0117 818181

යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ ලෙස අපි ඔබත් ඔබගේ කාඩ්පතත් සියලු ම ආකාරයේ අක්‍රමිකතාවලින් ආරක්ෂා කිරීම සඳහා ගත හැකි සෑම උත්සාහයක් ම ගන්නෙමු. පහත දැක්වෙන අයුරින් අපි ඔබගේ මුදල් හුවමාරු ආරක්ෂා කරන්නෙමු.

  • චීපය සහිත කාඩ්පත් නිකුත් කිරීම
  • වීසා හරහා සනාථ කිරීම මගින් අන්තර්ජාල මුදල් හුවමාරු සුරක්ෂිත කිරීම
  • වෙනම කණ්ඩායමක් විසින් සතියේ දින 7ම පැය 24 පුරා අක්‍රමිකතා අධීක්ෂණය
  • සතියේ දින 7 ම පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් සබඳතා මධ්‍යස්ථානය 0117 818181
  • ක්ෂණික SMS පණිවිඩ සේවාව
  • කාඩ්පත් හිමියාට ජංගම/අන්තර්ජාල ප්‍රවේශය

අනන්‍යතා තොරතුරු සම්බන්ධ අක්‍රමිකතාවලින් ආරක්ෂා වීම සඳහා උපදෙස්

  • චෙක්පත් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් අතුරුදන් වීමකදී හෝ සොරකම් කිරීමකදී ඒ පිළිබඳ වහාම බැංකුවට දැනුම් දෙන්න
  • PAN, උපන්දිනය, SSN හෝ මුරපදය ඇතුළු සංවේදී/පුද්ගලික තොරතුරු කිසිවිටෙකත් වෙනත් පාර්ශ්වයකට හෙළි නොකරන්න
  • බැංකු ප්‍රකාශන, භාවිත නොකරන ලද චෙක්පත්, තැන්පතු තුණ්ඩු, ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනු ප්‍රකාශන, ගෙවීම් තුණ්ඩු, වෛද්‍ය බිල්පත් සහ ඉන්වොයිසි ආදී ඔබගේ පුද්ගලික තොරතුරු ඇතුළත් ලියකියවිලි සියල්ල ඉරා දමන්න
  • තොරතුරු කේත බවට පත් නොකරන (Encryption) හෝ තොරතුරු ආරක්ෂා කිරීම සඳහා වෙනත් ක්‍රමවේද අනුගමනය නොකරන කිසිඳු වෙබ්අඩවියකට ඔබගේ පුද්ගලික තොරතුරු ලබාදීමෙන් වළකින්න

ඔබගේ යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත ආරක්ෂා කරගන්නේ කෙසේද?

