සුදුසුකම්
යුනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පතක් ලබා ගැනීමට සපුරාලිය යුතු සුදුසුකම්
- ශ්‍රී ලංකාවේ නේවාසික පුරවැසියෙකු වීම
- වයස අවුරුදු 18-65 අතර වීම
- රු.100,000 ක අවම මාසික දළ ආදායමක් සහිත රැකියාවක නිරතවීම.
අවශ්‍ය ලියකියවිලි
- සම්පූර්ණ කරන ලද ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම් පත්‍රය
- ජාතික හැඳුනුම් පතේ/ගුවන් ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක්
- රැකියාවක නිරත වන්නේ නම්, මාස තුනක කාලය තුළ ලබාගත් වැටුප් පත්‍රයක පිටපතක් හෝ වැටුප් තොරතුරු සනාථ කරමින් සේවායෝජකයා විසින් ඉදිරිපත් කරන ලද ලිපියක්
- ස්වයං රැකියාවක නිරත වන්නේ නම්, ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපතක්/සමාගම සීමිත වගකීම් සමාගමක් නම් පෝරමය 20 සහ පසුගිය මාස තුනක කාලය තුළ ව්‍යාපාර/පුද්ගලික බැංකු ප්‍රකාශන
- ලිපිනය ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනයට වඩා වෙනස් නම් බිල්පත් සාක්ෂ්‍ය (දුරකථන බිල්පත, ජල බිල්පත හෝ විදුලි බිල්පත ආදිය)
පවුලේ සාමාජිකයෙකු/සාමාජිකයන් සඳහා පරිපූරක කාඩ්පතක්/කාඩ්පත් ලබාගැනීම
යුනියන් බැංකුවේ පරිපූරක කාඩ්පතක්/කාඩ්පත් ලබාගැනීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම්
- පරිපූරක කාඩ්පත අයදුම් කරන්නා අවම වශයෙන් වයස අවුරුදු 18 සපුරා තිබිය යුතුය
අවශ්‍ය ලියකියවිලි:
- සම්පූර්ණ කරන ලද ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම් පත්‍රය
- ජාතික හැඳුනුම්පතේ/ගුවන් ගමන් බලපත්‍රයේ පිටපතක්
යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පතක් අයදුම් කරන ආකාරය
- දිවයින පුරා පිහිටි ඕනෑම යුනියන් බැංකු ශාඛාවක් වෙත පිවිසෙන්න
- 0117 818181 අපගේ පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකය අමතන්න
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






