VBV යනු, ඔබ යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පතින් සිදු කරන ඕනෑම අන්තර්ජාල මිලදී ගැනීමක ආරක්‍ෂිත බව වැඩිදියුණු කරන පහසු සහ ආරක්‍ෂිත අන්තර්ජාල ගෙවීම් සේවාවකි.
මෙම සේවාව මගින් ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත හරහා ඔබගේ අනුදැනුමකින් තොරව සිදු කෙරෙන ගනුදෙනුවලින්, ඒවා සිදුවීමටත් පෙර ම ඔබව ආරක්ෂා කරයි. ඔබ කළ යුත්තේ සෑම අන්තර්ජාල මිලදී ගැනීමක් සඳහා ම විශේෂිත මුරපදයක් සමගින් ඔබගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම පමණි.
එය ආරක්‍ෂිත වන්නේ ඇයි?
- අන්තර්ජාල සාප්පු සවාරිවලදී ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත අවභාවිතයෙන් එය වළක්වා ගනී
- සෑම මිලදී ගැනීමකට ම විශේෂ මුරපදයක් භාවිත කරමින් එය සෑම මිලදී ගැනීමක ම සත්‍යාසත්‍යතාව තහවුරු කර ගනී
- සෑම විටම ඔබගේ ගිණුමේ සත්‍යාසත්‍යතාව තහවුරු කර ගැනීමෙන් පසුව ගනුදෙනුව සඳහා අවසරය හිමිවේ
එය ක්‍රියාත්මක වන්නේ කෙසේද?
යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත සඳහා VBV සේවාව ලබාගැනීම ඔබ සිතනවාටත් වඩා සරළය! ඒ සඳහා ලියාපදිංචි වීමේ ගාස්තු අය නොකෙරේ. ඔබට මුරපදයක් මතක තබා ගැනීමට ද අවශ්‍ය නොවේ!
-
- ඔබ කළ යුත්තේ අන්තර්ජාල මිලදී ගැනීමක් ආරම්භ කර ආරක්‍ෂිත සත්‍යෙක්ෂණ පිටුව මතුවන තුරු රැඳී සිටීම පමණි.
- සත්‍යෙක්ෂණ පිටුව තහවුරු කර ගැනීම සඳහා https://securepayment.unionb.com වෙත පිවිසෙන්න. ඔබගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලෙස හිමිවන එක් වරක් පමණක් හිමිවන මුරපදය (OTP) ඇතුළත් කර ගනුදෙනුව සම්පූර්ණ කරන්න.
OTP යනු කුමක්ද?
- ඔබගේ යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත හරහා ගනුදෙනු සිදු කිරීමේදී ස්ථිර මුරපදයක් මතක තබා ගැනීමට අවශ්‍ය නැත. ඒ වෙනුවට ඔබට එක වරක් පමණක් හිමිවන මුරපදය (OTP) මගින් ගනුදෙනුව සඳහා අනුමැතිය දිය හැකිය. OTP යනු, අන්තර්ජාල මිලදී ගැනීම් සිදු කරන විට එම ගනුදෙනුවල සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම සඳහා යුනියන් බැංකුව ඉදිරිපත් කර ඇති පහසු සහ ආරක්‍ෂිත ක්‍රමවේදයකි.
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






