මා හට අයදුම් කළ හැකි යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් මොනවාද?
ඔබගේ ආදායම අනුව පහත දැක්වෙන යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ඔබට අයදුම් කළ හැකිය
- යුනියන් බැංකු වීසා ගෝල්ඩ් - දළ මාසික ආදායම රු. 100,000
- යුනියන් බැංකු වීසා ප්ලැටිනම් - දළ මාසික ආදායම රු. 125,000
- යුනියන් බැංකු වීසා සිග්නේචර් - දළ මාසික ආදායම රු. 250,000ක් හෝ බැංකුව සමග සිදු කර ඇති ආයෝජනවල මට්ටම
යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පතක් සඳහා අයදුම් කිරීමේදී මා ඉදිරිපත් කළ යුතු ලියකියවිලි මොනවාද?
අයදුම් කිරීමේදී පහත දැක්වෙන ලියකියවිලි අවශ්‍ය වේ:
- සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
- ජාතික හැඳුනුම් පත/ගුවන් ගමන් බලපත්‍රය
- වැටුප් පත්‍රය
- වැටුප සනාථ කරමින් සේවායෝජකයා විසින් ලබා දෙන ලිපිය
- බිල්පත් සාක්ෂ්‍ය (දුරකථන බිල්පත, ජාල බිල්පත හෝ විදුලි බිල්පත ආදිය)
ඔබ අයදුම් කරන කාඩ්පත අනුව තවත් ලියකියවිලි අවශ්‍යවනු ඇත.
යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පතකට අයදුම් කළ හැක්කේ කෙසේද?
- අපගේ ඕනෑම ශාඛාවකට පිවිසෙන්න. ශාඛා ජාලය සඳහා මෙතැනින් පිවිසෙන්න
- unionb.com අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. නැත්නම් අන්තර්ජාලයෙන් අයදුම් කරන්න
- පැය 24 පුරා ක්‍රියාත්මක 0117 818181 අංකයෙන් අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න
යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පතක් සඳහා අයදුම් කිරීමේදී මා හට දෝෂ පණිවිඩයක් (Error Message) ලැබිණි. මා මීළඟට කළ යුත්තේ කුමක්ද?
- 0117 818181 අංකයෙන් ඔබට අපගේ ඇමතුම් මධ්‍යස්ථානය සමග සම්බන්ධ විය හැකිය. නැතිනම් info@unionb.comවෙත ඉ-මේල් පණිවිඩයක් යොමු කරන්න. නැතිනම් තැ.පෙ. 348, කොළඹ ලිපියනට ලිපියක් යොමු කරන්න.
මා යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පතක් සඳහා අයදුම් කර ඇත. මෙහි ප්‍රගතිය පරික්ෂා කරන්නේ කෙසේද?
- ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය සමග 0117 818181 අංකයෙන් ඔබට අපගේ ඇමතුම් මධ්‍යස්ථානය සමග සම්බන්ධ විය හැකිය. නැතිනම් info@unionb.com වෙත ඉ-මේල් පණිවිඩයක් යොමු කරන්න. නැතිනම් තැ.පෙ. 348, කොළඹ ලිපියනට ලිපියක් යොමු කරන්න.
මාගේ යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම් පත්‍රය ක්‍රියාත්මක වීම සඳහා කොපමණ කාලයක් ගත වනවාද?
- යුනියන් බැංකු වීසා ගෝල්ඩ් - බැංකු වැඩකරන දින 10*
- යුනියන් බැංකු වීසා ප්ලැටිනම් - බැංකු වැඩ කරන දින 8*
- යුනියන් බැංකු වීසා සිග්නේචර් - බැංකු වැඩකරන දින 8*
- *සියලු ලියකියවිලි සම්පූර්ණ කර ඇත්නම්
ඔබගේ කාඩ්පත් අයදුම්පත දැන් ග්‍රීන් චැනල් ක්‍රියාවලිය යටතේ එක් දවසක් ඇතුලත සම්පුර්ණයෙන් ඇගයුමට ලක් කරගත හැක. ඒ සඳහා ඔබ කල යුත්තේ ඔබගේ අයදුම්පත පෙරවරු 10 පෙර අනෙකුත් සම්පුර්ණ කල ලේඛණ සමග ඉදිරිපත් කිරීමයි. මෙම සේවාව සඳහා රු.1000 ගාස්තු අදාල වේ.
යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත හිමිවීමෙන් පසුව කෙතරම් කාලයකින් මා හට එය භාවිත කළ හැකිද?
- භාවිත කිරීමට පෙර ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත සක්‍රිය කළ යුතුය. ක්‍රෙඩිට් කාඩ්පත සක්‍රිය කිරීම සඳහා ආවෘත ලිපියේ දැක්වෙන උපදෙස් අනුගමනය කරන්න. නැතිනම් 0117 818181 අංකයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න. නැතිනම් යුනියන් බැංකු අන්තර්ජාල බැංකුකරණ සේවාවට හෝ ජංගම බැංකුකරණ සේවාවට පිවිසෙන්න.
මාගේ යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත සක්‍රිය කරන්නේ කෙසේද?
- ක්‍රෙඩිට් කාඩ්පත සක්‍රිය කිරීම සඳහා 0117 818181 අංකයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න. නැතිනම් යුනියන් බැංකු අන්තර්ජාල බැංකුකරණ සේවාවට හෝ ජංගම බැංකුකරණ සේවාවට පිවිස සක්‍රිය කිරීමේ පියවර අනුගමනය කරන්න.
මා හට PIN අංකයක් ලැබෙනවාද? එය ලැබෙන්නේ කෙසේද?
- ඔව්. ක්‍රෙඩිට් කාඩ්පත අනුමත වීමෙන් අනතුරුව පුද්ගලික හැඳුනුම් අංකයක් (PIN) තැපෑලෙන් ඔබට ලැබෙනු ඇත.
යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත්වල විශේෂතා සහ ප්‍රතිලාභ මොනවාද?
- කරුණාකර unionb.com වෙත පිවිස අපගේ ක්‍රෙඩිට් කාඩ්පත් විශේෂතා සහ ප්‍රතිලාභ ලැයිස්තුව ලබාගැනීම සඳහා යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් පිටුවට පිවිසෙන්න.
ක්‍රෙඩිට් කාඩ්පත්වලට සම්බන්ධ ගාස්තු සහ අයකිරීම් මොනවාද?
- යුනියන් බැංකු වීසා ගෝල්ඩ් - ප්‍රාථමික වාර්ෂික ගාස්තුව රු. 3000/= හා අතුලත් වීමේ ගාස්තුව රු. 1500/=
- යුනියන් බැංකු වීසා ප්ලැටිනම් - ප්‍රාථමික වාර්ෂික ගාස්තුව රු. 3000/= හා අතුලත් වීමේ ගාස්තුව රු. 1500/=
- යුනියන් බැංකු වීසා සිග්නේචර් - ප්‍රාථමික වාර්ෂික ගාස්තුව රු. 5000/= හා අතුලත් වීමේ ගාස්තුව රු. 2500/=
වෙනත් ගාස්තු සහ අයකිරීම් සඳහා කරුණාකර ක්‍රෙඩිට් කාඩ්පත් ගාස්තු ලේඛනය බලන්න.
මගේ දැනට තිබෙන යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පතට එකතු කළ හැකි අමතර කාඩ්පත් ගණන කීයද?
- ඔබගේ සමීපත ම පවුලේ සාමාජිකයන් සඳහා අමතර කාඩ්පත් 5ක් දක්වා ඔබට ලබාගත හැකිය.
මගේ යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පතට ලෝයල්ටි වැඩසටහනක් සම්බන්ධව තිබේද?
ඔව්. යුනියන් බැංකුවේ රිවොර්ඩ්ස් ලකුණු වැඩසටහන ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතට සම්බන්ධ කර ඇත. තෝරාගත් වෙළඳසැල්වලදී ඔබ ක්‍රෙඩිට් කාඩ්පත භාවිත කරන විට රිවොර්ඩ්ස් ලකුණු එකතුකර ගත හැක. ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලියක් නොමැත. යුනියන් බැංකු රිවොර්ඩ්ස් ලකුණු පිළිබඳ වැඩිදුර විස්තර සඳහා කරුණාකර යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් රිවොර්ඩ්ස් වෙත පිවිසෙන්න.
- යුනියන් බැංකු වීසා ගෝල්ඩ් - ඇතුලත් නොවේ
- යුනියන් බැංකු වීසා ප්ලැටිනම් - වැය කරන සෑම රු. 300කටම ලකුණු 1
- යුනියන් බැංකු වීසා සිග්නේචර් - වැය කරන සෑම රු. 200කටම ලකුණු 1
මාගේ යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත භාවිත කළ හැක්කේ කොහේදීද?
- වීසා ක්‍රෙඩිට් කාඩ්පත් පිළිගන්නා ඕනෑම ගෙවුම් ස්ථානයකදී ගෙවීම් ක්‍රමයක් ලෙස ඔබට යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත භාවිත කළ හැකිය.
- හවුල්කාර ATM යන්ත්‍ර 4000කට අධික ප්‍රමාණයකදී ද ගෝලීයව වීසා ATM යන්ත්‍ර මිලියනයකට අධික ප්‍රමාණයකදී ද ඔබට යුනියන් බැංකු වීසා ක්‍රෙඩිට් කාඩ්පත භාවිත කළ හැකිය.
CVV අංකය යනු කුමක්ද?
- ඉලක්කම් 16කින් යුතු ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත් අංකය හැරුණු කොට කාඩ්පත පිටුපස පිටුපස ඇති අංකය
යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පතේ පොළී කාල පරාසය කුමක්ද?
- ගනුදෙනුව සිදු කෙරුණු දිනය සහ එම අගය ඔබගේ කාඩ්පතට බිල්පත් කෙරෙන දිනය මත පොළී රහිත කාල සීමාව දින 21 සිට 51 දක්වා වේ.
ප්‍රමාද ගාස්තු ගණනය කෙරෙන්නේ කෙසේද?
- ගෙවිය යුතු දිනය වන විට ගෙවිය යුතු අවම අගය ගෙවීමට ඔබ අපොහොසත් වුවහොත්, ප්‍රමාද ගාස්තු ලෙස රු. 1500ක් ඔබගේ කාඩ්පතට අය කෙරේ.
මාගේ කාඩ්පත විදෙස් රටකදී භාවිත කරන්නේ නම් මාගෙන් අය කෙරෙන ගාස්තු මොනවාද?
- ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතින් සිදු කරන රුපියල් නොවන ගනුදෙනු සියල්ල සඳහා නිකුතු මෙහෙයුම් ගාස්තුවක් අය කෙරේ.
- ගෙවීම් සිදු කළ යුතු දින හෝ ඊට පෙර සමස්ත ගෙවිය යුතු මුදල ගෙවුවහොත් එම ගිණුම් ප්‍රකාශන වාරය සඳහා කිසිඳු පොළියක් අය නොකෙරේ.
- ගෙවින් සිදුකළ යුතු දින හෝ ඊට පෙර සමස්ත ගෙවිය් යුතු මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් 'ගනුදෙනුව සටහන් වූ දිනයේ' සිට සම්පූර්ණ මුදල ගෙවන තුරු හෝ මීළඟ ගිණුම් ප්‍රකාශන දිනය දක්වා පොළියක් අය කෙරේ.
- කිසියම් ගිණුම් ප්‍රකාශනයක දැක්වෙන ඕනෑම ගනුදෙනුවක් සඳහා එම ගිණුම් ප්‍රකාශන වාරය තුළ පොළියක් අය නොකෙරේ. උපරිම පොළී රහිත ණය කාල සීමාව දින 51කි.
- 4. පොළිය ගණනය කෙරෙන සමීකරණය පහත පරිදි වේ:ගෙවිය යුතු මුදල X පොළී අනුපාතය X දින ගණන/365
- සියලු ම නොගෙවූ ගනුදෙනු සහ බැංකු ගාස්තු හා රජයේ තීරු බදු ඇතුළු සියලු ම ගාස්තු සඳහා ද පොළිය ගණනය කෙරේ.
පොලිය ගණනය වන ආකාරය - උදාහරණ අවස්ථාව 01: ගෙවිය යුතු අවම මුදල නියමිත දිනයේ හෝ ඊට පෙර ගෙවා අවසන් නොකිරීම
| යූනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුම් ප්‍රකාශය | |||
| කාලසීමාව - 2021 ජනවාරි 06 සිට 2021 පෙබරවාරි 05 දක්වා | |||
| ගිණුම්ගත කළ දිනය | ගනුදෙනු දිනය | ගනුදෙනුවේ වර්ගය | වටිනාකම (රු.) |
| ආරම්භක ශේෂය | 0.00 | ||
| 2021 ජනවාරි 20 | 2021 ජනවාරි 20 | මිලදී ගැනීමක් | 20,000.00 |
| 2021 ජනවාරි 20 | 2021 ජනවාරි 20 | මුදල් අත්තිකාරමක් | 10,000.00 |
| 2021 ජනවාරි 20 | 2021 ජනවාරි 20 | මුදල් අත්තිකාරම් ගාස්තු | 1500.00 |
| 2021 පෙබරවාරි 05 | 2021 පෙබරවාරි 05 | අවසන් ශේෂය | 31500.00 |
| ගෙවිය යුතු අවම මුදල: 1260.00 | |||
| ගෙවිය යුතු දිනය: 2021 පෙබරවාරි 26 | |||
| යූනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුම් ප්‍රකාශය | |||
| කාලසීමාව - 2021 පෙබරවාරි 06 සිට 2021 මාර්තු 05 දක්වා | |||
| ගිණුම්ගත කළ දිනය | ගනුදෙනු දිනය | ගනුදෙනුවේ වර්ගය | වටිනාකම (රු.) |
| ආරම්භක ශේෂය | 31500.00 | ||
| 2021 මාර්තු 02 | 2021 මාර්තු 02 | ගෙවීම් බැර | -500.00 |
| 2021 මාර්තු 05 | 2021 මාර්තු 05 | ප්‍රමාද ගාස්තු | 1500.00 |
| 2021 මාර්තු 05 | 2021 මාර්තු 05 | පොලිය | 1365.04 |
| 2021 මාර්තු 05 | 2021 මාර්තු 05 | අවසන් ශේෂය | 33865.04 |
පොලිය = ගෙවිය යුතු මුදල x පොලී අනුපාතය x දින ගණන/365
| ගෙවිය යුතු මුදල | පොලී අනුපාතය | දින ගණන | වාර්ෂික දින | පොලිය |
| 31500 | 36% | 40 | 365 | 1242.74 |
| 31000 | 36% | 4 | 365 | 122.30 |
පොලිය ගණනය කිරීම: ගනුදෙනුව ගිණුමට බැර වූ දිනයේ සිට, ගෙවීම සිදුකළ යුතු දිනය (02/03/2021) දක්වා මුළු වටිනාකම මත පොලිය ගණනය කර ඇත. එතැන් සිට, ගිණුම් ප්‍රකාශය නිකුත් කරන ලද දිනය (05/03/2021) දක්වා, ගෙවීම් වෙන් කිරීමෙන් පසු ඉතිරි මුදල මත පොලිය අයකර තිබේ.
අවස්ථාව 02: ගෙවීම් සිදුකළ යුතු දිනයට පෙර, ගෙවිය යුතු අවම මුදල ඉක්මවා යන පරිදි අසම්පූර්ණ ගෙවීමක් සිදුකිරීම
| යූනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුම් ප්‍රකාශය | |||
| කාලසීමාව - 2021 ජනවාරි 06 සිට 2021 පෙබරවාරි 05 දක්වා | |||
| ගිණුම්ගත කළ දිනය | ගනුදෙනු දිනය | ගනුදෙනුවේ වර්ගය | වටිනාකම (රු.) |
| ආරම්භක ශේෂය | 0.00 | ||
| 2021 ජනවාරි 20 | 2021 ජනවාරි 20 | මිලදී ගැනීමක් | 20000.00 |
| 2021 ජනවාරි 20 | 2021 ජනවාරි 20 | මුදල් අත්තිකාරමක් | 10000.00 |
| 2021 ජනවාරි 20 | 2021 ජනවාරි 20 | මුදල් අත්තිකාරම් ගාස්තු | 1500.00 |
| 2021 පෙබරවාරි 05 | 2021 පෙබරවාරි 05 | අවසන් ශේෂය | 31500.00 |
| ගෙවිය යුතු අවම මුදල: 1260.00 | |||
| ගෙවිය යුතු දිනය: 2021 පෙබරවාරි 26 | |||
| යූනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුම් ප්‍රකාශය | |||
| කාලසීමාව - 2021 පෙබරවාරි 06 සිට 2021 මාර්තු 05 දක්වා | |||
| ගිණුම්ගත කළ දිනය | ගනුදෙනු දිනය | ගනුදෙනුවේ වර්ගය | වටිනාකම (රු.) |
| ආරම්භක ශේෂය | 31500.00 | ||
| 2021 පෙබරවාරි 25 | 2021 පෙබරවාරි 25 | ගෙවීම් බැර | 500.00 |
| 2021 මාර්තු 05 | 2021 මාර්තු 05 | පොලිය | 1296.46 |
| 2021 මාර්තු 05 | 2021 මාර්තු 05 | අවසන් ශේෂය | 27796.46 |
පොලිය = ගෙවිය යුතු මුදල x පොලී අනුපාතය x දින ගණන/365
| ගෙවිය යුතු මුදල | පොලී අනුපාතය | දින ගණන | වාර්ෂික දින | පොලිය |
| 31500 | 36% | 35 | 365 | 1087.40 |
| 26500 | 36% | 8 | 365 | 209.10 |
පොලිය ගණනය කිරීම: ගනුදෙනුව ගිණුමට බැර වූ දිනයේ සිට, ගෙවීම සිදුකළ යුතු දිනය (25/02/2017) දක්වා මුළු වටිනාකම මත පොලිය ගණනය කර ඇත. එතැන් සිට, ගිණුම් ප්‍රකාශය නිකුත් කරන ලද දිනය (05/03/2021) දක්වා, ගෙවීම් වෙන් කිරීමෙන් පසු ඉතිරි මුදල මත පොලිය අයකර තිබේ.
