සිය පාරිභෝගික ජනතාවගේ බැංකුකරණ පහසුව වෙනුවෙන් තාක්ෂණය පුළුල් කිරීම සඳහා දක්වන අඛණ්ඩ කැපවීමේ තවත් එක් පියවරක් ලෙස යුනියන් බැංකුව, ඕනෑම ජංගම දුරකථනයකින් ප්‍රවේශ විය හැකි පුළුල් ජංගම බැංකුකරණ පහසුකමක් ලෙස Missed Call බැංකුකරණ සේවාව පසුගියදා හඳුන්වා දුන්නේය.
යුනියන් බැංකුවේ Missed Call බැංකුකරණ සේවාව යනු, සිය ජංගම දුරකථනයට තම ගිණුමේ ශේෂය ලබා ගැනීම සඳහා ගිණුම් හිමියන් වෙත හඳුන්වා දී ඇති ක්ෂණික සහ ආරක්ෂිත කෙටි පණිවිඩ (SMS) සේවාවකි.
යුනියන් බැංකුවේ SMS පණිවිඩ සේවාවට ලියාපදිංචි වීමෙන් ගිණුම් හිමියන් හට එම සේවාව ලබාගත හැකිය. ගිණුමක් ආරම්භ කරන මොහොතේදී සක්‍රිය කර ගැනීම හරහා හෝ ඉහත සේවාව වෙනුවෙන් ඇති අයදුම් පත්‍රය සම්පූර්ණකර බාර දීමෙන් ද ඒ සඳහා ලියාපදිංචි විය හැකිය. තවද, බැංකු ගිණුමේ ශේෂය ඇතුළු තම සක්‍රීය ගිණුම් සම්බන්ධ වෙනත් තොරතුරු ද කෙටි පණිවිඩ ලෙස ලබා ගැනීමේ හැකියාව පවතී. ලබා දී ඇති කේතය භාවිතකර 0115 800 700 අංකයට ‘missed call’ එකක් ලබා දීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන්, ඉල්ලා සිටි ගිණුම් තොරතුර SMS පණිවිඩයක් ලෙස ලබාගත හැකිය.
පවතින වසංගත තත්ත්වය තුළ බාහිර පරිසරයට නිරාවරණය නොවී සිය බැංකු තොරතුරු පරික්ෂාකර ගැනීමේ මහඟු අවස්ථාව යුනියන් බැංකුවේ Missed Call සහ SMS බැංකුකරණ සේවාව මගින් පාරිභෝගිකයන් වෙත හිමිකර දී ඇත.
“පාරිභෝගිකයින් හට විශිෂ්ට බැංකුකරණ පහසුවක් අත්කර දීම සඳහා වඩාත් සරළ සහ පිරිවැය කාර්යක්ෂම ඩිජිටල් බැංකුකරණ විසඳුම් ලබාදීම සඳහා යුනියන් බැංකුව නිබඳව කටයුතු කරනවා. යුනියන් බැංකුවේ Missed Call බැංකුකරණ සේවාව එම ප්රයත්නයේ තවත් එක් පියවරක්වන අතර එමගින් පාරිභෝගිකයින් හට තම ගිණුමේ ශේෂය සහ අනෙකුත් යාවත්කාලීන තොරතුරු ඕනෑම මොහොතක, ඕනෑම ස්ථානයක සිට තම ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙනවා. ක්ෂණිකව ගිණුම් තොරතුරු ලබාගත හැකි මෙම සේවාව කාලය ඉතිරිකරන, විශ්වසනීය සේවාවක් ලෙස පාරිභෝගිකයින්ගේ බැංකුකරණ අත්දැකීම සැලකිය යුතු අන්දමින් වැඩිදියුණු කරනු ඇති බව අපගේ විශ්වාසයයි,” යනුවෙන් යුනියන් බැංකුවේ පාරිභෝගික බැංකුකරණ අංශයේ උප සභාපතිනී චායා ජයවර්ධන මහත්මිය සඳහන් කළාය.
යුනියන් බැංකුවේ Missed Call බැංකුකරණ සේවාව හරහා බැංකුවේ පුද්ගලික සහ ජංගම ගිණුම් හිමියන් හට වැදගත් මුදල් හුවමාරු සිදු කිරීමට පෙර ළඟම පිහිටි ATM යන්ත්‍රයකට ගොස් හෝ පාරිභෝගික සේවා අංශයට ඇමතීමෙන් තොරව සිය ගිණුමේ ශේෂය පරික්ෂාකර ගැනීමේ හැකියාව උදාකර දී ඇත. ඕනෑම මොහොතකදී සිය ගිණුමේ ශේෂය පරික්ෂා කිරීම සඳහා ගිණුම් හිමියන් හට 0115 800 700 අංකයට ‘missed call’ එකක් ලබා දීමට හෝ ‘Bal’ ලෙස ටයිප්කර එම අංකයට කෙටි පණිවිඩයක් යොමු කිරීමට හැකිය. දෛනිකව ගිණුම් තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය ගිණුම් හිමියන් හට ලියාපදිංචි සේවාවක් ද ලබාගත හැකිය. ඒ සඳහා M100 ලෙස ටයිප් කර අදාළ අංකයට යොමු කිරීමෙන් දින 30 ක් පුරා දිනකට එක් වරක් බැගින් ගිණුම් තොරතුරු ලබාගත හැකිය. M150 ලෙස ටයිප් කර යොමු කිරීමෙන් දිනකට දෙවරක් බැගින් ගිණුම් තොරතුරු ලබාගත හැකි අතර එම සේවාව අඛණ්ඩව සිය ගිණුම්වල ශේෂය, චෙක්පත්වල තත්ත්වය ආදී තොරතුරු ලබා ගැනීමේ අවශ්‍යතාවක් පවතින ගිණුම් හිමියන්ට වඩාත් සුදුසු වේ. එක් ගිණුම් හිමියෙකුට ගිණුම් තුනක් දක්වා මෙම සේවාවට ඇතුළත් කළ හැකිය. තවද, ගිණුම් හිමියාගේ පහසුව සඳහා දෛනික කෙටි පණිවිඩය දවසේ නිශ්චිත වේලාවක ලබා ගැනීමේ හැකියාව ද පවතී. මෙම සේවාව ඕනෑම ජංගම දුරකථනයකින් හිමිකර ගත හැකි බැවින් එය ලබා ගැනීම සඳහා ස්මාර්ට් ජංගම දුරකථනයක් අත්‍යවශ්‍ය නොවේ.
යුනියන් බැංකුවේ ආයතනික වෙබ් අඩවිය වන www.unionb.com වෙත පිවිසීමෙන් යුනියන් බැංකුවේ Missed Call බැංකුකරණ සේවාව සහ යුනියන් බැංකුව පිරිනමන වෙනත් සේවා පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය. එමෙන්ම සිය ශාඛා කළමනාකාර හෝ සබඳතා කළමනාකාර සම්බන්ධකර ගැනීමෙන් ද වැඩිදුර තොරතුරු සහ අවශ්‍ය සහයෝගය ලබාගත හැකිය.


