0117 818181

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලබාදුන් සහන පිළිබඳ දැනුම්දීමයි

මහ බැංකුව විසින් නිර්දේශ කරන ලද සහන 2020 සැප්තැම්බර් මස 30 වනදායින් අවසන් වේ. සංශෝධනය කරන ලද තොරතුරු පහත පරිදි වේ:

  • 2020 ඔක්තෝබර් මස 01 වනදා සිට යුනියන් බැංකුවේ “ක්‍රෙඩිට් කාඩ්පත් සඳහාවන සංශෝධිත ගාස්තු ලේඛනයට” අනුව ප්‍රමාද ගාස්තු අය කෙරේ. වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර නවත ම ගාස්තු ලේඛනය බලන්න. (https://www.unionb.com/si/credit-cards-sinhala/service-information-sinhala/tariff-sinhala/)
  • 2020 සැප්තැම්බර් මස 06 වනදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රෙඩිට් කාඩ්පත් පොළී අනුපාතය 18% ක් දක්වා පහත දමා ඇත.
  • 2020 ඔක්තෝබර් මාසයෙන් පසුව දින යොදා ඇති ගිණුම් ප්‍රකාශ සඳහා රු. 50,000 ක් දක්වා සිදුකර ඇති ගෙවීම් සඳහා ලබාදුන් පොළී සහන මෙතැන් සිට නතර කෙරෙන බව කරුණාවෙන් සලකන්න.

COVID-19 වසංගතයෙන් පීඩාවට පත් ණයගැතියන් හට සහන

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද උපදෙස්වලට අනුව, යුනියන් බැංකුවේ පුද්ගලික බැංකුකරණ පාරිභෝගිකයන් වෙනුවෙන් පහත සඳහන් සහන ලබාදී ඇත.

ක්‍රෙඩිට් කාඩ්පත්

  • යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත්වල ගෙවීම් සිදු කළ යුතු දින දීර්ඝ කර ඇත.ගිණුම් ප්‍රකාශනය නිකුත් කල දිනය මත, දීර්ඝ කරන ලද ගෙවීම් සිදු කළ යුතු දින පහත පරිදි වේ:
ගිණුම් ප්‍රකාශන දිනය දීර්ඝ කරන ලද ගෙවීම් සිදු කළ යුතු දිනය ලබන ගිණුම් ප්‍රකාශන දිනය විශේෂ සටහන්
2020 මාර්තු 05 2020 මැයි 26 2020 ජුනි 05 2020 අප්‍රේල් සහ මැයි මාස සදහා ගිණුම් ප්‍රකාශන ජනිත කර නොමැත.
2020 මාර්තු 22 2020 මැයි 12 2020 මැයි 22 2020 අප්‍රේල් මාසය සදහා ගිණුම් ප්‍රකාශන ජනිත කර නොමැත.

ඔබගේ යුනියන් බැංකු ගිණුම හරහා ලබා දී ඇති ස්ථාවර නියෝග නියම ගෙවීමට ඇති දිනයට අදාළ නොවන අතර, එය අදාළ වන්නේ දීර්ඝ කරන ලද ගෙවීමට ඇති දිනය සඳහාය. කෙසේවෙතත්, ඔබට කාඩ්පත් ගිණුමට ගෙවීමට සිදු කිරීමට අවශ්‍ය නම් එය අපගේ ඩිජිටල් පහසුකම් හරහා සිදු කළ හැකිය.

 

  • 2020 සැප්තැම්බර් මස 30 වනදා දක්වා ප්‍රමාද ගාස්තු අය නොකෙරේ.
  • මාසිකව ගෙවීමට ඇති අවම මුදල 50% කින් අඩු කර ඇත (4% සිට 2% දක්වා). ඔබට මෙම වෙනස අවශ්‍ය නොවේ නම් කරුණාකර අපගේ අදාළ යුනියන් බැංකු ශාඛාවට ඒ පිළිබඳ ලිඛිත ඉල්ලීමක්යොමු කරන්න.**
  • 2020 මාර්තු මස 25 වනදා සිට ක්‍රෙඩිට් කාඩ්පත හරහා සිදු කරන ලද රු. 50,000 ක් දක්වා වන දේශීය ගෙවීම්වලට අදාළ පොළිය වාර්ෂිකව 15% ක් දක්වා අඩු කර ඇත. රු. 50,000 කට වැඩි ඕනෑම ගනුදෙනුවක් සඳහා සාමාන්‍ය පොළී අනුපාත අදාළ වේ.**
    • ගෙවීමට ඇති දිනයේ හෝ ඊට පෙර සම්පූර්ණ ශේෂය පියවීමේදී පොළියක් අය නොකෙරේ.
    • ඔබ 2020 මාර්තු 25 වනදාට පසුව කිසිඳු ගනුදෙනුවක් සිදු කර නොමැති නම්, පොළී අනුපාත සංශෝධනය අදාළ නොවන අතර ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ වර්තමාන පොළී අනුපාතය ගිණුම් ප්‍රකාශන ශේෂයට අදාළ වේ.
    • උදා: (i) – බිල්පත් චක්‍රය 2020 මාර්තු මස 25 වනදාට පසුව යෙදී ඇති සහ සමස්ත මුදල් හුවමාරු අගය රු. 120,000 ක් වන ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුම් ප්‍රකාශන සඳහා රු. 50,000 ක් දක්වා 15%ක වාර්ෂික පොළී අනුපාතයක් අය කෙරේ. ඉතිරි රු. 70,000 ක ශේෂය සඳහා වර්තමාන පොළී අනුපාතය ම අදාළ වේ.
    • උදා: (ii) – බිල්පත් චක්‍රය 2020 මාර්තු මස 25 වනදාට පසුව යෙදී ඇති සහ සමස්ත මුදල් හුවමාරු අගය රු. 120,000 ක් වන, එම බිල්පත් චක්‍රය තුළ රු. 20,000 ක් යළි පියවා ඇති ක්‍රෙඩිට්කාඩ්පත් ගිණුම්ප්‍ රකාශන සඳහා රු. 50,000 ක් දක්වා 15% ක වාර්ෂික පොළී අනුපාතයක් අය කෙරේ. ඉතිරි රු. 50,000 ක ශේෂය සඳහා වර්තමාන පොළී අනුපාතය අදාළ වේ.
    • **නැවත දැනුම්දෙන තුරු අදාළ වේ. නියමයන් සහ කොන්දේසි අදාළ වේ.

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC