ස්වාධීන විශ්‍රාමික දිවියකට අත්වැලක් වෙමින් යුනියන් බැංකුවේ විශ්‍රාමිකයින්ගේ දිනය සාර්ථකව නිමා වෙයි

විශ්‍රාමිකයින්ගේ මුල්‍ය සුබසිද්ධිය, සෞඛ්‍යය සහ ජිවන ශෛලීය අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරමින් සංවිධාන කෙරුණු යුනියන් බැංකු විශ්‍රාමිකයින්ගේ දිනය, එම බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී සාර්ථකව පැවැත්විණි. රු. මිලියන අටක් දක්වා අඩුම පොළියට පිරිනමන අතරම වාර්ෂිකව රු. 30,000 ක් වටිනා PickMe ගමන් වාර ඇතුළු අමතර ප්‍රතිලාභ රැසක් සමගින් මෙරට වඩාත් තරගකාරීම විශ්‍රාමික ණය පහසුකම හඳුන්වා දීමට සමගාමීව මෙම උළෙල සංවිධාන කර තිබිණ.

විශ්‍රාමිකයින් හට ස්වාධීන විශ්‍රාමික දිවියක් උරුමකර දීම යුනියන් බැංකුවේ මූලික අරමුණයි. ‘විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න’ යන තේමාව යටතේ පැවැත්වුණු මෙම සුවිශේෂී අවස්ථාව සඳහා, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් චමින්ද හෙට්ටිආරච්චි මහතා සහභාගී වූයේය. තවද, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙම අවස්ථාවට සහභාගී වූ විශ්‍රාමිකයින් හට BYD JKCC Sri Lanka, Nawaloka Hospitals, Vision Care, Lifeserv ඇතුළු විවිධ ආයතන සමග අත්වැල් බැඳ ගනිමින් වෛද්‍ය ප්‍රතිලාභ, සෞඛ්‍ය පරික්ෂා සහ තවත් අත්‍යාවශ්‍ය සේවා රැසක් පිරිනැමීමට ද කටයුතු කෙරිණි.

මෙහිදී අදහස් පළ කරමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චමින්ද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, විශ්‍රාමිකයින් සවිබල ගැන්වීම ඉලක්කර ගනිමින් පුද්ගලික බැංකුවක් මෙවැනි උළෙලක් සංවිධාන කළ ප්‍රථම අවස්ථාව මෙයවන බවය. විශ්‍රාමිකයින් හට අවශ්‍ය ණය මුදල් බැංකු හරහා ලබා ගැනීමට ඔවුන් සවිබල ගැන්වීමටත්, ඒ සඳහා අවශ්‍ය නම්‍යශීලීබව ලබා දීමටත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතුකර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සේයා රූ සටහන: විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චමින්ද හෙට්ටිආරච්චි මහතා, යුනියන් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් රුද්‍රිගු මහතා, එම බැංකුවේ ආයතනික කළමනාකරණ කණ්ඩායම, ජනප්‍රිය රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා සහ එම අවස්ථාව සහභාගී වූ පාරිභෝගිකයින්.

Leave a comment

For security, use of Google's reCAPTCHA service is required which is subject to the Google Privacy Policy and Terms of Use.

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC