යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට මේ උත්සව සමයේ 50% ක් දක්වා වට්ටම්

යුනියන් බැංකුව දිවයින පුරා විසිරුණු හවුල්කාර වෙළඳ මධ්‍යස්ථාන 100 කට අධික ප්‍රමාණයකින් සිය ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 50 % ක් දක්වා විස්මිත වට්ටම් හිමිකර ගත හැකි බව පසුගියදා නිවේදනය කළේය.

විශේෂ චාරිකා සහ ගමන් රැසක් සහ ඊට අදාළ ක්‍රියාකාරකම් සඳහා යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා සුවිශේෂී වට්ටම් හිමිවන අතර එවැනි පහසුකමක් හඳුන්වා දුන් පළමු මුල්‍ය ආයතනය බවට යුනියන් බැංකුව පත් විය. දේශීය ගුවන් ගමන්, උෂ්ණ වායු බැලුන්, කඳවුරු, කඳු තරණ, සෆාරි චාරිකා, ATV පැදවීම්, ඔරු පැදීම් මෙන්ම ජෙට් ස්කයි, ස්පීඩ් බෝට්ටු ඇතුළු තවත් ජල ක්‍රීඩා රැසක් සඳහා මෙම උත්සව සමයේදී 50% ක් දක්වා වට්ටම් හිමි වේ. ඊට අමතරව, ගෘහස්ථ ක්‍රිකට්, ගෘහස්ථ ෆුට්සාල්, පේන්ට්බෝලිං සහ ගෝ කාර්ට් වැනි ක්‍රියාකාරකම් සඳහා ද විශේෂිත වට්ටම් හිමිකර දෙන යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත පවුලේ සැමට නිවාඩුවක් ගත කිරීම සඳහා කදිම ගෙවුම් සහකරුවෙකු බවට පත්ව ඇත. Cinnamon Air, Sunrise Ballooning, Excel World, Sri Lanka Karting Circuit, Jet Water Sports, X Sports Arena, Crate Adventure Park, Predator Paintball සහ Ecoteams.lk ආදී ගෘහස්ථ/බාහිර ක්‍රියාකාරකම් සඳහා ම විශේෂඥ සේවා සම්පාදකයන්ගෙන් මෙම වට්ටම් හිමිකර ගත හැකිය.

උත්සව සමයේදී පාරිභෝගිකයන් හට අසමසම සාප්පු සවාරි අත්දැකීමක් හිමිකර දෙමින් යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා Fashion Bug, Cool Planet, Hameedia, Signature, Kelly Felder, House of Fashions, CIB ඇතුළු තවත් ප්‍රමුඛ පෙළේ විලාසිතාගාර රැසකින් ද 25% ක් දක්වා වට්ටම් හිමිකර දීමට යුනියන් බැංකුව කටයුතු කර ඇත. උත්සව සමයේ රිසි සේ ගමන්-බිමන් යාමේ පහසුව කාඩ්පත් හිමියන්ට උදාකර දෙමින් එම බැංකුව සිය ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා Kangaroo Cabs වෙතින් 10% ක වට්ටමක් ද හිමිකර දෙයි.

යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට හට සිය හිතවතුන් සහ ආදරණීයයන් සමගින් සුඛෝපභෝගී නිවාඩුවක් ගත කිරීමට ද අවස්ථාව උදා වී ඇත. ඒ අනුව, Theme Resorts and Spas, Oak Ray Holdings, 98 Acres Resort and Spa, Secret Hotels (ඇල්ල සහ මහනුවර) ආදී සත්කාරක සහ විවේක ක්ෂේත්‍රයේ ප්‍රකට තරු පංතියේ හෝටල් මගින් 50% ක් දක්වා දැවැන්ත වට්ටම් හිමිකර ගැනීමට යුනියන් බැංකු කාඩ්පත් හිමියන්ට අවස්ථාව උදා වී ඇත.

වට්ටම්වලට අමතරව, ස්වර්ණාභරණ, විදුලි උපකරණ, විදෙස් සංචාර සහ ගෘහ භාණ්ඩ වැනි ඉහළ වටිනාකමක් සහිත මිලදී ගැනුම් සඳහා පොළී රහිතව මාස 24 ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීමේ පහසුකම ද යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට හිමිවේ. ඒ අනුව, Vogue, Mallika Hemachandra, Raja Jewellers, Muthukaruppan Chettiyar, Singer Homes, Singer Plus, Softlogic Max, Lifestyle Store, Abans, Browns, Arpico Furniture, Sri Lankan Airlines, findmyfare.com ඇතුළු ප්‍රමුඛ පෙළේ අලෙවි මධ්‍යස්ථානවලදී පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීම් සිදු කළ හැකිය. තවද, අධ්‍යාපන, ගමන් සහ සෞඛ්‍යය සම්බන්ධ රු. 50,000 ට වැඩි මිලදී ගැනීම් සඳහා මෙහෙයුම් ගාස්තුවලින් තොරව පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීම් සිදු කිරීමේ පහසුකම ද පාරිභෝගිකයාට හිමිකර දී ඇත.

‘keep swiping, keep benefitting’ යන සිය සන්නාම ප්‍රතිඥාව අනුව යමින් යුනියන් බැංකුව සිය ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් හට කාඩ්පත් ණය, ශේෂය හුවමාරු කිරීමේ පහසුකම මෙන්ම ආකර්ෂණීය යළි පියවීමේ ගාස්තු යටතේ ශේෂය පියවීමේ පහසුකම ද හිමි වී ඇත. එමෙන්ම, අන්තර්ජාල සහ ජංගම බැංකුකරණ පහසුකම් යටතේ සිය ක්‍රෙඩිට් කාඩ්පත අන්තර්ජාලය ඔස්සේ කළමනාකරණය කර ගැනීමට හැකි වේ.

දිවයින පුරා විහිදුනු යුනියන් බැංකු ශාඛා ජාලය ඔස්සේ පහසුවෙන් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අයදුම් කළ හැකිය. ඒ සඳහා පාරිභෝගිකයා කළ යුත්තේ 011 5800 5800 ඔස්සේ බැංකුවේ ඇමතුම් මධ්‍යස්ථානයට ඇමතුමක් ලබා දීම හෝ අන්තර්ජාලය හරහා විමසීමක් සිදු කිරීම පමණි.

යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් පිළිබඳ වැඩිදුර විස්තර www.unionb.com යන බැංකුවේ ආයතනික වෙබ්අඩවියෙන් ලබාගත හැකිය.

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC