යුනියන් ඇෂුවරන්ස් සමාගම යුනියන් බැංකුව සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

අවබෝධතා ගිවිසුම අත්සන් කළ අවස්ථාවට සහභාගී වූ යුනියන් ඇෂුවරන්ස් සමාගමේ සහ යුනියන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන්

(වමේ සිට)
යුනියන් බැංකුව වෙනුවෙන් ගිහාන් සමරසිංහ මහතා ( ජ්‍යෙෂ්ඨ කළමණාකරු – බැංකු රක්ෂණ සේවා) මනීෂ ප්‍රනාන්දු මහතා (සහකාර උප සභාපති – පාරිභෝගික වගකීම් සේවා හා විකල්ප නාලිකා), ඡායා ජයවර්ධන මහත්මිය (උප සභාපති – පාරිභෝගික බැංකුකරණ), ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා (අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී) සහ යුනියන් ඇෂුවරන්ස් සමාගම වෙනුවෙන් ඩර්ක් පෙරෙයිරා මහතා (අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී), සමන්ත හේරත් මහතා (සහකාර සාමාන්‍යාධිකාරී – බැංකු රක්ෂණ සේවා) සහ ජීවන් පුෂ්පකුමාර මහතා ( කළමණාකරු – බැංකු රක්ෂණ සේවා).

යුනියන් ඇෂුවරන්ස් සමාගම තම බැංකු රක්ෂණ සේවාවන් පුළුල් කිරීම සඳහා යුනියන් බැංකුව සමග ප්‍රමුඛතා හවුල්කාරීත්ව (Preferred Partnership) – අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට පසුගියදා කටයුතු කළේ ය. 2018 ඔක්තෝබර් 19 වැනිදා කොළඹ හිල්ටන් රෙසිඩන්සීස් හිදී මෙම ගිවිසුම අත්සන් තැබුණු අතර එම අවස්ථාවට සමාගම් දෙක නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වූහ.

යුනියන් ඇෂුවරන්ස් යනු වර්තමාන ලෝකයේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා මැනවින් හඳුනාගෙන, ඒ අනුව ඕනෑම කෙනෙකුගේ ජීවන රටාවට ගැළපෙන පරිදි පුරෝගාමී රක්ෂණ සේවාවන් රාශියක් හඳුන්වා දී ඇති සමාගමකි. වසර 30 ක් තිස්සේ සමාගම ලබා ඇති අත්දැකීම් සම්භාරය නිසා මේ ආකාරයට ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත හා ජීවනෝපායන් සුරක්ෂිත කරන විසඳුම් හා සේවාවන් හඳුන්වා දීමට සමාගමට හැකියාව ලැබී ඇත.

යුනියන් ඇෂුවරන්ස් බැංකු රක්ෂණ සේවා ජාලය මේ වනවිට රටේ විශාලතම බැංකු රක්ෂණ සේවාව බවට වර්ධනය වී තිබේ. දැනටමත් එය මෙරට ප්‍රධාන බැංකු 5 ක ශාඛා 500 කට අධික සංඛ්‍යාවක් ආවරණය කර ඇති අතර මෙම නව අවබෝධතා ගිවිසුම මගින් එය තවදුරටත් පුළුල් වනු ඇත.

රටේ ප්‍රමුඛ පෙළේ බැංකුවක් ලෙස මේ ආකාරයට යුනියන් ඇෂුවරන්ස් සමාගම සමග හවුල්කාරීත්වයකට එළඹීමට හැකිවීම ගැන අප ඛෙහෙවින් සතුටු වනවා. රටේ ජනතාව වෙනුවෙන් සේවාවන් සැලසීම සම්බන්ධයෙන් අප සමාගම් දෙකේ දැක්ම එක සමාන බව කියන්නට පුළුවන්. මේ හවුල්කාරීත්වය අප සමාගම් දෙකටම ඛෙහෙවින් ඵලදායී හවුල්කාරීත්වයක් බවට පත්වනු ඇති බව මට විශ්වාසයි. මේ ඔස්සේ අපට ජනතාව වෙනුවෙන් සැබෑම ජීවන වෙනසක බැඳීමකට දායක වීමට හැකිවනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.˜ යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා පැවසී ය.

යුනියන් ඇෂුවරන්ස් යනු බැංකු රක්ෂණ සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක්. අප මෙම නව හවුල්කාරීත්වය දකින්නේ යුනියන් බැංකුව සමග සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට වගේම බැංකු රක්ෂණ සේවා ක්ෂේත්‍රය තුළ තවදුරටත් වර්ධනය වීමට ලැබුණු අවස්ථාවක් ලෙසයි. මේ ඔස්සේ අපට නව ගනුදෙනුකරුවන්ට ආමන්ත්‍රණය කරමින් නව වෙළඳපොළ කාණ්ඩ වෙත ප්‍රවේශ වීමට හැකියාව ලැබේවි. අප නිරන්තරයෙන් අපගේ සේවාවන් යාවත්කාලීන කිරීමටත් නව සේවාවන් හඳුන්වා දීමටත් කටයුතු කරන නිසා අපගේ විසඳුම් හා සේවාවන් මගින් ගනුදෙනුකරුවන්ට මෙන්ම සමාගම් හා ආයතන වලටත් පැහැදිලිවම ප්‍රතිලාභ රාශියක් සැලසෙනවා.˜ යුනියන් ඇෂුවරන්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩර්ක් පෙරෙයිරා මහතා පැවසී ය.

වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික බැංකු 5 අතරට ඇතුළත් වී ඇති යුනියන් බැංකුව මෙරටට නිර්මාණශීලී හා ක්‍රමෝපායික වශයෙන් වැදගත් බැංකු සේවා විසඳුම් හඳුන්වා දෙමින් සිටී.

ප්‍රමුඛතා හවුල්කාරීත්වයක් යනු දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ සැලසෙන එකඟතාවකි. මෙමගින් යුනියන් බැංකුවට තම ශාඛා ජාලය තුළදී ගනුදෙනුකරුවන්ට පරිපූර්ණ මූල්‍ය සේවා එකතුවක් පිරිනැමීමේ අවස්ථාව හිමිවන අතර, යුනියන් ඇෂුවරන්ස් සමාගමට එම ශාඛා ඔස්සේ නව ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගනිමින් ඔවුන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමේ අවස්ථාව හිමි වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, මෙරට විශාලතම සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමකි. සිය 30 වසරක විශිෂ්ටත්වය සමගින් දිගින් දිගටම තම මානව සම්පත්, සේවාවන් සහ ක්‍රියාවලි දියුණු කරමින්, සියලූම හවුල්කරුවන්ගේ සාර්ථකත්වයේ සහකරුවා බවට පත්වීම සමාගමේ ඉලක්කය වේ. අංග රැසකින් සමන්විත යුනියන් ඇෂුවරන්ස් අලෙවි ජාලයේ එක් වැදගත් අංගයක් වන බැංකු රක්ෂණ සේවා අංශය නවීනතම තාක්ෂණය භාවිතා කරන, අත්දැකීම් බහුල, විශිෂ්ට කණ්ඩායමක් මගින් මෙහෙයවනු ලබන අතර ඔවුහු සෑම විටම ගනුදෙනුකරුවන්ට වඩාත් පහසු හා විශ්වාසනීය සේවාවක් ලබාදීමට කැපවී සිටිති.

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC