මතුගම පරෙයිගම විද්‍යාලයට යුනියන් බැංකුවෙන් අතහිත
යුනියන් බැංකුවේ මතුගම ශාඛාවේ මූලිකත්වයෙන් මතුගම පරෙයිගම විද්‍යාලය තුළ අත් යවශ්‍ය පහසුකම් රැසක් ගොඩනැගීමට යුනියන් බැංකුව පසුගියදා කටයුතු කළේය. ඒ අනුව එම විද්‍යාලයට අත්‍යවශ්‍යව තිබූ ක්‍රීඩා පරිශ්‍රයක්, දරුවන්ගේ ආරක්ෂාවට සෙවණක් සහ පාසලේ අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය මෙවලම් රැසක් ද පිරිනැමීමට එම බැංකුව ඉදිරිපත් විය.
මතුගම දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇති මෙම විද්‍යාලය තුළ 1 ශ්‍රේණියේ සිට 11 ශ් රේණිය දක්වා දූ දරුවෝ 149 දෙනෙක් අධ්‍යාපනය ලබති. මූලික පහසුකම් ද නොමැති වුවත් එම විද්‍යාලය වොලිබෝල් වැනි දිස්ත්‍රික් මට්ටමේ ක්‍රීඩාවලින් සුවිශේෂී ජයග්‍රහණ අත්කරගෙන ඇත.
මෙම වැඩසටහනට සමගාමීව යුනියන් බැංකුවේ මතුගම ශාඛාවේ කාර්යමණ්ඩලය මෙන්ම අධ්‍යාපන කලාප කාර්යාලයේ නිලධාරීන් ද විද්‍යාලයට අවශ්‍ය ක්‍රීඩා මෙවලම් රැසක් ද පරිත් යාග කළහ.
යුනියන් බැංකුවේ කලාප මට්ටමේ ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවේ එක් අදියරක් ලෙස මෙම වැඩසටහන දියත් කෙරිණි. සිය ප්‍රජා සත්කාරක ක්‍රමෝපායික සැලසුමට අනුව දරුවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් කැපවන යුනියන් බැංකුව තමන්ගේ මෙහෙයුම් කටයුතු සිදු කරන ප්‍රදේශවල ජනතාව මුල්කර ගනිමින් සිය ප්‍රජා සත්කාරක වැඩසටහන් ක් රියාත්මක කරයි.
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්