  • ඔබගේ දැනට තිබෙන කාඩ්පත කල් ඉකුත්වීමට සතියකට පෙර ඔබගේ අලුත් කාඩ්පත නොලැබුණි නම් ඒ බව අප වෙත දැනුම්දෙන්න
  • කාඩ්පත ලැබුණු වහාම එහි පිටුපස ඔබගේ අත්සන යොදන්න
  • ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත පරිහරණය කිරීමට වෙනත් කිසිවෙකුට ඉඩ ලබා නොදෙන්න. ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබගේ ස්වාමියා හෝ බිරිඳ, දරුවන් හෝ දෙමාපියන් ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත ලබාගත්තේ නම් ඒ හරහා සිදු කෙරෙන ගනුදෙනු සඳහා ඔබ කාඩ්පත් හිමියා ලෙස වගකිව යුතුය
  • සැමවිටම ඔබගේ පැරණි, කල් ඉකුත්වූ කාඩ්පත් කඩා දමා විනාශ කරන්න (චීපය, කාන්දම් තීරය සහ කාඩ්පත් අංකය වෙන්වන සේ කාඩ්පත කැඩීමට වගබලා ගන්න)
  • ඔබ අසාමාන්‍ය ලෙස විශාල වටිනාකමකින් යුතු මිලදී ගැනීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ නම් හෝ විදෙස් රටක සංචාරය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ පිළිබඳ කලින් අප දැනුවත් කරන්න
  • ඔබගේ කාඩ්පත සුරක්ෂිත ස්ථානයක තබන්න. මුදල් සහ/හෝ වෙනත් ඕනෑම මුල්‍ය මෙවලමක් මෙන් කාඩ්පත ද ප්‍රවේසමෙන් පරිහරණය කරන්න
  • ATM ගනුදෙනු සහ කාඩ්පත් ගනුදෙනුවලට අදාළ රිසිට්පත් ඔබගේ ගිණුම් ප්‍රකාශය සමග සැසඳීමෙන් අනතුරුව ප්‍රවේසමෙන් ඉවත් කරන්න. මෙමගින් වෙනත් පුද්ගලයන් ඔබගේ කාඩ්පත සම්බන්ධ තොරතුරු ලබාගැනීමෙන් වළක්වා ගත හැකිය.
  • ඔබ කාඩ්පත භාවිත කරන සෑම විටෙකම කාඩ්පත යළි ලබා ගැනීමට අමතක නොකරන්න
  • අනාරක්ෂිත ලෙස ඉ-මේල් හරහා ඔබගේ කාඩ්පත් අංකය යැවීමෙන් වළකින්න
  • ඔබගේත් ඔබගේ පරිපූරක කාඩ්පත් හිමියාගේත් ගනුදෙනු පිළිබඳ නිශ්චිත අවබෝධයක් ලබාගැනීම සඳහා SMS පණිවිඩ සේවාව භාවිත කරන්න
  • ඔබගේ ගිණුම් ප්‍රකාශන නිතර පරික්ෂා කරන්න. අන්තර්ජාල සේවා හරහා ඔබට එය පහසුවෙන් සිදු කළ හැකිය.
  • ඔබගේ කාඩ්පත අස්ථානගත වූ විටෙක හෝ එය සොරකම් කර ඇතැයි ඔබට හැඟුණු විට 0117 818181අංකයෙන් වහාම ඒ පිළිබඳ අප දැනුවත් කරන්න. එවිට කාඩ්පත අවලංගු කරන ව්‍යාජ හුවමාරු සිදුවීමෙන් වළක්වා ගැනීමට අපට හැකිවනු ඇත

ඔබගේ කාඩ්පතේ PIN අංකය/මුර පදය ආරක්ෂා කර ගැනීම සඳහා උපදෙස්

  • ඔබගේ මුදල් පසුම්බියේ, අත් බෑගයේ හෝ දිනපොතේ PIN අංකය සටහන් කර තැබීමෙන් හෝ වෙනත් අයට තේරුම්ගත හැකි ලෙස එය සටහන් කිරීමෙන් හෝ වළකින්න
  • වෙනත් කිසිවෙකුට ඔබගේ PIN අංකය, මුරපදය හෝ ආරක්‍ෂිත තොරතුරු පැවසීමෙන් වළකින්න
  • ATM යන්ත්‍රයකින් මුදල් ලබාගැනීමේදී අනෙකුත් අයට PIN අංකය දර්ශනය වීමෙන් වළක්වා ගැනීම සඳහා සෑම විටම PIN අංකය යෙදීමේදී අතින් ආවරණය කරන්න
  • ඔබගේ උපන්දිනය, ජංගම දුරකථන අංකය හෝ ක්‍රෙඩිට් කාඩ්පතේ කොටස් ආදී ඔබ සමග පහසුවෙන් සම්බන්ධවන තොරතුරු PIN අංකය ලෙස තෝරා ගැනීමෙන් වළකින්න
  • ඔබගේ PIN අංකය අස්ථානගත වී ඇති බව හෝ සොරකම් කරනු ලැබ ඇති බව හෝ වෙනත් පාර්ශ්වයකට එය හෙළි වී ඇති බව හෝ දැන ගත් විට හෝ එවැන්නක් වී ඇතැයි ඔබට හැඟෙන විට 0117 818181අංකයෙන් වහාම අප දැනුවත් කරන්න

ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍රයක් (ATM) භාවිත කිරීම සඳහා උපදෙස්

  • ATM යන්ත්‍රයක් භාවිත කිරීමට පෙර ඔබගේ වටපිටාව නිරීක්ෂණය කරන්න
  • විශේෂයෙන් රාත්‍රී කාලයේදී ඔබ සමග ඔබගේ මිතුරෙකු ද කැටුව යන්න
  • ATM යන්ත්‍රයක් භාවිත කිරීමේදී නාඳුනන පුද්ගලයෙකුට ඔබට සහය වීමට ඉඩ නොදෙන්න
  • කුටිය තුළට පිවිසෙන විට ඔබගේ කාඩ්පත පිටතට ගෙන භාවිත කිරීම සඳහා සූදානමින් සිටින්න
  • යන්ත්‍රයේ දර්ශන තිරය සහ යතුරු පුවරුව ආවරණය වන සේ සිට ගන්න. එවිට යන්ත්‍රය භාවිත කිරීම සඳහා පෝළිමේ රැඳී සිටින පිරිසට ඔබගේ PIN අංකය හෝ ඔබ ඇතුළත් කරන මුදල් අගය හෝ දැකගත නොහැකිවනු ඇත
  • ඔබ ලබාගත් මුදල්, කාඩ්පත සහ රිසිට්පත හැකි ඉක්මණින් ඉන් ඉවත් කර ගන්න. මුදල් පසුව ගණන් කරන්න. රිසිට්පත ළඟ තබා ගන්න
  • කිසියම් සැක සහිත පුද්ගලයෙකු හෝ යමක් ඔබ දකී නම් මුදල් හුවමාරුව අවලංගු කර වහාම එතැනින් ඉවත් වන්න
  • ඔබ මුදල් ලබාගත් පසුව කිසියම් පුද්ගලයෙකු ඔබ පසුපස හඹා එන්නේ නම් වහාම ජනයාගෙන් පිරි ආලෝකය සහිත ස්ථානයකට ගොස් පොලිසිය අමතන්න
  • වාහනයේ සිටින අතරම භාවිත කළ හැකි ATM යන්ත්‍ර (Drive-up ATM) භාවිත කිරීමේදී වාහනයේ සියලු දොර අගුළු දමා මගීන්ගේ ජනේල වසාදමා ඇතිදැයි සැක හැර දැන ගන්න
  • ATM යන්ත්‍රයක් භාවිත කිරීම සඳහා වාහනයෙන් බසින විට වාහනයේ අගුළු හැර දමා යාමෙන් හෝ එන්ජිම ක්‍රියාත්මක කර යාමෙන් වළකින්න
  • බොහෝ ATM යන්ත්‍ර පැය 24 පුරාම ක්‍රියාත්මක වුව ද සමහර ATM යන්ත්‍ර සාමාන්‍ය වැඩ කරන පැය ගණන් තුළ පමණක් ක්‍රියාත්මක විය හැකිය. ඒ අනුව කල් වේලා ඇතුව ඔබගේ මුදල් ලබාගැනීම් සැලසුම් කිරීම වඩාත් හොඳය
  • ATM යන්ත්‍ර තුළ සාමාන්‍යයෙන් නුපුරුදු යමක් සවිකර ඇතිදැයි බලන්න. මෙවැනි සවිකිරීම් සාමාන්‍ය ATM යන්ත්‍රයක දැක ගත නොහැකි යමක් හෝ ඔබ කාඩ්පත ඇතුළත් කරන ස්ථානයේ ඇති යමක් හෝ විය හැකිය. සැක සහිත යමක් ඇත්නම් එම ATM යන්ත්‍රය භාවිත කිරීමෙන් වැළකී වහාම 0117 818181 අංකයෙන් බැංකුවට දැනුම් දෙන්න

ඥානාන්විත ලෙස අන්තර්ජාලයෙන් මිලදී ගැනීම් සිදු කරන්නේ කෙසේද?