අවස්ථාව 03: ගෙවීම් කළ යුතු දිනයේ හෝ ඊට පෙර, ගෙවිය යුතු මුළු මුදල ගෙවා අවසන් කිරීම
| යූනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුම් ප්‍රකාශය | |||
| කාලසීමාව - 2021 ජනවාරි 06 සිට 2021 පෙබරවාරි 05 දක්වා | |||
| ගිණුම්ගත කළ දිනය | ගනුදෙනු දිනය | ගනුදෙනුවේ වර්ගය | වටිනාකම (රු.) |
| ආරම්භක ශේෂය | 0.00 | ||
| 2021 ජනවාරි 20 | 2021 ජනවාරි 18 | මිලදී ගැනීමක් | 20000.00 |
| 2021 පෙබරවාරි 05 | 2021 පෙබරවාරි 05 | අවසන් ශේෂය | 20000.00 |
| ගෙවිය යුතු අවම මුදල: 800.00 | |||
| ගෙවිය යුතු දිනය: 2021 පෙබරවාරි 26 | |||
| යූනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුම් ප්‍රකාශය | |||
| කාලසීමාව - 2021 පෙබරවාරි 06 සිට 2021 මාර්තු 05 දක්වා | |||
| ගිණුම්ගත කළ දිනය | ගනුදෙනු දිනය | ගනුදෙනුවේ වර්ගය | වටිනාකම (රු.) |
| ආරම්භක ශේෂය | 20000.00 | ||
| 2021 පෙබරවාරි 25 | 2021 පෙබරවාරි 25 | ගෙවීම් බැර | 20000.00 |
| 2021 මාර්තු 05 | 2021 මාර්තු 05 | අවසන් ශේෂය | 0.00 |
*ඉහත අවස්ථාවේදී කිසිදු පොලියක් අය නොකෙරේ
පහත දැක්වෙන ගිණුම් ප්‍රකාශන චක්‍ර ලබාගත හැකිය. දැනට පවත්නා ගිණුම් ප්‍රකාශන චක්‍රය වෙනස් කිරීමට ඔබට අවශ්‍ය නම් කරුණාකර 0117 818181 අංකයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.
- සෑම මසක ම 5වනදා සකස් කෙරෙන ගිණුම් ප්‍රකාශනය/සෑම මසකම 26වනදා හෝ ඊට ආසන්න දිනක් ගෙවීම් සිදු කළ යුතු දිනය වේ
- සෑම මසකම 22වනදා සකස් කෙරෙන ගිණුම් ප්‍රකාශනය/සෑම මසකම ආසන්න වශයෙන් 12වනදා හෝ 13වනදා ගෙවීම් සිදු කළ යුතු දිනය වේ.
ගෙවිය යුතු අවම මුදල ගණනය කිරීම
රජයේ බදු/ගාස්තුවලින් 100%ක් ද සියලු ගනුදෙනු සහ ගාස්තුවලින් 4%ක් ද සමග ගෙවිය යුතු අවම මුදල ගණනය කෙරේ. අවම මුදල වශයෙන් ගෙවිය හැකි අවම අගය රු. 500කි. ගෙවිය යුතු සමස්ත මුදල මෙම අවම අගයට වඩා අඩු නම්, ගෙවිය යුතු අවම මුදල ලෙස සමස්ත අගය ම ගෙවිය යුතුය.
කාඩ්පත් හිමියාට පසුගිය ගෙවීම් සිදුකිරීමට ඇත්නම් එම අගයන් ද වත්මන් සමස්ත ගෙවිය යුතු අවම මුදලට එකතු කෙරේ.
ගෙවීම් සිදු කළ යුතු දිනවන විට ගෙවිය යුතු අවම මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් ඔබගේ ගිණුම ගෙවීම් පැහැර හරින ලද ගිණුමක් ලෙස වර්ගීකරණය විය හැකි බව කරුණාවෙන් සලකන්න. මෙය ඔබගේ ණය තක්සේරුවට අහිතකර ලෙස බලපෑ හැකි අතර එමගින් ණය තොරතුරු කාර්යංශයට (CRIB) ඔබ පිළිබඳ සෘණාත්මක තොරතුරු යොමු වීමට ද හේතුවක් විය හැකිය.
ප්‍රමාද ගාස්තු
ගෙවීම් සිදුකළ යුතු දිනයේ හෝ ඊට පෙර, ගෙවිය යුතු අවම මුදල නොගෙවන ලද අවස්ථාවකදී ප්‍රමාද ගාස්තු අයකෙරේ.
අවස්ථාව 1 - ගෙවීම් කළ යුතු දිනයේදී, ගෙවිය යුතු අවම මුදලට වඩා අඩු මුදලක් ගෙවීම
ගිණුම් ප්‍රකාශයේ දිනය - 20.. මාර්තු 05
ගිණුම් ප්‍රකාශයේ අවසාන ශේෂය - රු. 100,000/-
ගෙවිය යුතු අවම මුදල - රු. 4,000/-
ගෙවීම් කළ යුතු දිනය - 20.. මාර්තු 26
ගෙවීම් කළ දිනය - 20.. මාර්තු 26
ගෙවූ මුදල - රු. 3,500/-
අවස්ථාව 2 - ගෙවීම් සිදුකළ දිනයට පසුව, ගෙවිය යුතුව තිබූ අවම මුදලට වඩා වැඩි මුදලක් ගෙවීම
ගිණුම් ප්‍රකාශයේ දිනය - 20.. මාර්තු 05
ගිණුම් ප්‍රකාශයේ අවසාන ශේෂය - රු. 100,000/-
ගෙවිය යුතු අවම මුදල - රු. 4,000/-
ගෙවීම් කළ යුතු දිනය - 20.. මාර්තු 26
ගෙවීම් කළ දිනය - 20.. මාර්තු 27
ගෙවූ මුදල - රු. 5,500/-
*ගෙවීම් කළ යුතු දිනයේදී ගෙවිය යුතු අවම මුදල නොගෙවන ලද්දේ නම්, ගිණුම් ප්‍රකාශය සකස් කරන දිනයේදී ඊට අදාළ ප්‍රමාද ගාස්තුව අයකෙරෙනු ඇත.
විදේශීය මුදල් ඒකකයකින් සිදු කෙරෙන ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනු සඳහා මුද්දර ගාස්තුවක් අය කෙරේ. සෑම රු. 1000කට හෝ එවැනි සියලු ගනුදෙනුවලින් කොටසකට හෝ රු. 25ක් මුද්දර ගාස්තු ලෙස අය කෙරේ.
ගෙවීම් වෙන් කෙරෙන ක්‍රමවේදය
පහත දැක්වෙන අනුපිළිවෙල අනුව ගාස්තු සහ ගැනුම් සඳහා ගාස්තු හිලව් කෙරේ:
- රජයේ ගාස්තු
- ගාස්තු (ප්‍රමාද ගාස්තුව/ණය සීමාව ඉක්මවිමේ ගාස්තුව)
- ගාස්තු (මුදල් අත්තිකාරම් ගාස්තුව)
- ගාස්තු (වෙනත්)
- පොළී ගාස්තු
- නියමිත මාසික වාරික ගෙවීම් (ගනුදෙනු)
- නියමිත මාසික වාරික ගෙවීම් (ශේෂය හුවමාරු කිරීම)
- මුදල් අත්තිකාරම්
- විකුණුම් ස්ථානයේ මිලදී ගැනීම් සහ වෙනත්
එකම වර්ගයේ ගනුදෙනු සඳහා ගෙවීම් වෙන් කෙරෙනුයේ ගනුදෙනු සිදු වූ පිළිවෙල (First-in First-out (FIFO) මතය.
ඔබගේ කාඩ්පත සහ ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) වාර්තාව කළමනාකරණය කිරීමේ විශිෂ්ට ක්‍රමවේද.
ණය තොරතුරු කාර්යාංශය (CRIB) යනු කුමක්ද?
ණය තොරතුරු කාර්යාංශය යනු (CRIB) යනු ණය ලබාගන්නා අයගේ ණය තොරතුරු සහ ඔවුන්ගේ ණය ලබාගැනීමේ ඉතිහාසය පිළිබඳ තොරතුරු ගබඩාකර තබා ගන්නා ආයතනයයි. සියලු ම බලයලත් මුල්‍ය ආයතන පාරිභෝගිකයන් හට ලබාදෙන ණය සහ ඔවුන් එම ණය ගෙවන ආකාරය පිළිබඳ නිරවද්‍ය තොරතුරු එම කාර්යංශයට ලබාදීමට බැඳී සිටී. සියලු බලයලත් මුල්‍ය ආයතන ලබාදෙන තොරතුරු ණය තොරතුරු කාර්යාංශයේ එක්රැස් කෙරේ.
යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ ආයතනය ද ණය තොරතුරු කාර්යංශයට ණය ලබාගන්නා අයගේ ණය තොරතුරු සහ ණය ලබාගැනීමේ ඉතිහාසය ලබාදීමට බැඳී සිටී. ණය තොරතුරු කාර්යංශයට ණය තොරතුරු වාර්තා කිරීමේ ක්‍රියාවලිය පහත පරිදි වේ,
ප්‍රථම වරට කාඩ්පතක් නිකුත් කරනු ලබන ඕනෑම අවස්ථාවක ණය සීමාව, ලබාදී ඇති සුරැකුම් සහ පරිපූරක කාඩ්පත් හිමියාගේ තොරතුරු කාඩ්පත් හිමියාගේ ජාතික හැඳුනුම්පත් අංකය/විදේශ ගමන් බලපත් අංකය යටතේ මාසය අවසානයේදී ණය තොරතුරු කාර්යාංශයට වාර්තා කෙරේ.
ක්‍රෙඩිට් කාඩ්පතේ ශේෂය, ක්‍රෙඩිට් කාඩ්පතේ කල් ඉක්මවූ දින ගණන කාඩ්පත් හිමියා බැංකුව සමග ක්‍රෙඩිට් කාඩ්පත් පහසුකම ලබාගන්නා කාල සීමාව තුළ සෑම මාසයක් අවසානයේදී ම ණය තොරතුරු කාර්යංශයට වාර්තා කෙරේ.
ණය තොරතුරු වාර්තා කිරීම නිසා ණය ලබාගන්නා පිරිසට ඇති වාසි,
ණය ලබාගන්නා තමන් ලබාගත් ණය/ක්‍රෙඩිට් කාඩ්පත් මුදල් කලට වෙලාවට යළි ගෙවාදමන විට සහ යහපත් ලෙස ණය ගෙවීමේ වාර්තාවක් පවත්වාගෙන යන්නේ නම් අනාගතයේදී බැංකු/මුල්‍ය ආයතන මගින් ණය පහසුකම් ලබාගැනීමට පහසු වේ.
ඔහුට හෝ ඇයට විශිෂ්ට ණය ඉතිහාසයක් පවතින්නේ නම් බැංකු හෝ මුල්‍ය ආයතන සමග සාකච්ඡා කර වඩාත් ඉහිල් නියමයන් සහ කොන්දේසි ලබාගත හැකිය.
ණය ගෙවීම් පැහැර හැර ඇති විට එම තොරතුරු ණය තොරතුරු කාර්යංශයට වාර්තා වීම නිසා ඇතිවිය හැකි අවාසි,
ණය පහසුකම් ලබාදීමේදී ණය තොරතුරු කාර්යාංශයෙන් අනුමැතිය ලබාගැනීම අනිවාර්ය කර ඇති බැවින් කඩිනමින් ණය ලබාගැනීමට නොහැකි වනු ඇත.
මුල්‍ය ආයතනවල අමතර නියමයන් සහ කොන්දේසි වලට එකඟවීමට සිදුවනු ඇත.
ණය තොරතුරු කාර්යාංශයේ යහපත් ණය ඉතිහාසයක් පවත්වා ගැනීමට කළ යුත්තේ,
ණය පහසුකමක් ලබාගැනීමට පෙර සැමවිට ම ඔබගේ ආදායම විශ්ලේෂණය කර ණය පියවීමේ හැකියාව පිළිබඳ අවබෝධයක් ලබාගන්න.
මුල්‍ය ආයතනයේ නියමිත දින හෝ ඊට පෙර ගෙවිය යුතු ණය මුදල් ගෙවා දමන්න. (ක්‍රෙඩිට් කාඩ්පතක නම්, ගෙවීම් සිදු කළ යුතු දින හෝ ඊට පෙර ගෙවිය යුතු යයි ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රකාශනයේ දක්වා ඇති අවම මුදල හෝ සමස්ත ගෙවිය යුතු මුදල හෝ ගෙවාදමන්න)
ඔබගේ ණය ගෙවීමේ හැකියාවට බලපෑමක් ඇතිවන අනපේක්ෂිත තත්ත්වයකට මුහුණදීමට සිදුවුවහොත් සැමවිට ම ඒ පිළිබඳ බැංකුව/මුල්‍ය ආයතනය දැනුවත් කර නියමයන් සහ කොන්දේසි වෙනස් කර ගැනීමට කටයුතු කරන්න.
කලින් කලට ඔබගේ ණය ඉතිහාසය පරික්ෂා කරන්න.
ණය වාර්තාවේ කිසියම් වරදක් ඇත්නම් ඒ පිළිබඳ වහාම බැංකුව/මුල්‍ය ආයතනය හෝ ණය තොරතුරු කාර්යාංශය දැනුවත් කර එය නිවැරදි කර ගන්න.
ප්‍රධාන කාඩ්පත් හිමියන්ගේ සහ පරිපූරක කාඩ්පත් හිමියන්ගේ හිමිකම්, වගකීම් සහ බැඳීම්
ප්‍රධාන කාඩ්පත් හිමියා විසින් නම්කරනු ලබන පුද්ගලයෙකුට පරිපූරක කාඩ්පතක් නිකුත් කිරීම යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ පීඑල්සී ආයතනයේ පූර්ණ අභිමතය පරිදි සිදු කෙරේ. පරිපූරක කාඩ්පත/කාඩ්පත් නිකුත්කිරීම බැංකුවට සුදුසු යයි හැඟෙන නියමයන් සහ කොන්දේසි වලට යටත්ව සිදු කෙරේ.
ප්‍රධාන කාඩ්පත් හිමියා විසින් පරිපූරක කාඩ්පතක් නිකුත් කිරීමට අනුමැතිය ලබාදෙනු ලබන ඕනෑම පරිපූරක කාඩ්පතක්/කාඩ්පත් හිමියෙකු/හිමියන් කාඩ්පත/කාඩ්පත් භාවිතය සම්බන්ධ සියලු හුවමාරු සහ ගාස්තු සඳහා ඒකාබද්ධව සහ දැඩි ලෙස වගකීමට බැඳී සිටී.
පරිපූරක කාඩ්පතේ වලංගු කාලය ප්‍රධාන කාඩ්පතේ වලංගු කාලය මත පදනම් වේ. පරිපූරක කාඩ්පත හෝ බැංකුව සමග පරිපූරක කාඩ්පත් හිමියාට ඇති ගිවිසුම අත්හිටුවීම හරහා ප්‍රධාන කාඩ්පත හෝ බැංකුව සමග ප්‍රධාන කාඩ්පත් හිමියාට ඇති ගිවිසුම අත්හිටුවීමට ලක් නොවේ.
ප්‍රධාන කාඩ්පත් හිමියා පරිපූරක කාඩ්පත් හිමියා/හිමියන් සඳහා අඩු ණය සීමාවක් ලබාදෙන ලෙස බැංකුවට උපදෙස් ලබා දීමක් සිදු කර නැතිනම් ප්‍රධාන කාඩ්පත් හිමියාගේ ණය සීමාව ම පරිපූරක කාඩ්පත් හිමියාට/හිමියන්ට ද හිමිවේ.
ලිඛිත දැනුම්දීමක් සහ පරිපූරක කාඩ්පත් කොටස් දෙකකට කඩා බැංකුවට ඉදිරිපත් කිරීමෙන් ප්‍රධාන කාඩ්පත් හිමියාට පරිපූරක කාඩ්පත් පහසුකම අවලංගු කළ හැකිය.
ප්‍රධාන සහ පරිපූරක කාඩ්පත් හිමියන් අතර සිදුවන මතභේද ප්‍රධාන සහ පරිපූරක කාඩ්පත් හිමියන්ට යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ පීඑල්සී ආයතනයට ඇති එකඟතා, වගකීම් සහ බැඳීම් වලට බලපෑමක් ඇති නොකළ යුතුය.
පරිපූරක කාඩ්පත් හිමියා විසින් සිදුකරනු ලබන සහ සියලු ගනුදෙනු සහ ඔහුට/ඇයට අදාළ ඕනෑම ගාස්තුවක් ප්‍රධාන කාඩ්පත් හිමියාට සම්බන්ධ ගනුදෙනුවක් හෝ ගාස්තුවක් ලෙස සැලකෙන අතර එය ප්‍රධාන කාඩ්පත් හිමියාහේ වගකීමක් වේ.
ඕනෑම නෛතික නොහැකියාවක් හෝ ගෙවීමේ හැකියාවක් නොමැතිවීම හෝ පරිපූරක කාඩ්පත් හිමියා විසින් එවැනි ඕනෑම නියමයක් හෝ කොන්දේසියක් කඩකළ විටෙක බැංකුවට දැරීමට සිදුවන සියලු අලාභ, හානි, වගකීම්, වියදම් සහ පිරිවැය සඳහා ප්‍රධාන කාඩ්පත් හිමියා හානිපූරණය කළ යුතුය.
පරිපූරක කාඩ්පත කල් ඉකුත්වන විට, කිසියම් අයුරකින් ගිවිසුම කඩකර නොමැති නම් බැංකුව විසින් ස්වයංක්‍රීයව කාඩ්පතේ වලංගු කාලය අලුත් කරනු ලැබේ.
ක්‍රෙඩිට් කාඩ්පතක් අවලංගු කිරීමේ ක්‍රියා පටිපාටිය
ප්‍රධාන කාඩ්පත් හිමියා තම ක්‍රෙඩිට් කාඩ්පත් හෝ පරිපූරක කාඩ්පත/කාඩ්පත් අවලංගු කරන ලෙස යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ පීඑල්සී වෙත ලිඛිතව ඉල්ලීමක් කළ යුතුය.
එම කාඩ්පත/කාඩ්පත් ඒවායේ කාන්දම් තීරය/EMV චීපය කැඩී යන පරිදි කොටස් හතරකට කඩා එම කාඩ්පත් ද සමග එම ඉල්ලීම කළ යුතුය.
එවැනි ඉල්ලීමක් ලැබුණු පසු බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානය විසින්, කාඩ්පත අවලංගු කරන ලෙස ඉල්ලීම සිදුකරන මොහොතවන විට ලැබීමට නියමිතව තිබූ ඕනෑම ගනුදෙනුවක් ලබාගැනීම සඳහා දින 14ක කාලයක් එම කාඩ්පත/කාඩ්පත් අවහිර කර එම තත්ත්වයේ පවත්වා ගනී.
ඉහත සඳහන් කාල සීමාව තුළ ගෙවීමට නියමිත සියලු ගෙවීම් සිදු කර නොමැතිනම් කාඩ්පත් හිමියා ක්‍රෙඩිට් කාඩ්පතේ සමස්ත ගෙවීමට ඇති මුදල ගෙවිය යුතුය.
ගෙවීමට ඇති සියලු ගෙවීම් සිදු කළ පසුව සහ ඉහත සඳහන් දින 14ක කාලය අවසන් වූ පසුව අදාළ ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුම ස්ථිර ලෙස අවලංගු කෙරෙන අතර යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ පීඑල්සී ආයතනය සහ කාඩ්පත් හිමියා අතර තිබූ ගිවිසුම එතෙකින් අවසන් වේ.
ක්‍රෙඩිට් කාඩ්පත් අවලංගු කළ බවට සනාථ කරමින් බැංකුව විසින් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියා වෙත ලිඛිතව දැනුම්දීමක් සිදු කෙරේ.
යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ පීඑල්සී ආයතනයේ ක්‍රෙඩිට් කාඩ්පත් මෙහෙයුම් කටයුතු සඳහා වන කාර්ය සංග්‍රහය
අන්තර්ගතය,
1. පූර්විකාව
2. මූලික බැඳීම්
3. තොරතුරු
4. අය ක්‍රමය (ගාස්තු/ගෙවීම්/පොළිය)
5. විකුණුම් සහ අලෙවිකරණ ආචාරධර්ම
6. ක්‍රෙඩිට් කාඩ්පත්/PIN අංක නිකුත් කිරීම
7. ගිණුම් මෙහෙයුම් කටයුතු
8. ගිණුම් තොරතුරුවල රහස්‍ය භාවය
9. හිඟ මුදල් රැස් කිරීම
10. පැමිණිලි හැසිරවීම
11. ක්‍රෙඩිට් කාඩ්පතක් අහවර කිරීම
12. අදහස් සහ යෝජනා
1. පූර්විකාව
1.1 මෙය, මහ බැංකුව විසින් ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කිරීමේ සාමාජික බැංකු/ආයතන (මෙතැන් සිට නිකුත්කරු ලෙස හැඳින්වෙන) සහ/හෝ වෙනත් හවුල්කාර ආයතන වල භාවිතය සඳහා නිකුත් කරනු ලැබ ඇති අංක 01/2010 දරන ක්‍රෙඩිට් කාඩ්පත් මෙහෙයුම් පිළිබඳ මාර්ගෝපදේශයට අනුකූලව සම්පාදනය කර ඇති අනිවාර්ය කාර්ය සංග්‍රහය වේ. තනි පාරිභෝගිකයන් සමග ගනුදෙනු කිරීමේදී මෙම කාර්ය සංග්‍රහය සේවා ප්‍රමිතිය පිළිබඳ මිනුමක් ලෙස කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ක්‍රෙඩිට් කාඩ්පත් සහ වෙනත් කාඩ්පත් සේවා නිකුත් කිරීමේදී ඒවා නිකුත් කරන්නාට ඇති බැඳීම් මෙම කාර්ය සංග්‍රහය තුළ සවිස්තරාත්මකව දක්වා ඇත. පාරිභෝගිකයන් සමග ගනුදෙනු කිරීමේදී මෙම කාර්ය සංග්‍රහය නිකුත්කරුගේ කාර්යමණ්ඩල සාමාජිකයන් හට මගපෙන්වනු ඇත. ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරන්නන් හට සිය හිමිකම් සහ සිය අභිරුචීන් ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳ අවබෝධයක් ලබාදීමට උපකාරී වීම මෙම කාර්ය සංග්‍රහය මගින් අපේක්ෂා කෙරේ. මෙම කාර්ය සංග්‍රහය අනුගමනය කරන ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත්කරුවෝ එය සිය වෙබ් අඩවි වල පළ කරන අතර පාරිභෝගිකයන් ඉල්ලා සිටියහොත් එහි පිටපත් ලබාදීමට ද කටයුතුය් කරති.
මෙම කාර්ය සංග්‍රහය පිළිබඳ
1.2 අනිවාර්ය ලියකියවිල්ලක් ලෙස මෙම කාර්ය සංග්‍රහය පාරිභෝගිකයන්ගේ සුබසිද්ධිය සඳහා ඉහළ මෙහෙයුම් ප්‍රමිතියක් පවත්වා ගැනීමට තරගකාරිත්වය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරයි. කාර්ය සංග්‍රහයේ 'අපි/අපගේ' ලෙස දැක්වෙනුයේ නිකුත්කරු වේ. දෙවන කොටසෙහි සවිස්තරාත්මකව දක්වා ඇති මූලික බැඳීම් මගින් කාර්ය සංග්‍රහයේ සම්මතය පාලනය කෙරේ. වෙනත් ආකාරයකට සඳහන් කර නොමැති නම්, මෙම කාර්ය සංග්‍රහයේ සියලු අංග අප විසින් කවුන්ටරයෙන්, දුරකථන මාර්ගයෙන්, අන්තර්ජාලයෙන් සහ/හෝ වෙනත් ක්‍රමයක් මගින් පිරිනමනු ලබන ක්‍රෙඩිට් කාඩ්පත් නිෂ්පාදන සහ සේවා සියල්ල සඳහා වලංගු වේ.
මෙම කාර්ය සංග්‍රහයේ දක්වා ඇති බැඳීම් සාමාන්‍ය ව්‍යාපාර මෙහෙයුම් පරිසරයක් යටතේ වලංගු වේ. අනපේක්ෂිත අවස්ථා වලදී මෙම කාර්ය සංග්‍රහයේ දක්වා ඇති බැඳීම් සපුරාලීමට අපට නොහැකි විය හැකි බව පැහැදිලිව අවබෝධ කර ගත යුතුය.
2. මූලික බැඳීම්
අපි පහත දැක්වෙන ආකාරයෙන් බැඳී සිටින්නෙමු:
2.1 පහත පරිදි අපි සාධාරණ සහ යුක්තිසහගත ලෙස කටයුතු කරන්නෙමු;
- අප පිරිනමන නිෂ්පාදන සහ සේවා මෙන්ම අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන්/නියෝජිතයන් අනුගමනය කරන ක්‍රියාවලි සහ ක්‍රමවේද වලදී ද කාර්ය සංග්‍රහයේ ප්‍රමිතීන් ළඟා කර ගැනීම.
- අදාළ නීති, නියමයන්, මාර්ගෝපදේශ, දිශානති සහ චක්‍රලේඛ අනුව අපගේ නිෂ්පාදන සහ සේවා ලබාදීම.
- අප පාරිභෝගිකයන් සමග සිදුකරන ගනුදෙනු අවංක සහ විනිවිදභාවයෙන් යුතු ආචාරධර්මවලට අනුකූලව සිදුකිරීම.
- නෛතික සහ ආචාරධර්ම වලට අනුකූල පාරිභෝගික ක්‍රමවේද පමණක් භාවිත කිරීම.
2.2 අපි පහත තොරතුරු සරළ බසින් පාරිභෝගිකයාට ලබාදෙමින් අපගේ ක්‍රෙඩිට් කාඩ්පත් නිෂ්පාදන සහ සේවා ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳ ඔවුන් දැනුවත් කරන්නෙමු;
- පාරිභෝගිකයාට ඇති ප්‍රතිලාභ
- පාරිභෝගිකයාට එම ප්‍රතිලාභ ලබාගත හැකි ආකාරය
- ගාස්තු, ගෙවීම් සහ පිරිවැය මොනවාද
- තම ගැටළු ඉදිරිපත් කළ යුත්තේ කාටද/කෙසේද
2.3 අපි පහත දැක්වෙන පරිදි කඩිනමින් සහ ඵලදායී ලෙස පාරිභෝගික විමසීම් සම්බන්ධව කටයුතු කරන්නෙමු;
- තම විමසීම් යොමු කිරීමට මාර්ග පිරිනැමීම
- ඔවුන්ට ඉවසීමෙන් යුතුව සවන්දීම
- විමසීම/පැමිණිල්ල ලැබී වැඩකරන දින 10ක් තුළ පාරිභෝගිකයාට ප්‍රතිචාර දැක්වීම
- අපගේ ප්‍රතිචාරයෙන් සෑහීමකට පත් නොවේ නම් තම පැමිණිල්ල ඉදිරියට ගෙනයන්නේ කෙසේද යන්න පිළිබඳ පාරිභෝගිකයා දැනුවත් කිරීම
2.4 අපි අපගේ වෙබ්අඩවියට ඇතුළත් කිරීමෙන් සහ පාරිභෝගිකයා ඉල්ලා සිටියහොත් ලබාදීම සඳහා ඉංග්‍රීසි, සිංහල හා ද්‍රවිඩ යන භාෂා වලින් පිටපත් ලබාදීම හරහා මෙම කාර්ය සංග්‍රහය මහජනතාව වෙනුවෙන් ප්‍රසිද්ධියට පත්කරන්නෙමු.
