ඔබගේ කාඩ්පත නැතිවී හෝ එය සොරකමට ලක්වී ඇති බව ඔබට හැඟෙන්නේ නම් හෝ 0117 818181 අංකයෙන් වහාම ඒ පිළිබඳ අප දැනුවත් කරන්න.
නැතිවූ/ සොරකම් කෙරුණු කාඩ්පත් පිළිබඳ ක්‍රම දෙකකින් පැමිණිලි කළ හැකිය:
1. කාඩ්පත නැතිවීම හෝ සොරකමකට ලක්වීම පිළිබඳ පාරිභෝගිකයාට සෘජුව ඇමතුම් මධ්‍යස්ථානයට දැනුම්දිය හැකිය
2. සැක කටයුතු ගනුදෙනුවලදී අනුමැතිය ලබාගැනීමේ ක්‍රියාවලිය අතරතුර පාරිභෝගිකයාට බැංකුවේ කාඩ්පත් ආරක්ෂණ සහ අනුකුලතා කණ්ඩායමට දැනුවත් කළ හැකිය
මෙම අවස්ථා දෙකෙහිදී ම ඇමතුම් මධ්‍යස්ථානයේ හෝ කාඩ්පත් ආරක්ෂණ සහ අනුකුලතා අංශයේ නියෝජිතයා විසින් වහාම කාඩ්පත් ගිණුම අවහිර කරනු ඇත. එතෙක් අනුමැතිය ලබාදෙන ලද ගනුදෙනු පිළිබඳ පාරිභෝගිකයා දැනුවත් කෙරෙනු ඇත. එවැනි අවස්ථාවකදී බැංකුවේ ඇමතුම් මධ්‍යස්ථානය බැංකුවේ කාඩ්පත් ආරක්ෂණ සහ අනුකුලතා ඒකකය දැනුවත් කෙරෙන අතර නියමිත ක්‍රියාවලියට අනුව එම ඒකකය විසින් සුදුසු පියවර අනුගමනය කරනු ඇත.
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






