk වැනි) සම්බන්ධ කරන ව්‍යාජ ජංගම දුරකථන යෙදවුම් බාගත කිරීමෙන් වළකින්න.
- බැංකුවෙන් යැයි කියමින් නොදන්නා අංකවලට හෝ පාර්ශ්වවලට වට්සැප් පණිවිඩ හෝ ඉ-මේල් හරහා ඔබේ කිසිඳු තොරතුරක් ලබා දීමෙන් වළකින්න.
- පුද්ගලික හෝ බැංකුකරණ තොරතුරු ලබාදෙන ලෙස බල කරන හදිසි ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්න.
වංචාවක් පිළිබඳ ඉව වැටුණාද? එසේ නම් වහාම 011 781 8181 අංකයෙන් යුනියන් බැංකුවේ පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.
ප්‍රමාදයකින් තොරව දැනුම්දීමෙන්, ඔබේ ගිණුම ආරක්ෂා කිරීම සඳහා අපට කඩිනමින් පියවර ගැනීමට හැකිවනු ඇත.
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්








