ලක්ෂණ සහ ප්රතිලාභ
- ඉතුරුම් අනුව ක්‍රමයෙන් වැඩිවන පොළී අනුපාතයක්
- වැටුප මෙන් 3 ගුණයක් දක්වා, සහතික කළ ණය සීමාව සහිත ක්‍රෙඩිට් කාඩ්පතක් (රුපියල් මිලියන 3ක උපරිමයක් දක්වා)
- මාසික ඊ-ප්‍රකාශන නොමිලේ
- ඔන්ලයින් හා මොබයිල් බැංකු සේවා නොමිලේ
- තීරුබදු සහ ගාස්තු සඳහා සහන
- හදිසි අරමුදල් අවශ්‍යතාවලදී, ස්ථාවර තැන්පතු හා ඉතිරිකිරීමේ ගිණුම් ශේෂ මත 90% දක්වා ණය
- ආරක්ෂිත තැන්පතු ලොකර් සඳහා පළමු වසරේ වාර්ෂික ගාස්තුවට 50%ක වට්ටමක්
- කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල, ඔබ සිටින තැනටම පැමිණ මුදල් ලබාගැනීමේ/ලබාදීමේ සේවාව (ගාස්තු සහිතයි)
- ඩිජිටල් බැංකුකරණය හරහා උපයෝගිතා බිල්පත් ගෙවීමේදී විශේෂ වට්ටම් (රු. 5000/-ක උපරිමයක් දක්වා)
- විශේෂ වාරික යටතේ, ගෝලීය සෞඛ්‍ය සහ අනෙකුත් සාමාන්‍ය රක්ෂණ ආවරණ ලබාගැනීමේ අවස්ථාව
- දේපළ උරුමකිරීම සැලසුම් කිරීමේ සේවා සහ ආයෝජන උපදේශක සේවා
සුදුසුකම්
- අවු. 18 සිට 60 දක්වා, සේවයේ නිරත පුද්ගලයින්
- ශුද්ධ වැටුප රු.500,000/- හෝ ඊට වැඩි, සේවයේ නිරත පුද්ගලයින් (යුනියන් බැංකු Elite Circle සාමාජිකත්වය)
- ශුද්ධ වැටුප රු.500,000/-ට අඩු සහ රු.35,000/-ට වැඩි සේවයේ නිරත පුද්ගලයින්
අයදුම් කරන ආකාරය
- නිසි ලෙස සම්පූර්ණ කළ අයදුම්පත
- අදාළ වන පරිදි රක්ෂණය සඳහා නිසි පරිදි සම්පූර්ණ කරන ලද ප්රකාශනය
- වැටුප, යුනියන් බැංකුව වෙත යොමුකිරීමට එකඟතාව
- අනන්‍යතාව තහවුරු කිරීමට (ජා.හැ.ප. / විදේශ ගමන් බලපත්‍රය), වැටුප තහවුරු කිරීමට (පසුගිය මාස 3 තුළ වැටුප් පත්‍රිකාවක්) සහ ලිපිනය තහවුරු කිරීමට (පසුගිය මාස 3 තුළ උපයෝගිතා බිල්පතක් / බැංකු ප්‍රකාශයක්) අවශ්‍ය ලියවිලි
- සම්පූර්ණ කළ VISA ඩෙබිට් කාඩ්පත් අයදුම්පත
කොන්දේසි අදාළ වේ.
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්