- තොරතුරු (තම අවශ්‍යතා සපුරාගැනීම සඳහා පාරිභෝගිකයන්ට නිෂ්පාදන සහ සේවා තෝරාගැනීමට අවස්ථාව ලබාදීම)
3. තොරතුරු
3.1 ක්‍රෙඩිට් කාඩ්පතක් නිකුත් කිරීමට පෙර අපි;
- පහත දැක්වෙන තොරතුරු ඇතුළුව අපගේ ක්‍රෙඩිට් කාඩ්පත් වල ප්‍රධාන විශේෂතා පැහැදිලි කරමින් තොරතුරු ලබාදෙන්නෙමු;
- අදාළ ගාස්තු සහ මිල ගණන්
- ගෙවිය යුතු අවම මුදල සහ පොළී ගණනය කරන ක්‍රමවේදය
- පොළී ගාස්තු සහ දඬුවම් ගාස්තුවලින් වැළකී සිටීම හෝ ඒවා අවම කර ගැනීම
- බිල්පත් සහ ගෙවීම් ක්‍රියාවලි
- කාඩ්පත් අලුත් කර ගැනීමේ සහ අත්හිටුවීමේ ක්‍රියාවලි සහ
- කාඩ්පත භාවිත කිරීමේදී වැදගත් විය හැකි වෙනත් ඕනෑම තොරතුරක්
- පාරිභෝගිකයාගේ අනන්‍යතාව, ලිපිනය, රැකියාව ඇතුළු නෛතික සහ නියාමන අවශ්‍යතාවලට අනුකූල වීම සඳහා ව්‍යවස්ථාපිත අධිකාරි මගින් නියම කර ඇති වෙනත් ඕනෑම ලියකියවිල්ලක් ආදී පාරිභෝගිකයෙකුට ක්‍රෙඩිට් කාඩ්පතක් නිකුත් කිරීම සඳහා අවශ්‍ය අවම තොරතුරු/ලියකියවිලි පිළිබඳ පාරිභෝගිකයා දැනුවත් කිරීමට අපි කටයුතු කරන්නෙමු.
- දුරකථනයෙන් සහ/හෝ පාරිභෝගිකයා මුණගැසීමෙන් ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම් පත්‍රයේ දක්වා ඇති තොරතුරු නිවැරදි බවට තහවුරු කර ගැනීමට අපි කටයුතු කරන්නෙමු. අවශ්‍ය යයි හැඟුණහොත් මෙම කාර්යය සඳහා පත්කර ඇති නියෝජිත ආයතන හරහා ද එය සිදුකර ගැනීමට අපි කටයුතු කරන්නෙමු.
3.2 පාරිභෝගිකයා කිසියම් නිෂ්පාදනයක්/සේවාවක් සඳහා අයදුම් කිරීමේදී අප ඔහුට/ඇයට යළි ප්‍රතිචාර දැක්වීමට කොපමණ කාලයක් ගතවනු ඇතිද යන්න පිළිබඳ අපි පාරිභෝගිකයා දැනුවත් කරන්නෙමු.
3.3 නියමයන් සහ කොන්දේසි, පොළී සහ ගාස්තු, ක්‍රෙඩිට් කාඩ්පත නැතිවූ හෝ අවභාවිත වූ අවස්ථාවක පාරිභෝගිකයාට ඇති හිමිකම් සහ වගකීම් මෙන්ම ක්‍රෙඩිට් කාඩ්පත භාවිතය, ක්‍රෙඩිට් කාඩ්පත සම්බන්ධ වෙනත් අදාළ තොරතුරු සවිස්තරාත්මකව දක්වා ඇති සේවා මාර්ගෝපදේශයක්/සාමාජික පොත් පිංචක් ලබාදීමට අපි කටයුතු කරන්නෙමු.
3.4 පාරිභෝගිකයාට අවශ්‍ය ඕනෑම මොහොතක අප සමග සම්බන්ධ වීම සඳහා අපගේ දුරකථන අංක, ලිපිනය, වෙබ්අඩවි, ඉ-මේල් ලිපිනය ඇතුළු අප සමග සම්බන්ධ විය හැකි තොරතුරු අපි පාරිභෝගිකයාට ලබාදෙන්නෙමු.
3.5 තම මාසික මුල්‍ය ප්‍රකාශනය සමග සැසඳීම සඳහා සියලු ගෙවීම් රිසිට්පත් එකතුකර ගන්නා ලෙස අපි පාරිභෝගිකයාට උපදෙස් දෙන්නෙමු. ක්‍රෙඩිට් කාඩ්පතේ ගනුදෙනු ප්‍රකාශනයේ සඳහන්ව ඇති කිසියම් ගනුදෙනුවක් පාරිභෝගිකයාට හඳුනා ගැනීමට නොහැකි නම් සහ පාරිභෝගිකයා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉල්ලා සිටින්නේ නම් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු පිරිනැමේ. යම් අවස්ථාවලදී පාරිභෝගිකයා අදාළ ගනුදෙනුව සඳහා අවසර ලබාදී නොමැති බවට සනාථ කිරීමට පාරිභෝගිකයාට සිදු විය හැකිය.
4. ගාස්තු ක්‍රමය (පොළිය/ගාස්තු/ගෙවීම්)
4.1 අපි අපගේ ගෙවීම් සහ ගාස්තු (පොළී අනුපාත ද ඇතුළුව) චක්‍රය පිළිබඳ පහත දැක්වෙන අයුරින් පාරිභෝගිකයා දැනුවත් කරන්නෙමු;
- අයදුම් පත්‍රය සමග
- සේවා මාර්ගෝපදේශය/සාමාජික පොත් පිංච හරහා
- පාරිභෝගිකයා පාරිභෝගික සේවා අංකය ඇමතූ විට
- අපගේ වෙබ්අඩවියෙන් හෝ
- අප පත්කර ඇති කාර්යමණ්ඩල සාමාජිකයන් හරහා
4.2 ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රකාශනයට සහ වෙබ්අඩවියේ දක්වා ඇති ප්‍රකාශනයට අමතරව පාරිභෝගිකයාගේ ඉල්ලීම මත උදාහරණ ආශ්‍රයෙන් පොළී සහ/හෝ ගාස්තු අය කෙරෙන ආකාරය පිළිබඳ අපි පාරිභෝගිකයාට පැහැදිලිව විස්තර කරන්නෙමු.
4.3 අපගේ ගාස්තු ක්‍රමයේ වෙනස්වීම්
ක්‍රෙඩිට් කාඩ්පත් සම්බන්ධව අපහේ ගාස්තු ක්‍රමයේ වෙනසක් සිදු කරන්නේ නම් (පොළී අනුපාත සහ/හෝ වෙනත් ගාස්තු/ගෙවීම්) එවැනි වෙනස්වීම ක්‍රියාත්මක කිරීමට දින 10කට පෙර අපි දුරකථන පණිවිඩ, වෙබ්අඩවි සහ ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රකාශනය හරහා එම වෙනස්වීම් පිළිබඳ පාරිභෝගිකයා දැනුවත් කරන්නෙමු.
5. විකුණුම් සහ අලෙවිකරණ ආචාරධර්ම
5.1 ක්ෂේත්‍ර නිලධාරීන්
- ක්‍රෙඩිට් කාඩ්පත් අලෙවිකිරීම සඳහා අපගේ විකුණුම් නියෝජිතයන් පැමිණෙන විට තමන් හඳුන්වා දීමට ඔවුහු කටයුතු කරති.
- අපගේ නියෝජිතයෙකු කිසියම් අනිසි කටයුත්තක් සිදු කළ බවට අප වෙත පැමිණිල්ලක් ලැබුණු විට ඒ පිළිබඳ අවශ්‍ය පියවර ගැනීමට අපි කටයුතු කරන්නෙමු.
5.2 ටෙලිමාකටින්
- අපගේ ටෙලිමාකටින් කාර්යමණ්ඩලය/නියෝජිතයන් අපගේ ක්‍රෙඩිට් කාඩ්පත් හෝ වෙනත් හරස් විකුණුම් දීමනා අලෙවි කිරීම සඳහා දුරකථන මාර්ගයෙන් පාරිභෝගිකයන් සමග සම්බන්ධ වන විට ඔවුන් ප්‍රථමයෙන් තමන් හඳුන්වා දීමටත් ඔවුන් අමතන්නේ අප ආයතනය නියෝජනය කරමින් බව දැනුම් දීමටත් කටයුතු කරයි.
- පාරිභෝගිකයාට දුරකථන ඇමතුම නිසා කිසියම් අපහසුතාවක් ඇති නොවන වෙලාවක පාරිභෝගිකයා සම්බන්ධ කර ගැනීමට අපි වගබලා ගන්නෙමු (සාමාන්‍යයෙන් පෙ.ව 9 සිට ප.ව. 7 දක්වා)
- ලිඛිතව හෝ වාචිකව පාරිභෝගිකයා දැනුම්දී ඇත්නම් පමණක් ඉහත වේලාවන් වලට පෙර හෝ පසුව දුරකථන ඇමතුම් ලබා ගැනේ.
5.3 ටෙලිමාකටින් ආචාරධර්ම
- අපගේ ටෙලිමාකටින් කණ්ඩායම පිළිගත් දුරකථන ඇමතුම් ආචාරධර්ම අනුගමනය කරයි;
5.3.1 ඇමතුම් ලබා ගැනීමට පෙර
- බැංකුව හෝ බැංකුව විසින් පත්කරන ලද සෘජු විකුණුම් නියෝජිතයන් විසින් අනුමත කරන ලද ලැයිස්තුවට පමණක් ඇමතුම් ලබා ගැනීම.
5.3.2 ඇමතුම අතරතුර
a) තමන් සහ බැංකුව හඳුන්වාදීම, ඇමතුම ලබාගැනීමේ අරමුණ ප්‍රකාශ කිරීම.
b) ඇමතුම ඉදිරියට පවත්වා ගැනීමට අවසර ලබාගැනීම. අවසර නොලැබුනහොත් සමාව ඉල්ලා ආචාරශීලිව ඇමතුම විසන්ධි කිරීම
c) ඇමතුම ජංගම දුරකථනයකට ලබා ගත්තේ නම් නිරන්තරයෙන් ස්ථාවර දුරකථනයට ඇමතුම ලබාගැනීමට යෝජනා කිරීම
d) හැකි තරම් පාරිභෝගිකයාට පහසු භාෂාවෙන් කතා කිරීම.
e) සංවාදය ව්‍යාපාරික කටයුතු වලට පමණක් සීමාකිරීම. බාධා කිරීම හෝ වාදකිරීමට කටයුතු නොකිරීම.
f) පාරිභෝගිකයා කිසියම් සේවාවක් ලබාගැනීමට සැලසුම් කරන්නේ නම් ඔහු/ඇය 'වඩාත් වැදගත් නියමයන් සහ කොන්දේසි' පිළිබඳ අවබෝධයෙන් පසුවන්නේ දැයි පරික්ෂා කිරීම.
g) පාරිභෝගිකයා ඉල්ලා සිටියහොත් තම දුරකථන අංකය, තම ඉහළ නිලධාරියාගේ නම හෝ අපගේ බැංකුවේ දුරකථන අංක ලබාදීම
h) ඇමතුම සඳහා කාලය මිඩංගු කිරීම පිළිබඳ පාරිභෝගිකයාට ස්තූති කිරීම
5.3.3 ඇමතුමෙන් පසුව
a) කිසියම් සේවාවක් පිළිබඳ පාරිභෝගිකයාට උනන්දුවක් නොමැති බව පාරිභෝගිකයා අඟවන්නේ නම් මීළඟ මාස 6ක කාලය තුළ එම සේවාව සඳහා යළි ඇමතීමෙන් වැළකීම.
b) කිසියම් පාරිභෝගිකයෙකු දැනටමත් අලෙවිවී ඇති සේවාවක් පිළිබඳ විමසන අවස්ථාවකදී අපගේ විකුණුම් කාර්යමණ්ඩල සාමාජිකයෙකු විසින් එම පාරිභෝගිකයා බැංකුවේ අදාළ අංශය/ඒකකය වෙත යොමු කරනු ලැබේ.
5.4 පාරිභෝගික තොරතුරුවල රහස්‍යභාවය
විකුණුම් නියෝජිතයා සැමවිටම පාරිභෝගිකයාගේ පුද්ගලිකභාවයට ගරු කරයි. පාරිභෝගිකයාගේ අභිරුචීන් සාමාන්‍යයෙන් පාරිභෝගිකයා සමග සහ පාරිභෝගිකයා විසින් ලිඛිතව, ඉ-මේල් හරහා, පටිගත කරන ලද දුරකථන ඇමතුමක්, ෆැක්ස් හෝ කෙටි පණිවිඩයක් මගින් නියම කරනු ලබන පාරිභෝගිකයාගේ ගණකාධිකාරී/ලේකම්/සැමියා හෝ බිරිඳ වැනි පුද්ගලයන්/පවුලේ සාමාජිකයන් සමග පමණක් සාකච්ඡා කෙරේ.
5.5 පුහුණුව
විකුණුම් නියෝජිතයන් හට තම කටයුතු ඵලදායී ලෙස ඉටුකිරීමට අවශ්‍ය පුහුණුව සහ මගපෙන්වීම ලබාදීමට කටයුතු කෙරේ.
6. ක්‍රෙඩිට් කාඩ්පත/PIN අංකය නිකුත් කිරීම
6.1 සාමාන්‍යයෙන් අපි පාරිභෝගිකයා සඳහන් කර ඇති ලිපිනයට කුරියර්/ලියාපදිංචි තැපෑල හරහා පාරිභෝගිකයාගේ ක්‍රෙඩිට් කාඩ්පත යොමු කිරීමට කටයුතු කරන්නෙමු. එසේ නොමැති නම්, පාරිභෝගිකයාගේ විශේෂ අවසරය මත වෙනත් ලිපිනයකට ද ක්‍රෙඩිට් කාඩ්පත යොමු කළ හැකිය.
6.2 පාරිභෝගිකයාට හිමිවූ ක්‍රෙඩිට් කාඩ්පත සක්‍රීය කර නොමැති නම්, බැංකුව විසින් ලබාදී ඇති උපදෙස් මත පාරිභෝගිකයාට එය සක්‍රීය කර ගත හැකිය.
6.3 PIN (පුද්ගලික හඳුනා ගැනීමේ අංකය) අංකය නිකුත් කළ වහාම එය පාරිභෝගිකයාට වෙනම යොමු කෙරේ.
7. ගිණුම් මෙහෙයුම් කටයුතු සහ ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රකාශනය
7.1 ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුම කළමනාකරණය කර ගැනීමේ සහ ක්‍රෙඩිට් කාඩ්පත භාවිත කරමින් සිදු කරන ලද ගැනුම්/මුදල් ගැනුම් පිළිබඳ තොරතුරු පරික්ෂා කර ගැනීමේ පහසුව ලබාදීම සඳහා ඉ-මේල් හෝ අන්තර්ජාල බැංකුකරණ සේවාව හරහා ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනු පිළිබඳ තොරතුරු පාරිභෝගිකයාට දැනුම්දීමට අපි කටයුතු කරන්නෙමු. ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රකාශනය කලින් තීරණය කරන ලද දිනකදී සෑම මසකම නිකුත් කෙරෙනු ලැබේ.
7.2 ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රකාශනය නොලැබුණු විටෙක ඒ පිළිබඳ අප දැනුවත් කර එහි පිටපතක් ලබා ගන්නා ලෙස අපි දැනුවත් කරන්නෙමු. එම ඉල්ලීම ලැබී කැලැන්ඩර් දින 10ක් තුළ එම පිටපත පාරිභෝගිකයාට යොමු කර ගෙවීම් කලට වෙලාවට සිදුකිරීමේ අවස්ථාව පාරිභෝගිකයාට ලබාදෙන්නෙමු.
7.3 කලින් කලට අප හඳුන්වා දෙන නව සේවා සහ අගය එකතු කිරීම් පිළිබඳ අප එම සේවා පිළිගැනීමේ/ප්‍රතික්ෂේප කිරීමේ පහසුකම මෙන්ම ඊට අදාළ ගාස්තු/ගෙවීම් තොරතුරු ද සමගින් පාරිභෝගිකයාට දැනුම්දෙනු ලැබේ.
7.4 පාරිභෝගිකයාගේ කාඩ්පත් ගිණුමට බැර කරන ලද චෙක්පතක් අගරු වූ විට ඒ පිළිබඳ එවැනි අගරු චෙක්පතක් ලැබී කැලැන්ඩර් දින 7ක් තුළ පාරිභෝගිකයාට දැනුවත් කෙරේ.
7.5 අප විසින් නියම කරන ලද කාල සීමාව තුළ පාරිභෝගිකයා චෙක්පතක් තැන්පත් කළ ද අපගේ වැරදීමක්/ප්‍රමාද දෝෂයක් නිසා එය මුදල් ගෙවීමට ඇති දිනයට පසුව නිෂ්කාශනය වූ අවස්ථාවකදී ඒ වෙනුවෙන් පාරිභෝගිකයාට අපහසුතාවක් ඇති නොවීමට අපි වගබලා ගන්නෙමු.
7.6 පාරිභෝගිකයාගේ ගිණුමේ යාවත්කාලීන කිරීමක් සහ/හෝ ණය සීමාව වැඩිකිරීමක් පිළිබඳ අපි පාරිභෝගිකයාට දැනුම්දෙන්නෙමු. නිශ්චිත කාල සීමාව තුළ එම යෝජිත යාවත්කාලීන කිරීම සහ/හෝ ණය සීමාව වැඩිකිරීම පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට පාරිභෝගිකයාට හැකිය. පාරිභෝගිකයා එවැනි දැනුම්දීම් ඉතා ඕනෑකමින් කියවා සුදුසු පරිදි ඊට ප්‍රතිචාර දක්වනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු.
7.7 ක්‍රෙඩිට් කාඩ්පත අවභාවිතයෙන් වළක්වා ගැනීම සඳහා කුමක් කළ යුතුද යන්න පිළිබඳ අපි පාරිභෝගිකයාට උපදෙස් ලබා දෙන්නෙමු.
7.8 පාරිභෝගිකයාගේ ක්‍රෙඩිට් කාඩ්පත අස්ථානගත වීමකදී හෝ සොරකම් කරන ලද විටෙකදී හෝ පාරිභෝගිකයාගේ PIN අංකය හෝ වෙනත් ආරක්ෂණ තොරතුරක් තුන්වන පාර්ශ්වයක් දැනගත් විටෙක හෝ ඒ පිළිබඳ පාරිභෝගිකයා අප වෙත දැනුම්දුන් පසු පාරිභෝගිකයාගේ ක්‍රෙඩිට් කාඩ්පත අක්‍රීය කර කාඩ්පත් හිමියාගේ ගිවිසුමේ දැක්වෙන නියමයන් සහ රෙගුලාසි ප්‍රකාරව කටයුතු කරන්නෙමු.
8. ගිණුම් තොරතුරු වල රහස්‍යභාවය
8.1 කිසියම් තැනැත්තෙකු තවදුරටත් අපගේ පාරිභෝගිකයෙකු නොවන අවස්ථාවකදී වුව ද පාරිභෝගිකයාගේ පුද්ගලික තොරතුරුවල රහස්‍යභාවය සහ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමට අපි කටයුතු කරන්නෙමු. පහත දැක්වෙන අවස්ථාවලදී හැර තුන්වන පාර්ශ්වයකට පාරිභෝගිකයාගේ ගනුදෙනු පිළිබඳ විස්තර හෙළි කිරීමට අපි කටයුතු නොකරන්නෙමු.
- නීතියෙන් ඉල්ලා සිටියහොත්.
- පාරිභෝගිකයා ලිඛිතව, ඉ-මේල්, පටිගත කරන ලද දුරකථන ඇමතුමක්, ෆැක්ස් හෝ කෙටි පණිවිඩ මාර්ගයෙන් ඉල්ලා සිටියහොත් (මෙම ඉල්ලීම් අනාගත භාවිතය සඳහා තැන්පත් කෙරේ)
- නෛතික රාමුවට අනුකූලව කටයුතු කිරීම සඳහා
- අපගේ කැමැත්ත පරිදි, වංචාවක් වළක්වා ගැනීමට, විගණනය සඳහා අවශ්‍ය වූ විට
9. හිඟ මුදල් රැස් කිරීම
අපගේ බැංකුවේ හිඟ මුදල් එක්රැස් කිරීමේ ප්‍රතිපත්තිය සාධාරණත්වය, සාධාරණ සැලකීම සහ පෙළඹවීම මත ගොඩනැගී ඇත. පාරිභෝගිකයාගේ විශ්වාසය සහ දිගුකාලීන සබඳතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳ අපි විශ්වාස කරන්නෙමු. පාරිභෝගිකයාගේ ක්‍රෙඩිට් කාඩ්පතේ මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා යම් අවස්ථාවලදී පෙ.ව. 9 සහ ප.ව 7 යන කාල සීමාවට පෙර හෝ පසුව දුරකථන ඇමතුම් ලබාගැනීමට සිදුවිය හැකිය.
හිඟ මුදල් එකතු කිරීමට සහ/හෝ සුරැකුම් නැවත ලබා ගැනීම සඳහා අප නියෝජනය කිරීමේ බලය ඇති ඕනෑම කාර්යමණ්ඩල සාමාජිකයෙකු හෝ පුද්ගලයෙකු තමන් හඳුන්වා දීමෙන් අනතුරුව සිවිල් ආකාරයට පාරිභෝගිකයා සමග ගනුදෙනු කරනු ඇත.
ගෙවීමට ඇති මුදල් පිළිබඳ සියලු තොරතුරැ අපි පාරිභෝගිකයාට දැනුම්දෙන අතර එම මුදල් ගෙවීම සඳහා ප්‍රමාණවත් පෙර දැනුම්දීමක් සිදුකරන්නෙමු.
පාරිභෝගිකයාගේ ගෙවීමට ඇති මුදල් සහ ප්‍රමාණවත් කාල සීමාවක් තුළ යළි පියවා ගැනීමේ ලිපියක් සම්බන්ධව පාරිභෝගිකයා ඉදිරිපත් කරන ඕනෑම විමසීමක් හෝ පැහැදිලි කිරීමක් සඳහා අපි ප්‍රතිචාර දක්වන්නෙමු.
10. සැකකටයුතු ගනුදෙනු තහවුරු කර ගැනීම
යම් අවස්ථා වලදී පාරිභෝගිකයාගේ ක්‍රෙඩිට් කාඩ්පතේ සැකකටයුතු ගනුදෙනුවක් පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා පෙ.ව. 9ත් ප.ව. 7ත් යන කාල සීමාවට පෙර හෝ පසුව දුරකථන ඇමතුම් ලබාදීමට සිදුවිය හැකිය. පාරිභෝගිකයාගේ අනුදැනුමින් තොරව ක්‍රෙඩිට් කාඩ්පත භාවිත වීමෙන් වළක්වා ගැනීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගනු ලැබේ.
11. පැමිණිලි හැසිරවීම
11.1 අභ්‍යන්තරව පාරිභෝගිකයාගේ පැමිණිලි හැසිරවීම
- අපගේ ආයතනය තුළ පැමිණිලි හැසිරවීමේ ක්‍රමවේදයක් පවතී.
- පාරිභෝගිකයාට ප්‍රතිචාර දැක්වීමට අපේක්ෂා කරන කාල සීමාව සහ ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රියාවලිය ද අපගේ පැමිණිලි හැසිරවීමේ ක්‍රියාවලියට ඇතුළත් වන අතර එය අපගේ වෙබ්අඩවියේ දර්ශනය කෙරෙනු ඇත.
- පැමිණිල්ල විසඳන තෙක්, රාජකාරි දින දෙකක් ඇතුළත ගනුදෙනුකරුට ඒ සම්බන්ධයෙන් පූර්ව-ප්‍රතිචාරයක් ලබාදෙනු ඇති අතර, රාජකාරි දින පහක් ඇතුළත පැමිණිල්ල විසඳීමට කටයුතු කෙරෙනු ඇත.
11.2 ශ්‍රී ලංකා මුල්‍ය ඔම්බුඩ්ස්මන් වරයාට පැමිණිල්ල ඉදිරිපත් කිරීම
- කිසියම් පාරිභෝගිකයෙකුට දින 30ක් තුළ අපගෙන් සෑහීමකට පත්විය හැකි ප්‍රතිචාරයක් නොලැබුණි නම් සහ ඒ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන්නේ නම් එම පාරිභෝගිකයාට ශ්‍රී ලංකා මුල්‍ය ඔම්බුඩ්ස්මන් වරයාට එම පැමිණිල්ල යොමු කළ හැකිය.
ලිපිනය;
අංක. 143A,
වජිර පාර,
කොළඹ - 05
දුරකථන : +94 11 259 5624 ෆැක්ස් : +94 11 259 5626
ඉ-මේල් : fosril@sltnet.lk
වෙබ්අඩවිය : www.financialombudsman.lk
12. ක්‍රෙඩිට් කාඩ්පත අත්හිටුවීම
12.1 හිඟ මුදල් ඇත්නම් ඒවා පියවීමෙන් පසුව කාඩ්පත් හිමියාගේ ගිවිසුමේ දැක්වෙන නියමයන් සහ කොන්දේසි වල දක්වා ඇති ක්‍රියා පටිපාටියට අනුකූලව අප වෙත දැනුම්දීමෙන් පසුව පාරිභෝගිකයාට සිය ක්‍රෙඩිට් කාඩ්පත අත්හිටුවිය හැකිය.
12.2 පාරිභෝගිකයා කාඩ්පත් හිමියාගේ ගිවිසුම උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කර ඇති විට අප විසින් පාරිභෝගිකයාගේ ක්‍රෙඩිට් කාඩ්පත අත්හිටුවීමට කටයුතු කරන අතර විසඳාගෙන නොමැති ගැටළු ඇත්නම් ගැටළු නිරාකරණය කිරීමේ ක්‍රමවේදයට අනුව ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබේ.
13. අදහස් සහ යෝජනා
- අපගේ සේවා පිළිබඳ ප්‍රතිචාර ලබාදීමට පාරිභෝගිකයන්ට හැකි අතර ඔවුන්ගේ යෝජනා අපගේ සේවා තවත් වැඩිදියුණු කර ගැනීමට උපකාරී වේ.
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






