යුනියන් බැංකුව සිය නවත ම BizDirect+ පහසුකම තවත් සේවා සහ පහසුකම් රැසක් සමගින් වැඩිදියුණු කර යළිත් හඳුන්වා දී ඇත.
BizDirect යනු, ව්‍යාපාර සඳහා පරිපූර්ණ මුල්‍ය ගලන කළමනාකරණ විසඳුම් ලබා දීමේ අරමුණින් යුතුව යුනියන් බැංකුව හඳුන්වා දුන් නවමු මුදල් හුවමාරු බැංකුකරණ පද්ධතියයි. 2014 වසරේදී එම බැංකුව විසින් හඳුන්වා දෙන ලද මෙම සේවාව නිසාම ස්වයංක්‍රිය මුදල් කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දෙන ලද මෙරට ප්‍රථම බැංකුව බවට යුනියන් බැංකුව පත් විය. එම සේවාව හඳුන්වා දී වසර පහක කාලයක් පසුකරන පෙබරවාරි මාසයේ, එම සේවාව තවත් පුළුල් කරමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට සාර්ථකත්වයේ තවත් ඉදිරි පියවරක් තැබීමට සහයෝගය ලබා දීමේ අරමුණින් BizDirect+ හඳුන්වා දීමට යුනියන් බැංකුව කටයුතු කළේය.
වැඩිදියුණු කරන ලද BizDirect පහසුකම යළි හඳුන්වා දීම පිළිබඳ අදහස් පළ කරමින් එම බැංකුවේ මුදල් ගනුදෙනු බැංකුකරණ සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ උප සභාපති අසංක රන්හෙට්ටි මහතා සඳහන් කළේ, යහපත් මුල්‍ය කළමනාකරණය යනු සාර්ථක ව්‍යාපාරයක පදනම බවය. “තාක්ෂණික වශයෙන් වැඩිදියුණු කළ, ස්වයංක්‍රිය මුදල් කළමනාකරණ පද්ධතියක් භාවිත කිරීමේ අවස්ථාව හිමිවීම මගින් එම ව්‍යාපාරවලට නිරවද්‍ය ලෙස ද්‍රවශීලතා තත්ත්වයක් පවත්වා ගැනීමට හැකි වනවා. මෙය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවලට පමණක් නොව; මහා පරිමාණ ව්‍යවසාය සඳහා ද ඉතා වැදගත් වනවා. කෙසේ වෙනත්, මුදල් නමැති සාධකය ප්‍රමුඛ සාධකයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාව වැනි රටක ද ඵලදායී මුල්‍ය කළමනාකරණය කෙරෙහි අවධානය යොමු වී ඇත්තේ ඉතා අඩු මට්ටමකින්. සිය මුල්‍ය ගලනය මත පදනම්ව කාලෝචිත කළමනාකරණ තීරණ ගැනීම සඳහා පරිශීලකයන් හට සහයෝගය ලබාදීමට ස්වයංක්‍රිය සහ ඔවුන්ගේ අවශ්‍යතා අනුව සකස් කරන ලද පහසුකමක් හඳුන්වා දීමට අපට අවශ්‍ය වුණා. සිය ව්‍යාපාරයේ ද්‍රවශීලතා කළමනාකරණයේ පූර්ණ පාලනය තමන් සතු කරගත හැකි පෙරළිකාර මුල්‍ය කළමනාකරණ පද්ධතියක්වන BizDirect අප හඳුන්වා දුන්නේ එම අරමුණ පෙරදැරිවයි.”
මෙම ස්වයංක්‍රිය BizDirect මුල්‍ය කළමනාකරණ පද්ධතිය මුදල් එකතු කිරීම, ගෙවීම්, ද්‍රවශීලතා කළමනාකරණය, වාර්තාකරණය සහ සංසන්දනය ඇතුළු පරිපූර්ණ කාරක මුල්‍ය චක්‍රය ආවරණය කරයි. ඉහත සෑම අදියරකදී ම පරිශීලකයා හට තත්කාලීන දත්ත ලබාගත හැකි බැවින් නියමිත කාලයේදී මුදල් එකතු කර ගනිමින් සිය අරමුදල් ශේෂය සඳහා ආයෝජන අවස්ථා උපරිම තලයකට ගෙන ඒමට අවස්ථාව උදා වේ. මෙය ස්වයංක්‍රිය පද්ධතියක් වීම සහ අන්තර්ජාලයෙන් සියලු වාර්තා ගොනු වීම සහ තත්කාලීන ලෙස දත්ත වාර්තාකරණය හේතුවෙන් වංචා සිදුවීමට ඇති ඉඩකඩ අවම කෙරේ. ගනුදෙනු සහ දත්තවල ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා බයෝමෙට්‍රික් සත්‍යෙක්ෂණ තාක්ෂණය ද මෙම පහසුකම සඳහා යොදාගෙන ඇත.
වෙබ් පද්ධතියක්වන මෙය host-to-host (H2H) පදනම මත ගොඩනැගුණු දැනට පවත්නා ගිණුම් සමග ඒකාබද්ධ වූවකි. මේ සඳහා වෙනම දෘඩාංගයක් හෝ දීර්ඝ ක්‍රියාවලියක් අවශ්‍ය නොවේ. මෙම පද්ධතිය පිළිබඳ පුහුණුව සහ අඛණ්ඩ සහයෝගය ලබාදීම සඳහා ඒ වෙනුවෙන් ම කැපවුණු යුනියන් බැංකුවේ විශේෂඥ කණ්ඩායම කටයුතු කරයි. ජාත්‍යන්තර විසඳුම් සමග සැසඳීමේදී BizDirect හරහා පුළුල් පරාසයක විහිදුනු සේවා රැසක් දැරිය හැකි මිලකට ලබා ගැනීමේ හැකියාව පවතී.
යුනියන් බැංකුවේ BizDirect පහසුකම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවලට මෙන්ම ආයතන සඳහා ද වඩාත් නිරවද්‍ය තීරණ ලබා ගැනීමට අවශ්‍ය පහසුව ලබා දෙන සේවාවකි. පහසු ක්‍රියාකාරිත්වයකින් යුතු එම පහසුකම හරහා ව්‍යාපාරවලට නියමිත කාලයකදී මුදල් එක්රැස් කර ගැනීමටත්, උපරිම කාලයක් දක්වා එම මුදල් ගිණුමේ තබා ගැනීමටත් හැකිවන අතර සැපයුම්කරුවන් හට කාර්යක්ෂමව ගෙවීම් සිදු කිරීමට මෙමගින් අවස්ථාව උදාවන බැවින් ඔවුන් හා සිය ව්‍යාපාරය අතර පවතින සබඳතාව වර්ධනය කර ගැනීමට ද මෙම සේවාව උපයෝගී වේ.
මෙම සේවාව මගින් ජංගම දුරකථනය ඔස්සේ වුව ද අන්තර්ජාලය හරහා අනුමත් කිරීම් සිදු කළ හැකි බැවින් චෙක්පත් අතින් අත්සන් කිරීමේ ක්‍රියාවලිය මුළුමනින් ම ඉවත් කර ඇත. වැඩිදියුණු කළ ස්වයංක්‍රිය පද්ධතිය හරහා අවශ්‍ය ලිපිගොනු ක්ෂණිකව අප්ලෝඩ් කළ හැකි බැවින් එම ලිපිගොනු වෙනම බැංකුවට යොමු කිරීමට ගතවන අනවශ්‍ය කාලය ඉතිරි කර ගත හැකිය. චෙක්පත් බැංකුව මගින් ස්වයංක්‍රියව මුද්‍රණය කර පරිශීලකයාට හෝ ඔහුගේ/ඇයගේ පාරිභෝගිකයන් වෙත යොමු කරනු ලැබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලත් එකතු කිරීමේ සැපයුම්කරුවන් හරහා ව්‍යාපාරික ස්ථානයෙන් කෙලින්ම මුදල් හෝ චෙක්පත් එකතු කිරීමේ පහසුකම මෙන්ම ව්‍යාපාරයට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම ද හිමිකර දී ඇත. ඕනෑම මොහොතක සිය ව්‍යාපාරයේ මුල්‍ය තත්ත්වය දැකබලා ගැනීම සඳහා සංසන්දන තොරතුරු ද ස්වයංක්‍රිය කර ඇත.
ව්‍යාපාරවල අවශ්‍යතාව අනුව සකස් කරන ලද ස්වයංක්‍රිය මුදල් කළමනාකරණ විසඳුම නිසා ආයතනවලට සිය ප්‍රාග්ධන චක්‍ර කළමනාකරණ හැකියා තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකි වේ. ද්‍රවශීලතා කළමනාකරණය පිළිබඳ පැහැදිලි දැක්මක් මේ හරහා ඉදිරිපත් කරන බැවින් ව්‍යාපාරයේ මුල්‍ය තත්ත්වය පිළිබඳ මනා දැනීමකින් යුතුව ක්ෂණික ආයෝජනවලින් උපරිම ඵල නෙළා ගැනීමට ව්‍යාපාරවලට අවස්ථාව උදා වේ. ඒ අනුව, BizDirect හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවලට අනාගතයේදී මහා පරිමාණ ව්‍යාපාර ලෙස වර්ධනය වීමට අවශ්‍ය පදනම සකස් කෙරේ.
“බොහෝ සුළු ව්‍යාපාර තවමත් නියමිත පරිදි වාර්තා තබා ගැනීමට අපොහොසත් වී ඇති අතර එය එම ව්‍යාපාරවල සාර්ථකත්වයට සහ වර්ධනය විශාල බලපෑමක් සිදු කරනවා. යුනියන් බැංකුවේ BizDirect+ භාවිත කරන පරිශීලකයන් හට සිය මෙහෙයුම් කටයුතුවල ප්‍රධානත ම අංග දෙක වන මුදල් රැස් කිරීම සහ ගෙවීම ස්වයංක්‍රිය කරමින් ඒ සඳහා ගතවන කාලය සිය ව්‍යාපාරයේ දියුණුව කෙරෙහි යොමු කිරීමට හැකි වනවා. අපගේ අරමුණ වන්නේ ඕනෑම මට්ටමක ව්‍යාපාරයකට අත්‍යවශ්‍ය කළමනාකරණ කාලය ඉතිරි කර දීමයි. ඕනෑම මට්ටමක ව්‍යාපාරයකට ලබාගත හැකි පරිදි මෙම ජාත්‍යන්තර මට්ටමේ සේවාව අප දැරිය හැකි මිලකට නිකුත් කිරීමට කටයුතු කරනවා.” යනුවෙන් රන්හොට්ටි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශ යුනියන් බැංකුවේ මෙහෙයුම් කටයුතුවලින් 50% ක ප්‍රමාණයකට හිමිකම් කියන අතර එම අංශ සඳහා අගනා සේවා පිරිනැමීම සඳහා යුනියන් බැංකුව විශාල වශයෙන් ආයෝජන සිදු කරයි. ජාතික වශයෙන් වැදගත් අංශයක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වර්ධනය කිරීම සඳහා බැංකුව දක්වන කැපවීම, එම බැංකුව BizDirect පහසුකම වෙනුවෙන් සිදු කර ඇති ආයෝජනය හරහා මැනවින් පිළිබිඹු වේ. ව්‍යාපාරවල අවශ්‍යතා අනුව සේවා ලබා දීම සඳහා යුනියන් බැංකුව දියත් කර ඇති ක්‍රමෝපායික සැලසුම අනුව, තාක්ෂණික වශයෙන් සවිබල ගැන්වූ පහසු සේවා නිරන්තරයෙන් හඳුන්වා දීමට බැංකුව කටයුතු කරයි. සිය විවිධ පාරිභෝගික අංශවලට දැඩි සේ බලපාන අවශ්‍යතා හඳුනා ගනිමින්, යුනියන් බැංකුව සිය නිෂ්පාදන සහ සේවා පුළුල් කිරීම සඳහා අඛණ්ඩව ආයෝජන සිදු කරයි.