  • අන්තර්ජාලයෙන් යමක් මිලදී ගැනීම සඳහා කාඩ්පත භාවිත කිරීමේදී සැමවිට ම කීර්තිමත් අන්තර්ජාල සාප්පු ම තෝරා ගන්න
  • එම අන්තර්ජාල අලෙවිකරු හෝ සාප්පුව මුදල් ආපසු ලබාදීමේ හෝ භාණ්ඩ ආපසු ලබාගැනීමේ පහසුකම ලබා දෙන්නේ දැයි පරික්ෂා කර බලන්න
  • කිසියම් සේවාවකට පිවිසීම සඳහා ඔබට මුරපදය භාවිත කිරීමට සිදු වේ නම්, පහසුවෙන් හඳුනා ගත නොහැකි මුරපදයක් භාවිත කිරීමටත්, එය කිසිවෙකුටත් අනාවරණය නොකිරීමටත් වගබලා ගන්න
  • ඔබ අන්තර්ජාලයෙන් මිලදී ගැනීමක් සිදු කරයි නම් ඔබගේ විමර්ශනය සඳහා එම ගනුදෙනුවට අදාළ ඡායා පිටපත් ළඟ තබා ගන්න. මෙමගින් ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනු ප්‍රකාශනය සමග සංසන්දනය කිරීම සඳහා වඩාත් පහසුවනු ඇත
  • ඔබගේ ගනුදෙනු ප්‍රකාශනයක හඳුනා ගත නොහැකි ගාස්තුවක් අයවී ඇත්නම් හැකි ඉක්මනින් 0117 818181 අංකයෙන් යුනියන් බැංකු ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න

ඔබගේ පරිගණකය ආරක්ෂා කර ගැනීමට උපදෙස්

  • ඔබ අන්තර්ජාල බැංකුකරණය සඳහා භාවිත කරන පරිගණකයට කිසිවෙකුටත් අනවසරයෙන් ඇතුළත් වීමට ඉඩ නොතබන්න
  • විශ්වසනීය වයිරස් ආරක්ෂණයක් පරිගණකයට ඇතුළත් කර එය නිතර යාවත්කාලීන කිරීමට වගබලා ගන්න
  • ඔබ භාවිත කරන මෙහෙයුම් පද්ධතිය සඳහා නවීනත ම ආරක්ෂණ ක්‍රමවේද ලබාගැනීම සඳහා ඔබගේ පරිගණකයේ සැකසුම් සකස් කරන්න
  • හානිකර වැඩසටහන් සහ අනවසරයෙන් ඇතුළුවීම් ඒ මොහොතේම හඳුනා ගැනීම සඳහා පුද්ගලික ෆයර්වෝල් එකක් භාවිත කරන්න
  • අන්තර්ජාලයෙන් හෝ අවිශ්වාසී මූලාශ්‍රවලින් නොමිලේ හිමිවන මෘදුකාංග පරිගණකයට ඇතුළත් කිරීමෙන් වළකින්න

අන්තර්ජාල බැංකුකරණය භාවිත කිරීමේ විශිෂ්ට ක්‍රමවේද

  • යුනියන් බැංකුව කිසිවිටෙකත් ඉ-මේල්/ජංගම දුරකථන මාර්ගයෙන් පුද්ගලික තොරතුරු හෝ කාඩ්පත් ගිණුම් තොරතුරු ඉල්ලා සිටින්නේ නැත
  • මූලාශ්‍රය නොදන්නේ නම් මුදල් බාර ගැනීමෙන් හෝ මුදල් යොමු කිරීමෙන් වළකින්න
  • තමන් වෙනුවෙන් මුදල් ලබා ගනිමින් එය කිසියම් ලිපිනයකට යොමු කරන ලෙස ඉල්ලා සිටින පුද්ගලයන්ගෙන්/ආයතනවලින් ප්‍රවේසම් වන්න
  • ජංගම දුරකථනයෙන් ඔබගේ පුද්ගලික තොරතුරු සොරකම් කළ හැකි සහ SMS පණිවිඩ කියවිය හැකි ජංගම දුරකථන යෙදවුම්වලින් ප්‍රවේසම් වන්න
  • හඳුනා නොගත් වෙබ් අඩවිවලින් ඔබගේ ජංගම දුරකථනයට යෙදවුම් බාගත කිරීමෙන් වළකින්න. සැමවිට ම ජංගම දුරකථනයට අදාළ ප්ලේ ස්ටෝර් එක මගින් බාගත කිරීම් සිදු කරන්න. සැමවිට ම එම යෙදවුමේ ප්‍රකාශකයා කවුදැයි බලන්න
  • ඔබගේ තොරතුරු ආරක්ෂා කර ගැනීම සඳහා සැමවිටම යාවත්කාලීන කරන ලද වෛරස ආරක්ෂණයක් ඔබගේ ජංගම දුරකථනයේ සහ පරිගණකයේ තබා ගන්න
  • පාරිභෝගිකයෙකු ලෙස ඔබ ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරයි. එබැවින් ඔබ බැංකුව සමග අන්තර්ජාලයෙන් ගනුදෙනු කිරීමේදී සැමවිට ම පරීක්ෂාකාරීව සහ අවධානයෙන් පසුවෙතැයි අපි අපේක්ෂා කරමු

ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත් විදේශයකදී භාවිත කිරීම සඳහා උපදෙස්

  • ඔබ නිවාඩුවක් ගත කිරීම සඳහා සැලසුම් කරන්නේ නම්, ඔබගේ සංචාර සැලසුම සහ යාවත්කාලීන කරන ලද සම්බන්ධක තොරතුරු කල් තබා අප වෙත දැනුම් දීමට වගබලා ගන්න
  • ඔබගේ කාඩ්පත මගින් සිදු කෙරෙන සියලු ම ගනුදෙනු පිළිබඳ දැනුවත් වීම සඳහා SMS පණිවිඩ පහසුකම භාවිත කරන්න
  • ඔබ විදෙස් රටක සිටින අතරතුර සිදු කරන ලද සියලු ගනුදෙනුවලට අදාළ රිසිට්පත් සියල්ල ළඟ තබා ගන්න. එවිට කාඩ්පත් ප්‍රකාශනය ලැබුණු විට එම රිසිට්පත් සහ කාඩ්පත් ප්‍රකාශනය සැසඳීමට ඔබට හැකිවනු ඇත
  • කාඩ්පත සහ PIN අංකය එක ළඟ තැබීමෙන් වළකින්න
  • හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා අමතර මුදලක් සැමවිට ම ළඟ තබා ගන්න
  • හදිසි දැනුම්දීම් සිදු කිරීම සඳහා කාඩ්පතට ලබාදී ඇති පැය 24 පුරා ක්‍රියාත්මක ජංගම දුරකථනය ළඟ තබා ගැනීමට වගබලා ගන්න. එවිට ඕනෑම සොරකමක් හෝ අලාභයක් සිදුවූ සැණින් ඒ පිළිබඳ බැංකුවට දැනුම්දීමට හැකිය
  • ඔබ විදේශයක සිටින අතරතුර ආරක්ෂා වීම සඳහා සැමවිට ම ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත් සමග නොමිලේ හිමිවන සංචාරක රක්ෂණ පහසුකම භාවිත කරන්න.

ඔබගේ සම්බන්ධක තොරතුරු යාවත්කාලීනව තබා ගැනීම

  • අක්‍රමිකතාවලින් ඔබව ආරක්ෂා කිරීම සඳහා අපි සෑම පියවරක් ම ගන්නෙමු. ඔබගේ කාඩ්පත මගින් කිසියම් සැක කටයුතු ක්‍රියාකාරකමක් සිදුවී ඇතැයි අපට හැඟී ගියහොත් කඩිනමින් ඔබ සමග සම්බන්ධ වීමට අපට අවශ්‍යවනු ඇත. ඔබ සමග සම්බන්ධ විය හැකි හොඳම සහ වේගවත් ම ක්‍රමය ජංගම දුරකථනයයි. එබැවින්, සැමවිට ම ඔබගේ වත්මන් සම්බන්ධක තොරතුරු පිළිබඳ අප දැනුවත් කර තිබීමට වගබලා ගන්න

ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතින් සිදු කෙරුණු ගනුදෙනුවක් සම්බන්ධව කටයුතු කරන්නේ කෙසේද?

  • ඔබගේ අනුදැනුමින් තොරව ඔබගේ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පතෙන් සිදු කෙරුණු ගනුදෙනුවක් පිළිබඳ ඔබ හඳුනා ගත හොත් ඒ පිළිබඳ වැඩිදුර විස්තර සඳහා බැංකුවේ පාරිභෝගික හදිසි ඇමතුම් අංකය අමතන්න.
  • ඔබගේ එකඟතාවයෙන් තොරව සිදු වූ ඕනෑම ගනුදෙනුවක් සම්බන්ධව, ගිණුම් ප්‍රකාශනය නිකුත් කරන ලද දිනයේ සිට දින 20ක් තුළ දැනුවත් කළ යුතුය. SMS පණිවිඩයක් මගින් ඔබ වෙත දැනුම්දෙන ලද ඕනෑම ගනුදෙනුවක් ඔබගේ අනුදැනුම ඇතුව සිදු කෙරුණු ගනුදෙනුවක් ලෙස සැලකේ.
  • එවැනි ගැටළුවකදී අදාළ අලෙවිකරුගෙන් සහ ආයතනයෙන් මුදල් ආපසු ලබාගැනීමක් සිදු වුවහොත් VISA/Lanka Pay ජාලගත ආයතන මගින් නියම කරනු ලබන නියමයන් සහ කාල සීමාවන්ට එය යටත්වනු ඇත.
  • ඔබ ගනුදෙනුවක් සිදු කිරීම සඳහා එකඟ වී ඇත්නම් සහ එම ගනුදෙනුව අවලංගු කිරීමට අවශ්‍ය නම් හෝ අලෙවිකරුගෙන් ඔබට මුදලක් බැර වීමට ඇතැයි ඔබ විශ්වාස කරන්නේ නම් හෝ ඔබගේ පැමිණිල්ලට අදාළ සියලු ලියකියවිලි ඉදිරිපත් කරන්න. කිසියම් පැමිණිල්ලක් බැංකුවට ඉදිරිපත් කිරීමට පෙර එය ඔබගේ අලෙවිකරු සමග සෘජුව විසඳා ගැනීමට සැමවිට ම උත්සාහ කරන්න.
  • අදාළ ආයතනයෙන් ඔබගේ පැමිණිල්ල විසඳීමට කටයුතු කිරීමේදී මුදල් ආපසු ලබාගැනීමේ දින පිළිබඳ සැලකිලිමත් වන්න. පැමිණිලි මෙහෙයුම් ක්‍රියාවලිය
  • ඔබට තෘප්තිමත් විය නොහැකි සේවාවක් හිමිවූයේ නම් හෝ අපගේ සේවාවේ ගුණාත්මක බව වැඩිදියුණු කර ගැනීම සඳහා ඔබගේ යෝජනා අපට උපකාරී වේ යයි ඔබට හැඟේ නම් හෝ කරුණාකර සතියේ දින 7ම පැය 24 පුරා ක්‍රියාත්මක 0117 818181 ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC